😈 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 18🩸
අදුරෙන් වැහිලා තිබුණු කාමරයේ මදක් හෝ අදුර මැකුවේ ජනෙල් තිර අතරින් ගලාගෙන ආ සද කිරන නිසා කාමරය පුරා පැතිරිලා තිබුණේ දැඩි නිශ්ශබ්බදතාවයක් ඒ නිසාම කාමරය තුලට ඇවිදගෙන එන පුද්ගලයාගේ අඩි සද්දය හොදින්ම ඇසුනා
" ඔම්මා...."
ඒ පැමිනි තරුනයා එසේ කතා කරද්දී මෙතෙක් වෙලා සද දිහා බලාගෙන ඉදපු මැදි වයසේ කාන්තාවක් කටහඬ ඇහුනු පැත්තට හැරුනා
" ආවා ද...?"
" යේ..ඔම්මා.."
මැදි වයසේ කාන්තාව තම පුතු ලගට පැමින හිට ගත්තා
" දැන් අපේ වැඩ වල තත්ත්වය කොහොමද..?"
" රැජින මං ටික ටික ලං වෙනවා ඔම්මා ඒ වගේම ඔම්මා රැජිනයි රජතුමායි අතරේ හොද සම්බන්ධතාවයක් නැ මට තේරුනු විදියට රැජින රජතුමාව reject කරනවා ඒක අපිට වාසියක්.."
තරුනයා කට කොනින් හිනාවක් සමග තම මවට පැවසුවා
" කොහොමහරි රැජින තමුන්ගේ පැත්තට නම්ම ගන්නවා නැත්නම් අපේ හැම plan එකක්ම විනාස වෙලා යනවා ඒ වගේම තමුන්ට කවදාවත් රජ වෙන්න ලැබෙන එකක් නැ "
මැදි වයසේ කාන්තාව පැවසුවේ අනතුරු ඇගවීමක් වගේ
" මම දන්නවා ඔම්මා කරන්න ඕන දේ හැමදේම අපිට ඕන විදියට වෙයි රැජින මගේ වුනාම රජතුමා නිකන්ම කඩාගෙන වැටෙනවා "
" සති තුනකින් අමාවක උදා වෙනවා මේ අමාවක රාත්‍රියේ දී කොහොමහරි රැජිනගේ බලය ලබාගන්න ඕන අමාවක දිනට රජතුමා දුර්වල වෙන නිසා වැඩේ තවත් ලේසියි අමාවක රාත්‍රිය කියන්නේ අදුරු මායාවේ රාත්‍රිය.."
මැදි වයසේ කාන්තාව එසේ පවසා වියරුවෙන් වගේ සිනාසෙන්නට විය ඒ දෙස බලාගෙන සිටි තරුනයාත් තම මව සමග එකතු වී සිනාසුනා
________________________
මේ අතරේ mansion එකේ living room එකට වෙලා මිනාකුක් දෙන්නා පෙම් සුව විදිනවා ඒ දෙන්නා තව තුන් දෙනෙක් මේ දිහා බලාගෙන ඉන්නවා කියලා ගානක් නැ ටේහ්‍යුන් නම් බලාගෙන හිටියේ චේයොන්ග් දිහා කෙල්ලගේ සැරින් සැරේ වෙනස් වෙන හැසිරීම් දිහා බලාගෙන ඉන්නකොට කොල්ලාට නොදැනීම හිනාවක් ගියා චේයොන්ග්ට එයා දිහා ටේහ්‍යුන් බලාගෙන ඉන්නේ කියලා දැනුනු නිසා කෙල්ල ඒ පැත්ත නොබලා යුවියා එක්ක කතාවක හිටියේ
ටික වෙලාවකින් ජිමින් යුවියා එක්කගෙන ගියාම චේයොන්ග්ට ඉබේටම වගේ ටේහ්‍යුන් දිහා බැලුනා කොල්ලා තාමත් චේයොන්ග් දිහා බලාගෙන හිටියා එකපාරට චේයොන්ග් එයා දිහා බලපු හින්දා ගැස්සිලා ගියා කොල්ලාගේ අතේ තිබුණු වතුර වීදුරුව ඇගේ හලා ගත්තා චේයොන්ග්ට ඒක දැක්කාම එකපාරට හිනාවක් ගියා ඒත් එක්කම ටේහ්‍යුන් එයා දිහා බලනවා කියලා දැක්කාම කෙල්ල හිනාව හංගගෙන එතැනින් නැගිටලා ගියා
ටේහ්‍යුන් නැගිටලා චේයොන්ග්ගේ පස්සෙන් ගියා කෙල්ලට දැනුනා ටේහ්‍යුන් පස්සෙන් එනවා කියලා චේයොන්ග් ගියේ Mansion එකේ තිබුණු garden එකට කෙල්ල ඇවිදගෙන ගිහින් එකපාරට පිටිපස්ස හැරුණේ ටේහ්‍යුන් කම්ෆියුස් කරලා කොල්ලා වටපිට බලනවා ඉවරයක් නැ චේයොන්ග් ටේහ්‍යුන්ගේ කලබලකාරී මුහුන දිහා බලාගෙන හිටියේ හිත යටින් හිනා වෙන ගමන්
" මොකද මගේ පස්සෙන් එන්නේ...?"
කෙල්ල ඇහිබමක් උස්සගෙන සුපුරුදු කේන්තියෙන් පිරුණු හඩකින් කියද්දී කොල්ලා බෙල්ල කසනවා
" මම තමුසෙගේ පස්සෙන් ආවේ නැ "
" සාම්ප්‍රදායික බොරුව "
චේයොන්ග් අත් දෙක බැදගෙන කට කොනින් හිනාවක් එක්ක කිව්වා ටේහ්‍යුන්ට කියන්න දෙයක් නැති වුනා
" අහ්ම්....චේ..."
ටේහ්‍යුන් ඒත් එක්කම දැනුනේ එයාගේ කකුල් දිගේ මොනාහරි එතෙනවා කොල්ලාට ආපහු ඔලුවෙන් හිටගන්න වෙයි කියලා හිතෙද්දී අසරණ විදියට චේයොන්ග් දිහා බැලුවා
" ආපහු නම් ඔලුවෙන් හිටගන්න බැ "
කොල්ලා පොඩි බබෙක් වගේ කිව්වාම චේයොන්ග්ට හිතුනේ නපුරු වැම්පයර් කින්ග්ට මෙච්චර කියුට් වෙන්න පුලුවන් ද කියලා ටේහ්‍යුන්ගේ කකුල් වල එතිලා තිබුණු මල් වැල් අයින් වෙලා ගියා චේයොන්ග් හැරිලා යන්න හැදුවත් කෙල්ල නැවතුනේ එයාගේ ඉස්සරහ එකපාරට දනගහපු ටේහ්‍යුන් හින්දා චේයොන්ග්ගේ ඇස් පුදුමෙන් ලොකු වුනා
ඊලගට ටේහ්‍යුන් තණකොළයක් කෙල්ලට දික් කලා චේයොන්ග් අහක බලාගෙන හිනා වුනේ කොල්ලාගේ වැඩ වලට කවදාවත් කවුරුවත් ලග ඔලුවවත් නවපු නැති වැම්පයර් කින්ග් කිම් ටේහ්‍යුන් එයාගේ රැජින ඉදිරියේ රැජිනගේ ආදරේ ඉල්ලලා දන ගැහුවා රෝස මලක් වෙනුවට තණකොළ ගහක් දික් කරපු එක අපි විනාඩියකට අමතක කරමු
" අහ්ම්.....චේ..මට ඇත්තටම සමාවෙන්න.. කලින් කරපු හැමදේටම මම ඒ හැමදේම ගැන ගොඩක් පසුතැවෙනවා වුනු දේවල් වෙනස් කරන්න බැ ඒත් මට සමාවෙන්න ඒ වගේම ඊයේ රෑ ඔයාව බලෙන් මාක් කලාටත් සමාවෙන්න "
වෙනදාට ඒ ලා දුඹුරු පැහැති ඇස් වල තිබුණු ශක්තිමත් බව,ආඩම්බරකාර බව,නපුරුකම පේන්න තිබුණේ නැ ඒ වෙනුවට අද ටේහ්‍යුන්ගේ ඇස් වල පසුතැවීමක් දුකක් විතරයි චේයොන්ග්ට ඒ ඇස් වල ලියවිලා තියෙන දේවල් කියවගන්න වැඩ වෙලාවක් ගියේ නැ ඒත් කෙල්ල මුකුත් නොකියා ටේහ්‍යුන්ට කතා කරන්න ඉඩ හැරියා..
" ඔයා දැක්ක මුල්ම දවසේම මට අමුත්තක් දැනුනා ඒත් මම ඒ ගැන වැඩිය හිතන්න ගියේ නැ ඔයා මගේ මේට් කියලා දැනගත්තාම මම පුදුම වුනා ඒ වගේම මම පසුතැවුනා අදටත් මේ තත්ත්පරෙත් මම පසුතැවෙනවා මියානේ "
චේයොන්ග්ගේ ඇස් දිහා බලාගෙන ටේහ්‍යුන් හැම වචනයක්ම කිව්වා කෙල්ලත් එක විනාඩියකට එයාගේ ඇස් ටේහ්‍යුන්ගේ ඇස් වලින් ඉවතට ගත්තේ නැ ඒ කියපු හැම වචනයක්ම අවංකව හදවතින් කිව්වේ කියලා චේයොන්ග්ට තේරුනා
" සරන්හේ චේයොන්ග්...."
කොල්ලා එකපාරට එහෙම කිව්වාම චේයොන්ග් ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියා එයා කොයිම වෙලාවකවත් මෙහෙම දෙයක් බලාපොරොත්තු වුනේ නැ ටේහ්‍යුන් ආදරය පිරුණු ඇස් වලින් කෙල්ල දිහා බලාගෙන ඉදියා
" චේ...මොනාහරි කියන්න චේබල්.."
චේයොන්ග්ගේ නිහඩතාවය කොල්ලාගේ හිත බයෙන් පිරෙව්වා කවදාවත් මොනම දේකටවත් බය නොවුනු කිම් ටේහ්‍යුන් එයාගේ රැජින තමන්ව reject කරයි කියලා බය වෙලා කෙල්ල මෙතන කෑගැහුවා නම් ටේහ්‍යුන් ටිකක් හරි හිත හදාගනියි ඒත් චේයොන්ග් නිහඩව කොල්ලා දිහා බලාගෙන හිටියා ඒ ඇස් වල හිස් බවක් තිබුණේ
කෙල්ල මුකුත් නොකියා එතැනින් යන්න ගියාම එයා මෙච්චර වෙලා දික් කරගෙන ඉදපු තණකොළය දිහා බලලා හුස්මක් පහත හෙලුවා කොල්ලා මේ දේ බලාපොරොත්තු නොවුනේම නැ
" එයා ඔයාට කවදාවත්ම සමාවක් දෙන එකක් නැද්ද ටේහ්‍යුන්.."
කොල්ලා තණකොළය දිහා බලාගෙන මිමිනුවේ වේදනාවෙන් ඒ ඇස් වල කදුලු පිරිලා ටේහ්‍යුන් ඒ කදුලු කම්බුල් දිගේ කඩා නොවැටෙන්න වග බලාගත්තා කොල්ලා තාමත් garden එක මැද දන ගහගෙන ඉන්නවා
තත්පර කිහිපයක් ගෙවිලා යද්දී ටේහ්‍යුන්ගේ අතේ රැදිලා තිබුණු තණකොළය කෙනෙක් ගත්තා කොල්ලා එකපාරට ඔලුව උස්සලා බැලුවා එතැන හිටපු කෙනා දැක්කාම ටේහ්‍යුන්ගේ ඇස් ලොකු වුනා එතැන හිටියේ වෙන කවුරුවත් නෙවෙයි චේයොන්ග්
කෙල්ල ඒ වෙලාවේ ගියාට ආපහු ටේහ්‍යුන් ලගට ආවා කොල්ලාගේ වේදනාව චේයොන්ග්ට දැනුනා තව කොච්චර දවසක් මෙහෙම දෙපැත්තට වෙලා දෙන්නා විදවන්න ද..? ඉතින් කෙල්ල තීරණය කලා ටේහ්‍යුන්ට සමාව දෙන්න ඒ නිසා චේයොන්ග් කොල්ලාගේ අතේ තිබුණු තණකොළය ගත්තා ටේහ්‍යුන්ගේ වෙනස්ම විදියට ප්‍රපෝස් කරපු නිසා කෙල්ල හිටියේ හිතේ අමුතු සතුටකින්
" චේ.."
ටේහ්‍යුන් ඇහෙන නෑහෙන ගානට මිමිනුවා චේයොන්ග් කොල්ලා දිහා බලලා හිනා වුනා පලවෙනි වතාවට චේයොන්ග් කොල්ලා එක්ක හිනා වුනා ටේහ්‍යුන්ට ඒක මහ මෙරක් තරම් වටිනවා
" මුලු රෑම ඔහොම ඉන්න ද කල්පනාව.."
කෙල්ල හිනාවක් එක්ක කිව්වාම ටේහ්‍යුන් නැගිට්ටා කොල්ලා තාමත් පුදුමෙන් චේයොන්ග් දිහා බලාගෙන ඉන්නවා ටේහ්‍යුන් එහෙම දකිද්දී චේයොන්ග්ට හිතුනේ හපලා ගිලලා දාන්න
" මිස්ටර් කිම් ටේහ්‍යුන් එහෙම නැත්නම් මයි කින්ග් කියන්න ද..?"
" ටේ කියන්න "
කොල්ලා අහිංසක හිනාවක් එක්ක කිව්වා
" ම්ම්ම්..ටේ මට ඔයා කරපු දේවල් කවදාවත් අමතක බැරි වෙයි මම කවදාවත් ඔයා ලග තරම් අසරණ වෙලා නැ මට මගේ ජීවිතේ අදුරු මතක ගොඩක් ඔයත් එක්ක බැදිලා තියෙනවා ඔයා දකින වාරයක් වාරයක් ගානේ මට ඒ වුනු දේවල් මතක් වෙනවා "
චේයොන්ග්ගේ ඇස් වලින් වැටෙන කදුලු බිදු පිහිදන ගමන් කතා කලා
" මියානේ චේ..."
ටේහ්‍යුන් බිම බලාගෙන කිව්වා
" හැමෝම වැරදි කරලා අවසානෙට සමාව ඉල්ලනවා සමාව ඉල්ලුවාම ඔක්කොම හරි ද..? ඔය සමාව ඉල්ලන තත්පර ගාන ඇතුලත බිදුනු මගේ හිත හැදෙනවා ද ටේ...එදා ඔයා මාව slut කෙනෙක් ගානට දැම්මා මට කොච්චර රිදුනා ද දන්නවා ද..? "
කෙල්ල ඉකිගසන ගමන් කියනකොට ටේහ්‍යුන් කදුලු පුරවගෙන කෙල්ලව එයාගේ පපුවට තුරුල් කරගත්තා චේයොන්ග් කොල්ලාගේ පපුව අස්සේ මූන හංගගෙන කෑගහලා අඩන්න පටන් ගත්තා ටේහ්‍යුන් කෙල්ලගේ ඔලුව අතගාන ගමන් සනසන්න උත්සාහ කලා කොල්ලා හින්දා තමයි චේයොන්ග් අද අඩන්නේ ටේහ්‍යුන්ට එයා ගැනම ඇති වුනේ කලකිරීමක්
විනාඩි කිහිපයක් පුරාවට අඩපු කෙල්ල ටේහ්‍යුන් ඈත් කරලා ඉක්මනට කදුලු පිහිදගත්තා
" මම ඔයාට සමාව දුන්නා තමයි ටේහ්‍යුන් ඒත් කවදාවත් මම ඔයාට ආදරේ කරන්නේ නැ අපි අතර හැමදාම තියෙන්නේ mate bond එක විතරයි කවදාවත් ආදරයක් නැ "
චේයොන්ග් එහෙම කියලා කොල්ලාව garden එකේ තනි කරලා ගියා කෙල්ල එයාගේ අතේ ගුලි කරගෙන හිටපු තණකොළය දිහා බලලා හුස්මක් පහත හෙලුවා
ටේහ්‍යුන් කෙල්ල යන දිහා බලාගෙන ඉදලා කට කොනින් හිනා වුනා
" You're Such A Big Liar My Queen..."
කොල්ලා තමන්ට එහෙම මුමුනනගෙන ඇතුලට ගියා
.
Next Day Morning
පසුදින උදෑසන කට්ටිය ලෑස්ති වුනේ යුනි යන්න හැබැයි මෙතන තුන්වැනි ලෝක යුද්ධය පටන් අරගෙන තියෙන්නේ
" යාහ්හ්හ්හ්හ්....ජියොන් ෆකින් ජන්කූක්... තමුසේ නේද මගේ toothbrush එක කොමඩ් එකට දැම්මේ...උදේ පාන්දරම මගේ බාත් රූම් එකෙන් හොර පූසා වගේ යනකොට මට හිතුනා මොකක් හරි අලුගුත්තේරු වැඩක් කරලා තමයි කියලා යන්නේ "
මිනායා උදේම mansion එක දෙක වෙන්න කෑගහලා කියද්දී මේ මුකුත් නොදන්න ජන්කූක් ඔලුව කස කස කල්පනා කලේ කොයිවෙලේ ද මිනායාගේ බාත් රූම් එකට රිංගුවේ කියලා
" බබා මම දැන් නැගිට්ටේ....මේ ජිමින්ගේ ඩික් එක පල්ලා.."
ජන්කූක් එහෙම කිව්වාම මෙච්චර වෙලා වෙන ලෝකෙක හිටපු ජිමින් අදාළ ස්ථානය අත් දෙකින්ම අල්ලගත්තා
" යාහ්හ්හ්....උබට කියන්න වෙන දෙයක් තිබ්බෙම නැද්ද යකෝ "
ජිමින් කෑගහන සද්දේ ඇහිලා toothbrush එක කටේ ගහගෙන යුන්වි ආවා
" මොකජ...කෑගහන්නේ ආ..නිදහසේ කනක් ඇහිලා දත් මැදගන්නවත් දීපල්ලාකෝ.."
යුවි toothbrush එක කටේ ගහගෙන කිව්වා
" මිනායාගේ toothbrush එක මේන් මේ ඉතියෝපියන් වවුල් හාවා කොමඩ් එකට දාලා එහෙම කලේ නැ කියලා මගේ චිමි ගැන කියලා දිවුරනවා.."
ඔම්මාට පැමිනිලි කරන පොඩි එකෙක් වගේ ජිමින් යුවිට කියද්දී කෙල්ල ඇස් ලොකු කරගෙන මිනාකුක් දෙන්නා දිහා බැලුවා
" ඔය වැඩේ කලේ ජන්කූක් නෙවෙයි මිනා අපේ චේගේ වැඩක් "
යුවි කිව්වාම ජිමින් හුස්මක් පහත හෙලුවේ එයාගේ පොඩි එකා බේරුනු හින්දා
" යාහ්හ්හ්...පාර්ක් චේයොන්ග්..."
මිනායා කෑගහගෙන චේයොන්ග් හොයාගෙන ගියා යුන්වි toothbrush එක කටේ ගහගෙන මිනායාගේ පස්සෙන් දුවගෙන ගියේ දත් මදින ගමන් නොමිලේ ඇක්ෂන් ෆිල්ම් එකක් බලන්න
To be continue..........😈
Comments goal:50
ඕක සම්පූර්ණ වුනු දවසක දෙන්නම් ඈ
Bạn đang đọc truyện trên: AzTruyen.Top