😈 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 05🩸
යාන්තම් හිරු රැස් වලින් ආලෝකමත් වුනු පුංචි කුටිය තුල පිරිලා තිබුණේ දැඩි නිශ්ශබ්බදතාවයක් කුටියේ එක කොනක වාඩිවෙලා බෙල්ලේ තියෙන මාලෙත් අල්ලාගෙන චේයොන්ග් හිටියේ ලොකු කල්පනාවක
" චේ.....අපි මොකද කරන්නේ...?"
යුවි ඇහුවේ චේයොන්ග් ලගින් වාඩිවෙන ගමන්
" අපි එයාලට කියමු අපි මිනිස්සු නෙවෙයි එයාලා වගේ වැම්පයර්ලා කියලා ඒත් ඇයි එයාලට අපිව අදුරගන්න බැරී වුනේ...?"
මිනායා ඇහුවේ බිත්තියට හේත්තු වෙලා කල්පනා කරන ගමන්
" එයාලට අපිව අදුරගන්න බැරි මේ මාල නිසා..."
චේයොන්ග් මිනායා දිහා බලන ගමන් කිව්වා
" ඉතින් මේක ගලවමු.."
" එපා හැල්මොනි මේක අපිට දුන්නේ මොකක් හරි හේතුවකට..."
" යාහ්හ්හ් මට කන්න ඕන යකොව් ගෙනත් හිර කලා නම් කන්න දීපියව් "
මිනායා කෑගහනකොට චේයොන්ග් ඔලුව දෙපැත්තට වැනුවේ මේකි නම් හදන්න බැ කියලා හිතන ගමන් මොනදේ වුනත් මිනායාට ඉස්සෙල්ලාම මතක් වෙන්නේ කෑම මැරෙන්න තව විනාඩි පහයි තියෙන්නේ කිව්වොත් කන්න ඕන කියලා තමයි මිනායා කියන්නේ මැරෙන්න කලින් බඩ පිරෙන්න කාලා මැරෙන්න ඕන කියලා හිතන ජීවියෙක්
" මෙච්චර දෙයක් වෙලා තියෙනවා තොට කැමද යකෝ වටින්නේ...?"
යුවි ඉනටත් අත් දෙක තියාගෙන කෑම ඉල්ලලා අඩන මිනායාගෙන් ඇහුවා
" ජීවත් වෙන්න කන්න ඕන බන් "
මිනායා කිව්වා
" යුනි එකේ project එකක් කරන්න ගිහින් වැම්පයර් අධිරාජ්‍යයාගේ උදහසට ලක් වෙලා හිර ගෙදර ගඩොල් ගනින්න වෙයි කියලා මම හිතුවේ නැ අපේ හාමුදුරුවනේ...."
චේයොන්ග් කිව්වේ අතිශය දුක්බර ආකාරයට
" අපිට අන්තිමේ දී මිනිස්සු වෙන්න වෙයි කියලා මම හිතුවේ නැ යකෝ අයියූ ඔම්මා කෑමක් නැතුව මිය යාමට මා හට සිදු වන්නේ...."
මිනායා බිත්තියක් බදාගෙන අඩන්න පටන් ගත්තේ කෑම නැතුව ජීවත් වෙන්න බැ කියලා කෑගහන ගමන්
" මෙහේ වැම්පයර් මරු කදක් නැද්ද දන්නේ නැ නේ බන් මෙතනින් යා ගන්න පුලුවන් වුනොත් හොයාගන්න ඕන "
යුවි ඒ අස්සෙන් මරු කදවල් හොයනවා මෙච්චර දෙයක් වෙලත් මුන් හැසිරෙන විදිය දැක්කාම ඕනම කෙනෙක් එලබෙන්නේ එකම එක නිගමනයකටයි ඒ තමයි මුන් තුන් දෙනාට හොදටම පිස්සු කියායි ඒත් එක්කම එකපාරට මතුවුනු කෙනෙක් නිසා මිනායා ගිරිය කඩාගෙන කෑගැහුවා
" යාහ්හ් ඔම්මා මෙන්න හොල්මනක්..."
මිනායා චේයොන්ග්ගේ බෙල්ල මිරිකගෙන හොල්ලන ගමන් කෑගහනවා චේයොන්ග් මිනායාගේ අත් වලින් බේරෙන්න ට්‍රයි කරනවා මෙච්චර වෙලා බිත්තියක් බදාගෙන මරු කදවල් ගැන හිතමින් හිටපු යුවි මිනායාගේ ටින් බෙලෙක්ක වොයිස් එක ඇහුනු නිසා බැලුවේ
' හත්තිකේ චේ...."
චේයොන්ග්ගේ බෙල්ල මිරිකගෙන ඉන්න මිනායාගේ ඔලුවට පොල් ටොක්කක් ඇන්නා
" මොකද්ද බේසමෝ ඒ කලේ...මගේ සියුමැලි හිසට පහරක් එල්ල කලේ මොකද යකෝ "
මිනායා ඔලුව අල්ලාගෙන කෑගහනකොට චේයොන්ග් බෙල්ල අල්ලාගෙන කහිනවා
" මේකිට තෝ ගැහුවා මදි යකෝ බේසමා තව පොඩ්ඩෙන් අකාලයේ මිය යනවා.."
චේයොන්ග් බෙල්ලත් අල්ලාගෙන කිව්වා
" නවත්තපන් මේ මලවිකාරේ තමුසෙලා තුන් දෙනාට පිස්සු ද ආ නාඩගම් නටන්නේ ආ.."
මෙච්චර වෙලා කෙල්ලෝ තුන් දෙනාගේ නාඩගම් දිහා බලාගෙන ඉදපු කෙනා තරහින් කෑගැහුවා
" කවුද ජෙයියනේ මේ මූනත් රතු කරගෙන කෑගහන හා තඩියා..."
" මෙව්වා natural හා දත් ද ඒයිම්.."
" Hey Rabbit Daddy....."
මිනායා එහෙම කිව්වාම චේයොන්ග් යුවි හිනාව කාගෙන හිටියා
" සීනි අප්පොච්චි කියපන් "
යුවි එහෙම කිව්වා
" ඇයි සීනි අප්පොච්චි කියන්නේ අපිට හකුරු අප්පොච්චි කියන්න බැරි ඇයි සීනියි හකුරුයි දෙකම පැනි රසයි නේ "
චේයොන්ග් එහෙම කිව්වාම මිනායා යුවි දෙන්නා බකස් ගාලා හිනා වෙන්න පටන් ගත්තේ මෙතන ජන්කූක් කියලා ජීවියෙක් මෙතන නැ වගේ
" අයිෂ් මුන් තුන් දෙනා අරගෙන වරෙන් "
ජන්කූක් තමන්ගේ නලල අතින් පිරිමදින ගමන් ගාඩ්ස්ලාට කිව්වා ගාඩ්ස්ලා ජන්කූක්ට ඔලුව නවලා ආචාර කරලා කූඩුවේ හිටපු කෙල්ලෝ තුන් දෙනා එලියට ගත්තා තුන් දෙනා අරගෙන රාජ සභාවට teleport වුනා සිංහාසනයේ ආඩම්බරයෙන් වාඩිවෙලා ඉන්න රජතුමා ඉස්සරහ අනිත් අය හැමෝම දන ගහලා ආචාර කලත් කෙල්ලෝ තුන් දෙනා වටපිටාවේ සුන්දරත්වය විදිනවා චේයොන්ග්ගේ ඇස් නතර වුනේ තමන් දිහා කේන්තියෙන් බලාගෙන ඉන්න රජතුමාගේ ඇස් ලග කාටවත් රජතුමාගේ ඇස් දිහා කෙලින් බලන්න හයියක් තිබුණේ නැ ගාඩ්ස්ලා කෙල්ලෝ තුන් දෙනාව දන ගැස්සුවා
" දැනුවත් කරලා දන ගැස්සුවා නම් හෙන ගහනව ද මං අහන්නේ..."
යුවි හිමින් මිමිනුවා
" දනහිස ලෙෆ්ට් වගේ මුන්ට කියලා ඔස්ට්‍රේලියාවෙන් දනහිසක් ආනයනය කරන්න ඕන "
මෙච්චර දෙයක් වෙලා තියෙද්දී මිනායා දනහිසක් ආනයනය කරන්න හදන්නේ
" වැම්පි රජාට කියලා බලමුත.."
චේයොන්ග් ඇස් කොනින් මිනායා දිහා බලන ගමන් ඇහුවා
" තරහින් පුපුර පුපුර ඉන්න රජාට ඕක කිව්වොත් ඕකා අපේ දනහිස් අරගෙන කාටහරි විකුනයි "
යුවි කිව්වාම ඉන්න තැනත් අමතක වෙලා චේයොන්ග්ට බකස් ගාලා හිනා ගියා රජතුමා ඇහි බමක් උස්සගෙන කෙල්ල දිහා බලාගෙන ඉන්නවා ඒක දැකපු මිනායා චේයොන්ග්ට වැලමිටෙන් ඇන්නා
" හිකිස්..."
රජතුමා සිංහාසනයෙන් නැගිටිනකොට චේයොන්ග් වගේම අනිත් දෙන්නාත් බිම බලාගත්තේ හොදකට නම් නෙවෙයි කියලා හිතන ගමන් රජතුමාගේ අසාමාන්‍ය සන්සුන් බව හැමෝම බය කලා කිව්වොත් නිවැරදියි
ටිකෙන් ටික චේයොන්ග්ගේ ලගට කිට්ටු වුනු රජතුමා කෙල්ලගේ නිකටෙන් අල්ලලා ඉස්සුවා චේයොන්ග්ගේ ඇස් ලග තියෙන ටේහ්‍යුන්ගේ මුහුන දිහා කෙල්ල බලාගෙන හිටියා රජතුමා විනාඩි කිහිපයක් චේයොන්ග්ගේ ඇස් දිහා බලාගෙන හිටියේ මෙතෙක් වෙලා කලු පැහැයෙන් දිලිසුනු රජතුමාගේ ඇස් ටිකෙන් ටික වෙනස් වුනා හරියට චේයොන්ග් ලගදී රජතුමා සන්සුන් වෙනවා වගේ
චේයොන්ග් රජතුමාගේ ඇස් දිහා වශි වෙලා වගේ බලාගෙන හිටියා දෙන්නාම ඇස් දිහා බලාගෙන වෙනම ලෝකෙක අතරමං වෙද්දී එතැන හිටපු ගාඩ්ස්ලා ජන්කූක් මිනායා යුවි ඇතුලු රාජ සභාවේ කොනක මකුනු දැලක් වියමින් හිටපු මකුලුවාත් දෑස් දල්වාගෙන බලාගෙන හිටියේ වෙන්නේ මොකද්ද කියලා හිතාගන්න බැරුව රජතුමාට තරහ ගියාම ඉක්මනට සන්සුන් වෙන කෙනෙක් නෙවෙයි කියලා මාලිගාවේ ගාඩ්ස්ලා වගේම ජන්කූක් දන්නවා
" මුන් දෙන්නා ඇස් දිහා බලාගෙන සමථ භාවනාව වඩනවා ද...?"
මිනායාට මේ දිහා විනාඩි ගානක් බලාගෙන ඉදලා ඇහුවේ
" මොනා වුනත් රජා යකෝ පොඩ්ඩක් කට පරිස්සම් කරගනින්.."
යුවි කිව්වේ මිනායාගේ බ්රේක් නැති කට ගැන හොදටම දන්න නිසා ඒත් එක්කම වගේ ටේහ්‍යුන් චේයොන්ග්ගෙන් ඈත් වුනා චේයොන්ග් වේගෙන් ඇස්පිය ගැහුවේ මොකද්ද වුනේ කියලා හිතන ගමන්
" තමුසෙලා තුන් දෙනා අද ඉදලා මාලිගාවේ සේවිකාවෝ විදියට වැඩ කරන්න ඕන එතකොට තමුන් මගේ ප්‍රධාන සේවිකාව..."
රජතුමා චේයොන්ග් දිහා බලන්නේ නැතුව කෙල්ලගේ පැත්තට ඇගිල්ල දික් කරලා කියනකොට කෙල්ල කට ඇරගෙන බලාගෙන හිටියේ මෙහෙම දෙයක් තුන් හිතකින්වත් බලාපොරොත්තු නොවුනු නිසා
" මූ....."
මිනායා මොනාහරි කියන්න ගියත් ඊට කලින් ක්‍රියාත්මක වුනු යුවි මිනායාගේ කට වැහුවේ මිනායා දැන් මොනාහරි කිව්වොත් රජාගේ අතින් අවසන් ගමන් යන්න වෙයි කියලා හිතුනු නිසා
" මේ තුන් දෙනාව ගෙනිහින් මිසිස් චෝයීට භාර දෙනවා.."
රජතුමා එහෙම කිව්වාම ගාඩ්ස්ලා කෙල්ලෝ තුන් දෙනාව එක්කගෙන ගියා අන්තිමේ දී එතැන රජතුමාත් ජන්කූක් විතරක් ඉතුරු වෙද්දී
",ටේ හියුන්ග්..."
" ම්ම්ම්.."
" ඒ කෙල්ලෝ තුන්දෙනා මැරුවේ නැත්තේ ඇයි හියුන්ග්..."
ජන්කූක් එහෙම ඇහුවාම රජතුමා කොල්ලාගේ පැත්තට හැරුනා
" ඒ තුන්දෙනාගේ මොකක් හරි විශේෂත්වයක් තියෙනවා කුක්...එයා ලගදී මගේ වැම්පයර් පාලනය කරගන්න බැ.. ඒ ඇස් ලොකු කතාවක් කියන්න හදනවා කියලා තේරෙනවා.."
රජතුමා නිවුනු ස්වරයකින් කිව්වේ ටික වෙලාවකට කලින් සිදු වුනු දේවල් මතකයට ගලාගෙන එද්දී
" එයා.......?"
" ම්ම්ම් ඒක මට දැනගන්න ඕන නිසා තමයි ඒ කෙල්ලව ලගට ගත්තේ..."
රජතුමා කට කොනින් හිනාවක් එක්ක ජන්කූක්ගේ පැත්තට හැරුනා ජන්කූක් ඊට නොදැවිනි හිනාවකින් සංග්‍රහ කලේ රජතුමා ගැන හොදටම දන්න නිසා
මේ අතරේ කෙල්ලෝ තුන් දෙනා සේවිකාවන්ගේ ඇදුම් ඇදගෙන වට මේස සාකච්ඡාව පටන් අරගෙන තිබුණේ වට මේස සාකච්ඡාව කිව්වාට ඉතින් වට මේසයක් නැ මිනායා කාමරේ තිබුණු ඇදේ තත්ත්වය පරික්ෂා කරනවා යුවි dressing table එක උඩ වාඩිවෙලා තියෙන cosmetics ගැන බලනවා එතකොට චේයොන්ග් හද්ද පරන පෞරාණික කෝප්පයක් කරව කරව බලනවා
" අපි එනකොට කොහොමට තිබුණු මාලිගාවල් ද බන් මේ අපි මෙහෙට ආවාම තමයි ඒවත් සංවර්ධනය වෙලා සෞභාග්‍යය කරා ගමන් කරේ..."
මිනායා ඇදේ හාන්සි වෙලා කිව්වා
" දේශපාලුවෙක් රැස්වීමක කතා කරනවා වගේ කියවන්න එපා යකෝ කොහේ තියෙන සෞභාග්‍යයක් ගැන ද තෝ කියන්නේ අපි මෙහේ හිර වෙලා අන්තිමේ දී වැඩකාරයොත් වෙලා "
යුවි මූන වාහනේකට අහුවුනු කෙසෙල් ලෙල්ලක් වගේ කරගෙන කිව්වා
" අපි මෙහෙන් කොහොමහරි පැනගන්න ක්‍රමයක් හොයාගන්න ඕන සර්වන්ට්ලා වුනු එකෙන් ප්‍රයෝජනයක් ගමු..."
චේයොන්ග් අනිත් ඩබල දිහා බලන ගමන් කිව්වා
" ම්ම්ම්.... ඒත් මේ වුනු දේවල් ගැන උබලාට මොකද හිතෙන්නේ "
මෙච්චර වෙලා ඇදේ හාන්සි වෙලා හිටපු මිනායා ඇදේ වාඩිවෙන ගමන් කිව්වා
" හිතාගන්න බැ බන්..."
" අපි එනකොට හොල්මන් ගුහාවක් වගේ තිබුණු මාලිගාව දැන් කට්ටිය පිරිලා පිලිවෙලයි එතකොට අර අපි පිටිපස්සෙන් ඇදුනු ජායාව අනික මේ රජා කොහෙන්ද පහත් වුනේ..."
" මිනායා මතක ද සිංහාසනය පිටිපස්සේ තිබුණු කාමරේ එතැන රජාගේ පිංතූරයක් තිබුනා ඊට පස්සේ අර මුද්දට චේගේ අත කැපිලා මුද්ද උඩට ලේ වැටුනා..."
" එතකොට චේ හින්දා තමයි රජා නිදහස් වෙලා තියෙන්නේ "
යුවි මිනායා දෙන්නාම එකට කියලා චේයොන්ග් දිහා බැලුවා කෙල්ල මුකුත් හිතාගන්න බැරුව හිටියේ
" ඒත් ඇයි ඒ.."
" අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මෙච්චරයි අවුරුදු ගානක් හිර වෙලා හිටපු රජා බේරගත්තාට රත්තරං ඇදක නිදාගන්න දීලා අතට පයට සර්වන්ට්ලා දීලා රාජකීය ආහාර පාන දෙන්න ඕන වුනාට මේ රජා කලේ ඒ ඔක්කොගේම අනිත් පැත්ත මම හිතන්නේ මේකාට සයිකෝ බලපන් මේ ඇදට මෙට්ටයක් තිබ්බාට වැඩක් මේකේ ඉදගෙන ෆක් කලොත් වැඩේ ඉවර වෙන්න කලින් ඇද ලෙෆ්ට්..."
මිනායා කියවගෙන ගියේ අනිත් දෙන්නා බලාගෙන ඉදිද්දී
" රජාට සයිකෝ කියනවා උබේ හා ඩැඩීට ඇහුනොත් ආපහු අර මීයෝ ඉන්න කූඩුවේ ගඩොල් ගනින්න තමයි වෙන්නේ "
චේයොන්ග් මිනායාගේ ඔලුවට ඇගිල්ලෙන් අනිනන ගමන් කිව්වා
" සැක්...ඒකා ඩැඩී නෙවෙයි මගේ baby boy...මම එයාගේ mommy..."
මිනායා දගකාර හිනාවක් එක්ක කිව්වා
" ඔච්චර අඩු වුනේ...."
" අනියා යුවියා play room එකකුත් ඕන "
" තොගේ play room එක හදන්නත් මෙතනින් ගිහින් ඉන්න එපැයි "
" එතකොට චේ මගේ බේබි බෝයි මෙහේ නේ "
මිනායා යටි තොල පිට පෙරලගෙන කිව්වා
" තමුන්ලා තුන් දෙනාට කිව්වේ ඇදගත්ත ගමන් ඉක්මනට එන්න කියලා නැතුව මෙතන සාකච්ඡා පවත්තන්න නෙවෙයි තමුන්ලා වගේ අය මොකට රජතුමා ඉතුරු කලා ද මන්දා තුන්දෙනාම බහිනවා එලියට.."
එකපාරට කඩාගෙන පහත් වුනු මිසිස් චෝයි කෑගහනකොට dressing table එක උඩ වාඩිවෙලා හිටපු යුවි අතිසාර්ථක ලෙස පොලොව සිපගත්තා ඇදේ කොනේ හිටපු මිනායා වැටෙන්න ගිහින් චේයොන්ග්ගේ පිහිටෙන් බේරුනා
" මේ ගෑනියේ සද්දේ බලපන්කෝ කටට කැවුමක් ඔබන්න හිතයි.."
මිනායා ලග හිටපු චේයොන්ග්ට කිව්වා
" කැවුමක් නම් මදි වෙයි බන් ඒ කටේ හැටියට "
චේයොන්ග් එහෙම කිව්වා
" මොනාද තවත් කුටු කුටු ගගා ඉන්නේ යනවලා එලියට "
මිසිස් චෝයි කෑගහනකොට බිම වැටිලා හිටපු යුවි නැගිට්ටවගෙන එලියට ගියා
" තමුන්ලා තුන් දෙනාගේ නම් කියනවා "
මිසිස් චෝයි අහනකොට කෙල්ලෝ තුන් දෙනා එයාලගේ නම් කිව්වා
" චේයොන්ග් තමුන් රජතුමාගේ ප්‍රධාන සේවිකාව මෙයා එක්ක යනවා..."
මිසිස් චෝයි කිව්වාම චේයොන්ග් බැලුවේ එයාගේ අත් දෙක අල්ලාගෙන ඉන්න කෙල්ලෝ දෙන්නා දිහා ඒ දෙන්නා මූන බෙරි කරගෙන බලාගෙන ඉන්නවා
" මොකද තමුන් මෙතන කරන්නේ යනවා දැන් කිව්වාම "
චේයොන්ග් ඔලුව වැනුවා
" දෙන්නා පරිස්සමින් හරි ද...?"
කෙල්ලෝ දෙන්නා වයින් කරපු බෝනික්කෝ වගේ ඔලුව වැනුවා
" තමුන් යන්නේ මැරෙන්න නෙවෙයි "
මිසිස් චෝයි කට කොනින් හිනාවක් එක්ක කියනකොට මිනායාට මී පාසානම් කවන්න නොහිතුනාම නෙවෙයි චේයොන්ග් මිසිස් චෝයි කලින් පෙන්නපු කෙනා එක්ක එතැනින් ගියා
" තමුන්ලා දෙන්නා එනවා මාත් එක්ක "
මිසිස් චෝයි කෙල්ලෝ දෙන්නා දිහාට නපුරු බැල්ලමක් දාගෙන ඉස්සර වෙලා ගියා මිනායා මිසිස් චෝයීට ගහන්න අත උස්සනකොට යුවි මිනායාගේ අත අල්ලගත්තා මිසිස් චෝයි පිටිපස්ස හැරිලා කෙල්ලෝ දෙන්නාට රවලා ආපහු යන්න ගියා
" තමුන්ලා දෙන්නා ඉක්මනට එන්වා.."
මිසිස් චෝයි ටින් බෙලෙක්කේ වගේ කට ඇරියාම කෙල්ලෝ දෙන්නා ගියා
To be continue...........😈
සතියකින් විතර ආවා ඔයාලාව බලලා යන්න 🌝😌
කතාව ගැන ඔබේ අදහස් දක්වන්න
Bạn đang đọc truyện trên: AzTruyen.Top