😈 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 04🩸
යුවි එතැන පිලිමයක තිබුණු මුද්දක් පෙන්නුවේ ඒ මුද්ද ගොඩක් වෙනස් වගේම ලස්සනයි ඒ නිසා චේයොන්ග් මුද්ද අල්ලනවා එතකොට එයාගේ ඇගිල්ල තුවාල වෙලා මුද්ද උඩින් ලේ බිංදුවක් වැටෙනවා ඒ වෙලාවේ හදේ පැහැය වෙනස් වී රතු පැහැයට හැරිලා තිබුණේ ඒත් එක්කම චන්ඩ මාරුතයක් හමාගෙන ගියේ ගස් වල සිලි සිලි සද්දේ වැඩි කරමින්
" අයිෂ්.....චේ මොකද්ද කරගත්තේ..."
මිනායා චේයොන්ග්ගේ අත අල්ලාගෙන කිව්වා
" අපි මෙතනින් ඉක්මනට යමු..."
යුවි කිව්වේ වටපිට බලන ගමන් යුවිට දැනුනේ මොකක් හරි දෙයක් සිද්ධ වෙන්න යන වග ඒ වගේම ඒ දේ එච්චර හොද දෙයක් නෙවෙයි ඒ නිසා තමයි යුවි එහෙම කිව්වේ
" මටත් මොකද්දෝ අමුත්තක් දැනෙනවා.."
මිනායා කිව්වේ චේයොන්ග්ගේ තුවාල වුනු ඇගිල්ල රෙදි පටියකින් බදින ගමන් තුන් දෙනාව එතැනින් එලියට ඇවිත් මාලිගාවේ ප්‍රධාන දොරටුව පැත්තට ඇවිදගෙන ගියා ජනේලෙන් හද එලිය මාලිගාව ඇතුලට වැටිලා තිබුනා ප්‍රධාන දොරටුව ලගට කෙල්ලෝ තුන් දෙනා ආවත් දොරටුව ඇරගන්න පුලුවන් වුනේ නැ
" අපි දැන් යන්නේ කොහොමද teleport වෙන්න බැ.."
" මාලේ ගලවලා දාලා යමු "
" එපා...හැල්මොනී ලොකු හේතුවක් නිසා මේක දුන්නේ.. මෙතනින් යන්න වෙන ක්‍රමයක් හොයාගමු.."
චේයොන්ග් එහෙම කිව්වේ ප්‍රධාන දොරටුවට පිටුපාලා ඉදිරියට ඇවිදගෙන යන ගමන් ඒත් එක්කම වගේ සැඩ සුලගක් හමාගෙන ගියේ මාලිගාවේ බිම තිබුණේ වේලුනු කොල මකුනු දැල් ඔක්කොම අයින් කරමින්
" චේ......මොකද්ද..මේ වෙන්නේ..."
යුවි සුලගෙන් බේරෙන්න හදන ගමන් චේයොන්ග් ඇහුවා
" ම්..මම දන්නේ නැ..."
විනාඩි කිහිපයකින් සැඩ සුලග පහව ගිහින් සියල්ල සාමාන්‍ය තත්ත්වයට පත් වුනා කෙල්ලෝ තුන් දෙනා හිටියේ මාලිගාවේ උද්‍යානයේ
" පිටිපස්සෙන් ගිහින් බලමු..."
මිනායා කියපු දේට එකග වුනු කෙල්ලෝ දෙන්නා මාලිගාවේ පිටිපස්සට ගියා මාලිගාවේ පිටිපස්සෙන් යන්න තිබුණු දොරත් අගුල් වැටිලා දැන් කෙල්ලෝ තුන් දෙනා මාලිගාව ඇතුලේ හිර වෙලා ඉන්නේ කාගේ හරි කකුලකට පෑගිලා කෝටුවක් කැඩෙන සද්දේ ඇහුනු නිසා පිටිපස්ස හැරුනා මාලිගාවේ බිත්තයකට මුවා වෙලා එයාලා දිහා බලාගෙන ඉදලා කවුරුහරි දුවනවා කෙල්ලෝ දැක්කා
" යමන් පස්සෙන්.."
එහෙම කියලා කෙල්ලෝ තුන් දෙනා ඒ පස්සෙන් දුවගෙන ගියා ඒත් එකපාරට ඒ කෙනා අතුරුදහන් වුනේ කෙල්ලෝ තුන් දෙනාව ටිකක් බය කරලා
" මේක මායාවක් ද..?"
" මෙහේ කවුරුහරි ඉන්නවා ඒක මට දැන් හොදටම විශ්වාසයි..."
චේයොන්ග් කිව්වේ කෙල්ලෝ දෙන්නා දිහාට හැරෙන ගමන්
" අපි දැන් මොකද්ද කරන්නේ..."
" අපි කොහොමහරි ඒ කෙනාව හොයාගන්න ඕන එයා තමයි අපිට මෙතනින් එලියට යන්න නොදෙන්නේ ඒ කෙනා හොල්මනක් වුනත් පිසාචයෙක් වුනත් වැම්පයර් කෙනෙක් වුනත් අපිට එයාව අල්ලගන්න වෙනවා "
" මොකද්ද ප්ලෑන් එක "
" බෙදිලා ගිහින් හොයමු..."
" යාහ්හ් චේ උබට ස්කුබි ඩූ එකේ ෆ්‍රෙඩි වැහුනා ද යකෝ "
චේයොන්ග් කිව්වාම මිනායා ඇහුවේ මූනත් තැලිච්ච තක්කාලි ගෙඩියක් වගේ කරගෙන
" විකාර නොකියා පලයන්....දෙන්නා පරිස්සමින් හරි ද.."
චේයොන්ග් කිව්වාම දෙන්නා ඔලුව වැනුවා ඒ දෙන්නා දෙපැත්තකට බෙදිලා යනකොට චේයොන්ග් මාලිගාවට ඇතුල් වුනා ඉස්සෙල්ලාම එනකොට වඩා මාලිගාවේ වෙනසක් කෙල්ලට තේරුනා චේයොන්ග් ඇතුලට යනකොට එකපාරට එහා පැත්තේ කබඩ් එක උඩ තිබුණු ඉටිපන්දම් පත්තු වුනා කෙල්ල ෆෝන් එකේ ටෝච් එක ඔන් කරගෙන පඩිපෙළ හිමින් නැග්ගා කලින් අපිලිවෙලට දූවිලි වලින් පිරිලා තිබුන මාලිගාව දැන් පිරිසිදුයි පිලිවෙලයි කෙල්ලට හිතාගන්න බැ මොකද්ද වෙලා තියෙන්නේ කියලා පඩිපෙළ නැගලා අවසානයේ කලින් නොගියපු පැත්තකට චේයොන්ග් ගියා බකමූනෙක් කෑගහන සද්දේ සුලගට සෙලවෙන ගස් වල සිලි සිලි සද්දය ඇරුනාම ඇහුනේ චේයොන්ග් අඩිය තියෙන සද්දය විතරයි කෙල්ල බෙල්ලේ තියෙන මාලේ අතින් තද කරගෙන ඉස්සරහට ගියා
ටික දුරක් යනකොට චේයොන්ග්ට එයාගේ පස්සෙන් කවුරුහරි කෙනෙක් එනවා දැනුනු නිසා කෙල්ල නැවතිලා පිටිපස්ස හැරිලා බැලුවත් කවුරුවත් හිටියේ නැ ඒත් එක්කම චේයොන්ග්ගේ ෆෝන් එක ඕෆ් වෙනවා ඒ නිසා කෙල්ල කලබල වෙනවා ෆෝන් එක ඔන් කරන්න ට්‍රයි කලත් වැඩක් වුනේ නැ කොරිඩෝවට වැටිලා තියෙන සද එලියෙන් කෙල්ල ඉස්සරහට අඩියක් තියලා යන්න හදනකොට වීදුරුවක් කුඩු වෙන සද්දයක් ඇහුනා චේයොන්ග් ඉස්සරහට තියන්න ගත්ත කකුල ආපහු පිටිපස්සට තිබ්බා කෙල්ලගේ බෙල්ලට කාගෙදෝ උනුසුම් සුසුම් දැනෙද්දී චේයොන්ග් ආපහු පිටිපස්ස හැරිලා බැලුවා ඒත් කවුරුවත් පේන්න හිටියේ නැ කෙල්ලගේ හිත හොදටම ගැස්සිලා තිබුණේ
" ක්..කවුද ඉන්නේ...."
" ඇයි... අ..පිව බය කරන්නේ...?"
" ක්..කතා කරන්න..."
චේයොන්ග් එහෙම අහන ගමන් හිමින් ඉස්සරහට අඩිය තිබ්බා කෙල්ල බය වෙලා නැ කිව්වොත් එක අතකින් ඒක බොරුවක් කෙල්ල එකපාරට නැවතුනේ එයාගේ ඉන වටේ ශක්තිමත් අත් දෙකක් එතුනු නිසා චේයොන්ග්ගේ කන් පෙත්තට කාගෙදෝ උනුසුම් සුසුම් වදිද්දී කෙල්ල හිටියේ ගල් වෙලා වගේ
" Baby....."
ගැඹුරු කටහඩකින් තමන්ගේ කනට මුමුනකොට කෙල්ල එකපාරට පිටිස්ස හැරුනා ඒත් කවුරුවත් හිටියේ චේයොන්ග්ට තවත් එතැන ඉන්න හොද නැ කියලා හිතුනු නිසා කෙල්ල දුවලා ගියා චේයොන්ග් දුවලා ගිහින් නැවතුනේ රාජ සභාවේ කෙල්ල වේගෙන් හුස්ම ගන්න සද්දේ ඇරෙන්න වෙන කිසිම සද්දයක් ඇහුනේ නැ ඒත් එක්කම දොර අගුල් වැටෙන සද්දයක් ඇහුනා චේයොන්ග් දුවගෙන ගිහින් දොර අරින්න හැදුවත් ඒක අරින්න බැ කෙල්ල හැමතැනම ඇවිදින ගමන් එලියට යන්න ක්‍රමයක් හෙව්වත් හම්බුනේ නැ
" අයිෂ්....මම මෙතන හිර වෙලා අරුන් දෙන්නා මොනා කරනවාද දන්නේ නැ මෙතනින් කූබියෙක්ටවත් යන්න තැනක් නැ නේ මාත් ඉදලා ඉදලා පෙරලගෙන ගන්නේ මේ වගේ බාල්දි තමයි.."
චේයොන්ග් තමන්ටම මුමුනගන්න ගමන් බිත්තියට හේත්තු වෙලා බිම ඉදගත්තා කොන්ඩේ අතරේ අතැගිලි යවමින් චේයොන්ග් කල්පනා කලේ මෙතනින් පැනගන්න විදියක් කාගෙදෝ සපත්තු පොලොවේ ගැටෙන සද්දයක් ඇහෙද්දී කෙල්ල ඔලුව ඉස්සුවා ශාලාවට වැටිලා තිබුණු සද එලියෙන් කෙල්ල දැක්කා ශාලාව මැදින් කවුරුහරි ඇවිදගෙන යනවා ඒත් ඒ කෙනාගේ මුහුන දැක්කේ නැ චේයොන්ග් ඉදපු තැනින් නැගිටලා ඒ කෙනා පිටිපස්සෙන් ගියා ඒ කෙනා ගිහින් සිංහාසනයේ වාඩි වෙද්දී චේයොන්ග් ඇස් දෙකත් ජිල් බෝල කරගෙන බලාගෙන හිටියා
මෙතෙක් වෙලා සද එලියෙන් පමනක් ආලෝකමත් වෙලා තිබුණු මාලිගාවේ විදුලි බුබුලු දැල්වෙන්නට වුනා ශාලාවේ තිබුණු කහ පැහැති විදුලි බුබුලු වල ආලෝකයෙන් තමන් ඉදිරියේ සිටින කෙනාගේ මුහුන චේයොන්ග් දැක්කා
" Vimpire King...."
චේයොන්ග් මිමිනුවේ ටිකකට කලින් දැක්ක පිංතූරය මතක් කරමින් ඒ පිංතූරයේ හිටපු කෙනා තමන් ඉදිරියේ ඉටි රූපයක් වගේ ජීවමානව ඉන්නවා දකිද්දී කෙල්ලගේ හිතට අමුතු බයක් දැනුනා
ඒ තියුනු ඇස් නැවතිලා තිබුණේ ඇස් දෙකත් ජිල් බෝල සයිස් කරගෙන බලාගෙන ඉන්න චේයොන්ග් ලග ටේහ්‍යුන්ගේ අදුරු ඇස් දිහා තවත් බලාගෙන ඉදිද්දී දැනුනු අපහසුතාවය නිසා කෙල්ල බිම බලාගත්තා මේ වෙලාවේ චේයොන්ග්ට මොකද්ද කරන්න ඕන කියලා හිතාගන්න බැරි වුනා දැන් එයාගේ ඉස්සරහ ඉන්නේ වැම්පයර් අධිරාජ්‍යයා.....! නිකන් නෙවෙයි කේන්තියෙන් ඇස් අදුරු කරගත් වැම්පයර් අධිරාජ්‍යයා.....!
" තමුන් මොනාද මගේ මාලිගාවේ ඇතුලේ කරන්නේ....?"
ගැඹුරු ගොරෝසු හඩකින් අහද්දී චේයොන්ග් අතේ ඇගිලි පටලවාගෙන හිටියේ මොනාද කියන්නේ කියලා හිතාගන්න බැරුව
" තමුන්ට මම අහපු දේ ඇහුන් නැද්ද..?"
ටේහ්‍යුන්ගේ කේන්ති පිරුණු කටහඬ රැව් දුන්නා කෙල්ල ඇස් දෙකත් තද කරලා පියාගත්තේ බයටම චේයොන්ග්ගේ හැසිරීම දැක්ක රජතුමා කට කොනින් හිනා වුනා සිංහාසනයෙන් නැගිට්ට රජතුමා කෙල්ල ලගට කිට්ටු වෙන්න ගත්තා චේයොන්ග් ලගට රජතුමා කිට්ටු වෙනවා කියලා දැනෙද්දී කෙල්ල හිමින් පිටිපස්සට අඩිය තිබ්බා රජතුමා කිට්ටු වෙන්න වෙන්න චේයොන්ග් පිටිපස්සට යන නිසා කෙල්ලගේ අතින් ඇදලා තමන්ගේ ඇගට තද කරගත්තා
" කොහෙද දුවන්න හදන්නේ....?"
චේයොන්ග්ගේ නිකටෙන් අල්ලලා ඉස්සුවා කෙල්ල ටේහ්‍යුන්ගේ අත් වලින් බේරෙන්න කොච්චර දැගලුවත් ඒවා වැඩක් වුනේ නැ රජතුමාගේ කේන්තියෙන් පිරුණු ඇස් ඉස්සරහ චේයොන්ග් දගලන එක නැවැත්තුවා
" තමුන් තාමත් මම අහපු දේට උත්තර දුන්නේ නැ නේ.."
කෙල්ලගේ නිකටෙන් තදින් අල්ලපු රජතුමා ඇහුවා චේයොන්ග් මුකුත් නොකියා රජතුමාගේ ඇස් මගහැරියා
" රජතුමනි.."
මෙච්චර වෙලා චේයොන්ග්ගේ ලග නැවතිලා තිබුණු ඇස් ඒ ඇහුනු කටහඬ පැත්තට හැරුනා
" චේ....."
මිනායාගේ කටහඬ ඇහෙනකොට කෙල්ල ටේහ්‍යුන්ගෙන් ඈත් වෙලා මිනායා ලගට යන්න හැදුවාට ඒකට ඉඩක් ලැබුනේ නැ
" යාහ්හ්...අපිට යන්න දෙනවා.."
යුවිව අල්ලාගෙන ඉන්න ජිමින්ගේ අත් වලින් බේරෙන්න හදන ගමන් කෙල්ල කෑගැහුවා යුවිගේ දැගලිල්ල නිසා කේන්ති ගිය ජිමින් කෙල්ලගේ කම්බුලට ගැහුවා
" යුවියා...."
" කට වහගෙන හිටපන්.."
ජිමින් දත්මිටි කාගෙන කිව්වා ජීකුක් දෙන්නා කෙල්ලෝ දෙන්නාව රජතුමා ඉස්සරහ දන ගැස්සුවා මෙච්චර වෙලා රජතුමාගේ අත් අතරේ හිර වෙලා හිටපු චේයොන්ග්ව පිටිපස්සට තල්ලු කලේ කෙල්ල කකුල් දෙක පටලැවිලා බිම වැටෙද්දී
" තමුසෙලා තුන් දෙනා මෙහෙට ආවාට ආපහු කවදාවත් මෙහෙන් යන්න වෙන්නේ නැ පැනලා යන්න හිතුවොත් තමුසෙලාට ගොඩක් දුක් විදින්න වෙයි..."
" වේ...තමුසේ මොන අයිතියකට ද අපිව හිර කරලා තියෙන්නේ ආ.."
මිනායාගේ කෑගහලා ඇහුවාම ජන්කූක් කෙල්ලගේ කොන්ඩෙන් ඇද්දා
" තමුසේ කොහොමද ඔහොම කතා කරන්නේ...? තමුසෙගේ ඉස්සරහ ඉන්නේ වැම්පයර් අධිරාජ්‍යයා.."
" යාහ්හ් මගේ කොන්ඩේ අතහරිනවා..."
මිනායා වේදනාවෙන් කෑගහන දිහා චේයොන්ග් වගේම යුවිත් බලාගෙන හිටියේ කදුලු පුරවගෙන
" එයාව අතහරින්න..."
යුවි මිනායා ලගට යන්න හදනකොටම ජිමින් යුවිව අල්ලගත්තා ජිමින්ගේ අත් වලින් බේරිලා මිනායා ලගට යන්න හදන්නේ
" චේබල්....එයාලව අතහරින්න..."
චේයොන්ග් තමන්ගේ ඉස්සරහ හිටගෙන වෙන සියල්ල දිහා කට කොනින් හිනාවක් එක්ක බලාගෙන ඉන්න ටේහ්‍යුන්ට කිව්වා
" මම මොකටද තමුසෙලා අතහරින්නේ මගේ මාලිගාවට බලෙන් ඇතුල් වෙලා ඉන්න මනුස්ස කෙල්ලෝ තුන් දෙනෙක් අතහරින්න මට හේතුවක් කියන්න පුලුවන් ද...?"
කෙල්ලගේ ඇස් වලට එබිලා එහෙම කිව්වාම චේයොන්ග්ගේ ඇස් ලොකු වුනා
හෑ.....යකෝ මේ රජාට පිස්සු ද..? අපිට මනුස්ස කෙල්ලෝ කියන්නේ...මේ වගේ පිස්සෙක්ට කවුද යකෝ රජකම,දීපූ එකා ෂුවර් එකට ඌට මොකක් හරි මොලේ අමාරුවක් තිබිලා තියෙනවා.... පොඩ්ඩක් ඉන්න මේ මාලේ නිසා ද අපිව අදුරගන්න බැරි....
චේයොන්ග්ගේ බෙල්ලේ තියෙන මාලෙට එයාගේ අත ගියේ ඉබේටම වගේ
" අවුරුදු ගානකට කලින් තමුසෙලාගේ එවුන් මාව හිර කලා කිසිම පදනමක් නැති මිථ්‍යා මත නිසා අවුරුදු ගානකට පස්සේ මම නිදහස් වුනා මම උබලා ඔක්කොම විනාස කරනවා එකෙක්ට ජීවත් වෙන්න දෙන්නේ නැ "
රජතුමාගේ ඇස් තනි කලු පැහැයට හැරෙද්දී කෑගහලා කිව්වේ කේන්තියෙන් චේයොන්ග්ට තඩි කෙල ගුලියක් ගිලුනේ රජතුමාගේ රෞද්‍ර ස්වරූපය නිසා අවුරුදු ගානක් පුරාවට හිර වෙලා හිටපු නිසා රජතුමාගේ හිටියේ කියාගන්න බැරි කේන්තියෙන් අහුවෙන ඕනම කෙනෙක් විනාස කරන්න පුලුවන් තරම් කේන්තියකින්
" මුන් ඔක්කොම ගෙනිහින් හිර කරපන්..."
ටේහ්‍යුන් දත්මිටි කාගෙන කියනකොට ජිකුක් දෙන්නා කෙල්ලෝ තුන්දෙනාව මරන්න අරගෙන යන හරක් වගේ ඇදගෙන ගියේ කිසි හිතක් පපුවක් නැති විදියට
To be continue...........😈
ඔම්මාආආආආආආ
මේ කතාව මාව පිස්සෙක් කරලා නවතින්නේ...😭💔
Bạn đang đọc truyện trên: AzTruyen.Top