🧡 08 🧡

ජිමින් කෙල්ලව එක්කගෙන එයාගේ mansion එකට ආවා කෙල්ල වටපිට බලලා යනකොට දුවගෙන ආවේ ජන්කූක් කොල්ලා පැන්න ගමන් සෝ ආව බදාගත්තේ කෙල්ල තව පොඩ්ඩෙන් බිම වැටෙන්න යද්දී

" යාහ්හ්හ් පොඩි එකා එහාට පලයන් ඔය කෙල්ල තැලෙයි යකෝ "

ජින් කෑගහද්දී කෙල්ල ගැස්සිලා ගියේ කාගෙද ඒ කින්කිනි වොයිස් එක කියලා බලන ගමන් ජින් ඇවිත් ජන්කූක්ගේ ශර්ට් එකේ පිටිපස්සෙන් ඇදලා ඈත් කලා...

" කොහොමද බබෝ ඔයා රෝස මලක් වගේ එදා කියන්න හිටියට කියන්න ලැබුන් නැ නේ මම ජින් I'm world wide andsome you know...?"

ජින්ගේ ජාතික වාක්‍ය කියද්දී කෙල්ල දත් තිස් දෙක පෙන්නලා ජන්කූක් දිහා බැලුවේ දැන් මම මොකද්ද කියන්න ඕන කියලා අහන්න වගේ

" හියුන්ග් එයා දන්නේ නැ ඔයා world wide  handsome කියලා ඒක කියාගන්න බැරුව ඉන්නේ "

ජන්කූක් කියද්දී ජින්ගේ මූන අහක බලාගෙන ගහපු චිකන් කොත්තුවක් වගේ වුනා

" උබ කට වහගෙන පලයන් හා දතා....
එනිවේ මට ජින් ඔප්පා කියන්නකෝ සෝ බබා.."

කෙල්ල හිනා වෙලා ඔලුව වැනුවේ හා කියන්න

" හායි සෝ බේබි...මම ටේහ්‍යුන් ජිමින්ගේ සෝල්මේට් ඔයා මට කැමති දෙයක් කියලා කතා කරන්න "

ටේ ඇහැක් ගහලා කිව්වාම ජිමින් ටේට රැව්වා කෙල්ල හිනා වුනා

" කිම් සොක්ජින්....."

පිටිපස්සෙන් ඇහුනු සද්දේ නිසා ඔක්කොම දොර දිහා බැලුවා ජින්ට නම් හීන් දාඩිය දැම්මේ හිටපු කෙනා දැක්කාම

" හුටා....."

අඩියට දෙකට ජින්ගේ ලගට ආපු කෙල්ල ජින් දිහාට මරාගෙන මැරෙන සයිස් බැල්මක් දැම්මා

" මම ඊයේ මොකද්ද තමුසෙට කිව්වේ ආ..."

" බේබි...."

" තමුසේ එක වචනයක් කියන්න එපා මම තමුසෙව ඩිවෝස් කරනවා මෝඩ පනුවා..."

සෝ ආ කට ඇරගෙන බලාගෙන ඉදිද්දී අනිත් අය නම් හිනාව කාගෙන හිටියේ බොහොම අමාරුවෙන්

" යාහ්හ් බේබි ඔයා හදන්නේ ස්ට්‍රෝබෙරි ගෙඩියක් හින්දා මාව ඩ්වෝස් කරන්න ද "

ජින් දුක හිතෙන විදියේ මූනත් හදාගෙන කිව්වත් කෙල්ල නම් ජින් දිහා බැලුවේ නැ

" යේ.......මට එපා තමුසෙව "

මෙච්චර වෙලා හිනාව තද කරගෙන හිටපු ජන්කූක්ගේ හිනාව පැන්නා මාසෙකට සැරයක් වගේ මේ ජවනිකාව ජිමින්ගේ mansion එකේ living room එක තුලදී තිරගත වෙන හින්දා අනිත් අයට ගානක් නැ

" එයා ඩිවෝස් වෙනවා කිව්වාම මොකද හිනා වෙන්නේ පිස්සු ද "

සෝ ආ ඇහුවේ එයාට දැවෙන පුරස්නයක් වෙලා තිබුණු නිසා

" එයාලා මැරි කරපු දවසේ ඉදලා ඔහොමයි මාසෙකට සැරයක් දෙන්නා ඩිවෝස් වෙනවා දැන් තමයි ඩ්‍රාමා එකේ හොදම හරිය...."

ජන්කූක් කිව්වා කෙල්ලත් මොකද්ද වෙන්නේ කියලා බලාගෙන හිටියා

" ඔබ කෙසේද සොදුරිය මා වැනි කඩවසම් තරුනයෙක් දමා වෙනතක යන්නේ මා ලය පැලී මිය යයි.... අහෝ දුකකි "

ජින් ෆුල් dramatic විදියට කියද්දී ජන්කූක් සෝ ආ බදාගෙන හිනා වෙන්න පටන් ගත්තා සෝ ආ ත් හිනා වෙනවා ටේහ්‍යුන් ජිමින්ට ගහන ගමන් හිනා වුනත් ජිමින්ගේ ඇස් තිබුණේ ජන්කූක් බදාගෙන හිනා වෙවී ඉන්න සෝ ආ ලග

කෙල්ලට හිනා යන්න ගියත් තොලත් හපාගෙන අහක බලාගත්තා ජින් කෙල්ල ඉස්සරහ දන ගැහුවා

" සොදුරිය...ස්ට්‍රෝබෙරි ගෙඩියක් නිසාවෙන් වෙන් වුනු පලමු යුවල වී ඉතිහාසය ගත වීමටද ඔබට අවශ්‍ය....නමුත් එසේ නොකරන්න සොදුරිය මා ඔබට පෙම් කලේ හද පතුලෙන්..."

" කලේ....."

කෙල්ල රවාගෙන ඇහුවා

" අහ් අනියා මා ඔබට පෙම් කරන්නේ හද පතුලෙන් අර ජිමින්ව බදාගෙන හිනා වෙන ටේහ්‍යුන්ගේ කොන්ඩේ ගැන දිවුරලා කියන්නේ...."

ජින් කියද්දී ටේහ්‍යුන් හිනා වෙන එක නවත්තලා කොන්ඩේ අල්ලගත්තා

" හියුන්ග් ඇත්තටම සේරි නූනාට ආදරෙයි නේද "

ටේහ්‍යුන් එයාගේ කොන්ඩේ ගැන බය වෙලා අහද්දී මැදින් පනින්නේ නැතුව පොඩ්ඩක් හිටපන් පොඩි එකා කියලා ආපහු සේරිගේ පැත්තට හැරුනා

" ඔබට මා වැනි කඩවසම් තරුනයෙක් මේ ලෝකේ කොහෙන්වත් සොයා ගැනීමට නොහැකියි....මන්ද I'm...."

" World wild handsome you know...?"

ජින් කියන්න කලින් සේරි කිව්වා

" සමාව දෙනවද "

ජින් අහද්දී කෙල්ල කට ඇද කරලා කල්පනා කරන්න ගත්තා ජින් සේරිගේ අතකට හාදුවක් තිබ්බා

" සමාව දෙන්නම් හැබැයි....."

" ම්ම් මොනාද ඕන "

" මම කැමති හැම කෑමක්ම හදලා ඕන ඔයා තනියම ගියපාර කරපු හොර වැඩ කරලා අහුවුනොත් තමුසෙගේ ඔය ලස්සන මූන ඇද වෙයි "

සේරි කිව්වාම ජින් හිනා වුනා

" එසේය.. උත්‍තමාවියනි.."

ජින් ඔලුව පහත් කරලා කිව්වා

" දැන් නැගිටිනවා මෝඩ පනු පැටියා..."

සේරි කිව්වාම ජින් නැගිටලා සේරිව හග් කලේ හිනා වෙන ගමන්

" ඩ්‍රාමා එක ඉවරයි ද "

ජන්කූක් ඇහුවේ සෝ ආගේ කරට අත දාගෙන ඒ දෙන්නා හරියට අලුත බැදපු ජෝඩුව වගේ ඉන්නේ ජිමින් පැත්තක

" එතකොට මේ සෝ ආ ද "

සේරි ජන්කූක් අහපු දේ ගනන් නොගෙන ජන්කූක් ලග ඉන්න සෝ ආ දිහා බලාගෙන ඇහුවා

" යේ......අපේ සෝ බබා නූනා "

ටේහ්‍යුන් කිව්වා

" මෙයා කියුට් නේ "

සේරි සෝගේ කම්බුල මිරිකලා කිව්වේ සෝ හිනා වුනා

" කුමාවෝ ඔන්නි.."

" මෙයා මෙහෙට ආවාට පස්සේ වචනයක් කතා කලාමයි.."

ජින් කියද්දී සේරි කෙල්ලගේ කොන්ඩේ අවුල් කලා ජිමින් ටික වෙලාවක් මේ දිහා බලාගෙන ඉදලා රූම් එකට ගියා

" හියුන්ග් මම කම්පැනි එකට යනවා අර කොට තාරාවාට ඉක්මනට එන්න කියන්න අද important meeting එකක් තියෙනවා ඒක ඌට මතක ද දන්නේ නැ "

ටේහ්‍යුන් එහෙම කිව්වා ඒත් එක්කම රූම් එකට ගියපු ජිමින් ෆයිල් එකක් අරගෙන ආවේ ටේහ්‍යුන් කට ඇරගෙන ජිමින් දිහා බලාගෙන ඉදිද්දී

" මොකද උබ ඔහොම බලන්නේ "

ජිමින් ඇහුවේ තමන් දිහා කන්න වගේ බලාගෙන ඉන්න ටේහ්‍යුන්ගෙන්

" මූ කිව්වා අද මීටින් එක අමතක වෙලා වෙන්න ඇති කියලා "

ජින් එහෙම කියලා හිනා වුනා ජිමින් කට කොනින් හිනා වෙලා යන්න ගියා

" නූනා ජින් හියුන්ග් ගානට වැඩියි හූම් "

ටේහ්‍යුන් කිව්වේ අඩන්න වගේ

" ඔයාගේ ජින් හියුන්ග් ගැන මම බලාගන්නම් tae bear "

සේරි කිව්වාම ටේහ්‍යුන්ට මල් හතයි ඉතින් කොල්ලා ගිහින් සේරිව බදාගත්තා

" මගේ හොද නූනා "

ටේහ්‍යුන් එහෙම කියලා දුවලා ගියා

" මට තමයි ඔක්කොම වෙනස්කම් "

ජින් එහෙම කියලා නහය උඩට ඇද ඇද කිචන් එක පැත්තට යන්න ගියා සේරි හිනා වෙවී කිචන් එක පැත්තට ගියේ ජින්ව තව ටිකක් අවුස්සන්න හිතාගෙන

✨️ kim Seri
✨️ ජින්ගේ ආදරනීය වයිෆ්
✨️ ටිකක් පිස්සු කෙල්ලෙක්
✨️ ආදරනීය චරිතයක්
✨️ ඕනම කෙනෙක් දෙපාරක් හැරිලා බලන තරම් කෙල්ල ලස්සනයි ඒ නිසා නේ world wild handsome ගේ world wild beauty වුනේ
✨️ Lawyer කෙනෙක් විදියට වැඩ කලත් මැරි කලාට පස්සේ කෙල්ල ජොබ් එකෙන් අයින් වුනේ ජින් කෙල්ලගේ ජොබ් එකට අකැමැති වුනු නිසා මොකද සමහර නඩු හින්දා කෙල්ලට මරන තර්ජන ආවා කෙල්ලට කරදරයක් වෙයි කියලා බයට ජින් සේරි ජොබ් එක කරනවාට අකමැති වුනේ දැන් සේරිගේ ජොබ් එක තමයි ජින්ට කෑගහන එක රන්ඩු වෙන එක
✨️ අවුරුදු එක හමාරක චූටි කෙල්ලෙක් ඉන්නවා

______________________________

ජිමින් හිටියේ එයාගේ කැබින් එකට වෙලා ෆුල් හැපි එකේ මොකද කොල්ලාට ලොකු project එකක් හම්බුනා ඕක නොලැබුනා නම් ඉතින් නිකන් බලාගෙන ඉන්නෙත් නැ මොකාක් හරි යටි කූට්ටු කුප්ප ගේමක් ගහලා ඒ project එක ගන්නවා ඒ තමයි ජිමින්ගේ විදිය

" ජිමිනෝ...."

ටේහ්‍යුන් එහෙම කියාගෙන කඩාගෙන බිදගෙන ජිමින්ගේ කැබින් එකට ආවා

" මොකද යකෝ කෑගහන්නේ "

" මම දැන් මොකද්ද කියන්න ආවේ මතක නැ නේ "

ටේහ්‍යුන් එහෙම කියද්දී ජිමින්ට මරාගෙන මැරෙන්න හිතුනා

" ආ හරි කන්ග්කාරයා උබ ගැන හොයන්න පටන් අරන් "

" ඌට වෙන වැඩ නැද්ද මං ගැන හොයන්නේ "

" මම ඒක දන්නේ නැ යකෝ උබ සෝව මැරි කරපු එකට ඌ ඉන්නේ නයි වෛරයෙන් ඕකා අවුරුදු ගානක් තිස්සේ සෝව අල්ලගන්න බලාගෙන ඉදලා තියෙන්නේ "

ටේහ්‍යුන් කියද්දී ජිමින් ඇහිබමක් උස්සලා බැලුවා

" ඌ වයසේ හැටියට වැඩ කරන්න දන්නේ නැද්ද සීනි හැදුනු හාල් පාරුවෙක් වගේ ඌ කොහොමද සෝව මැරි කරන්නේ වයසක අජුම්මා කෙනෙක් හොයාගන්න කියපන් "

" ම්ම් ඌට දැන් ඕන කොහොමහරි කෙල්ලව උගේ ලගට ගන්න ඒකට තියෙන ලොකුම බාධකය උබ අපිට සෝව පරිස්සම් කරන්න වෙනවා උබ මොන හේතුවකට ඒ කෙල්ලව මැරි කලා ද කියන්න මම දන්නේ නැ සෝ කියන්නේ අහිංසක කෙල්ලෙක් බන් සෝගේ ජීවිතේ අපායක් කරන්න එපා උබ එක්ක හිටපු හැම කෙල්ලටම වඩා සෝ වෙනස් උබ ඒක මතක තියාගනින් "

ටේහ්‍යුන් එහෙම කියලා යන්න ගියා ජිමින් ටේහ්‍යුන් ගිය දිහා බලාගෙන හිටියේ ටේහ්‍යුන් කවදාවත් කෙල්ලෙක් ගැන ඔහොම කතා කරන්නේ නැති නිසා

" පැය ගානකින් මගේ සෝල්මේට්වත් වෙනස් කරා එහෙනම් "

ජිමින් එහෙම හිතලා ඇස් දෙක පියාගෙන chair එකේ පිටිපස්සට බර වෙලා ඇස් පියාගත්තා එතකොට කැබින් එකේ දොර ඇරෙන සද්දෙට කොල්ලා ඇස් ඇරියා ෆයිල් එකක් තුරුල් කරගෙන ජිමින් දිහා බලාගෙන ඉන්න මීරාව තමයි ජිමින් දැක්කේ

" සර්...."

ජිමින්ගේ ටේබල් එක උඩින් ෆයිල් එක තියලා ජිමින් දිහා බැලුවා කොල්ලා ෆයිල් එක අරගෙන ඒක දිහා බැලුවා මිසක් මීරා දිහා වැඩිය බැලුවේ නැ මීරාට ඒක ප්‍රශ්නයක් වුනා

" මොකද "

කොල්ලා එහෙම ඇහුවාම වෙනදා පුරුද්දට blouse එකේ බොත්තම් ගලවන ගමන් ජිමින්ගේ ලගට ආවා ජිමින්ගේ ලගට ආපු මීරාගේ එයාගේ ඇගිල්ලක් කොල්ලාගේ මූන දිගේ අරගෙන ගියේ ජිමින් පිටිපස්සට වුනා මීරා එයාගේ blouse එකේ බොත්තම් ඔක්කොම ගලවලා ජිමින්ගේ උකුලෙන් වාඩිවෙලා කොල්ලාගේ බෙල්ල කිස් කරන්න ගත්තා

ජිමින් වෙනදා ෆස්ට් ස්ටෙප් එක තිබ්බත් අද කොල්ලාගේ හැසිරීම වෙනස් කියලා මීරාට තේරුනා ඒක නිසා මීරා ඉස්සෙල්ලාම වැඩ පටන් ගත්තා

" Mmm daddy ඔයා මැරි කලා ලු නේද "

මීරා කිව්වේ ජිමින්ගේ ශර්ට් එකේ බොත්තම් ගලවන ගමන්

" ඉතින් එයා කොහොමද මම හිතන්නේ නැ එයා මම තරම් සෙක්සි කියලා ම්ම් මම තරම් ඔයාට pleasure එකක් දෙන්න එයාට බැ නේද daddy "

මීරා එහෙම කියද්දී කොල්ලාට මතක් වුනේ ඊයේ රෑ ජිමින්ට යට වෙලා කෙදිරිගාන කෙල්ලව දාඩියෙන් තෙත් වුනු කෙල්ලගේ නිරුවත් සිරුර මතක් වෙනකොට කොල්ලා ඇස් පියාගෙන පිටිපස්සට බර වුනා

" මීරා...."

" yes daddy "

" get out..."

" What "

" I said get out "

ජිමින්ගේ හඩ සැර වෙද්දී මීරා ඇදුමත් හදාගෙන කොල්ලාගේ කැබින් එකෙන් යන්න ගියේ තරහින් මොකද ජිමින් එයාව රිචෙක්ට් කරපු ෆස්ට් ටයිම් තමයි මේක

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

අප්ඩේට් කරන්න සුට්ටක් ලේට් වුනා
ඕතර්ට පොඩ්ඩක් අසනීප වෙලා හිටියේ

දැන් පාරට බැස්සාම ගමේ ඉන්න ඔක්කොම අහන පුරස්නේ තමයි ඒලෙවල් වලට මොනාද කරන්නේ මම කල්පනා කරන්නේ ඒලෙවල් වලට කරන සබ්ජෙක්ට් එක ලියලා බෝඩ් එකක් එල්ලගෙන

ඊලග පුරස්නය තමයි ඇයි art නොකරන්නේ
යකෝ මම කැමති මට පුලුවන් දේ නේ මම කරන්නේ මේ ගමේ ජීවත් වෙන වාසීන් පුදුම ප්‍රශ්න තියෙන්නේ

ගිය සදුදා මමයි මගේ යාලුවයි ක්ලාස් ගියා එදා මේකි කිව්වා වෙනදා යන පාරෙන් නෙවෙයි අනිත් පාරෙන් යන් කියලා ඉතින් මේකි පාර දන්නවා ඇති කියලා හිතලා මමත් ගියා ටික දුරක් ගියාම මේකි කිව්වා කියහන්කෝ පාර දන්නේ නැ කියලා මට ඉතින් අල්ලාගෙන දත් ටික ආමාශගත වෙන්න නෙලන්න හිතුනා මහපාර මැද හින්දා ඉවසුවා

ඊට පස්සේ කඩේකින් අහගෙන අතුරු පාරක් දිගේ ගියා ඒ මනුස්පයා කියපු පාර වැරැදියි අන්තිමේ හෙන කට්ටක් කාලා අම්මට කෝල් කරලා බැනුම්නුත් ඇහුවා අවසාන වශයෙන්ම 8.00 තියෙන ක්ලාස් එකට ගියේ 8.20 ට

මම ඔබට කියන්නේ දන්න පාරේ පලයව් පාරවල් දැනගන්න ඕන කියලා ගිහින් අමාරුවේ වැටෙන්න එපා.....🙂

දැන් එව්වා වැඩක් නැ කතාව ගැන හිතෙන දෙයක් සූති ඇගිලි වලින් ටයිප් කරගෙන යන්නකෝ (මෙහෙම කියලත් කමෙන්ට් එකක් දාන්න බැරි නම් ඌ සීනි හැදුනු සෝමාලියන් කොස්වටුවෙක් )

ආ තව දෙයක් ඊලග චැප්ටර් එක පොඩ්ඩක් පරක්කු වෙයි ඈ

එහෙනම් කෙම්ලනේ ඕතර් ගියා
බායිම්

Bạn đang đọc truyện trên: AzTruyen.Top