😈 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 11🩸

දවසින් දවස ගෙවිලා ගියේ රජතුමා චේයොන්ග්ට පුලුවන් උපරිමයෙන්ම වද දෙද්දී පුංචි දේටත් චේයොන්ග්ට බනින්න ගහන්න රජතුමා දෙපාරක් හිතුවේ නැ ඒ නිසා කෙල්ලට රජාගේ මුලු පරම්පරාම එපා වෙලා හිටියේ

මිනායා යුවි දෙන්නාගෙන් මිසිස් චෝයි විවේකයක්වත් නොදි වැඩ ගත්තා ඒ නිසා කෙල්ලෝ දෙන්නා එකතු වෙලා මිසිස් චෝයීට කුප්ප ගේමක් දුන්නු අවස්ථා නැතුව නෙවෙයි මිනායා ජන්කූක්ගේ පස්සෙන් ගිහින් වද දෙන්න අමතක කලෙත් නැ දකින දකින තැන ජන්කූක්ට බේබිබොයි කියලා කතා කරන එක මිනායාට පුරුද්දට ගිහින්

යුවිට නම් ජිමින්ව හම්බවෙන වාරයක් ගානේ කෙල්ල ජිමින්ව මගහැරියා ජිමින්ව දැක්ක ගමන් කොහේට හරි මාරු වෙලා යනවා ජිමින් නිකන් ඉදියි ද කොහොමහරි යුවිව අල්ලාගෙන කෙල්ලට කියලා රූම් එක අස් කරගන්නවා නැත්නම් එයාගේ ඇදුම් සෝදන්න කියනවා ඔය වගේ වෙලාවට ජිමින් තව අගල් දෙකක් තුනක් කොට වෙන්න අනින්න යුවිට නොහිතුනාම නෙවෙයි

මිනායා ඔක්කොම වැඩ ඉවර කරලා රූම් එකට ගියේ පොඩ්ඩක් නිදහසේ ඉන්න ඕන කියලා හිතාගෙන මොකද මේ දවස් ටිකේම මිසිස් චෝයි කෙල්ලගෙන් මරව මරව වැඩ ගත්ත හින්දා මිනායා හිටියේ මිසිස් චෝයි සුප් හදන සයිස් එකක

" මයේ සංකුට්ටෝ...."

කෙල්ල කෑගහගෙන ඇදට පැන්නේ හත් අවුරුද්දකින් ඇදක් දැක්කේ නැ වගේ අත පය දිග ඇරගෙන මිනායා හොදට නිදාගන්න ලෑස්තිය ඒත් කෙල්ලට වැඩි වෙලාවක් එහෙම ඉන්න ලැබුනේ නැ කලබලයෙන් ආපු යුවි මිනායාගේ පශ්චාත් භාගේ රත් වෙන්න පාරක් දුන්නේ කෙල්ල එකපාරට නැගිටලා යුවියා දිහා බැලුවා

" මොකද යකෝ ගහන්නේ....නිදහසේ නින්දක්වත් දාන්න දෙන්නේ නැද්ද "

මිනායා නැගිටලා කියවගෙන ගියේ තමන්ගේ නින්ද නැති වුනු වේදනාවෙන්

" තොගේ නින්ද නෙවෙයි යකෝ චේ හොයාගන්න නැ "

යුවි කිව්වා

" ඕක කියන්න තෝ මගේ රාජකීය නින්ද කැඩුවේ චේ ඔය කොහේහරි ඇති යකෝ "

මිනායා එහෙම කියලා ආපහු අනිත් පැත්තට නිදාගන්න හදනකොට යුවි මිනායාගේ අතින් ඇද්දා

" මම හැමතැනම බැලුවා එයා හොයාගන්න නැ යකෝ පොඩ්ඩක් සීරියස් හිතපන් එයාට කරදරයක් ද දන්නේ නැ "

යුවි එහෙම කිව්වාම මිනායා ඇදෙන් නැගිට්ටා

" චේ මේ දවස් වල දැක්ක හීන ඔක්කොම එකිනෙකට වෙනස් කිව්වා එයා දකින හීන වල මොනාහරි තේරුමක් ඇති කියලා හිතෙන්නේ නැද්ද මිනා.."

යුවියා එහෙම කිව්වාම මිනායා කල්පනාවකට වැටුනා

" අපිට චේ හම්බවෙනකොට එයාට මුකුත් මතක තිබුණේ නැ අපේ හැල්මොනි තමයි එයාට චේයොන්ග් කියන නමත් තිබ්බේ "

මිනායා එහෙම කිව්වා

" දැන් ගිහින් චේව හොයමු මිනා..."

යුවි කිව්වාම දෙන්නාම ගියේ චේයොන්ග් හොයාගෙන කෙල්ලෝ දෙන්නා මාලිගාවේ හැමතැනම ඇවිදින ගමන් චේයොන්ග් හෙව්වත් චේගේ හොල්මනවත් හොයාගන්න පුලුවන් වුනේ නැ

" අයිෂ්....මේකි කොහෙද ගියේ..?"

මිනායා කල්පනා කරමින් ඉන්නකොට යුවි කෙල්ල ලගට දුවගෙන ආවා

" චේ හොයාගන්න නැ මිනා...."

යුවි බයෙන් කියද්දී මිනායාට මතක් වුනේ එදා වුනු දේවල්

" යුවියා වරෙන්කෝ.."

මිනායා එහෙම කියන ගමන් ඇවිදගෙන ගියේ royal bedroom එක පැත්තට මිනායා මොකටද ඒ පැත්තට යන්නේ කියලා කල්පනා කරන ගමන් යුවි මිනායාගේ පස්සෙන් ගියා royal bedroom එක ඉස්සරහ නැවතුනු මිනායාගේ රූම් එකේ දොරට තඩිබාන්න ගත්තා

" ඕයි...මෝඩ රජා ඇරපිය දොර තමුසෙව අද මම කෝටු මස් කරනවා තමුසේ වැම්පයර් රජා නෙවෙයි මොකා වුනත් මට අදාල නැ ඇරපිය මේ දොර තමුසේ එක්ක තමයි චේ ඉන්නේ කියලා මම දන්නවා "

යුවි ඇස් බෝල කරගෙන බලාගෙන හිටියේ කේන්තියෙන් කෑගහන මිනායා දිහා

" යාහ්හ් මිනා හදිස්සියේවත් රජා ලග චේ නොහිටියොත් මොකද කරන්නේ "

" ඒක ඒ වෙලාවට බලාගමු ඇරපිය යකෝ දොර.."

මිනායා කෑගහනකොට ගාඩ්ස්ලා සර්වන්ට්ලා එතැනට එන්න වැඩි වෙලාවක් ගියේ නැ

" අයිෂ් අද නම් අවසන් ගමන් යන්න වෙන්නේ '

යුවි මිමිනුවා විනාඩි කිහිපයකින් රජතුමා කේන්තියෙන් පිරුණු ඇස් දෙකක් එක්ක රූම් එකේ දොර ඇරියා ජන්කූක් ජිමින් දෙන්නාත් ඒ වෙලාවේම වගේ එතැනට ආවා

" මොකද තමුසේ කෑගහන්නේ මැරෙන්න ඕන වෙලා ද...?"

රජතුමා එහෙම අහද්දී මිනායා රජතුමා පැත්තකට තල්ලු කරගෙන රූම් එක ඇතුලට ගියා යුවියා ඔලුවේ අත ගහ ගත්තේ අද නම් මදි නොකියන්න කන්න හම්බවෙයි කියලා හිතෙද්දී රූම් එක පුරා හෙව්වත් චේව හොයාගන්න පුලුවන් වුනේ නැ රජතුමා මිනායාගේ කොන්ඩෙන් ඇදලා රූම් එකෙන් එලියට තල්ලු කලා මිනායා වැටෙන්න යනකොට යුවියා කෙල්ලව අල්ලගත්තා

" තමුසේ මම මොකෙක් කියලා හිතාගෙන ද ඔච්චර හයියෙන් කෑගහන්නේ මාවත් තල්ලු කරගෙන මගේ රූම් එකට පැනලා මොකාද හොයන්නේ තමුසේ එදාම ඉවරයක් කලා නම් ඉවරයි "

" යේ යේ එදාම මාව ඉවරයක් කලා නම් තමුසේ අතින් අර අහිංසක කෙල්ල විනාස වෙන්නේ නැ වල් රජා..."

මිනායා එහෙම කියලා යුවිගේ අතින් ඇදගෙන එතැනින් යන්න ගියේ ඔක්කොම කටවල් ඇරගෙන බලාගෙන ඉදිද්දී රජතුමාගේ මූනටම බැනලා යන කෙල්ල දිහා බලාගෙන ඉදිද්දී ජන්කූක්ට පොඩි හිනාවක් ගියා

" මම ඕකිව ඉවරයක් කරනවා...."

රජතුමා අතමිට මොලවාගෙන කෑගහලා කිව්වා

" ජන්කූක්...."

මෙච්චර වෙලා මිනායාගේ සිහියෙන් හිටපු ජන්කූක් රජතුමාගේ කටහඬ එක්ක ගැස්සිලා ගියා

" වේ..වේ.."

කොල්ලා කලබලයෙන් ඇහුවා

" අරකිව අල්ලාගෙන ඉවරයක් කරලා දාපන් "

රජතුමා එහෙම කියලා රූම් එක දොර හයියෙන් වහලා දැම්මා මේ අතරේ කේන්තියෙන් යුවියා ඇදගෙන මිනායාගේ garden එකට ආවේ

" යාහ්හ්හ්....උබ මොකටද අර වවුල් රජා එක්ක පැටලෙන්න ගියේ...? දැන් ඒ වවුලා අපිව BBQ දාලා කන විදිය කල්පනා කරනවා ඇති චේ හොයාගන්න කලින් අපිට අවසන් ගමන් යන්න වෙයි වගේ "

යුවි කියවගෙන යනකොට මිනායා ඒක ඇහුනේ නැ වගේ ඉදිරියට ඇවිදගෙන ගියේ garden එකේ තණකොළ අතරේ දිලිසෙන දෙයක් දැකපු නිසා මිනායා බිමට පහත් වෙනවා දකිනකොට යුවි එතැනට ගියා

" මොකද..?"

මිනායා තණකොළ අතරේ තිබුණු මාලය අරගෙන යුවි දිහා බැලුවා

" මේ...මේක..."

" චේගේ මාලේ..."

යුවි මිනායාගේ අතේ තිබුණු මාලේ අරගන්න ගමන් කිව්වා දෙන්නාට දෙන්නා මූන දිහා බලාගත්තේ වෙලා තියෙන්නේ මොකද්ද කියලා හිතාගන්න බැරුව ඒ මාලේ දැක්කාම දෙන්නාටම බය හිතුනේ චේයොන්ග්ට කරදරයක් වෙලා ද කියලා

" මාලේ මෙතන නම් චේ කොහෙද.."

මිනායා වටපිට බලන ගමන් මිමිනුවේ කොහෙන් චේයොන්ග් හොයාගන්න ද කියලා හිතන ගමන්

" මිනා...චේ මාලිගාවෙන් එලියටවත් ගිහින් ද.."

යුවිට ඒ වෙලාවේ හිතුනු දේ කිව්වා

" මටත් එහෙම නොහිතුනාම නෙවෙයි යුවියා..ඒත් එයා අපිව දාලා යන කෙනෙක් නෙවෙයි අපි නොදන්නා ලොකු දෙයක් වෙලා තියෙනවා වගේ "

මිනායා කිව්වේ එයාගේ අතේ තියෙන චේයොන්ග්ගේ මාලය ගුලි කර ගත්තා

" දැන් අපි මෙහෙම හිටියා ඇති මිනා...මේක හොදටම ඇති තවත් කරන්න බැ "

යුවි එයාගේ මාලය ගලවලා ඒ දිහා බලාගෙන කිව්වා

" මේ දේ අපිට මීට කලින් කරන්න තිබුණේ "

මිනායා එයාගේ මාලය ගලවලා කිව්වා කෙල්ලෝ දෙන්නා මාල තුන garden එකේ කොනක සගවලා යන්න හැදුවත් නැවතුනේ දුර ඉදන් එයාලගේ පැත්තට එන ජිකුක් දෙන්නා දැකලා

" මුන් දෙන්නා මොකටද එන්නේ "

කොල්ලෝ දෙන්නා එකපාරට ගල් ගැහිලා වගේ නැවතුනේ කෙල්ලෝ දෙන්නාගේ දිලිසෙන ඇස් දැකලා ඒත් එක්කම එයාලට දැනුනු සුවද නිසා කොල්ලෝ දෙන්නා තවත් කම්ෆියුස් වුනා

" ඔයාලා....?"

" යෙප්...බේබිබොයි අපිත් ඔයාලා වගේම වැම්පයර්ස්ලා.."

ජන්කූක් කියන්න ආපු දේ මැදින් නවත්තපු මිනායා කිව්වා

" මෙච්චර කාලයක් ඇයි හංගගෙන හිටියේ "

ඒ ප්‍රශ්නේ ජිමින්ගෙන්

" ඔයාලාගේ හැම ප්‍රශ්නෙකටම අපි උත්තර දෙන්නම් ඒත් ඊට කලින් චේව හොයාගන්න ඕන "

යුවි කිව්වා

" චේයොන්ග් කොහේ ගිහින් ද..?"

" මෝඩ ප්‍රශ්න අහන්න එපා බේබිබොයි එයා ගියපු තැනක් දන්නවා නම් අපි හොයාගෙන යනවා නේ "

" තමුසෙට මම හොදින් කිව්වා බේබිබොයි කියන්න එපා කියලා "

ජන්කූක් කේන්තියෙන් කෑගහනකොට මිනායාට හරි ජොලි

" පස්සේ රන්ඩු වෙමු ඉස්සෙල්ලා චේ හොයාගන්න ඕන "

යුවි කිව්වේ මේ ඩබල රන්ඩු කරන්න ගියාම ලේසියෙන් නවත්තන්නේ නැ කියලා අත්දැකීමෙන් දන්න නිසා

" අපි දෙන්නත් එන්නම්.."

ජිමින් එහෙම කිව්වාම යුවි හිනා වුනා හතර දෙනා එක්කම කැලේට ගියේ චේයොන්ග් හොයාගෙන රාත්‍රියේ අඩ සද එලියෙන් මුලු වනාන්තරයම බැබලුනා

" අපි බෙදිලා යමු..."

මිනායාට ස්කුබි ඩූ එකේ ෆ්‍රෙඩි වැහුනා වගේ එහෙම කිව්වා

" උබට ආපහු ෆ්‍රෙඩි වැහුනා ද.."

යුවි ඇහුවා

" ෆ්‍රෙඩි කියන්නේ මොකාද..."

මැදින් පැනපු වැම්පි හා තඩියෙක් ඇහුවා

" මගේ කලින් බේබිබොයි දැන් යන්න ද."

මිනායා එහෙම කිව්වා

" මමයි මිනායායි මේ පැත්තට යන්නම් ජිමින් එක්ක යුවි අනිත් පැත්තට යන්න "

ජන්කූක් එහෙම කිව්වාම ජිමින් බැලුවේ මූ මොකද එකපාරට එහෙම කියන්නේ කියලා

" ඒ මොකටද මම තමුසේ එක්ක එන්නේ...?"

මිනායාට ඊට වඩා දෙයක් කියන්න හම්බුනේ නැත්තේ ජන්කූක් කෙල්ලව ඇදගෙන ගියා යුවි ඒ දිහා හිනා වෙවී බලාගෙන හිටියා

" තමුසෙගේ හිනාව ලස්සනයි "

ජිමින් එකපාරට පොල්ලෙන් ගැහුවා වගේ කිව්වාම යුවි වේගෙන් ඇසිපිය ගැහුවේ ජිමින් කිව්ව දේ තාම මස්තිෂක රාජයාට තේරුම් ගියේ නැති නිසා

" මගේ දිහා කන්න වගේ බලාගෙන ඉන්නේ නැතුව යමුද "

ජිමින් එහෙම කියලා ඉස්සර වෙලා යන්න ගියා යුවි ටික වෙලාවක් එතැනට වෙලා ඉදලා දුවලා ජිමින් ලගට ගියා

මේ අතරේ ජන්කූක් මිනායාගේ අතින් අල්ලාගෙන සදපානේ වනාන්තරය මැදින් ඇවිදගෙන යනවා

" බේබිබොයි.....මගේ අත අල්ලාගෙන ඉන්න ආසයි වගේ "

මිනායා එහෙම කිව්වාම ජන්කූක් කෙල්ලගේ අත අතහැරියා

" තමුසෙලා අපෙන් මේ දේවල් හැංගුවේ ඇයි කියලා කියනවා.."

ජන්කූක් කෙල්ල දිහා නොබලා ඇහුවා

" ආරක්ෂාවට.."

" ඇහ්...? දැන් තමුසෙට ආරක්ෂාව ලැබුනා ද හැමදාම අනූ නවයෙන් බේරෙන්නේ තමුසෙලා කවුද කියලා තිබුණු නම් මෙච්චර දුක් විදින්නේ නැ "

" මගේ මේට් මාව අදුරගන්නවාට කැමති නැ "

මිනායා එහෙම කිව්වාම ජන්කූක් එකපාරට කෙල්ල දිහා බැලුවා

" වේ...๬?"

ජන්කූක් කලබලයෙන් ඇහුවා

" මගේ නිදහස නැති වෙයි කියලා හිතෙනවා හදිස්සියේවත් ඔය මේට් කියන එකා මට අකමැති කෙනෙක් නම් මට නිකන් දුක් විදින්න වෙයි මේට්ගෙන් ප්‍රතික්ෂේප වීම දරාගන්න අමාරුයි කියලා දන්නවා නේ බේබිබොයි "

මිනායා කියපු හැමදේම ජන්කූක් අවධානයෙන් අහගෙන හිටියා

" හැබැයි එහෙම නොවෙන්නත් පුලුවන් නේ තමුසෙට එහෙම හිතෙන්නේ නැද්ද "

" Positive Thinking......"

මිනායා එහෙම කියලා හිනා වුනා ඒත් එක්කම කෙල්ලගේ ඇස් නැවතුනේ ගහක පැටලිලා තිබුණු රෙදි කැබැල්ලක කෙල්ල ඒක අරගෙන බැලුවා

" බේබිබොයි මේක චේගේ ගවුමේ කොටසක්..."

" ඒ කියන්නේ එයා මේ පැත්තෙන් ගිහින් තියෙනවා ඉස්සරහට ගිහින් බලමු.."

දෙන්නා එක්ක ගස් වල අතු එහෙ මෙහෙ කරගෙන ඉස්සරහට ඇවිදගෙන ගියා ටික දුරක් ඇවිදගෙන යනකොට දැකපු දෙයක් නිසා දෙන්නාම නැවැත්තුවා

" චේ...."

චේයොන්ග් ඉන්න විදිය දැකලා මිනායාට කෑගැහුනා

To be continue............😈

kim_yun_jee
HAPPY BIRTHDAY MY BABY..🥺❤️
Wattpad එකෙන් හම්බුනු හොදම යාලුවෙක් ඔයා එදා මම දාපු මැසේජ් එකක් මෙච්චර දුර එයි කියලා මම හිතුවේ නැ ඕලෙවල් දවස් වල අපි එකට පාඩම් කලා විහිලු කලා රන්ඩු වුනා ඔයා ඇත්තටම හොද යාලුවෙක් නැ ඊට වඩා සහෝදරියක් ඉතින් ඔයා හැමදාම සතුටින් අපිත් එක්කම ඉන්න ඕන පුලුවන් ඉක්මනට ඔයාව බලන්න එන්නම් අද අප්ඩේට් එක ඔයා වෙනුවෙන් තමයි
SARANHEA MY CRAZY WIFY

මට කතාව සම්බන්ධව පොඩි දෙයක් දැනගන්න ඕන
කතාව බෝරින් වගේ ද
මෙලෝ වැඩක් නැද්ද
ඔයාලා කැමති නැද්ද ලමයි

ඔයාලාගේ අදහස් මට කියන්නකෝ

Bạn đang đọc truyện trên: AzTruyen.Top