😈 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 23🩸
" කොහොමද බේබිගර්ල් "
ඒ කෙනා චේයොන්ග්ගේ කනට කරලා ගැඹුරු හඩකින් කියද්දී කෙල්ලගේ ඇස් පුදුමයෙන් ලොකු වුනා
" කන්ග් සෝ.."
චේයොන්ග් මිමිනුවා
" මාව එහෙනම් අදුරගත්තා "
කන්ග් සෝ කට කොනින් හිනාවක් එක්ක කිව්වා කෙල්ලගේ ඇස් නැවතිලා තිබුණේ වේදනාවෙන් ඉන්න ටේහ්‍යුන්ගේ ඇස් ලග මොකද්ද වෙන්න යන්නේ කියලා කෙල්ලට තේරුමක් නොතිබුනත් හැබැයි වෙන්න යන්නේ හොද දෙයක් නෙවෙයි කියලා කෙල්ලට දැනුනා මේ වෙලාවේ චේයොන්ග් වගේම ටේහ්‍යුන් දුර්වල වෙලා හිටියේ ටේහ්‍යුන්ට ශක්තිමත් වෙන්න නම් චේයොන්ග්ගේ ලේ අනිවාර්යයෙන් ඕන වෙනවා
" තමුන් මොකද්ද කරන්න හදන්නේ "
කෙල්ල කේන්තියෙන් ඇහුවේ කන්ග් සෝගේ අත් වලින් බේරෙන්න ට්‍රයි කරන ගමන්
" ඒක බලාගෙන ඉන්න බේබි.."
කන්ග් සෝ එහෙම කියන ගමන් චේයොන්ග්ගේ ඉනෙන් ඇල්ලුවා
" එයාව අල්ලන්න එපා.."
ටේහ්‍යුන් කේන්තියෙන් එහෙම කියාගෙන නැගිටින්න හැදුවත් ඒක කරන්න බැරි වුනේ කන්ග් සෝ එයාගේ මායා බලය කොල්ලාට විරුද්ධව භාවිත කරපු නිසා වේදනාත්මක කෙදිරිල්ලක් එක්ක ටේහ්‍යුන් එහෙම්ම බිම ඉන්දුනා
" ටේ..."
කෙල්ල කදුලු පිරි දෙනෙතින් ටේහ්‍යුන් දිහා බලාගෙන මිමිනුවා චේයොන්ග්ට කොල්ලා ලගට යන්න ඕන වුනේ
" බලන්නකෝ බේබි....මහ ලොකු වැම්පයර් අධිරාජ්‍යයා දුර්වලයෙක් වගේ වැටිලා ඉන්න හැටි.."
චේයොන්ග්ගේ කනට පහත් වෙලා කන්ග් සෝ මුමුනනකොට කෙල්ලට කේන්ති ගියා
" එයා දුර්වලයෙක් නෙවෙයි තමුසේ තමයි දුර්වලයා.."
කන්ග් සෝගේ කකුලට තදින් පහරක් එල්ල කරපු චේයොන්ග් කන්ග් සෝගෙන් ඈත් වෙලා කිව්වා
" ඒක නම් රිදුනා බේබි.."
කන්ග් සෝ දුකින් වගේ කියන ගමන් කෙල්ලට ලං වුනා චේයොන්ග් අඩියෙන් අඩිය පිටිපස්සට තිබ්බා
" චේගෙන් ඈත් වෙයන්.."
ටේහ්‍යුන් කිව්වේ ටික ටික කෙල්ලට ලං වෙන කන්ග් සෝට
" උබ...උබ හින්දා තමයි මෙච්චර කල් මට බලාගෙන ඉන්න ඕන වුනේ එදා උබ එතැනට ආවේ නැත්නම් මේ වෙනකොට චේයොන්ග් මගේ වෙලා එහෙනම් මට අද දවස වෙනුවෙන් මෙච්චර මහන්සි වෙන්න වෙන්නේ නැ "
කන්ග් සෝ ටේහ්‍යුන් දිහා බලාගෙන කියද්දී තමන්ට ලැබිලා තිබුණු අවධානය වෙනස් වෙලා කියලා තේරුනු චේයොන්ග් වටපිට බැලුවා
" උබට චේව එදා වගේම අදත් අයිති වෙන්නේ නැ යකෝ..."
ටේහ්‍යුන් කේන්තියෙන් කෑගහලා කියනකොට කන්ග් සෝ එයාගේ බලය ටේහ්‍යුන්ට යෙදෙව්වා කොල්ලා දැනෙන වේදනාවට හයියෙන් කෑගැහුවේ මුලු වනාන්තරය පුරාම රැව්දෙද්දී
" උබ කොච්චර මට වද දුන්නාත් ඇත්ත ඒක තමයි උබ බල තන්හාවට චේව ලං කරගන්න හැදුවාට ඒකෙන් වෙන්නේ උබ විනාස වෙන එක "
ඒත් එක්කම කන්ග් සෝට දැනුනේ එයාගේ ඇග වටේ මොනාහරි එතෙනවා වගේ ගසක මුල් වගයකින් කන්ග් සෝගේ කකුල් ඔතාගනිද්දී වැල් කිහිපයක් කන්ග් සෝගේ ඇග වටේ එතුනා ඒ අතරේ චේයොන්ග් කොල්ලා ලගට දුවගෙන ගිහින් එයාගේ ඇගට හේත්තු කරගත්තා
" අපිට වැඩි වෙලාවක් නැ ටේ..ඉක්මනට යන්.."
චේයොන්ග් කිව්වේ වෙනදා වගේ එයාගේ බලය ශක්තිමත් නැති නිසා ඒ වගේම කෙල්ලට දැනුනේ එයාගේ ඇග දුර්වල වෙනවා
" උබට වැඩිදුර යන්න ලැබෙන්නේ නැ "
කන්ග් සෝ කෑගැහුවේ එයාගේ ඇග වටේ එතිලා තියෙන වැල් වලින් බේරගන්න ට්‍රයි කරන ගමන් කෙල්ල ටේහ්‍යුන්ව එයාගේ ඇගට බර කරගෙන එතැනින් ගියා දෙන්නාට teleport වෙන්න තරම් බලයක් ඉතුරු වෙලා තිබුණේ නැ
" චේ...."
" අපි ඉක්මනට යන්...මුකුත් වෙන්නේ නැ "
ටේහ්‍යුන්ගේ වෙව්ලන කටහඬ ඇහුනාම කෙල්ල වේදනාවෙන් කිව්වා කොල්ලාට හරියට ඇවිදගන්නවත් පනක් තිබ්බේ නැ
" චේ....මාව දාලා යන්න... චේබල්... "
කොල්ලා ඇස් පියාගෙන සිහින් හඩකින් මිමිනුවා කෙල්ල මුකුත් නොකියා ටේහ්‍යුන් එක්ක වනාන්තරය මැදින් ඇවිදගෙන ගියා ටික දුරක් ගියාම හමුවුණු විශාල ගසක් ලග නැවතුනු කෙල්ල ටේහ්‍යුන් ගසට හේත්තු කලා විශාල මුල් නිසා මෙන්ම වටේම තිබුණු සාමාන්‍ය උසකට වැටුනු ගස් හේතුවෙන් ඔවුන්ව නොපෙනුනි
චේයොන්ග් ගසට ඔලුව බර කරගෙන ඇස් පියාගෙන ඉන්න ටේහ්‍යුන්ගේ කම්බුල් මතින් එයාගේ අත් තිබ්බා කොල්ලාගේ කම්බුල් අසාමාන්‍ය විදියට සීතල වෙලා තිබුනා ටේහ්‍යුන්ගේ මූන සුදුමැලි වෙලා තියෙනවා පුංචි කනාමැදිරි ආලෝකයෙන් කෙල්ල දැක්කා
" ටේ....ඇස් අරින්න.."
කෙල්ල ටේහ්‍යුන්ගේ කම්බුල් පිරිමදින ගමන් කිව්වා කොල්ලා චේයොන්ග්ගේ කීමට අවනත වෙලා අමාරුවෙන් ඇස් ඇරියා
" ඔයාට ලේ ඕනි නේද "
චේයොන්ග් අහද්දී කොල්ලා කෙල්ලගේ ඇස් මගහැරියා ටේහ්‍යුන්ට කොච්චර ලේ ඕන වුනත් කෙල්ලට රිද්දන්න බැරිකමට කොල්ලා ඉවසගෙන හිටියා
" ටේ...මගේ දිහා බලන්න "
කොල්ලාගේ මූන තමන්ගේ පැත්තට හරවගත්ත චේයොන්ග් ටේහ්‍යුන්ගේ සුදුමැලි වෙලා තියෙන තොල් මතින් හාදුවක් තැවරුවා
" මං ගැන බය වෙන්න එපා ටේ... අද ඔයා ඔහොම කලොත් මට සදහටම ඔයාව නැති වෙයි...චේබල් එහෙම කරන්න එපා "
චේයොන්ග් ඇස් වල කදුලු පුරවගෙන කිව්වා අද ටේහ්‍යුන්ට ලේ ලැබුනේ නැති වුනොත් අනිවාර්යයෙන් එයාට ජීවිතයෙන් සමුගන්න වෙනවා අනික ටේහ්‍යුන්ට එයාගේ මේට් වුනු චේයොන්ග්ගේ ලේ හැරෙන්න අනිත් අයගේ ලේ බොන්න බැ
" ඒත්......චේ..අපේ..."
ටේහ්‍යුන්ට ඊට වඩා මුකුත් කියන්න නොදී කෙල්ල ටේහ්‍යුන්ගේ තොල් වලට පෙක් එකක් දුන්නා චේයොන්ග්ගේ එක අතක් කොල්ලාගේ බෙල්ල පිටිපස්සට යවලා ටේහ්‍යුන් ඉස්සරහට ඇදලා ගත්තා
" චේ...."
කොල්ලා මත් වුනු හඩකින් කෙල්ලගේ නම මිමිනුවා චේයොන්ග්ගේ ලගින් එන රෝස මල් සුවද කොල්ලාට තදින්ම දැනුනා ටේහ්‍යුන් කෙල්ලගේ බෙල්ලේ මූන හංගගෙන හුස්මක් ගත්තේ ඒ සුවද තවත් විදින්න චේයොන්ග් කොල්ලාගේ කොන්ඩේ අතරේ අතැගිලි යවන ඇස් පියාගත්තා
ටේහ්‍යුන්ගේ තොල් කෙල්ලගේ බෙල්ල පුරා ගමන් කරද්දී චේයොන්ග් ඇස් පියාගෙන කොල්ලාගේ තොල් වල ස්පර්ශය වින්දා ඒත් වැඩි වෙලාවක් එහෙම දෙන්නාට ඉන්න බැරී වුනේ ඇහුනු ශබ්දයක් නිසා මෙතෙක් වෙලා ඇස් පියාගෙන හිටපු චේයොන්ග් ඇස් ඇරලා වටපිට බැලුවා අදුරු මායාවක සේයාව කෙල්ලට හොදටම දැනුනා
" ටේ.....අපි යන්.."
චේයොන්ග් කලබලයෙන් වටපිට බලන ගමන් කිව්වා ඒ නිසා කෙල්ලට ටේහ්‍යුන්ගේ අදුරු වෙලා තිබුණු ඇස් මගහැරුනා චේයොන්ග් කොල්ලාව නැගිට්ටගෙන අඩි දෙක තුනක්වත් ඉස්සරහට යන්න ලැබුනේ නැත්තේ ඉස්සරහින් මතු වුනු කෙනෙක් නිසා
කලු පැහැති ලෝගුවක් පැලදගෙන සිටි ඇගේ එක අතක ඇති යෂ්ටියේ උඩ කොටස මිනි ඔලුවක් තිබුනා ඇගේ මුහුන හරි ආකාරව නොපෙනුනේ කඩාගෙන හැලුනු දිග අලු පැහැති කොන්ඩය හේතුවෙනි හැබැයි චේයොන්ග්ට ටේහ්‍යුන්ට ඒ කවුද කියලා අදුරගන්න බැරී වුනේ නැ
" දෙන්නා දුර බැහැරක් යනවා වගේ "
" තමුන්....?"
මෙතෙක් කාලයක් සැගව සිටි අදුරු මායාවේ රැජින තමයි ඒ හිටියේ වැම්පයර්ලා විනාශ කරලා ඒ බලය උරාගෙන ශක්තිමත් වුනා බලය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න දෙපාරක් නොහිතන කෙනෙක් මුලු ලෝකයම යටත් කරගෙන ජීවත් වෙන්න හදන කෙනෙක් කිව්වොත් නිවැරදියි
" ඔහ්...මාව අදුරගත්තා මම හිතුවේ අමතක වෙලා ඇති කියලා "
නපුරු හිනාවක් සමග කිව්වාම චේයොන්ග් ඇහිබම ඇකිලුවා
" මුන් දෙන්නාව ඈත් කරපන් "
රැජිනගේ නපුරු මායාවෙන් මැවුනු මායා සෙබලු ටේහ්‍යුන් චේයොන්ග් දෙන්නා ඈත් කලා දෙන්නාම දුර්වල වෙලා හිටපු එක රැජිනට වාසියක් වුනා
" තමුන් මොනවද මේවා කරලා බලාපොරොත්තු වෙන්නේ "
චේයොන්ග් ඇහුවේ එයාව අල්ලාගෙන ඉන්න සෙබලුන්ගෙන් බේරෙන්න ට්‍රයි කරන ගමන් රැජින අත් දෙක දෙපැත්තට කරගෙන වියරුවෙන් වගේ හිනා වුනා
" බලය......අසීමිත බලය..... ඒත් චේයොන්ග් මට තමුන්ගෙන් ඕන වෙන දෙයක් "
" මොකද්ද "
" මගේ පුතාගෙයි තමුන්ගෙයි දරුවෙක් "
කෙල්ලගේ ඇස් ලොකු වුනේ එහෙම දෙයක් බලාපොරොත්තු නොවුනු නිසා චේයොන්ග් කෙලින්ම බැලුවේ ටේහ්‍යුන් දිහා කොල්ලා අත් මිට මොලවාගෙන හිටියේ ඒ ඇස් කියාගන්න බැරි තරම් අදුරු පැහැයට හැරිලා තිබුනා චේයොන්ග් ඒ ඇස් දැකලා බය වුනා
" තමුන්ගේ ඔන්නි ගැන දන්නවා ද චේයොන්ග් "
ආපහු රැජින කතා කරන්න පටන් ගත්තේ චේයොන්ග්ගේ අවධානය අරගනිමින් කෙල්ල ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියා කෙල්ලට එයාගේ ඔන්නි ගැන දැනගන්න ඕන වුනා ඒත් චේයොන්ග් මුකුත් නොකියා බලාගෙන හිටියා විතරයි
" ඔන්නි ගැන දැනගන්න ඕන වගේ "
චේයොන්ග්ගේ ඇස් දිහා තත්පර කිහිපයක් බලාගෙන හිටපු රැජින කිව්වා
" පාර්ක් ගායොන්ග්.....ආඩම්බරකාර කියන කිසිදෙයක් කනට අහන්නේ නැති මුරන්ඩු කෙල්ලෙක් මගෙන් හැංගිලා ගොඩක් කල් හිටියා ඒ කාලේ ගායොන්ග් මනුස්ස කොල්ලෙක්ට ආදරේ කරන්න පටන් ගත්තා කොච්චර ආදරේ ද කියනවා නම් එයා mate bond එක පවා අවිශ්වාස කලා ඒත් අන්තිමේ දී මොකද වුනේ දන්නවා ද ගායොන්ග් එයාගේ ඇත්ත කිව්වාම ඒ කොල්ලා ගායොන්ග් අතහැරියා හරිම දුකයි නේද "
දුක හිතෙන මූනක් එක්ක චේයොන්ග් දිහා බලාගෙන කිව්වා කෙල්ල ඇස් වල කදුලු පුරවගෙන කියන හැමදේම අහගෙන හිටියා
" ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගත්ත මම ඒ කොල්ලාව ආපහු ගායොන්ග් ලගට යැව්වා ඒ කොල්ලා වුනත් මම කියපු විදියට හැමදේම කලා හැබැයි අන්තිම තත්පරේ හැමදේම වෙනස් වුනේ කොල්ලා කලේ බොරුවක් කියලා ගායොන්ග් දැනගත්තා තමන් පන වගේ ආදරේ කරපු කෙනා තමන්ව රැවැට්ටුවා කියලා තේරුනාම කොච්චර දුක හිතෙන්න ඇති පව් අසරනී කලින්ම මම කියපු විදියට වැඩ කලා නම් ඔච්චර දුක් විදින්න වෙන්නේ නැ ගායොන්ග් ටික ටික දුර්වල වෙන්න ගත්තා ගමේ මිනිස්සු හිතාගෙන හිටියේ ගායොන්ග් කියන්නේ මනුස්සයෙක් කියලා ඒ නිසා ගායොන්ග්ට තියෙන ලෙඩේ මොකද්ද කියලා කාටවත් හොයාගන්න පුලුවන් වුනේ ගායොන්ග් දුර්වල වෙන දිහා මම සන්සුන්ව බලාගෙන හිටියා
දවසක් ගායොන්ග් ඇදගෙන වැටුනා කෙල්ලගේ නාඩි වැටෙන්නේ නැති නිසා මිනිස්සු හිතුවේ ගායොන්ග් මැරිලා කියලා ඒ නිසා අවසන් කටයුතු කරන්න ඒත් ගායොන්ග්ගේ ඇගේ උෂ්ණත්වය සාමාන්‍ය මනුස්සයෙක්ගේ වගේ තිබුණු නිසා මිනිස්සු සැක කලා ගායොන්ග් කියන්නේ වැම්පයර් කෙනෙක් කියලා ඒ නිසා........"
" ඇති....හොදටම ඇති.."
චේයොන්ග් කෑගැහුවේ එයා දැකපු හීනය ඇස් ඉදිරියේ මැවිලා පෙනෙද්දී කෙල්ල හැමදාම හීනෙන් දැක්කේ එයාගේ ඔන්නි මැරෙන විදිය කියලා හිතෙද්දී චේයොන්ග්ට ලොකු වේදනාවක් දැනුනේ කෙනෙක්ගේ බල තණ්හාව නිසා ගායොන්ග්ට ජීවිතය නැති වුනා ගායොන්ග්ට ආදරේ කරපු කොල්ලා ඇත්තටම ආදරේ කලා නම් ගායොන්ග් මොන වගේ කෙනෙක් වුනත් අත් හරින්නේ නැතුව තිබුනා
කෙල්ල ඉකි ගසමින් අඩන්න පටන් ගත්තේ රැජින මේ දිහා සතුටකින් බලාගෙන හිටියා කෙනෙක්ගේ දුක කදුලු දැකලා සතුටු වෙන තරම් දරුනු හිතක් තිබුණු කෙනෙක් තමයි ඉවොන් රැජින කියන්නේ
" වේ....එහෙම කලේ.... මගේ ඔන්නිට ඇයි එහෙම කලේ...තමුන්ගේ බල තණ්හාව නිසා කී දෙනෙක්ගේ ජීවිත නැති වෙන්න ඇති ද.. ඒ ගැන පොඩි හරි දුකක් පසුතැවිමක් නැද්ද.."
" මොකටද මම දුක් වෙන්නේ....? මම සතුටු වෙන්න ඕන මගේ බලය වැඩි වෙනවා.."
ඉවොන් කියද්දී කෙල්ල කේන්තියෙන් ඒ දිහා බලාගෙන ඉදියා
" ඔහ්.....බේබිගර්ල් මාව හිර කරලා පැනලා ආවා නේ "
එතැනින් එකපාරට මතුවුනු කන්ග් සෝ කියද්දී කෙල්ල රවාගෙන හිටියා
" බේබිගර්ල් ඔයා ගොඩක් මුරන්ඩුයි "
කන්ග් සෝ එහෙම කියන ගමන් චේයොන්ග්ගේ කම්බුලක් අල්ලන්න හැදුවත් කෙල්ල අහක බලාගත්තා
" කොච්චර අහක බලාගත්තත් තව ටිකකින් ඔය සේරම මගේ නේ "
කන්ග් සෝ එහෙම කිව්වාම ටේහ්‍යුන්ට තවත් එයාගේ කේන්තිය පාලනය කරගන්න පුලුවන් වුනේ නැ කොල්ලා තමන්ව අල්ලාගෙන හිටපු සෙබලුන්ට ගහලා කන්ග් සෝගේ බෙල්ලෙන් අල්ලගත්තා
" උබ කොහොමද යකෝ මගේ කෙල්ලට එහෙම කියන්නේ "
ටේහ්‍යුන්ගේ කේන්තිය පිරුනු කටහඬ වනාන්තරය පුරා රැව්දුන්නා ඒත් කන්ග් සෝ කලේ වියරුවෙන් වගේ හිනා වුනු එක
" උබ වගේ දුර්වලයෙක් මොනා කරන්න ද..?"
කන්ග් සෝ ටේහ්‍යුන්ව තමන්ගේ උපරිම ශක්තිය යොදවලා තල්ලු කරලා කිව්වා
" ටේ..."
කන්ග් සෝ ප්‍රහාර නිසා වගේම ටේහ්‍යුන්ට ලේ නොලැබුණු නිසා එයා දුර්වල වෙලා ඉන්නේ කියලා චේයොන්ග් දන්නවා කෙල්ලට මේ වෙලාවේ ඕන වුනේ ටේහ්‍යුන්ගේ ලගට යන්න ඒත් එක්කම කන්ග් සෝ එයාගේ මායා බලයෙන් ටේහ්‍යුන්ට පහර දුන්නේ කොල්ලා පපුව අල්ලාගෙන බිම වැටෙද්දී
" උබේ කතාව අදින් අවසන් වෙයි ටේහ්‍යුන් "
කන්ග් සෝ එහෙම කියලා අත දික් කලාම කඩුවක් මැව්නා චේයොන්ග් දැගලුවේ එයාව අල්ලාගෙන ඉන්න සෙබලුන්ගේ අත් වලින් බේරෙන්න ඉවොන් මේ දිහා ආඩම්බරය පිරුනු ඇස් වලින් බලාගෙන හිටියා කන්ග් සෝ කට කොනේ හිනාවක් සමග කඩුව ඉස්සුවේ ටේහ්‍යුන්ට අනින්න වුනත් ඒක කර ගන්න බැරි වුනේ කොහෙද ඉදලා පියාබගෙන ආපු සෝස්පන් එකක් ඔලුවේ වැදුනු හින්දා
To be continue..........😈
ගොඩ කාලෙකින් ඕතර් කතාව අරගෙන සම්ප්‍රාප්ත වුනා
ඉතින් කතාව සමග ඉවසීමෙන් රැදී සිටින ඔබ සැමට ස්තූතියි
පහල වම් පැත්තේ කොනේ තියෙන තරුව ඔබාගෙන යන්න අමතක කරන්න එපා
Bạn đang đọc truyện trên: AzTruyen.Top