• 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 10 •

රූහා උද්‍යානයේ තිබුණු ඔංචිල්ලාවක වාඩිවෙලා මාස හතරක් වයසැති කුස මතින් අත තියාගෙන මල් පිරුනු උද්‍යානය පුරා ඇස් අරගෙන ගියේ ගෙවුණු මාස තුනl ඇතුලත සිදු වුනු දේවල් මතක් කරමින් ගෙවුණු මාස තුන රූහාගේ ජීවිතේ නව පිටුවක් පෙරලන්න පුලුවන් වුනා

මුලු කොරියාවම සහ ලෝකයම පුදුමයට පත් කරමින් දකුණු කොරියාවේ ඔටුන්න හිමි කුමාරයා වුනු මින් යුංගි විවාහ වුනා කොරියාවට හිතවත් රටවල් වල ප්‍රධානීන් යුංගිගේ පවුලේ අය රූහාගේ පවුලේ අය සහ කොරියාවේ සුප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරියකයන්ගේ සහභාගිත්වයෙන් යුංගිගෙත් රූහාගෙත් විවාහය සිද්ධ වුනා

දැන් රූහා ජීවත් වෙන්නේ යුංගි එක්ක මාලිගාවේ කොල්ලා පුලුවන් හැම වෙලාවකම රූහා ලගින් හිටියා වගේම යුංගි වැඩකට ගියොත් සැරින් සැරේ මිසිස් මින්ට කෝල් කරලා කෙල්ල ගැන අහන්න යුංගි අමතක කලේ නැ රූහා කලින්ට වඩා ගොඩක් සෙන්සිටිව් වෙලා ඒ වගේමයි ඉක්මනට කේන්ති යනවා ඉස්සරට වඩා රූහාගේ හැසිරීම සම්පූර්ණයෙන්ම වෙනස් ඉතින් රූහාගේ සැරින් සැරේ වෙනස් වන හැගීම් ඉස්සරහ යුංගි පුදුම අසරණවීමක් අසරණ වෙන්නේ

" රූ..."

කල්පනා ලෝකේ ඉදපු රූහා මේ ලෝකෙට ආවේ එයා මෙච්චර වෙලා බලාපොරොත්තු වුනු කෙනාගේ කටහඬ ඇහුනු නිසා කෙල්ල අහිංසක හිනාවක් දෙතොලතර රදවගෙන ඔංචිල්ලාවෙන් නැගිටින්න හදද්දී කොල්ලා රූහාව නැවැත්තුවා ඊට පස්සේ එයා අරගෙන ආපු බෑග් එක රූහාට දුන්නේ කෙල්ල ඇස් වලින් මොනාද කියලා යුංගිගෙන් අහද්දී

" ඔයාම බලන්නකෝ.."

රූහා බෑග් එක ඇතුලට එබිලා බැලුවාම තිබුණේ කෙල්ල මේ දින වල කන්න ආසම කෑම වර්ග කිහිපයක් ඒ ටික දැක්කාම රූහාට ඉතින් රටක් රාජ්‍යයක් ලැබුනා වගේ තමයි

" ආදලෙයි.."

කෙල්ල හුරතලේට තොල් උල් කරගෙන කියද්දී යුංගි හිනා වෙලා රූහාගේ කොන්ඩේ අවුල් කලා

" අපි යමු ඇතුලට ම්ම්.."

රූහාව පරිස්සමින් නැගිට්ටව ගත්ත යුංගි කෙල්ලව එක්කගෙන කාමරේට ගියා රූහා ඇදෙන් වාඩිවෙලා යුංගි ගෙනාපු කෑම එකට වැඩේ දෙද්දී කොල්ලා රූහාට disturb නොකර වොෂ් එකක් දාගන්න ගියා

යුංගි වොෂ් එකක් දාගෙන එනකොට රූහා හිටියේ ලොකු කල්පනාවක මේ දවස් ටිකේම රූහා මොනාහරි දෙයක් ගැන නිතරම කල්පනා කරනවා යුංගි දැකලා තියෙනවා කොල්ලා ඇහුවත් රූහා ප්‍රශ්නේ මගහැරියා කෙල්ල දිහා ටික වෙලාවක් බලාගෙන ඉදපු යුංගි රූහා ලගින් වාඩිවුනා

" මොනාද බේබි හිතේ තියාගෙන කල්පනා කරන්නේ "

යුංගිගේ කටහඬ එක්ක ගැස්සිලා ගියපු රූහා කොල්ලා දිහා බැලුවේ හිනාවක් එක්ක

" මුකුත් නැ කියන්න හදන්න එපා "

කොල්ලා කිව්වාම රූහා යුංගිගේ පපුවට තුරුල් වුනා යුංගි කෙල්ලගේ ඉනවටේ අතක් යවලා රූහාව තුරුල් කරගෙන හිස් මුදුන සිපගත්තා

" මොකද්ද ප්‍රශ්නේ ම්ම්ම්...? රූට මට කියන්න බැරි දෙයක් නැ නේ "

රූහාගේ මූනට එබෙන ගමන් කිව්වා

" මට බයයි.."

ටික වෙලාවක් නිහඩව හිටපු කෙල්ල කිව්වා

" මොනවා ගැන ද..?"

" මට තේරෙන්නේ නැ ඒත් මට අමුත්තක් දැනෙනවා "

රූහා කියද්දී කොල්ලා රූහාගේ නිකටෙන් අල්ලලා ඉස්සුවා

" විකාර හිතන්න එපා බබා ඒක ඔයාට හොද නැ අනික ඔයා කාටවත් බය වෙන්න ඕන නැ මම ඉන්නකම් මගේ කෙල්ලෝ දෙන්නාට මුකුත් වෙන්න දෙන්නේ නැ "

රූහාගේ නලල සිපගෙන කෙල්ලගේ බන්ඩිය පිරිමදින ගමන් කිව්වා

" උයා කොහොමද හරියටම කියන්නේ මෙයා දුවෙක් කියලා "

කෙල්ලගේ බන්ඩිය මත තිබුණු යුංගිගේ අත මතින් රූහාගේ අත තියලා ඇහුවා

" මම නේ අප්පා "

" හදිස්සියේවත් පුතෙක් වුනොත්.."

රූහා තොල් උල් කරගෙන ඇහුවාම කොල්ලා කෙල්ලගේ තොල් මතින් පෙක් එකක් තිබ්බා

" ඉතින් මොකද කවුරු වුනත් අපි දෙන්නාගේ නේ ඊලග පාර දුවෙක් හදමු.."

යුංගි ඇහැක් ගහලා දගකාර විදියට කිව්වාම රූහා අත මිට මොලවලා කොල්ලාගේ පපුවට ගැහුවේ යුංගිගේ හිනා වෙද්දී

__________________________

යුංගි මේ වෙලාවේ හිටියේ රජ පවුලට අයිති ශොපින් මෝල් එකේ එතැන සිද්ධ වුනු ප්‍රශ්නයක් පිලිබද සාකච්ඡාවක කොල්ලා conference room එකේ chair එකක වාඩිවෙලා ටේබල් එක මතින් කකුල් දෙකත් තියාගෙන ෆයිල් එකක් චෙක් කරන ගමන් හිටියේ ශොපින් මෝල් එකේ මැනේජර් ඇතුලු අනිත් සේවකයින් බිම බලාගෙන හිටියා

අතේ තිබුණු ෆයිල් එක වහලා සද්දෙන් මේසේ උඩට විසි කරපු යුංගි කෙලින්ම හැරුනේ හීන් දහඩිය දාලා ඉන්න මැනේජර් දිහාට

" තමුන් දන්නවා ද මේක කොච්චර ලොකු ලොස්ට් එකක් ද කියලා කවදාවත් මෙහෙම දේවල් මේක ඇතුලේ වෙලා නැ මට තියෙන ප්‍රශ්නේ මෙච්චර දෙයක් වෙනකම් තමුසෙලා තරු ගැන්නාද..? "

යුංගි කේන්තියෙන් අහද්දී මැනේජර් තවත් බය වුනා ඩයල් එක දහඩිය ලේන්සුවකින් පිහිදන ගමන් හිටියා යුංගි බෙල්ලත් ඇල කරලා මැනේජර් දිහා බැලුවා

" මොකද තමුසේ බය වෙලා..? මේ හොරකමේ මහ මොලකාරයා තමුසෙ ද..?"

යුංගි කට කොනින් හිනාවක් එක්ක අහද්දී මැනේජර් නැ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා

" මම නෙවෙයි කුමරුනි... මම මොකටද හොරකම් කරන්නේ..? මට හොද සැලරි එකක් හම්බවෙනවා නේ "

මැනේජර් කිව්වාම යුංගි නැගිටලා මැනේජර් වාඩිවෙලා ඉදපු තැනට ලං වුනා මැනේජර් වාඩිවෙලා ඉන්න පුටුවට යුංගි අත තියපු පාර මිනිහා ගැස්සිලා ගියා

" මිනිස්සුන්ට සල්ලි හම්බවෙන්න වෙන්න තන්හාව වැඩි වෙනවා එතකොට හොරකම් කරන්න පෙලබෙන්න පුලුවන් එහෙම නේද මිස්ටර් ලී..?"

යුංගි එකපාරට මිස්ටර් ලීගේ මූනට එබිලා ඇහුවාම එයා ගැස්සිලා ගියා මිස්ටර් ලී ඉන්නේ හොදටම බය වෙලා කියලා දකින් ඕන කෙනෙක්ට කියන්න පුලුවන් මිස්ටර් ලීගේ හැසිරීම දිහා බලාගෙන යුංගි හිත යටින් හිනා වුනා

මිස්ටර් ලී මොනාහරි කියන්න හැදුවත් ඒක කියන්න ඉඩ නොලැබුනේ conference room එකට කලබලයෙන් කඩාගෙන බිදගෙන ආපු හෝසොක් නිසා යුංගිගේ කනට ලං වුනු හෝසොක් මොනාදෝ කියද්දී යුංගිගේ මූන බලාගෙන ඉදිද්දීම ටික ටික වෙනස් වුනා යුංගි හෝසොක් දිහා බැලුවාම හෝසොක් ඔලුව වැනුවා

යුංගි වචනයක්වත් නොකියා conference room එකෙන් එලියට දුවගෙන ගියේ හෝසොක් ඒ පස්සෙන් දුවගෙන යද්දී මොකද දැන් යුංගි ඉන්නේ ඒ තරම් හොද සිහියකින් නෙවෙයි කියන්න හෝසොක් දන්නවා

යුංගි හෝසොක් එක්ක පුලුවන් තරම් ඉක්මනට මාලිගාවට ආවා කොල්ලා එයාලගේ කාමරේ පැත්තට දුවගෙන ගියේ හිතේ තියෙන බය තවත් වැඩි වෙද්දී යුංගි යනකොට හැමෝම කාමරේ ඉදිරියට වෙලා ඉන්නවා

" ඔම්මා..."

මිසිස් මින්ට කොල්ලා කතා කලේ දෙගිඩියාවෙන්

" පුතා ආපු එක හොදයි රූහා ගැන බලන්න එයාව කාටවත් අල්ලන්න දෙන්නේ නැ "

මිසිස් මින් කියද්දී යුංගි ඔලුව වනලා ඇතුලට යනකොට කොල්ලාගේ කකුල් දෙක පාමුල තිබුණු කොට්ටයක් බිම තියෙන කොට්ටේ දිහාත් බලමු යුංගි ඇදේ කොනකට වෙලා ගුලි වෙලා ඉන්න රූහා දිහා බැලුවා ඩොක්ටර් කොයිතරම් උත්සාහ කලත් කෙල්ල නෙවෙයි බෙහෙත් කරන්න ඉඩ දුන්නේ

යුංගි උගුර පාදනකොට ඩොක්ටර්ටයි නර්ස්ලා දෙන්නයි කොල්ලාට ආචාර කරලා ටිකක් ඈත් වුනා ඇදේ කොනකට ගුලි වෙලා ඉන්න රූහා තාම යුංගි ආපු වගක් දන්නේ නැ කොල්ලා ඇදේ කොනින් වාඩිවෙලා රූහාගේ කොන්ඩේ අතරේ අතැගිලි යැව්වා හුරුපුරුදු ස්පර්ශයත් සුවදත් නිසා කෙල්ල හැරිලා යුංගි දිහා බැලුවා එතකොට තමයි යුංගි දැක්කේ කෙල්ලගේ බෙල්ලේ තිබුණු සිහින් කැපුම් පහරක්

කොල්ලව දැක්ක ගමන් ඒ ඇස් වල හිර වෙලා තිබුණු කදුලු බිදු එක දෙක කඩාගෙන හැලෙද්දී යුංගි කෙල්ලව නැගිට්ටවලා තුරුල් කරගත්තා රූහා කොල්ලාගේ ශර්ට් එකේ කොනක් අතින් ගුලි කරගෙන අඩන්න ගත්තා කෙල්ල හොදටම බය වෙලා හිටියේ

" ශ්ශ්ශ්... අඩන්න එපා රූ... මම ඉන්නවා නේ ම්ම් මුකුත් වෙන්නේ නැ "

රූහාව පරිස්සමින් උකුලට ගත්ත යුංගි ඩොක්ටර්ට ඇස් වලින් කිව්වේ කෙල්ලව චෙක් කරන්න කියලා කොල්ලාගේ ශර්ට් එක ගුලි කරගෙන හිටපු රූහාගේ අත නිදහස් කරන්න හැදුවත් කෙල්ල තවත් යුංගිට තුරුල් වුනා

" රූ... බය වෙන්න එපා පැටියෝ... මාව පොඩ්ඩක් අතහරින්න ම්ම්.. බෙහෙත් දාන්න ඕන නේ "

යුංගි කොහොමහරි රූහාගේ අත නිදහස් කරගත්තා කොල්ලා රූහාගේ පිට පිරිමැද්දේ කෙල්ලව සනසන්න අත් වල තිබුණු සීරිම් වලට බෙහෙත් දාලා ඉවර වෙනකොට අඩලා අඩලා හෙම්බත් වෙලා හිටපු රූහාට කොල්ලාගේ උනුසුමේම නින්ද ගිහින් තිබුනා කෙල්ලගේ බෙල්ලේ තිබුණු තුවාලෙටත් බෙහෙත් දාපු ඩොක්ටර්ටයි නර්ස්ලා දෙන්නයි එතැනින් යද්දී යුංගි රූහාව තුරුල් කරගෙන බලාගෙන හිටියා රූහාගේ කදුලු වලින් තෙත් වෙලා තිබුණු කම්බුලක් පිරිමැද්ද යුංගි පරිස්සමින් කෙල්ලව ඇදෙන් හාන්සි කලාම පුංචි කෙදිරිල්ලක් එක්ක ඇබරුනේ මෙතෙක් දැනුනු සුවදායි උනුසුම නැති වුනු නිසා යුංගි කෙල්ලගේ ඔලුව අතගාලා බ්ලැන්කට් එකත් පෙරවලා ඒ මුලු මූනම සිපගත්තේ ලොකු ආදරයකින්

කෙල්ල දිහා ටික වෙලාවක් බලාගෙන ඉදපු යුංගි අතමිට මොලවාගෙන රූහාව රූම් එකේ තනි කරලා එලියට ගියේ යකෙක් වගේ

" යුංගි...රූහාට කොහොමද..?"

" එයා හොදින්..!"

කේන්තියෙන් මිසිස් මින්ට උත්තර දුන්නා ඔව් කොල්ලා හිටියේ කියාගන්න බැරි තරම් කේන්තියෙන් මාලිගාවට එකෙක් පැනලා රූහාගේ බෙල්ලට කිනිස්සක් තියනකම් අනිත් උන් නිදාගත්තා ද..?

" හෝසොක්...!"

යුංගි යකෙක් වගේ කෑගහද්දී කොහෙද ඉදපු හෝසොක් දුවගෙන කොල්ලාගේ ඉස්සරහට ආවා කවුරුවත් වචනයක්වත් කතා කලේ නැ එතැන තිබුණේ දැඩි නිශ්ශබ්බදතාවයක් යුංගි හුස්ම ගන්නා හඩ හැරුනු කොට වෙන කිසිම සද්දයක් ඇහුනේ නැ මිසිස් මින් කට වහගෙන හිටියේ එයාගේ පුතාගේ කේන්තිය ගැන හොදටම දන්න නිසා

" කුමරුනි.."

" කෝ ඌ.."

යුංගි අහද්දී හෝසොක් කොල්ලා දිහා බලලා කට කොනින් හිනා වෙද්දී ඊට නොදැවිනි හිනාවකින් හෝසොක්ට සංග්‍රහ කරපු යුංගි මාලිගාවේ උද්‍යානය කරා ගියා උද්‍යානයේ කොනක මල් වැල් එහාට කරාම මතු වුනේ දොරක් ඒ දොර ඇරපු හෝසොක් පැත්තකට වෙද්දී යුංගි ඇතුලට ගියාම හෝසොක් දොර වහගෙන කොල්ලාගේ පස්සෙන් ගියා උමගක් දිගේ ගිහින් කෙලින්ම වැටුනේ වදකාගාරයක් වගේ තැනකට එතැන යකඩ කූඩු තිබුනා එතැන බිම හැමතැනම ලේ පැල්ලම් තිබුනා

" මට ඌව පෙන්නපන් "

හෝසොක් යුංගි එක්ක යකඩ කූඩු පහු කරගෙන ගිහින් අවසානෙට එක කූඩුවක් ලග නැවතුනා හෝසොක් ඇස් වලින් පෙන්නුවේ පුටුවක ගැට ගහලා ලේ පෙරාගෙන සිහියත් අසිහියත් අතර සිටින පුද්ගලයෙක් යුංගි වියරු හිනාවක් එක්ක අතින් සන් කලාම ගාඩ් කෙනෙක් යකඩ කූඩුවේ දොර ඇරලා යන්න ඉඩ දුන්නා යුංගි ඇතුලට ගිහින් බෙල්ල නවාගෙන වේගෙන් හුස්ම ගන්න මනුස්සයා දිහා බලාගෙන ඉදලා අත දික් කලා යුංගි ගැන හොදටම දන්න නිසා කොල්ලාගේ අත උඩින් කිනිස්සක් තිබ්බා යුංගි කිනිස්සත් තදින් අල්ලාගෙන පුද්ගලයා ලගට කිට්ටු වුනා ඒ පුද්ගලයා බැදලා තිබුණු පුටුවට කකුලක් තියලා කිනිස්ස ඒ පුද්ගලයාගේ නිකට යටින් තියලා මූන ඉස්සුවා

යුංගිගේ මූන දකින ඕන කෙනෙක් බය වෙනවා ඒ තරම් යුංගිගේ මූනේ තිබුණේ භයානක ස්වරූපයක් හෝසොක් පිටිපස්සට වෙලා බලාගෙන හිටියේ අද ඕකාව මස් කරලා මිසක් යුංගි මෙතනින් යන්නේ නැ කියලා අත්දැකීමෙන් දන්න නිසා

" ම්..ම්..ට.. ය්..න්..න දී..ප්.න්.."

ඒ මනුස්සයා මිමිනුවා ඔහුට හරියට කතා කරගන්නවත් පුලුවන් කමක් තිබුණේ නැ නහයෙන් කටින් ලේ වැත්කෙරෙමින් තිබුනා

" යන්න දෙන්න...? උබ මට විහිලු කරනවාද පරයෝ.."

යුංගි කිනිස්ස බෙල්ලට තද කරමින් සමච්චල් සහගත හිනාවක් එක්ක කිව්වා ඒ නිසා ඔහුගේ බෙල්ලෙන් ලේ වැත්කෙරෙමින් තිබුනා

" මම කාලේ නාස්ති කරන්න කැමති නැ මම අහන ප්‍රශ්නෙට කෙලින් උත්තර දීපන් "

යුංගි ඒ පුද්ගලයාගේ මූනට එබිලා කිව්වා

" කවුද උබව එව්වේ..?"

කොල්ලා ඇහුවත් ඔහු නිහඩව හිටියා ඒ නිසා තවත් කේන්ති ගියපු යුංගි කිනිස්ස තවත් බෙල්ලට බැස්සුවා ඒත් එක්කම ඔහු වේදනාවෙන් කෑගැහුවා

" අහ්...මිස්.. ලී.. සෝනියා කිව්වේ.."

ඒ ඔහුගේ අවසන් වචන කිහිපය බවට පත් වුනේ යුංගිගේ අතේ තිබුණු කිනිස්ස ඔහුගේ බෙල්ල පසාරු කරමින් ගොස් පිටුපසින් මතු වෙද්දී

After two days..

රූහා ඇද උඩට වෙලා plushi එකකුත් තුරුල් කරගෙන චිප්ස් පැකට් එකකට වැඩේ දෙන ගමන් මෙලෝ සිහියක් නැතුව කාටූන් බලනවා කෙල්ලගේ සිහිය කොයිතරම් හොදද කියලා කියනවා නම් විනාඩි පහක් තිස්සේ කකුල් දෙකේ පූසෙක් රූහා දිහා බලාගෙන හිනා වෙවී ඉන්නවා කියලා කෙල්ල දන්නේ නැ

යුංගි ඇවිත් රූහා ලගින් වාඩිවෙලා කෙල්ලගේ කම්බුලට කිස් එකක් දුන්නා රූහා කොල්ලාට පුංචි හෝ බැල්මක් නොදී කාටූන් එක දිහා බලාගෙන ඉන්න නිසා කොල්ලා ඇහිබම ඇකිලුවා රූහාගේ ඉන වටේ අතක් යවලා කෙල්ලව තුරුල් කරගත්තා රූහාත් tv එක දිහා බලාගෙනම කොල්ලාගේ පපුවට බර වුනා

" යුංගියාහ්..."

රූහාගේ චිප්ස් කුඩු ගෑවිලා තිබුණු ඇගිලි lick කරමින් ඉන්න යුංගි දිහා බලන ගමන් කෙල්ල කතා කලා

" ම්ම්ම්.."

" මත පූසෙක් ඕන "

කොල්ලා කරන වැඩේ නවත්තලා රූහා දිහා බැලුවා

" ගාෆීල්ඩ් වගේ පූසෙක් ඕන "

රූහා තොල් පිට පෙරලගෙන පපී අයිස් ප්‍රදර්ශනය කරමින් යුංගිගේ ශර්ට් එකේ බොත්තමක් ඇගිල්ලෙන් කරකවමින් දාන්න පුලුවන් ඔක්කොම හැට හතර මායම් දමමින් කිව්වා

Meanwhile yoongi's mind: දැන් ඉතින් ගාෆීල්ඩ් වගේ පූසෙක් හොයපන්කෝ

යුංගි මොනාහරි කියන්න කට ඇරියත් tv එකේ ගියපු breaking news එකක් නිසා කොල්ලා කටවහගත්තා

" මෙන්න දැන් ලැබුනු විශේෂ ප්‍රවෘත්තියක්..!

අග්‍රාමාත්‍ය ලී සන්ග් වුක් මහතාගේ එකම දියනිය වන ලී සෝනියා රිය අනතුරකින් මිය ගොස් ඇති බව වාර්තා වේ ඊයේ රාත්‍රියේ හන් පාලම මතින් ගමන් කරමින් සිටියදී මෝටර් රථය මාර්ගයෙන් පිටතට පැන හන් ගගට වැටී ඇත. එම අවස්ථාව වන විට සෝනියා මෙනෙවිය අධික ලෙස මත්පැන් පානය කර ඇති බව පොලිස් ආරංචි මාර්ග මගින් අපිට දැනගන්නට ලැබුනි..

මේ පිලිබද තවත් වැඩිදුර තොරතුරු දැනගැනීමට රැදී සිටින්න සියල්ලට ප්‍රථම ඔබ වෙත ප්‍රවෘත්ති ගෙන එන පැත්ත ගියත් ඇත්ත කියන KBS News සමගින්...!"

Tᕼᗴ ᗴᑎᗪ..!
ฅ^•ﻌ•^ฅ

ඔන්න එහෙනම් ඒකත් අවසන්

කොමස් ඩේ එකේ වැඩ එක්ක බිසි වෙලා හිටියේ ලමයි ඒ නිසා අප්ඩේට් පරක්කු වුනේ

එහෙනම් කෙම්ලනේ ඕතර් ගියා
බායි

Bạn đang đọc truyện trên: AzTruyen.Top