😈 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 10🩸

රූස්ස ගස් වලින් වනාන්තරය මැදින් පුංචි ගෑනු ලමයෙක් වටපිට බලමින් ගමන් කලා ඒ පුංචි ඇස් කාවදෝ හොයනවා වගේ පුංචි පුංචි අඩි තියමින් ගමන් කරපු පුංචි කෙල්ල විශාල ගලක් මතින් වාඩි වුනේ එයාගේ චූටි කකුල් රිදෙන නිසා

ඒත් එක්කම පිටිපස්සෙන් ආපු කෙනෙක් පුංචි කෙල්ලගේ ඇස් අත් දෙකින් වැහුනා පුංචි කෙල්ල එයාගේ ඇස් වහගෙන ඉන්න කෙනාගේ අත් අල්ලලා හිනා වුනා

" ඔන්නි...මට ඔයාව අදුරගන්න පුලුවන් "

පුංචි කෙල්ල එහෙම කියනකොට එයාගේ ඇස් වහගෙන හිටපු කෙනා කෙල්ලගේ ඉස්සරහට ආවා ඒ දෙන්නාම එකම වයසේ දෙන්නාම එක වගේ ඔව් ඒ පුංචි ගෑනු ලමයි දෙන්නා twins ලා

" මගේ පස්සෙන් නේද ආවේ..."

එතකොට පුංචි ගෑනු ලමයා හිනා වෙලා ඔලුව වැනුවා දෙන්නා එක්ක හිනා වෙවි අත් අල්ලාගෙන වනාන්තරය මැදින් ඇවිදගෙන ගියා ඒ දෙන්නාගේ හිනාව වනාන්තරය පුරා පැතිරෙන්න වැඩි වෙලාවක් ගියේ නැ ඒත් වැඩි වෙලාවක් ඒ හිනාව නොතිබුනේ එයාලා ඉදිරියෙන් මතු වුනු කිහිප දෙනෙක් හින්දා පුංචි කෙල්ලෝ දෙන්නා අත් තද කරලා අල්ලාගෙන පස්සට ගියා

" හනා
දුල්
සෙත්.."

තුනට ගනන් කරපු කෙල්ලෝ දෙන්නා වේගෙන් දුවන්න පටන් ගත්තා ඒත් දෙන්නාටම වැඩි දුර දුවන්න හම්බුනේ නැත්තේ එක ගෑනු ලමයෙක් කකුල ගලක වැදිලා බිම වැටුනු නිසා

" ඔන්නි...දුවන්න....."

" ඔයාව දාලා යන්න බැ කෝ නැගිටින්න "

එහෙම කියලා වැටුනු ගෑනු ලමයා නැගිට්ටුවත් එයාට ඇවිදගන්න පුලුවන් වුනේ නැ

" ඔන්නි...ගිහින් ඔම්මාට කියන්න... යන්න ඔන්නි.."

ඒ ගෑනූ ලමයා එහෙම කියලා අනිත් ගෑනු ලමයා තල්ලු කලා

" ඔන්නි....යන්න.."

අනිත් ගෑනු ලමයාගේ නලලට කිස් එකක් දුන්නු අනිත් ගෑනු ලමයා එතැනින් දුවලා යන්න ගියා

" අරකිව අල්ලගනින්...අපිට කෙල්ලෝ දෙන්නාම ඕන "

" ඔන්නි....ඔන්නි..."

" චේ...චේ....ඇස් අරිනවා චේ.."

චේයොන්ග් ඇස් ඇරලා වේගෙන් හුස්ම ගන්න ගමන් වටපිට බැලුවා කෙල්ලගේ මුලු ඇගම දහඩියෙන් තෙත් වෙලා චේයොන්ග් ඇස් බයෙන් පිරිලා මිනායා කෙල්ලට වතුර වීදුරුවක් දුන්නාම චේයොන්ග් එක හුස්මට බීලා ඉවර කලා

" ආපහු ඒ හිනෙමද...?"

යුවි ඇහුවේ චේයොන්ග් ලගින් වාඩිවෙන ගමන් කෙල්ල නැ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා

" මම මෙච්චර කාලයක් දැකපු හීනේ නෙවෙයි මම අද අද දැක්කේ "

චේයොන්ග් කිව්වේ වතුර වීදුරුව අත් දෙකෙන් අල්ලගන්න ගමන්

" එහෙනම්...?"

" පුංචි ගෑනු ලමයි දෙන්නෙක් ඒ දෙන්නා එක වගේ "

" Twins ලා.."

" යේ එයාලා Twins ලා ඒ දෙන්නාගෙන් බාල ගෑනු ලමයා කට්ටියක් පැහැරගත්තා"

චේයොන්ග් අනිත් කෙල්ලෝ දෙන්නා දිහා බලන ගමන් කිව්වා

" චේ ඒක හීනයක් විතරයි දැන් ඔය ගැන හිතන්න එපා කෝ නැගිටින්න නැත්නම් අර බටකොල හැල්මොනි වලිගේ උඩ දාගෙන දුවගෙන එයි මට තාම බැරි වුනා නේ ඒකිට අමතක නොවෙන්න පාඩමක් උගන්නන්න "

මිනායා කට ඇද කරගෙන කියනකොට චේයොන්ග්ට හිනා ගියා

" බටකොල හැල්මොනි ලග පියාබන්න පුලුවන් කොස්සක් නැද්ද දන්නේ නැ "

" උබලා දෙන්නාට හොදටම පිස්සු "

චේයොන්ග් හිනා වෙවී කිව්වා

" අපිට විතර ද ඔය කියන එක් කෙනාට ඔක්කොටම වඩා පිස්සු "

මිනායා රවාගෙන කිව්වා

" මට ඇරෙන්න තොපි දෙන්නාට පිස්සු "

" පල බේසමෝ යන්න තොට පිස්සු නැත්නම් පිස්සන්ටත් පිස්සු නැ "

" යාහ්හ් ඒක නෙවෙයි ඊයේ අර සිමින්සියා මගෙන් ඇහුවා නේ මේ මාලේ මොකද්ද කියලා "

යුවි කිව්වාම කෙල්ලෝ විනාඩි කිහිපයක් නිශ්ශබදව ඉදලා හයියෙන් හිනා වුනා

" සිමින්සියා නෙවෙයි යකෝ ඒකාගේ නම ජිමින්.."

" මොකා වුනත් මට වැඩක් නැ මම කිව්වේ ඌ ඇහුව දේ.."

" අපි කවදා වෙනකම් මෙහෙම ඉන්න ද චේ..."

" බලමුකෝ දැන් යමු නැත්නම් අර යක්කු ටික අපිව උදෑසන ආහාරයට ගනියි..."

" හ්ම්ම්..."

තුන් දෙනා එක්ක රෙඩි වෙලා ගියා මිනායා සිංදුවක් මුමුනන ගමන් අතේ තියෙන රෙදි කැබැල්ලත් කරකවන ගමන් ඇවිදගෙන යනකොට ඈතින් ජිමින් එක්ක කතා කරන ගමන් තමන්ගේ පැත්තට එන ජන්කූක් දැකලා නැවතුනා

" හේයි බේබිබොයි "

ජන්කූක්ගේ ඉස්සරහට පැනපු මිනායා හිනාවක් එක්ක එහෙම කියද්දී ජන්කූක්ගේ මූන අහක බලාගෙන ගහපු කොත්තුවක් වගේ වෙන්න වැඩි වෙලාවක් ගියේ නැ ජිමින් තොල් දෙකත් තද කරගෙන අහක බලාගත්තා

" මම තමුසෙට එදත් කිව්වා මම තමුසෙගේ බේබිබොයියෙක් නෙවෙයි කියලා "

ජන්කූක් දබරගිල්ල දික් කරගෙන කිව්වා මිනායා ජන්කූක් එයාගේ පැත්තට දික් කරගෙන ඉන්න ඇගිල්ල මතින් ඇගිල්ල තියලා පිටිපස්සට කලා

" උප්ස්...ඔච්චර කේන්ති ගන්න එපා බේබිබොයි හදිස්සියේවත් නහරයක් පුපුරලා මලොත් මට බේබිබොයි කෙනෙක් නැති වෙනවා නේ "

මිනායා දුක හිතෙන මූනක් දාගෙන කිව්වාම ජන්කූක් නලල පිරිමැද්දා

" උබ ඕක බේරගෙන වරෙන් "

ජිමින් එහෙම කියලා ජන්කූක්ගේ පිටට තට්ටුවක් දාලා ගියා

" තමුසේ මහ පරාල ඇනයක්..."

" එහෙම කියන්න එපා බේබිබොයි මමීට දුක හිතෙනවා නේ "

" අයිෂ් මට තමුසේ මේක කියනවා.."

ජන්කූක් ටික වෙලාවක් නිහඩව ඉදලා කිව්වා

" මොකද්ද "

" තමුසේ මොකද මගේ පස්සෙන්ම එන්නේ..?"

" මෙහෙමයි බේබිබොයි මට ලේසියෙන් කෙනෙක්ට හිත යන්නෙත් නැ හැබැයි කෙනෙක්ට හිත ගියොත් මම එයාව ලේසියෙන් අතහරින්නෙත් නැ මම හිතන්නේ බේබිබෝයිගේ ප්‍රශ්නෙට උත්තරේ හම්බුනා "

මිනායා අඩියෙන් අඩිය ජන්කූක්ට ලං වෙන ගමන් කිව්වා දෙන්නා අතරේ තිබුණේ මිලිමීටර් ගානක පරතරයක් මිනායා ජන්කූක්ගේ මූන පුරා ඇස් කලබලයෙන් අරගෙන ගියා කෙල්ලගේ හිතට අමුත්තක් නොදැනුනාම නෙවෙයි

" තමුසෙට එහෙනම් ලගදීම මාව එපා වෙයි.."

ජන්කූක් එහෙම කියලා එතැනින් යන්න ගියේ මිනායා ජන්කූක් යන දිහා බලාගෙන හිටියේ අමුතු හිනාවක් එක්ක

" අපි බලමුකෝ බේබිබෝයි "

මිනායා එහෙම මුමුනලා එතැනින් ගියා

මේ අතරේ ටේහ්‍යුන් හිටියේ ලොකු කල්පනාවක ඊයේ එයාට දැනුනු මත් වෙන රෝස සුවද කාගෙද කියලා හිතාගන්න බැරුව තමන්ගේ රූම් එකට වෙලා royal garden එක දිහා බලාගෙන හිටියා අවුරුදු ගානකට පස්සේ එයාගේ මේට්ගේ සුවද දැනුනත් ඒ කවුද කියලා හොයාගන්න ටේහ්‍යුන්ට පුලුවන් වුනේ නැ garden එකේ කොනේ රැදිලා තිබුණු ඒ රෝස මල් සුවද මතක් කරගමින් ඇස් පියාගෙන හුස්මක් ගත්තා

ඒත් එක්කම ඇස් ඇරපු ටේහ්‍යුන් දැක්කේ garden එකේ මල් ඇගිලි තුඩු වලින් අල්ලන ගමන් තනියෙන් හිනා වෙන චේයොන්ග් කෙල්ලගේ කඩා හැලෙන දිගු කොන්ඩය එකතු කරලා බන් එකක් ගහලා තිබුණු නිසා එයාගේ මුහුන පැහැදිලිව පෙනුනා හිනා වෙනකොට හිනි වෙන ඇස් දිගු ඇස් පිහාටු ලා රෝස පැහැති පිරුනු කම්බුල් රෝස පැහැයෙන් දිලිසෙන තොල් පෙති දිහා ටේහ්‍යුන් බලාගෙන හිටියා

ඒ දිහා මද වේලාවක් බලාගෙන හිටපු ටේහ්‍යුන් garden එකට teleport වුනා එකපාරට තමන්ගේ ඉස්සරහින් රජතුමා මතු වුනාම චේයොන්ග් පපුවට අතක් තියාගෙන පස්සට ගියා කෙල්ල වේගෙන් ඇසිපිය ගැහුවේ වුනේ මොකද්ද කියලා හිතාගන්න බැරුව

" යාහ්හ්.....මම බය වුනා "

චේයොන්ග් කියද්දී රජතුමා ඇස් හීනි කරලා බැලුවා ඒ බැල්ම ඇල්ලුවේ නැති නිසා කෙල්ල බිම බලාගත්තා

" තමුසේ මොනාද මෙතන කරන්නේ....?"

ටේහ්‍යුන් ගැඹුරු හඩකින් කිව්වා

" අහ්ම්....නිකන් ආවේ..."

" තමුසෙට වැඩක් නැද්ද මෙතනට වෙලා මල් එක්ක හුරතල් වෙන්නේ '

ටේහ්‍යුන් එහෙම ඇහුවාම හිනා යන්න ආවත් කෙල්ල කට වහගෙන හිටියා

" මම යන්නම්..."

චේයොන්ග් එහෙම කියලා යන්න හැදුවත් ටේහ්‍යුන් කෙල්ලගේ අතින් අල්ලලා නැවැත්තුවා චේයොන්ග් එයාගේ අත අල්ලාගෙන ඉන්න ටේහ්‍යුන්ගේ අත දිහාත් ටේහ්‍යුන්ගේ මූන දිහා බැලුවා

" මොකද මේ අතහරිනවා "

" තමුසේ දැක්කා ද ඊයේ garden එකේ කවුරුහරි ඉන්නවා "

" අහ්...?"

" ඊයේ රෑ කවුරුහරි garden එකේ ඉන්නවා දැක්කාද..?"

චේයොන්ග් ඊයේ රෑ garden එකට ගියපු එක මතක් වෙලා කෙල්ල බය වුනා ඒ ගමන මොන මරාලයක් කඩාගෙන වැටෙයි ද කියලා චේයොන්ග් හිතුවා

කෙල්ල නැ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා ටේහ්‍යුන් චේයොන්ග්ගේ අත අතහැරපු ගමන් කෙල්ල දුවලා යන්න ගියා

" එයා මාලිගාව ඇතුලෙම ඉන්න ඕන "

ටේහ්‍යුන් මිමිනුවේ garden එකේ පිපිලා තිබුණු රතු රෝස මලක් දිහා බලාගෙන

කෙමෙන් කෙමෙන් රාත්‍රිය උදා වෙනකොට යුවි මිනායා දෙන්නා කිචන් එකේ වැඩ එක්ක බිසි වුනා කෙල්ලෝ දෙන්නාගෙන් මිසිස් චෝයි පුලුවන් තරම් වැඩ ගත්තා මිනායාට විතරක් නෙවෙයි යුවිටත් මිසිස් චෝයිගේ හොම්බ කට බොම්බයි මොටයි වෙන්න දෙයක් හිතිලා හිටියේ

මිනායා කෑම දිසියක් ටේබල් එක මතින් තියලා එතැන තිබුණු පුටුවකින් වාඩිවුනා කෙල්ලට හොදටම මහන්සියි මාලිගාවේ එහෙට මෙහෙට දුවලා කෙල්ලට මහන්සියි ඒ කියන දේවල් නොකෙරුවොත් ගුටි කන්න වෙනවා ඒ නිසා ඔලුව නවාගෙන කියන දෙයක් කරගෙන ඉන්නවා

" ම්ම්හ්..."

කවුරුහරි උගුර පාදන හඩක් ඇහුනු නිසා මිනායා ගැස්සිලා ගිහින් නැගිට්ටා ජන්කූක් අත් දෙකත් පිටිපස්සට කරගෙන කෙල්ල දිහා බලාගෙන ඉන්නවා

" ඔය මම වාඩිවෙන තැන මාලිගාවේ සර්වන්ට්ලාට වාඩි වෙන්න බැ "

" බේබිබොයිගේ කියන්නේ ඉතින් මගේ වගේ තමයි ඒක නිසා වාඩිවුනු එකේ වරදක් නැ "

මිනායා දගකාර හිනාවක් එක්ක කිව්වා

" හහ්...? ඒක මාර කතාවක් නේ මගේ දේවල් කොහොමද තමුසෙගේ වෙන්නේ "

" ඔයා මගේ බේබිබොයි නේ එතකොට ඔයාගේ දේවල් කියන්නේ මගේ දේවල් තමයි "

" මම තමුසෙගේ කියලා කවුද කිව්වේ...?"

ජන්කූක් ටිකක් සද්දෙන් අහද්දී මිනායා හිනා වුනා

" ඔච්චර කේන්ති ගන්න එපා බේබිබොයි කවුරු කිව්වත් නැතත් ඔයා මගේ තමයි "

මිනායා ඇහැක් ගහලා කිව්වා

" අයිෂ්.....තමුසේ ඇයි ඔහොම "

" කොහොමද...?"

" තමුසේ මොනාද මෙතනට වෙලා කරන්නේ යනවා කිචන් එකට වැඩ තියෙනවා පොඩ්ඩක් එහෙ මෙහෙ වුනු ගමන් කොහෙන් හරි පැනලා යන්න හදන්නේ යනවා කිචන් එකට "

මිසිස් චෝයී එකපාරට කොහෙද ඉදලා ඇවිත් කෑගහනකොට මිනායා මූනත් දෙක කරගෙන හිටියේ මෙච්චර වෙලා දගකාර හිනාවක් එක්ක ජන්කූක් එක්ක කතා කරපු කෙල්ලගේ මූන වෙනස් වෙන්න වැඩි වෙලාවක් ගියේ නැ

" තවත් මොනාද බලාගෙන ඉන්නේ යනවා..."

මිනායාට ගහන්න අත උස්සගෙන මිසිස් චෝයි කිව්වා

" පස්සේ හම්බවෙමු බේබිබොයි "

ජන්කූක්ගේ කනට කරලා කියපු මිනායා දුවගෙන ගියේ මිසිස් චෝයි කේන්තියෙන් කෑගහද්දී

" සමාවෙන්න උතුමානනි ඇයගේ හැසිරීමට මම ඇයට දඩුවම් දෙන්නම්..."

" අවශ්‍ය නැ "

මිනායා යන දිහා බලාගෙන හිටපු ජන්කූක් මිසිස් චෝයිට කිව්වා

" අහ්..?"

මිසිස් චෝයි පුදුමෙන් ජන්කූක් දිහා බලාගෙන හිටියා

" මම කිව්වේ ඇයට දඩුවම් දීමට අවශ්‍ය නැ කියලා "

ජන්කූක් එහෙම කියලා යන්න ගියේ මිසිස් චෝයි වුනේ මොකද්ද කියලා කල්පනා කරද්දී

To be continue............😈

බායිම්

Bạn đang đọc truyện trên: AzTruyen.Top