😈 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 21🩸
" මම එයාව train කරන්නම්..."
එහෙම කියාගෙන ටේහ්‍යුන් ආවාම චේයොන්ග් යටි තොලත් හපාගෙන අහක බලාගත්තේ දැන් සෙල්ලම් කරලා ඉවර හින්දා ටේහ්‍යුන් දැන් වැඩ කරන්නේ රජතුමා විදියට හින්දා දරුනුයි පොඩි වැරැද්දකට වුනත් කෑගහනවා කියලා චේයොන්ග් දන්නවා
ටේහ්‍යුන් අතින් සන් කරාම මේඩ්ස්ලා ඔක්කොම යන්න ගියා මිනායා බෙල්ල ලගින් ඇගිල්ලක් අරගෙන ගියේ උබ ඉවරයි කියන්න වගේ යුවි ඇහැක් ගහලා මිනායා ඇදගෙන යන්න ගියේ චේයොන්ග් රජතුමා එක්ක තනි කරලා
අත් දෙකත් කලිසමේ සාක්කුවට දාගෙන ටේහ්‍යුන් කෙල්ලගේ උඩ ඉදලා යටට බැලුවා
චේයොන්ග්ගේ ඇදුම දැක්ක ගමන් කොල්ලා කට ඇතුලේ දිව තෙරපන ගමන් බලාගෙන හිටියා ද කෙල්ලට ඒ බැල්ලම ඇල්ලුවේ නැති නිසා බිම බලාගත්තා ඒත් ඇස් කොනින් ටේහ්‍යුන් දිහා බලාගෙන හිටියා ටේහ්‍යුන් අඩියෙන් අඩිය ලං වෙනකොට කෙල්ල පිටිපස්සට ගියා ඒ නිසා ටේහ්‍යුන් කෙල්ලගේ අතින් ඇදලා ගත්ත පාර චේයොන්ග්ගේ ඔලුව කොල්ලාගේ පපුවේ වැදුනා කෙල්ල ඔලුව උස්සලා බැලුවා ඒත් කෙල්ලට හිතුනේ අපරාදේ බැලුවේ කියලා
කෙල්ලගේ ඉන වටේ අතක් යවලා තදින් අල්ලගත්ත ටේහ්‍යුන් teleport වුනා චේයොන්ග් ඇස් ඇරලා බැලුවේ එයාලා ඉන්නේ කොහෙද කියලා කෙල්ලට වැඩි වෙලාවක් නොගිහින් තේරුනේ එයා ඉන්නේ මාලිගාවේ කියලා
" ටේ......."
ටේහ්‍යුන්ගේ තොල් තමන්ගේ නිර්මාණය වුනු උරහිස් මත ගමන් කරද්දී කෙල්ල සිහින් කෙදිරිල්ලක් වගේ මිමිනුවා
" අදින්න වෙන ඇදුමක් තිබුනෙම නැද්ද ම්ම්ම්.."
චේයොන්ග්ගේ කන් පෙති හපන ගමන් ගැඹුරු හඩකින් අහද්දී කෙල්ලගේ මුලු ඇගම සීතල වෙලා යනවා වගේ දැනුනේ
" ටේ....අහ්...එපාහ්...."
කෙල්ලගේ බෙල්ලේ සියුම් තැන් හපද්දී ටේහ්‍යුන්ගේ අතක් තද කරලා අල්ලාගත්තා කොල්ලා ඇති වෙනකම් චේයොන්ග්ගේ බෙල්ල සිපගෙන ඈත් වුනා කෙල්ලට බෙල්ලෙන් වේදනාවක් දැනුනු හින්දා චේයොන්ග් බෙල්ල අල්ලාගෙන කොල්ලාගේ පැත්තට හැරුනා එයාට දැන් mirror එකෙන් බලන්න ඕන වුනා
" ආපහු ඔහොම ඇදුම් ඇන්දොත් මුලු ඇගේම hickeys තියනවා ආපහු කොටට අදින්න බැරි වෙන්නම..."
චේයොන්ග් මුකුත් නොකියා ඔව් කියන්න ඔලුව වැනුවා විතරයි කෙල්ල දිහා බලාගෙන කට කොනින් හිනා වුනු ටේහ්‍යුන් අත්පුඩියක් ගැහුවාම දොර ඇරගෙන මාලිගාවේ වැඩ කරන තරණ සර්වන්ට් ගර්ල්ස්ලා කිහිප දෙනෙක් ආවා ඔවුන් රැජිනටත් රජුටත් ආචාර කලා
" රැජිනව එක්කගෙන ගිහින් පුහුණුවීම් වලට සූදානම් කරන්න "
ටේහ්‍යුන් ගැඹුරු හඩකින් කියද්දී කෙල්ල නම් බලාගෙන හිටියේ තොලත් පිට පෙරලගෙන
" එහෙමයි උතුමානනි..."
ඒ ගෑනු ලමයි එහෙම කිව්වාම රජතුමා එයාගේ ඉස්සරහ තොල පිට පෙරලගෙන බලාගෙන ඉන්න කෙල්ලට ඇස් වලින් යන්න කියලා කිව්වා ඒත් චේයොන්ග්ගේ යන්න වැඩි කැමැත්තක් නැති බව තේරුනු ටේහ්‍යුන් කෙල්ල අනිත් පැත්ත හරවලා ඉස්සරහට තල්ලු කලා ඒ හින්දා චේයොන්ග් සර්වන්ට් ගර්ල්ස්ලා එක්ක ගියා
චේයොන්ග් සර්වන්ට් ගර්ල් කෙනෙක් පෙන්නපු රූම් එකක් ඇතුලට ගියා ඒ රූම් එක ඇතුලේ විවිධ වර්ගේ රාජකීය ඇදුම් පැලදුම් තිබුනා කෙල්ල ඒ කිසිදෙයක් නොබලා mirror එක ඉස්සරහට ගිහින් අත අයින් කරලා බැලුවා කෙල්ල බෙල්ලේ තියෙන රතුදම් පැහැති hickeys දිහා බලාගෙන හුස්මක් පහත දැම්මා ඒ වගේම දත් පාරකුත් චේයොන්ග්ගේ බෙල්ලේ තිබුනා
" අයිෂ්.......මේ නපුරු වවුල් රජා මගේ බෙල්ල කාලා....වවුලෙක් නෙවෙයි කොටියෙක් කාලා වගේ වවුල් ජානයි කොටි ජානයි මිශ්‍ර වෙලා හැදුනු පිටසක්වල ජීවියෙක් ද කොහෙද...? අටපට්ටමට දාන්න තියෙන්නේ "
කෙල්ල mirror එකෙන් පේන තමන්ගේ ප්‍රතිබිම්බය දිහා බලාගෙන මිමිනුවා ඒ අතරේ කෙල්ලට ඇහුනේ සිහින් සිනා හඩක් චේයොන්ග් හැරෙන්නේ නැතුව mirror එක දිහා බලාගෙන ඉන්නකොට දැක්කේ තරණ සර්වන්ට් ගර්ල්ස්ලා කිහිප දෙනා තමන් දිහා හොරහින් බලන ගමන් හිනා වෙනවා චේයොන්ග්ට එයාලා හිනා වෙන්නේ ඇයි කියලා අමුතුවෙන් හිතන්න දෙයක් තිබුණේ නැ
" මොකද හිනා වෙන්නේ...?"
චේයොන්ග් රවාගෙන එකපාරට ඇහුවාම ඒ කෙල්ලෝ ටික බය වුනා
" සමාවෙන්න රැජිනියනි..."
එක ගර්ල් කෙනෙක් බයෙන් බිම බලාගෙන කියද්දී චේයොන්ග් හුස්මක් පහත හෙලුවා
" ම්ම්ම්.....ඇදුම් ටික තියලා එලියට යන්න "
කෙල්ල කිව්වාම චේයොන්ග් අදින්න ඕන ඇදුම් ඔක්කොම පිලිවෙලට තියලා ගියා කෙල්ල එයාට අදින්න තියලා තිබුණු දිග ගවුම දිහාත් high heels දිහා බලාගෙන හිටියේ අද නම් ෂුවර් එකට කොන්ද කඩාගන්න වෙයි කියලා හිතුනු නිසා
විනාඩි 30 ට විතර පසුව චේයොන්ග් long frock එකත් ඇදගෙන high heels දාගෙන රූම් එකේ දොර ඇරගෙන එලියට ගියා කොන්ඩේ කඩලා දාලා හිටපු චේයොන්ග් ගවුම උස්සගෙන අමාරුවෙන් අඩිය තියන ගමන් ඇවිදගෙන ගියේ ballroom එකට
Ballroom එකේ ටේහ්‍යුන් ඇරෙන්න වෙන කවුරුවත් හිටියේ නැ චේයොන්ග් ඇතුලට ගියාට පස්සේ සර්වන්ට්ලා දොර වහලා දැම්මා කෙල්ල ගවුමත් අල්ලාගෙන තමන්ගේ පැත්තට එන දිහා ටේහ්‍යුන් බලාගෙන හිටියේ වශි වෙලා වගේ කෙල්ලගේ ලස්සන ඒ ඇදුමට කැපිලා පෙනුනා වැඩි වෙලාවක් ටේහ්‍යුන්ට කෙල්ලගේ ලස්සන රසවිදින්න බැරි වුනේ චේයොන්ග් වැටෙන්න ගියපු හින්දා චේයොන්ග් වැටෙන්න කලින් ඉක්මන් වුනු කොල්ලා කෙල්ලගේ බද වටේ අතක් යවලා අල්ලගත්තා
" wedding එක දවසටත් ඔහොම වැටෙන්න තියාගන්න එපා "
ටේහ්‍යුන් කෙල්ලව කෙලින් කරලා චේයොන්ග්ගේ නිකටෙන් අල්ලලා කිව්වා
" ඔයා සාමාන්‍ය කෙනෙක් නෙවෙයි එක අමතක කරන්න එපා චේ...අපි දිහා බලාගෙන ගොඩක් අය ඉන්නවා ඒ අයගෙන් බොහෝ දෙනෙක් ඉන්නේ පුංචි වැරැද්දක් වුනත් ලොකු කරලා පෙන්නලා අගෞරව කරන්න එදාටත් මේ වගේ වැටුනොත් ඒ අය කියයි vimpire queen ට හරියට කෙලින් ඇවිදින්නවත් බැ කියලා මම එහෙම දේවල් අහන්න කැමති කෙනෙක් නෙවෙයි ඒ හින්දා ඔයා ඇවිදින විදියේ ඉදලා හැමදේම perfect වෙන්න ඕන මේක විහිලුවක් නෙවෙයි.."
කොල්ලා කියාගෙන යද්දී චේයොන්ග් ඒ හැම වචනයක්ම අවධානයෙන් අහගෙන හිටියා ටේහ්‍යුන් කතාව අවසන් කරලා කෙල්ලගේ කම්බුලට පෙක් එකක් දුන්නේ චේයොන්ග්ගේ දෙතොලතරට ආදරනීය සිනාවක් එක් කරලා
" කෝ එන්න...."
ටේහ්‍යුන් කෙල්ලගේ අතින් අල්ලාගෙන ballroom එකේ කොනට එක්කගෙන ගියා ඊට පස්සේ කෙල්ලගේ ඔලුව මතින් කුඩා වීදුරු බදුනක් තැබුවා
" මේ ඉර දිගේ කෙලින් ඇවිදගෙන යන්න...හැබැයි ඔලුව උඩ තියෙන වීදුරු භාජනේ බිම වැටෙන්න බැ "
චේයොන්ග් හොද හුස්මක් අරගෙන දකුණු කකුල පෙරට තියන්න හදලා ආපහු වම් කකුල පෙරට තිබ්බේ මෙච්චර දවසක් දකුණු කකුල පෙරට තබා ගිහින් හොදක් වෙලා නැති නිසා
සලාංංංං...
අඩි තුනක් යනකොට වීදුරු බදුන බිම වැටිලා කුඩු වෙලා ගියේ ballroom එක පුරා පැතිරිලා තිබුණු දැඩි නිශ්ශබ්බදතාවය හේතුවෙන් වීදුරුව කුඩු වුනු සද්දය රැව් දෙද්දී
" ආපහු එන්න..."
ටේහ්‍යුන් කිව්වාම කෙල්ල ආපහු හිටපු තැනට ගිහින් හිට ගත්තාම කොල්ලා චේයොන්ග්ගේ ඔලුව උඩින් වීදුරු බදුනක් තැබුවා ඊලගට ගෙවුණු පැය කිහිපය පුරාවටම ඇහුනේ වීදුරු බිදෙන සද්දේ, ටේහ්‍යුන් කෙල්ලට බනිනන සද්දේ චේයොන්ග්ගේ හීල්ස් පොලොවේ ගැටෙන සද්ද විතරයි
දවස පුරා ballroom එකේ heels දාගෙන ඒ කොනටයි මේ කොනටයි ඇවිදලාම කෙල්ලගේ කකුල් තුවාල වෙලා තිබුනා high heels දාගෙන ඇවිදපු හින්දා කෙල්ලගේ විලුඹ රිදෙන්න ගත්තා දවස අවසානයේ ටේහ්‍යුන් කෙල්ලට යන්න කිව්වේ චේයොන්ග්ට මහන්සියි කියලා දන්න හින්දාම වගේම එයාට තව කරන්න වැඩ ගොඩක් ඉතුරු වෙලා තිබුණු හින්දා
චේයොන්ග් heels අතේ අරගෙන ඇවිත් රූම් එකේ දොර හයියෙන් වහලා දාලා ඇතුලින් ලොක් කලා අතේ තිබුණු heels දෙකත් රූම් එකේ කොනකට විසි කරලා ඇද ලග බිමින් එහෙම්ම වාඩිවුනා කෙල්ල කකුල් අතගාන්න ගත්තේ දැනුනු වේදනාව නිසා
ටික වෙලාවක් එහෙම්ම ඉදලා ඇදගෙන හිටපු ගවුමත් ගලවලා දාලා සම්පූර්ණයෙන් නිරුවත්ව බාත් රූම් එකට ගියා බාත් ටබ් එකේ හොට් වෝටර් පුරවලා තිබුණු නිසා චේයොන්ග් බාත් ටබ් එකට බැහැලා ඇස් පියාගත්තා ඇගෙන් දැනෙන මහන්සියට හොට් වෝටර් කෙල්ලට සහනයක් ගෙනාවා
පැයක් විතර බාත් රූම් එකේ හිටිය කෙල්ල බාත් රොබ් එක ඇදගෙන එලියට ආවා ඒත් එක්කම රූම් එකේ ජනේලයක් ඇරිලා තද සුලගක් හමාගෙන ආවා චේයොන්ග් ඒ පැත්තට ඇවිදගෙන ගියේ හිතට අමුත්තක් දැනෙද්දී කෙල්ල බැල්කනියේ දොර ඇරගෙන බැල්කනියට ගිහින් අත්වැට තදින් අල්ලාගෙන වටපිටාව හොදට නිරීක්ෂණය කලා
කෙල්ලට නපුරක සේයාවක් දැනුනා වෙනදාට වඩා පරිසරයේ ලොකු නොසන්සුන්කමක් තිබුනා අමාවක දිනට ටිකෙන් ටික ලං වෙන නිසා කෙල්ල හිටියෙත් හිතේ දෙගිඩියාවෙන් ඒත් එක්කම පියාබගෙන ආපු බකමූනෙක් අත්වැට උඩ වාඩිවුනාම චේයොන්ග් ඒ පැත්තට බැලුවා
" ම්ම්ම්....මේ ඔයා ද...?"
චේයොන්ග් සැකයකින් වගේ එහෙම ඇහුවේ එදා එයා එක්ක කතා කරපු බකමූනා ද කියලා විශ්වාස නැති හින්දා
" මාව අදුරගත්තා..."
බකමූනා එහෙම කියද්දී චේයොන්ග් හිනා වුනා
" එදා කියපු දේවල් වල තේරුම දැන් තමයි හරියටම තේරෙන්නේ "
චේයොන්ග් අහස දිහා බලාගෙන කිව්වා
" තාම පටන් ගත්තේ නැ චේ...ඉදිරියට එන්න තියෙන කුනාටුවට මුහුන දෙන්න ඔයාට ශක්තිමත් වෙන්න ඕන කුනාටුවෙන් දුර්වල ගස් කඩාගෙන වැටෙනවා ශක්තිමත් රූස්ස ගස් ඒ විදියටම පවතිනවා ඔයා ශක්තිමත් රූස්ස ගසක් වෙන්න ඕන නැත්නම් වැම්පයර් රාජ්‍යයම විනාස වෙයි.."
බකමූනා එහෙම කියද්දී චේයොන්ග් හුස්මක් පහත හෙලුවා
" මට ඒක දැනුනා...."
" මොනා දේ වුනත් ශක්තිමත්ව මුහුන දෙන්න චේ...ඔයා කඩාගෙන වැටුනා කියන්නේ රජතුමාත් දුර්වල වෙනවා ඔයා තමයි රජතුමාගේ ශක්තිය..ඒ බව අමතක කරන්න එපා "
එහෙම කියපු බකමූනා තවත් මුකුත් නොකියා ඈතට පියාබලා ගියා
" මම දන්නවා "
බකමූනා පියාබගෙන යන දිහා බලාගෙන හිටපු චේයොන්ග් හිමින් මිමිනුවා කෙල්ල එහෙම්ම බැල්කනියට වෙලා ලොකු කල්පනාවක හිටියේ එයා තේරුනේ නැ එයා දිහා කන්න වගේ කෙනෙක් බලාගෙන ඉන්නවා කියලා කොට බාත් රොබ් එක හින්දා චේයොන්ග්ගේ කලවා සැලකිය යුතු ප්‍රමාණයක් නිරාවරණය වෙලා තිබුනා එයාගේ රූම් එකට කවුරුවත් අවසරයක් නැතුව එන්නේ නැති බව දන්න නිසා කෙල්ලට ඒක ප්‍රශ්නයක් වුනේ නැ හැබැයි චේයොන්ග්ට එක දෙයක් අමතක වුනා එයාගේ රූම් එකට අවසර නැතුවත් එක් කෙනෙක්ට එන්න පුලුවන් කියලා
ටික වෙලාවකින් චේයොන්ග්ට දැනුනේ ශක්තිමත් අත් දෙකක් එයාගේ ඉන වටේ එතෙනවා කෙල්ල ඒ කවුද කියලා දන්න හින්දාම දගලන්නේ නැතුව එහෙම්ම හිටියා
" ම්ම්ම්...සුවදයි..."
චේයොන්ග්ගේ බෙල්ල අස්සේ මූන හංගගෙන හුස්මක් ගන්න ගමන් හස්කි වොයිස් එකකින් කිව්වාම කෙල්ලට දැනුනේ එයාගේ ඇග පුරාම සමනල්ලු තටු ගහනවා වගේ ෆීලින් එකක්
" මොකද මේ..."
කෙල්ලගේ බෙල්ලේ පාමුල නහය අතුල්ලන ටේහ්‍යුන්ගේ කොන්ඩේ අතරේ අතැගිලි යවන ගමන් ඇහුවා
" මම ගොඩක් කෑගැහුවා නේද...?"
චේයොන්ග්ගේ මූන දිහා බලලා දුකින් වගේ අහද්දී කෙල්ලට පොඩි හිනාවක් ගියා
" ඒකට කමක් නැ "
කෙල්ල බෙල්ල හරවලා ටේහ්‍යුන් දිහා බලලා කිව්වා
" ඒත්....?"
" මම කමක් නැ කිව්වා නේ ඒ ගැන හිතන්න එපා "
ටේහ්‍යුන් කෙල්ලගේ ඉන වටේ එතිලා තිබුණු එයාගේ අත් තද කරලා තවත් කෙල්ලව එයාගේ ඇගට තද කරගත්තා
" සරන්හේ...."
" නා අරා "
ටේහ්‍යුන් ආදරෙයි කිව්වාම චේයොන්ග් එයාගේ ඉදිරියේ පේන්න තියෙන රූස්ස ගස් වලින් පිරුනු මහා වනාන්තරය දිහා බලාගෙන කිව්වා
" මට ආදරෙයි කියන්න බැරි ද..?"
ටේහ්‍යුන් කේන්තියෙන් වගේ අහද්දී කෙල්ලට පොඩි හිනාවක් ගියේ ඉබේටම වගේ
" නා නෝමු නෝමු සරන්හේ..."
චේයොන්ග් කොල්ලාගේ පැත්තට හැරිලා ටේහ්‍යුන්ගේ තොල් වලට පෙක් එකක් දීලා කිව්වා කොල්ලා මුකුත් නොකියා බලාගෙන හිටියේ චේයොන්ග්ගේ ලා රෝස පැහැති තොල් දිහා ටේහ්‍යුන්ගේ බැල්මෙන් චේයොන්ග්ට තේරුනා කොල්ලාට මොනාද ඕන වෙලා තියෙන්නේ කියලා
" වැම්පයර් කින්ග්ට මගෙන් මොනාහරි ඕන වෙලා වගේ "
කෙල්ල එහෙම කියද්දී ටේහ්‍යුන් කට කොනින් හිනා වෙලා චේයොන්ග්ගේ තොල් වලට බර වුනා ටේහ්‍යුන්ගේ තොල් කෙල්ලගේ තොල් එක්ක සෙල්ලම් කරන්න පටන් ගත්තේ චේයොන්ග් ඇස් ඉබේම ඒ පහසට අවනත වෙමින් පියවෙද්දී
ටේහ්‍යුන් ටිකකින් කෙල්ලගේ තොල් වලින් ඈත් වෙලා ඒ සිනිදු තොල් පෙති මතින් දිව එහෙ මෙහෙ අරගෙන ගියා කොල්ලාට ඕන මොකද්ද කියලා තේරුනු චේයොන්ග් තමන්ගේ තොල් පෙති ඈත් කරලා කොල්ලාට අවසර දුන්නා සිපගැනීම අතරතුරේම කෙල්ලව වඩාගෙන රූම් එකට ආවේ කකුලින් බැල්කනියේ දොර වහගෙන
චේයොන්ග් පරිස්සමින් ඇදෙන් හාන්සි කරපු කොල්ලා තොල් වලින් ඈත් වෙලා කෙල්ලගේ බාත් රොබ් එකේ පටිය ගලවලා විසි කලා චේයොන්ග්ගේ ඇස් දිහා බලාගෙනම කෙල්ලගේ ඇගෙන් බාත් රොබ් එක ගලවලා අයින් කරපු ටේහ්‍යුන් නැවතත් කෙල්ලගේ තොල් අල්ලගත්තේ අනුරාගි හෝරා කිහිපයකට ආදරයෙන් ආරාධනා කරමින්
To be continue..........😈
කටවල් ඇරගෙන බලාගෙන හිටියට ඔච්චර තමයි ඉතින්
ලබන සතියේ ඉදලා ස්කූල් පටන් ගන්න හින්දා අප්ඩේට් දෙන්න බැරි වෙයි පුලුවන් වෙලාවට දෙන්න බලන්නම්
Bạn đang đọc truyện trên: AzTruyen.Top