🧡 13 🧡
ජිමින් ජන්කූක් හොයාගෙන යනකොට කොල්ලා සේරි එක්ක එකතු වෙලා ජිනීට කෑම කවන්න ලොකු ගේමක් ගහනවා ජිමින් ඈතට වෙලා කොල්ලා දිහා බලාගෙන හිටියා ජන්කූක් garden එකේ ඇවිදින ගමන් ජිනීට කුරුල්ලෝ පෙන්නනවා සේරි ජිනීට කවලා ඉවර වෙනකම් ඉදලා ජිමින් ජන්කූක් ලගට ගියා
" කුකී..."
" ඕ හියුන්ග්...."
ජන්කූක් ජිමින් දිහාට හැරිලා කතා කලා
" කුකී....හියුන්ග්ට තරහ ගිය නිසායි කෑගැහුවේ මම කියන දේ අහන්නේ නැතුව මුරන්ඩු වැඩ කරන්න එපා කුකී ඔයාගේ හොදට මම හැමදේම කරන්නේ මට ඔයාව හිර කරලා තියන්න ඕන නැ ඔයාටත් ඔයාගේ වයසේ අනිත් ලමයින්ට වගේ ට්‍රිප් යන්න ඇවිදින්න යන්න ඕන ඇති ඔයාට කොහේහරි යන්න හිතුනොත් හියුන්ග්ට කියන්න තනියෙන් කොහෙවත් යන්න එපා ඔයා දන්නවා නේ කුකී මං ඉන්න තත්ත්වය එහෙම දැනගෙනත් ඔහොම මුරන්ඩු වැඩ කරන්න එපා......"
ජිමින් කොල්ලාගේ ඔලුව අතගාන ගමන් කිව්වා
" මියානේ හියුන්ග්...මමයි වැරැදියි මම ආපහු මුරන්ඩු වැඩ කරන්නේ නැ හියුන්ග්ගේ හිත රිද්දන්නෙත් නැ මම දන්නවා මගේ ජිමින් හියුන්ග් ගැන "
ජන්කූක් එයාගේ බනී හිනාව දාලා කිව්වා
" යාහ්හ් මගේ කෙල්ලව තියාගෙන උබලා මොනාද කතා කරන්නේ ආ..."
ජින් හොටෙල් එකට යන්න රෙඩි වෙලා garden එක පැත්තට ආවේ ජිමින් ජන්කූක් ඉන්නවා දැකලා ජින් කෑගහගෙන ඇවිත් ජන්කූක්ගේ අතේ හිටපු ජිනීව වඩාගෙන කම්බුලට කිස් එකක් දුන්නා
" විශේෂ දෙයක් නැ හියුන්ග් "
ජිමින් කිව්වා
" උබලාව ෂුවර් නැ මගේ පොඩි කෙල්ලව තියාගෙන මොන වල් කතාවක් කියවනවා ද දන්නේ නැ නේ "
" හියුන්ග් එහෙම ද අපි ගැන හිතාගෙන ඉන්නේ "
ජන්කූක් ඇහුවේ ඇස් හීනි කරගෙන ජින්ට රවාගෙන
" කුකී ගැන නෙවෙයි ජිමින් ගැන මම කියන්නේ "
" යාහ්හ් හියුන්ග් මම එහෙම නැ "
" ඒක නෙවෙයි හියුන්ග් කෝ සෝ....'
ජන්කූක් එකපාරට ඇහුවා
" එයා නිදි..."
" මොහ්...මෙච්චර වෙලා එයා නිදාගන්නේ නැ මම ගිහින් නැගිට්ටවන්නම් "
ජන්කූක් එහෙම කියලා දුවන්න හදනකොට ජිමින් කොල්ලාගේ ඇදුමෙන් අල්ලලා ඇද්දා
" ඩෝල්..අසනීපෙන් ඉන්නේ එයාට නිදාගන්න දීපන් නැගිට්ටාට පස්සේ ඕන දෙයක් කරගනින් "
ජිමින් එහෙම කියලා කොල්ලාගේ ඇදුම අතහැරියා
" එතකොට උබ අද කම්පැනි එකට යන්නේ නැද්ද "
" අනියා හියුන්ග් අද ලොකු දෙයක් නැ ටේ ගියා නේ "
" එහෙනම් උබ ජිනීව බලාගනින්.."
ජින් එහෙම කියලා ජිමින්ගේ අතට ජිනීව දුන්නා ජිනී ජිමින්ගේ බෙල්ල වටේ අත් යවලා ජිමින්ට තුරුල් වුනා
" එතකොට ඩෝල්ව බලාගන්නේ කවුද "
" සේරි සෝ බබා ගැන බලයි "
" ඒත් හියුන්ග්.... "
" ඒත් මේත් උබ ජිනීව බලාගනින්.."
ජිමින්ගේ බෙල්ල බදාගෙන ජිනී නම් සැපට නිදි කොල්ලාගේ මූන අහක බලාගෙන අහපු චිකන් කොත්තුව වගේ ජිමින් ජිනීව අරගෙන ඇතුලට ගියා
" කුකී..."
" යේ හියුන්ග්.."
" ඔන්න බලපන් ජිමින් ජිනීව සේරිට භාරදීලා සෝ බබා ලගට යන්නේ නැද්ද කියලා "
ජින් හිනා වෙලා කිව්වා
" ජිමින් හියුන්ග් සෝට ආදරේ කරයි ද හියුන්ග් "
" ම්ම්ම්... ඒක කාලයට ඉඩ දීලා අපි බලාගෙන ඉදිමු.."
ජින් එහෙම කියලා කුකීගේ කොන්ඩේ අවුල් කරලා ගියා
ජිමින් ගිහින් ජිනීව සේරිට භාරදීලා කොල්ලා ගියේ එයාගේ ඩෝල්ට කොහොමද කියලා බලන්න කෙල්ල නම් බ්ලැන්කට් එකට ගුලි වෙලා හොදටම නිදි ජිමින් ඇදේ කොනකින් වාඩිවෙලා ලැප් එක ගත්තා
ටිකකින් කෙල්ල කෙදිරිගාන නිසා ජිමින් ලැප් එක පැත්තකින් තියලා කෙල්ල ලගට කිට්ටු වුනා
" ඩෝල්....."
" අප්පා...චේබල් ගහන්න එපා රිදෙනවා.."
සෝ ආ හීනෙන් මිමිනුවා කෙල්ල බ්ලැන්කට් එකත් අතේ ගුලි කරගෙන පියවුනු ඇස් වලින් කදුලු බේරෙනවා
" ශ්ශ්ශ්...ඩෝල්..නිදියන්න..කවුරුවත් ඔයාට ගහන්නේ නැ "
ජිමින් කෙල්ලගේ ඔලුව අතගාන ගමන් සෝ ආගේ කනට මිමිනුවා ජිමින්ට කෙල්ල ගැන දැනුනේ අනුකම්පාවක් ඒක ඇත්තටම අනුකම්පාවක් විතරයි ද ඒක දන්නේ මේ නපුරු ජිමින්ම තමයි
සෝ ආ නින්දෙන්ම ජිමින්ගේ පැත්තට හැරිලා කොල්ලාගේ ඉන වටේ අතක් යවලා ජිමින්ගේ පපුවේ මූන හංගගත්තා එකපාරට වුනු දේ නිසා කම්ෆියුස් වුනත් කොල්ලා සුපුරුදු එවිල් ස්මයිල් දාගෙන කෙල්ල දිහා බැලුවා සෝ ආ නම් පුංචි මී පැටියෙක් වගේ ජිමින්ට තුරුල් වෙලා නිදි
සෝ ආගේ මූනට වැටිලා තිබුණු කොන්ඩේ කැරලි කිහිපයක් ඇගිලි තුඩු වලින් කන පිටිපස්සේ රදවලා කෙල්ලගේ මූන දිහා බැලුවා තාමත් සෝ ආගේ කම්බුල් දිගේ කදුලු බිදු ගලාගෙන යනවා ජිමින් හිමින් සැරේ මහපටගිල්ලෙන් පිසදැම්මා
" මම හිතුවට වඩා ඔයා ගොඩක් දුක් විදලා ඩෝල්.."
ජිමින් සෝ ආගේ කොන්ඩේ අතරේ අතැගිලි යවන ගමන් මිමිනුවා ජිමින් හිමින් කෙල්ලගේ ඔලුව අතගාන ගමන් සෝ ආගේ මූන දිහා බලාගෙන හිටියා කොල්ලා හෙල්ලෙන්නවත් නැතුව හිටියේ සෝ ආ නැගිටියි කියලා
මේ හැමදේම දිහා දොරෙන් හොරාට එබීගෙන බලාගෙන හිටපු ජන්කූක්ගේ පශ්චාත් භාගේ රත් වෙන්න පාරක් හම්බුනු නිසා කොල්ලා ඩිම් වෙලා පිටිපස්ස බැලුවේ
" ටේ හියුන්ග්...."
ටේහ්‍යුන් අත් දෙකත් සාක්කුවට දාගෙන ජන්කූක් දිහා බලාගෙන ඉන්නවා
" ම්ම්ම්....උබ මොනාද ජිමින්ගේ රූම් එකට එබීගෙන කරන්නේ "
ජන්කූක් එයාගේ බනී හිනාව දැම්මා
" උබේ ඔය හිනාවට මම ඇන්දෙන්නේ නැ "
" අයිෂ්....හියුන්ග් හිනාවක් ගැන නෙවෙයි පොඩ්ඩක් දොරෙන් එබිලා බලනවකෝ.."
" මොනා බලන්න ද යකෝ "
" ටේ හියුන්ග්..."
ජන්කූක් පොඩි බබෙක් වගේ කියද්දී ටේහ්‍යුන් දොරෙන් එබිලා බැලුවා දුටු දර්ශනය නිසා කම්ෆියුස් උන්ගා බුන්ගා වෙලා ඉන්නේ කවදාවත් ජිමින් කෙල්ලෙක්ට මෙහෙම සලකන්නේ නැ කියලා ටේහ්‍යුන් හොදටම දන්නවා කොල්ලා සතුටු වුනා ජිමින් ටිකක් හරි වෙනස් වෙලා කියලා හිතෙද්දී
" ඒ දෙන්නා කියුට් නේද හියුන්ග්..."
ජන්කූක් ටේහ්‍යුන් යටින් දොරෙන් එබිලා කිව්වා
" ම්ම්ම් උබට කියුට් පෙනෙයි උබේ ජිමින් හියුන්ග්ට නිකන් හරි අපි මෙතන ඉන්නවා කියලා ඉව දැනුනොත්..."
ටේහ්‍යුන් එහෙම කියලා ජන්කූක් ඇදගෙන දොරත් වහගෙන ගියා ඒත් එයාලා පරක්කු වැඩියි ටේකුක් ඩබල ඒ දෙන්නා දිහා බලාගෙන ඉදලා ගියා කියලා ජිමින් දන්නවා
.
.
.
.
.
හවස් වෙනකම් නිදාගත්ත සෝ ආ ඇස් පියාගෙන අත් වල හිරි ඇරියා ඒත් එක්කම ඉන වටේ අතක් තද වෙනවා දැනෙද්දී කෙල්ල එකපාරට ඇස් ඇරියා
" දගලන්න එපා ඩෝල්..ඔයා වැටෙයි.."
ජිමින් ඇස් පියාගෙනම කිව්වා සෝ ආ තුරුල් කරගෙන හිටපු ජිමින්ටත් එහෙම්ම නින්ද ගිහින් කෙල්ල ඇදේ කොනේ ඉදපු නිසා ජිමින් එහෙම කිව්වේ සෝ ආ ඔලුව උස්සලා ජිමින් දිහා බැලුවා එතකොට තමයි කොල්ලා සෝ ආ දිහා බැලුවේ
" දැන් කොහොමද ඩෝල්.."
" better.."
සෝ ආ එහෙම කිව්වාම ජිමින් කෙල්ලගෙන් ඈත් වුනා සෝ ආත් නැගිටලා ඇදේ headboard එකට හේත්තු වෙලා ජිමින් දිහා බලාගෙන හිටියා සෝ ආ එයා දිහා බලාගෙන ඉන්නවා කියලා දැනුනු නිසා ජිමින් කෙල්ල දිහා බැලුවේ සෝ ආ වෙනදා වගේම හිනා වුනා
" මොනාහරි ඕන ද.."
සෝ ආ මුකුත් එපා කියලා ඔලුව දෙපැත්තට වැනුවා
" ඩෝල්.. ඔයාට මං ගැන පොඩි තරහක්වත් නැද්ද "
ජිමින් ඇහුවේ එයාට උදේ ඉදලා තිබුණු ප්‍රශ්නයක් වෙන කෙල්ලෙක්ට මෙච්චර වද දුන්නා නම් ඒ කෙල්ල ආපහු ජිමින්ගේ මූනවත් බලන්නේ නැ ඒත් සෝ ආ මුකුත් නොවුනු ගානට වෙනදා වගේම කොල්ලා එක්ක හිනා වුනා කතා කලා
" අනියා..."
සෝ ආ ජිමින්ගේ ඇස් දිහා බලාගෙන උත්තර දුන්නා සෝ ආගේ ඇස් වෙනදා වගේම දිලිසෙනවා
" වේ..."
" මම කාටවත් වෛර කරන්න බැ ජිමින්ශි..ඒකට හේතුව මාව බලාගත්ත අජුම්මා වෙන්න ඇති එයා මට පුංචි කාලේ ඉදලා කිව්වේ එක දෙයයි කාටවත් වෛර කරන්න පුරුදු වෙන්න එපා වෛරය නිසා විනාස වෙන්නේ තමන් මිසක් ඔයා වෛර කරන කෙනා නෙවෙයි ඉතින් ජිමින්ශි මම තරහ ගන්නවා නම් ඔයාට වඩා මම මගේ ඔම්මායි අප්පායි එක්ක තරහ ගන්න ඕන "
සෝ ආ හිනා වෙලා කිව්වත් ඒ හිනාව අස්සේ සැගවුනු ලොකු දුකක් තියෙනවා කියලා ජිමින්ට තේරුනා කොල්ලා සෝ ආ දිහා බලාගෙන හිටියා මිසක් මුකුත් කිව්වේ නැ
" සෝ බබා..."
එහෙම කියාගෙන රූම් එකට කඩාගෙන බිදගෙන ආවේ ටේහ්‍යුන් ඒත් එක්කම ජන්කූක් පිටිපස්සෙන් ආවා
" ටේ ඔප්පා..."
" යාහ්හ් මාත් ඉන්නවා මෙතන "
ජන්කූක් පොඩි බබෙක් වගේ කෑගැහුවා
" හායි කුක්කෝ..මම දැන් නේ ඔයාව දැක්කේ.."
සෝ ආ හිනා වෙලා අත වනලා කිව්වා
" ඔව් ඉතින් තඩි වලහෙක්ට වැහුනාම මාව කොහේ පේන්න ද "
ජන්කූක් මිමිනුවා ඒත් ඒක ටේහ්‍යුන්ට ඇහිලා ඉවරයි
" කවුද යකෝ වලහා.."
ටේහ්‍යුන් අහද්දී ජන්කූක් එයාට නෙවෙයි වගේ ජිමින්වත් පැත්තකට තල්ලු කරගෙන ගිහින් ඇදට නැගලා සෝ ආ ලගින් වාඩි වුනා ජන්කූක් තල්ලු කරපු පාර ජිමින් සුපුරුදු භූමි මාතාව සිපගත්තා ජිමින් වැටුනු විදිය දැකලා සෝ ආ ජන්කූක් ටේහ්‍යුන් හිනා වෙන්න පටන් ගත්තාම ජිමින් ඉක්මනට නැගිටින්න ගිහින් ආපහු වැටුනා
-" ජිමිනෝ ඔහොම හිටු "
ටේහ්‍යුන් හිනා වෙවී ඇවිත් ජිමින්ට අත දුන්නාම අද උබට දෙන්නම් වැඩේ කියලා ටේහ්‍යුන්ගේ අතින් ඇද්දා.. ටේහ්‍යුන් බිම වැටුනාම ජිමින් නැගිටලා හිනා වෙවී යන්න ගියා
" යාහ්හ් කොට තාරාවා ඔහොම හිටපන් "
ටේහ්‍යුන් නැගිටලා ජිමින් පස්සේ දුවගෙන ගියේ ජිමින් තව අගල් දෙකක් කොට කරනවා කියලා හිතාගෙන සෝකුක් ඩබල මේ නාඩගම දිහා බලාගෙන හිනා වෙවී ඉන්නවා
" සෝ ආ..."
ටේහ්‍යුන් ගියාට පස්සේ ජන්කූක් සෝ ආගේ අත් දෙකින් අල්ලාගෙන කතා කලා සෝ ආ බැලුවේ ජන්කූක්ට එකපාරට ගහපු යකා මොකාද කියලා
" වේ..."
" මියානේ..මම හින්දා නේ හියුන්ග් ඔයාට කෑගැහුවෙත්.."
ජන්කූක් සෝ ආගේ අත් දෙක දිහා බලාගෙන දුකින් කිව්වා ජන්කූක් කියන්නේ ගොඩක් සංවේදී කෙනෙක් එයාට පොඩි දෙයක් ඇති දුක හිතෙන්න
බැනුම් ඇහුවා විතරක් නම් කමක් නැ
සෝ ආ හිතුවා
" දැන් ඒක වැඩක් නැ නේ දෙන්නාම බැනුම් ඇහුවා ඒක ඉවරයි නේ මට බඩගිනියි කුක්කෝ කන්න මොනාහරි ගෙනත් දෙනවකෝ ලෙඩෙක් බලන්න අත් දෙක වන වන ද එන්නේ "
සෝ ආ කිව්වේ ජන්කූක් අල්ලාගෙන හිටපු එයාගේ අත් දෙක ඇදලා අරගෙන කටත් හද හදා
" යකූ මේකිගේ කටේ සද්දේ ලෙඩෙක් නම් ඒ විදියට හිටුකෝ "
" වේ..වේ.. මට කියලා ඔය හා දත් දෙක ආමාශගත කරගන්නේ නැතුව කන්න මොනාහරි අරගෙන එනවකෝ.."
" තවුසෙට ඕන නම් ගිහින් අරගෙන කනවා "
ජන්කූක් අහක බලාගෙන කිව්වා සෝ ආ හොද හුස්මක් පහත දාලා අතිශය අහිංසක කියුට් මූනක් මවාගෙන ජන්කූක් දිහා බැලුවා
" ජන්කුකී..පැටියෝ උයා මගේ හොද හා පැටියා නේ ගිහින් මට කන්න මොනාහරි අරන් එම්න සත්තලන් හාවෝ..."
සෝ ආ ජන්කූක් දිහා බලාගෙන කිව්වා ජන්කූක්ට හිනාව තද් කරගෙන ඉදලා හුස්ම ගන්නත් බැ වගේ
" අනේ පැටියෝ....ඔයා හොදයි නේ "
සෝ ආ එහෙම කිව්වාම ජන්කූක්ගේ හිනාව පැන්නා කොල්ලා ඇදේ පෙරලිලා මහ හයියෙන් හිනා වෙනවා
" මොකද තවුසේ හිනා වෙන්නේ මම හිනා වෙන්න තරම් දෙයක් කිව්වා ද "
සෝ ආ ඇහුවේ ජන්කූක්ට රවාගෙන
" අනියා....තවුසෙගේ බටර් පාර දරාගන්න බැරී වුනා "
" සැක්...අපරාදේ මගේ words.."
" ඔහොම ඉන්නවා මම මොනාහරි අරගෙන එන්න දැන් හයත් පහුවෙලා ජින් හියුන්ග් එනවා ඇති "
ජන්කූක් කිව්වේ ෆෝන් එකෙන් වෙලාව බලන ගමන්
" මම එච්චර වෙලා නිදාගත්තා ද "
සෝ ආ පුදුමෙන් ඇස් ජිල් බෝල කරගෙන ඇහුවා
" යෙප්....මැරිලා වගේ නිදාගත්තේ සුනාමියක් ඇවිත් ගහගෙන ගියත් දන්නේ නැ අපේ යුංගි හියුන්ග්..වගේ "
ජන්කූක් හිනා වෙවී කිව්වත් සෝ ආගේ මූන නම් වෙනස් වුනා
යුංගි......ඒ නම මට හොදට අහලා පුරුදුයි ඒත් කොහෙදීද...පොඩ්ඩක් ඉන්න අප්පා ඔම්මා එක්ක කතා කරනවා ඇහුනා අයිෂ් විකාර හිතන්න එපා සෝ ආ එක වගේ නම් තියෙන අය ඕන තරම් ඉන්න පුලුවන් නේ
සෝ ආ කල්පනා ලෝකෙක අතරමං වෙලා ඉදියේ
" මොනාද කල්පනා කරන්නේ "
ජන්කූක් කෙල්ලගේ ඉස්සරහින් අතක් එහෙ මෙහෙ කරන ගමන් ඇහුවේ
" යුංගි කියන්නේ කවුද "
" ජින් හියුන්ග්ගේ යාලුවෙක් ජිමින් හියුන්ග් දන්නවා "
" හ්ම්ම්...."
" ඉන්න මම මොනාහරි අරගෙන එන්නම් "
ජන්කූක් එහෙම කියලා හිනා වෙලා ගියත් සෝ ආ ලොකු කල්පනාවකට වැටුනා
☆☆☆☆☆☆☆☆☆☆☆☆☆✩✩
මම නම් මුකුත් දන්නේ නැ..
වෝට් ගෝල් එක 40
Bạn đang đọc truyện trên: AzTruyen.Top