😈 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 15🩸
කෙල්ලෝ තුන් දෙනාට ගෙනියන්න කියලා මහ ලොකු දෙයක් තිබුණේ නැ එයාලා සාමාන්‍ය විදියට ඇදගෙන මාලිගාවේ ප්‍රධාන දොරටුව ලගට ගියා එතැන ජිමින් ජන්කූක් දෙන්නා වගේම මාලිගාවේ ගාඩ්ස්ලා කිහිප දෙනෙක් වගේම මේඩ්ස්ලා කිහිප දෙනෙකුත් හිටියා හැබැයි රජතුමා පේන්න හිටියේ නැ ඒ ගැන චේයොන්ග්ගේ හිතට අමුත්තක් දැනුනත් කෙල්ල ඒක පෙන්නන්න ගියේ නැ කෙල්ලගේ හිත වද දුන්නා රජතුමා කොහෙද කියලා අහන්න කියලා චේයොන්ග් තමන්ගේ හිතට බැන්නා
යුවි ජිමින් දිහායි ජන්කූක් දිහායි බලලා හිනා වෙලා චේයොන්ග් ලගට ගියා ජන්කූක් මුකුත් නොකියා මිනායා දිහා බලාගෙන හිටියා කොල්ලාට ඕන වුනා මිනායා නවත්තගන්න ඒත් චේයොන්ග් යුවි නැතුව කෙල්ල ඉන්න කැමති වෙන්නේ නැ කියලා දන්න නිසා මුකුත් නොකියා නිහඩව ඉන්න තීරණය කලා
" එහෙනම් කස්ටිය අපි ගියා සමහරවිට මේක වෙන්න ඇති අපි හම්බවෙන අවසාන වතාව මෙහේ ඉන්නකොට හොදට සැලකුව අයට හොදක් වෙන්න ඕන වගේම දෙන්න පුලුවන් උපරිම වද දුන්නු එවුන්ට වැහි නැති හෙනයක් ගහන්න ඕන "
යුවි අන්තිම ටික ඇස් හීනි කරලා මිස් චෝයි දිහා බලලා කියනකොට මිස් චෝයීට උතුර දකුන මාරු වුනා යුවි කියපු දේට සමහර අය හිනා වුනත් සමහරුන්ගේ මූනු අහක බලාගෙන ගහපු කොත්තු වගේ වුනා අවසාන වතාවට ජිමින් දිහා බලපු යුවි හිනා වෙලා යන්න හැරුනත් එකපාරට ජිමින් කරපු දේ හින්දා හැමෝම පුදුම වුනා මේ වගේ වෙලාවක මෙහෙම දෙයක් කවුරුවත් බලාපොරොත්තු වුනේ නැ අඩුම ගානේ යුවිවත් මෙහෙම දෙයක් වෙයි කියලා හිතන්නේ නැතුව ඇති
හැමදාම දිහා නිහඩව බලාගෙන හිටපු ජිමින් යුවි යන්න හැරෙනකොට කෙල්ලගේ අතින් ඇදලා තමන්ගේ පැත්තට හරවගත්ත ජිමින් යුවිගේ තොල් වලට බර වුනේ හැමෝගෙම ඇස් පුදුමෙන් ලොකු වෙද්දී යුවි ඇස් බෝල කරගෙන කොල්ලා දිහා බලාගෙන හිටියා ජිමින් ඇස් පියාගෙන හරි සැහැල්ලුවෙන් යුවිගේ තොල් අතරේ එයාගේ තොල් අරගෙන යනවා
තත්පර කිහිපයක් යුවිගේ තොල් අතරේ අතරමං වුනු ජිමින් කෙල්ලගේ තොල් වලින් ඈත් වුනා
" මේ අපි හම්බවෙන අවසාන වතාව නෙවෙයි ආපහු ඉක්මනට අපි හම්බවෙයි ඒක මට විශ්වාසයි "
ජිමින් කියද්දී යුවි ඔලුව වැනුවා කොල්ලා අල්ලාගෙන හිටපු යුවිගේ අත අතහැරියේ හිතකින් නෙවෙයි ජිමින් කෙල්ලගේ අත අල්ලාගෙන හිටපු එයාගේ අත දිහා බලාගෙන හිටියා චේයොන්ග් ඉස්සර වෙලා යනකොට යුවි කෙල්ලගේ පස්සෙන් ගියා මිනායා අන්තිමට ගියේ කවුරුහරි මිනායාගේ අතින් අල්ලපු නිසා කෙල්ල නැවතුනා මිනායා ජන්කූක් දිහාට හැරුනා
" පරිස්සමින් බේබිගර්ල් "
ජන්කූක් මිනායාගේ කන් පෙත්ත සියුම්ව සිපගන්න ගමන් සෙක්සි වොයිස් එකකින් කිව්වාම කෙල්ල ගැස්සිලා ගියා ජන්කූක් කවදාවත් කෙල්ල ලග මෙහෙම හැසිරිලා නැ මිනායා ඇස් ලොකු කරගෙන ඉදිද්දී කොල්ලා එයාගේ බනී ස්මයිල් එක ප්‍රදර්ශනය කලේ මිනායාගේ හිතට ජන්කූක් කියන්නේ වවුලෙක් ද කටුස්සෙක් ද යන ප්රශ්නය පැන නගිද්දී මිනායා ජන්කූක්ගෙන් ඈත් වෙලා දුවගෙන ගිහින් චේයොන්ග්ගේ අතකින් අල්ලගත්තා
ටික දුරක් ගියපු චේයොන්ග් මොකද්දෝ හේතුවකට ආපහු හැරිලා මාලිගාව දිහා බැලුවා එතකොට කෙල්ල අහම්බෙන් වගේ දැක්කේ මාලිගාවේ සදලු තලයේ ඉදන් තමන් දිහා බලාගෙන ඉන්න ටේහ්‍යුන්ව
කෙල්ල තමන් දිහා බැලුවා කියලා දැක්කාම ටේහ්‍යුන්ගේ ඇස් පුදුමෙන් ලොකු වුනත් ඊලග තත්පරේ හිනා වුනේ චේයොන්ග් එයා දිහා බලපු හින්දා ටේහ්‍යුන්ගේ ඇස් වල තිබුණේ චේයොන්ග්ට නවතින්න කියන ඉල්ලීම ඒත් කොල්ලා දන්නවා කෙල්ල දැන් නවතින්න කොහොමත් සූදානම් නැ කියලා චේයොන්ග් කොල්ලාට රවලා ඉස්සරහට හැරිලා යන්න ගියාම ටේහ්‍යුන්ට ආඩම්බරකාර හිනාවක් ගියා
" She is really QUEEN.."
.
කෙල්ලෝ තුන් දෙනා එයාලගේ ගෙනාපු දේවල් අරගෙන ආපහු එයාලා නැවතිලා හිටපු apartment එකට teleport වුනා කෙල්ලෝ තුන් දෙනා රූම් වලට ගියා යුවි dressing table එක ඉස්සරහ ඉදගෙන mirror එකෙන් පේන එයාගේ ප්‍රතිබිම්බය දිහා බලාගෙන තනියෙන් හිනා වුනා යුවි එයාගේ තොල් හිමින් පිරිමදින්න ගත්තේ ජිමින් එයාව කිස් කරපු හැටි මැවිලා පෙනෙද්දී
ඒ වෙලාවේ නොහිතපු විදියට යුවිගේ රූම් එකට කඩාගෙන බිදගෙන ආපු මිනායා දැක්කේ තොල් පිරිමදින ගමන් තනියෙන් හිනා වෙන යුවි ඒක දැකපු මිනායා අමුතු හිනාවක් දැම්මා
" ජිමින්ගේ තොල් රසයි වගේ "
මිනායා එහෙම කිව්වාම කල්පනා ලෝකේ තනිවෙලා ඉදපු යුවි ගැස්සිලා ගියා කෙල්ල මුකුත් නොවුනු ගානට මිනායා දිහාට හැරුනා
" මොහ්...?"
" ප්‍රසිද්ධියේ කට කා ගන්න කොට හිතුනේ නැද්ද අපි වගේ පොඩි ලමයින්ගේ මනස දූෂණය වෙනවා කියලා "
මිනායා කිව්වා
" ඔය පොඩි ලමයාම නේද ජන්කූක්ගේ පස්සෙන් බේබිබොයි ගාගෙන ගියේ "
යුවි කිව්වාම මිනායා දත් තිස්දෙක නියවගෙන හිනාවක් දැම්මා
" ඒක නෙවෙයි උබ ජිමින්ට කැමතියි ද.."
මිනායා එකපාරට ඇහුවාම යුවි මිනායා දිහා බැලුවා
" මොකද ඔහොම බලන්නේ....? මම කියපු දේ ඇත්ත නේ "
මිනායා කට කොනින් හිනාවක් එක්ක කියද්දී යුවි ඔලුව දෙපැත්තට වැනුවා
" මම දන්නේ නැ බන් "
යුවි එහෙම කියලා ඇද උඩින් වාඩිවුනා
" දන්නේ නැ කියන්නේ මොකද්ද බන් ජිමින් උබ දිහා කන්න වගේ බලාගෙන ඉන්නවා මම ඕන තරම් දැකලා තියෙනවා "
" ඒ එයා නේ මිනා.."
" හරි හරි යුවියා...මම කියන දේ කරන්නකෝ "
" මොකද්ද "
" ඇස් පියාගෙන ජිමින් ගැන හිතන්න "
මිනායා කියනකොට යුවි ඇස් පියාගෙන මතක් කලේ ජිමින් හමුවුණු දවසේ ඉදලා වුනු හැමදේම කෙල්ලගේ තොල් අතරට හිනාවක් ආවේ නොදැනීමයි මිනායා යුවිගේ මූනේ තියෙන මල් හිනාව දිහා බලාගෙන හිටියා
" මොනාද දැනෙන්නේ....?"
යුවි ඇස් ඇරලා මිනායා දිහා බැලුවේ හිනාවක් එක්ක
" ඒක නිකන් attraction එකක් විතරයි "
යුවි එහෙම කියලා මිනායාට ඇහැක් ගහලා ගියේ මිනායා කටත් ඇරගෙන බලාගෙන ඉදිද්දී
" ඔහොම හිටාම්....යුවියා.."
මිනායා කෑගහගෙන යුවිගේ පස්සෙන් දුවගෙන ගියා යුවි ඒ වෙනකොටත් ගියේ කිචන් එකට කවුන්ටරේ උඩ වාඩිවෙලා කකුල් දෙකත් වන වනා ඉන්නවා චේයොන්ග් උයන්න ලෑස්ති වෙනවා
" මට ඇත්ත කියාම් යුවියා..."
" මොකද මේ.."
චේයොන්ග් ඇහුවේ යුවි දිහා බලාගෙන ඉන්න මිනායාගෙන්
" මේකිගෙයි ජිමින්ගෙයි මොකක් හරි හොරයක් තියෙනවා චේ.."
" තොගෙයි ජන්කූක්ගෙයි අතරේ තියෙන්නේ මොන වගේ සම්බන්ධයක් ද කියාම් "
යුවි ඇහිබමක් උස්සගෙන මිනායා දිහා බලාගෙන ඇහුවාම මිනායාට දෙන්න උත්තරයක් නැති වුනා
" මොකද තොගේ කට වැහිලා කියාම් දැන් "
" යුවි ජිමින් කියන්නේ මේට්ලා.."
ටික වෙලාවක් නිහඩව හිටපු චේයොන්ග් එහෙම කිව්වාම යුවිගේ ඇස් ලොකු වුනා මිනායා අමුතු කුප්ප හිනාවක් දැම්මා
" ඔහ්....ඒක තමයි එහෙනම් attraction එක.."
මිනායා කියනකොට යුවිගේ කන් දෙක රතු වුනා චේයොන්ග් යුවි දිහා බලාගෙන හිනා වෙනවා
" අපි යුවියාට මේට් හම්බුනා එහෙනම් "
චේයොන්ග් කිව්වා
" එපා බන් යුවියා රතු වෙලා පුපුරයි "
" පල යන්න තිරිසන්නු ටික මට විතර ද චේටත් මේට් හම්බුනේ "
යුවි කටට ආවාට ඒක කිව්වාට චේයොන්ග්ගේ මූනේ මෙච්චර වෙලා රැදිලා තිබුණු හිනාව නැති වෙලා යන්න වැඩි වෙලාවක් ගියේ නැ කෙල්ල කැමති නැ ටේහ්‍යුන්ගේ නමවත් කියනවාට එහෙම එකේ ටේහ්‍යුන් එයාගේ මේට් කියලා යුවි මතක් කරද්දී චේයොන්ග්ට දැනුනේ කලකිරීමක් කෙල්ලගේ හිතේ ටේහ්‍යුන්ගේ චරිතේ පිලිබද පැහැදීමක් තිබුණේ නැති තරම් චේයොන්ග්ගේ මූන වෙනස් වුනා කියලා දැක්ක මිනායා වැලමිටෙන් යුවිට ඇනලා චේයොන්ග් පෙන්නුවා
" මියානේ චේ....මම ඒ ගැන වැඩිය හිතුවේ නැ "
" ඒකට කමක් නැ යුවියා.."
චේයොන්ග් එහෙම කියලා ආපහු උයන්න පටන් ගත්තාම අනිත් දෙන්නාත් කෙල්ලට උදව් කලා අන්තිමේ දී උයලා කාලා ඉවර වෙලා තුන් දෙනා project එක ගැන සාකච්ඡා කලා අනිද්දා යුනි යන්න තියෙන නිසා හෙට දවස ඇතුලත කොහොමහරි project එක ඉවර කරන්න ඕන කෙල්ලෝ තුන්දෙනා රෑ එකත් පහුවෙලා නිදාගන්න ගියා
පසුදින එයාලා දවසම වැය කලේ project එක ඉවර කරන්න කොහොමහරි දවස ඇතුලත එයාලගේ powers භාවිත කරලා project එක ඉවර කලා
අද තමයි මාසෙකට පස්සේ කෙල්ලෝ තුන් දෙනා යුනි යන්නේ ඒක නිසා දැන් ගෙදර රුසියන් යුක්රේන් යුද්ධය වගේ
" චේ...කෝ යකෝ මගේ toothbrush එක.."
" යාහ්හ් මගේ සෝස ටවල් එක ගත්තු එකෙක් හොද හිතින් දීපන් "
" චේ තෝ නේද මගේ යටිතල පහසුකම ඉස්සුවේ දීපන් ඕක "
" යුවිගේ toothbrush එක මිනා කොමඩ් එක ඇතුලට දානවා දැක්කා.."
චේයොන්ග් එයාගේ සෝස පාට ටවල් රාජයා හොයන ගමන් කෑගහලා කිව්වා
" මේ ඒසිකයාට පාර මැද මුත්‍රා යන්න ඕන "
යුවියා එහෙම කියාගෙන මිනායා හොයාගෙන ගියා
" යුරේකා යුරේකා යුරේකාගේ ඔප්පා "
චේයොන්ග් සෝෆා එක අස්සේ තිබුණු සෝස පාට හඩු මීතොටමුල්ලේ කුනු කන්දට දෙවැනි නැති ටවල් එක උස්සගෙන කෑගහගෙන ගියා ඒත් වැඩි දුරක් එහෙම යන්න නොලැබුනේ මිනායාගේ සපත්තුවක පටලැවිලා නිව්ටන් ඔප්පාගේ ගුරුත්වාකර්ෂනයට පින් සිද්ද වෙන්න පොලොව බදාගත්තා
" මිනායාආආආආආ"
" ඕ..යේහ්..."
ලොකු යුද්ධයක් කරගෙන කෙල්ලෝ තුන් දෙනා රෙඩි වෙලා යුනි එකට ආවා
" තෝ මගේ යටිතල පහසුකම හොදට හෝදලා දීපන් "
චේයොන්ග්ට රවන ගමන් මිනායා කිව්වාම කෙල්ල හිනා වුනා තුන් දෙනා එක්ක ගිහින් ලෙක්චර් හෝල් එකේ පිටිපස්සෙම පේලියට කලින් පේලියේ වාඩිවුනා ඒත් එක්කම ලෙක්චර් හෝල් එකට ආපු කොල්ලෙක් මිනායාට ඇහැක් ගැහුවේ කෙල්ල කම්ෆියුස් උන්ගා බුන්ගා වෙලා යද්දී
" ඒ මොකද්ද යකෝ ඒ වුනේ "
මිනායා ඇස් ලොකු කරගෙන කිව්වා ඒ කොල්ලා කාලයක් මිනායාගේ කස් ලිස්ට් එකේ හිටියා
" වැඩිය දෙයක් වුනේ නැ මිනායාගේ කස් ලිස්ට් එකේ 9999 හිටපු කොල්ලා ඇහැක් ගැහුවා "
චේයොන්ග් කියද්දී ඒක අනුමත කරන්න වගේ යුවි ඔලුව වැනුවා
" සිරාවට ඌ මගේ කස් ලිස්ට් එකේ හිටියා ද මට මතක නැ නේ "
මිනායා එහෙම කිව්වාම යුවි කෙල්ලගේ ඔලුවට පොතකින් ගැහුවා හරියටම 8.00 වෙද්දී lecturer ලෙක්චර් හෝල් එකට ආවා lecturer එයාගේ නහය දිගේ පහලට රූටලා යන තඩි පොල් කන්නාඩි කූට්ටම මැදගිල්ලෙන්
උස්සනකොට කෙල්ලෝ තුන් දෙනාට වගේම තවත් ලමයි කිහිප දෙනෙක්ට හිනාවක් ගියා lecturer නොරිස්සුම් සහගත බැල්ලමක් හෝල් එක දිහාට දැම්මාම ඔක්කොම නිහඩ වුනා
" Good Morning everyone...මාසෙකට පස්සේ කට්ටිය දකින්නේ මම හිතනවා හැමෝම සාර්ථකව project එක අවසන් කරලා ඇති කියලා එහෙම නේද චේයොන්ග් "
Lecturer අන්තිමට චේයොන්ග්ගේ නම කියලා අහද්දී කෙල්ල අහිංසක හිනාවක් දාලා ඔව් කියන්න ඔලුව වැනුවා
" මේ ගෑනිට ඇයි කොයිවෙලෙත් අපිවම පේන්නේ "
මිනායා හිමින් මිමිනුවේ lecturer ට රවන ගමන්
" අද ඉදලා ඔයාලා එක්ක එකට ඉගෙනගන්න පිරිමි ලමයි තුන් දෙනෙක් එනවා ඔයාලා හැමෝම ඒ ලමයි එක්ක සහයෝගයෙන් වැඩ කරන්න ඕන "
Lecturer කියද්දී ඔක්කොම දෑස් දල්වාගෙන බලාගෙන හිටියේ කවුද අලුතින් එන පිරිමි ලමයි තුන් දෙනා කියලා
" හැන්සම් කොම්ලෝ තුන් දෙනෙක් නම් මම්ගේ තමයි "
යුවි කිව්වා
" හිටාම් ජිමින්ට වුබ ගැන කියන්න "
මිනායා කිව්වාම යුවි රැව්වා
" ඒක නෙවෙයි මිනා බලපන්කෝ ඉස්සරහ ඉදලා තුන්වැනි පේලියේ ඉන්න කෙම්ල.."
චේයොන්ග් එහා පැත්තේ ඉදපු මිනායාට කියද්දී කෙල්ල එයාගේ රබර් ඇහැ දාලා චේයොන්ග් කියපු කෙල්ල දිහා බැලුවා
" ම්ම්ම්ම්....පශ්චාත් ප්‍රදේශය නම් හොදයි ඉස්සරහ කොහොමද දන්නේ නැ "
මිනායා ඇස් හීනි කරගෙන කියද්දී ඇතුලට ආපු කොල්ලෝ තුන් දෙනා නිසා යුවිගේ අතේ තිබුණු පෑන බිම වැටුනා මිනායා ඇස් ලොකු කරගෙන බලාගෙන ඉන්නවා චේයොන්ග් ඉහලට ගත්ත හුස්ම පහලට දාන්න අමතක වෙලා ලෙක්චර් හෝල් එකේ ඉදපු කෙල්ලෝ සූස් ගානවා ඒ අතරේ සමහර කෙල්ලෝ sugar daddy කියලා කෑගහනවා
To be continue..........😈
කවුද ආවේ කියලා ඕතර් අමුතුවෙන් කියන්න ඕන නැ නේ
Bạn đang đọc truyện trên: AzTruyen.Top