😈 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 17🩸

දවස අවසානයේ චේයොන්ග්ගේ දැඩි විරුද්ධත්වය මත ටේහ්‍යුන් ඉන්න mansion එකට එක්කගෙන ගියා යුවිට මිනායාට දෙන්නා ඒකට අකමැති නොවුනත් චේයොන්ග් නම් කැමැත්තෙන් නෙවෙයි හිටියේ කෙල්ලට කරන්න දෙයක් නැතිකමට ටේහ්‍යුන් එක්ක ආවේ චේයොන්ග්ට ඔක්කොටම වඩා කේන්ති ගියේ කොල්ලා මුකුත් නොවුනු ගානට සාමාන්‍ය විදියට හැසිරෙන හින්දා

කෙල්ලෝ තුන් දෙනාට රූම්ස් ලෑස්ති කරලා එයාලට ඕන දේවල් දෙන්න කියලා මේඩ්ස්ලාට ටේහ්‍යුන් කිව්වා ටේහ්‍යුන් නම් හිටියේ සතුටින් මොකද කොල්ලාට චේයොන්ග්ව කිස් කරන්න හම්බුනා නේ ඒ වෙලාවේ එතැනට කවුරුවත් ආවේ නැත්නම් ටේහ්‍යුන් කෙල්ලව මාක් කරලා තමයි නවතින්නේ

රෑට කාලා බීලා ඉවර වෙලා චේයොන්ග් කොරිඩෝ එක දිගේ එයාගේ රූම් එකට ඇවිදගෙන යන ගමන් හිටියේ ඒත් එකපාරට කෙල්ලගේ අතින් ඇදලා රූම් එකක් ඇතුලට ගත්තා චේයොන්ග් එකපාරට මොකද වුනේ කියලා හිතාගන්න බැරුව හිටියේ මුලු රූම් එක පුරාම අදුර පැතිරිලා තිබුණේ සුදු පැහැති කර්ටන් සුලගට සෙලවෙනකොට සද එලිය කාමරේට ගලාගෙන ආවා සෞම්‍ය සද එලියෙන් කාමරේ තිබුණු අදුර මදක් හෝ දුරට මැකී ගියා

චේයොන්ග් හිමින් අඩිය තියලා ඉස්සරහට යන ගමන් කාමරේ කවුද ඉන්නේ කියලා බැලුවේ කවුරුහරි තමන්ගේ පිටිපස්සේ ඉන්නවා කියලා දැනුනු නිසා චේයොන්ග් පිටිපස්ස හැරිලා බැලුවා ඒත් කවුරුවත් පිටිපස්සේ හිටියේ නැ

තත්පර කිහිපයක් ගත වෙනකොට කෙල්ලට දැනුනේ එයාගේ ඉන වටේ එතුනු ශක්තිමත් අත් දෙකක් ඒ වගේම එයාගේ කන ලගින් දැනුනේ සන්සුන් හුස්ම ගැනීමේ රටාවක් චේයොන්ග්ට වැඩි වෙලා නොගිහින් ඒ කවුද කියලා අදුරගන්න පුලුවන් වුනා

" ටේහ්‍යුන්...මාව හොද හිතින් අතහරිනවා "

කොල්ලා චේයොන්ග්ගේ බෙල්ල අස්සේ මූන හංගගෙන හුස්මක් ගත්තේ කෙල්ලගේ රෝස සුවදින් මත් වෙන ගමන් තමන්ගේ මේට්ගේ රෝස සුවද හමුවේ ටේහ්‍යුන්ට එයාගේ වැම්පයර් පාලනය කරගන්න අපහසු වුනා

ටේහ්‍යුන්ගේ තොල් කෙල්ලගේ බෙල්ල පුරා ගමන් කරද්දී චේයොන්ග් එයාගේ ඉන වටේ එතිලා තියෙන කොල්ලාගේ අත් තද කරලා අල්ලගත්තා චේයොන්ග් කොච්චර අකමැති වුනත් චේයොන්ග්ගේ වැම්පයර් ටේහ්‍යුන්ගේ පුංචි ස්පර්ශයකට පවා අවනත වෙනවා චේයොන්ග් හිටියේ එයාගේ වැම්පයර් එක්ක ලොකු සටනක කෙල්ලට ටේහ්‍යුන්ගෙන් ඈත් වෙන්න ඕන වුනත් එයාගේ වැම්පයර්යට ඕන වුනේ ටේහ්‍යුන්ගේ තොල් වල පහස විදින්න

ටික ටික චේයොන්ග් කොල්ලාට අවනත වෙද්දී කෙල්ලව තමන්ගේ පැත්තට හරවගත්ත ටේහ්‍යුන් චේයොන්ග්ගේ රෝස තොල් පෙති අල්ලගත්තා සිපගැනීම අතරේම කෙල්ලව වඩාගෙන ඇදට ගෙනියපු ටේහ්‍යුන් චේයොන්ග් ඇදේ හාන්සි කරලා කෙල්ලගේ ඇග උඩට ආවා කර්ටන් අතරින් වැටුනු සද එලිය නිසා චේයොන්ග් තවත් ලස්සනට ටේහ්‍යුන්ට පෙනුනා මේ වෙලාවේ චේයොන්ග් හිටියේ එයාගේ වැම්පයර්යට සම්පූර්ණයෙන් යටත් වෙලා

කෙල්ලගේ තොල් මතින් පුංචි කිස් එකක් තිබ්බ ටේහ්‍යුන් ටේහ්‍යුන් චේයොන්ග්ගේ රෝස තොල් පෙති අල්ලගත්තා සිපගැනීම අතරේම කෙල්ලව වඩාගෙන ඇදට ගෙනියපු ටේහ්‍යුන් චේයොන්ග් ඇදේ හාන්සි කරලා කෙල්ලගේ ඇග උඩට ආවා කර්ටන් අතරින් වැටුනු සද එලිය නිසා චේයොන්ග් තවත් ලස්සනට ටේහ්‍යුන්ට පෙනුනා මේ වෙලාවේ චේයොන්ග් හිටියේ එයාගේ වැම්පයර්යට සම්පූර්ණයෙන් යටත් වෙලා

කෙල්ලගේ තොල් මතින් පුංචි කිස් එකක් තිබ්බ ටේහ්‍යුන්ගේ කලබලකාරී තොල් චේයොන්ග්ගේ බෙල්ල පුරා ගමන් කලේ පුංචි පුංචි hickeys ඉතුරු කරමින් කෙල්ලගේ බෙල්ලේ එක තැනක් දිවෙන් lick කරපු ටේහ්‍යුන් එයාගේ උල් දත් වලින් කෙල්ලගේ බෙල්ල සිදුරු කරන්න ගත්තා

" Ahhh...රිදෙනවා..."

චේයොන්ග් කොල්ලාව ඈත් කරන්න හදන ගමන් කෑගැහුවේ එයාගේ බෙල්ලෙන් දැනෙන අසීමිත වේදනාව දරාගන්න බැරුව ඒත් ටේහ්‍යුන්ට නම් ඒ කෑගැහිලි ඇහුනේ නැ මොකද කොල්ලා හිටියේ චේයොන්ග්ගේ ලේ රසට මත් වෙලා

ටික ටික චේයොන්ග්ගේ ශක්තිය හීන වෙලා යද්දී කෙල්ල දගලන එක නැවැත්තුවා ටේහ්‍යුන් එයාගේ උල් දත් අරගෙන මාක් කරපු තැන දිවෙන් lick කරලා එතැන තිබුණු ලේ අයින් කලා ටේහ්‍යුන් කෙල්ලගේ කම්බුල් පුරා විහිදිලා ගිය කදුලු බිදු පිසදලා චේයොන්ග්ගේ මූන පුරා පුංචි පුංචි හාදු වලින් තෙමුවා අන්තිමට කෙල්ලගේ තොල් වලට පෙක් එකක් දීලා චේයොන්ග්ට එහා පැත්තෙන් හාන්සි වුනු ටේහ්‍යුන් කෙල්ලව පපුවට තුරුල් කරගත්තා

අතක්වත් උස්සගන්න පනක් නොතිබුනු කෙල්ල බෙල්ලෙන් දැනෙන වේදනාව නිසා වගේම ටේහ්‍යුන් ඔලුව අතගාන සනීපෙට කෙල්ලට ඉක්මනට නින්ද ගියා ටේහ්‍යුන් එයාගේ රැජින තදින් තුරුල් කරගත්තේ කවුරුහරි අරගෙන යයි කියලා වගේ දෙන්නාම වැහෙන්න බ්ලැන්කට් එකත් පෙරෙව්ව ටේහ්‍යුන් එයාගේ තුරුලේ නිදාගෙන ඉන්න චේයොන්ග්ගේ පියවුනු ඇස් මතින් පුංචි හාදුවක් තැවරුවා කොල්ලාත් ඇස් පියාගත්තේ හෙට චේයොන්ග් ඇහැරිලා මොන විදියේ ප්‍රතිචාරයක් දක්වයි ද කියලා හිතන ගමන්

.
Next Day Morning

උදෑසන හිරු කිරන කර්ටන් අතරින් ටේහ්‍යුන්ගේ බෙඩ් රූම් එකට ගලාගෙන ආවේ උදේ වෙලා කියලා අගවන්න වගේ ඒත් එක්කම චේයොන්ග් ඇස් ඇරියේ මුහුනට වැටුනු හිරු කිරනත් බෙල්ලෙන් දැනෙන වේදනාව නිසා වගේම කවදාවත් නොවිදපු නුපුරුදු උනුසුමක් දැනෙද්දී කෙල්ලට තේරුනේ එයා කාගේ හරි පපුව මත නිදාගෙන ඉන්නේ කියලා ඒ නිසා චේයොන්ග් ඔලුව උස්සලා බැලුවාම දැක්කේ වලස් පැටියෙක් වගේ සනීපෙට නිදාගෙන ටේහ්‍යුන්ව

චේයොන්ග් ඇස් ලොකු කරගෙන කොල්ලා දිහා බලාගෙන ඉදිද්දී ඊයේ රෑ වුනු දේවල් එකින් එක එයාගේ මතකයට ගලාගෙන ආවා ඒත් එක්කම චේයොන්ග් අත එයාට නොදැනීම ගියේ බෙල්ලට කෙල්ලගේ අත නැවතුනේ ටේහ්‍යුන් මාක් කරපු තැන

ටේහ්‍යුන් එයාගේ මේට් විදියට චේයොන්ග්ව මාක් කරලා..

ටේහ්‍යුන් එහෙම කලේ මේට් නැතුව එයාගේ බලය හීන වෙන්න පුලුවන් ඉඩකඩ වැඩි හින්දා ද..? නැත්නම් ටේහ්‍යුන් එයාට ආදරේ කරන්න පටන් ගෙනද..? කියන ප්‍රශ්න චේයොන්ග්ගේ හිතට ඇවිත් තිබුණේ ඒත් කෙල්ල තාමත් හිටියේ ටේහ්‍යුන් එක්ක කේන්තියෙන් ඒ එයාගේ අවසරයකින් තොරව මාක් කරපු එකට කෙල්ලට කේන්ති ගියා

කොල්ලාගෙන් ඈත් වුනු චේයොන්ග් ඇදෙන් බැහැලා ගියේ හයියෙන් දොරත් වහගෙන දොර වැහෙන සද්දෙත් එක්ක ටේහ්‍යුන් ඇස් ඇරලා හුස්මක් පහත දැම්මා කොල්ලා වොෂ් එකක් දාගෙන පහලට යනකොට චේයොන්ග් යුනි යන්න රෙඩි වෙලා ඒ වෙනකොට අනිත් හතර දෙනා යුනි ගිහින් හිටියේ

" අද යුනි යන්න එපා..."

ටේහ්‍යුන් අහක බලාගෙන කියද්දී කෙල්ල ඇහිබමක් උස්සගෙන කොල්ලා දිහා බැලුවා

" මට ඕන දේ මම කරන්නේ... තමුන්ට අයිතියක් නැ එහෙම කියන්න "

චේයොන්ග් එහෙම කියලා යන්න හැදුවත් කොල්ලා කෙල්ලගේ අතින් අල්ලලා නැවැත්තුවා

" තමුසෙගේ මුරන්ඩුකම පැත්තකින් තියලා කියන දේ අහලා ඉන්නවා "

කොල්ලා තදින් කියද්දී චේයොන්ග් එයාගේ අත ඇදලා ගත්තා

" මම මොකටද තමුසේ කියන දේ අහන්න තමුසේ මගේ කවුද "

කෙල්ල කේන්තියෙන් ටේහ්‍යුන්ගේ මූනට එබිලා ඇහුවා

" තමුසේ මගේ මේට්...තමුසේ මගේ රැජින මගේ හැමදේම..."

ටේහ්‍යුන් අන්තිම ටික මුමුනලා එතැනින් යන්න ගියේ චේයොන්ග් ඇස් ලොකු කරගෙන බලාගෙන ඉදිද්දී බෙල්ල රිදෙන නිසා කෙල්ල අද යුනි නොගිහින් ඉන්න තීරණය කලා කොහොමත් ඒ වෙලාව වෙනකොට උදේ දහයත් පහුවෙලා තිබුනා චේයොන්ග් රූම් එකට ගිහින් දොර වහගන්න දිහා ටේහ්‍යුන් හොරාට බලාගෙන හිටියේ පුංචි හිනාවක් දෙතොලතර රදවගෙන

__________________________

ලෙක්චර් එක අස්සේ මිනායා හිටියේ කොල්ලෙක් දිහා බලාගෙන පැනි හලන ගමන් මිනායාට එහා පැත්තේ වාඩිවෙලා හිටපු ජන්කූක් නම් ඒ දිහා බලාගෙන හිටියේ කේන්තිය පිරුණු ඇස් දෙකකින් හැබැයි කෙල්ලට නම් ඒ ගැන ගානක් නැ මොකද මිනායා හිටියේ අර කොල්ලාගේ සිහින ලෝකෙක තනිවෙලා

ලෙක්චර් එක ඉවර වෙනවත් එක්කම ජන්කූක් කෙල්ලට කතා කරන්න හැදුවත් මිනායා දුවගෙන ගිහින් අර කොල්ලා එක්ක කතා කලේ ජන්කූක්ගේ කේන්තිය තවත් අවුස්සලා කොල්ලා වාඩිවෙලා හිටපු තැන ඉදගෙනම මිනායා එක්ක හිනා වෙවී කතා කරන කොල්ලා දිහාට දවා අලු කරන සයිස් බැල්මක් දාගෙන හිටියේ මුන් දෙන්නාට ඕන දෙයක් කරගන්න කියලා ජිමින් යුවි එක්ක cafeteria එකට ගියා යුවි ලෙක්චර් එක අස්සේත් බඩගිනියි කිය කියා ජිමින්ට වද දුන්නා

ඒ කොල්ලා එක්ක කතා කරලා ඉවර වෙලා මිනායා යන්න හැදුවත් ලෙක්චර් හෝල් එකේ කොනකට වෙලා තනියෙන් ඉන්න ජන්කූක් දැකලා කෙල්ල නැවතුනා කොල්ලා තනියෙන් මොනාද එතැනට වෙලා කරන්නේ කියලා හිතන ගමන් මිනායා ජන්කූක් ලගට ආවා

" කුක්සන් යන් cafeteria එකට මට බඩගිනියි අනේ "

මිනායා කොල්ලා ලගට වෙලා කිව්වා

" ඉතින් තමුසේ ගිහින් කනවා.."

ජන්කූක් කේන්තියෙන් කිව්වා

" මොකද මේ කේන්ති ගිහින් "

" තමුසෙට ඒක වැඩක් නැ අර තමුසේ වෙලිලා ඉදපු පගර නැට්ටා එක්කම යන තැනක යනවා..."

කොල්ලා මිනායා දිහා නොබලා කියවගෙන ගියා

" ඔහ්...එතකොට ඒකයි මේ....හරි එහෙනම් ඔයා කියනවා නම් යන්නම් බායි බේබිබොයි "

කෙල්ල එහෙම කියලා යන්න හැරුනත් ඊට කලින් ක්‍රියාත්මක වුනු ජන්කූක් මිනායාගේ අතින් ඇද්ද පාර කෙල්ල ජන්කූක්ගේ ඔඩොක්කුවේ ඉන්දුනා මිනායා කොල්ලාටත් ටේබල් එකටත් මැදි වෙලා හිටියේ ජන්කූක් කෙල්ලගේ ඉනෙන් තදින් අල්ලගත්තා මිනායාගේ මූනට එබුනා

" තමුසේ කොහෙද යන්න හැදුවේ අහ්..."

" යන්න කියපු හින්දා නේ යන්න හැදුවේ "

මිනායා ඇහිබැමි හකුලවගෙන කිව්වා

" යන්න කිව්ව පලියට යනවාද.."

" යේ...යනවා තමයි "

" තමුසෙට ඇත්තටම දැනෙන්නේ නැද්ද.."

" මොනාද...?"

කෙල්ල ඇහුවාම ජන්කූක් මිනායාගේ ඇස් දිහා බලාගෙන ඉදලා කෙල්ලගේ තොල් වලට බර වුනා මිනායා මුලදී කම්ෆියුස් වුනත් ටික වෙලාවක් යනකොට කොල්ලාගේ හාදුවට අවනත වෙලා kiss back කලා ජන්කූක්ගේ එක අතක් මිනායාගේ ඇදුම අතරින් යද්දී මිනායා කොල්ලාගේ සිනිදු කොන්ඩේ අතරේ අතැගිලි යවලා ලං කරගත්තා හාදුව ගැඹුරටම අරගෙන ගියේ කෙල්ලට නොදැනීම සිහින් කෙදිරිල්ලක් පිට වෙද්දී

විනාඩි කිහිපයක් පුරාවට මිනායාගේ තොල් එක්ක සෙල්ලම් කරපු කොල්ලා ඈත් වුනේ හුස්ම ගන්න අපහසු වුනු නිසා මිනායාගේ නලලට තමන්ගේ නලල තියාගත්ත කොල්ලා කෙල්ලව තවත් තුරුල් කරගත්තා

" මොනාද දැනෙන්නේ ම්ම්ම්..."

ජන්කූක් ගැඹුරු හඩකින් අහද්දී කෙල්ල ඇස් ඇරලා කොල්ලා දිහා බැලුවා මිනායා කොල්ලාගේ තොල් වලට පෙක් එකක් දීලා හිනා වුනා

" මට ඔයාව දැනෙන්න අරගෙන ගොඩක් කල්...ඒත් මම වෙනසක් නොපෙන්වා හිටියේ මට දැනෙන දේවල් ඔයාටත් දැනෙනවා ද කියලා දැනගන්න ඕන නිසා මගේ හැගීම් හංගන් ඉන්න මම කොච්චර මහන්සි වුනා ද කියලා "

" ඒ කියන්නේ...?"

",යේ යේ මගේ මෝඩ හා වැම්පියෝ....මම ආදරෙයි "

මිනායා කොල්ලාගේ කම්බුල් මිරිකලා කිව්වා

" මොහ්..? ආපහු කියන්න "

" මගේ මෝඩ හා මේට්ට මම ආදරෙයි "

" මාත් ආදරෙයි..."

කොල්ලා දිලිසෙන ඇස් වලින් කියද්දී මිනායා ජන්කූක් බදාගත්තා

" බබා...ඔයා එදා කියපු දේවල් "

" ම්ම්ම්...ඒ ගැන හිතන්න එපා මගේ බේබිබොයි එයාගේ මමීගේ නිදහස නැති කරන්නේ නැ කියලා දන්නවා "

" ඔයා තාම බේබිබොයිගේ වැඩ දැකලා නැ බබා නැත්නම් ඔහොම කියන්නේ නැ හැබැයි බබා වෙන පිරිමි එක්ක ඕනවට වඩා ඇගේ එල්ලිගෙන ගියොත් මාසයක් ඇවිදගන්න බැරි වෙන වැඩක් කරනවා.."

ජන්කූක් එහෙම කිව්වාම කෙල්ල ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියා

" ඔයත් තාම මමීගේ හැටි දන්නේ නැ බේබිබොයි "

මිනායා කට කොනින් හිනාවක් එක්ක කියද්දී තාමත් මිනායාගේ ඇදුම අස්සේ තියෙන ජන්කූක්ගේ අතින් කෙල්ලගේ ඉන කෙනිත්තුවා

" කොනිත්තන්න එපා වවුල් හාවෝ.."

කෙල්ල ජන්කූක්ගේ උරහිසට ගහලා කියද්දී කොල්ලා හිනා වුනා මිනායා හිනා වෙවී ඉන්න ජන්කූක්ගේ කම්බුල හපලා නැගිටලා දිව්වා

" යාහ්හ්හ්...යක්ස කෙල්ල මට අහුවෙයි නේ "

ජන්කූක් කම්බුලත් අල්ලාගෙන කෑගහලා කිව්වා

To be continue..........😈

දොයිමතයි හූම්

Bạn đang đọc truyện trên: AzTruyen.Top