😈 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 07🩸

" බලපන් තොපේ හැටි එකෙක් කම්බුල් පාරක් කාලා ඇවිත් අනිත් එකා පයින් පාරක් කාලා ඇවිත් තොපි දෙන්නා උන් ගහනකම් අහසේ තරු ගනන් කරාද..."

මිනායා යුවිගේ රතු වුනු කම්බුලට අයිස් පැක් එකක් තියන ගමන් ඇහුවා එයාගේ යාලුවෝ දෙන්නා ගුටි කාලා වේදනාවෙන් ඉන්න නිසා මිනායා හිටියේ කේන්තියෙන්

" අනියා....පොලොවේ බිංකුන්ඩෝ ගනන් කලා..විකාර ප්‍රශ්න අහන්න එපා බන් ඒ ඉන්නේ මිනිස්සු නෙවෙයි අපි වගේ වැම්පයර්ලා "

චේයොන්ග් මිනායා දිහා බලන ගමන් කිව්වා

" ඉතින් ඒ බූරු රජා අපි කවුද කියලා නොදන්නා හින්දා නේ මේ ඔක්කොම "

" උබ කියන්නේ අපි වැම්පයර්ලා කියලා කියන්න ද..?"

" නැත්නම් යකෝ werewolf කියන්න ද..?"

මිනායා චේයොන්ග්ට රවාගෙන කිව්වා

" තොපි දෙන්නා රන්ඩු වෙන්න හදන්න එපා යකෝ මගේ කන් දෙක රිදෙනවා..."

යුවි කිව්වේ මිනායා චේයොන්ග් දෙන්නා දිහා මාරුවෙන් මාරුවට බැලුවා

' තොගේ කම්බුලට අර බටකොල හැල්මොනි ගහනකොට තොගේ කට කොහොමද තිබුණේ උලමෝ...දැන් නම් හොදටම ඇති සෙද්ද කොහෙවත් ඉන්න උන්ගෙන් ගුටි කන්න මම ලමයි හදලා නැ යකෝ මන්න පාරක් දෙන්නේ "

මිනායා කියනකොට යුවි චේයොන්ග් දෙන්නා මූනට මූන බලාගත්තා තත්පර ගානක් දැඩි නිශ්ශබ්බදතාවයක් පැතිරි තිබුනා ඒත් එකපාරට යුවි චේයොන්ග් දෙන්නා ගංජා ගස් පිටින් ගිලලා වගේ හිනා වෙන්න පටන් ගත්තා

" අපි කවද්ද තොගේ ලමයි වුනේ බේසමෝ.."

" යාන්තම් ඇති තොපි දෙන්නා හිනා වුනා"

මිනායා කෙල්ලෝ දෙන්නාව වැලදගන්න ගමන් කිව්වා ඒත් එක්කම කාමරේ ජනේලයේ ඇවිත් වාඩිවුනු බකමූනෙක්ට කෙල්ලෝ තුන්දෙනාගේ අවධානය යොමු වුනා

' උබලාට හිතෙන්නෙත් මට හිතෙන දේ ද..?"

" උබ හිතෙන දේම ද කියලා කියන්න පුලුවන් මට තොපේ හිත් කියවන්න පුලුවන් වුනා නම් '

මිනායා ඇහුව දේට යුවි උත්තර දුන්නා

" කුනුහරප නාහ හිටපන් චේ උබ ගිහින් අර Mr. බකමූනා එක්ක කතා කරපන් "

මිනායා එහෙම කිව්වාම චේයොන්ග් බකමූනා ලගට කිට්ටු වුනා බකමූනා ඇස් කරකවන ගමන් කෙල්ල දිහා බැලුවා චේයොන්ග් උගුර පාදලා බකමූනා එක්ක කතා කරන්න හැදුවේ ඒත් එක්කම බකමූනා පියාබලා ගියා චේයොන්ග් කටත් ඇද කරගෙන කෙල්ලෝ දෙන්නා දිහාට හැරුනා

' ඇයි බන් ඒම..."

චේයොන්ග් නහය උඩට අදින ගමන් අහනකොට රූම් එකේ දොර ඇරගෙන ආවේ සර්වන්ට් ගර්ල් කෙනෙක්

" තමුන්ලා තුන් දෙනා මොනාද මෙතන කරන්නේ මෙච්චර වැඩ තියෙනවා තමුසෙලා තුන් දෙනා විවේක ගන්න කුමාරිකාවෝ කියලා හිතාගෙන ඉන්නේ...? තමුසේ රෙදි සෝදලා තියෙනවා අන්තිමයි ගිහින් ආපහු සෝදනවා "

ඒ සර්වන්ට් ගර්ල් යුවිගේ පැත්තට හැරිලා බැනගෙන ගියා මිනායා නම් කේන්තියෙන් පුපුර පුපුර හිටියේ

" තමුසේ රජතුමාගේ ප්‍රධාන සේවිකාව නේද එතුමාට හොදටම කේන්ති ගිහින් තමුසෙව හොයනවා යනවා මෙතන තවත් බලාගෙන ඉන්නේ මෙහේ තමුසෙලාට ඕන විදියට නටන්න බැ "

සර්වන්ට් ගර්ල් කියවන දිහා කේන්තියෙන් බලාගෙන ඉදපු මිනායා ඒ ගර්ල්ගේ කම්බුලට ගැහුවා

" තමුසේ කොහොමද මගේ යාලුවොන්ට ඔහොම කතා කරන්නේ ආ තමුසෙලාගේ වැඩ කරන්න එයාලා බැදිලා නැ අනික තමුසෙලාගේ මෝඩ රජා දන්නේ හැම සෙද්දකටම කේන්ති අරගෙන කෑගහන්න විතරයි මහ මෝඩයෝ රැලක් මොලයක් කියලා නාමයක් හරි තියෙනවා නම් අපිට මෙහෙම වද දෙන්නේ නැ "

මිනායා කේන්තියෙන් එහෙම කියලා අර ගර්ල්ගේ කොන්ඩෙන් අදින්න පටන් ගත්තා චේයොන්ග් යුවි ලොකු ගේමක් දීලා තමයි මිනායාව ගර්ල්ගෙන් ඈත් කලේ ඒ ගර්ල් කේන්තියෙන් මිනායා දිහා බලාගෙන ඉදලා කොන්ඩේ හදාගත්තා

" තමුන්ට මේවාට විදවන්න වෙයි මම මේ හැමදේම රජතුමාට කියනවා එතකොට තමුන්ට වෙන දේ බලාගමු.."

" හහ්...ගිහින් කියනවා තමුසෙගේ මහ ලොකු රජාට මම බය වෙයි.."

ඒ ගර්ල් ගස්සගෙන එතැනින් ගියා

" යාහ්හ්....මිනායා තමුසේ මොනාද ඒ කිව්වේ "

තාමත් තරහෙන් පුප්පගෙන ඉන්න මිනායාගෙන් චේයොන්ග් ඇහුවා

" ඒකි එච්චර දේවල් කියලා යද්දී කට වහගෙන උඩ බලාගෙන ඉන්න කියලා ද කියන්නේ..අයිෂ් මට ඒකිව මරන්න හිතයි.."

" මේ වුනු දේවල් එක්ක එක නිගමනයකට එලබෙන්න පුලුවන් ඒ තමයි රජා අපි තුන්දෙනාට එලොව පොල් පෙන්නයි කියලා "

යුවි කිව්වාම චේයොන්ග් එයට අනුමත වෙන ගමන් ඔලුව වැනුවා යුවි එහෙම කියලා ගත වුනේ විනාඩි කිහිපයයි කෙල්ලෝ තුන් දෙනා හිටපු රූම් එකට රෝයල් ගාඩ්ස්ලා කඩාගෙන බිද ආවා

" මම කිව්වේ..."

" මොවුන් රැගෙන එනු..."

එහෙම කියලා කෙල්ලෝ තුන් දෙනා එක්ක රාජ සභාවට teleport වුනා රජතුමා සිංහාසනයේ වාඩිවෙලා කෙල්ලෝ තුන් දෙනා දිහා බලාගෙන හිටියේ ඒ ඇස් වල අසාමාන්‍ය සන්සුන් බවක් තිබුණේ මිනායා ගහපු ගර්ල් පැත්තකට වෙලා කට කොනින් හිනාවක් දාගෙන ඉන්නවා ඒක දැකපු මිනායාට ආපහු ගිහින් දෙකක් ඇනලා එන්න හිතුනා

" කවුද ඒ..."

රජතුමා ගැඹුරු හඩකින් ඇහුවාම ඒ ගර්ල් මිනායාගේ පැත්තට ඇගිල්ල දික් කලා

" ඒ මැය තමයි "

ගර්ල් එහෙම කියද්දී රජතුමා අතමිට මොලවගත්තා

" තමුන් වගේ සාමාන්‍ය කෙල්ලෙක් මට කොහොමද එහෙම අපහාස කරන්නේ...? කොහෙන් ආපු හයියක් ද තමුන් අපහාස කලේ vampire king ට තමුන්ට තවත් ජීවත් වෙන්න ලැබෙන්නේ නැ මේකිව හෙට උදේ ඉර පායන්න කලින් ඉවරයක් කරපන් "

ඒක ඇහුවා නම් කෙල්ලෝ දෙන්නා ගැස්සිලා ගියා ඒත් මිනායාට නම් මෙලෝ ගානක් නැ

" යාහ්හ්හ් එහෙම කරන්න එපා චේබල් "

චේයොන්ග් කදුලු පුරවගෙන කියද්දී ටේහ්‍යුන් කට කොනින් හිනා වුනා

" ඕකිව අරගෙන පලයන් තවත් මොනාද බලාගෙන ඉන්නේ..."

රජතුමා කේන්තියෙන් කිව්වාම ගාඩ්ස්ලා රජතුමාට ආචාර කරලා මිනායා අරගෙන ගියා යුවි ඒ පස්සෙන් දුවගෙන යද්දී අර ගර්ල් සමච්චල් සහගත හිනාවක් දාගෙන එතැනින් යන්න අන්තිමේ දී ඉතුරු වුනේ රජතුමා චේයොන්ග් විතරයි

" මිනායාට මුකුත් කරන්න එපා චේබල්..."

චේයොන්ග් අත් දෙක එකතු කරලා කදුලු පුරවගෙන ටේහ්‍යුන්ගෙන් ඉල්ලුවා මුකුත් නොකියා ඉදපු තැනින් නැගිටපු රජතුමා අඩියෙන් අඩිය චේයොන්ග් ලගට කිට්ටු වුනා

" අර ගර්ල් යුවිට බැන්න හින්දා මිනායාට කේන්ති ගියා ඒක නිසා එහෙම කිව්වේ එයාට කේන්ති ගියාම කියන්නේ මොනාද කියලවත් හරියට තේරුමක් නැ චේබල් මම වැදලා ඉල්ලන්නම් එයාට මුකුත් කරන්න එපා "

ටිකෙන් ටික චේයොන්ග් ලගට ආපු රජතුමා කෙල්ලගේ ඇගේ ගෑවි නොගෑවී හිටගත්තා

" මට මොනාද ලැබෙන්නේ...?"

" අහ්..?"

චේයොන්ග්ගේ කනට ලං වෙලා රජතුමා කියද්දී කෙල්ල ප්‍රශ්නාර්ථ බැල්ලමක් ටේහ්‍යුන් දිහාට යොමු කලේ

" ඔය කෙල්ල නිදහස් කලොත් තමුසේ මොනාද මට දෙන්නේ ම්ම්...?"

කෙල්ලගෙන් ඈත් වුනු ටේහ්‍යුන් එහෙම අහද්දී චේයොන්ග් හිටියේ මුකුත් හිතාගන්න බැරුව

" මොනාද ඕන..?"

චේයොන්ග්ගේ පිටිපස්සට වෙලා හිටපු රජතුමා කෙල්ල අහපු දේ එක්ක කට කොනින් හිනා වුනා

" අද රෑට....මාත් එක්ක ඉන්න එන්න.."

ටේහ්‍යුන් චේයොන්ග්ගේ කනට ලං වෙලා ගොරෝසු හඩකින් කියද්දී කෙල්ල ගැස්සිලා ගියා චේයොන්ග් මේ වගේ දෙයක් ඉල්ලයි කියලා කොහොමටත් බලාපොරොත්තු වුනේ නැ එයාගෙන් ඈත් වෙලා කට කොනින් හිනාවක් දාගෙන ඉන්න රජතුමා දිහා චේයොන්ග් බලාගෙන හිටියේ පුදුමෙන් විසල් වුනු ඇස් වලින්

" මම එහෙම කෙනෙක් නෙවෙයි..."

චේයොන්ග් කේන්තියෙන් කිව්වා ඒත් රජතුමාගේ බැල්මේ වෙනසක් වුනේ නැ

" එහෙනම්...තමුසෙගේ යාලුවාට බායි කියන්න ලෑස්ති වෙන්න.."

රජතුමා සමච්චලේට වගේ හිනා වෙන ගමන් කිව්වාම චේයොන්ග්ගේ ඇස් වලට කදුලු පිරුනා එයාට කවදාවත් නොදැනුනු අසරණකමක් දැනුනේ

" ඇයි මෙහෙම කරන්නේ...?"

කෙල්ල කදුලු පුරවගෙන අසරණ විදියට ඇහුවත් රජතුමාගේ මුහුනේ අනුකම්පාවක් කියලා දෙයක් ගෑවිලාවත් තිබුණේ නැ

" මේ මගේ විදිය.."

චේයොන්ග්ගේ නලලේ ඉදලා කම්බුල් දිගේ ටේහ්‍යුන්ගේ දිග ඇගිල්ලක් අරගෙන යන ගමන් කිව්වා

" තමුසෙට යාලුවා බේරගන්න ඕන නම් මේක කරන්නම වෙනවා නැත්නම් හෙට උදේ වෙනකොට තමුසෙගේ යාලුවා මේ ලෝකේ නැති වෙයි..."

‍ටේහ්‍යුන් කෙල්ලගේ යටි තොල මහපටගිල්ලෙන් පිරිමදින ගමන් කිව්වා

" මට හිතන්න ඕන "

" ඕන තරම් හිතන්න ඒත් තමුසේ රාත්‍රි කෑමෙන් පස්සේ මගේ කාමරේට නොආවොත් වෙන දේ අමුතුවෙන් කියන්න ඕන නැ නේ "

ටේහ්‍යුන් කෙල්ලගේ ඇග පුරා ඇස් යවන ගමන් කියද්දී චේයොන්ග් ගවුමේ කොනක් අතේ ගුලි කරගත්තා කෙල්ල තවත් මුකුත් නොකියා එතැනින් ඇවිදගෙන ගියා චේයොන්ග්ගේ කම්බුල් දිගේ කදුලු බිදු ගලාගෙන ගියත් කෙල්ල කදුලු පිහිදන්න මහන්සි වුනේ නැ චේයොන්ග් කොරිඩෝ එක දිගේ ඇවිදගෙන ගියේ භාගෙට මැරුනු මනුස්සයෙක් ගානට රජතුමා කියපු දේවල් ආයෙත් ආයෙත් මතක් වෙද්දී කෙල්ලට දැනුනේ ලොකු අසරණකමක්

චේයොන්ග් මාලිගාවේ කවුරුවත් වැඩිය නොගැවසෙන මාලිගාවේ පිටිපස්සට ගියා එතැන තිබුණු ගහක මුලක් මතින් වාඩිවුනා කෙල්ල කෑගහලා අඩන්න පටන් ගත්තේ එයාගේ හිතට දැනෙන දුක වේදනාව දිය කරලා හරිමින්

රාත්‍රි භෝජනය සදහා සියල්ල සූදානම් කරලා තිබුනා රජතුමා ඇවිත් සුපුරුදු තැනින් වාඩිවෙද්දී සේවිකාවෝ ආහාර පිලිගැන්නුවා යුවි කොනකට වෙලා ඉන්න ගමන් හැමතැනම චේයොන්ග්ව හෙව්වත් කෙල්ලගේ ජායාව වත් පේන්න තිබුණේ නැ

ආහාර අරගෙන අවසන් කරපු රජතුමා නැගිටලා තමන්ගේ රූම් එක පැත්තට පියනැගුවා රජතුමා රූම් එකේ දොර ඇරගෙන ගිහින් රූම් එකේ කොනක තිබුණු couch එකෙන් වාඩිවුනා තමන්ගේ ඉදිරියේ තිබුණු ස්ටූල් එක උඩ තියෙන වයින් බෝතලේ කඩලා ග්ලාස් එක පුරව ගත්තා ටේහ්‍යුන් වයින් ග්ලාස් එක තොල ගාමින් දොර දිහා බලාගෙන හිටියා විනාඩි කිහිපයක් ගත වෙනකොට රූම් එකේ දොරට තට්ටු කරනවා ඇහෙනකොට ටේහ්‍යුන් කට කොනින් හිනා වුනා

' ඇතුලට එනවා..."

ටේහ්‍යුන් ගැඹුරු හඩකින් කියද්දී චේයොන්ග් හිමින් අඩිය තියමින් ඇතුලට ආවා

" දොර වහලා එනවා.."

කෙල්ල දොර වහලා ඇතුලට ඇවිත් ටේහ්‍යුන් ඉස්සරහින් හිට ගත්තා ටේහ්‍යුන් එක හුස්මට වයින් ග්ලාස් එක හිස් කරලා ස්ටූල් එක උඩින් තියලා තමන්ගේ ඉදිරියේ බිම බලාගෙන ඉන්න කෙල්ල දිහා බැලුවා

" එහෙනම් තමුසේ යාලුවා බේරගන්න ආවා.."

ටේහ්‍යුන් චේයොන්ග්ට කිට්ටු වෙන ගමන් කිව්වා කෙල්ල ඔව් කියන්න ඔලුව වැනුවා මිසක් මුකුත් කියන්න ගියේ නැ

" එහෙනම් පටන් ගමු.."

ටේහ්‍යුන් ඔලුව පොඩ්ඩක් ඇල කරලා කිව්වාම කෙල්ල එකපාරට ඔලුව උස්සලා බැලුවා

" මිනායා....?"

" ඒකිව නිදහස් කරන්න මම අන දුන්නා.."

චේයොන්ග්ගේ අතක් දිගේ ටේහ්‍යුන් එයාගේ ඇගිලි ගෙනියන ගමන් කිව්වා ටේහ්‍යුන් කෙල්ලගේ ඉන වටේ අතක් යවලා එයාගේ ඇගට හිර කරගන්න ගමන් චේයොන්ග්ගේ තොල් වලට බර වුනේ තවත් එයාට ඉවසන්න බැරි වුනු නිසා

To be continue..............😈

සතියකට එක පාරයි අප්ඩේට් දෙන්න වෙන්නේ

ඊලග සතියේ හමුවෙමු
බායිම්

Bạn đang đọc truyện trên: AzTruyen.Top