😈 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 24🩸

කන්ග් සෝ එහෙම කියලා අත දික් කලාම කඩුවක් මැව්නා චේයොන්ග් දැගලුවේ එයාව අල්ලාගෙන ඉන්න සෙබලුන්ගේ අත් වලින් බේරෙන්න ඉවොන් මේ දිහා ආඩම්බරය පිරුනු  ඇස් වලින් බලාගෙන හිටියා කන්ග් සෝ කට කොනේ හිනාවක් සමග කඩුව ඉස්සුවේ ටේහ්‍යුන්ට අනින්න වුනත් ඒක කර ගන්න බැරි වුනේ කොහෙද ඉදලා පියාබගෙන ආපු සෝස්පන් එකක් ඔලුවේ වැදුනු හින්දා

",තමුසේ මොන ජාතියේ නයිජීරියන් හිපාටුවෙක් ද යකෝ මම ඉන්නකම් ටේව මරන්නේ කොහොමද "

උච්ච ස්වරයෙන් එහෙම කියාගෙන එතැනින් මතු වුනු තැනැත්තා දැක්කාම ඉවොන් ගොඩක් පුදුම වුනා සුරලෝකෙන් බැහැපු සුරදූතයෙක් වගේ ඉන්න කොල්ලා දිහා චේයොන්ග් කටත් ඇරගෙන බලාගෙන හිටියා

" නයිස් ශොට් නයිස් ඩයලොග් මටත් ඒ ශොට් එක ගහන විදිය කියලා දෙන්න පුලුවන් ද ඔප්පා "

මිනායා ඇසිපිය වේගෙන් ගහලා ඇහුවාම ජින් හිනා වෙලා කෙල්ලගේ කොන්ඩේ ඇවිස්සුවා

" හරි පැටියෝ ඕක මොකද්ද "

ජින් පැටියෝ කිව්වාම කෙනෙක් මේ දිහා බලාගෙන හිටියේ ඉරිසියාව කේන්තිය පිරුණු ඇස් දෙකකින් ඒ වෙන කවුද ඉතින් අපේ ඉරිසියාකාර හා තඩියා ජියොන් ජන්කූක් තමයි කොල්ලා තව ටික වෙලාවක් මෙහෙම හිටියොත් පුපුරලා යයි කියලා හිතුනු ජිමින් මිනායාගේ අතින් ඇදගෙන ඇවිත් ජන්කූක්ගේ ඇගට තල්ලු කලා

හැමෝගෙම අවධානය ජින්ට යොමු වෙලා තියෙන අවස්ථාවෙන් ප්‍රයෝජනයට ගත්ත චේයොන්ග් එයාව අල්ලාගෙන හිටපු සෙබලු දෙන්නාට ගහලා බිම වැටිලා හිටපු ටේහ්‍යුන් ලගට ගියා චේයොන්ග් බිම වාඩිවෙලා කොල්ලා ඔලුව ඔඩොක්කුවෙන් තියාගෙන ටේහ්‍යුන්ගේ කම්බුලට තට්ටුවක් දැම්මා

" ටේ...ටේ.."

චේයොන්ග් කොල්ලාගේ සුදුමැලි වෙලා තියෙන කම්බුලට තට්ටු කරන ගමන් කතා කලා ටේහ්‍යුන් යාන්තම් ඇස් ඇරලා කෙල්ල දිහා බැලුවා

" ටේ නැගිටින්න.."

කෙල්ල ටේහ්‍යුන් අමාරුවෙන් කෙලින් කලා ඒත් කොල්ලාට පනක් නැ චේයොන්ග් කොල්ලාගේ කම්බුල් මතින් අත් තියලා අඩවන් වුනු ඇස් වලින් බලාගෙන ඉන්න ටේහ්‍යුන්ගේ තොල් වලට පෙක් එකක් දුන්නා

" මගේ ලේ බොන්න ටේ....ප්ලීස්... මට ඔයාව නැති කරගන්න ඕන නැ "

හැඩුම් බර කටහඩින් කෙල්ල කිව්වාම ටේහ්‍යුන් කෙල්ලගේ උරහිසෙන් ඔලුව තියාගෙන හුස්මක් ගත්තේ චේයොන්ග්ගේ රෝස මල් සුවද විදිමින් කොල්ලාගේ එක චේයොන්ග්ගේ ඉන වටේ එතුනා කෙල්ලගේ බෙල්ලට පුංචි හාදු කිහිපයක් තවරපු ටේහ්‍යුන් එයාගේ දිවෙන් චේයොන්ග්ගේ බෙල්ලේ එක තැනක් lick කරන්න ගත්තා ඊලග තත්පරේ ටේහ්‍යුන්ගේ උල් දත් වදිද්දී චේයොන්ග් කොල්ලාගේ අතක් තද කරලා අල්ලාගෙන ඇස් පියාගත්තා

ටේහ්‍යුන්ගේ උල් දත් කෙල්ලගේ සම පසාරු කරගෙන යද්දී චේයොන්ග්ගේ ඇස් වලින් කදුලු පැන්නා කෙල්ලට ඒක ලොකු වේදනාවක් වුනා

" අහ්හ්.."

චේයොන්ග්ට සිහින් කෙදිරිල්ලක් පිට වෙද්දී ටේහ්‍යුන්ගේ අතක් තදින් අල්ලාගෙන හිටපු කෙල්ලගේ අත ලිහිල් වෙන්න ගත්තා

" ටේ...ඇති..."

කෙල්ල ටේහ්‍යුන්ගේ උරහිසට තට්ටුවක් දාලා කිව්වේ එයාගේ වටේ හැමදේම අදුරු වෙනවා වගේ තේරෙද්දී චේයොන්ග්ගේ වේදනාබර කටහඬ ඇහුනාම කොල්ලා චේයොන්ග්ගේ බෙල්ලෙන් එයාගේ උල් අත් අයින් කරගත්තේ කෙල්ල ඇස් පියාගෙන ටේහ්‍යුන්ගේ අත් අතරට වැටෙද්දී දැන් කොල්ලාගේ අත් ශක්තිමත් ඒක චේයොන්ග්ට හොදටම දැනුනේ එයා වටා එතිලා තිබුණු කොල්ලාගේ ශක්තිමත් අත් නිසා

" රිදුනා ද් ම්ම්ම්..."

" ටිකක්..."

චේයොන්ග් ඇස් පියාගෙන සිහින් හඩකින් මිමිනුවාම කොල්ලා චේයොන්ග් තුරුල් කරගෙන බලාගෙන අදුරු වුනු ඇස් දෙකකින් බලාගෙන හිටියේ ජන්කූක් එක්ක සටන් කරන කන්ග් සෝ දිහා

" මිනායා යුවි..."

ටේහ්‍යුන් කෑගහලා කතා කලාම ඉවොන්ගේ සෙබලෙකුගේ පිට උඩ නැගගෙන කොන්ඩෙත් අදින ගමන් හිටපු මිනායා එකපාරට ටේහ්‍යුන් දිහා බැලුවා යුවි ගහන ගමන් හිටපු සෙබලගේ අනාගතය අදුරු වෙන්න පාරක් ගහලා ටේහ්‍යුන් ලගට ගියේ ඒ කතා කලේ එයාලගේ අධිරාජ්‍යයා නිසා

දෙන්නාම ගිහින් ටේහ්‍යුන් ඉස්සරහින් හිටගෙන ආචාර කලා

" රැජින මාලිගාවට එක්කගෙන යන්න සීරිමක්වත් වෙන්න බැ "

ටේහ්‍යුන් තදින් කියද්දී කෙල්ලෝ දෙන්නා ඔලුව වැනුවා

" ම..මට යන්න බැ.."

කොල්ලාගේ ඇදුමේ කොනක් අල්ලගත්ත කෙල්ල කිව්වා

" චේ...තමුසේ මුරන්ඩු නොවී මෙතනින් යන්න "

" මට බැ "

" බේබි.....දැන් තමුසේ දුර්වලයි "

ටේහ්‍යුන් කිව්වාම කෙල්ල ඇස් ඇරලා බැලුවා

" මෙයා ගැන හිතලාවත් යන්න බේබි "

කොල්ලා චේයොන්ග්ගේ බඩ මතින් අතක් තියලා හෙමින් පිරිමදින ගමන් කිව්වා කොල්ලා දිහා ටික වෙලාවක් බලාගෙන ඉදපු චේයොන්ග් මෙතනින් යන්න කැමති වුනා කෙල්ලගේ නලලට සොෆ්ට් කිස් එකක් දීපු ටේහ්‍යුන් මිනායා යුවි දෙන්නාට කෙල්ලව බාර දුන්නා

" චේයොන්ග්ව පරිස්සමින් එක්කගෙන යන්න "

" කියනකම් හිටියේ "

කටට බ්‍රේක් කියලා දෙයක් ගෑවිලාවත් නැති මිනායා එහෙම කිව්වාම ටේහ්‍යුන් කෙල්ල දිහා ඇහිබමක් උස්සගෙන බැලුවා

" යන්නම්....'

" තමුසේ ජන්කූක්ගේ ලව් එක හින්දා බේරුනා කියලා හිතාගන්නවා."

එතැනින් ඉක්මනට මාරු වෙන්න හදපු මිනායාට ටේහ්‍යුන් කිව්වා කෙල්ල ආපහු මුකුත් කියන්න ගියේ නැත්තේ ඉල්ලන් කන්න ඕන නැති නිසා මොකද දැන් ඉන්නේ හොස්ස ලගින් මැස්ස යන්න බැරී ගිනි පිබින වවුලෙක්

චේයොන්ග් යුවි මිනායා එක්ක යන දිහා බලාගෙන හිටපු ටේහ්‍යුන්ගේ ඇස් අදුරු වෙන්න වැඩි වෙලාවක් ගියේ නැ ජන්කූක් එක්ක සටනක ඉන්න කන්ග් සෝ දිහා කේන්තියෙන් බලාගෙන හිටපු ටේහ්‍යුන් බිම තිබුණු කිනිස්සක් අරගෙන කන්ග් සෝගේ පැත්තට විසි කලා කිනිස්ස කන්ග් සෝගේ පපුව පසාරු කරගෙන යද්දී කන්ග් සෝ පිටිපස්ස හැරුනා මේ වෙනකොට ඉවොන්ගේ බලය හීන වෙලා ජින්ට යටත් වෙලා හිටියේ

කන්ග් සෝ ලගට ටික ටික ලං වුනු ටේහ්‍යුන් පපුව පසාරු කරගෙන ගිහින් තිබුණු කිනිස්ස ඇදලා ගත්තේ කන්ග් සෝගේ වේදනාත්මක හඩ වනාන්තරය පුරා රැව් දෙද්දී ඉවොන්ට කරගන්න දෙයක් නැතුව කදුලු පිරුනු ඇස් වලින් බලාගෙන හිටියා

" මගේ දරුවාව අතහරින්න ටේහ්‍යුන් "

ජින්ගේ ග්‍රහනයෙන් මිදෙන්න උත්සාහ කරන ගමන් ඉවොන් කෑගැහුවේ තවත් මේ දේවල් දරාගන්න බැරි නිසා ඉවොන් කොච්චර නපුරු කෙනෙක් වුනත් තමන්ගේ එකම පුතාට පන වගේ ආදරේ කලා ඒ නිසා ඉවොන්ට ඕන වුනේ කන්ග් සෝ කොහොමහරි රජ කරන්න පුංචි කාලේ කන්ග් සෝට ගොඩක් දුක් විදින්න වුනා ගොඩක් අයගේ අපහාස වලට ලක් වුනා ඒ හින්දා ඒ හිතේ තරහක් වෛරයක් ඇති වුනා

" මම තමයි මේ ඔක්කොටම වැරදි මගේ දරුවා අතහරින්න ටේහ්‍යුන් එයා කලේ මම කියපු දේ විතරයි "

සිහියත් අසිහියත් අතර ලේ විලක් මැද වැටිලා ඉන්න තමන්ගේ එකම පුතා දිහා බලාගෙන කදුලු පිරි දෙනතින් ඉවොන් කිව්වා

" ඌට මොලයක් නැද්ද හොද නරක තේරුම් ගන්න හහ්....? මට වැරදුනේ ඔම්මා වැරදි දේවල් කියලා දෙනකොට මූ කොහොමද හරි වැරැද්ද අදුරගන්නේ...? තමුන් හින්දා තමයි ඉවොන් තමුන්ගේ දරුවාට මැරෙන්න සිද්ධ වෙන්නේ තමුන් හරියට හිටියාට නම් මෙහෙම වෙන්නේ "

" තමුන් මොනාද ටේහ්‍යුන් දන්නේ තමුන් කිසිදෙයක් දන්නේ නැ මම ගොඩක් දුක් වින්දා කන්ග් සෝ හදාගන්න ගොඩක් අපහාස වින්දා ඒ හැමදේටම තමුන්ලාත් වගකියන්න ඕන "

ඉවොන් කෑගහලා අඩ අඩ කියද්දී ටේහ්‍යුන් හැගීම් විරහිත ඇස් වලින් බලාගෙන හිටියා

" දුක් වින්දා කියලා වැරදි දේවල් කරන එක හරි ද එතකොට මගේ පොඩි එකා අවුරුදු ගානක් හිර වෙලා ඉදලා එලියට ආවාම එහෙනම් ඌත් තමුන් වගේ වෙන්න එපැයි "

ජින් කියද්දී ඉවොන්ට තවත් කියන්න දේවල් ඉතුරු වෙලා තිබුණේ නැ තමන්ගේ එකම දරුවාත් තමන්ගේ වැරදි හින්දා මරනය වැලදගත්තා ඒ දේ ඉවොන්ගේ හිතට තදින්ම වැදුනා කන්ග් සෝගේ සිරුර දූවිල්ලක් බවට පරිවර්තනය වෙලා සුලගේ ගහගෙන යන දිහා ඉවොන් පසුතැවීමක් එක්ක බලාගෙන හිටියා

කොච්චර පසුතැව්නත් දැන් ඒ කිසි දෙයකින් වැඩක් වෙන්නේ නැ වෙන්න තියෙන ඔක්කොම දේවල් වෙලා ඉවරයි ඉවොන් තමන්ව අල්ලාගෙන හිටපු ජින්ගේ අත් වලින් බේරිලා ටේහ්‍යුන් ලගට ගියේ කවුරුවත් නොහිතපු විදියට හැමෝම හිතුවේ ඉවොන් යන්නේ ටේහ්‍යුන්ට හානියක් කරන්න කියලා ඒ හින්දා ඉවොන්ව අල්ලගන්න හැදුවත් ඉක්මන් වුනු ඉවොන් ටේහ්‍යුන්ගේ අතේ තිබුණු කිනිස්ස උදුරගෙන තමන්ට ඇන ගත්තා ඒ වගේම දෙයක් කවුරුවත් බලාපොරොත්තු වුනේ නැ

ඉවොන් බිමට කඩාගෙන වැටෙද්දී ටේහ්‍යුන් හැගීම් විරහිත ඇස් වලින් බලාගෙන හිටියා ඉවොන්ගේ අවසන් හුස්ම පොද වාතලයට මුසු වෙනවත් එක්කම ඉවොන්ගේ නිසල සිරුර දූවිල්ලක් බවට පරිවර්තනය වෙලා වාතලයේ ගසාගෙන ගියා

" අපි යමු..."

ටේහ්‍යුන් අවසානයේ හඩ අවදි කලා හැමෝම කොල්ලාගේ අනට කීකරු වෙලා මාලිගාවට පිටත් වුනා

" චේ කොහෙද "

මාලිගාවට ඇතුලු වෙනකොටම ටේහ්‍යුන් ඇහුවේ චේයොන්ග්ගේ සෙවනැල්ලක් පේන්න නොතිබුනු නිසා

" චේ රූම් එකේ "

යුවි එහෙම කිව්වාම තවත් මුකුත් නොකියා චේයොන්ග්ගේ රූම් එකට teleport වුනා ටේහ්‍යුන් යනකොට කෙල්ල ඇද උඩට වෙලා හෙඩ්බෝඩ් එකට හේත්තු වෙලා බඩ මතින් අතක් තියාගෙන එලිය බලාගෙන ලොකු කල්පනාවක හිටියේ ටේහ්‍යුන් ආවා කියලත් කෙල්ලට ගානක් වුනේ නැ

" මොනාද කල්පනා කරන්නේ "

කොල්ලාගේ කටහඬ ඇහෙනකොට චේයොන්ග් හැරුනා කෙල්ල ඇදෙන් බැහැලා ටේහ්‍යුන් ලගට එන්න හදනකොට කොල්ලා එපා කිව්වා ටේහ්‍යුන් ඇවිත් කෙල්ලගේ ලගින් වාඩිවුනා

" ඔයා හොදින් නේද "

චේයොන්ග් කොල්ලා දිහා බලාගෙන අහද්දී ටේහ්‍යුන් හිනා වෙලා කෙල්ලව තුරුල් කරගත්තා

" ම්ම්ම් යේ...මට මොනවා වෙන්න ද..? මට කියන්න ඔයා හොදින් නේද තාම රිදෙනවා ද "

කොල්ලා චේයොන්ග්ගේ කොන්ඩේ කන පිටිපස්සේ රදවලා කෙල්ලගේ බෙල්ලේ තියෙන තමන්ගේ දත් පාර දිහා බලාගෙන ඇහුවා

" මම හොදින්..."

කෙල්ල තව ටිකක් කොල්ලාගේ උනුසුමට තුරුල් වෙන ගමන් කිව්වා

" ඇයි මට මෙයා ගැන නොකිව්වේ..?"

චේයොන්ග්ගේ බඩ මතින් අතක් තියලා කොල්ලා ඇහුවා

" මමත් දැනගත්තේ ඊයේ "

" මට කියන්න ඕන කියලා හිතුන් නැද්ද.."

",සර්ප්‍රයිස් කරන්න හිටියේ කොහෙද ඉතින් ඔක්කොම දැනගෙන කොහොමද මම නොකියා දැනගත්තේ "

" ඔයාගේ සුවද වෙනස් වෙලා බේබි වැනිලා සුවද එක්ක රෝස සුවද මික්ස් වෙලා අමුතු සුවදක් එද්දී මට තේරුනා "

ටේහ්‍යුන් පුංචි කිස් එකක් චේයොන්ග්ගේ කම්බුලකින් තැවරුවා

" දැන් නිදාගන්න මහන්සි ඇති නේ "

කොල්ලා එහෙම කියලා චේයොන්ග් ඇදේ හරි විදියට හාන්සි කරලා බ්ලැන්කට් එක පෙරෙව්වා කෙල්ලට නින්ද යනකම් ඔලුව අතගෑව ටේහ්‍යුන් චේයොන්ග්ට හොදටම නින්ද ගිහින් කියලා තහවුරු කරගත්තාට පස්සේ එයාගේ රූම් එකට ගියා

.
WEDDING DAY💞

සතියකට පස්සේ කලින් සූදානම් කරගත්ත පරිදි ටේහ්‍යුන්ගෙයි චේයොන්ග්ගෙයි විවාහ සදහා මුලු මාලිගාවම සැරසුවා අද චේයොන්ග් රාජකීයෙක් විදියට නම් කරන දවස රාජකීයත්වය ඉස්මතු වෙන ආකාරයට මුලු මාලිගාවම සරසලා තිබුනා

ටේහ්‍යුන් Ballroom එකට චාරිත්‍ර සදහා ඇවිත් නොයිවසිල්ලෙන් බලාගෙන හිටියේ එයාගේ queen එනකම් කොල්ලා සැරින් සැරේ අස් කරකවමින් ballroom එකේ දොර දිහා බැලුවේ දැන් නැතුවට දැන් චේයොන්ග් මතු වෙයි කියන බලාපොරොත්තු හිතේ තියාගෙන

මද වෙලාවක් ගත වෙනකොට ballroom එකේ දොර ඇරෙන සද්දය එක්ක ටේහ්‍යුන්ගේ විතරක් නෙවෙයි ඇවිල්ලා හිටපු සියලු අමුත්තන්ගේ ඇස් හැරුනේ ballroom එකේ දොර දිහා

ජින්ගේ අතකින් අල්ලාගෙන රතු පලස මතින් බිම බලාගෙන හිමින් ඇවිදගෙන එන කෙල්ල දිහා ටේහ්‍යුන් බලාගෙන හිටියේ සමවැදිලා වගේ ඒ අතරේ ඇවිත් හිටිය අමුත්තන් අතරේ කසුකුසුවක් ඇති වුනේ චේයොන්ග්ගේ සුන්දරත්වය දැකලා සුදෝ සුදු ගවුමකින් සැරසිලා හිටපු කෙල්ල පෙනුනේ දිව්‍යලෝකයෙන් බැහැපු සුරංගනාවියක් වගේ ඇවිත් හිටපු අමුත්තෝ චේයොන්ග්ගේ සුන්දරත්වය වර්නනා කරනවා ඇහෙද්දී චේයොන්ග් එයාගේ කියලා හිතෙද්දී  ටේහ්‍යුන්ගේ හිතට දැනුනේ ආඩම්බරකාර හැගීමක්

(මයික් එකක් නැ හරිත..)

බිම බලාගෙන හිටපු කෙල්ල හිමින් ඔලුව උස්සලා ටේහ්‍යුන්ගේ දිහා බැලුවාම තමයි හිතුනේ අපරාදේ බැලුවේ කියලා යටි තොලත් හපාගෙන ඇස් අඩවන් කරගෙන කෙල්ලව එක කටට ගිලලා දාන්න වගේ ටේහ්‍යුන් බලාගෙන හිටියේ ඒ බැල්ම දැක්ක ගමන් චේයොන්ග්ගේ මුලු මූනම රතු වෙලා ගියේ චෙරි ගෙඩියක් වගේ

ජින් ටේහ්‍යුන්ට කෙල්ලව භාර දුන්නාම චේයොන්ග් ඇස් කොනින් කොල්ලා දිහා බැලුවා කෙල්ලගේ අත අල්ලාගෙන චේයොන්ග්ගේ කනට ලං වුනු ටේහ්‍යුන් මුමුනපු දෙයක් හින්දා කෙල්ල තවත් රතු වුනු

",You're so beautiful my queen මට දැන්ම ඔයාව bedroom එකට උස්සගෙන යන්න හිතයි.."

චේයොන්ග් කොල්ලාගේ උරහිසට ගහලා ටේහ්‍යුන්ගේ කනට ලං වුනා

" ඔයාට honeymoon එකට කියලා කරන්න දෙයක් ඉතුරු වෙලා නැ නේ ටේ මම දැනටමත් pregnant "

කෙල්ල එහෙම කියලා කොල්ලාගෙන් ඈත් වුනා ටේහ්‍යුන් කෙල්ලට ඇහැක් ගහලා චේයොන්ග්ගේ අතින් අල්ලාගෙන පඩිපෙළ නැගලා ගියේ චාරිත්‍ර ඉටු කරන්න ඇවිල්ල හිටපු සියලු දෙනා සාක්ෂි කරගෙන ඒ දෙන්නා විවාහ වුනා ඒ වගේ ම චේයොන්ග් රාජකීයෙක් විදියට නම් කලා ඇවිත් සිටින සියලු දෙනා සුභ පැතුම් එක් කරද්දී චේයොන්ග් හිනාවකින් සංග්‍රහ කලත් ටේහ්‍යුන් නම් ඔරවගෙන හිටියා ඒත් කොල්ලා හිත ඇතුලින් බ්‍රේක් ඩාන්ස් එකක් දාන ගමන් හිටියේ

" ඒකත් ජයසිරි මංගලම්...."

" මේකිට අපි රැජිනියනි කියලා ද ආමන්ත්‍රණය කරන්න ඕන මගේ කට ඇරෙන්නේ නැ නේ බන් එහෙම කියන්න "

මිනායා යුවි දෙන්නා කෑම වලට වැඩේ දෙන ගමන් කිව්වා

" මට තමයි බදින්න කොල්ලෙක් තියා බල්ලෙක්වත් නැත්තේ ඉහික් ඉහික් "

යුවි සෝජු බෝතලයක් හිස් කරලා කිව්වා

" එතකොට ජිමින් කියන්නේ මගේ කොල්ලා ද යකෝ "

" කැමති නම් තියාගනිම් "

" කාවද..?"

" මොකද සුනඛයෝ තොගේ කටහඬ නිරිතදිග මෝසම් සුලගට අහුවෙලා වගේ ගොරහැඩි වෙලා තියෙන්නේ "

" අංශක 180 ක් පිටිපස්සට හැරිලා බලපන් එතකොට තේරෙයි "

මිනායා එහෙම කියලා එතැනින් ගියේ පවුල් ප්‍රශ්න මැදිහත් වෙන්න අකමැති හින්දා යුවි පිටිපස්සට හැරුනාම දැක්කේ ඇහිබමකුත් උස්සගෙන තමන් දිහා බලාගෙන ඉන්න ජිමින්ව

" ජිමිනි..."

යුවි එහෙම කියාගෙන කොල්ලාගේ ඇගට පනින්න හදනකොට ජිමින් අඩියක් පිටිපස්සට වුනා

" මොකද අලේ....?"

" මොකද්ද දැන් තමුසේ ටිකකට කලින් කිව්වේ "

" මොකද්ද කිව්වේ මට මතක නැ නේ "

" කොල්ලෙක් තියා බල්ලෙක්වත් නැති කතාව ගැන අහන්නේ "

" අහ්...ඉතින් ඇත්ත නේ කිව්වේ මට ඉන්නේ වවුලෙක් නේ "

යුවි ජිමින්ගේ බෙල්ල වටේ අත් දෙකත් ඔතාගෙන කොල්ලාට ලං වෙලා කිව්වේ

" එතකොට තමුසෙත් වවුලියක් නේ "

ජිමින් කෙල්ලගේ ඉන වටේ අත් දෙක ඔතාගෙන කිව්වාම යුවි කොල්ලාට රැව්වා

" තමුසේ රවනකොට මාරම කියුට් ඕයි.."

කොල්ලා යුවිගේ නහය මිරිකලා කිව්වාම යුවි ජිමින්ගේ අතට ගැහුවා

" මෝඩයා..."

ජිමින් හිනා වුනාම යුවිටත් හිනා ගියා ලෝක යුද්ධයක් බලන්න බලාපොරොත්තුවෙන් හිටපු මිනායාගේ ඔක්කොම සිහින බලාගෙන ඉදිද්දීම බිමට සමතලා වුනේ කෙල්ලගේ මූන අහක බලාගෙන ගහපු කොත්තුවක් වගේ වෙද්දී

" සැක්.....මගේ සිහින සියල්ල බිදි ගියා "

මිනායා තොලත් පිට පෙරලගෙන මිමිනුවා

" මොකද බබා මේ.."

එතැනින් මතුවුනු ජන්කූක් කෙල්ලගේ කරට අතක් දාගෙන ඇහුවා මිනායා තොලත් පිට පෙරලගෙන කොල්ලා දිහා බැලුවා

" මම හිතුවේ ජිමින්ශි අපේ යුවියාව කන් දෙකෙන් බාල්කේ එල්ලයි කියලා "

" මොකක්...?"

" හ්ම්ම්ම්..."

" තමුසෙට හොදටම පිස්සු "

මිනායාගේ කම්බුලක් මිරිකපු කොල්ලා කිව්වා

" අද ද දන්නේ "

" නැ නැ හම්බුනු මුල්ම දවසෙම තේරුනා ට්‍රැක් අවුට් කෙල්ලෙක් කියලා "

" එහෙනම් මොකටද මාත් එක්ක ඉන්නේ "

" ඒ කෙල්ලට ආදරේ නිසා "

මිනායාගේ නලලට තමන්ගේ නලල තියාගත්ත ජන්කූක් එහෙම කිව්වාම කෙල්ලට හිනා ගියා

" පිස්සු කුක්කෙක් "

මිනායා හිනාවක් එක්ක කියද්දී ජන්කූක් කෙල්ලව ආදරෙන් තුරුල් කරගත්තා

උද්‍යානයේ පුරා පිපුනු මල් අතරේ චේයොන්ග් හිටියේ කාලෙකින් හිතට දැනුනු නිදහස විදිමින් හැමෝම ballroom එකට වෙලා ඉදිද්දී චේයොන්ග් එතැනින් උද්‍යානයට ආවේ ටිකක් තනියම ඉන්න ඕන කියලා හිතුනු හින්දා උද්‍යානය පුරා පිපිලා තිබුණු මල් දැක්කාම චේයොන්ග්ගේ දෙතොලතර සිහින් සිනාවක් මැවුනා

මද වෙලාවක් ගත වෙනකොට කෙල්ලට තේරුනා එයා කාගෙදෝ අත් දෙකත් අතරට හිර වුනු බව ඒත් කවුද කියලා දන්න නිසාම චේයොන්ග් ඒ කෙනාගේ ඇගට බර වුනා

" මොකද මෙතන කරන්නේ ම්ම්ම්..."

ටේහ්‍යුන් කෙල්ලගේ බෙල්ල පුරා wet kisses තබමින් ඇහුවා

" මුකුත් නැ "

කෙල්ල එයාගේ බද වටේ එතිලා තියෙන ටේහ්‍යුන්ගේ අත් මතින් එයාගේ අතක් තියන ගමන් කිව්වා

" මෙයා ඉක්මනට එයි නේද "

චේයොන්ග්ගේ මසක් වයසැති කුස මතින් අතක් තියලා පිරිමදින ගමන් ඇහුවා

" ම්ම්ම් යේ..."

" කුමාවෝ "

කොල්ලා එකපාරට එහෙම කිව්වාම චේයොන්ග් ටේහ්‍යුන්ගේ පැත්තට හැරුනා

" මොකටද...?"

" මට සමාවදුන්නාට මගේ වුනාට හැමදේකදීම අතහරින්නේ නැතුව ලගින් හිටියාට හැමදේටම "

ටේහ්‍යුන් කෙල්ලගේ කම්බුල් පිරිමදින ගමන් කිව්වා චේයොන්ග් හිනාවක් එක්ක එයාගේ කම්බුලක රැදිලා තිබුණු ටේහ්‍යුන්ගේ අතක් මතින් එයාගේ අතක් තිබ්බා

" කුමාවෝ මට ඔය හදවතින්ම ආදරේ කරනවාට.."

කොල්ලා චේයොන්ග්ගේ නලලට ආදරනීය හාදුවක් තැවරුවා ඒත් එක්කම සිහින් සුලගක් සමග රෝස මල් පෙති කඩාගෙන හැලුනේ ඔවුන්ගේ ආදරේට ආශිර්වාද කරන්න වගේ

හිත් රිදවීම්,පසුතැවීම්,සැනසීම්,සතුටුවීම් එක්ක ගලාගෙන ගිය ඔවුන්ගේ කතාවේ එක් පරිච්ඡේදයක් මෙසේ නිමා විය ඔවුන්ගේ ඉදිරි ජීවිත කතාව පුංචි ටේහ්‍යුන් එක්ක කරදර බාධක මැඩගනිමින් සතුට සැනසීම එක්ක ලියාවි............!

THE END

ඒකත් ඉවරයි

ඉතින් ගොඩක් කාලයක් අප්ඩේට් දෙන්න වුනේ නැති එකට මුලින්ම සමාව ඉල්ලනවා ස්කූල් එකේ ක්ලාස් වල වැඩ එක්ක බිසි වෙලා හිටපු නිසා අප්ඩේට් දෙන්න බැරි වුනේ

වෝට් කරලා කමෙන්ට් කරලා සහයෝගය දැක්වූ ඔබ සැමට හදපිරි ස්තූතිය මේ අවස්ථාවේ දී පුද කිරීමට කැමතියි අප්ඩේට් නැති වෙනකොට අප්ඩේට් නැද්ද අක්කියෝ කියලා මැසේජ් දාපු අයටත් ගොඩක් ස්තූතියි

එසේ නම් වැඩි කතා නැතුව ඕතර් යන්නම් මොකද ඕතර් අද ඉස්කෝලේ ගියෙත් නැ නෝට් ගොඩක් ලියන්න තියේ

හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න
MR.Kitty update එකක් ඉක්මනට දෙන්නේ නැ
බායි

Bạn đang đọc truyện trên: AzTruyen.Top