😈 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 22🩸
දිනෙන් දින ගෙවි ගොස් අමාවක දින උදා වුනා ගෙවුණු දින කිහිපය චේයොන්ග්ට වෙහෙසකාරි දින කිහිපයක් බවට පත් වුනා දවසෙම ට්‍රේනින් නිසා මහන්සි වුනු කෙල්ලට රෑට රූම් එකට ගියත් හරි හැටි නින්දක් ලබන්න ලැබුනේ නැ කිව්වොත් හරි මොකද එයාගේ වවුල් රජා ඇවිත් අහිංසක කෙල්ලට වද දෙනවා නේ චේයොන්ග් ඕන දෙයක් කරගනින් කියලා හිතාගෙන පාඩුවේ ඉන්නවා
චේයොන්ග් ඇස් පියාගෙන ඇදේ එයාගේ එහා පැත්තේ අත අරගෙන ගියේ එයාට දැනුනු සුපුරුදු උනුසුම දැනුනේ නැති නිසා කෙල්ල ඉක්මනට ඇස් ඇරලා බැලුවාම ටේහ්‍යුන් ඇදේ තියා රූම් එක පැත්ත පලාතේ කොනකවත් හොයාගන්න හිටියේ නැ හරියට ටේහ්‍යුන් කියලා කෙනෙක් රූම් එකේ නොහිටිය හැඩයි
" කොහෙද මේ මෝඩ වවුල් රජා...."
කෙල්ල මිමිනුවේ රූම් එක පුරා ඇස් යවන ගමන් චේයොන්ග් පොරවගෙන හිටපු බ්ලැන්කට් එකත් අයින් කරලා ඇදෙන් බැහැලා බැල්කනිය පැත්තට ගියේ ඇහුනු සද්ද හින්දා එතකොට කෙල්ල දැක්කේ මාලිගාවේ ආරක්ෂා වෙනදාට වඩා වැඩි කරලා තියෙනවා
" අද තමයි දවස...."
චේයොන්ග් බර හුස්මක් පහත දාන ගමන් මිමිනුවා කෙල්ල අත්වැට තදින් අල්ලාගෙන කල්පනා කලේ අද මොනවා වෙයිද කියලා වෙන මොන දේ වුනත් ඒ දේ එතරම් හොද දෙයක් නෙවෙයි කියලා කෙල්ලට දැනුනා
වෙනදාට නිල් පැහැයෙන් සුන්දර වූ අහස අද යම්තාක් දුරට අදුරු වෙලා පරිසරය දීප්තිමත් හිරු කිරනෙන් ආලෝකමත් කරන හිරු අද මලානික වෙලා උදෑසන හිරු කිරන එක්ක පිබිදෙන මල් කැකුලු අද මලානිකව කඩා හැලිලා
කෙල්ල වේදනාවෙන් හුස්මක් පහත හෙලලා බාත් රූම් එකට ගිහින් වොෂ් එකක් දාගෙන පහලට ගියා චේයොන්ග්ගේ හිතට මහ බරක් දැනුනේ අද දවස ගැන හිතද්දී කෙල්ලගේ හිත නොසන්සුන් වුනා කෙල්ල පහලට ගියත් ටේහ්‍යුන් පේන්න හිටියේ නැ
" කාවද හොයන්නේ "
ඉස්සරහින් මතුවුනු මිනායා එකපාරට ගැස්සිලා ගියා කෙල්ල පපුවට අත තියාගෙන අඩියක් පිටිපස්සට ගියා
" මොනාද යකෝ කරන්නේ මාව මරන්න ද හදන්නේ "
චේයොන්ග් රවාගෙන ඇහුවාම මිනායා හිනා වුනා
" මිනා...ටේව දැක්ක ද..?"
කෙල්ල ඇහුවේ වටපිට බලන ගමන්
" අම්ම්ම්...උදේම කොහෙද යනවා දැක්කා.."
මිනායා වැඩිය ගානක් නොගෙන කිව්වාම චේයොන්ග් ලොකු කල්පනාවකට වැටුනා කෙල්ල ඇහැරෙන්නත් කලින් උදේම කොහෙද ටේහ්‍යුන් ගියේ කියන දේ චේයොන්ග්ට ප්‍රශ්නයක් වුනා
" ඔච්චර හිතන්න එපා චේ....එයා එයි..."
චේයොන්ග්ගේ මූන වෙනස් වෙනවා දැක්ක මිනායා කෙල්ලගේ පිටට තට්ටුවක් දාලා කිව්වා කෙල්ල ඔලුව වැනුවා
" ඒත් එයා මට නොකියා කොහෙවත් ගිහින් නැ මගේ හිතට අමුත්තක් දැනෙනවා මිනා.."
කෙල්ල කිව්වේ mansion එකට ඇතුලු වෙන main door එක දිහා බලාගෙන
" ඔයා හිතනවා වැඩියි චේ...ටේහ්‍යුන් කියන්නේ සාමාන්‍ය වැම්පයර් කෙනෙක් නෙවෙයි එයා තමයි වැම්පයර් කින්ග් ඒක අමතක කරන්න එපා "
මිනායා චේයොන්ග්ගේ හිත සනසන්න කිව්වා
" ඒත් අද දවස මොකද්ද කියලා අමතක වුනා ද මිනා "
චේයොන්ග් වේදනාවෙන් මිනායා දිහා බලාගෙන කිව්වා
" බය වෙන්න එපා චේ... මුකුත් වෙන්නේ නැ හැමදේම හොද විදියට විසදෙයි "
" මමත් එහෙම හිතනවා..."
කෙල්ල main door එක දිහා බලාගෙන මිමිනුවේ දැන් නැතුවට දැන් ටේහ්‍යුන් දොරෙන් මතු වෙයි කියලා හිතාගෙන මිනා චේයොන්ග්ගේ ඔලුව අතගාලා ඇතුලට ගියා
" කොහෙද ඉන්නේ ටේ..."
චේයොන්ග් මිමිනුවා කෙල්ල එතැන තිබුණු සෝෆා එකේ වාඩිවුනා කෙල්ල දවසෙම හිටියේ සෝෆා එකේ වාඩිවෙලා main door එක දිහා බලාගෙන ටේහ්‍යුන්ට කොච්චර කෝල් කලත් ටේහ්‍යුන් කෝල්ස් ආන්සර් නොකරපු හින්දා කෙල්ලගේ හිතේ බය වැඩි වුනා
" එයා...කොහෙද කියලා කවුරුවත් දන්නේ නැද්ද...ආ මොකටද එයාට එලියට යන්න දුන්නේ අයිෂ්......ඔක්කොම එකයි.."
කෙල්ල කේන්තියෙන් අතේ තිබුණු ෆෝන් එක පොලොවේ ගහලා කෑගැහුවේ හිතට දැනුනු බයත් නොසන්සුන්කමත් හින්දා
" චේ....ඔහොම කලබල වෙන්න එපා "
යුවි එහෙම කිව්වාම කෙල්ල යුවිගේ පැත්තට දැම්මේ මරාගෙන මැරෙන සයිස් බැල්මක් ඒ ඇස් කවදාවත් නැතුව තරහින් වේදනාවෙන් රතු වෙලා ඒ ඇස් දැක්ක යුවි බිම බලාගත්තේ ඒ එයාලගේ queen හින්දා
" කලබල නොවී ඉන්නේ කොහොමද තමුසෙලා ඔක්කොම කොහොමද ඔහොම සන්සුන්ව ඉන්නේ..."
චේයොන්ග් කෑගහලා කිව්වාම මහ හයියෙන් අකුනක් ගැහුවේ මිනායා කන් දෙකත් අත් දෙකෙන් වහගනිද්දී
" තව මොනාහරි කියන්න ගියොත් ඊලග අකුන තොගේ ඔලුවට තමයි "
මිනායා කිව්වේ චේයොන්ග් දිහා තාමත් බය වෙලා බලාගෙන ඉන්න යුවිට ඊලග තත්පරේ මුකුත් නොකියා චේයොන්ග් teleport වුනේ ඔක්කොම කම්ෆියුස් කරලා
" යාහ්හ්හ් පාර්ක් චේයොන්ග් "
මිනායා කෑගැහුවේ චේයොන්ග් එකපාරටම කොහෙටද අන්තරස්දාන වුනේ කියලා හිතාගන්න බැරුව
" අපි ඉක්මනට එයාව හොයාගන්න වෙයි ටේහ්‍යුන් එක්කම..."
මෙච්චර වෙලා නිශ්ශබදව හිටපු ජිමින් කිව්වේ හැමෝගෙම අවදානය එයාගේ පැත්තට අරගෙන
.
අහස උසට වැඩුණු රූස්ස ගස් වලින් පිරුණු මහා වනාන්තරයක් මැදින් චේයොන්ග් ඇවිදගෙන ගියේ ටේහ්‍යුන් මේ ලග පහතම ඉන්නවා කියලා දැනුනු හින්දා සද නැති අමාවක රාත්‍රිය එක් කලේ මූසල හැගීමක් කෙල්ලට ටේහ්‍යුන් දකිනකම් එයාගේ නොසන්සුන් හිත සන්සුන් වෙන්නේ නැති බව චේයොන්ග් හොදටම දන්නවා
" ඔයා කොහෙද ටේ....චේබල් මට උත්තර දෙන්න "
කෙල්ල රූස්ස ගසකට අතක් තබාගෙන කදුලු පිරුනු ඇස් වලින් මිමිනුවේ ටේහ්‍යුන්ගේ සේයාවක්වත් දකින්න නොලැබුණු නිසා මහ අදුරකින් පරිසරයම වෙලාගෙන තියෙද්දී පුංචි තරු කැටවත් අද අදුරු අහස ආලෝකමත් කරන්න හිටියේ නැ
චේයොන්ග් කොච්චර ටේහ්‍යුන්ට හිතින් කතා කලත් කෙල්ලට ටේහ්‍යුන්ගෙන් උත්තරයක් ලැබුනේ නැ ඒ හින්දා චේයොන්ග් තවත් බය වුනා කෙල්ල ගසකට හේත්තු වෙලා වටපිට බැලුවා
පේන තෙක්මානයක් පුරා විහිදිලා තිබුණු රූස්ස ගස් කෑලි වලට කැපිය හැකි ඝන අදුරකින් මුලු පරිසරයම වෙලාගෙන තිබුනා
" මම ඉක්මනට ඔයාව හොයාගන්නවා ටේ.."
කෙල්ල ගස් අල්ලමින් හිමින් වනාන්තරය මැදින් ඉදිරියට ඇවිදගෙන ගියා පුංචි පුංචි කනාමැදිරියෝ රෑනක් පියාබගෙන ආවේ මෙතෙක් වෙලා තිබූ ඝන අන්ධකාරය මදක් හෝ මැකෙද්දී චේයොන්ග්ගේ දෙතොලතර පුංචි හිනාවක් රැදුනා
කනාමැදිරියන් සමග චේයොන්ග් ගස් වල අතු එහෙ මෙහෙ කරමින් ඇවිදගෙන ගියා
" මේ ලග පහතම එයා ඉන්නවා "
චේයොන්ග් මිමිනුවා කෙල්ල ටේහ්‍යුන් දැකීමේ ආසාවෙන් ඉදිරියට ඇවිදගෙන ගියා කෙල්ල ටිකක් ඉදිරියට යනකොට දැක්කේ රූස්ස ගසක් යට වාඩිවෙලා සිටින පුද්ගලයෙක් ඔහුගේ මූන දැකීමට නොහැකි වූයේ ඔහු මූන කකුල් අතර සගවාගෙන සිටි නිසා
කෙල්ලගේ හිත කිව්වේ ඒ ඉන්නේ ටේහ්‍යුන් කියලා ඒ නිසා චේයොන්ග් සැකයක් එක්ක ඒ පුද්ගලයා ලගට කෙමෙන් කෙමෙන් ලං වුනා කෙල්ල ලං වෙලා බැලුවත් ඒ කවුද කියලා හිතාගන්න බැරි වුනේ නැ
" ටේ..."
ගවුමේ කොනක් අතේ තදින් ගුලි කරගත්ත චේයොන්ග් කොල්ලාගේ නම හිමින් මිමිනුවා වනාන්තරය පුරා හමාගෙන ගිය සිහින් සුලගට සෙලවෙන ගස් වල සද්දය හැරුනු කොට ඇහුනේ චේයොන්ග් හුස්ම ගන්න සද්දය පමනයි
ඒත් එක්කම ඒ පුද්ගලයා ඔලුව උස්සලා බලනකොට චේයොන්ග්ගේ ඇස් වල මෙතෙක් වෙලා පිරිලා තිබුණු කදුලු බිදු කම්බුල් දිගේ ගලාගෙන ගියා කෙල්ල ටේහ්‍යුන් ලගින් දනගහ ගෙන කොල්ලාගේ කම්බුල් මතින් අත් දෙක තිබ්බා
" ටේ...මොකද මේ..."
චේයොන්ග් කලබලයෙන් ඇහුවේ කොල්ලාගේ කම්බුල් සුදුමැලි වෙලා කියලා කනාමැදිරි එලියෙන් දැක්ක නිසා ඒ වගේම ටේහ්‍යුන්ගේ කම්බුල් අසාමාන්‍ය විදියට සීතල වෙලා තිබුනා
" චේ බේබි..."
ටේහ්‍යුන් අමාරුවෙන් වෙව්ලන හඩකින් කියද්දී චේයොන්ග් කොල්ලාගේ කම්බුල් පිරිමැද්දා
" ටේ මොකද මේ...මොකද වුනේ කියන්න උදේ ඉදලා කොහෙද හිටියේ "
" බේ..බි.... මෙතනින් යන්න..."
ටේහ්‍යුන් තමන්ගේ උපරිම ශක්තිය යොදවලා චේයොන්ග් පිටිපස්සට තල්ලු කලා මේ වෙලාවේ හිටියේ වෙනදාට ඉන්න ආඩම්බරකාර ශක්තිමත් රජතුමා නෙවෙයි තුවාල වුනු මුව පැටියෙක් වගේ ගසට හේත්තු වෙලා ටේහ්‍යුන් හිටියේ කොල්ලා මේ වෙලාවේ හිටියේ ගොඩක් දුර්වල වෙලා
" මම යන්නේ නැ "
චේයොන්ග් කේන්තිය පිරුණු හඩකින් එහෙම කියලා ටේහ්‍යුන් ලගට කිට්ටු වුනා
" අපි මාලිගාවට යමු ටේ..."
ටේහ්‍යුන්ගේ කම්බුල් වලට අත් දෙක තියපු චේයොන්ග් කොල්ලාගේ නලලට තමන්ගේ නලල තියාගත්තා කොල්ලා හිටියේ ඇස් පියාගෙන
" යන්න මැනික...."
" ඇයි මට යන්න කියන්නේ....? මෙච්චර අමාරුවෙන් ඉදිද්දී මට කියන්නේ මහ වනාන්තරයක් මැද තමුන්ව තනි කරලා දාලා යන්න කියලා ද කිම් ටේහ්‍යුන් "
චේයොන්ග් කොල්ලාගෙන් ටිකක් ඈත් කේන්තියෙන් කියද්දී ටේහ්‍යුන් අසරණ විදියට කෙල්ල දිහා බැලුවා ඒ ආඩම්බරකාර ඇස් වල කවදාවත් නැතුව ලොකු අසරණකමක් චේයොන්ග් දැක්කා ඒත් ඇයි කියන දේ කෙල්ලට ප්‍රශ්නයක් වුනා
" අහ්...."
නොහිතපු විදියට කවුරුහරි කෙල්ලගේ කොන්ඩෙන් පිටිපස්සට ඇදලා ගන්නකොට පුංචි කෙදිරිල්ලක් පිට වුනේ දැනුනු වේදනාවට
" කොහොමද බේබිගර්ල් "
ඒ කෙනා චේයොන්ග්ගේ කනට කරලා ගැඹුරු හඩකින් කියද්දී කෙල්ලගේ ඇස් පුදුමයෙන් ලොකු වුනා
To be continue..........😈
ගොඩ දවසකින් නේද
චැප්ටර් එක කොටයි කියලා දන්නවා ලමයි ඕතර් ඉස්කෝලේ යන හින්දා ටයිප් කරන්න වෙලාවක් නැ අද ඉස්කෝලේ ගිහින් ඇවිත් ටයිප් කරලා දුන්නේ ගොඩ දවසකින් අප්ඩේට් එකක් දෙන්න බැරි වුනු නිසා
Bạn đang đọc truyện trên: AzTruyen.Top