😈 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 14🩸

රජතුමා තමන්ගේ මේට් චේයොන්ග් කියලා දැනගත්තාම එයාට රාජකීය ගෞරවය සහිතව සියලු සැප සම්පත් ලබා දුන්නා චේයොන්ග්ට වෙන් වුනු වෙනම සේවිකාවෝ සුඛෝපභෝගී royal bedroom එකක් වගේම සතියෙන් සතිය කෙල්ල පාවිච්චි කරන දේවල් අලුත් කරන්නත් නියෝග දුන්නා ඒත් චේයොන්ග් නම් ඒ දේට එකග වුනේ නැ හැබැයි කෙල්ල කියන දේවල් සත පහකට ගනන් නොගෙන රජතුමාට ඕන දේ හැමදාම වගේ කලා

චේයොන්ග් ටේහ්‍යුන්ට එයාගේ අතකින්වත් අල්ලන්න දුන්නේ නැ පුලුවන් තරම් ටේහ්‍යුන්ව මගහැරියා එහෙම නැත්නම් කොල්ලාට හින්ට් ගැහුවා මූනට හම්බුනු වෙලාවට බනිනවා කෙල්ලට ටේහ්‍යුන් එයාගේ මේට් වුනු ගැන තිබුණේ තරහක් වුනු දේවල් එක්ක චේයොන්ග්ගේ තරහ සාධාරණයි කෙල්ල කොච්චර කේන්තියෙන් කෑගහලා බැන්නත් ටේහ්‍යුන් ඒ දේවල් වලට මුකුත් කියන්න ගියේ නැ කොල්ලා ඒ වෙලාවට අහිංසක විදියට හිනා වෙනවා එතකොට චේයොන්ග්ට තවත් කේන්ති යනවා හැබැයි ඒ අහිංසක හිනාව ඇතුලේ සැගවිලා තියෙන වේදනාව තේරුම් ගත්තා නම් ඉදිරියට වෙන්න තිබුණු ගොඩක් දේවල් වලක්වා ගන්න තිබුනා ඒත් වෙන්න තියෙන දේවල් කාටවත් වෙනස් කරන්න බැ නේ

මිනායා යුවි දෙන්නාටත් චේයොන්ග්ට ලැබුනු සියලු සැප පහසුකම් ලැබුනා හැබැයි මිනායා නම් සතුටු වුනේ ඔය ඔක්කොටම වඩා හොද ස්ප්‍රින් මෙට්ටයක් එක්ක ඇදක් හම්බුනු එකට ඉතින් මිනායා දවසම ඇද බදාගෙන තමයි ඉන්නේ අතට පයට වැඩට සර්වන්ට්ලා ඉන්න නිසා කිසි ප්‍රශ්නයක් නැ ඉස්සර එයාලගෙන් වැඩ ගත්ත සර්වන්ට්ලාගෙන් මදි නොකියන්න වැඩ ගත්තා හැබැයි මිනායා ජන්කූක්ට වද දෙන එක නම් නැවැත්තුවේ නැ කොල්ලා දැක්ක දැක්ක තැන බේබිබොයි,බලු කුක්කා යන නම් වලින් ආමන්ත්‍රණය කරනවා ඒ වෙලාවට ජන්කූක්ගේ මූන බලන්න ලස්සනයි

යුවි ගැන කිව්වොත් කෙල්ල ෆුල් ෆන් එකේ ඉන්නවා මිස් චෝයිට අම්බානෙකට වද දෙනවා යුවියාගේ වද ඉවසගන්න බැරුව මිස් චෝයීට සියදිවි නසා ගන්න හිතුනු වාර නොතිබුනාම නෙවෙයි මිස් චෝයීට කෙල්ලට මුකුත් කියන්න බැ කෙල්ල ජිමින්ගේ හිත කියවලා ජිමින්ව නෝන්ඩි කරන එක තමයි මේ දවස් වල යුවියාගේ විනෝදාංශය වෙලා තියෙන්නේ ඒ නිසා අන්තිමේ දී ජිමින් එයාගේ හිත යුවියාට කියවන්න බැරි වෙන්න බන්ධනයක් කලා ඒ නිසා යුවියා ජිමින් එක්ක හිටියේ එච්චර හිත හොදකින් නෙවෙයි

මේ වෙලාවේ චේයොන්ග් හිටියේ එයා දිග ගවුමත් අල්ලාගෙන royal garden එකේ ඇවිදින ගමන්

මැලවිලා තියෙන මල් පැල ඇගිලි තුඩු වලින් අල්ලන ගමන් කෙල්ල ඇවිදගෙන ගියේ චේයොන්ග්ගේ ඇගිලි තුඩු මල් පැල වල වැදුනු ගමන් මල් පැල වලට නව ජීවියක් ලැබුනා වගේ මල් පිපිලා පන ලැබුනා හැබැයි විනාඩි කිහිපයක් යනකොට චේයොන්ග්ට දැනුනේ එයාගේ පස්සෙන් කවුරුහරි එනවා කියලා ඒ නිසා කෙල්ල ඇගිලි දෙකක් පොඩ්ඩක් සෙලෙව්වා ඒත් එක්කම ඇහුනු සද්දයක් එක්ක චේයොන්ග් පිටිපස්ස හැරුනා කෙල්ල කට කොනින් හිනාවක් එක්ක බලාගෙන හිටියේ තමන් ඉදිරියේ ඔලුවෙන් හිටගෙන ඉන්න කෙනා දිහා

මල් වැල් වලින් කකුල් දෙක ගහක අත්තක බැදලා තිබුණු නිසා ඒ කෙනාගේ ඔලුව පහලට කඩාගෙන වැටිලා තිබුනා ඒ වෙන කවුරුවත් නෙවෙයි vimpire king kim Taehyung රජතුමාට චේයොන්ග්ට විරුද්ධව එයාගේ බලය පාවිච්චි කරන්න පුලුවන් වුනත් එයාට එහෙම කරන්න ඕන වුනේ නැ ඒ හින්දා චේයොන්ග්ගේ පස්සෙන් ගිහින් මේ වගේ punishment කාපු අවස්ථා අනන්තයි ඒත් කොල්ලා වැඩේ අතහරින්නේ නැ

" මම කීපාරක් කියලා තියෙනවා ද මගේ පස්සෙන් එන්න එපා කියලා "

චේයොන්ග් කේන්තියෙන් කියද්දී ටේහ්‍යුන් හිනාවකින් උත්තර දුන්නා

" මම මගේ රැජිනගේ පස්සෙන් ආපු එක වැරදියි ද.."

ටේහ්‍යුන් කිව්වේ එයාගේ මූන ඉස්සරහ තියෙන චේයොන්ග්ගේ මූන දිහා බලාගෙන හැබැයි කොල්ලාගේ ඇස් නැවතිලා තිබුණේ එයාගේ ඇස් ඉදිරියේ තියෙන චේයොන්ග්ගේ සෙලවෙන රෝස තොල් පෙති ලග

" මම තමුන්ගේ රැජින නෙවෙයි මට තමුන්ව පේන්න බැ "

චේයොන්ග් අත් මිට මොලවාගෙන කේන්තියෙන් කිව්වා ඒත් කොල්ලාට චේයොන්ග් කියපුවා ඇහුනාද කියන එක නම් ප්‍රශ්නයක් මොකද ටේහ්‍යුන් හිටියේ කෙල්ලගේ රෝස තොල් පෙති අතරේ අතරමං වෙලා කෙල්ලගේ ලගින් එන රෝස සුවද ටේහ්‍යුන්ව මත් කලා කිව්වොත් හරි

" චේට මාව පේන්න බැරි වුනාට මට චේව පේන්න පුලුවන් "

ටේහ්‍යුන්ගේ වචන කෙල්ලගේ කේන්තිය තවත් වැඩි කලා

" අයිෂ්....තමුසේ පුදුම වදයක් වුනා නේ මම මෙහෙන් ඉක්මනට යනවා එතකොට හරි නිදහසේ ඉන්න පුලුවන් "

චේයොන්ග් කියනකොට කොල්ලා පොඩ්ඩක් ඉස්සරහට වෙලා කෙල්ලගේ තොල් වලට පෙක් එකක් තිබ්බේ චේයොන්ග්ගේ ඇස් ලොකු වෙද්දී

" තමුසේ කොහේ ගියත් මම පස්සෙන් එනවා චේ ඒක කාටවත් නවත්තන්න නැ අඩුම ඔයාටත් චේ.."

කෙල්ලගේ තොල් වල ගෑවි නොගෑවී ටේහ්‍යුන් කියද්දී චේයොන්ග් පස්සට ගියා

" තමුසෙට මම වෛර කරනවා ටේහ්‍යුන්.."

චේයොන්ග් එහෙම කියලා කේන්තියෙන් අඩි හප්පමින් යන්න ගියේ ටේහ්‍යුන් තාම වවුලෙක් වගේ ගහේ එල්ලිලා ඉදිද්දී

" මට ඒක ප්‍රශ්නයක් නෙවෙයි චේ.."

ටේහ්‍යුන් මිමිනුවා ඊට පස්සේ එයාගේ කකුල් වල එතිලා තියෙන වැල් ගැලවිලා ටේහ්‍යුන් බිම වැටුනා ටේහ්‍යුන් නැගිටලා එතැනින් ගියේ ඈතින් යන චේයොන්ග් දිහා බලලා

ඒ අතරේ මිනායා ජන්කූක්ට විරුද්ධව යුද්ධය ප්‍රකාශ කරලා ඒ යුද්ධය දිහා පැත්තකට වෙලා යුවි බලාගෙන ඉන්නවා

" යාහ්හ්හ්...Jeon Fucking Jungkook... තවුසේ වැරදි කෙල්ල එක්ක හැප්පුනේ මෙහෙ දීපිය මගේ ආහාර වේල "

මිනායා ජන්කූක් උඩට කරලා උස්සගෙන ඉන්න බනානා මිල්ක් ශේක් බොටල් එක ගන්න ට්‍රයි කරන ගමන් කෑගැහුවා

" මේක තොගේ නෙවෙයි ගෑනියේ එහාට පලයන් තොගේ කියලා නමක් ගහලා නැ නේ "

ජන්කූක් කෙල්ලව පිටිපස්සට තල්ලු කරලා කිව්වා

" හිටාම් අද තොට දෙන්න..."

මිනායා එහෙම කියලා එයාගේ බලය පාවිච්චි කරලා මේසේ උඩ තිබුණු මල් වාස් එක පා කරලා ජන්කූක්ගේ පැත්තට එව්වා කොල්ලාගේ මූනේ වදින්න ඔන්න මෙන්න තියලා මල් වාස් එක නැවතුනා ජන්කූක් එයාගේ දබරගිල්ලෙන් මල් වාස් එක ඇල්ලුවාම මල් වාස් එක කෑලි කෑලි වලට කුඩු වෙලා බිම වැටුනේ මිනායා කට ඇරගෙන බලාගෙන ඉන්නකොට ජන්කූක් කෙල්ල දිහා බලාගෙන කට කොනින් හිනා වුනා

" තවුසේ...තවුසේ..."

කෙල්ල මේසේ උඩ තිබුනු පිගානක් පා කරලා එව්වාම කලින් මල් වාස් එක වගේම පිගානත් ස්වර්ගස්ථ වුනා

" අයිෂ්....මම තවුසෙව මරලා කනවා..."

" මම දන්නේ නැ නේ උබ හා මස් කනවා කියලා "

පැත්තක ඉදපු යුවි එහෙම කිව්වාම පුටුවක් පාවීගෙන යුවියාගේ පැත්තට ආවාම යුවියා වාඩිවෙලා හිටපු තැනින් නැගිටලා ගිහින් මේසේ යට රිංගුවා

" මේ වෙලාවට තමයි හිතන්නේ මට අහවල් ක්‍රියාවක් කරන්න ද අනුන්ගේ හිත් කියවන්න පුලුවන් බලයක් දුන්නේ කියලා "

යුවි මේසේ යටට වෙලා මිමිනුවේ තව පොඩ්ඩෙන් තම මිතුරියගේ අතින් පුටු පාරක් කාලා ස්වර්ගස්ථ වෙන්න වෙනවා කියලා මතක් වෙද්දී

" මොකද බලු කුක්කෙක් වගේ මේසේ යට හැංගිලා.."

ඒත් එක්කම ඇහුනු කටහඬ හින්දා මේස රෙද්ද එහාට කරලා ඔලුව දාලා බැලුවේ මොකාද තමන්ට බලු කුක්කා කියලා අමතන වවුල් ජීවියා කියලා

" මම බලු කුක්කෙක් නෙවෙයි කොට වවුලෝ තොට පේන්නේ නැද්ද මෙතන තුන්වැනි ලෝක යුද්ධය පටන් අරගෙන කියලා "

යුවි ජිමින්ට රවාගෙන කිව්වාම ජිමින් කෙල්ලගේ ලගට පහත් වුනා

" තමුසේ මට වඩා කොටයි අනික තමුසෙත් වවුලෙක් කියලා අමතක කරන්න එපා "

ජිමින් කෙල්ලගේ මූනට එබිලා කියනකොට යුවි බෙල්ලෙන් පස්සට ගියා

" මොකද මගේ දිහා කන්න වගේ බලාගෙන ඉන්නේ "

යුවි ඇහුවේ කොල්ලා යුවි දිහා කෑමක් දිහා බලාගෙන ඉන්න සෝමාලියන් හිගන්නෙක් වගේ බලාගෙන ඉන්න හින්දා හැබැයි ජිමින්ට කෙල්ල අහපු දේ ඇහුනා ද කියන එක නම් ප්‍රශ්නයක් කොල්ලා යුවිගේ දිලිසෙන ඇස් අතරේ අතරමං වෙලා හිටියේ

(Author: ඔය ඇස් කතා කරනවා මගේ දිහා බල බලා...🌝)

යුවිගේ ලගින් එන ලැවැන්ඩර් සුවදට කොල්ලාට මත් වෙනවා වගේ ස්වභාවයක් දැනුනා ජිමින්ට නොදැනුවත්වම එයාගේ අතක් ගියේ යුවිගේ කම්බුලකට කෙල්ල ඇස් ලොකු කරගෙන ජිමින් දිහා බලාගෙන හිටියා ටික ටික කොල්ලා යුවිගේ මූනට පහත් වෙද්දී යුවිගේ ඇස් ටිකෙන් ටික පියවෙන්න ගත්තා හරියට ජිමින්ගේ ස්පර්ශයට එයා මත් වෙලා වගේ ජිමින්ගේ තොල් සහ යුවිගේ තොල් අතර තිබුණේ මිලිමීටරයක විතර පරතරයක්

" තමුසෙගේ සර්පයා කපලා හන් ගගේ කිඹුලෙක්ට කන්න දානවා.."

එකපාරට බෝම්බයක් ගැහුවා වගේ කෑගහද්දී මෙච්චර වෙලා ප්‍රේම ලෝකයේ වෙලිලා හිටපු යුවි ජිමින් දෙන්නා එකපාරට ඈත් වුනා

" ආව්..."

එකපාරට ගැස්සිලා ගියපු පාර යුවිගේ ඔලුව මේසේ වැදුනා ජිමින් ලග තිබුණු පුටුවක් පෙරලගෙන බිම වැටුනා යුවි ඔලුව අතගාන ගමන් නැගිටලා ජිමින් දිහා බලලා හිනා වුනා කොල්ලා ඉක්මනට නැගිටලා ඇදුම් හදාගෙන යුවිට රැව්වා

" මොකද මේ කෑගහන්නේ...."

ටේහ්‍යුන්ව ගහක එල්ලලා ආපු චේයොන්ග් dinning room එක පැත්තෙන් ආපු සද්දයක් හින්දා කෙල්ල ඒ පැත්තට ආවේ dinning room එක පිස්සන් කොටුවකට වඩා අන්තයි ඒක දැක්කොත් පිස්සොන්ටත් ආපහු පිස්සු හැදෙයි චේයොන්ග් dinning room එක පුරා ඇස් යවලා අන්තිමට බැලුවේ ජන්කූක්ගේ ඇග උඩ නැගගෙන බනානා මිල්ක් ශේක් එක ගන්න ට්‍රයි කරන මිනායා දිහා

" මිනා...."

" චේ....මූට කියපන් මගේ බනානා මිල්ක් ශේක් එක දෙන්න කියලා "

මිනායා ජන්කූක්ගේ අතේ තියෙන බනානා මිල්ක් ශේක් එක ගන්න ට්‍රයි කරන ගමන් කිව්වා

" බනානා මිල්ක් ශේක් එකක් වෙනුවෙන් ද මෙච්චර පිස්සුවක් නැටුවේ...තෝ හිතාගෙන ඉන්නේ ලෝකේ තියෙන අන්තිම බනානා මිල්ක් ශේක් එක ඕක කියලා ද.."

චේයොන්ග් ඇහුවාම මිනායා ඔව් කියන්න ඔලුව වැනුවා චේයොන්ග් ඔලුව දෙපැත්තට වැනුවේ මිනායාට කියනවාට වඩා හොදයි කෙසෙල් ගහකට කියන එක හින්දා මොකද මිනායාට දෙයක් ඕන වුනත් ඒ දේ අනිවාර්යයෙන් කොහොමහරි ගන්නවා ඒ වගේම දෙයක් එපා කිව්වොත් එපාම තමයි ආපහු සක්‍රයා ඇවිත් කිව්වත් එයා භාර ගන්නේ නැ

" මිනා...ජන්කූක්ගේ ඇග උඩින් නැගිට්ටොත් හොද නැද්ද..."

යුවි කුප්ප හිනාවක් දාගෙන කියනකොට තමයි මිනායාට මීටර් වුනේ එයා ඉන්න විදිය ගැන මොකද මෙච්චර වෙලා කෙල්ල හිටියේ බනානා මිල්ක් ශේක් එක ගන්න ඕන කියන සිහියෙන් නේ ඒ ක්ෂනිකව ජන්කූක්ගේ අතේ තිබුණු බනානා මිල්ක් ශේක් එක උදුරගත්ත මිනායා කොල්ලාගේ ඇගෙන් නැගිට්ටා මුකුත් නොවුනු ගානට බනානා මිල්ක් ශේක් එක බොන ගමන් මිනායා ඇවිදගෙන ගියේ ජන්කූක් තාමත් හිටපු විදියට ඉදගෙන බලාගෙන ඉදිද්දී

" යුවියා...මිනා....අපි හෙට මෙහෙන් යන්න ඕන "

චේයොන්ග් එහෙම කියද්දී යන්න ගියපු මිනායා එතැනම නැවතුනා යුවි චේයොන්ග් දිහා බැලුවා

" මොහ්...?"

" අපි ආවේ project එකක් කරන්න ඒක මාසෙකින් කරන්න දුන්නු දෙයක් තව දවස් දෙකකින් මාසේ ඉවරයි ඉතින් අපි යන්න ඕන "

චේයොන්ග් කියද්දී මිනායාගේ අතේ තියාගෙන ඉදපු බනානා මිල්ක් ශේක් එක තව පොඩ්ඩෙන් බිම

" දැන් ඔයාලා යන්න ද හදන්නේ "

ජිමින් ඇහුවාම චේයොන්ග් ඔව් කියන්න ඔලුව වැනුවා

" ඒත් චේ...."

" මම කිව්වා නේ යුවි අපි මෙහෙන් යනවා එච්චරයි ඔයාලා දෙන්නා ඉන්නවා නම් ඉන්න තනියෙන් හරි මම යනවා මට තවත් මෙහේ ඉන්න කිසි ආසාවක් නැ "

චේයොන්ග් කේන්තියෙන් කියද්දී යුවි බිම බලාගත්තා මිනායා මුකුත් නොකියා හිටියා එයාලා කොච්චර ඉන්න ඕන වුනත් එයාලට බැ එයාගේ යාලුවා තනි කරන්න අනික වුනු දේවල් එක්ක චේයොන්ග් මෙහෙම හැසිරෙන්නේ නැත්නම් නම් තමයි පුදුම වෙන්න ඕන ටේහ්‍යුන් දකින දකින සැරේට කෙල්ලට එදා රාත්‍රිය මතක් වුනා ඒ රාත්‍රියට චේයොන්ග් ගොඩක් වෛර කලා ඒ වගේම ටේහ්‍යුන්ටත් ඒ නිසායි කෙල්ලට මාලිගාවෙන් යන්න ඕන වුනේ එයාලගේ සුපුරුදු ජීවිතයට ආපහු එයාලට කලින් ජීවිතයට යන්න පුලුවන් වෙයි ද..? වුනු දේවල් අමතක කරන්න පුලුවන් වෙයි ද...? ඒ හැමදේම කාලය විසින් තීරණය කරයි

මේ හැමදේම ටේහ්‍යුන් අහගෙන හිටියේ එයාගේ රැජින තමන්ව දාලා දුරකට යන්න හදන්නේ ටේහ්‍යුන්ට කෙල්ලව නවත්තන්න ඕන වුනා ඒත් එයා කොහොමද කෙල්ලව නවත්තන්නේ....? තමන් හින්දාම නේද චේයොන්ග් යන්න හදන්නේ කියලා මතක් වෙද්දී කොල්ලා නිහඩ වුනා ටේහ්‍යුන්ගේ ජීවිතේ කවදාවත් දැනුනේ නැති අසරණකමක් දැනුනේ

චේයොන්ග් එහෙම කියලා එතැනින් යද්දී යුවි ජිමින් දිහා බලලා කෙල්ලගේ පස්සෙන් ගියා මිනායා ඇවිත් බනානා මිල්ක් ශේක් එක ජන්කූක්ට දීලා අහිංසක හිනාවකින් සංග්‍රහ කරලා ගියා ජන්කූක් එයාගේ අතේ තියෙන බනානා මිල්ක් ශේක් එක දිහා බලාගෙන ඉදියා

සමහරවිට චේයොන්ග් ගත්ත තීරණය ගැන පසුතැවෙයි ඒත් වෙන්න තියෙන ගොඩක් දේවල් වෙලා තියෙයි....

To be continue..........😈

ගොඩක් කාලෙකින් නේද

මට ටයිප් කරන්න කම්මැලියි ලමයි..

Bạn đang đọc truyện trên: AzTruyen.Top