• 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 09 •
" යුංගියා... රූහාට සිහිය ඇවිත්..!'
මුලු රෑම හොස්පිටල් එක ලගට වෙලා නින්දක් නැතුව රූහාගේ ෆොටෝ එකක් දිහා බලාගෙන කල්පනා ලෝකෙක අතරමං වෙලා හිටපු යුංගි හෝසොක්ගේ වචන එක්ක මේ ලෝකෙට ආවා යුංගි හෝසොක් දිහා බැලුවේ ඇත්ත ද කියලා අහන්න වගේ හෝසොක් ඔලුව වැනුවාම යුංගි හොස්පිටල් එක ඇතුලට දුවගෙන ගියේ රූහාව දකින්න තිබුණු දැඩි ආසාව නිසා කොල්ලා දුවගෙන යද්දී හොස්පිටල් එකේ නර්ස්ලා ඩොක්ටර්ස්ලා පේශන්ලා බල්න්න ආපු අය යුංගි දිහා බලාගෙන ඉදලා එක එක කතා කියන්න පටන් ගත්තා
දුවගෙන ආපු යුංගි කෙල්ලගේ රූම් එක ඉස්සරහින් නැවතුනා රූම් එකේ දොර ඇරපු කොල්ලා ඔලුව දාලා බැලුවා රූම් එකේ රූහා හැරුනුකොට කවුරුවත් නොහිටපු නිසා යුංගි ඇතුලට ගියා දොර වැහෙන සද්දය එක්ක රූහා දොර දිහා බැලුවා ඒ ඇවිත් ඉන්නේ යුංගි කියලා දැක්කාම රූහා අහක බලාගත්තා කෙල්ලගේ රියැක්ෂන් එක නිසා යුංගිට දුක හිතුනත් එයා කරපු කියපු දේවල් වල හැටියට ඔහොම කරපු එක හොද වැඩියි කියලා යුංගිට හිතුනා
හුස්මක් පහත හෙලපු යුංගි කෙල්ලගේ ලගට ලං වුනා ඇද ලග තිබුණු පුටුවකින් වාඩිවුනු යුංගි ඇද මත තිබුණු කැනියුලා එක ගහලා තිබුණු රූහාගේ පුංචි අතක් අල්ලගත්තා කෙල්ලගේ අත්ල ලෝභකමින් සිපගත්ත යුංගි රූහා දිහා බැලුවා
" රූ..."
කොල්ලා කතා කරන්න පටන් ගත්තා ඒත් රූහා නම් යුංගි දිහා බලන්න මහන්සි වුනේ නැ
" දන්නවා ද..? රූ මට හැමදේම මතක් වුනා මෙච්චර කාලයක් මට අමතක වුනු හැමදේම දැන් මට මතකයි ඉස්සර රූ මාත් එක්ක තරහ වුනාම කිස් එකක් චොකලට් එකක් ම්ම්ම් තව plushi එකක් දුන්නාම යාලු වෙනවා දැනුත් කිස් එකක් දුන්නොත් යාලු වෙනවා ද.."
යුංගිගේ අත් අතරේ තිබුණු රූහාගේ අත කෙල්ල ඇදලා ගත්තා
" මට සමාවෙන්න රූ...! ඒ වෙලාවේ මම පිස්සෙක් වගේ හැසිරුනේ ඔයාට අතක් උස්සන්න තුන් හිතකවත් අදහසක් තිබ්බේ නැ මම කේන්තියෙන් හිටියේ ඒ ෆොටෝස් නිසා පුංචි දේ වුනත් කියන ඔයා ජිමින් ඔයාගේ කම්බුල කිස් කලා කියලා කිව්වේ නැත්තේ ඇයි ඒ නැතත් කමක් නැ ජිමින් හම්බුනා කියලා හරි කිව්වේ නැත්තේ ඇයි..? ඒ ඔයාගේ යාලුවා බව ඇත්ත ඒත් රූ තමුසේ දන්නවා වෙන කොල්ලොන්ට තමුසේ ලං වෙනවාට කැමති නැ කියලා තමුසේ මගේ රූ...! ඒත් මෙතන දී මම වැරදියි තමුසෙට ගොඩක් වැරැදි දේවල් කිව්වා මගේ මතකය නැති වුනත් අවුරුදු දෙකක් මගේ පස්සෙන්ම හිටියා මට ආදරේ කලා මට ශක්තියක් වුනා හැමදේටම ලගින් හිටපු තමුසෙට මගෙන් ලැබුනේ දුකක් විතරයි මට සමාවෙන්න රූහා සියදහස් වාරයක් සමාවෙන්න ඒත් මට තමුසේ නැතුව ඉන්න බැ මම.... මම.."
ඊට වඩා දෙයක් යුංගිට කියන්න හම්බුනේ නැත්තේ කොල්ලාගේ කොලර් එකෙන් ඇදලා ගත්ත ජන්කූක් යුංගිට ගැහුව හින්දා රූහා ගැස්සිලා ගිහින් බැලුවා කෙල්ලගේ ඇස් ලොකු වෙලා ජන්කූක් හොදටම යුංගිට ගහනවා ඒත් යුංගි ජන්කූක්ට අතක්වත් ඉස්සුවේ නැ
" උබට මම කිව්වා යුංගි ආපහු මේ පැත්තේ එන්න එපා කියලා උබ මොකටද ආවේ..? රූහා මැරිලා ද කියලා බලන්න ද..?."
ජන්කූක් යුංගිගේ බඩට පයින් ගැහුවාම යුංගි බිම වැටුනා කොල්ලාගේ යටි තොල පැලිලා ලේ එනවා
" මම හිතුවා උබ මගේ නංගිව පරිස්සමින් බලාගනියි කියලා ඒත් උබ කරේ මගේ අහිංසක නංගිව දරුවෙක් එක්ක අතහැරලා දාපු එක උබ කුමාරයෙක් නෙවෙයි මොකෙක් වුනත් මට අදාළ නැ උබ ආපහු රූහාගේ ඇස් ඉදිරියට එන්නේ නැති තරමට හොදයි ආපහු රූහා හොයාගෙන ආවොත් උබව මරනවා යුංගි "
" ජන්කූක්...."
යුංගි කතා කරන්න හදද්දී ජන්කූක් කොල්ලාට ගහන්න හැදුවේ ඒත් රූහාගේ කටහඬ ඇහුනු නිසා ගහන්න උස්සපු අත ජන්කූක් පහත හෙලුවා
" ඔප්පා එපා.."
යුංගි නැගිට්ටා කොල්ලාගේ තොල් පැලිලා නහයෙන් ලේ එනවා ශර්ට් එකේ බොත්තම් කැඩිලා යුංගිගේ ඇස් නම් තිබුණේ කදුලු පුරවගෙන ඉන්න රූහා ලග
" පේනවද උබට ඒකි හදන්නේ උබව බේරගන්න "
" ඔප්පා දැන් ඇති..."
ජන්කූක් කතා කරද්දී රූහා නැවැත්තුවා කෙල්ල බය වුනා තව ජන්කූක් යුංගිට ගහයි කියලා දැනටත් කොල්ලාට තුවාලයි
" උබටත් මූවම නේ ඕන "
ජන්කූක් එහෙම කියාගෙන රූම් එකෙන් එලියට ගියේ යුංගියි රූහායි රූම් එකේ තනිකරලා ජන්කූක් ගියාට පස්සේ තිබුණේ දැඩි නිශ්ශබ්බදතාවයක්
" එන්න ලගට "
අන්තිමේ දී රූහා කතා කලා යුංගි කෙල්ල ලගට ගියා ඇදට තට්ටු කරපු රූහා කොල්ලා දිහා බැලුවාම යුංගි එතැනින් වාඩිවුනා කොල්ලා රූහා දිහා බැලුවේ නැ කෙල්ල මුකුත් නොකියා බිම බලාගෙන ඉන්න යුංගි දිහා බලාගෙන හිටියා
" දන්නවා ද යුංගි මට තේරෙන වයසේ ඉදන් මම ආදරේ කරේ ඔයාට ඉස්සර කොයිවෙලෙත් ඔයාගේ පස්සෙන් හිටියේ කවුරුහරි ඔයාව මගෙන් උදුරගනියි කියලා බයට ඔයාට කෙල්ලෙක් ලං වෙනකොට මම බයයි ඔයාගේ හිතේ මං වෙනුවෙන් තියෙන තැන එයාට දෙයි කියලා "
රූහා ඇදෙන් කෙලින් වෙලා වාඩිවෙලා ඉස්සරහ තියෙන සුදු පැහැති බිත්තිය දිහා බලාගෙන කිව්වා යුංගි කෙල්ල කියන හැම වචනයක්ම නිශ්ශබදව අහගෙන හිටියා
" ඔයා ඇක්සිඩන්ට් වුනු දවස මතක ද..? මගේ ජීවිතේ මම මතක් කරන්න අකමැතිම දවස් වලින් එකක් එදා මම පිස්සියක් වගේ ඇඩුවා ඊට පස්සේ ඔයාට සිහිය ආවාම මම තරම් කවුරුවත් සතුටු වෙන්නේ නැතුව ඇති හැබැයි ඒ සතුටට වැඩි ආයුෂ තිබුණේ නැ එදා ලොකු සතුටකින් ඔයාව බලන්න ආපු මම ආපහු ගියේ කියාගන්න බැරි ලොකු දුකක් හිතේ හිරකරගෙන ඔයාට ඔයා කවුද කියලවත් හරියට මතකයක් තිබ්බේ නැ මට මොනා කරන්න ද කියලා හිතාගන්න බැරුව දවස් ගානක් කාමරේ ඇතුලට වෙලා හිටියා අන්තිමේ දී අප්පා තීරණය කලා මාව මෙහෙන් දුරකට යවන්න මට අප්පාගේ තීරණයට පිටුපාන්න බැරි නිසා මම මෙහෙන් ගියා "
රූහා එහෙම කියලා හුස්මක් පහත හෙලුවා කෙල්ල මතක් කරන්න අකමැතිම දවස් ආපහු මතකයට එද්දී ඇස් වලට පිරුනා
" ඊට අවුරුදු දෙකකට පස්සේ ආපහු මම ආවා එතකොට හිටියේ මට ආදරේ කරපු හැමදේකින්ම මාව පරිස්සම් කරපු මගේ යුංගි නෙවෙයි ඊට හාත්පසින්ම වෙනස් සෙල්ලක්කාර යුංගි කෙනෙක් අවුරුදු දෙකක් ඔයා නැතුව මම කාත් කවුරුවත් නැතුව තනියෙන් වෙන රටක හිටියා ඔයා දකින දකින කෙල්ල එක්ක නිදාගත්තාට ක්ලබ් ගානේ ගිහින් විකාර නැටුවාට මම ඔයා ඇරෙන්න වෙන පිරිමියෙක් ගැන හිතුවේ නැ මම වෙන පිරිමි එක්ක නිදාගන්න ගියේ නැ යුංගි ඔයාගේ අයිතිය ඔයාට දුන්නා ඔයා මාව නෙවෙයි යුංගි අවිශ්වාස කරන්න ඕන මමයි ඔයාව අවිශ්වාස කරන්න ඕන තවත් ඔයාගේ වැඩ දිහා බලාගෙන ඉන්න බැරි නිසා තමයි එදා ඔයාගේ බයික් එක ඉස්සරහට පැන්නේ හැප්පිලා මැරෙයි නේ හරි කියලා හිතාගෙන.."
රූහාගේ කම්බුල් දිගේ කදුලු බිදු කඩාගෙන හැලෙද්දී කෙල්ල කිව්වා යුංගිගේ උරහිස් ගැස්සෙනවා දකිද්දී රූහාව තේරුනා කොල්ලා අඩනවා කියලා රූහා ඉක්මනට අහක බලාගත්තා කොච්චර කේන්තියෙන් හිටියත් යුංගි අඩනවා බලාගෙන කෙල්ලට ඉන්න බැ යුංගි එහෙම ලේසියෙන් අඩන කෙනෙකුත් නෙවෙයි නිසා
" ඔයාව.. අ..මතක.. ක්..ක..ර්..රාට.. ම..ට.. සමාවෙන්න රූ... මගේ අතින් වුනු හැමදේටම සමාවෙන්න මට ඔයාව අපේ පැටියාව දෙන්නම ඕන රූ මාව දාලා යන්න හදන්න එපා චේබල්.. මගේ අතින් ඔයාට වැරදි ගොඩක් වුනා මම නිසා ඔයා ගොඩක් දුක් වින්දා ඔයා දෙන ඕන දඩුවමක් බාරගන්නම් ඒත් මගෙන් දුරකට යන්න එපා "
යුංගි කෙල්ලගේ අතකින් අල්ලාගෙන අඩන ගමන් කියද්දී රූහා ඇස් දෙක තද කරලා පියාගත්තා කෙල්ලගේ පියවුනු ඇස් අගින් කදුලු බිදු කඩාගෙන වැටුනා යුංගි අඩන ගමන් සමාව ඉල්ලද්දී රූහාව කොල්ලව වැලදගෙන සමාව දෙන්න නොහිතුනාම නෙවෙයි යුංගි කාගෙවත් ලග පින්සෙන්ඩු වෙන කෙනෙක් නෙවෙයි එහෙම ආඩම්බරකාර කොල්ලා තමන් ඉස්සරහ අඩන ගමන් එයාව දාලා යන්න එපා කියලා අයදිද්දී රූහාට දුක හිතුනා
රූහා කොල්ලාගේ අතින් එයාගේ අත නිදහස් කරගත්තාම යුංගි කෙල්ල දිහා බැලුවා රූහා ඇස් වල කදුලු පුරවගෙන කොල්ලාට ලගට එන්න කියලා කතා කලාම යුංගි රූහාව පරිස්සමින් තුරුල් කරගත්තා කොල්ලා රූහාගේ බෙල්ල අස්සේ මූන හංගගෙන අඩනවා යුංගිගේ කදුලු කෙල්ලගේ උරහිසට වැටෙනවා රූහාට දැනුනා යුංගි එක්ක කෙල්ලත් ඇඩුවා ඒ හිත් වල තියෙන දුක වේදනාව හේදිලා යනකම් එයාලා ඇඩුවා
ටිකකින් රූහාගෙන් ඈත් වුනු යුංගි රූහාගේ කම්බුල් මතින් අත් තියලා කෙල්ලගේ කම්බුල් පුරා විසිරිලා තිබුණු කදුලු බිදු පිසදැම්මා රූහාත් කොල්ලාගේ කම්බුල් අල්ලාගෙන කදුලු පිසදැම්මා යුංගි කෙල්ලගේ නලලට ආදරනීය හාදුවක් තැවරුවා
" ආපහු කවදාවත් ඔය ඇස් වලට කදුලු පිරෙන්න මම ඉඩ තියන්නේ නැ "
යුංගි කිව්වාම රූහා කොල්ලාට තුරුල් වුනේ වචනයක්වත් නොකියා දවස් තුනක් පුරාවට මගහැරුනු උනුසුමට කෙල්ල ලෝභකමින් ගුලි වුනා යුංගි රූහාගේ ඇග වටා අත් යවලා හරි පරිස්සමට තුරුල් කරගත්තා
" මගේ රූ බේබි..."
යුංගි මිමිනුවාම රූහාට පුංචි හිනාවක් ගියා ටික වෙලාවක් යුංගිගේ තුරුලේ හිටපු කෙල්ල කොල්ලගෙන් ඈත් වෙලා යුංගිගේ කම්බුල් වලට අත් තිබ්බා යුංගිගේ කොන්ඩේ සම්පූර්ණයෙන් අවුල් වෙලා කොල්ලාගේ ඇස් නිදිමතෙන් බර වෙලා ජන්කූක්ගෙන් ගුටි කාලා කොල්ලාගේ තොල් පැලිලා කම්බුලෙත් පුංචි සිරීම් කිහිපයක් තිබුනා යුංගි ඇදගෙන හිටපු ශර්ට් එක හොදට පොඩි වෙලා උඩ බටන් තුන ගැලවිලා රූහා දුකින් තොල් එකට තද කරගෙන කොල්ලා දිහා බලාගෙන හිටියා
" මොකද රූ.."
කොල්ලා දිහා බලාගෙන ලොකු කල්පනාවක ඉන්න රූහාගෙන් කොල්ලා ඇහුවා
" මාලිගාවට ගිහින් රෙස්ට් කරන්න යුංගියා.."
රූහා කොල්ලාගේ කම්බුලක් පිරිමදින ගමන් කිව්වා
" මට බැ "
ගත් කටටම යුංගි බැ කිව්ව නිසා රූහාට තේරුනා කොල්ලව යවාගන්න එක නම් ලේසි නැ කියලා හුස්මක් පහත හෙලපු කෙල්ල යුංගිගේ අත් දෙක අල්ලාගෙන යුංගිගේ මූනට එබුනා
" බලන්න යුංගි ඔයාට හොදටම මහන්සියි ඔයා ලොකු නිදිමතක ඉන්නේ ගිහින් රෙස්ට් කරන්න යුංගියා..ආපහු හවසට එන්න "
" මට බැ "
කොල්ලා ආපහු කිව්වා
" මොකද අෆ්ෆා ඔච්චර මුරන්ඩු... හරි එහෙනම් ගිහින් වොෂ් අප් වෙලා එන්න හා ද.."
" ම්ම්ම්.."
කොල්ලා මිමිනුවේ අකමැත්තෙන් වගේ යුංගිගේ අවුල් වුනු කොන්ඩේ අතින් හදන කෙල්ල දිහා කොල්ලා බලාගෙන හිටියේ හිතේ දහසක් දේවල් නලියද්දී
" දැන් යන්න.."
" මාව යවාගන්න පුදුම ආසාවක් නේ තියෙන්නේ "
යුංගි කෙල්ලට රවන ගමන් කිව්වාම රූහා ලස්සනට හිනා වුනා දවස් ගානකට පස්සේ රූහා හිතේ සැහැල්ලුවෙන් හිනා වුනා
" හැමදාම ඔහොම හිනා වෙලා ඉන්න "
රූහාගේ හිනාව දිහා ලෝභකමින් බලාගෙන හිටපු යුංගි කිව්වා
" මම ගිහින් එන්නම් පරිස්සමින් ඉන්න හරි ද..?"
කෙල්ලගේ නලලට කිස් එකක් දීපු යුංගි කිව්වා රූහා ඔලුව වැනුවා
" අප්පා ඉක්මනට එන්නම් හරි ද පැටියෝ ඔයාගේ ඔම්මාට කරදර කරන්න එපා ම්ම්ම්.."
රූහාගේ බන්ඩිය මතින් අතක් තිබ්බ යුංගි කියද්දී කෙල්ලත් යුංගිගේ අත මතින් අතක් තිබ්බේ සතුටින් දිලිසෙන ඇස් වලින් යුංගි දිහා බලාගෙන රූහාගේ කම්බුලට පුංචි තට්ටුවක් දාපු කොල්ලා දොර ලගට ගිහින් හැරිලා කෙල්ල දිහා බලලා ගියා
" ඔයාගේ අප්පා ඔයාට ආදරෙයි මැනික... එයාට අපිව ඕන.."
යුංගි ගියාට පස්සේ කෙල්ල සිහින් හඩකින් මිමිනුවා දැන් හැමදේම විසදුනා ආපහු යුංගියි රූහායි එකට ඒත් හැම ප්රශ්නයක්ම අවසන් ද..? එහෙම නොවෙන්නත් පුලුවන් අනාගතය ගැන හරියටම අපි කාටවත් කියන්න පුලුවන්කමක් නැ
To be continue.................♡︎
අවසාන කොටසින් හමුවෙමු...!
Bạn đang đọc truyện trên: AzTruyen.Top