😈 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 03🩸

තැඹිලි පැහැ මලානික හිරු රැස් රූස්ස ගස් අතරින් ගලාගෙන ආවේ සන්ධ්‍යා කාලය  උදා වී ඇති බව පසක් කරමින් උදෑසන කාලයේ කැලය පැමිනි කෙල්ලෝ තුන් දෙනා තවමත් කැලයට වී සිටියි.

" අයිෂ්....සිග්නල් නැ..."

චේයොන්ග් ෆෝන් එක දිහා බලාගෙන කිව්වා මිනායා ගලක් උඩ වාඩිවෙලා නිදි කිරා වැටෙනවා යුවි ගහකට හේත්තු වෙලා සසර කලකිරෙනවා වගේ බලාගෙන ඉන්නවා

" අර උඩ අත්තේ ඉන්න කුරුල්ලාගෙන් අහපන් සිග්නල් තියෙද කියලා සිග්නල් නැත්නම් ක්ලෝගාඩ් එකක් හරි දෙයි නේ "

යුවි කිව්වේ ෆෝන් එක උස්සගෙන බබර චක්කරේ වගේ කැරකෙන චේයොන්ග්ට කෙල්ල යුවි දිහා බලලා රැව්වා චේයොන්ග් කුරුල්ලා දිහා බලනකොට ඌ එතැනින් පියාඹලා යන්න ගියා

" ඒ කුරුල්ලාත් දන්නවා චේ කියන්නේ කවුද කියලා "

යුවි හිනා වෙවි කිව්වා

" මට උබට වැහි නැති අකුනක් ගහන්න බැරි හැටියක්.."

චේයොන්ග් කිව්වා

" වවුලෙක් හොයාගෙන යමන්කෝ බන් මට නිදිමතයි "

මිනායාගේ කිව්වේ සිලීපි වොයිස් එකකින්

" යකෝ මේ වෙලාවට කොහෙද වවුල්ලු.. පොඩ්ඩක් හිටාම් රෑ වෙනකම් අනික උබට කවද්ද ඔය මත නැති වුනේ.."

චේයොන්ග් කිව්වේ මිනායා දිහාට හැරෙන ගමන්

" එහෙනම් අහවල් සෙද්දක් කරන්න ද උදේ ආවේ.."

යුවි ඇහුවා

" සෙද්දක් කරන්න නෙවෙයි දැන් රෑ වීගෙන එන්නේ යමු.."

" ගෙදර ද.."

චේයොන්ග් එහෙම කිව්වාම මිනායාගේ මූනේ මල් යායක් පිපුනේ ගෙදර යන්න හදනවා කියලා හිතාගෙන ඒක නිසා කෙල්ල එහෙම ඇහුවේ

" ගෙදර නෙවෙයි යකෝ කැලේ ඇතුලට.."

චේයොන්ග් කැමරාවත් අරගෙන දාගන්න ගමන් කිව්වා

" වෙන උන් රෑ වෙනකොට කැලෙන් එලියට යන්නේ ඒකට අපි කැලේ ඇතුලට යන්නේ "

" අපි හරි වෙනස් යුවියා.."

මිනායා එහෙම කියන යුවිගේ කරට අත දාගත්තා චේයොන්ග් ගැම්මෙන් ඉස්සර වෙලා යද්දී මිනායා යුවි පිටිපස්සෙන් ආවා කෙමෙන් කෙමෙන් හිරු බැසගෙන ගොස් රාත්‍රිය උදා වුනා ඈත අහසේ පායා තිබුණු සද හේතුවෙන් රාත්‍රි කාලයේ වනාන්තරයට අමුතු සුන්දරත්වයක් එක් කලා කෙල්ලෝ තුන් දෙනා  ටෝච් වල ආලෝකයෙන් ඇවිද්දා චේයොන්ග් වවුල්ලුන්ගේ ෆොටෝ දෙක තුනක් ගත්තා මිනායා යුවි දෙන්නා එක එක විකාර කරමින් සෙල්ෆි ගහනවා චේයොන්ග් අනිත් කෙල්ලෝ දෙන්නා දිහා බලලා ඔලුව දෙපැත්තට වැනුවේ මුන් කවදාවත් හදන්න බැ කියලා හිතන ගමන්

" තොපිට ආපු පාර මතක ද.."

යුවි ඇහුවේ මූනත් අමුතු කරගෙන පිටිපස්ස බලන ගමන්

" උබ බය වෙන්න එපා යුවියා චේ ඔය සතෙක්ගෙන් අහගෙන අපිව එක්කගෙන යන්න..."

මිනායා එහෙම කියලා චේයොන්ග් දිහා බලනකොට කෙල්ල ගල් ගැහිලා වගේ බලාගෙන ඉන්නවා බකමූනෙක් කෑගහන හඩ මුලු පරිසරයේම නිශ්ශබ්බදතාවය බිද දැමුවා මිනායා යුවි දෙන්නා චේයොන්ග් ලගට කිට්ටු වුනේ අමුත්තක් දැනුනු හින්දා චේයොන්ග් එතැන බිම පුරා පිපිලා තියෙන සුදු පාට මල් දිහා බලාගෙන ඉන්නවා

" චේ...."

කෙල්ල ලගට කිට්ටු වුනු යුවි කතා කලත් චේයොන්ග්ගෙන් එයාට පිලිතුරක් ලැබුනේ නැ

" චේ... මොකද වුනේ...?"

මිනායා චේයොන්ග්ගේ උරහිසට අතක් තියලා ඇහුවාම කෙල්ල ගැස්සිලා ගිහින් වගේ කෙල්ල දිහා බැලුවා

" මොකද වුනේ.."

මිනායා ඇහුවේ චේයොන්ග්ගේ අමුතු හැසිරීම නිසා

" මට...මට මෙතන හුරුයි වගේ... මම හීනෙන් දකින තැනත් ටිකක් මේ වගේ.. "

චේයොන්ග් කලබලයෙන් වගේ කිව්වා

" චේ... කලබල වෙන්න එපා ඔයා කොහෙද හරි මෙතන දැකලා ඇති ඒකයි ඔයාට එහෙම දැනෙන්න ඇත්තේ.."

යුවි චේයොන්ග්ගේ කොන්ඩේ අතගාන ගමන් කෙල්ලව සන්සුන් කරන්න වගේ කිව්වා

" ඒක තමයි චේ... උබ ඔය ෆිල්ම් එකකින් දකින්න ඇත්තේ යමන්.."

මිනායා එහෙම කියලා ඉස්සරහට ගියා චේයොන්ග් ටිකක් දුර ගිහින් ආපහු හැරිලා බැලුවා කෙල්ල ටික වෙලාවක් ඒ දිහා ඉදලා හුස්මක් පහත හෙලලා එතැනින් යන්න ගියා එතැන ගහක හිටපු බකමූනත් චේයොන්ග්ගේ පස්සෙන් පියාගෙන ගියා 

තුන් කට්ටුව ඇවිදගෙන යනකොට දැක්කේ කන්දක් උඩට වෙන්න හදලා තිබුණු මාලිගාවක් සද එලිය වගේම ඝන මීදුම අතරින් පේන මාලිගාව දිහා කෙල්ලෝ තුන් දෙනා බලාගෙන හිටියා

" හොල්මන් පාටයි නේද බන්..."

" හොල්මන් ඉන්නවා ද දන්නේ නැ "

" ගිහින් බලමු.."

" තොපි හොල්මන් අල්ලන්න යන්න ස්කුබි ඩූ ද"

යුවි ඇහුවා

" උබ දන්නවා නේ යුවියා හොල්මනක් ෆේස් ටූ ෆේස් හම්බවෙනකම් මම බලාගෙන ඉන්නේ කියලා "

මිනායා කිව්වේ හොල්මන් පිලිබදව ඇගේ සිතේ ඇති පරම පිවිතුරු නිකලැල් කුලුදුල් ප්‍රේමය සිහිපත් කරමින්

" උබ දැන් හොල්මන රේප් කරන්න ද හදන්නේ..?"

යුවි ඇහුවේ මිනායාගේ වල් සිත ගැන දන්න නිසා

" හොල්මන හැන්සම් නම් ඒක වෙන්නත් බැරි නැ ඉතින් "

" උදව්වක් ඕන කියපන් මම ඉන්නෝ.."

චේයොන්ග් කිව්වේ ඇහැක් ගහන ගමන් කෙල්ලෝ තුන් දෙනා කයියක් ගහගෙන මාලිගාව ලගට කිට්ටු වුනා තුන් දෙනා මාලිගාව ඉස්සරහට වෙලා බලාගෙන ඉන්නවා

" ඇතුලට යනවද "

" යකෝ මෙච්චර කන්දක් බඩගාගෙන ආවේ මේක ඉස්සරහ පිට්ටු තබන්න ද follow me girls "

චේයොන්ග් එහෙම කියාගෙන මාලිගාවේ විශාල දොරට අතක් තිබ්බාම ඇරුනා සුලං රැල්ලක් හමාගෙන ගියා චේයොන්ග් මාලිගාව ඇතුලට දකුනු කකුල තියලා ඇතුල් වෙද්දී බිම තිබුණු කොල සුලගට ගහගෙන ගියා කෙල්ලෝ තුන් දෙනා ඇතුල් වුනු ගමන් මාලිගාවේ දොර ඉබේම වැහිලා ගියේ කෙල්ලෝ තුන් දෙනාවම ටිකක් බය කරලා මිනායා දුවලා ගිහින් දොර අරින්න හැදුවත් දොර ලොක් වෙලා

" දොර ලොක් වෙලා අපි කොහොමද එලියට යන්නේ..."

මිනායා ඇහුවා චේයොන්ග් මාලිගාව ඇතුලේ පුරාම ඇස් යැව්වා අවුරුදු ගානකින් කවුරුවත් මාලිගාවේ ඉදලා නැ වගේ හරි අත්භූත හොල්මන් ස්වභාවයක් තිබුණේ අමුතු සීතලක් දැනෙනවා

" අපි ඇතුලට ගිහින් බලමු..."

අඩ සද එලිය නිසා මාලිගාවට අත්භූත බවක් එක් වෙලා තිබුනා චේයොන්ග් ටෝච් එක අරගෙන ඉස්සර වෙලා යනකොට මිනායා යුවි වටපිට බලමින් චේයොන්ග්ගේ පස්සෙන් ආවා

" මේ උබලාට හිතෙන්නේ නැද්ද අහක යන කුනු ගොඩක් දාගත්තා කියලා "

යුවි කිව්වේ මාලිගාවේ බිත්තිය වල තිබුණු චිත්‍ර දිහා බලන ගමන්

" මෙතන හරි යන්නේ චේටම තමයි "

මිනායා කිව්වේ එතැන කබඩ් එකක් උඩ තිබුණු මල් වාස් එකක් අරගෙන කරකවන ගමන්

" මේ ලමයි මෙහේ ඉදලා තියෙන්නේ vimpires ලා බලපන් මේ චිත්‍ර දිහා මේවා ගොඩක් පරනයි "

චේයොන්ග් කිව්වේ බිත්තියේ ඇදලා තියෙන චිත්‍ර දිහා බලාගෙන

" ඉතින් බන් වැම්පයර්ලා ඉදලා තියෙනවා නම් දැන් කෝ එයාලා..."

" ඒක නම් මටත් ප්‍රශ්නයක් මිනායා.."

චේයොන්ග් එහෙම කිව්වා ඒත් එක්කම ඇහුනේ මොනාහරි දෙයක් බිදෙන සද්දයක් කෙල්ලෝ තුන් දෙනා එකපාරට ගැස්සිලා ගියා යුවි මිනායාගේ අතින් අල්ලගත්තා චේයොන්ග් ඒ පැත්තට ටෝච් එක හැරෙව්වත් කවුරුවත් පේන්න හිටියේ නැ

" සතෙක් වෙන්න ඇති.."

මිනායා එහෙම කිව්වත් චේයොන්ග් ඒ පැත්ත බලාගෙන හිටියේ හිතට අමුත්තක් දැනෙද්දී

" චේ...."

යුවි කතා කලාම චේයොන්ග් යුවි දිහා බැලුවා

" අපි තුන් දෙනා එකටම ඉමු.. මට මෙතන අමුත්තක් දැනෙනවා තව කවුරුහරි අපි දිහා බලාගෙන ඉන්නවා කියලා දැනෙනවා "

චේයොන්ග් කිව්වේ වටපිට හොදින් නිරික්ෂණය කරන ගමන්

" කවුද යකෝ මේ භූත බංගලාවේ හොල්මන් කරන හොල්මන වරෙන් ඉදිරියට පිටිපස්සෙන් ඇවිත් පිහියෙන් අනින්නේ නැතුව "

මිනායා ගමකට ගහන්න වගේ කතා කරනකොට චේයොන්ග් ඔලුවේ අත ගහගත්තා

" වරෙන් යන්..."

ුන් දෙනා එක්ක මාලිගාවේ තිබුණු දෙවැනි මහලට ආවා දෙවැනි මහලේ කාමර කිහිපයක් තිබුනා කෙල්ලෝ තුන් දෙනා එක කාමරයක් ඇරගෙන ඇතුලට ගියා

" මේක ඇන්ටික් බඩු කඩයක් නේ.."

යුවි කිව්වේ කන්නාඩිය ඉස්සරහ තිබුණු පොඩි බෝතලයක් අතට ගන්න ගමන් මිනායා ගියපු ගමන් ඇදට පැන්නා

" මරු මෙට්ටේ බන් "

මිනායා අත පය දිග හරින ගමන් කිව්වා චේයොන්ග් ඒ කාමරේ තිබුණු පෙට්ටයක් ඇරියා ඒකේ තිබුණේ earrings චේයොන්ග් පෙට්ටිය වැහුවා ඒත් එක්කම ජනේලයක් ඇරිලා සුලගක් හමාගෙන ගියා ඒ සුලගට බිත්තියේ තිබුණු පිංතූරයක් බිම වැටුනා චේයොන්ග් වැටුනු පිංතූරය අතට ගත්තා ඒකේ තිබුණේ මාලිගාවක් ඒ මාලිගාව මේ දැන් එයාලා ඉන්න මාලිගාව කියලා අදුරගන්න වැඩි වෙලාවක් ගියේ නැ

" අවුරුදු ගානකට කලින් මේ මාලිගාව තිබිලා තියෙන්නේ මේ විදියට "

චේයොන්ග් අතේ තිබුණු පිංතූරය දිහා බලාගෙන කිව්වා

" ඒක හරි ඒත් කොහෙද මාලිගාවේ හිටපු අය.."

" ඒක තමයි යුවියා අපි හොයාගන්න ඕන "

චේයොන්ග් පිංතූරය ඇද උඩින් තියලා ඒ කාමරෙන් එලියට ආවා අනිත් දෙන්නාත් කාමරෙන් එලියට ආවා තුන් දෙනා එක්ක තුන් වැනි මහලට ආවා එතකොට මාලිගාවේ විදුලි බුබුලු පත්තු වෙවී නිවෙන්න ගත්තේ කෙල්ලෝ තුන් දෙනාට හෙනම හොල්මන් ෆීලින් එකක් දැනෙද්දී

" හොල්මන් අපෙන් ආතල් ගන්නවා ද බන් "

" ඕයි හොල්මන කශේරුවක් කියලා දෙයක් තියෙනවා නම් වරෙන් යකෝ එලියට "

මිනායා කෑගහලා කියනකොට ලග තිබුණු බල්බ් එකක් පුපුරලා ගියා මිනායා ගැස්සිලා ගිහින් චේයොන්ග්ගේ පිටිපස්සේ හැංගුනා

" හොල්මන හෙන දරුනුයි වගේ "

මිනායා චේයොන්ග්ගේ පිටිපස්සට වෙලා මිමිනුවා ඒත් එක්කම කාගෙදෝ අඩි සද්දයක් ඇහෙන්න ගත්තා චේයොන්ග් ඒ අඩි සද්දේ ඇහෙන පැත්තට ඇවිදගෙන ගියා

" කවුද ඔතන..."

චේයොන්ග් එහෙම අහන ගමන් බිත්තියෙන් එහා පැත්ත බැලුවත් කවුරුවත් හිටියේ නැ කෙල්ල හුස්මක් පහත දාලා හැරෙනකොට සීතලක් දැනුනු නිසා හැරිලා බැලුවා

" චේ යමන්..."

යුවි එහෙම කියන ගමන් චේයොන්ග්ගේ අතින් ඇදගෙන මාලිගාවේ උඩම මහලට ගියා ඒ මහලේ තිබුණු දොරක් ඇරියාම දිග හෝල් එකක් තිබුණේ හෝල් එකේ තිබුණු කනු වල රත්තරං පැහැ මල් වැල් වලින් අලංකාර කර තිබ්බා හෝල් එකේ අවසාන කෙලවරේ පුටුවක් තිබුනා ඒක නිකන් පුටුවක් නෙවෙයි කියලා දකින ඕන කෙනෙක්ට පේනවා රාජකීයත් පෙන්නුම් කරන ආකාරයට පුටුව සාදා තිබුණේ හෝල් එකේ දෙපස තිබුණු දිගු ජනේල වලින් සද කිරන ගලාගෙන ආවා චේයොන්ග් මිනායා යුවි ඇවිදින අඩි සද්දයක් පමනක් අසෙන තරමට පරිසරය නිශ්ශබදයි

" මේක රාජ සභාවක් වගේ එකක් වෙන්න ඕන අතන තමයි රජතුමා වාඩි වෙන්නේ එතකොට මේ ටිකේ රාජ්‍යයේ අමාත්‍යවරු ඉන්න ඕන..."

චේයොන්ග් එහෙම කියන ගමන් ඉස්සරහට ඇවිදගෙන ගියා රාජකීය සිංහාසනය අල්ලන ගමන් සිංහාසනය පිටිපස්සට ගියා

" එපා..."

මිනායා සිංහාසනයේ වාඩි වෙන්න හදනකොට චේයොන්ග් එපා කියපු පාර මිනායා ගැස්සිලා ගිහින් බිම වැටුනා ඒත් එක්කම සිංහාසනය පිටුපස තිබුණු බිත්‍තිය සෙලවෙන්න පටන් ගත්තා ඒ බිත්තිය නෙවෙයි එතැන තිබුණේ දොරක් ඒත් බලන ඕන කෙනෙක්ට හිතෙන්නේ ඒ බිත්තියක් කියලා

" උප්ස්.....මේ රහස් ගුහාවක් නේ "

" ඊට ඉස්සෙල්ලා මාව නැගිට්ටවලා හිටපන් "

මිනායා පොලොව බදාගෙන කෑගහනකොට යුවි මිනායා නැගිට්ටුවා ඇරුනු දොරෙන් පහලට පඩිපෙලක් තිබුනා චේයොන්ග් පඩිපෙළ බැහැගෙන ගියා එතැන නිකන් පුස්තකාලයක් වගේ

" කිම් ටේහ්‍යුන්...."

බිත්තියේ ගහලා තිබුණු පිංතූරය යටින් ලියලා තිබුණු නම චේයොන්ග් මිමිනුවා ඒත් ඒ තිබුණු පිංතූරය පැහැදිලි නැ

" වැම්පයර් අධිරාජ්‍යයා..."

ඒ නමට යටින් තිබුණේ එහෙමයි

" චේ....."

මිනායා කතා කරනවා ඇහෙනකොට චේයොන්ග් ඒ පැත්තට ගියා

" චේ මේ බලපන්..."

යුවි එතැන පිලිමයක තිබුණු මුද්දක් පෙන්නුවේ ඒ මුද්ද ගොඩක් වෙනස් වගේම ලස්සනයි ඒ නිසා චේයොන්ග් මුද්ද අල්ලනවා එතකොට එයාගේ ඇගිල්ල තුවාල වෙලා මුද්ද උඩින් ලේ බිංදුවක් වැටෙනවා ඒ වෙලාවේ හදේ පැහැය වෙනස් වී රතු පැහැයට හැරිලා තිබුණේ

To be continue.............😈

ඊලග චැප්ටර් එකෙන් මෙතෙක් වෙලා ඔබ බලාගෙන සිටි කෙනා සම්ප්‍රාප්ත වීමට නියමිතය

එම නිසා ජවය බලය ශක්තිය කියලා නෙස්ටමෝල් එකක් බීලා පැමිනෙන්න...

Bạn đang đọc truyện trên: AzTruyen.Top