ලිලී මල් 01 🌼
Saeng il chugha haeyo
Saeng il chugha haeyo
Saeng il chughahae hobi
Saeng il chugha haeyo
ඔව් අද මගේ උපන්දිනය...... මගේ මැනික ලස්සන හිනාවක් මූනේ රදවගෙන කේක් එකත් අරගෙන මගේ ඉස්සරහට ආවේ මගේ සහෝදරයෝ හය දෙනා එක්කම
" Saeng il chugha haeyo hyung "
මගේ පොඩි එවුන් තුන් දෙනා එහෙම කියාගෙන ඇවිත් මගේ කරේ එල්ලුනා තව ටිකෙන් මම බිම
" කුමාවෝ "
මම හිනා වෙන ගමන් මාව බදාගෙන ඉන්න කොල්ලෝ තුන් දෙනාගේ ඔලුව අතගෑවා
" යාහ්හ් උපන්දිනේ දවසෙම හොබියා මරන්න ද හදන්නේ "
ජින් හියුන්ග් කෑගහනකොට කොල්ලෝ තුන් දෙනා මූනු තැලිච්ච තක්කාලි ගෙඩි වගේ කරගෙන මගෙන් ඈත් වුනා
" Saeng il chugha haeyo hobi "
ජින් හියුන්ග් මගේ කොන්ඩේ අවුල් කරලා කිව්වා
" කුමාවෝ හියුන්ග් "
මම සුපුරුදු විදියට හිනා වෙලා කිව්වා
" Saeng il chugha haeyo hobi "
යුන්ගි හියුන්ග් මාව හග් කරලා කිව්වා
" කුමාවෝ හියුන්ග් "
" Saeng il chugha haeyo hobba "
නම්ජූනා හිනා වෙවී මාව හග් කරලා කිව්වා
" කුමාවෝ නම්ජූනා "
" හොබී හියුන්ග් කුමාවෝ කන්න ද කේක් කපන්නේ නැද්ද "
කුකී කියද්දී හැමෝම හිනා වුනා මගේ මැනික කේක් එක ටේබල් එක උඩින් තියලා මගේ දිහා හිනා වෙවී බලාගෙන ඉන්නවා මම එයා ලගට ගියා
" Saeng il chugha haeyo hobi... "
මගේ කම්බුලට පුංචි හාදුවක් තවරලා හිනා වුනා
මගේ මැනික.... මගේ සහෝදරයෝ හය දෙනාගෙන් පස්සේ මම වැඩියෙන්ම ආදරේ කරන කෙනා ලිලී.. නම වගේම එයත් ලිලී මලක් වගේ ලස්සනයි ඕනම කෙනෙක්ගේ හිත ඇදිලා යන ලස්සනක් එයාට තිබුනේ
මම කේක් එක කපලා ලිලීට කවන්න හදනකොට ටේ මැදින් පැනලා කේක් කෑල්ල කෑවා
" මොකද්ද පිටසක්වලයෝ ඒ කරපු අසමජ්ජාති වැඩේ තේරුම "
ජිමින් එහෙම කියාගෙන ඇවිත් ඉතුරු කේක් කෑල්ලත් කෑවා
අයිෂ්....... මේ පොඩි එවුන්..
ලිලී නම් හිනා වෙනවා මම ඒ හිනාව දිහා බලාගෙන හිටියේ කියාගන්න බැරි ආදරයකින් හැමෝම තෑගි දුන්නාට පස්සේ මම හිමින් ලං වුනේ ලිලී ලගට ලිලී පැත්තකට වෙලා හිටපු නිසා
" කෝ මගේ තෑග්ග "
මම ලිලීගෙන් පොඩි ලමයෙක් වගේ ඇහුවා
" හ්ම්ම් "
අමුතු විදියට හිනා වෙලා මගේ අත අරගෙන එයාගේ කුස උඩින් තිබ්බා මම ලිලීගේ මූන දිහා බලාගෙන හිටියේ මේ කියන්නේ ඇත්තක් ද කියලා අහන්න වගේ ලිලී ඔව් කියන්න ඔලුව වැනුවා
මට හිතාගන්න බැරි වුනා... සතුටට මගේ ඇස් වල කදුලු පිරිලා ලිලීගෙත් එහෙමයි හැමදාම වගේ එයා කදුලු අතරින් හිනා වුනා මම ලිලීව තුරුල් කරගත්තේ දහස් වතාවක් එයාට ස්තූති කරමින්
" කුමාවෝ මැනික..... ඔයා තමයි මට වටිනාම තෑග්ග දුන්නේ "
මම කියද්දී ලිලී මගේ කොන්ඩේ අතරේ අතැගිලි යවමින් ඔලුව අතගෑවා
" දැන් අඩන්න ඕන නැ නේ හිනා වෙන්නකෝ "
ලිලී මාව ඈත් කරලා මගේ කම්බුල් දිගේ ගලා යන කදුලු බිදු පිහිදැම්මා
" Congratulations හියුන්ග් ඇන්ඩ් නූනා "
පොඩ්ඩෝ තුන් දෙනා කෑගහලා කිව්වා
" Congratulations හොබී ඇන්ඩ් ලිලී "
ජින් හියුන්ග් යුන්ගි හියුන්ග් නම්ජූන් අපි දෙන්නාට සුභ පැතුවා
" කුමාවෝ හැමෝටම "
මම ලිලීව තුරුල් කරගෙන නලලට උනුසුම් හාදුවක් තැවරුවා මම හිටියේ කියාගන්න බැරි සතුටකින්
" හියුන්ග් දැන් අපි සම්චොන්ලා නේ දැන් අපි පොඩි නැ "
කුකී හෙන ආඩම්බරයෙන් කිව්වේ හරියට රටක් රාජ්‍යයක් ලැබුනා වගේ
" එහෙනම් උබ banana milkshake බොන එක නවත්තපන් "
ජිමින් කිව්වේ කුකීව අවුස්සන්න හිතාගෙන
" කොට හියුන්ග් කියන්නේ මගේ ජාතික පානය අතහරින්න කියලා ද "
" යාහ්හ් පොඩි එකා මම කොට නැ හරි ද යුන්ගි හියුන්ග්ට වඩා සෙන්ටිමීටරයක් මම උසයි "
ජිමින් කියද්දී එහා සෝෆා එකේ ඇස් පියාගෙන හිටපු යුන්ගි හියුන්ග් අකුනක් ගැහුවා වගේ ඇස් ඇරියා
" උබේ සෙන්ටිමීටරය ගැන මගෙන් අහගන්න එපා ජිමින් "
යුන්ගි හියුන්ග් කියද්දී හැමෝම හිනා වුනා මගේ ඇස් නම් නැවතිලා තිබුනේ මගේ ලගට වෙලා හිනා වෙවී ඉන්න ලිලීගේ ලග ඒ ඇස් කවදාටත් වඩා අද සතුටින් දිලිසෙනවා මාව පිස්සු වට්ටපු ඒ හිනාව අදටත් ඒ විදියමයි
" අප්පා...... "
මම කල්පනා ලෝකෙන් මිදුනේ මගේ චූටි පැටියාගේ කටහඬ ඇහිලා
" අප්පා.... ඇයි.. අඩන්නේ "
මගේ චූටි කෙල්ල මගේ කදුලු පිහිදන ගමන් ඇහුවා මම චූටි කෙල්ලව උකුලට අරගෙන වාඩි කරගත්තා
" අනී පැටියෝ අප්පාගේ ඇහැට රොඩ්ඩක් ගියා "
" බොලු නේද කියන්නේ අප්පාට ඔම්මා මතක් වුනා නේ ද "
චූටි කෙල්ල අහද්දී මගේ කදුලු ආපහු අලුත් වුනා
" අප්පා අඩන්න එපා එතෝට අප්පාගේ ප්‍රින්සස්ටත් දුක හිතෙනවා "
චූටි කෙල්ල ඇස් වල කදුලු පුරවගෙන කිව්වාම මම කෙල්ලව තුරුල් කරගත්තා
" අනී පැටියෝ අප්පා අඩන්නේ නැ "
චූටි කෙල්ලත් පුංචි අත් මගේ බෙල්ල වටේ යවලා තුරුල් වුනා
" හියුන්ග් අපි යමු නේද "
කුකීගේ කටහඬ ඇහුනු නිසා මම ඔලුව උස්සලා බැලුවා
" ප්‍රින්සස් එක්කගෙන යන්න මම තව ටිකකින් එන්නම් "
කුකී චූටි කෙල්ලගේ අතින් අල්ලාගත්තා
" අප්පා ඉක්මනට එන්න මම බලාගෙන ඉන්නවා "
චූටි කෙල්ල මගේ උකුලෙන් බැහැලා කිව්වා
" හරි පැටියෝ අප්පා ඉක්මනට එනවා "
මම එහෙම කිව්වාම චූටි කෙල්ල කුකී එක්ක යන්න ගියා මම නැගිටලා ඉස්සරහ තිබුණු හන් ගඟ ලගට ගියා ඒත් එක්කම සිහින් හිරි පොද වැස්සක් කඩා හැලුනේ අපි හම්බුනු මුල් දවස මතක් කරන්න වගේ
ලිලීයි මමයි මුලින්ම මුන ගැසුනේ අහම්බෙන් ඒකත් මේ හන් ගඟ ලගදී එදාත් මේ වගේම හිරි පොද වැස්සක් කඩා හැලුනා
" මතක ද මැනික ඔයාට අපි මුලින්ම හම්බුනු විදිය එදා ඔයා මගේ ඇගේ හැප්පිලා මටම කෑගැහුවා "
මගේ ඇස් කදුලින් තෙත් වෙද්දී මම ඒ දවස මතක් කලා මගේ සල්ලි වලට මගේ ප්‍රසිද්ධියට ලං වුනු අය ගොඩක් අතරේ ඔයා මම කවුද නොදැන මට ආදරේ කලා මම ඒ ආදරේට හැමදාම ණයයි මැනික
" මතක ද මම කවුද කියලා දැනගත්තාම මට කෑගහපු විදිය එදා මම ඔයාට මුකුත් නොකිව්වේ ඔයා මාව දාලා යයි කියලා "
ඒක නිසා ඔයා මාත් එක්ක තරහ වෙලා හිටියා ඒ කාලේ හරියට කල්පයක් වගේ දැනුනේ ඔයා එක්ක හිනා වුනා රන්ඩු වුනා සතුටු වුනා ආදරේ කලා මම වැටුනු හැම වෙලාවකම මගේ ලගින් ඉදගෙන
" හැමදේම හරි යයි හොබී මම ඔයා එක්ක ඕන දේකට ඉන්නවා හැමදාම "
කියලා හයියක් වුනා හිතේ හිර කරගෙන හිටපු ගොඩක් දේවල් ඔයා එක්ක බෙදාගත්තා මැනික ඔයාට කොච්චර ස්තූති කලත් මදි
මම අප්පා කෙනෙක් වෙන්න යනවා කියලා කිව්ව දවසේ මට දැනුන සතුට වචනෙන් කියලා නිම කරන්න බැ මේ ලෝකේ ලොකු සතුට මට දුන්නේ ඔයා මැනික
කාලයත් එක්ක අපේ ලගට පුංචි ප්‍රින්සස් කෙනෙක් ආවේ අපේ බැදීම් ශක්තිමත් කරන්න වගේ ඒත් ඒ සතුට වැඩි කල් රැදිලා තිබුනේ නැ
"ඔයා මගේ එක පොරොන්දුවක් කැඩුවා මැනික හැමදාම හැම තත්පරයක මාව තනි නොකර මගේ ලගින් ඉන්නවා කියලා පොරොන්දු වුනු ඔයා අද කොහෙද ඉන්නේ "
සීතල සුලං රැලි දසත හමාගෙන ගිහින් අහස ගොරවා වැස්සක් කඩා හැලුනේ එදා ඒ අදුරු මතකය නැවත මගේ ඉදිරියේ මැවි මැවි පෙනෙද්දී ඔව් අදත් එදා වගේ හරි නම් මමයි ඔයා ඉන්න තැන ඉන්න තිබ්බේ
" වේ මැනික වේ එහෙම දෙයක් කලේ ඔයා නැතුව කොහොමද අපේ ප්‍රින්සස් ඉන්නේ එයා ඔම්මා ගැන අහද්දී මම හැමදාම කිව්වේ ඔයා තරුවක් වෙලා අපි දිහා බලාගෙන ඉන්නවා ඇති කියලා මම කොහොමද මැනික අපේ ප්‍රින්සස්ට ඔම්මා නැති අඩුව පුරවන්නේ එයා ගෑනු ලමයෙක් ප්‍රින්සස් ගෑනු ලමයෙක් ඔම්මා නැති අඩුව කොච්චර දැනෙනවා ද කියන්න මම ඔයාට කියන්න ඕන නැ "
මාස තුනක පුංචි දරුවෙක් එක්ක මාව තනිකරලා යන්න තරම් ඔයා නපුරු වුනේ කොහොමද රත්තරං එයා රෑට ඔම්මා ඉල්ලලා අඩද්දී මම අසරණ වුනු විදිය දන්නේ නැද්ද මැනික එයා ටික ටික ලොකු වෙද්දී එයා ඇහුවා අනිත් ලමයින්ගේ ඔම්මාලා ඉන්නවා ඇයි එයාට නැත්තේ කියලා
එයාට දැන් අවුරුදු 05 ක් මැනික ඔයා අපිව දාලා ගිහින් අවුරුදු 05 ක් ඒත් ඒ වේදනාව එදා වගේමයි අඩන්න දහසක් හේතු තිබුනත් මගේ ප්‍රින්සස්ගේ සතුට වෙනුවෙන් ඔයාගේ අවසන් ඉල්ලීම වෙනුවෙන් මම අඩන්නේ නැ රත්තරං
මං අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඔයා මං ලග නැති බව දන්නවා මැනික මට දැනෙන පාලුව මම කොහොමද වචනෙන් කියන්නේ
මොර සූරන වැස්සේ මම ආපහු හැරුනේ යන්න කියලා ඒත් එක්කම කෙල්ලෙක් ඇවිත් මගේ ඇගේ හැප්පුනේ නොහිතුව වෙලාවක
" යාහ්හ් තමුසෙට ඇස් පේන්නේ නැද්ද "
එයා තව ගොඩක් දේවල් කිව්වා ඒත් මට ඒ කියපු කිසිදෙයක් අහන්න වුවමනාවක් තිබුනේ නැ මම එයාගේ ඇස් අතරේ අතරමං වෙලා හිටියේ
ඒක කොහොමද වෙන්නේ....
නැ හේසොක් මේක මායාවක් විතරයි
හොද සිහියට එන්න
" තමුසේ මොකද කන්න වගේ මගේ දිහා බලාගෙන ඉන්නේ "
මේක හීනයක් ද
කිසිදෙයක් හිතාගන්න බැරුව මම ඒ කෙල්ල දිහා බලාගෙන හිටියා ඒත් එක්කම එයා යන්න හදනකොට මම එයාගේ අතින් අල්ලාගත්තා
" ල්.....ලිලී..... "
සමාප්තයි..
𝙲𝚘𝚟𝚎𝚛𝚎𝚍 𝚋𝚢 : NamDinuJoon
ඔයාලාගේ අදහස් කියන්න
𝙷𝚊𝚙𝚙𝚢 𝚑𝚘𝚋𝚒 𝚍𝚊𝚢 𝚊𝚖𝚛𝚢 💜
Bạn đang đọc truyện trên: AzTruyen.Top