🧡 09 🧡
දින කිහිපයක් ගෙවිලා ගියේ සෝ ආ නිදහසේ සතුටින් එයාගේ ඩාන්සින් practice කරගෙන යද්දී රෑට හැමදාම ක්ලබ් එකේ ඉන්න ජිමින් දැන් හැම රෑකම mansion එකේ ජන්කූක් සුපුරුදු පරිදි ජින්ගෙන් බැනුමක් අහගෙන ජොලියේ ඉන්නවා සෝ ආත් ඉන්න නිසා දැන් එයා කරන කුපාඩි වැඩ වලට හෙල්ප් කරන්න කෙනෙකුත් ඉන්නවා දෙන්නා එකතු වෙලා මොන කුපාඩි වැඩේ කලත් හැමතිස්සේම වැරදිකාරයා වෙන්නේ ජන්කූක් තමයි
සේරි බබායි දෙන්නාත් දැන් ඉන්නේ ජිමින්ගේ mansion එකේ සෝ ආ ඉතින් ජින්ගේ බබා එක්ක සෙල්ලම් කරනවා ඉස්සර ඉතින් චූටි පැටියාටත් සෙල්ලම් කරන්න හිටියේ ජන්කූක් විතරයි නේ දැන් සෝ ආත් ඉන්නවා
දැනුත් ජන්කූක් සෝ ආ දෙන්නා living room එකේ බිම වාඩිවෙලා සෙල්ලම් කරනවා ජින්ගේ බබාගේ නම ජිනී ජිමින් පැත්තකට වෙලා හිනා වෙවී ජිනී එක්ක සෙල්ලම් කරන සෝ ආ දිහා බලාගෙන හිටියා සෝ ආගේ හිනාව ලස්සනයි කියලා ජිමින්ට හිතුනේ
ජිමින්ගේ සිහින ලෝකේ කඩාගෙන වැටුනේ ජිනී එකපාරට කෑගහලා අඩන්න පටන් ගත්ත නිසා
" යාහ්හ් කුක්කෝ තවුසේ මොකද්ද කලේ ආ.."
සෝ ආ කෑගහන්න ගමන් ජිනීව උකුලට ගත්තා ජන්කූක් ජිනීගේ ආසම බෝනික්කාගේ කකුලක් කඩලා ජන්කූක් බෝනික්කාගේ කකුල තියාගෙන ආපහු හදන්න ෆුල් ට්‍රයි එක
" හරි හරි චූටි මැනික කුකී සම්චොන් ඔයාට අලුත් බෝනික්කෙක් ගෙනත් දෙයි කෝ අඩන්න එපා ඉතින් "
ජන්කූක්ට රවන ගමන් සෝ ආ බබාව නලවන්න හදන්නේ ඒත් ජිනී නම් තව හයියෙන් කෑගහලා අඩනවා කෙල්ලට බබාව නලවගන්න බැ
" යාහ්හ් බලනවා තවුසේ කරපු වැඩේ හින්දා ජිනී අඩනවා ඉවරයක් නැ "
" ඉතින් නලවගන්නවකෝ තවුසෙව ඉස්සරහට වැදගත් වෙයි ඕවා "
ජන්කූක් එහෙම කිව්වාම ජිනීගේ සෙල්ලම් බඩුවකින් ගැහුවා එතකොට ජිනී අඩන එක නැවැත්තුවා
" උප්ස් එයා මෙච්චර වෙලා කියලා තියෙන්නේ කුක්කාට ගහන්න කියලා "
සෝ ආ කුරිරු හිනාවක් දාගෙන කිව්වේ පරන ඇරියස් ඔක්කොම කවර් කරගන්න අවස්ථාව ලැබුනු හින්දා
" මොහ්...."
ජන්කූක් ඇස් දෙක ලොකු කරගෙන සෝ ආ දිහා බැලුවා කෙල්ල හිනාව නම් එච්චර හොද නැ කියලා හිතපු ජන්කූක් නැගිටලා සේප් එකේ මාරු වෙන්න හැදුවේ සෝ ආ ජිනීව බිමින් වාඩි කරලා ජන්කූක් කඩපු බෝනික්කා ගත්තා ජන්කූක් දුවන්න පටන් ගත්තේ සෝ ආ ජන්කූක් කඩපු බෝනික්කාගේ අත පය ගලවලා ජන්කූක්ට ගහද්දී පුංචි ජිනී නම් අත්පුඩි ගහහා හිනා වෙනවා සෝ ආ ජන්කූක්ගේ පස්සෙන් එලවගෙන කිචන් එක පැත්තට ගියා කිචන් එකේ බඩු පාවෙලා ඇවිත් ජන්කූක්ට වැදුනා
" සෝ ආ ඕයි ගහන්න එපා යක්ෂනියේ රිදෙනවා "
ජන්කූක් කිව්වේ dinning table එක උඩ නැගගෙන ජින් සේරි එක්ක ගමනක් ගිහින් හිටියේ එතකොට mansion එකේ හිටියේ සෝ ආ ජන්කූක් ජිමින් ටේහ්‍යුන් ජිනී තමයි
සෝ ආ කැරට් අලයකින් ජන්කූක්ට දීලා ඇද්දේ ජන්කූක් ඒක අල්ලගත්තා නිදාගෙන හිටපු ටේහ්‍යුන් නැගිටලා ආවේ තුන්වැනි ලෝක යුද්ධය mansion එක ඇතුලේ ආරම්භ වෙලා කියලා දැනුනු නිසා ජිමින් ගිහින් ජිනීව වඩාගෙන එයාගේ පුංචි කම්බුලකට හාදුවක් තියලා කිචන් එක පැත්තට ගියා
" සෝ බබා හෙන දරුනුයි නේ බන් "
ටේහ්‍යුන් කිව්වේ සෝ ආ ජන්කූක්ට ගහන විදිය බලාගෙන එයාගේ එහා පැත්තේ ජිනීව වඩාගෙන ඉන්න ජිමින්ට ටේහ්‍යුන් එහෙම කිව්වාම ජිමින් කට කොනින් හිනා වුනා
ජන්කූක් dinning table එකෙන් පැනලා දුවලා ගිහින් ටේහ්‍යුන්ගේ පිටිපස්සේ හැංගුනා සෝ ආ දුවගෙන එන්න හදලා එහෙම්ම ගල් ගැහිලා වගේ නැවතුනා කෙල්ලගේ අතේ තිබුණු ලීක්ස් පිටිපස්සට කරගෙන හංගගත්තා සෝ ආ මොකද බය වෙලා වගේ ඉන්නේ කියලා බලන්න අනිත් අයත් පිටිපස්ස හැරෙද්දී තමයි දැක්කේ සෙල්සියස් අංශක 100 රත් වුනු වතුර වගේ තරහෙන් රතු වෙලා කන් දෙකෙන් දුම් දාගෙන බලාගෙන ඉන්න ජින්ව සේරිගේ කට දනහිස ගාවට ඇරිලා සිදු වී ඇති විනාසය දැකලා
දැන් එහි තත්ත්වය පැවසුවොත් ඇත්ත වශයෙන්ම පිස්සෝ වාසය කරන තැනකට වඩා අන්තයි dinning table එකේ පුටු පෙරලා ලීක්ස් කොල කැරට් අල හැමතැනම තව සෝස් ඉහිරවලා කිචන් එකේ තිබුණු බඩු living room එකට ඇවිත් පිහි හැදි ඔක්කොම බිම dinning table එක රාමෙන් පැකට් එකක් කඩලා ඉහිරවලා ඉතින් ඕවා දැකලා තමයි ජිනයියාට කේන්ති ගිහින් ඉන්නේ
" ජොන් ජන්කූක් පාර්ක් සෝ ආ....."
ජින්ගේ උච්ච ස්වරයෙන් කෑගහද්දී දෙන්නාම ගැස්සිලා ගියා
" උප්ස් අද නම් ඉවරයි වගේ "
සෝ ආ මුමුනගත්තා විනාඩි ගානක රැප් එක අවසානයේ සෝ ආ බැලුවේ තමන්ගේ කන ඇහෙනවද කියලා
" ඇයි මට දැනෙන්නේ හයියෙන් අකුනු ගහලා නැවතුනා වගේ "
සෝ ආ කියපු දේට ජන්කූක්ට හිනා යන්නත් ආවත් හිනාව කාගෙන හිටියේ දැන් හිනා වුනොත් ස්වර්ගස්ථ වෙන්න වෙනවා කියලා දන්න නිසා ජිමින් හිත ඇතුලෙන් හිනා වුනේ පිස්සු වැඩ වලට
" පාර්ක් සෝ ආ...."
ජින් කෑගැහුව පාර සේරි හිතුවේ mansion එකේ ජනේල් වල වීදුරු ටික ලෙෆ්ට් කියලා තමයි ඒත් එහෙම වුනේ නැ මොකද ජිමින් එයාගේ හියුන්ග්ගේ වාචික බෝම්බ සදහා විනාස නොවන වීදුරු විශේෂයකින් තමයි හදලා තියෙන්නේ
" හෑ ඔව් සර්..."
ජින්ටත් හිනා යන්න ආවත් කොල්ලා හිනාව කාගෙන හිටියේ දැන් මෙතන හිනා වුනොත් මෙච්චර වෙලා කියවපු වචන ඔක්කොම වතුරේ ගියා වගේ වෙන හින්දා හැබැයි ප්‍රශ්නේ කියන්නේ කියපු දේවල් වලින් කීයක් දෙන්නා අහගෙන හිටියා ද කියලා
" කවුද මේක පටන් ගත්තේ "
ජින් ඇහුවේ ජන්කූක් සෝ ආ දිහා බලන ගමන්
" මෙයා..."
දෙන්නාව එකට දබරගිල්ල දික් කරලා දෙන්නාව පෙන්නුවා
" මම ද පටන් ගත්තේ ආ තවුසෙ නේ ජිනීගේ සෙල්ලම් බඩුවකින් ගැහුවේ "
" ඉතින් තවුසේ මොකටද ජිනීගේ බෝනික්කාව කැඩුවේ නැත්නම් මම ගහන්නේ නැ නේ "
" තවුසේ මොකටද ජිනීව බලාගන්න උදව් කරන්න කිව්වේ..."
" ජින් ඔප්පා නේ මට කිව්වේ සේරි ඔන්නි එක්ක ගිහින් එනකම් ජිනීව බලාගන්න කියලා "
" එතකොට වැරදි ජින් හියුන්ග් "
ජන්කූක් කිව්වාම සෝ ආත් ඔලුව වැනුවේ ඔව් කියන්න ජින් ඔලුවේ අත ගහගත්තා
" දැන් මම වැරැදියි කියලා ද කියන්නේ "
ජින් ඇහුවා
" යෙප් ජින් ඔප්පා ජිනීව අරගෙන ගියා නම් කුක්කා ජිනීගේ බෝනික්කා කඩෙන්නෙත් නැ ගේ අනිත් පැත්ත ගැහෙන්නෙත් නැ "
සෝ ආ කිව්වාම ජන්කූක් ඒක අනුමත කලා
" කවුරු වැරැදි වුනත් කමක් නැ උබලා දෙන්නා නේ ගේ හැඩි කලේ දැන් අස් කරපියව් "
ජින් උච්ච ස්වරයෙන් කෑගැහුවේ නිදාගෙන හිටපු ජිනී නැගිටලා අඩන්න පටන් ගනිද්දී
" අයිෂ් පනුවෝ පොඩ්ඩක් හිමින් කතා කරලා පුරුද්දක් නැද්ද "
සේරි එහෙම අහන ගමන් ජිමින්ගේ අතේ හිටපු ජිනීව අරගෙන රූම් එකට ගියේ ජින්ට ගස්සගෙන සේරි ගියාට පස්සේ ආපහු ඩබල දිහාට ජින් හැරුණේ
" දැන් ගිහින් අස් කරපිය තිබ්බ විදියටම තියෙන්න ඕන නැත්නම් තොපි දෙන්නා ගැන බලාගන්නම් "
ජින් එහෙම කියලා ගියේ ඩබල තව මොනාහරි කියන්න කලින්
" Enjoy your punishment kookie..."
ටේහ්‍යුන් එහෙම කියලා හිනා වෙවී යන්න ගියා
" ඕක අස් කරලා ඉක්මනට එන්න නිදාගන්න "
ජිමින් එහෙම කියලා යන්න ගියා ජිමින් යනකම් පූස් පැටියෙක් වගේ හිටපු සෝ ආ ජිමින් ගියපු ගමන් කොටි පැටියෙක් බවට පරිවර්තනය විය ජන්කූක් කියන අහිංසක කියුට් සූති හා පැටියා ඉතා අසරණ බාවයට පත්ව ඇත
" මොකද තවුසේ රවන්නේ "
" ගිහින් අස් කරනවා "
සෝ ආ කෑගහපු පාර ජන්කූක් ගැස්සිලා ගියා
" තවුසෙත් එනවා "
ජන්කූක් කෙල්ලත් ඇදගෙන ගිහින් සම්පූර්ණයෙන් අස් කරන්න පටන් ගත්තා ජිමින් උඩ තට්ටුව වෙලා කෙල්ල දිහා බලාගෙන හිටියා ජන්කූක්ට ගහන ගමන් කෙල්ල බරටම වැඩ
" ඕයි බූරු කුක්කා ඔය ටික කොහෙද ගෙනියන්නේ "
ජන්කූක් සෝස්පන් එකයි තව පොඩි භාජන ටිකක් අරගෙන එලියට යනකොට කෙල්ල කෑගැහුවේ
" විසි කරන්න ගෙනියන්නේ "
ජන්කූක් කියද්දී කෙල්ල ජන්කූක් පශ්චාත් භාගෙට පයින් ගැහුවේ ජිමින්ට හිනා යද්දී හැබැයි දෙන්නාගෙන් කවුරුවත් දන්නේ නැ ජිමින් එයාලා දිහා බලාගෙන ඉන්නවා කියලා
" ඔය ටික ගෙනිහින් කිචන් එකෙන් තියනවා නැත්නම් හෙට උදේට ජින් ඔප්පාගේ කන්කලු සුමිහිරි රැප් එකක් අහගන්න පුලුවන් හෙට උදේටත් ඕක ඇහුවොත් අනිවාර්යයෙන් ඕස්ට්‍රේලියාවෙන් මට කර්න පටහ පලයක් ඕඩර් කරන්න වෙනවා "
සෝ ආ කෑගැහුවා
" තවුසෙගේ කටහඬ හරි ලස්සනයි කියලා හිතාගෙන ඇත්තේ නාකි කොස්වටුවෙක් කෑගහනවා වගේ "
ජන්කූක් එහෙම කියලා ඉවර වෙනවාත් එක්කම අතේ තිබුණු සෝස් බෝතලෙත් ගැහුවා කොල්ලා වැඩ දන්න නිසා බේරුනා
" තොට සයිකෝ ද යකෝ අතට අහුවෙන එකෙන් නෙලන්නේ තවුසේ මට ගහලා මොනාහරි වුනොත් ජිමින් හියුන්ග් තවුසෙට අමතක නොවන පාඩමක් උගන්නයි "
ජන්කූක් එහෙම කිව්වාම කෙල්ල ගස්සගෙන කිචන් එක පැත්තට ගියා..
.
පැය තුනකට පසු සියල්ල පෙර තිබූ තත්ත්වයට ගෙන එන්න සෝකුක්ට පුලුවන් වුනා දැන් නම් දෙන්නා ඉන්නේ පාන් කියාගන්න බැරුව පඩිපෙළ බඩගාගෙන කොහොමහරි රූම් එකට ගියා කෙල්ල රූම් එකට අඩිය තියනකොටම කෙල්ලගේ අතින් ඇදලා බිත්තියට තද කරගත්තා රූම් එක පුරා අදුර පැතිරිලා තියෙද්දී සුදු පැහැ කර්ටන් අතරින් සද එලිය කාමරේට ගලාගෙන ආවා මද සුලං රැලි වලට සුදු පැහැ කර්ටන් සෙලවුනා
ටික වෙලාවකින් කවුද එයාව අල්ලාගෙන ඉන්නේ කෙල්ලට තේරුනා සෝ ආ පූසෙක්ට අහුවුනු මී පැටියෙක් වගේ ඉන්නේ
" ඩෝල්..."
ජිමින් ගැඹුරු හඩකින් කතා කරද්දී කෙල්ලගේ ඇගේ මයිල් කෙලින් වුනා
" ම්ම්ම්...."
" ඩෝල් මට බයද ම්ම්...."
ජිමින් ඇහුවේ කෙල්ලගේ බෙල්ල දිගේ සියුම්ව සිපගන්න ගමන්
" ම්ම්.."
" කතා කරන්න ඩෝල්.. මට බය ද "
" අ..අනියා...."
" එහෙනම් ගොතගහන්නේ "
ජිමින් කෙල්ලගේ බෙල්ලෙන් ඈත් වෙලා සෝ ආගේ කම්බුලක් පිරිමදින්න ගත්තා කෙල්ල ජිමින්ගේ අතට මුහුන නැබුරු කලේ කොල්ලාගේ මුහුනේ සිනාවක් ඇදෙද්දී සෝ ආ එයාගේ පුංචි ස්පර්ශයකට වුනත් කෙල්ල react කරන විදියට ජිමින් ආස කලා
" මට උත්තර දෙන්න ඩෝල්..."
සෝ ආ ජිමින්ගේ දිහා බලාගෙන හිටියා කෙල්ලගේ ඇස් දිලිසෙනවා ජිමින් ඒ ඇස් දිහා බලාගෙන හිටියේ ඒ ඇස් වල ලියවිලා තියෙන දේ කියවන්න වගේ සෝ ආ එයාට බයයි කියලා කොල්ලා දන්නවා
" මට බය වෙන්න එපා ඩෝල් අනිත් අයත් එක්ක ඉන්න මාත් එක්ක ඉන්න.."
ජිමින් කිව්වේ අනක් වගේ කෙල්ල හා කියන්න ඔලුව වැනුවා
" words doll words "
" හරි....."
" තාමත් බයෙන් ඉන්නේ "
කොල්ලා එහෙම කියද්දී සෝ ආ හිනා වුනා
" ගිහින් වොෂ් එකක් දාගෙන ඇවිත් නිදාගන්න හඩු ගදයි "
" යාහ්හ්...."
කෙල්ල ජිමින්ගේ අතට හිමින් ගහලා කෑගැහුවා
" හෙට හොබී හියුන්ග් උදේම එන්න කිව්වා "
" හ්ම්ම් දැන් මට යන්න එහාට වෙන්න ජිමින්ශි "
කෙල්ල ජිමින්ව ඈත් කරන්න හදන ගමන් කිව්වා
" ජිමින්ශි කියන්න එපා මගේ නම කියලා කතා කරන්න නැත්නම් වෙන නමක් හරි "
ජිමින් කියද්දී කෙල්ල ඇස් බෝල කරගෙන බලාගෙන හිටියා
" ම්ම් හරි එහා වෙන්න දැන් "
කෙල්ල කිව්වාම ජිමින් ඈත් වුනා සෝ ආ ඉක්මනට දුවලා බාත් රූම් එකට ගිහින් දොර වහගත්තා කෙල්ල පපුවට අත තියාගෙන ඇස් පියාගෙන කල්පනා කලේ මොකද්ද වුනේ කියලා
☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
ඉක්මනට අප්ඩේට් දුන්නා හොදේ
මම උයාලට බොක්කෙන් වුනාට මට උයාලා බෙලෙක්කෙන්....💔
වේදනයි ජුකයි ඕතර්ගේ සූති සිත රිදුනා හූම් 🤧
හැමදාම කමෙන්ට් වෝට් කරන හැමෝටම කුමාවෝ 🤗❤️
සලන්නේ 💜
Bạn đang đọc truyện trên: AzTruyen.Top