🧡 02 🧡

Soo Ah Pov

අයිෂ් මගේ ඇග මෙච්චර රිදෙන්නේ මොනා වෙලා ද

මම උදේ ඇහැරුනේ මගේ මුලු ඇගම රිදෙන්න ගත්ත නිසා ඔක්කොටම වඩා ඔලුව පැලෙන්න රිදෙනවා මට මොන කෙසෙල් ඇවරියක් වෙලා ද කියලා හිතාගන්න බැරුව මම ඉන්නේ ඒත් එක්කම මගේ එහා පැත්තේ නිදාගෙන ඉන්න කොල්ලා දැක්කාම නිකන්ම බැලුනේ මගේ ඇග දිහා

ඔලුව උඩ හෙනක් පිපුරුවා වගේ ෆීලින් එකක් මට දැනුනේ කොහොමද මෙහෙම වෙන්නේ මට කිසිදෙයක් මතක නැ නේ අයිෂ්..... ඔක්කොටම වඩා ඔලුව රිදෙනවා සෙද්ද

මම බෙඩ්ශීට් එකත් ඔතාගෙන වොෂ් රූම් එකට යන්න නැගිට්ටත් මම ආපහු ඇදේ ඉන්දුනේ යටි බඩ එන වේදනාව දරාගන්න බැරී නිසා මට ඇඩෙන්න වගේ මගේ ජීවිතේ තියෙන්නේ ප්‍රශ්න විතරයි අප්පා හදිස්සියේවත් මේක දැනගත්තොත් මැරුම් කන්න වෙන්නේ කොහොමත් මගේ ජීවිතේ අපායක් නේ

කම්බුල් දිගේ ගලාගෙන ගිය කදුලු බිදු පිහිදගෙන බඩගාගෙන රූම් එකේ කොනක තිබුණු වොෂ් රූම් එකට ගියා වතුර බිදු ඇගට වැටෙනකොට මුලු ඇගම දනවා අලුත් වෙන කදුලු බිදු එක්ක ශවර් එක යට මම එහෙම්ම ඉදගත්තේ තවත් හිටගෙන ඉන්න ශක්තියක් මට නැ කියලා දැනෙද්දී

කොච්චර වෙලාවක් මම ශවර් එක යට හිටියා ද කියලා මම දන්නේ නැ මම වොෂ් රූම් එකෙන් එලියට එනකොට ඒ කොල්ලා හිටියේ නැ ඒක නම් මට සහනයක් වුනා ඒත් ඊයේ වෙච්ච මෙලෝ වෙඩිමක් මට මතක නැ රූම් එකේ බිම තිබුණු ඇදුමත් ඇදගෙන ඉක්මනට ගෙදර ගියා

මම යනකොට අප්පා හිටියේ නැ ඔම්මා නම් කාත් එක්ක ද මන්දා ලොකු කතාවක එයාට ඉතින් මට වඩා එයාගේ යාලුවෝ වටිනවා නේ එතකොට අප්පා කියලා වෙනසක් නැ එයාගේ හැමදේම තමයි බිස්නස් එයාලට ඉතින් මං ගැන හොයන්න වෙලාවක් නැ නෙවෙයි එයාලට මං ගැන හොයන්න ඕන කමක් නැ ඒකයි ඇත්ත අප්පා මාව බිස්නස් වෙනුවෙන් විකුනන්න හදපු අවස්ථාත් නොතිබුනා නෙවෙයි කෙටියෙන්ම කිව්වොත් අප්පාට මේ සෝ ආ කියන්නේ business tool එකක් විතරයි

පිටතින් බලන කෙනෙක් නම් හිතන්නේ මට මොනවද අඩු කියලා ඒත් මේ බිත්ති හතර ඇතුලේ මම විදවන විදිය දන්නේ මම විතරයි මම ගෙවන්නේ මහ කරුමක්කාර ජීවිතයක් මගේ painkiller එක වුනේ ඩාන්සින් ඒත් ඒකට අප්පා කැමති නැ එයා මම කැමති කිසි දේකට කැමති නැ

මම රූම් එකට ගිහින් දොර වහගත්තා mirror එක ඉස්සරහට ගියාම තමයි දැක්කේ බෙල්ලේ තිබුණු marks ගොඩ මේක දැක්කොත් මාව ගෙදරින් එලවනවා high neck තිබුණු ටිකක් දිග ගවුමකුත් ඇදගෙන මම යුනි එකට ගියා හොද වෙලාවට අද මට උදේ ලෙක්චර් එකක් තිබුණේ නැ

මම වෙනදා වගේම ගිහින් cafeteria එකේ කොනක වාඩිවුනා මට යුනි එකේ කිසිම යාලුවෙක් හිටියේ නැ හැමදාම වගේ තනියෙන් හිටියේ දැන් මට මේ තනිකම හුරුයි ඒත් අනිත් ලමයි යාලුවෝ එක්ක සතුටු වෙද්දී මට දුක හිතුනු අවස්ථා අනන්තයි

මම කල්පනා ලෝකෙන් මිදුනේ කවුරුහරි මගේ ඉස්සරහ වාඩි වුනා කියලා දැනුනු නිසා

" හෝසොක්ශි......"

හෝසොක්ශි යුනි එකේ ඉන්න lecturer කෙනෙක් මගේ ඩාන්සින් ටීචර් කිව්වත් වැරදි නැ අප්පාගෙන් නොලැබුණු ආදරය ආරක්ෂාව ටිකක් හරි දැනුනේ හෝසොක්ශිගෙන් එයා මං ගැන හැමදේම දන්නවා

" ම්ම්ම් මොනාද අහස පොලොව ගැටලන්න කල්පනා කරන්නේ "

මම මුකුත් නැ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා

" මිස්ටර් මින් කැමති වුනේ නැ නේ ද "

එයා එහෙම අහද්දී මම ඔලුව වැනුවා ආපහු මගේ ඇස් කදුලු වලින් තෙත් වෙනවා මට හොදටම දැනුනා

" මම ඕක දැනගෙන හිටියා කෙල්ලේ "

හෝසොක්ශි මගේ ඔලුව අතගාන ගමන් කිව්වා

" අඩන්න එපා සෝ මම ඔයා එක්ක ඉන්නවා මම මොනාහරි කරන්නම් ඔයා practice කරලා competition එකට ready වෙන්න අරස්සෝ...."

" අරස්සෝ හෝසොක්ශි "

මම යාන්තම් හිනා වුනා මමකඩාගෙන වැටුනු හැම වෙලාවකම මගේ ලගින් හිටියේ හෝසොක්ශි තමයි ඒත් එක්කම එතැනට කොල්ලෙක් දුවගෙන ආවා ඕ මෝ දැන් නේ හරියටම කවුද කියලා දැක්කෙ

මුලු යුනි එකේම කෙල්ලොන්ගේ සිහින කුමාරයා ජොන් ජන්කූක් ඒත් එයා නම් කෙල්ලෝ සත පහකට ගනන් ගන්න පාටක් නැ

" හියුන්ග්......."

එයා එහෙම කියාගෙන හෝසොක්ශි ලගින් වාඩිවුනා මගේ දිහා බලලා එයාගේ කියුට් හිනාව දාලා ආපහු හෝසොක්ශි දිහාට හැරුනා

" මොකද යකෝ කෑගහන්නේ මේ ගෙදර නෙවෙයි "

" හොබී හියුන්ග්...."

" මොකද බන් "

" චිමී හියුන්ග් ඊයේ mansion එකට ආවේ නැ "

ජන්කූක් කිව්වේ පොඩි බබෙක් වගේ මූනත් හදාගෙන

මෙයා නම් කියුට් ලෝකයක් අනේ අල්ලලා මිරිකන්න හිතෙනවා

" දැන් තෝ ඕක කියන්න ද පුප කඩියා කෑවා වගේ දුවගෙන ආවේ "

හෝසොක්ශි එහෙම අහද්දී ජන්කූක් ඔලුව වැනුවේ හරියට රොබෝ කෙනෙක් වගේ

" උබ දන්නවා නේ ඉතින් ඉන්නේ කොහෙද කියලා "

" ඒත් හියුන්ග් එයාගේ ෆෝන් ඕෆ් නේ "

" උබ බය වෙන්න එපා බන් ඕකා කොහේ ගියත් උබට ලෙක්චර් ඉවර වෙන වෙලාව වෙනකොට යුනි එක ඉස්සරහ ඉදියි මට දැන් වැඩක් තියෙනවා මම යනෝ සෝ ඔයා ඒ ගැන හිතන්න එපා මම ඒක බලාගන්නම් practice කරන්න හරිද "

හෝසොක්ශි මගේ දිහාට හැරිලා කියද්දී මම ඔලුව වැනුවා එයා මගේ ඔලුව අතගාලා යන්න ගියා අන්තිමේ දී ඉතුරු වුනේ මායි ජන්කූක් විතරයි එයා මගේ දිහා බලලා හිනා වුනා

" මම හරි නම් ඔයාගේ නම සෝ ආ..."

ඕමෝ එයා මගේ නම දන්නවා වාහ් මරු නේ මෙයාගේ ප්‍රියම්බිකාවෝ ටික මේක දැනගත්තොත් මාව කයි ඒත් ඉතින් මෙහෙම කතා කරනවා දැක්කත් ඉවරයි තමයි

මම ඔව් කියන්න ඔලුව වැනුවා

" මාත් එක්ක කතා කරන්න ඔහොම බය වෙලා වගේ ඉන්න එපා මම ඔයාව ගිලින්නේ නැ "

" හරි "

මම හිනා කිව්වා

" ඔයා ගැන හොබී හියුන්ග් මාත් එක්ක කියලා තියෙනවා "

" හෝසොක්ශි මං ගැන මොනාද කිව්වේ "

මම එකපාරට ඇහුවා ඒ ගමන මෙන්න මේකා හිනා වෙනවා මම වැරදි දෙයක්වත් ඇහුවා ද නැ නේ

" මොකද හිනා වෙන්නේ "

" අනියා....හොබී හියුන්ග් කියපුවා වැඩක් නැ "

මම ඇස් හීනි කරලා එයා දිහා බැලුවේ හෝසොක්ශි කියපුවා කියනවද නැද්ද කියලා අහන්න වගේ

" යාහ්හ් මොකද ඔහොම බලන්නේ "

" හෝසොක්ශි මොනාද කිව්වේ "

" ඒක ගිහින් එයාගෙන්ම් අහගන්න "

අන්තිමේ දී හෙන ගේමක් දීලා අහගත්තා මේකාගේ කටින් වචනයක් ගන්න තියෙන අමාරුවක් මීට වඩා ලේසියෙන් ඉබ්බාගෙන් පිහාටු ඉල්ලන එක ඒත් ඉබ්බාට කොහෙන්ද පිහාටු සෑහෙන්න කන්න ඕන පුරස්නයක්

හෝසොක්ශි මම ගොඩක් දක්ෂ කෙල්ලෙක් කියලා ජන්කූක්ට කියලා ඒක ඇහුවාම සැජ්ජ හිතුනා හැබැයි අන්තිමේ දී කියලා මම හෙන පිස්සු මැන්ටලයක් කියලා මෙන්ටල් හොස්පිටල් යන්න ඉදලා වැරැදිලා යුනි ඇවිල්ලා කියලා ඒකට නම් හදවත මෙව්වා වුනා කියනවා කියලා ඔහොමත් කියන එක හරි ද මං අහන්නේ මගේ නම්බුව නේද හෝසොක්ශි ආහාරයට අරගෙන තියෙන්නේ කන්න දෙයක් ඕන කිව්වා නම් මම කන්න මොනාහරි ගෙනත් දෙනෝ නේ මගේ නම්බුව බේරගෙන දැන් මොනා කරන්න ද ඉතින් මේ හාවාත් ගංජා ගස් මල් පොතු මුල් ඔක්කොම ගිලලා වගේ හිනා වෙනවා දෙන්න හිතයි හා දත් ගැලවිලා යන්න සෙද්ද හැමෝම වෙනස්කම් කරන්නේ අහිංසක මටමයි හ්ම්

අවසාන වශයෙන් අපි දෙන්නාගේ කතාව නැවතුනේ ජන්කූක් මායි හොදම යාලුවෝ වෙලා අන්තිමේ දී හරි මට මේ යුනි එක ඇතුලේ යාලුවෙක් හම්බ වුනා

Author Pov

ජිමින් උදේ ඇහැරිලා බලද්දී තමයි කොල්ලා දැක්කේ උදේ එකොලහත් පහුවෙලා කියලා ඒත් එක්කම ඊයේ රෑ වෙච්ච සිද්ධි එක දිගට ෆිල්ම් එකක් වගේ මතක් වෙද්දී කොල්ලා කට කොනින් හිනා වෙලා බෙඩ්ශීට් එක එහා කලා එතකොට තමයි දැක්කේ ඇදේ තිබුණු ලේ පැල්ලම

" Oppz එයා වර්ජින් ද ඒත් එහෙම හිතුන් නැ නේ "

ජිමින් එහෙම කියලා කොන්ඩේ අතින් පිටිපස්සට කරන ගමන් ගිහින් වොෂ් එකක් දාගෙන ආවේ ඉක්මනට mansion එකට යන්න

" ආ උබ ආව ද "

ජිමින් යනකොටම ටේහ්‍යුන් එහෙම ඇහුවා

" යේ..... කෝ කුකී...."

" කුකී තමයි කුකීට තරහ ගිහින් යුනි ගියේ ගිහින් සේප් කරගනින් නැත්නම් ඉතින් දන්නවා නේ "

ටේහ්‍යුන් කියද්දී ජිමින් හිනා වුනා

" උබ ෆෝන් එකත් ඕෆ් කරගෙන මොන සෙද්දක් ද කලේ..."

ටේහ්‍යුන් අහද්දී ජිමින් උත්තරයක් නොදී ටේහ්‍යුන්ගේ පිටට තට්ටුවකුත් දාගෙන ඇතුලට ගියා

කොල්ලා හවස යුනි එක ලගට ගියේ ජන්කූක්ව ගන්න ජිමින් කා එකට හේත්තු වෙලා ෆෝන් එක ඔබන ගමන් හිටියේ කොල්ලා ඔලුව උස්සලා ඇහුවේ ජන්කූක්ගේ හිනා හඩ ඇහුනු නිසා

කවදාවත් නැතුව කෙල්ලෙක් එක්ක හිනා වෙවී එන ජන්කූක් දිහා ජිමින් බලාගෙන හිටියේ පුදුමෙන් කෙල්ල කවුද කියලා දැක්කාම ජිමින්ගේ ඇස් පුදුමෙන් තවත් ලොකු වුනා ඒ වගේම ජිමින්ගේ හිතේ ප්‍රශ්න දෙකක් කැරකෙන්න වුනා

" එයා යුනිවසිටි student කෙනෙක් ද
එයා මොනාද ජන්කූක් එක්ක කරන්නේ "

ජිමින් ඈත තියාම දැක්ක සෝ ආ එතැනම නැවතුනේ ජිමින්ව අදුරගෙන

එයා මාව හොයාගෙන ද ඇවිත් තියෙන්නේ ඒත් කොහොමද

කෙල්ල කල්පනා කරනකොට ජන්කූක් කෙල්ලගේ අතින් ඇදගෙන ගියේ ජිමින් ලගට ජිමින් බලාගෙන හිටියේ කෙල්ල දිහා

" හියුන්ග් මේ ඉන්නේ සෝ ආ මගේ බෙස්ටි...."

ජන්කූක් සෝ ආව පෙන්නලා කියද්දී ජිමින් කට කොනින් හිනා වෙලා කෙල්ල දිහා බලාගෙන හිටියා ඒක කෙල්ලට අපහසුවක් වුනා

" හ්ම්.."

ජිමින් ඊට වඩා මුකුත් කියන්න ගියේ නැ

" ජ්..ජන්කූක් ම්ම්....මම යන්නම් බායි.."

සෝ ආ කිව්වේ ගොතගහන ගමන්

" යාහ්හ් සෝ අපි එක්ක යන් "

" අනියා කුක් අප්පා මගට එයි මම යන්නම් "

සෝ ආට ඉක්මනට එතැනින් පැන ගන්න ඕන වුනේ ඒක නිසා කෙල්ල එහෙම කිව්වේ

" අයිෂ් සෝ ආ බොරු කියන්න එපා අපි එක්ක ගියාම මොකද වෙන්නේ නේද හියුන්ග් "

ජන්කූක් ජිමින් දිහා බලලා අන්තිම ටික කිව්වේ

" ඒක තමයි අපි ඔයාව drop කරන්නම් "

අන්තිමේ දී කෙල්ලට නොයා ඉන්න බැරී වුනේ ජන්කූක්ගේ කරදරේ නිසා සෝ ආ කා එකට නැගලා ශටර් එකෙන් එලිය බලාගෙන හිටියා ජිමින් drive කරන ගමන් සැරින් සැරේ කෙල්ල දිහා බැලුවා ජන්කූක් ඒක දැකලා ජිමින්ට රැව්වේ ජිමින් කියන්නේ කවුද කියලා දන්න නිසා ජිමින් ජන්කූක්ට ඇහැක් ගහලා ඉස්සරහ බලාගත්තා ජන්කූක් කියන දේවල් වලට හිනා වෙන කෙල්ල දිහා ජිමින් සැරින් සැරේ නොබැලුවාම නෙවෙයි

අන්තිමේ දී කෙල්ලගේ mansion එක ලග කා එක නැවැත්තුවා

එතකොට මේ මිස්ටර් මින්ගේ දුව මිනිහාගේ දුවෙක් කියලා කියන්න බැ නේ

ජිමින් හිතුවේ ඉස්සරහ තියෙන සුවිසාල මන්දිරය දෙස බලාගෙන කෙල්ල කා එකෙන් බැහැලා ඔලුව නවලා ආචාර කරලා ස්තූති කරලා mansion එක ඇතුලට යනකම් බලාගෙන හිටපු ජන්කූක් ජිමින්ගේ පැත්තට හැරුණේ රවාගෙන

" හියුන්ග්........"

" ඈහ්....mansion එකට ගිහින් බේරගමු "

ජිමින් එහෙම කියලා කා එක ස්ටාර්ට් කලේ අද කොහොමද ජන්කූක්ගෙන් බේරෙන්නේ කියලා හිතන ගමන්

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

කල්පෙකින් නේද

ඊලග චැප්ටර් එක ඉක්මනට දෙන්නම්

Bạn đang đọc truyện trên: AzTruyen.Top