🧡 05 🧡

පසුදින සෝ ආ යුනි යනකොට ජන්කූක් ජින් එක්ක ආවා ජන්කූක් හිනා වෙලා සෝ ආ ලගට යද්දී ජින් ජන්කූක්ගේ පස්සෙන් ආවේ කෙල්ල දිහා බලාගෙන

" සෝ......"

ජන්කූක් එහෙම කියාගෙන ගිහින් සෝ ආගේ කරට අතක් දැම්මේ කෙල්ල දෙකට නැවෙද්දී

" යාහ්හ් ජන්කූක් තවුසේ අලි මස් කාලා ඇවිත් මගේ කොන්ද කඩන්න ද හදන්නේ "

සෝ ආ කිව්වේ ජන්කූක්ගේ අත අයින් කරන ගමන් ජින් නම් හිනා වෙවී බලාගෙන හිටියේ

" සෝ ආ මේ ඉන්නේ ජින් හියුන්ග් "

සෝ ආ ජින් එක්ක හිනා වෙලා ඔලුව නවලා ආචාර කලා ජින් කෙල්ල එක්ක ලස්සනට හිනා වුනා

" ජින් හියුන්ග්....."

හෝසොක් එහෙම කියාගෙන ඇවිත් ජින්ගේ කරට පැන්නේ සෝ ආ කටත් ඇරගෙන බලාගෙන ඉදිද්දී

" එහාට පලයන් යකෝ මේක ප්‍රසිද්ධ ස්ථානයක් අස්පයෝ "

ජින් කිව්වේ එයාගේ ඇගේ එල්ලිලා ඉන්න හෝසොක්ව එහාට කරන ගමන් එතකොට තමයි හෝසොක් දැක්කේ එයා දිහා කට ඇරගෙන බලාගෙන ඉන්න සෝ ආව

" සෝ ආ මොකද මෙතන කරන්නේ ලෙක්චර් තියෙනවා නේද "

හෝසොක් අහද්දී කෙල්ල ඔව් කියන්න ඔලුව වැනුවා

" එහෙනම් මොකද මෙතන කරන්නේ "

"අනියා මේ යනෝ "

සෝ ආ එහෙම කියලා එතැනින් දුවලා යද්දී ජන්කූක් යනවා කියාගෙන සෝ ආගේ පස්සෙන් ගියා

" ඒ කෙල්ලත් ජිමින් වගේ හියුන්ග්..."

" මොහ්..."

හෝසොක් කියද්දී ජින් හෝසොක් දිහා බැලුවා

" සෝත් ජිමින් වගේම ඩාන්සින් වලට මාර දක්ෂයි ඒක හරි කලාතුරකින් කෙනෙක්ට පිහිටන දෙයක් සෝ ඉපදිලා තියෙන්නේ ඩාන්සින් වලටමයි "

" සෝ ආගේ අප්පා මිස්ටර් මින් සෝ ඩාන්සින් කරනවට කැමති නැ එහෙම නේ "

ජින් කියද්දී හෝසොක් ඒක අනුමත කරන්න ඔලුව වැනුවා

" ඒත් හියුන්ග් කොහොමද දන්නේ "

" කුකී කිව්වේ කොල්ලා මේ ප්‍රශ්නේ ගැන හරියට හිතනවා දන්නවා නේ කුකීගේ හැටි "

" අපි මේකට මොනාහරි කරන්න ඕන හියුන්ග් සෝ ගොඩක් දුක් විදිනවා "

" හ්ම්ම් ඉක්මනට මොනාහරි කරන්න ඕන "

ජින් කිව්වේ ලොකු කල්පනාවකට වැටෙන ගමන්

_____________________________

ජිමින් හිටියේ එයාගේ කැබින් එකට වෙලා ටේබල් එක උඩින් කකුල් දෙකත් තියාගෙන ෆයිල් එකක් චෙක් කරන ගමන් කොල්ලාට මතක් වුනේ එදා සෝ ආ එයාව දැකලා බය වෙලා වගේ දුවපු හැටි කොල්ලා කට කොනින් හිනා වුනා

" ජිමින් "

කොල්ලා කල්පනා ලෝකෙන් එලියට ආවේ ටේහ්‍යුන්ගේ කටහඬ ඇහුනු නිසා ජිමින් ෆයිල් එක ටේබල් එක උඩට විසි කරලා ටේහ්‍යුන් දිහා බැලුවා

" උබ කරපු වැඩේ හින්දා අරූට යකා වැහිලා ඉන්නේ උන්ට ඒ පාඩුව ගෙවා ගන්න බැ "

ටේහ්‍යුන් කියනකොට ජිමින් හයියෙන් හිනා වුනා

" ඒක තමයි බන් වෙන්න ඕන උන්ට තේරෙන්න ඕන උන් හැප්පුනේ වැරැදි කෙනා එක්ක කියලා "

ජිමින් එහෙම කියලා කකුල් දෙක පහලට දැම්මා ටේහ්‍යුන් කට කොනින් හිනා වුනේ ජිමින් ගැන හොදටම දන්න නිසා

" ඒක නෙවෙයි බන් මේක celebrate කරන්න ක්ලබ් එක පැත්තේ යමන් "

ජිමින් කිව්වේ ෆෝන් එකයි කා කී එකයි අරගෙන නැගිටින ගමන්

" උබ කියනවා නම් යමන් "

ටේහ්‍යුන් එහෙම කියලා ජිමින් එක්ක ක්ලබ් එකට යන්න පිටත් වුනා මේ අතරේ මිස්ටර් මින් හිටියේ පිට පිට වුනු ලොස්ට් එක දරාගන්න බැරුව මිස්ටර් මින් හිටියේ යක්ෂයා ආරූඪ වෙලා

" සර්....මිස්ටර් කන්ග් අපිට උදව් කරන්න කැමති වුනා "

මිස්ටර් මින්ගේ සෙකට්‍රි කිව්වා

" ඒත්..."

" ඒත් කිව්වේ මොකද "

" සර්ගේ දුවව එයාට මැරි කරන්න දුන්නොත් විතරයි කිව්වා "

" මම කැමතියි "

මිස්ටර් මින් ගත් කටටම කියලා දාද්දී මින්ගේ සෙකට්‍රි බලාගෙන හිටියේ පුදුමෙන්

" ඒත් සර් සර්ගේ දුවට වඩා අවුරුදු 20 ට විතර වැඩිමල්....."

" තමුසෙට ඒක වැඩක් නැ මම කියන දේ විතරක් කරපන් "

මිස්ටර් මින් කෑගහද්දී මින්ගේ සෙකට්‍රි ඔලුව පහත් කරගෙන යන්න ගියා

__________________________

සෝ ආ ජන්කූක් එක්ක හිනා වෙවී mansion එකට ගියා හවස ලෙක්චර් ඉවර වුනාම එක්කගෙන යන්න ආවේ ජින් ඉතින් ජිනුත් හිනා වෙනවා දෙන්නාගේ වැඩ වලට ජින්ගේ හිනාව ඇහුනාම සෝකුක්ගේ හිනාව තවත් වැඩි වුනා සෝ ආ හිනා වෙවී mansion එක ඇතුලට ගියා ඒත් living room එකේ වාඩිවෙලා ඉන්න මිස්ටර් මින් ඇතුලු කට්ටිය දකිද්දී කෙල්ලගේ හිනාව හොරු අරගෙන ගියා වගේ

" මිස්ටර් කන්ග් මේ ඉන්නේ මගේ දුව සෝ ආ.."

මිස්ටර් මින් එහෙම කියද්දී කන්ග් කෙල්ල දිහා බැලුවේ කෑදර බැල්ලමකින් ඒ බැල්ම කෙල්ලට කොහොමත් ඇල්ලුවේ නැති නිසා කෙල්ල එතැනින් යන්න හැදුවත් මිස්ටර් මින්ගේ දැඩි බැල්ම නිසා සෝ නැවතුනා

" ඉතින් මිස්ටර් මින් අපි මැරේජ් එකට ඩේට් එකක් දාගමු මිස්ටර් මින් කැමති නම් ලබන සතියේ වුනත් මම කැමතියි "

මිස්ටර් කන්ග් කිව්වේ සෝ ආ දිහා බලාගෙන කෙල්ල වෙන මුකුත් තේරෙන්නේ නැතුව හිටියේ කෙල්ල කිචන් එක පැත්තේ ඉදන් බලාගෙන ඉන්න අජුම්මා දිහා බැලුවේ වෙන දේ තේරුම් ගන්න අජුම්මා කනගාටුවෙන් ඉන්න නිසා කෙල්ලට තේරුනා වෙන්නේ එයාට හොද දෙයක් නෙවෙයි කියලා

" සෝ මේ ඉන්නේ ඔයාගේ future husband "

" මොහ්..."

කෙල්ල ඇස් දෙක ලොකු කරගෙන මිසිස් මින් දිහා බැලුවේ ඇහුනු දේ ඇත්ත ද කියලා බලන්න

' ඒත් ඔම්මා..."

" සෝ දැන් යන්න රූම් එකට "

" අප්පා ඒත් "

" මම කිව්ව එක සැරයක් යනවා රූම් එකට "

මිස්ටර් මින් උස් හඩකින් කියද්දී කෙල්ල ඉක්මනට රූම් එකට ගියේ වැටෙන්න ගිය කදුලු පාලනය කරගෙන කෙල්ල රූම් එකට ඇවිත් බාත් රූම් එකට ශවර් එක ඇරලා ඉදගෙන අඩන්න පටන් ගත්තා

ඒත් එක්කම කාමරේට ආපු අජුම්මා කෙල්ල අඩන සද්දේ ඇහිලා බාත් රූම් එකට ගියා කෙල්ල බාත් රූම් එකේ දොර ලොක් කරලා තිබුණේ නැ අජුම්මා ගිහින් ශවර් එක ඕෆ් කරලා කෙල්ලව නැගිට්ටා බාත් ටබ් එක ලගින් ඉන්දුවා

" ම්..මට තවත් ජීවත් වෙන්න බැ අජුම්මා මට මැරෙන්න ඕන...."

සෝ කිව්වේ තවත් මේ දේවල් දරාගන්න බැරී කමට

' අනේ බේබි එහෙම කියන්න එපා "

අජුම්මා කෙල්ලගේ ඔලුව අතගාන ගමන් කිව්වා

" ම්..මම වෙ..වෙන මොනවා කියන්න ද අජුම්මා මගේ ඇස් ඉස්සරහ මගේ ජීවිතේ විනාස වෙලා යනවා ඒත් මට මුකුත් කරගන්න බැ මගේ හීන ඔක්කොම බොද වෙලා යනවා මට තවත් මෙහෙම ජීවත් වෙන්න ඕන නැ අර නාකියා මගේ දිහා බලපු හැටි අජුම්මා දැක්කා ද වේ.... වේ අප්පා මට මෙච්චර වෛර කරන්නේ වේ මම මොකද්ද දෙවියනේ මෙච්චර වේදනා විදින්න කරපු වරද.."

සෝ අඩ අඩා කියද්දී අජුම්මා අඩන ගමන් කෙල්ලව තුරුල් කරගත්තා ටික වෙලාවක් යනකොට කෙල්ලගේ ඇඩිල්ල සිහින් ඉකිබිදුමක් බවට පරිවර්තනය වෙද්දී අජුම්මා කෙල්ලව එක්කගෙන රූම් එකට ඇවිත් කොන්ඩේ පිසදැම්මා අදින්න කියලා ඇදුමකුත් දීලා අජුම්මා ගියේ කොෆි එකක් හදාගෙන එන්න කෙල්ල අසනීප වෙයි කියන බයට

ඒ අතරේ සෝගේ රූම් එකට ආපු මිසිස් මින් කෙල්ලට කතා කලා

" සෝ හෙට යුනි යන්න එපා කියලා අප්පා කිව්වා "

මිසිස් මින් එහෙම කියද්දී සෝ මුකුත් නොකියා හිටියේ කතා කරලා වැඩක් නැ කියලා දන්න නිසා

" සෝ......"

මිසිස් මින් කෙල්ලට ආපහු කතා කලේ සෝට ඔහොම දෙයක් කිව්වාම කෙල්ල කටවහගෙන ඉන්නේ නැති නිසා

" මෙතනින් යන්න "

සෝ කිව්වේ මිසිස් මින් දිහා නොබලාම

" සෝ...."

' ආපහු මට සෝ කියන්න එපා "

" වේ ඔහොම හැසිරෙන්නේ අපි හැමදේම කර...."

" තව එක වචනයක්වත් කියන්න එපා එක වචනයක්වත් මගේ ජීවිතේ විනාස වෙන්න යනකොට කතා නොකරපු කෙනා අප්පා හේතුවක් නැතුව මට ගහද්දී ඔයා එක වචනයක් කතා කලාද හැමදාම මට ගහද්දී බලාගෙන ඉදියා නේද වේ වේ ඔයාලාට මාව එපා නම් මාව මරලා දැම්මා නම් ඉවරයි නේ මොකටද මෙහෙම වද දෙද්දී තියාගෙන ඉන්නේ අනික ඇයි මට මෙහෙම කරන්නේ ම්ම් උත්තර නැ නේ ද අනිත් ලමයි ඔම්මාලා අප්පලා එක්ක සතුටු වෙද්දී මම ඒ දිහා බලාගෙන හැමදාම ඇඩුවා අදටත් අඩනවා මොකද මම කවදාවත් ඒ සතුට විදලා නැ මම කවදාවත් මෙහෙම කතා කරන්න හිතුවේ නැ ඒත් අද ඔයාලා කරන්නේ ඔයාගේ දුවගේ ජීවිතේ කරන ලොකුම වැරැද්ද මේ මොහොතේ ඉදන් ඔයාලාට සෝ කියලා දුවෙක් හිටියේ නැ කියලා හිතාගන්න හරි නේ දැන් මෙතනට යන්න "

සෝ මෙච්චර කාලයක් හිතේ හිරකරගෙන හිටපු දේවල් කිව්වා මිසිස් මින් මුකුත් නොකියා එතැනින් යන්න ගියේ ආපහු සෝ අඩන්න පටන් ගනිද්දී

__________________________

" මූ නම් මානසික ලෙඩෙක් බන් "

ටේහ්‍යුන් කිව්වේ ඇගේ එල්ලිලා හිටපු කෙල්ලට අතින් යන්න කියලා සන් කරන ගමන්

" මූ මේ වගේ දෙයක් කරයි කියලා හිතුවේ නැ සල්ලි වෙනුවෙන් දුවව විකුනන්න හදන්නේ "

ජිමින් කිව්වේ වයින් වීදුරුවට තොල් තියන ගමන්

" අපේ ජන්කුකාගේ වයසේ පොඩි කෙල්ලෙක් බන් අර නාකියාට දෙන්න හදන්නේ "

" ම්ම්ම් මම දන්නවා කුකීගේ යාලුවා ඔය "

" මොහ්... එදා උබ ඒ කෙල්ල දිහා ද බලාගෙන හිටියේ "

ටේහ්‍යුන් අහද්දී ජිමින් වයින් වීදුරුව හිස් කරලා ඉස්සරහ තිබුණු ටේබල් එක උඩින් තියලා අතේ හිරි ඇරියා

" හෙට මිස්ටර් මින් හම්බවෙන්න යමන් "

" උබ මොකද්ද කරන්න හදන්නේ "

" It's Surprise babe "

ජිමින් එහෙම කියලා dancing floor එකේ හිටපු කෙල්ලකුත් එක්කගෙන රූම්ස් තියෙන පැත්තට ගියේ අදත් වැඩ අල්ලන්න බලාගෙන ටේහ්‍යුන් ඒ දිහා බලාගෙන ඉදීද්දී කෝල් එකක් ආවා ඒ කෝල් එක නිසා කොල්ලාගේ මූන වෙනස් වෙන්න වැඩි වෙලාවක් ගියේ නැ ටේහ්‍යුන් කෝල් එක කට් කරලා දුවලා ගිහින් ජිමින්ව අල්ලගත්තා

" මොකද යකෝ "

" කුකී ආපහු අසනීප වෙලා "

ටේහ්‍යුන් කියද්දී ජිමින් අල්ලාගෙන හිටපු කෙල්ලත් අතහැරලා දාලා දිව්වේ ටේහ්‍යුන් පිටිපස්සෙන් දුවගෙන එද්දී

☆☆☆☆☆☆☆☆☆☆☆✯

ඕතර් නම් කිසිත් නොදනී

Bạn đang đọc truyện trên: AzTruyen.Top