🧡 14 🧡
දින කිහිපයක් යද්දී සෝ ආ සාමාන්‍ය තත්ත්වයට පත් වුනා කෙල්ල දැන් වෙනදා වගේ එයාගේ වැඩ කරගෙන ඉන්නවා සෝකුක් ඩබලට mansion එකෙන් එලියට යන එක ජිමින් තහනම් කරලා තිබුණේ ඒ නිසා lectures online තමයි සෝ ආගේ ඩාන්සින් practice වලට හෝසොක් ජිමින්ගේ mansion එකට ආවා
මේ වෙලාවේ සෝ ආ practice ඉවර කරලා බිම වාඩි වෙලා හිටියේ හෝසොක් කෙල්ල ලගින් වාඩි වුනා
" ඔයා සතුටින් ද සෝ මෙහේ ඉන්නේ.."
හෝසොක් එහෙම ඇහුවාම කෙල්ල පුදුමෙන් හෝසොක් දිහා බලාගෙන හිටියා
" අප්පා ලග හිටියාට වඩා සතුටින් හෝසොක්ශි "
කෙල්ල කිව්වේ හිනා වෙලා
' මට හොබී ඔප්පා කියන්න කියලා මම මේ මෝඩ කෙල්ලට කොච්චර කියලා තියෙනවා ද "
හෝසොක් සෝ ආගේ ඔලුවට ටොක්කක් ඇනලා කිව්වාම කෙල්ල ඔලුව අතගාන්න ගත්තා
" හරි හරි හොබී ඔප්පා "
සෝ ආ කිව්වාම පොඩි බබෙක් වගේ
" ඕන දෙයක් අපිට කියන්න සෝ හිතේ හිර කරගෙන ඉන්න එපා ඉස්සර වගේ ඇවිත් ඕන දෙයක් කියන්න අරස්සෝ....?"
හෝසොක් සෝ ආගේ ඔලුව හරි ආදරෙන් අතගාලා කිව්වා හෝසොක් සෝව බලාගත්තේ එයාගේ දරුවෙක් වගේ
" හරි..."
" ලියාට ඔයාව බලන්න ඕන කිව්වා "
" ඉතින් එක්කගෙන එන්නකෝ මමත් ආසයි මගේ හොබී ඔප්පාගේ ආදරනීය වයිෆ් බලන්න "
ලියා කියන්නේ හෝසොක්ගේ වයිෆ් ලියා දැන් මාස හතක ගැබිනියක් හෝසොක් ලියාව හරි පරිස්සමින් බලාගන්නේ
" හරි හරි මම එක්කගෙන එන්නම්.."
සෝ ආ හිනා වුනා ඒ හිනාවෙන් කියන්න පුලුවන් එයා දැන් ඇත්තටම සතුටින් කියලා නිදහසේ ඉන්නවා කියලා ඉස්සර බිත්ති හතරකට කොටු වෙලා හිටපු කෙල්ල දැන් නිදහසේ හුස්මක් ගන්නවා
" ඩෝල්....."
ජිමින්ගේ කටහඬ ඇහුනාම සෝ ආ ඒ පැත්ත බැලුවා ජිමින් අත් දෙකත් සාක්කුවට දාගෙන කෙල්ල ලගට ආවා සෝ ආ නැගිට්ටා
" practice ඉවර නම් ගිහින් වොෂ් එකක් දාගන්න "
ජිමින් සෝ ආට කිව්වාම කෙල්ල ඔලුව වනලා හෝසොක්ටත් යනවා කියලා කියාගෙන ගියා
" ජිමින්...."
" හියුන්ග්..."
සෝ ආ යන දිහා බලාගෙන ඉදපු ජිමින් හෝසොක් කතා කරපු නිසා හෝසොක් දිහාට හැරුනා
" සෝට dancing practice කරන්න ඉස්සරහට මට එන්න වෙන එකක් නැ ලියා ගැන බලන්න ඕන ජිමින් එයා මේඩ්ලා එක්ක තනියෙන් නේ ඉතින් උබට පුලුවන් නේ සෝට practice කරවන්න "
හෝසොක් එහෙම කිව්වාම ජිමින්ගේ මූන වෙනස් වුනා
" උබට තිබුණු හීනෙමයි ඒ කෙල්ලට තියෙන්නෙත් මම හිතන්නේ සෝට උබ තමයි ගැලපෙන කෙනෙක් නැ පොඩ්ඩක් හිතපන් මේ වෙලාවේ මට කරන උදව්වක් විදියට මේක කරපන් "
" හියුන්ග් මම ඩාන්සින් නවත්තලා ගොඩක් කල්.. මට බැ හියුන්ග් "
ජිමින් කිව්වේ කලකිරීමකින් වගේ
" උබට පුලුවන් බන් ඉස්සර යුනි එකේ උබ තරම් ඩාන්සින් වලට talented කෙනෙක් හිටියේ නැ සෝ වෙනුවෙන් මේක කරපන් ම්ම් "
" මම හිතලා කියන්නම් හියුන්ග්.."
" ම්ම් ලබන සතියේ සෝගේ competition එක "
හෝසොක් එහෙම කිව්වාම ජිමින් කලේ ඔලුව වනපු එක කොල්ලා එතැනින් යන්න ගියේ අතීතය ආපහු මතකයට එද්දී
හෝසොක්ට ඕන වුනේ සෝ ආ ජිමින්වයි ලං කරන්න ජිමින් සෝ ආ ගැන කොයිවෙලෙත් හෙව්වා කෙල්ලව ආරක්ෂා කලා ජිමින්ට කොච්චර කෙල්ලෝ හිටියත් එයා කවදාවත් ආරක්ෂා කරන්න ගියේ නැ හෙව්වේ නැ ජිමින් පොඩ්ඩක් හරි වෙනස් වෙලා කියලා අනිත් අයටත් තේරුනා සෝ ආ ඉස්සරට වඩා සතුටින් නිදහසේ ඉන්නවා අප්පාගෙන් හොයපු ආරක්ෂාව ජිමින්ගෙන් දැන් කෙල්ලට ලැබෙනවා ඉතින් හෝසොක්ට ඕන වුනේ සෝ ආයි ජිමිනුයි එකතු කරන්න ඒ වගේම මේ අදහස ටේහ්‍යුන්ගේ
එදා සිද්ධිය ටේකුක් ඩබල අතිනුත් කෑලි දාලා කස්ටියට රස කර කර කිව්වා ඕක නිසා තමයි කස්ටිය තීරණය කලේ ජිමින්ව කොහොමහරි සෝට ලං කරනවා කියලා
ජිමින් රූම් එකේ බැල්කනියට වෙලා වයින් වීදුරුවක් අතේ තියාගෙන තැඹිලි පැහැයෙන් දිලිසෙන සැන්දෑ අහස දිහා බලාගෙන හිටියේ හිස් හැගීමකින් කොල්ලාට මොනාද කරන්න ඕන කියලා තේරෙන්නේ නැ ජිමින්ගේ හිත ටිකක් කලබලයි
සෝ ආ වොෂ් එකක් දාගෙන රූම් එකට ආවා සුදු පැහැ කර්ටන් අතරින් කාගේ හරි ජායාවක් දැක්ක නිසා කෙල්ල බැල්කනියට ගියා ජිමින් අහස දිහා බලාගෙන ලොකු කල්පනාවක හිටියේ කෙල්ල හිමින් ජිමින් ලගට ගිහින් අත් වැටට බර වෙලා බැසගෙන හිරු සමග තැඹිලි පැහැයෙන් දිලිසෙන සැන්දෑ අහස දිහා බලාගෙන ඉදියා
" ලස්සනයි නේද."
කෙල්ල එහෙම ඇහුවාම ජිමින් සෝ ආ දිහා බැලුවේ සීතල සුලං රැලි හේතුවෙන් කොන්ඩ කැරලි කෙල්ලගේ මූනට වැටෙද්දී සෝ ඇගිලි තුඩු වලින් කොන්ඩ කැරලි කන පිටුපස රැදෙව්වා බැසගෙන හිරු කිරණ නිසා කෙල්ලගේ අමුතු ලස්සනක් තිබුනා
ජිමින් සෝ ආ දිහා බලාගෙන හිටියා ටිකකින් පුංචි හිනාවක් රදවගෙන සෝ ආ කොල්ලා දිහා බැලුවා ජිමින් ඒ අහිංසක හිනාව දිහා බලාගෙන හිටියේ හිතට අමුත්තක් දැනෙද්දී කෙල්ල ඇස් වලින් මොකද කියලා ඇහුවේ ජිමින් දැන් ගොඩ වෙලාවක ඉදලා එයා දිහා බලාගෙන ඉන්න නිසා
ජිමින් මුකුත් නැ කියන්න ඔලුව දෙපැත්තට වනලා ආපහු අහස දිහා බැලුවා
" ඔයා මොකක් හරි ප්‍රශ්නෙක ද ජිමින්ශි.."
සෝ ආ ජිමින්ට ලං වෙලා ඇහුවා එකපාරට ජිමින් සෝ ආගේ තොල් අල්ලගත්තේ කෙල්ල කම්ෆියුස් උන්ගා බුන්ගා වෙද්දී ඇයි ඉතින් ලෝකේ අනිත් පැත්ත ගහන්න වගේ කල්පනා කර කර ඉදපු මනුස්පයා එකපාරට යකා ගැහුවා වගේ කිස් කරන්න ගත්තාම ඕන යකෙක් කම්ෆියුස් වෙනවා ජිමින්ගේ මූඩ් හරියට ලංකාවේ ඇමති පට්ටම් වගේ කොයිවෙලේ වෙනස් වෙනවා ද කියන්න දන්නේ නැ
ජිමින් සෝ ආගේ තොල් වලින් ඈත් වුනා කෙල්ල ඇස් ලොකු කරගෙන ජිමින් දිහා බලාගෙන ඉන්නවා
" ජිමින්ශි කියන්න එපා කියලා කිව්ව නේද ඩෝල්.."
සෝ ඔව් කියන්න ඔලුව වැනුවා
" එහෙනම් ඇයි එපා කියන දේ කරන්නේ ඔයා දන්නවා නේ ඩෝල් මම අකමැති දේවල් කලොත් මොනාද වෙන්නේ කියලා "
ජිමින් සෝ ආගේ කනට ලං වෙලා ගැඹුරු හඩකින් කිව්වේ කෙල්ලගේ ඇගේ මයිල් කෙලින් වෙලා මුලු ඇගම ඇන්ටාක්ටික් වල ජීවත් වන මානවයෙක්ගේ ඇග වගේ සීතල වෙද්දී සෝ ආ ඇස් ජිල් බෝල සයිස් කරගෙන ජිමින් දිහා බලාගෙන ඉදියා
" කියුට්.."
ජිමින් සෝ ආගේ නහයට පොඩි තට්ටුවක් දාලා වයින් වීදුරුව එක හුස්මට බීලා දැම්මා
" මෝචි.. ඔයා ප්‍රශ්නෙක ද "
සෝ ආ ඇහුවාම කොල්ලා හිනාවක් එක්ක සෝ ආ දිහා බැලුවා
" ම්ම්ම්....... "
" ඔයා කැමති නම් කියන්න මට කරන්න දෙයක් නැති වුනත් මම අහගෙන හරි ඉන්නම් එතකොට ඔයාගේ හිත හරි පොඩ්ඩක් නිදහස් වෙයි.. "
සෝ ආ කිව්වේ ඔලුවත් පොඩ්ඩක් පැත්තට හරවගෙන ජිමින්ගේ මූනට එබිලා ජිමින් සෝගේ යාන්තම් තෙත කොන්ඩේ අතරින් අතැගිලි යවලා හිමින් පිරිමැද්දේ කෙල්ලගේ ඇස් දිහා බලාගෙන ජිමින්ගේ දිලිසෙන පුංචි ඇස් දිහා සෝ ආ බලාගෙන හිටියේ හිතට දහසක් දේවල් ගලාගෙන එද්දී
" හොබී හියුන්ග් කිව්වා මට ඩෝල්ව practice කරවන්න කියලා "
" මොහ්..."
සෝ ආ ඇසිපිය ගහලා එකපාරට ඇහුවා
" හ්ම්ම්... මමත් ඩාන්සින් කලා ඔයාට වගේම තමයි මටත් මගේ ලෝකෙම වුනේ ඩාන්සින් ඒත් දෛවයේ සරදමකට වගේ මට සදහටම dancing අතහරින්න වුනා ඔයා නොදන්න ලොකු කතාවක් තියෙනවා "
" ඉතින් මට කියන්න බැරී ද "
සෝ ආ ඇහුවා
" කියන්නම් ඒත් දැන් නෙවෙයි වෙන වෙලාවක ඒ කතාව එච්චර සුන්දර කතාවක් නෙවෙයි කදුලු වලින් පිරුණු කතාවක් "
ජිමින්ගේ වචන වල ලොකු දුකක් වේදනාවක් තරහක් ගැබ් වෙලා තිබුනා සෝ ආ ඊට වඩා දෙයක් ජිමින්ගෙන් අහන්න ගියේ නැ
" ඇතුලට යන් නැත්නම් සීතලට අසනීප වෙයි.."
" සීතල නැ නේ "
සෝ ආ තොලත් පිට පෙරලගෙන කිව්වාම ජිමින් කෙල්ලගේ තොල් වලට පෙක් එකක් දීලා ඈත් වුනා
" පන්ඩිත නොවී යනවා ඇතුලට "
ජිමින් පොඩ්ඩක් තදට කිව්වාම සෝ ආගේ කොන්ඩේ අතරේ රැදිලා තිබුණු කොල්ලාගේ අතත් විසි කරලා ජිමින්ට ගස්සගෙන කෙල්ල ඇතුලට ගියේ බැල්කනියේ දොරත් සද්දෙන් වහගෙන සෝ ආගේ වැඩ දිහා සිහින් සිනාවක් රදවගෙන කොල්ලා බලාගෙන හිටියේ
කෙල්ල හයියෙන් අඩි හප්ප හප්ප පහලට යනකොට ජන්කූක් දාපු කකුල් මාට්ටුවක් හින්දා කෙල්ල වැටෙන්න ගිහින් අනූ නවයයි තුන් කාලෙන් බේරුනේ
" යාහ්හ් මෝඩ බූරු කුක්කා තවුසේ අඬු දිග වැඩියි ද "
සෝ ආට කේන්ති ගිහින් කෑගහද්දී ජන්කූක්ට නම් හෙන ජොලි ඉතින්
" වේ....දිග නම් කොට කරන්න "
" තවුසෙට මම......."
සෝෆා එකේ තිබුණු කොට්ටයක් අරගෙන ජන්කූක් ගැහුවේ ජන්කූක් කොට්ටේ අල්ලාගෙන හිනා වෙද්දී සෝ ආ තව කොට්ටයක් අරගෙන ගැහුවා ජන්කූක් හිනා වෙනවා ජන්කූක්ගේ හිනාවේ සද්දේ ඇහිලා ජින් ටේහ්‍යුන් දෙන්නා living room එකට ආවා
සෝ ආ මල් වාස් එක උස්සලා ගත්තේ ජන්කූක්ට ගහන්න වුනත් ජින් ඇවිත් කෙල්ලගේ අතින් අල්ලගත්තා
" සෝ බබා ඔය මල් වාස් එක අතහරිනවා "
ජින් මුල ටික හිමින් කියලා අන්තිම ටික සද්දෙන් කිව්වේ කෙල්ල ගැස්සිලා ගිහින් මල් වාස් එක අතහරිද්දී සෝ ආ බිම වාඩිවෙලා අඩන්න පටන් ගත්තේ ඔක්කොම කම්ෆියුස් කරලා මෙච්චර වෙලා හිනා වෙවී හිටපු ජන්කූක් බය වුනා ජිමින් පහලට ආවේ ඔය වෙලේ ජිමින් පඩිපෙලේ ඉදගෙන කස්ටියගේ මූනු දිහා බැලුවේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා තේරුම් ගන්න සෝ ආ පොඩි බබෙක් වගේ අඩනවා ඉවරයක් නැ
" සෝ බබා මොකද අඩන්නේ.."
ටේහ්‍යුන් කෙල්ල ලගින් වාඩිවෙලා ඇහුවා
" හැමෝම මට වෙනස්කම් කලනෝ...... ජින් ඔප්පත් එහෙමයි කුක්කාත් එහෙමයි සේරි ඔන්නිත් එහෙමයි ජිමින්ශිත් එහෙමයි ටේ ඔප්පා ඔයත් මට වෙනස්කම් කරනවා..."
කෙල්ල පොඩි බබෙක් වගේ කකුල් ගස ගස අඩනවා පිටිපස්සට වෙලා අත් දෙක බැදගෙන ඉන්න ජිමින් දිහා ටේහ්‍යුන් බැලුවේ මොකද්ද බන් මේ කියන්නේ වගේ අහන්න ජිමින් උරහිස් ඇකිලුවේ දන්නේ නැ කියන්න
" හරි හරි සෝ බබා... අඩන්න එපා ඔයාගේ ලස්සන මූන කැත වෙයි.."
" ආ....කමක් නැ "
ජින් කිව්වාම සෝ ආ දුන්න උත්තරේ හින්දා ටේමින්කුක් හිනා වෙද්දී ජින් තුන් දෙනා දිහා බැලුවේ රෑට තොපිට කන්න ඕන නැද්ද කියලා බැල්ලමක් ජින්ගේ මාරාන්තික බැල්ලම තේරුම් ගත් ත්‍රිබල හිනාව නවත්තගත්තා
" සෝ බබා අඩන්න එපා අපි හැමෝම ඔයාට ආදරෙයි නේ සෝ බබාට අපි වෙනස්කම් කරනවා කියලා කියන්නේ ඇයි.."
ජින් සෝගේ ඔලුව අතගාලා ආදරෙන් ඇහුවා සෝ ආ කදුලු පිහිදගෙන කතා කරන්න පටන් ගත්තා
' ඔප්පේ... ජන්කූක් මට කකුල් මාට්ටුවක් දාලා බිම වැට්ටුනා "
සෝ ආ එහෙම කියලා අඩන්න පටන් ගත්තා
" කුකී....."
ජින් සෝ ආව තුරුල් කරගෙන ඔලුව අතගාන ගමන් ජන්කූක්ට කෑගැහුවේ කොල්ලා ගැස්සිලා යද්දී
" සතියක් යනකම් බනානා මිල්ක් ශේක් තහනම් "
" හියුන්ග්....ඒක දරුනු වැඩියි හියුන්ග් අනේ හොද ජින් හියුන්ග් නේ "
ජන්කූක් අහිංසක සාන්ත දාන්ත තීන්ත කුප්පිය වගේ කිව්වා ජින් සෝ ආත් නැගිට්ටුවා
" සෝ බබා අපි යන් කිචන් එකට "
" හරි ඔප්පා "
ජින් කෙල්ලව එක්කගෙන කිචන් එකට යන ගමන් පිටිපස්ස හැරිලා ජන්කූක්ට දිව දික් කරලා ඇහැක් ගැහුවේ ජන්කූක් විතරක් නෙවෙයි ටේමින් ඩබලත් කම්ෆියුස් කරලා
" එතකොට මේකි මෙච්චර වෙලා බොරුවට ද අඩලා තියෙන්නේ...වාහ් ජිමින් උබටම ගැලපෙන කෙල්ල..."
ටේහ්‍යුන් කිව්වේ ජිමින් දිහා බලලා
" යාහ්හ්...සෝ ආ මෙව්වාට රිටන් එක ඉක්මනට ලැබෙයි.."
ජන්කූක් එහෙම කියලා ජිමින්ටත් ගස්සගෙන ගියා
" යකෝ මට මොකටද ගස්සන්නේ.."
ජිමින් කිව්වේ ජන්කූක් යන දිහා බලාගෙන
☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
හේ හේ
කතාව ගැන පුංචි හරි කමෙන්ට් එකක් දාගෙන යන්න සත්තලන්ලා මම පව් නේ දෙවියනේ 😩💔
මාත් එක්ක ක්ලාස් යන මගේ යාලුවා අද උදේ බාත් රූම් එකේ බ්රේක් ඩාන්ස් එකක් දාන්න ගිහින් අණ්ඩක් කඩාගෙන උදේ මට කෝල් කරලා කිව්වේ මම අද ක්ලාස් එකේ තනිවෙලා කාන්තාරෙක තනිවුනු ඔටුවෙක්ගේ ෆීලින් එකක් දැනුනේ එහෙම ජුකක් නම් වනේ වන හතුරෙක්ටවත් සිදු වෙන්න එපා 🙂
Bạn đang đọc truyện trên: AzTruyen.Top