🧡 17 🧡
" ජිමික්සන්....."
" මට ඔය නම කියන්න එපා කියලා මම කියලා තියෙනවා..."
ජිමින් කිව්වේ කෙල්ලට රවන ගමන් කෙල්ල ජිමින්ට ඇහැක් ගහලා ඇතුලට ආවා
" හායි කොටිස්...."
" සැක්...තොගේ මන්ද මානසික ගති තාම ඇරිලා නැ "
" Don't be අපහාස...."
කෙල්ල ටේහ්‍යුන්ට රවලා කිව්වා
" මොකද මෙහේ කරන්නේ....? ලන්ඩන් වල හිටපු පිස්සෝ ගහලා එලෙව්වා ද "
" අනෙව්....මගේ හැන්සම් මස්සිනා පොඩ්ඩ... එහේ හිටපු ලොකුම පිස්සි ඔයා මෙහෙට උස්සගෙන ආවාම ලන්ඩන් පිස්සෝ වද වුනා ඉතින් මම් මෙහෙට ආවා හූම්..."
කෙල්ල එහෙම කිව්වාම තුන් දෙනාම හිනා වෙන්න පටන් ගත්තා කට්ටියගේ සද්දේ ඇහිලා ජන්කූක් දුවගෙන ආවා
' සෝයූන් නූනා..."
" අනෝ කුක්සන්..... "
කෙල්ල දුවගෙන ගිහින් ජන්කූක් බදාගෙන වටයක් කැරකුනා
" නූනා එනවා කියලා සේරි නූනා කිව්වේ නැ නේ "
" එයා දන්නේ නැ ඔම්මා දන්නෙත් නැ මම මෙහේ ආවා කියලා "
" මොහ්........"
සෝයූන් ගැස්සිලා ගිහින් කටහඬ ඇහුනු පැත්ත බැලුවාම තමයි දැක්කේ කාලි මෑනියෝ අවේස වෙලා වගේ සුප් හැන්දත් අතේ තියාගෙන තමන්ගේ පැත්තට මරනීය බැල්මක් දාගෙන ඉන්න සේරිව
" ඔන්නි...."
" දැන් තමයි ෆිල්ම් එක පටන් ගන්නේ "
ටේහ්‍යුන් එහෙම කියලා ගිහින් සෝෆා එකේ වාඩිවුනා
" තමුසේ මෙහෙට ආවේ කාටවත් නොකියා ද ආ කතා කරනවා.."
" ඔන්නි....අහන්නකෝ...කේන්ති ගැනීම ශරීර සෞඛ්‍යයට අහිතකරයි කියලා කවුද කාට ද කියනවා ඇහුනා "
සෝයූන් හිමින් අඩියෙන් අඩිය පිටිපස්සට යන ගමන් කිව්වා
" යේ අහිතකරයි තමුසෙගේ ශරීර සෞඛ්‍යයට "
සේරි එහෙම කිව්වාම සෝයූන් ජන්කූක් තල්ලු කරලා දුවන්න පටන් ගත්තා
" ජින් ඔප්පේ බේරගනියෝ..."
සෝයූන් දුවගෙන ගිහින් ජින්ගේ පිටිපස්සේ හැංගුනා
" ජින් එහාට වෙනවා.."
සේරි ජින්ටත් රවාගෙන කෑගහනවා සෝයූන් ජින්ගේ පිටිපස්සට වෙලා ඉන්නවා සෝයූන්ට ගහන පාරවල් වලින් දෙක තුනක් ජින්ටත් වැදිලා ජින් කෑගහනකොට තමයි සෝයූන් ජින්ව අතහැරලා දිව්වේ
" ඔහොම නවතිනවා සෝයූන්.."
" දැන් නැවතුනොත් මට ජීවිතේට තිත තියන්න වෙන්නේ "
සෝයූන් එහෙම කියලා සෝෆා එක උඩින් පැනලා දුවන්න ගිහින් කකුල පටලැවිලා හොම්බ කට සමතලා වෙන්න බිම වැටුනා තත්පර කිහිපයකට ඉදිකටුවක් වැටුනත් ඇහෙන තරමට නිශ්ශබද විය ඒත් ඊලග තත්පරේ බෝම්බයක් ගැහුවා වගේ ඔක්කොම හිනා වෙන්න පටන් ගත්තා ටේහ්‍යුන් සෝෆා එක බදාගෙන හිනා වෙනවා ජින් ජිමින්ට ගහන ගමන් හිනා වෙනවා සේරි හිනාව කාගෙන ඉන්නවා ජන්කූක් පඩිපෙලේ ඉදගෙන හිනා වෙනවා සෝයූන් නලලත් අල්ලාගෙන බිම වාඩිවුනා
" යාහ්හ් තමුසෙලාට හෙන හැපි නේ ද මම වැටුනාම හිනා වෙනවා ඉතින් මට මොකෝ.."
සෝයූන් එහෙම කියලා නලලත් අතගාන ගමන් යන්න ගියා
" මේකි මෙහේ ආවා කියන්නේ තුන්වැනි ලෝක යුද්ධය Coming Soon.."
ටේහ්‍යුන් කිව්වා
" උබ යුද්ධය මර්දනය කරපන් "
" මේන් වැන්දා ඕකි සම්බන්ධ කිසිදෙකට මාව ගාවන්න එපා "
ජිමින් කියද්දී ටේහ්‍යුන් අත්දෙක එකතු කරලා වැදලා එතැනින් ඉක්මනට මාරු වුනා ජිමින් ජන්කූක්ගේ කොන්ඩේ අවුල් කරලා ගියේ ජිනීගේ රූම් එකට
ජිමින් ගිහින් ජිනීගේ රූම් එකට එබුනා ජිනී නම් සැපට නිදි සෝ ආ ඇදේ කොනක වාඩිවෙලා ලොකු කල්පනාවක ජිමින් හිමින් සැරේ කෙල්ල ලගට ගියා
" ඩෝල්......"
ජිමින්ගේ කටහඩට ගැස්සිලා ගියපු කෙල්ල බය වෙලා වගේ ජිමින් දිහා බැලුවා
" මාත් එක්ක එන්න.."
" ඒත් ජිනී...."
" ජිනී නිදි නේ "
ජිමින් කිව්වාම සෝ ආ ජිනීගේ වටේට කොට්ට තියලා ජිමින් එක්ක රූම් එකට ගියා ජිමින් රූම් එකේ දොර ලොක් කරලා ගිහින් ඇදෙන් වාඩි වුනා
" ඇවිත් වාඩිවෙන්න ඩෝල්.."
ජිමින් කියනකොට කෙල්ල ඇවිත් ජිමින්ගේ එහා පැත්තෙන් වාඩි වුනා
" ඩෝල් යුංගි හියුන්ග් ඉස්සරහට යන්න එපා.."
ජිමින් එකපාරට එහෙම කියද්දී සෝ ආ ජිමින් දිහා බැලුවා
" මොහ්...."
" ප්‍රශ්න අහන්න එපා ඩෝල් කිව්ව දේ විතරක් කරන්න "
ජිමින් කිව්වාම සෝ ආ ඔලුව වැනුවා
" ම්ම්ම් ගුඩ්.... හෙට ඩෝල්ව practice කරන්න මට එන්න වෙන්නේ නැ ඔෆිස් එකේ පොඩි ප්‍රශ්නයක් හොබී හියුන්ග් ඉන්නවා එයා ඔයාට උදව් කරයි "
" හරි...."
ජිමින් සෝ ආගේ ඔලුවට පොඩි තට්ටුවක් දාලා යන්න ගියා
____________________________
" ජිමින් මැරි කරයි කියලා මම හිතුවේ නැ සේරි හිටපු විදියට එහෙම හිතන්න පුලුවන් ද එයා කවුරුවත් කියන දෙයක් ලේසියෙන් අහන කෙනෙක් නෙවෙයි නේ "
යුංගිගේ ඔම්මා සේරිට උයන්න උදව් කරන ගමන් කිව්වේ
" ආන්ටි.....මමත් හිතුවේ නැ එකපාරට එයා මැරි කලා අනික සෝ බබා ගොඩක් අහිංසකයි "
" සෝ බබා......?"
" ම්ම්ම් අපි එයාට කියන්නේ සෝ බබා කියලා කුකීගේ වයසේ ගොඩක් අහිංසකයි ඔම්මා එයා ඒත් කුකී එක්ක එකතු වුනාම mansion එකම අනිත් පැත්ත ගහයි "
සේරි එහෙම කියලා හිනා වුනේ එදා එයාලා නැති වෙලේ කිචන් එක අනිත් පැත්ත ගහලා තිබුණු විදිය මතක් වෙලා
" මොහ්....ඒත් එයා දිහා බැලුවාම එහෙම කියන්න බැ නේ "
" කෙනෙක් දිහා බලලා එයා ගැන තීරණය කරන්න එපා ඔම්මා.."
යුංගි එහෙම කියාගෙන ඇවිත් ෆ්‍රිජ් එකට හේත්තු වුනා
" යුංගි...."
",ඔම්මා දන්නවා නේ මම මෙහෙට ආවේ ඇයි කියලා "
" යුංගි මින්ගේ වැරැදි වලට මේ අහිංසක කෙල්ල පලි නැ ඒ දරුවා දන්නෙවත් නැතුව ඇති වුනු දේවල් "
යුංගිගේ ඔම්මා කිව්වා සිංදුවක් මුමුනන ගමන් කිචන් එකට ආපූ සෝයූන් එකපාරට බ්රේක් ගැහුවේ කිචන් එකේ ඉන්න දෙන්නා දැකලා
" තමුසේ...."
" තමුසේ මොකද මෙහේ කරන්නේ "
සෝයූන් කෑගැහුවේ සේරි කම්ෆියුස් කරලා
" ඔයාලා කලින් අදුරනවා ද.."
සේරි ඇහුවේ යුංගි සෝයූන් දෙන්නා දිහා මාරුවෙන් මාරුවට බලන ගමන්
" සේරි මම කිව්වේ යුංගි airport එකේ දී ගෑනු ලමයෙක් එක්ක රන්ඩු වුනා කියලා මේ ඉන්නේ ඒ ගෑනු ලමයා "
යුංගිගේ ඔම්මා කියද්දී සේරි බැලුවේ සෝයූන් දිහා සෝයූන් යන්නේ කොහෙද එතැන වලියක් කියලා අත්දැකීමෙන් වගේ සේරි දන්නවා
" සෝයූන් තමුසේ මගෙන් ගුටි කනවා..."
" මොහ්...ඔන්නි ඔයා මට ගහන්නම බලාගෙන ඉන්නේ මම මෙව්වාට විරුද්ධව මානව හිමිකම් යනවා සෙද්ද.."
සෝයූන් නහය උඩට ඇද ඇද ගියා සේරි සෝයූන් යන දිහා බලාගෙන ඉදලා හිනා වුනා
" ඒ දරුවා කවුද සේරි.."
" මගේ ඉමෝගේ දුව සෝයූන් ටිකක් දගකාර කෙල්ලෙක් ඉමෝ මෙයාට මේ දවස්වල මනමාලයෙක් හොයනවා ඒකයි මෙහේ ඇවිත් ඉන්නේ "
සේරි එහෙම කියලා හිනා වුනා
" එයා මැරි කරන්න කැමති නැද්ද "
යුංගිගේ ඔම්මා එහෙම අහද්දී යුංගි එතැනින් සේප් එකේ මාරු වෙලා ගියා
" යේ... ඔම්මා "
" යුංගිත් එහෙම නේ පේන්නේ නැද්ද හොර පූසා වගේ මාරු වෙලා ගියපු විදිය.."
යුංගිගේ ඔම්මා කිව්වාම සේහි හිනා වෙලා එලවලු කපන්න පටන් ගත්තා
________________________
" බොස්.....ජිමින් කෙල්ලට mansion එකෙන් එලියට බහින්න දෙන්නේ නැ "
" ඕ....ශිට්.."
මිස්ටර් කන්ග් මේසේ උඩ තිබුණු බඩු ඔක්කොම විසි කරලා කෑගැහුවා
" තමුසේ මෙතන ඉදගෙන කෑගැහුවා කියලා කෙල්ල එන්නේ නැ නේ "
මිස්ටර් කන්ග් ඉදිරියේ සන්සුන්ව වාඩිවෙලා හිටපු මැදි වියේ කාන්තාව එසේ පැවසුවා
" තමුසේ මට මොනා කරන්න කියලා ද කියන්නේ "
කන්ග් එහෙම අහද්දී ඒ කාන්තාව මිස්ටර් කන්ග්ගේ පැත්තට හැරුනා
" පොඩ්ඩක් ඉවසගෙන ඉන්නවා කෑගහලා ප්‍රශ්න විසදන්න බැ අනික අපි හැප්පෙන්නේ ජිමින් එක්ක ඒක නිසා ඉවසීමෙන් කල්පනා කරලා කරන දෙයක් කරන්න ඕන "
එම කාන්තාව පුටුවේ පිටිපස්සට බර වෙමින් කිව්වේ
" බලාගෙන හිටියාම ඔක්කොම හරි ද ආ ජිමින් කෙල්ලව ආරක්ෂා කරන්නේ කෙල්ලට ආදරේ කරන නිසා වෙන්න බැරි ද.."
" ජිමින්.........
ආදරය......"
මිස්ටර් කන්ග්ගේ කතාවට කාන්තාව හිනා වෙන්න පටන් ගත්තා මිස්ටර් කන්ග් කල්පනා කලේ එයා ඔච්චර හිනා වෙන්න දෙයක් කිව්ව ද කියලා
" තමුසෙට මම හිනා වෙන්න දෙයක් ද කිව්වේ "
" හිනා යන්නේ නැද්ද ඕයි තමුසේ කියන දේවල් වලට "
එහෙම කියලා ආපහු අත්පුඩි ගහන ගමන් හිනා වෙන්න පටන් ගත්තා
" ජිමින් කියන්නේ ආදරය කියන අකුරු හතරට පවා වෛර කරන කෙනෙක් එහෙම තියෙද්දී තමුසේ හිතනවාද ඔය පොඩි කෙල්ලට ජිමින්ව වෙනස් කෙල්ල පුලුවන් කියලා හැමෝම වගේ දන්නවා ජිමින් කියන්නේ මොන වගේ කෙනෙක් ද කියලා තමුසේ ජිමින් එක්ක හැප්පෙන්න හදන්නේ ජිමින් ගැන කිසිදෙයක් නොදැන ඉස්සෙල්ලාම ජිමින් ගැන හොදට හොයනවා"
" තමුසේ කියන්නේ මම කිසිදෙයක් නොදන්න එකෙක් කියලා ද "
" එහෙම නෙවෙයි කියලා ඔප්පු කරලා පෙන්නන්න Health Minister ජිමින්ට දෙන්න ඉන්න roject එක අරගෙන පෙන්නන්න "
" මොහ්..."
" වේ..... තමුසෙට බැරි ද "
" මට පුලුවන් "
" ම්ම්ම්....අපි බලමුකෝ ඉතින් මිස්ටර් කන්ග්ගේ වැඩ "
එහෙම කියපු කාන්තාව sunglass දාගෙන එතැනින් ගියේ මිස්ටර් කන්ග්ගේ කේන්තිය වැඩි කරලා
" මීරාට කතා කරපන් "
මිස්ටර් කන්ග් එහෙම කියලා එයාගේ chair එකේ වාඩිවුනා
_________________________
මේ අවස්ථාව වන විට ජිමින්ගේ mansion එකේ තුන්වැනි ලෝක යුද්ධය පටන් අරගෙන ඇත
" මින් යුංගි.... තමුසේ වැරදි කරලා මට කෑගහගෙන එන්න එපා "
" තමුසේ උඩ බලාගෙන ගිහින් මගේ ඇගේ හැප්පිලා වතුර එකත් මගේ ඇගේ ඉහිරවලා මට කෑගහන්නේ...."
මේකයි සිද්ධ වුනේ යුංගි වතුර වීදුරුවක් අරගෙන කිචන් එකේ ඉදලා එනකොට ටේහ්‍යුන්ගේ ෆෝන් එක උදුරගෙන දුවගෙන ආපු සෝයූන් යුංගිගේ ඇගේ හැප්පුනා යුංගිගේ මුලු ඇගේම වතුර
" මගේ ෆෝන් එක දීලා රන්ඩු වෙයන් "
ටේහ්‍යුන් වලිය මැදින් ඇඩ් එකක් දාලා කිව්වා
" මැදින් ඇඩ් දාන්නේ නැතුව මෙතනින් පලයන් කොටිස්..."
" මගේ ෆෝන් එක දීපන් හිවලියේ යන්න "
" ආ...තමුසෙගේ ගඩොල් භාගේ "
ටේහ්‍යුන්ට ෆෝන් එක දීලා ආපහු යුංගිගේ දිහාට හැරුනා
" තමුසේ මොකටද පාර මැදින් ගියේ ආ ඒක නේ හැප්පුනේ "
" යාහ්හ්....සෝයූන් ඕක නවත්තනවා "
සේරි කෑගැහුවා
" බැ මම කටවහන්නේ නැ මේ මෝඩ පූසා මගේ ඇගේ හැප්පිලා මටම කෑගහනවා මේ අසාධාරණයට විරුද්ධව මම කතා කරනවා "
" සෝයූන් ඉමෝට කියනවා තමුසෙගේ වැඩ ගැන "
" මොහ්.....මේක මහ අසාධාරණයි හැම කෙසෙල් ඇවරියකටම ඔම්මා ගාව ගන්නේ මොකටද "
" යුංගිගෙන් සමාව අරගන්න "
සේරි කියද්දී සෝයූන් බැ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා
" යුංගිගෙන් සමාවගන්න බැරි ද "
" බැ "
" ඉමෝට කියන්න ද "
සේරි ෆෝන් එක අතට ගන්න ගමන් ඇහුවා
" අනියා....මම සමාවගන්නම්...."
සෝයූන් කිව්වේ බිම බලාගෙන
" හ්ම්ම් සමාවගන්න "
" මියානේ...."
යුංගි මුකුත් කිව්වේ නැ
" දැන් යනවා රූම් එකට හැමෝම එක්ක රන්ඩු වෙන්න විතරයි දන්නේ "
සේරි කියද්දී සෝයූන් දුවලා ගිහින් රූම් එකේ දොර වහගත්තා
" එයාගේ හැටි යුංගි ඔය ගනන් ගන්න එපා ඉක්මනට කේන්ති යනවා ඔයා ගිහින් ඇදුම් මාරු කරගෙන එන්න "
සේරි හිනා වෙලා කිචන් එකට ගියා යුංගි ඇදුම් මාරු කරගන්න ගියා
" ඔන්නි හින්දා අර මෝඩයා ඉස්සරහ ඔලුව පහත් කරන්න වුනා හරි බලාගමුකෝ පූසෝ තමුසේ තාම දන්නේ නැ සෝයූන්ගේ හැටි.."
සෝයූන් හිටියේ යුංගිගේ පූස් පරම්පරාවට දෙහි කපන ගමන්
" ඔන්නි "
සෝයූන්ගේ රූම් එකට ඔලුව දාපු සෝ ආ කෙල්ලට කතා කලා
",ඕ සෝ බබා එන්න ඇතුලට "
සෝ ආ රූම් එකේ දොරත් වහගෙන සෝයූන් ලගට ආවා
" වාඩිවෙන්න බබෝ ඔයා අපු එකත් හොදයි මට හරියට ඔයා එක්ක කතා කරන්න බැරී වුනා නේ "
සෝයූන් එහෙම කියන ගමන් සෝ ආව එයාගේ ලගින් වාඩි කරගත්තා සෝ ආ හිනා වුනා
" මටත් ඔන්නි ඉස්සර කතා කලේ සෝ කියලා දැන් ඒක සෝයූන් වෙලා කාලය මැවූ වෙනස අරුමය තමයි දැන් ඒවා වැඩක් නැ ඉතින් ඔයාට කොහොමද අපේ ජිමික්සන් ඔයාට හොදට සලකනවා නේ "
සෝයූන් හිනා වෙලා ඇහුවා
" මම හොදින් ඔන්නි "
" මම ජිමින්ට කලින්ම කියලා තිබුණේ එයාට මැරි කරන්න වෙන්නේ කියුට් කෙල්ලෙක් කියලා මම කියපු දේ හරි ගියා "
සෝයූන් සෝ ආගේ කම්බුල් මිරිකලා කිව්වා සෝ ආ හිනා වුනා
" ඕයි ටකරමී ඔය කෙල්ලගේ කම්බුල් අතහරිනවා "
ජිමින් දොරට හේත්තු වෙලා සෝයූන් දිහා බලාගෙන කිව්වේ
" වේ..වේ.."
" ඩෝල්... එන්න dinner ගන්න යන්.."
ජිමින් සෝයූන්ගේ ප්‍රශ්නේ මගහැරලා සෝ ආට කතා කලා
" මේ ටකරමී තමුසෙටත් එක්ක කතා කලේ.."
" මට බඩගිනි නැ "
සෝයූන් ජිමින්ට රවලා කිව්වා
" ඩෝල්...එන්න "
" ඔන්නි..."
" ඕකි මහ රෑට මීයෙක් වගේ කිචන් එකට පැනලා කයි ඔයා එන්න ඩෝල්.."
ජිමින් කිව්වාම සෝ ආ හිනා වුනා
" මොකද්ද කොට තාරාවෝ තමුසේ කිව්වේ ආ තව අගල් දෙකක් තුනක් කොට වෙන්න ආසද "
සෝයූන් කෑගහලා කිව්වා ජිමින් හිනා වෙවී සෝ ආගේ අතින් අල්ලාගෙන ආවා යුංගි ඉන්නවා දැක්ක කෙල්ල ජිමින්ගේ අත තද කරලා අල්ලගත්තා යුංගිගේ නපුරු බැල්ම නිසා සෝ ආ බය වෙලා හිටියේ ජිමින් කෙල්ල දිහා බලලා බය වෙන්න එපා කිව්වා හැමෝම ඩිනර් අරගෙන නිදාගන්න ගියා
☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
හේ හේ
ආපහු දෙන්න වෙන්නේ බදාදා හෝ බ්‍රහස්පතින්දා බව කරුනාවෙන් සලකන්න
🌝😌
බායිම්
Bạn đang đọc truyện trên: AzTruyen.Top