😈 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 02🩸

" චේ... උබ වවුලෙක්ගෙන් අහපන් වද වීගෙන යන වවුලු ගැන සෙද්ද තියෙන power එකෙන් ප්‍රයෝජනයක් ගනින් යකෝ..."

මිනායා කිව්වේ තඩි ඈනුමක් අරින ගමන්

" සිරා... උබට තියෙන power එක මට තිබුනා නම් මම ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නවා.."

යුවි කිව්වේ මේසේ උඩ වාඩිවෙලා කකුල් දෙකත් පද්ද පද්ද

" සිරා නෙවෙයි ධමනි.. තොපිට හොදට සැපට ඉන්න මම වවුල්ලු එක්ක කතා කර කර විස්තර හොයන්න මගෙන් සුද්ද කොරියන් වලින් අහගන්නේ නැතුව රෙඩි වෙයන්.."

චේයොන්ග් කෙල්ලෝ දෙන්නාට රවන ගමන් කිව්වා

" සුද්ද කොරියන් වලින් කියපන්.."

" තෝ ප#යා.. හු#$@ ගිහින් ලෑස්ති වෙයන් බේසිකයා හු#$% නැතුව "

චේයොන්ග් දන්න ඔක්කොම අසභ්‍ය වචන වලින් බනින පටන් ගත්තා

" ජෙයියනේ... මගේ වර්ජින් කන් දෙකට මොනාද මේ ඇසෙන්නේ.."

" පල යුවියා යන්න උබ මහ රෑට බලන ඒවා දන්නේ නැ කියලා ද හිතාගෙන ඉන්නේ...?"

මිනායා කිව්වා

" තොපි දෙන්නා මට කියලා අකුනක් වද්ද ගන්නේ නැතුව ගිහින් රෙඩි වෙයන්..."

චේයොන්ග් උච්ච ස්වරයෙන් කෑගහලා කියනකොට වැහි නැති අකුනක් වැදුනා

" ඒක නම් වැදුනේ මේ ලගකට වගේ..."

" එහා ගෙදර ඉන්න කොට තට්ට සිරාට වදින්න ඇත්තේ මොකද ඌ කට ඇරියොත් බොරු කියන්නේ "

" ඊලගට වදින්නේ උබලා දෙන්නාට..."

චේයොන්ග් කේන්තියෙන් කියනකොට මිනායා යුවි ගියේ වැහි නැති අකුනක් කාලා විදවන්න බැරි නිසා

චේයොන්ග් කියන්නේ වැම්පයර් කෙනෙක් අනිත් වැම්පයර්ලාට වඩා මෙයා ටිකක් විශේෂිතයි චේයොන්ග්ට පරිසරයේ යම් යම් සිද්ධීන් පාලනය කරන්න පුලුවන් ඒ වගේම සත්තු එක්ක කතා කරන්න පුලුවන් power එකක් තියෙනවා

මිනායා වැම්පයර් කෙනෙක් එයාට අජීවී ඕනම දෙයක් මවන්න පුලුවන් ඒ නිසා චේයොන්ග්ටයි යුවිටයි කඩාගෙන වැටුනු මරාල ගනන අපමනයි

යුවි වැම්පයර් කෙනෙක් එයාට හිත් කියවන්න පුලුවන් එයා half blood vimpire කෙනෙක් යුවිගේ ඔම්මා මනුස්සයෙක් අප්පා වැම්පයර් කෙනෙක්

ත්‍රිබල ලෑස්ති වෙලා ජේජු වලට ගියා teleport වෙන්න පුලුවන්ව තියෙද්දී බස් වල ජේජු එක්කගෙන ගිය එක පිලිබද මිනායා හිටියේ චේයොන්ග්ව මරාගෙන කන සයිස් එකක මිනායා චේයොන්ග්ව හිතින් මරන්න ප්ලෑන් කරද්දී මිනායාගේ හිත කියවන යුවි හිනා වෙන්න පටන් ගත්තා යුවිගේ හිනාවට මිනිස්සු විතරක් නෙවෙයි යක්කු පෙරේතයෝ කුම්බාන්ඩයෝ ඔක්කොම බය වෙන සයිස් හිනාවක් තියෙන්නේ

ත්‍රිබලගේ විකාර මැදින් ජේජු වලට ආවා මිනායාගේ හැල්මොනී ජේජු වල ඉන්න නිසා කෙල්ලෝ තුන් දෙනා එහේ නැවතුනා මිනායාගේ හැල්මොනිත් වැම්පයර් කෙනෙක්

" හැල්මොනී....."

මිනායා සුලි කුනාටුවක් වගේ කඩාගෙන බිදගෙන ඇතුලට ගියා චේයොන්ග් යුවි පිටිපස්සෙන් ආවා මිනායා හැමතැනම බැලුවත් හැල්මොනී හිටියේ නැ

" හැල්මොනී කොහේ ගිහින් ද..?"

මිනායා ඇහුවේ ගෙදර හැමතැනම ඇවිදගෙන ඇවිත්

" කැලෑවට ගියා ද දන්නේ නැ.."

චේයොන්ග් කිව්වා

" ගිහිල්ලා බලමු..."

යුවි කිව්වාම කෙල්ලෝ දෙන්නා ඔලුව වැනුවා එයාලගේ බෑග්ස් ඔක්කොම දාලා කැලෑව පැත්තට ඇවිදගෙන ගියා

" මේ කැලෑව භයානකයි පරිස්සම් වෙන්න..."

මිනායා කැලෑවට ඇතුල් වෙනවත් එක්කම අනතුරු ඇගෙව්වා.

" හැල්මොනි..."

" හැල්මොනී ඔයා කොහෙද.."

" හැල්මොනී කොහෙද අෆ්ෆා ඉන්නේ.."

කෙල්ලෝ තුන් දෙනා කෑගහන ගමන් කැලේ ඇතුලට ගියා

" හා පැටියෝ.. ඔයා දැක්ක ද හැල්මොනී කෙනෙක්ව..."

චේයොන්ග් ඇහුවේ එයාගේ ඉස්සරහට දුවගෙන ආපු පුංචි හා පැටියාගෙන්..

" අනියා.."

හා පැටියා එහෙම කියලා දුවලා ගියා

" මොනාද කිව්වේ...?"

" එයා දැකලා නැ..."

චේයොන්ග් එහෙම කියලා ඉස්සරහට යන්න අඩිය තියනකොටම ඉස්සරහින් කෙනෙක් මතු වුනා

" හැල්මොනි..."

කෙල්ලෝ තුන් දෙනාම එකපාර කිව්වා මිනායාගේ හැල්මොනී තමයි එකපාරට චේයොන්ග් ඉස්සරහින් මතු වුනේ

" යාහ්හ් හැල්මොනි අපි හොදටම බය වුනා.."

මිනායා පපුවට අතකුත් තියාගෙන කිව්වා

" මෙච්චර ලස්සන මට ද බය වුනේ කෙල්ලේ.."

හැල්මොනි කෙල්ලෝ තුන්දෙනාට රවාගෙන ඇහුවා

' අයියූ හැල්මොනි මේකිට පිස්සු නේ හැල්මොනි සුරදූතියක් වගේ ඉන්නේ.."

චේයොන්ග් එහෙම කියාගෙන හැල්මොනී බැක් හග් කලා

" ඒක නේ හැල්මොනි..."

යුවිත් ගිහින් හැල්මොනිට තුරුල් වෙද්දී මිනායා ඉනටත් අත් දෙක තියාගෙන තරහෙන් පුපුර පුපුර බලාගෙන ඉන්නවා

" යුවි මොනාහරි පිච්චෙන ගදක් එන්නේ නැද්ද..?"

හැල්මොනී ඇහුවා

" මටත් ආවා හැල්මොනි තව විනාඩි කිහිපයකින් පුපුරයි වගේ..."

" උබට අද මම..."

මිනායා තඩි සෝස්පන් එක උස්සගෙන යුවිගේ පැත්තට එනකොට කෙල්ලට teleport වෙන්නත් අමතක වෙලා දුවන්න පටන් ගත්තා

" යාහ්හ් යුවි... මම චේගෙන් හොරකම් කරපු underwear ගැන දිව්රලා කියන්නේ මම උබව අඩි හයක් යටට යවනවා.."

මිනායා එහෙම කියාගෙන දුවගෙන යනකොට යුවිගේ මස්තිෂක රාජයාට කුනාටුවක් වගේ කඩාගෙන බිදගෙන ආවේ මෙච්චර දුවන්නේ මොකටද teleport වෙන්න පුලුවන් නේද කියලා මිනායා දුවගෙන යනකොට එකපාරට යුවි අන්තරස්දාන වුනු නිසා මිනායා කේන්තියෙන් වටපිට බැලුවා චේයොන්ග් හැල්මොනි හිනා වෙනවා

" කිම් යුවි... තවුසේ කොයිවෙලාවක හරි මට අහුවෙයි නේ.."

" අහ්ම්..අහ්ම්...මම ඉන්නේ ඔබතුමියගේ පිටිපස්සේ මිනායා උත්තමාවියනි.."

යුවි හැල්මොනිගේ ලගට වෙලා කිව්වා මිනායා සෝස්පන් එකත් අතුරුදහන් කරලා මූනත් වාහනේකට අහුවුනු තක්කාලි ගෙඩියක් වගේ කරගෙන හැල්මොනි ලගට ආවා

" මගේ කෙල්ලෝ ටික..කොච්චර කාලෙකින් ද මේ.. මොකද එකපාරටම මෙහේ ආවේ...?"

හැල්මොනි හිනාවක් එක්ක ඇහුවත් එයාගේ හිතේ ලොකු බයක් තිබුනා

" අපි ආපු වෙලාව වැරදියි කියන්නේ ඇයි හැල්මොනි.."

හැල්මොනිගේ හිත කියවපු යුවි ඇහුවා

" යුවියා මගේ හිත කියෙව්වා ද..?"

හැල්මොනි ටිකක් සැරෙන් ඇහුවා

" හැල්මොනි ඒක මම හිතලා කරන දෙයක් නෙවෙයි කියලා දන්නවා නේ "

යුවි මූනත් අච්චාරු වගේ කරගෙන කිව්වා

" හැල්මොනි මොකක් හරි ප්‍රශ්නයක් ද..?"

මෙච්චර වෙලා නිහඩව හිටපු චේයොන්ග් ඇහුවේ හැල්මොනිගේ වෙනසක් තේරුනු නිසා

" අපි ඉක්මනට මෙතනින් යමු.."

හැල්මොනි කිව්වේ කලබලයෙන් වටපිට බලන ගමන් හැල්මොනි කෙල්ලෝ තුන් දෙනායි ආපහු ගෙදරට  teleport වුනා

" හදිස්සියේම තුන් කට්ටුව මෙහේ එන්න ඇත්තේ නිකන් නෙවෙයි නේ.."

" යුනි එකේ project එකක් හැල්මොනි..."

චේයොන්ග් කිව්වේ සෙටියට කඩාගෙන වැටුනා මිනායා ගෙනාපු බෑග් එක උඩින් වාඩිවුනා යුවි මේසයක් උඩින් වාඩිවුනා

" හැල්මොනී මොකද්ද ප්‍රශ්නේ කියන්නකෝ.."

චේයොන්ග් ඇහුවා

" එහෙම මුකුත් ප්‍රශ්නයක් නැ ඔයාලා පරිස්සම් වෙන්න ඕන නගරය වගේ නෙවෙයි ලමයි මෙහේ තාමත් මිනිස්සු වැම්පයර්ලා ගැන විශ්වාස කරනවා වගේම වැම්පයර්ලාට වෛර කරනවා මිනිස්සු හිතාගෙන ඉන්නේ අපි මිනිස් ලේ බොනවා කියලා "

" මිනිස් ලේ රස ද දන්නේ නැ නේ බන් "

හැල්මොනිගේ කතාවට මැදින් ඇඩ් එකක් දාපු මිනායා කිව්වා

" මැදින් ඇඩ් නොදා හිටාම් හැල්මොනී කියන්න "

චේයොන්ග් ලග ඉදපු මිනායාගේ ඔලුවට ගහලා කිව්වා

" මොන දේ කලත් තුන්දෙනා පරිස්සමින් හරි ද පොඩ්ඩක් ඉන්න.."

හැල්මොනී එහෙම කියලා ගිහින් පොඩි පෙට්ටියක් අරගෙන ආවා කෙල්ලෝ තුන් දෙනා බලාගෙන හිටියේ ඒ පෙට්ටියේ මොනාද තියෙන්නේ කියලා පෙට්ටිය ඇරපු හැල්මොනි මාල තුනක් එලියට ගත්තා ඒවාට කොල,දම් පාටට හුරු නිල්,තැඹිලි පාට පොඩි මැනික් ගල් අල්ලලා තිබුනා කොල පාට මැනික් අල්ලලා තිබුණු මාලේ චේයොන්ග්ට දම් පාටට හුරු නිල් පාට මැනික් අල්ලලා තිබුණු මාලේ යුවිට තැඹිලි පාට මැනික් අල්ලලා තිබුණු මාලේ මිනායාට දුන්නා

" තුන් දෙනාම මාල දාගන්න ඕක ගලවන්න හිතන්නවත් එපා ඔය මාලෙන් ඔයාලා කවුද කියලා කාටවත් අදුරගන්න බැ අඩුම ගානේ වැම්පයර් කෙනෙක්ටත් අදුරගන්න බැ ඒ වගේම ඔයාලාගේ බලය යම්තාක් දුරට පාලනය වෙනවා.."

හැල්මොනී කියනකොට කෙල්ලෝ තුන් දෙනා මාලේ දාගත්තා

" වේ හැල්මොනී මේක කලින් නොදුන්නේ එහෙනම් අපි චේගෙන් අකුනු පාරවල් කන්නේ නැ නේ..."

" කුමාවෝ හැල්මොනී දැන් යුවියාට අපේ හිත් කියවන්න බැ නේ "

යුවි කලින් කියපු දේට කට කොනින් හිනාවක් දාගෙන චේයොන්ග් කියද්දී යුවිගේ මූන අහක බලාගෙන ගහපු කොත්තුවක් වගේ වුනා

" මට දැන් මුකුත් මවන්න බැරි ද...?"

මිනායා pizza එකක් මවන්න ට්‍රයි කරන ගමන් කිව්වා කෙල්ලගේ හාට්ටුව කෑලි කෑලි වලට කැඩිලා ගිහින් ආපහු හාට්ටුව හදන්න සෙලෝටේප් එකක් හොයනවා

" ඔය මාලේ ගලවනවා එහෙම නෙවෙයි මිනායාට පොඩි දේවල් මවන්න පුලුවන් චේට තාමත් සත්තු එක්ක කතා කරන්න පුලුවන් හැබැයි යුවිට හිත් කියවන්න බැ මොකද එයා half blood vimpire කෙනෙක් නිසා එයාගේ බලය සම්පුර්ණයෙන් නැති වෙනවා "

හැල්මොනි එහෙම කිව්වාම යුවියාගේ ඇරෙන්න අනිත් දෙන්නාගේ මූනේ මල් යායක් පිපුනා යුවි එයාලගේ හිත් කියවලා ආතල් ගත්තා සමහර වෙලාවට ප්‍රසිද්ධියේ නෝන්ඩි කලා ඒක නිසා චේයොන්ග්ටයි මිනායාටයි හරි සතුටුයි

" ඕවාට තමයි යුවියෝ කියන්නේ ලූලාට වාරයක් එනවා නම් තිත්තයාට වාර දෙකක් එනවා කියලා "

මිනායා එහෙම කියලා චේයොන්ග්ට high five එකක් දැම්මා

" තුන්දෙනා බඩු අස් කරගන්න..මම කන්න මොනාහරි හදන්නම්.."

හැල්මොනි එහෙම කියලා ගියාම කෙල්ලෝ තුන් දෙනා බඩු අස් කරගත්තා

" හෙට ඉදලා වැඩ පටන් ගනිමු.."

චේයොන්ග් කිව්වේ එයාගේ බෑග් එක අරගෙන රූම් එකට යන ගමන්

" ඇයි බන් මිසිස් මින් අපිට වද වීගෙන යන වවුල්ලු ගැන හොයන්න කිව්වේ..?"

" උබ වවුල් පරම්පරාවෙන් පැවතගෙන එන හින්දා.. ගොන් ප්‍රශ්න අහන්නේ නැතුව ඔය බෑග් එක අරගෙන පලයන්.."

යුවිට එහෙම කියපු මිනායා එතැනින් යන්න ගියා

To be continue...............😈

වෝට් කමෙන්ට් කරන්න...

Bạn đang đọc truyện trên: AzTruyen.Top