😈 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 12🩸
දෙන්නා එක්ක ගස් වල අතු එහෙ මෙහෙ කරගෙන ඉස්සරහට ඇවිදගෙන ගියා ටික දුරක් ඇවිදගෙන යනකොට දැකපු දෙයක් නිසා දෙන්නාම නැවැත්තුවා
" චේ...."
චේයොන්ග් ඉන්න විදිය දැකලා මිනායාට කෑගැහුනා මිනායා ඉක්මනට චේයොන්ග් ලගට දුවගෙන ගියා සුදු පැහැති පුංචි පුංචි මල් පිපුනු තණකොළ පිස්ස මත කිසි හැල හොල්මනක් නැතුව වැතිරිලා ඉන්න චේගේ අතකින් අල්ලගත්තා කෙල්ලගේ අත අයිස් වගේ සීතල වෙලා
" යාහ්හ්....චේ...ඇස් අරින්න.."
මිනායා චේයොන්ග්ගේ කම්බුලට තට්ටු කරලා කතා කලත් චේයොන්ග්ගෙන් ප්‍රතිචාරයක් ලැබුනේ නැ
" ජන්කූක්..අනෙහ්...චේ ඇස් අරින්න නැ නේ..."
ජන්කූක් ගැස්සිලා ගියේ කවදාවත් මිනායා කොල්ලාට නම කියලා කතා කරලා නැ හැමතිස්සේම බේබිබොයි කිය කිය පස්සේ ගියා මිසක් මිනායාගේ සද්දේ ඇහිලා ජිමින් යුවි දෙන්නාත් එතැනට ආවා යුවි චේයොන්ග් ලගින් වාඩිවෙලා කෙල්ල චේයොන්ග්ගේ නලලට අත තියලා බැලුවා
" චේ අසාමාන්‍ය විදියට සීතල වෙලා.."
යුවි එහෙම කිව්වා
" අපි චේයොන්ග් මාලිගාවට අරගෙන යමු.."
ජන්කූක් කිව්වාම යුවි ඒක අනුමත කරන්න ඔලුව වැනුවා ජන්කූක් සිහිය නැතුව ඉන්න චේයොන්ග් වඩාගත්තා ඊට පස්සේ හතරදෙනා මාලිගාව teleport වුනා ජන්කූක්ගේ රූම් එකට ගිහින් චේව ඇද උඩින් තිබ්බා
" යාහ්හ් තමුසෙලා තුන් දෙනා හිතන එක නවත්තලා කටින් කියන දෙයක් කියනවා.."
තුන් දෙනා හිතන දේවල් අහගෙන ඉදලා යුවිට පිස්සු වගේ හින්දා ටිකක් හයියෙන් කෑගහලා කිව්වා මිනායා දත් තිස් දෙක නියවලා යුවි දිහා බලද්දී ජිකුක් දෙන්නා නම් කම්ෆියුස් වෙලා බලාගෙන හිටියා
" හේ හේ යුවියාට හිත් කියවන්න පුලුවන් "
මිනායා අමුතු හිනාවක් එක්ක කිව්වා
" චේට මොනාද කරන්නේ කියලා හිතනවා "
මේකිගේ කටේ සද්දේ...ඝාන්ටාර පරාදයි කලින් හිටියේ 10 ට ගනින්න බැ වගේ ඒකට දැන් මම හිතුවේ අහිංසකයි කියලා
" මගේ කට සද්දෙයි තමයි කොට ජිමිනෝ...අනික කවුද කිව්වේ මම අහිංසකයි කියලා "
යුවි ජිමින්ට රවාගෙන කියනකොට මිනායා ජන්කූක් දෙන්නා හිනා වෙන්න පටන් ගත්තා
" තමුසේ මට කොටා කිව්වාට මට වඩා තමුසේ කොටයි කියලා අමතක වුනා ද..."
ජිමින් යුවිගේ ඔලුවට ඇගිල්ලෙන් අනිනන ගමන් කිව්වා යුවි ජිමින්ගේ අතට ගහලා හැරුණේ අංගොඩින් පැනපු පිස්සො දෙන්නෙක් වගේ හිනා වෙන මිනායා ජන්කූක් දෙන්නා දිහාට හැරුනා
" තොපි දෙන්නා ගංජා ගස් පිටින් ගිලලා වගේ හිනා වෙන්නේ නැතුව චේට මොනාද වෙලා තියෙන්නේ කියලා කල්පනා කරනවා තමුසෙලාගේ මහ ලොකු මාලිගාවේ ඩොක්ටර් කෙනෙක් නැද්ද...? දැන් අහපන් ඩොක්ටර් කියන්නේ මොකාද කියලා "
යුවියා කියවගෙන යනකොට ජිමින් බලාගෙන හිටියේ කාගෙද මේ නට් ලූස් එක වගේ ලුක් එකකින්
" මිනායා කාගෙද මේ වැම්පි කෙල්ල "
ජිමින් යුවිව පෙන්නලා ඇහුවා
"මේකි කුනු ගොඩක ඉදලා උස්සගෙන ඇවිත් තියෙන්නේ "
මිනායා කිව්වාම යුවි මිනායා දිහාට මරාගෙන මැරෙන සයිස් බැල්මක් දැම්මා
" මම ගිහින් ඩොක්ටර් කෙනෙක් එක්කගෙන එන්නම්..."
ජන්කූක් එහෙම කියලා එතැනින් ගියා මිනායා යුවි දෙන්නා චේයොන්ග් ලගින් වාඩිවුනා ජිමින් පැත්තකට වෙලා අත් දෙක බැදගෙන බලාගෙන හිටියා
" මට චේ ගැන බයයි මිනා.....කවදාවත් මෙහෙම වෙලා නැ එයා මෙහෙට ආවාට පස්සේ එයාගේ වෙනසක් තේරුන් නැද්ද "
යුවි චේයොන්ග්ගේ ඔලුව අතගාන ගමන් ඇහුවා
" මටත් ඒක නොදැනුනාම නෙවෙයි යුවියා.."
මිනායා කිව්වා විනාඩි කිහිපයකින් ජන්කූක් ඩොක්ටර් එක්කගෙන ආවා ඩොක්ටර් චේයොන්ග් චෙක් කරනකම් අනිත් අය ඈත් වෙලා හිටියා
" මෙයාට කිසි ප්‍රශ්නයක් නැ මොනාහරි දේකට බය වෙලා සිහිය නැති වෙලා තියෙන්නේ තව ටිකකින් සිහිය එයි බය වෙන්න දෙයක් නැ "
ඩොක්ටර් චේයොන්ග් චෙක් කරලා එහෙම කිව්වා
" කුමාවෝ ඩොක්ටර්..."
මිනායා අහිංසක හිනාවක් එක්ක කිව්වා ඩොක්ටර් මිනායා එක්ක හිනා වෙලා එතැනින් ගියා
" එයා මොනාටද බය වෙන්න ඇත්තේ යුවියා.."
" මටත් හිතාගන්න බැ මිනා...චේ ලේසියෙන් බය වෙන කෙනෙක් නෙවෙයි අනික අපි දෙන්නාටම වඩා එයා ශක්තිමත් අපි නොදන්නා ලොකු දෙයක් තියෙනවා "
යුවි කිව්වා
" ඊට කලින් මට කියනවා තමුසෙලා තුන් දෙනා අපෙන් මේක හැංගුවේ ඇයි කියලා "
ජිමින් ඇහිබමක් උස්සගෙන ඇහුවා
" මිනාගේ හැල්මොනි අපිට මාලයක් දුන්නා අපේ ආරක්ෂාවට කියලා අපි ඒක ගලවන්න හැදුවත් චේ ඒකට ඉඩ දුන්නේ නැ "
" හේතුව....?"
යුවි දන්නේ නැ කියන්න උරහිස් ඇකිලුවා
" චේයොන්ග්ට ඔහොම ඉන්න දීලා අපි එලියට ගියොත් හොදයි වගේ..."
ජන්කූක් කිව්වා
" උප්ස්....මගේ බේබිබොයි හරි හොදයි නේ "
මිනායා හිනාවක් එක්ක කිව්වාම ජන්කූක් රැව්වා
" යේ....එලියට යමු...ඕයි කොට පාත්තයා තමුසේ මගේ කොන්ඩෙන් ඇදපු මට අමතක නැ "
යුවි ජිමින්ගේ පැත්තට ඇගිල්ලක් දික් කරගෙන කිව්වා
" චේට සිහිය එනකම් අපි යන් මිසිස් චෝයිට පාඩමක් උගන්නන්න "
මිනායා කට කොනින් හිනාවක් එක්ක කිව්වාම යුවි දගකාර හිනාවක් එක්ක ඔලුව වැනුවා
" Let's go baby..."
මිනායා යුවිව ඇදගෙන යන දිහා ජන්කූක් බලාගෙන හිටියේ සිහින් සිනාවක් දෙතොලතර රදවගෙන
" ම්ම්ම්ම්.....ඉස්සරහට මොනාහරි වෙයි වගේ "
" අහ්....?"
ජිමින් එහෙම කියාගෙන යද්දී ජන්කූක් කල්පනා කලේ ඒ මොකද්ද කිව්වේ කියලා
මේ අතරේ මිසිස් චෝයිගේ රූම් එක ලගට ගියපු කෙල්ලෝ දෙන්නා හිමින් රූම් එකේ දොර ඇරියා මිසිස් චෝයි mirror එක ඉස්සරහට වෙලා එයාගේ ලස්සන බලනවා
" අපි මොකද කරන්නේ....?"
" ඔය වයසක වැම්පයර් ගෑනිගේ හිත කියවපන් "
මිනායා කිව්වාම යුවි ඔලුව වැනුවා
" මිනා.....එයා හිතන්නේ ඔයාගේ බේබිබොයි ගැන "
යුවි එහෙම කිව්වාම මිනායා තරහෙන් පිරුණු ඇස් දෙකකින් බැලුවේ mirror එක ඉස්සරහට වෙලා තනියෙන් හිනා වෙන ගමන් ඉන්න මිසිස් චෝයි දිහා
" මේ වැම්පයර් ගෑනියේ මනමාල හිනාව බලපියකෝ හිටුකෝ අද දෙන්න වැඩක් මෙච්චර දවසක් අපිට කරපුවාටත් එක්ක.."
මිනායා එහෙම මුමුනලා ඇගිලි දෙකක් හෙලෙව්වාම වහලා තිබුණු ජනේලය ඇරුනා ඒත් එක්කම ආපු සුලග නිසා පිලිවෙලකට පීරගෙන තිබුණු මිසිස් චෝයිගේ කොන්ඩේ කපුටු කූඩුවක් වගේ වෙන්න වැඩි වෙලාවක් ගියේ නැ
" දැන් නම් cemetery ගැලපෙනවා "
යුවි හිනා වෙවි කිව්වා මිසිස් චෝයි බැන බැන ගිහින් ජනේලය වහලා දැම්මා ඊට පස්සේ මිසිස් චෝයි හැරෙනකොට දැක්ක දේ හින්දා මිසිස් චෝයි ගිරිය යටින් කෑගැහුවා මිසිස් චෝයි බය වෙලා අඩියක් පිටිපස්සට යද්දී පිටිපස්සේ තිබුණු ස්ටූල් එකේ හැප්පිලා කරනමක් ගහලා බිම වැටුනා කෙල්ලෝ දෙන්නා හිනාව කාගෙන හිටියේ බොහොම අමාරුවෙන් මිසිස් චෝයි බය වුනේ සුදු පාට රෙද්දක් පාවෙනවා දැකලා සුදු රෙද්ද බිම වැටිලා ඉන්න මිසිස් චෝයිගේ ඇගට වැටුනා
මිසිස් චෝයි කේන්තියෙන් මූන වැහිලා තියෙන රෙද්ද අයින් කරලා බලනකොට දැක්කේ එයාගේ ඇස් ඉදිරියේ මල් වාස් එකක් පාවෙනවා මල් වාස් එක වේගෙන් මිසිස් චෝයිගේ පැත්තට එද්දී මිසිස් චෝයි වැටිලා ඉදපු තැනින් නැගිටින්න යද්දී රෙද්දක පැටලිලා බිම වැටුනා
" උප්ස්......ඒක නම් රිදෙන්න ඇති....."
යුවි එහෙම කියලා මිනායා එක්ක හිනා වුනා මිසිස් චෝයි ඔලුව උස්සලා බලද්දී මල් වාස් එක මිසිස් චෝයි කන්න වගේ බලාගෙන ඉන්නවා මිසිස් චෝයි නැගිටලා කාමරේ වටේ දුවද්දී මල් වාස් එකත් පස්සෙන් ආවා මිසිස් චෝයි කෑගහගෙන දොර පැත්තට එද්දී කෙල්ලෝ දෙන්නා ඉක්මනට එතැන බිත්තියට මුවා වුනා මිසිස් චෝයි පිස්සියක් වගේ දුවගෙන යද්දී කෙල්ලෝ දෙන්නා high five එකක් දැම්මා
" මෝහිනි ඔන්නි බය වෙනවා මිසිස් චෝයි දැක්කාම...."
මිනායා එහෙම කිව්වා යුවි බිත්තියක් බදාගෙන හිනා වෙනවා කෙල්ලට හිනාව නවත්තගන්න බැ
" දැන් යමන්..."
එහෙම කියලා යුවි මිනායා දෙන්නා එතැනින් ගියේ හිනා වෙවී දෙන්නා එක්කම රූම් එකට එනකොට චේයොන්ග් කෙදිරිගානවා කෙල්ලෝ දෙන්නා ඉක්මනට චේයොන්ග් ලගට ගියා
" චේ...චේ..."
කෙල්ලට හොදටම දහඩිය දාලා චේයොන්ග් ඇදේ බෙඩ්ශීට් අතේ ගුලි කරගෙන හිටියේ
" චේ...ඇස් අරින්න..."
මිනායා චේයොන්ග්ගේ කම්බුලට ගහලා කතා කරද්දී කෙල්ල ඇස් ඇරලා වටපිට බැලුවේ කලබලයෙන් චේයොන්ග් වේගෙන් හුස්ම ගන්නවා කෙල්ලගේ හැසිරීමෙන් කියන්න පුලුවන් එයා මොනාහරි දේකට බය වෙලා කියලා යුවි වතුර වීදුරුවක් කෙල්ලට දුන්නේ එයා හොදටම බය වෙලා හින්දා චේයොන්ග් නැගිටලා වෙව්ලන අත් වලින් වතුර වීදුරුව අරගෙන උගුරු දෙකක් විතර බීලා දුන්නා චේයොන්ග් රූම් එක පුරා ඇස් යැව්වේ එයාට නුපුරුදු ගතියක් දැනුනු හින්දා
" මේ...කොහෙද...?"
" මිනාගේ බේබිබොයිගේ රූම් එක "
යුවි හිනාවක් එක්ක එහෙම කිව්වාම චේයොන්ග් ඇස් ලොකු කරගෙන මිනායා දිහා බැලුවා
" ජන්කූක්....?"
" යෙප්...ඊට කලින් තෝ කියාම් කාටවත් නොකියා කොහෙද එකපාරට අන්තරස්දාන වුනේ....? අපි කොච්චර බය වුනා ද දන්නවා ද..?"
මිනායා අහනකොට කෙල්ල හුස්මක් පහත හෙලුවා
" මට කවුරුහරි කතා කලා ඒකයි මම ගියේ මට මොනාද වුනේ කියලා තේරෙන්නේ නැ මිනා..."
චේයොන්ග් කොන්ඩේ අතරේ අතැගිලි යවන ගමන් කිව්වා
" චේ....එතකොට ඇයි ඔයා faint වුනේ "
" මගේ ඔලුව පැලෙන්න තරම් රිදෙන්න ගත්තා යුවියා "
චේයොන්ග් එහෙම කියද්දී යුවි කෙල්ලගේ ඔලුව අතගෑවා
" අපි ඒ ගැන පස්සේ හිතමු චේ දැන් ඔයා ටිකක් rest කලොත් හොදයි "
මිනායා එහෙම කිව්වා කෙල්ලව හාන්සි කරලා බ්ලැන්කට් එක පෙරෙව්වා ඉර පායන්න තවත් පැය කිහිපයක් පමනක් ඉතුරු වෙලා තියෙන හින්දා කෙල්ලෝ දෙන්නා එහෙම්ම හිටියා යුවි චේයොන්ග්ගේ ඔලුව අතගාන ගමන් හිටියා මිනායා ජන්කූක්ගේ රූම් එක පුරා ඇස් යැව්වා
ඇද ලග තිබුණු පුංචි කබඩ් එකක් ඇරියාම ඒකේ තිබුණේ වයින් බෝතල් කිහිපයක් මිනායා එක බෝතලයක් අරගෙන කඩලා නහය ලගට කරලා සුවද බැලුවා
" මරු වැම්පියා....මම හිතුවේ ලේ කියලා ඒ වුනාට වයින් නේ තියෙන්නේ මූ වයින් බීලා ද දන්නේ නැ ජීවත් වෙන්නේ "
මිනායා වයින් බෝතලෙත් උගුරක් බීලා යුවි දිහා බැලුවා යුවි ඇස් හීනි කරගෙන එච්චර හොද මූනක් නෙවෙයි දාගෙන හිටියේ
" අවුලක් නැ හොද වයින් එක උබටත් ඕන ද යුවියා..."
යුවිගේ පැත්තට වයින් බෝතලේ දික් කරගෙන කිව්වා
" මට ඕන වයිනක් නැ යකෝ දැන් ජන්කූක් ආවොත් උබට වයින් පෙන්නයි.."
" ඔය ජන්ගල් බුක්ට කවුද යුවියා බය ඒ මගේ බේබිබොයි එයා එයාගේ මමීට බය වෙන්න ඕන "
මිනායා එහෙම කියලා වයින් බෝතලෙත් උස්සගෙන නැගිටලා ගිහින් අල්මාරියක් ඇරියා ඒකේ තිබුණු ඇදුම් එහෙ මෙහෙ කරලා මිනායා ගත්ත දේ දැක්කාම යුවිට හෙන හයියෙන් හිනා ගියා යුවි ඇදට ගහන ගමන් හිනා වෙනවා
" වුබේ...වුබේ....මට බැ යකෝ...උබේ බේබිබොයි....බ්රාත් අදිනවා ද යකෝ...අයියූ කඩවලේ....මට මෙව්වාත් දකින්න වුනේ නේ "
යුවි එහෙම කියන ගමන් හිනා වෙනවා මිනායා ඇගිලි දෙකකින් බ්‍රා එකත් අල්ලාගෙන බලාගෙන ඉන්නවා
" කවුද හිතුවේ බන් බේබිබොයි මෙව්වාට කැමතියි කියලා "
මිනායා අතේ තිබුණු බ්‍රා එක පැත්තකට විසි කරලා ආපහු ඇදුම් අවුස්සන්න පටන් ගත්තා ඊලගට මිනායා ඇදලා ගත්තේ ජන්කූක්ගේ underwear එකක් ඒත් එක්කම රූම් එකට ජන්කූක් teleport වුනා තමන්ගේ underwear එකක් ඇගිලි දෙකකින් අල්ලාගෙන ඉන්න මිනායා දැක්කාම ජන්කූක්ට පොලොව පලාගෙන යන්න නොහිතුනාම නෙවෙයි කොල්ලා ඉක්මනට මිනායා අතේ තිබුණු underwear එක ඇදලා ගත්තා
" බේබිබොයි ඔයා කැමති සෝස පාට ඒවාට ද.."
මිනායා හෙනම කුප්ප හිනාවක් දාගෙන අහනකොට ජන්කූක්ගේ හා කන් දෙක රතු වුනේ ලැජ්ජාවට
" ඕමෝ...මගේ බේබිබොයිට ලැජ්ජා හිතිලා.. කමක් නැ බේබිබොයි මමි කොහොමත් ඕවා දකිනවා නේ යුවියා දැක්කා කියලා ප්‍රශ්නයක් නැ එයා කාටවත් කියන්නේ නැ එහෙම නේ යුවියා.."
යුවි තොල් දෙකත් තද කරගෙන ඔව් කියන්න ඔලුව වැනුවා
" තමුසේ මොනාද මගේ වයින් බොටල් එක අරගෙන කරන්නේ "
ජන්කූක් කතාව අනිත් පැත්ත ගහන්න වගේ එහෙම ඇහුවේ
" ඕහ්...ඒක රසයි බේබිබොයි...ඔයත් ගොඩක් රස ඇති නේද "
මිනායා තොලත් හපාගෙන අහනකොට ජන්කූක් කලේ කවුරුවත් නොහිතපු දෙයක් අඩියට දෙකට මිනායා ලගට ගියපු කොල්ලා කෙල්ලගේ ඉන වටේ අතක් යවලා මිනායාගේ තොල් වලට බර වුනා මිනායා වේගෙන් ඇස් පිය ගැහුවේ වුනේ මොකද්ද කියලා කෙල්ලට තාම හිතාගන්න බැ ජන්කූක් ඇස් පියාගෙන සැහැල්ලුවෙන් මිනායාගේ තොල් සිපගන්නවා යුවි ඇස් දෙක අත් දෙකෙන් වහගෙන ඇගිලි අතරින් කිස් කරන කපල් එක දිහා බලාගෙන ඉන්නවා
මිනායාගේ දත් අතරේ හිර වුනු යටි තොල තමන්ගේ තොල් වලින් උරන ගමන් දත් වලින් නිදහස් කර ගත්තා කෙල්ල තාමත් ඇස් ලොකු කරගෙන ජන්කූක් දිහා බලාගෙන ඉන්නවා තත්පර කිහිපයකින් මිනායාගේ තොල් වලින් ඈත් වුනු ජන්කූක් කෙල්ලගේ කන ලගට තොල් අරගෙන ගියා
" තාම ඩැඩි ගැන නොදන දගලන්න එපා බේබිගර්ල්..."
ජන්කූක් කෙල්ලගේ කනට එහෙම මුමුනන මිනායාගේ කන් පෙත්තත් සියුම්ව සිපගෙන එතැනින් teleport වුනේ මිනායා ඇස් ලොකු කරගෙන කටත් ඇරගෙන ගල් පිලිමයක් වගේ බලාගෙන ඉදිද්දී
තත්පර කිහිපයක් පුරාවට මුලු පරිසරයම ගිලිලා තිබුණේ දැඩි නිශ්ශබ්බදතාවයක
" යාහ්හ්හ් Jeon Fucking Jungkook තමුසේ කොහොමද එහෙම කරන්නේ...? අවුරුදු 249 පුරාවට පරිස්සම් කරගෙන හිටපු මගේ first kiss එක මම ඕකාට ගැඩිවිල් සුප් එකක් පොවනවා මෝඩ වැම්පියා...මොකද යකෝ හිනා වෙන්නේ අර ගස් වැම්පියා මාව කිස් කරලා යනකම් උබ අහවල් ක්‍රියාවක් සිදු කලා ද යකෝ..."
මිනායා තිබුණු නිශ්ශබ්බදතාවය බිද දමමින් අඩි හප්ප හප්ප කෑගැහුවා
" කෑගහන්න එපා යකෝ උබටත් ඕක නේ වෙන්න ඕන වුනේ ඒක නිසා බේබිබොයි බේබිබොයි ගගා පස්සෙන් ගියේ.."
මිනායා ලග තිබුණු මල් වාස් එකක් පා කරලා එව්වේ යුවිගේ ඔලුවට වදින්න වුනත් ඊට වඩා ඉක්මන් වුනු යුවි එතැනින් එහාට පැන්නා
" මට එහෙම ආසාවක් තිබුණේ නැ යකෝ "
" හරි හරි යකෝ කෑගහන්න එපා වෙන දේවල් වෙලා ඉවරයි නේ "
යුවි එහෙම කිව්වා මිනායා කේන්තියෙන් අඩි හප්ප හප්ප ගිහින් රූම් එකේ කොනක තිබුණු පුටුවක වාඩිවුනා ටික ටික උදෑසන ලගා වෙද්දී චේයොන්ග් ඇහැරුනා තුන් දෙනාම ලෑස්ති වෙලා රාජ සභාවට ගියේ රජතුමා එන්න කියලා තිබුණු නිසා ඒ යන අතරෙත් මිනායා ජන්කූක්ට දෙහි කප කපා ගියේ
" දැන් ඕක නවත්තපන් මිනා...තෝ ඔය බනින්න භාවිත කරන වචන අපරාදේ "
චේයොන්ග් කිව්වේ මිනායාගේ බැනිල්ල අහගෙන ඉදලා ඇති වුනු නිසා
" චේ...වැහි නැති අකුනක් ගහලා හා වැම්පියාව අලු කරලා දාපියකෝ..."
මිනායා චේයොන්ග්ගේ අතේ එල්ලිලා කියනකොට චේයොන්ග් අත ගසලා දැම්මා
" විකාර නොකර හිටපන් "
චේයොන්ග් රවලා කිව්වා තුන් දෙනාම රාජ සභාව ඇතුලට යනකොට හිටපු කෙනා දැකලා තුන් දෙනාම මූනට මූන බලාගත්තා
To be continue............😈
Merry Christmas...❄️☃️
ඔන්න දිග චැප්ටර් එකක් දුන්නා
Bạn đang đọc truyện trên: AzTruyen.Top