😈 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 01🩸

සීතල සුලං හමාගෙන යන අමාවක දිනයක මුලු පරිසරය පුරාවටම පැතිරිලා තිබුණේ ලොකු අත්භූත බවක් මෙන් ඒ වගේම මූසල ස්වභාවයක් ගෙන තිබුනා විශාල වනාන්තරයක් මැද තිබුණු සොහොනක පිරිසක් සිටියේ ඉතා කලබලයෙන්

" ඇගේ ශරීරයේ උෂ්ණත්වය සාමාන්‍ය නමුත් ඇගේ නාඩි වැටෙන්නේ නැ "

එතැන සිටි එක් අයෙක් එසේ පැවසුවා ගමේ හදිස්සි අසනීප තත්ත්වයකින් මිය ගිය තරුනියකගේ සිරුර මිහිදන් කිරීමට ඔවුන් සූදානම් වූයේ නමුත් ඇගේ ශරීර උෂ්ණත්වය සාමාන්‍ය පන තියෙන මිනිසෙකුගේ මෙන් විය එමෙන්ම ඇගේ නාඩි වැටෙන්නේ ද නැත ඇය එන්න එන්නම සුන්දර වූයේ බලාගෙන සිටින සැවොම පුදුමයට පත් කරමින්

" පූජකතුමනි ඔබතුමා නිහඩව මන්ද "

එක් පුද්ගලයෙක් එසේ ඇසුවේ නිහඩව තරුනියගේ නිසල සිරුර දෙස බලාගෙන සිටින වයස අවුරුදු අසූවක් පමන වන පුද්ගලයෙකුගෙන්

" මා නිවැරදියි නම් මැය වැම්පයර් කෙනෙකු විය යුතුයි "

පූජකතුමා එසේ පැවසුවේ සියල්ලෝම බය කරමින්

" අප කුමක් ද කල යුත්තේ..? මෙතෙක් කල් ඇය අප සමග වාසය කලේ නමුත් වෙනසක් දැනුනේ නැත්තේ මන්ද "

" එය මට ද වටහා ගත නොහැකිය සමහරවිට අපිට ඇයව හදුනාගත නොහැකි වන පරිදි බලය උපයෝගී කරගන්නට ඇති '

" ඇයව විනාශ කල යුතුයි ඒත් කෙසේද "

" මේ කිනිස්සෙන් ඇගේ හදවතට අනින්න එවිට ඇය විනාශ වී යාවී "

පූජකතුමා මතුරපු කිනිස්ස ගමේ ප්‍රධානියා ලෙස සැලකිය හැකි පුද්ගලයාට දුන්නා ඔහු කුරිරු සිනාවකින් මුව සරසාගෙන බිම වැතිරී සිටින තරුනියගේ හදවතට ඇන්නා

" අනියාහ්......"

මහ හඩින් කෑගහගෙන චේයොන්ග් ඇහැරුනා කෙල්ලගේ මුලු ඇගම දාඩියෙන් තෙත් වෙලා චේයොන්ග් හොදටම බය වෙලා හිටියේ ඒත් එක්කම චේයොන්ග්ගේ රූම් එකට කඩාගෙන බිදගෙන ආවේ මිනායා නිකන් නෙවෙයි අතේ සෝස්පන් එකකුත් තියාගෙන හිටියේ

" කෝ හොරා... කෝ ඌට කරදරයක් නැ නේ ඌ පනපිටින් ද තෝ හොරාව දූසනය කලාද "

මිනායා සෝස්පන් එක අතේ තියාගෙන චේයොන්ග්ගේ ඇද යටට එබිලා ඇහුවා

" සැක්....මේක යට තියෙන කුනු ගොඩක් නගර සභාවේවත් නැතුව ඇති හචින් "

ඇද යට තිබුණු දූවිලි නිසා කෙල්ලට කිවිසුමක් ගියා එතකොට ඇදේ මිනායාගේ ඔලුව අතගෑවා

" බුදාම්මියෝ මෙන්න මේකිගේ මගේ ඔලුව ගැහුවා පාපි බිත්තරයා "

" තෝ මොනාද ඇද යට රිංගගෙන කරන්නේ නැගිටපන් බේසමෝ "

චේයොන්ග් එහෙම කියලා මිනායාගේ පශ්චාත් භාගේ රත් වෙන්න පාරක් ගැහුවා

" මොකද උට්ටියේ ගහන්නේ ඇද යට මකුලුවෝ කපල් එකක් හනිමූන් එක ගත කරනවා මම ඒක දිහා බලාගෙන හිටියේ එකෙක්ගේ උඩ අනිත් එකා නැගලා හරිම ප්‍රේමනීයයි "

මිනායා එහෙම කිව්වාම චේයොන්ග් ඇද යටට රිංගුවේ මකුලුවෝ කපල් එකකගේ හනිමූන් එක නරබන්න එතකොට රූම් එකට ආපු යුවි දැක්කේ කකුල් හතරක් විතරයි

" Ahh daddy...."

මකුලුවා කෑගහන්නේ නැති හින්දා චේයොන්ග් කෙදිරිගානවා ඒකටම හරි යන්න මිනායාත් කෙදිරිගානවා

" ohh.. babygirl.."

ඕක ඇහුනු යුවි උබලාට අද ඩැඩී පෙන්නනම් කියලා හිතාගෙන ෆ්‍රිජ් එක ලගට ගිහින් අයිස් කැට කිහිපයක් අරගෙන ආවා ඇද යටට ඔලුව දාගෙන මකුලුවන්ගේ හනිමූන් එක නරබන චේයොන්ග්ට සහ මිනායාට සිදු වීමට නියමිත අකරතැබ්බය පිලිබද කිසිදු තේරුමක් නැ දෙන්නාම හිටියේ මකුලුවෝ දෙන්නාගේ සිහියෙන් හිමින් සැරේ ඩබල ලගට කිට්ටු වුනු යුවි චේයොන්ග්ට පිජාමා කලිසම අස්සට අයිස්කැට කිහිපයක් දැම්මා මිනායාගේ කලිසම අස්සටත් දැම්මා

පශ්චාත් භාගයට දැනුනු අධික සීතල නිසා චේයොන්ග් හිතුවේ පශ්චාත් භාගේ ආක්ටික් වලට ගිහින් කියලා හැබැයි ටික වෙලාවක් යනකොට දියරක් දැනෙනකොට දෙන්නාම ඇද යටින් ඇවිත් කොහොඹ කංකාරිය නටන්න පටන් ගත්තා යුවි පොලොව බදාගෙන හිනා වෙනවා ඉවරයක් නැ යුවිගේ කන් කලු වෙන හිනා සද්දේ ඇහෙනකොට ඩබලට තේරුනා මේක යුවිගේ වැඩක් කියලා චේයොන්ග් කොහොමහරි අයිස් කැට ටික අයින් කරගත්තා අනිත් පැත්ත හැරිලා මිනායා දිහා බැලුවාම තේරුනා අද යුවිගේ ඇට කට්ටක්වත් හොයාගන්න නැති වෙලා කියලා

" හිනා වෙලා ඉවර ද යුවි බබාහ් "

චේයොන්ග් ඇහුවේ හිනා වෙලා අමාරුවෙන් හුස්ම ගන්න යුවි දිහා බලාගෙන

" අනියා යකෝ හුස්ම ගන්න බැ "

චේයොන්ග් එහෙම අහනකොට මිනායා අසුරක් ගැහුවාම රූම් එකේ ඔක්කොම දොර ජනේල වැහිලා ලොක් වුනා චේයොන්ග් අත පොඩ්ඩක් ගස්සලා යුවිට ඉහලින් තඩි අයිස් කුට්ටියක් මැව්වා ඒක යුවිගේ ඇග උඩට දැම්මේ යුවිගේ හිනාව ලෙෆ්ට් වෙලා යද්දී ඊට පස්සේ මල් වැලක් ඇවිත් යුවිව අයිස් කුට්ටියට තියලා බැන්දා යුවි ඉන්න පැත්ත උඩට හැරෙව්වා යුවිට දැන් මිනායා චේයොන්ග් පේන්නේ ඔලුවෙන් හිටගෙන වගේ

" අඩොඕ සීතලයි යකෝ තොගේ මල් වැල් වලට මාව අතහරින්න කියපන් චේ "

චේයොන්ග් කට කොනින් හිනා වෙන ගමන් බලාගෙන හිටියා තත්පර කිහිපයකින් අයිස් කුට්ටිය දිය වෙලා ගියා යුවිගේ ඇගේ තිබුණු මල් වැල් ටිකත් ගැලවුනා

" ෆීලින් ඕසම් නේද යුවි බබාහ් "

මිනායා කිව්වේ හිනා වෙන ගමන්

" වෙඩිමක් කියනවා මේකිගේ වැල් කපන්න ගිහින් මගේ නියපොතු රිදෙනවා "

යුවි එහෙම කිව්වාම චේයොන්ග් මිනායා බදාගෙන හිනා වෙන්න ගත්තා මිනායා බිත්තිය බදාගෙන හිනා වෙනවා

" තොපි හෙන වල් ගස් යකෝ "

" උබ සාන්ත දාන්ත අහිංසක තීන්ත කූඩුවද යකෝ අපිට වල් ගස් කියන්නේ "

චේයොන්ග් ඇහුවා

" සැක් තොපි එක්ක ඉදලා තමයි යුනි යන්න රෙඩි වෙයන් විකාර නොකර "

" අපිද බේසමෝ පටන් ගත්තේ තෝ නේ මෙතන අයිස් කැට අපේ පෞද්ගලික ප්‍රදේශ වල දාලා වෙඩිමක් කලේ "

" උබලා දෙන්නා මට නොකියා හනිමූන් ගිය නිසා නේ ඒ "

" මේකි ගංජා ගහලා ද බන් මේ වගේ කුනු කන්දක් එක්ක මම හනිමූන් යන්න මේකි කුනු කානු වල ලගිනවා අවුරුද්දට එක සැරයක් වගේ නාන්නේ මූ එක්ක හනිමූන් ගියොත් මන්කි පොක්ස් හැදෙනවා ෂුවර් "

චේයොන්ග් කිව්වා ඔන්න ඉතින් තුන්වැනි ලෝක යුද්ධය ආරම්භ වුනා ඉන්දියාවටයි චීනෙටයි මැදි වුනු සිරි ලංකා රාජධානිය වගේ චේයොන්ග්ටයි මිනායාටයි මැදි වෙලා අහිංසක යුවි

ලොකු පිස්සුවක් නටලා තුන්දෙනා එක්ක යුනි යන්න රෙඩි වුනා

" ඉක්මනට වරෙන් යකුනේ..."

මිනායා කෑගහනකොට චේයොන්ග් සපත්තුවක් කටින් එල්ලගෙන දුවගෙන ආවා යුවිගේ කොන්ඩේ පනාව ගහගෙන දුවගෙන ආවා

" ඕයි යුවි උබ ඔහොම ද යන්න හදන්නේ "

මිනායා යුවි කොන්ඩේ ගහගෙන ඉදපු පනාව ගලවලා ඇහුවා

" හේ හේ.."

යුවි සුපිරි මොංගල් හිනාවක් දැම්මා චේයොන්ග් ඒ අතරේ සපත්තු දාගෙන රෙඩි වුනා ඊට පස්සේ තුන් කට්ටුව කයියක් ගහගෙන යුනි එකට ගියා

" ආන් මරු කදක් මේ පැත්තට එනවා ම්ම්ම්.."

යුවි කිව්වේ එයාලගේ පැත්තට එන කෙල්ල දිහා බලාගෙන

" බලාම් ඒ පැද්දිල්ල.."

මිනායා කියනකොට ඒ කෙල්ල ඇවිත් මිනායා දිහා කේන්තියෙන් බලාගෙන හිටියා

" තමුන් කොහොමද මගේ නම්චිංගුට එහෙම දෙයක් කරේ තමුන්ට කොහෙන්ද එච්චර හයියක් ආ.."

ඒ ගර්ල් කේන්තියෙන් කෑගහලා අහනකොට එතැන වටේ හිටපු හැමෝගෙම ඇස් නැවතුනේ කෙල්ලෝ තුන් දෙන්නා ලග

" කවුද තමුන්ගේ නම්චිංගු... මම එහෙම කෙනෙක් දන්නේ නැ "

මිනායා මුකුත් නොදන්නා ගානට කතා කලා

" තමුන් ඊයේ girls wash room එක ලගදී ගැහුවේ මගේ නම්චිංගුට තමුන් දන්නවා ද එයාගේ ඉස්සරහ දත් තුනක් කැඩිලා.. ඔලුව පැලිලා මැහුම් හයක් දාලා මූන නිල් වෙලා එයාට හරියට කතා කරගන්නවත් බැ "

ගර්ල් කියනකොට මෙච්චර වෙලා හිනාව පාලනය කරගෙන හිටපු යුවිගේ හිනාව පැන්නා යුවි මානසික ලෙඩෙක් වගේ හිනාවෙනකොට ඒකටම හරියන්න චේයොන්ග් මිනායා හිනා වෙන්න පටන් ගත්තා අර ගර්ල්ට තවත් තරහ ගියා ඒ ගර්ල් මිනායාට ගහන්න අත ඉස්සුවාම චේයොන්ග් ගර්ල්ගේ අත අල්ලාගෙන අනිත් අතට ඒ ගර්ල්ගේ කම්බුලට ගැහුවා

" උප්ස්.....නයිස් ශොට්.."

යුවි කිව්වා

" තමුන් කොහොමද මට අත උස්සන්නේ මම කවුද කියලා දන්නවා ද..?"

" වේ.. තමුන් එංගලන්තයේ මහ රැජින ද..?"

" එංගලන්තයේ මහ රැජින අභාවප්‍රාප්ත වෙලා චේ.."

චේයොන්ග්ගේ කනට කරලා මිනායා කිව්වා මිනායාට රවපු චේයොන්ග් ආපහු අර ගර්ල්ගේ පැත්තට හැරුනා

" තමුන්ගේ නම්චිංගු හරි හොදයි කියලා නේද හිතාගෙන ඉන්නේ තමුන් දන්නේ නැති වුනාට ඌට මේ යුනි එක ඇතුලේම තව කෙල්ලෝ දහයකට වැඩිය ඉන්නවා මිනායා ඌට ගැහුවේ අහිංසක කෙල්ලෙක්ට කරදර කරන්න හදපු හින්දා ඌ මහ අසහනකාරයෙක් මම නම් තමුන් ඌව අතහැරියොත් හොදයි කියලා "

චේයොන්ග් කියාගෙන යද්දී ඒ ගර්ල්ගේ ඇස් වලට කදුලු පිරුනා ගර්ල් ලැජ්ජාවටත් දුකටත් එතැනින් දුවලා ගියා

" මොනා වුනත් පව් කෙල්ල "

යුවි කිව්වේ අඩමින් දුවගෙන යන කෙල්ල දිහා බලාගෙන

" අපිට කරන්න දෙයක් නැ යුවි එයා ඇත්ත දැනගන්න ඕන නැත්නම් ඉස්සරහට එයාට මීට වඩා අඩන්න වෙයි.."

මිනායා කිව්වාම චේයොන්ග් ඒක අනුමත කරන්න ඔලුව වැනුවා

" යමු දැන් "

තුන් දෙනා එක්ක ගිහින් lecturer hall එකේ පිටිපස්සෙම පේලියේ වාඩිවුනා මිනායා ගියපු ගමන් ඩෙස්ක් එකේ එහා කොනටම ගිහින් ඩෙස්ක් එකෙන් ඔලුව තියාගත්තා

" උබ ආපු ගමන් නිදි ද යකෝ "

චේයොන්ග් ඇහුවා

" තෝ උදේම බෙල්ල කෑවා වගේ කෑගහපු නිසා මාගේ රාජකීය නින්ද කැඩුනා ඒක හින්දා දැන් නිදාගන්නවා.."

මිනායා කිව්වේ නිදිමතේ

" මේකිට අමතක වෙලා වැම්පයර්ලා නිදාගන්නේ නැ කියලා "

යුවි කිව්වා

" ඒ වුනාට මම නිදාගන්නවා "

මිනායා එහෙම කියලා නිදි එතකොට lecturer ආවා නිසා චේයොන්ග් මුකුත් නොකියා කට වහගත්තා

" ගුඩ් මෝනින් ලමයි.. අද ඉදලා මාසයක් යනකම් කරන්න ඔයාලාට project එකක් තියෙනවා "

Lecturer එහෙම කියනකොට ලමයි අතරේ ලොකු කසුකුසුවක් ඇති වුනා

" Silent.... "

Lecturer කෑගහලා කියනකොට මෙච්චර වෙලා නිදාගෙන හිටපු මිනායා ඇහැරිලා තව පොඩ්ඩෙන් බිම මිනායා හිතුවේ කවුරුවත් දැක්කේ නැ කියලා වුනත් නොදකින්නම ඕන කෙනෙක් ඒක දැකලා කියලා තේරුනේ එයාගේ දිහාට හැරිලා තියෙන lecturer ගේ ඇස් දැක්කාම මිනායා අහිංසක ගොබ්බ සුනඛ හිනාවක් දැම්මා

" හරි ලමයි ඔයාලා group වලට බෙදලා එක් එක් group එකට එක එක මාතෘකා ලබා දෙනවා ඔයාලා ඒ මාතෘකා අනුව විස්තර හොයලා මාසය අවසානයේ project එක අවසන් කරලා භාර දෙන්න ඕන ඒ වගේම මේ project එකෙන් ඔයාලාගේ ෆයිනල් එක්සෑම් එකට ලකුණු එකතු වෙනවා "

Lecturer අන්තිම ටික කිව්වේ කෙල්ලෝ තුන් දෙනා දිහා බලාගෙන

" මේ පාර නම් ලේසි නැ වගේ "

යුවි මිමිනුවේ lecturer ගේ බැල්ම ඒ තරම් හොද නිසා

" මම ඔයාලාව group වලට බෙද්නවා.."

Lecturer  එහෙම කියලා එයාගේ කන්නාඩි කූට්ටම දාගෙන ලමයි ගෘප් වලට බෙදලා එක එක මාතෘකා දුන්නා

" අන්තිමට පාර්ක් චේයොන්ග්, සොන්ග් මිනායා,කිම් යුවි..
වද වීගෙන යන වවුල් විශේෂ ගැන හොයන්න ඕන "

Lecturer එහෙම කිව්වා විතරයි චේයොන්ග් කහින්න පටන් ගත්තා

" චේයොන්ග් ප්‍රශ්නයක් ද.."

" අනියා.. මිස්.."

චේයොන්ග් හිනා වෙලා කිව්වා ඊට පස්සේ lecturer project එක කෙරෙන්න ඕන විදිය ගැන විස්තර කලා

" වවුලු ටිකකට වවුල්ලු ගැන හොයන්න දුන්නා එහෙනම් "

මිනායා කිව්වා

" උබ වවුලෙක් නෙවෙයි වෙන්න ඇති.."

චේයොන්ග් රවාගෙන කියලා ආපහු lecture එකට අවධානය දුන්නා

To be continue.................😈

පලවෙනි චැප්ටර් එකෙන්ම එපා වුනා වගේ ද ලමයි 🙁

Bạn đang đọc truyện trên: AzTruyen.Top