• 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 08 •

යුංගි Jeon Mansion එකට ආවා කොල්ලා ඉක්මනට ඇතුලට ඇවිදගෙන ගියේ කෙල්ලව දකිනකම් ඉවසිල්ලක් නොතිබුනු නිසා කොල්ලා වටපිට බලන ගමන් රූහාගේ රූම් එක පැත්තට ඇවිදගෙන යනකොට කෑම පංගුවක් අතේ තියාගෙන දුකින් එන මිසිස් ජියොන් හම්බුනේ

" ඔම්මා..!"

" අනේ පුතා.."

යුංගිගේ කටහඬ ඇහුනු ගමන් මිසිස් ජියොන් කදුලු පුරවගෙන කතා කලා

" ඔම්මා ඇයි මේ කෝ රූ...?"

යුංගි කලබලයෙන් වටපිට බලන ගමන් ඇහුවා

" ඒක තමයි පුතා ප්‍රශ්නේ.. දැන් දවස් තුනක ඉදලා හරියට කන්නේ බොන්නේ නැ ඊයේ රෑ ඉදලා කාමරේ දොර ලොක් කරගෙන අරින්නේ නැ මම දන්නේ නැ පුතා මේ දරුවට මොනවා වෙලා ද කියලා මම මේ කෑම එක අරගෙන ගියේ දැන්වත් දොර අරියි කියලා හිතාගෙන ඒත් නැ පුතා ජියොන් උදේ කතා කලාට දොර ඇරියේ නැ පුතා අනේ පුතා කතා කරලා බලන්න පුතා කියන දෙයක් රූහා ටිකක් හරි අහනවා.."

මිසිස් ජියොන් දුකින් කියද්දී කොල්ලා ඔලුව වැනුවා යුංගි දන්නවා කෙල්ල මෙහෙම ඉන්න හේතුව තමන් කියලා යුංගිට දැනුනේ පපුව හිර වෙනවා

" මම කතා කරන්නම් ඔම්මා.."

යුංගි එහෙම කියලා රූහාගේ රූම් එක ලගට ගියා ටික වෙලාවක් වහලා තියෙන දොර දිහා බලාගෙන ඉදලා කොල්ලා දොරට තට්ටු කලා

" රූ...! මගේ මැනික..!"

කොල්ලා දොරට තට්ටු කරන ගමන් කතා කලා

" මම දන්නවා රූ මම වැරදි ප්ලීස් බබා මේ දොර අරින්න ඔහොම ඉදලා ඔයා අසනීප වෙයි "

යුංගි කොච්චර කතා කලත් රූහාගෙන් පිලිතුරක් ලැබුනේ නැ ඒ නිසා කොල්ලා දොර කඩන්න තීරණය කලා යුංගි දොර කඩාගෙන ඇතුලට යනකොට රූහා ඇදේ කොනක පූස් පැටියෙක් වගේ ගුලි වෙලා බඩත් අතක් තියාගෙන ඉන්නවා යුංගිට දැනුනේ පපුව පිච්චිලා යනවා වගේ

රූහා ඔහේ බලාගෙන ඉන්නවා ඒ ඇස් වලින් නොනවත්වා කදුලු ගලාගෙන යනවා වෙනදාට දිලිසෙන ඇස් වල අද තිබුණේ මලානික බවක් දැඩි මහන්සියක් රෝස පාට කම්බුල් සුදුමැලි වෙලා තිබුනා උදෑසන පිපුනු මලක් වගේ හිටපු කෙල්ල හිරු රශ්මිය නිසා මලානික වුනු මලක් වගේ

" රූ.."

කොල්ලා කතා කලත් රූහා හැරිලාවත් බැලුවේ නැ අඩුගානේ ඇහිපිල්ලමක්වත් ගැහුවේ නැ රූහා දිහා බලාගෙන ආපු කොල්ලා කෙල්ල ලගින් වාඩිවෙලා රූහාගේ ඔලුව අතගෑවා ඒත් කෙල්ල හිටපු විදියටම හිටියා

" මගේ රූ...! ඔයාගේ කිටීට සමාවෙන්න මම පිස්සෙක් වගේ හැසිරුනේ මම කියපු හැමදේටම ඔයාට අතක් ඉස්සුවාට සමාවෙන්න රත්තරං.. ඔයා දෙන ඕන දඩුවමක් බාර ගන්නම් ඒත් ඔහොම ඉන්න එපා රූ ප්ලීස් "

යුංගි වෙව්ලන හඩකින් කියද්දී රූහා කොල්ලා දිහා බැලුවා

" ඔ..ය්..යා..ට ම්..ම..තක..ය ල්..ලැබුනා ද..?"

රූහා අමාරුවෙන් වචන ගැට ගහගෙන අහද්දී කොල්ලා ඔව් කියන්න ඔලුව වැනුවා රූහා ඇදෙන් නැගිටලා කෙලින් වෙන්නවත් පනක් නොතිබුනු හින්දා යුංගි කෙල්ලට උදව් කලා

" රූ... මාත් එක්ක තරහෙන් හිටියාට කමක් නැ ඒත් ඇයි ඔයාගෙනුයි මේ කිසිදෙයක් නොදන්නා අහිංසක පැටියාගෙනුයි පලිගන්න හදන්නේ.."

යුංගි ඇහුවාම කෙල්ලගේ ඇස් ලොකු වුනා

යුංගි කොහොමද දන්නේ මම pregnant කියලා..

රූහාට ඇති වුනු පලවෙනි ප්‍රශ්නය ඒක කෙල්ල දිහා බලාගෙන හිටපු යුංගිට තේරුනා රූහා හිතන්නේ මොකද්ද කියලා

" මගේ කා එකේ තිබිලා බොක්ස් එකක් හම්බුනා..."

යුංගි හිනාවක් එක්ක කියද්දී රූහා එයාගේ බඩ මතින් අතක් තියාගෙන බිම බලාගත්තා යුංගි කෙල්ලගේ බඩ මත තිබුණේ රූහාගේ අත මතින් එයාගේ අත තිබ්බා

" රූ..... මොනාහරි කන්න මගේ රූ අසනීප වෙයි මේ චූටි පැටියා ගැනවත් හිතලා කන්න "

කොල්ලා කියලා ඉවර වෙනවත් එක්කම රූහා සිහිය නැතුව යුංගිගේ අත් අතරට වැටුනා

" රූ...."

කෙල්ලව තුරුල් කරගෙන යුංගි කතා කලා රූහාගේ අතක් පන නැතුව කඩාගෙන වැටුනාම කොල්ලා හොදටම බය වුනා

" රූ... ඇස් අරින්න..! කෝ බබා මාව බය කරන්න හදන්න එපා..! මේක විහිලුවක් නෙවෙයි ඇස් අරිනවා රූහා..!!"

යුංගි කෙල්ලගේ කම්බුලට තට්ටු කරන ගමන් කෑගැහුවා

_________________________

යුංගි හෝසොක් මිසිස් ජියොන් තුන් දෙනාම හිටියේ හොස්පිටල් එකේ මිසිස් ජියොන් අඩන ගමන් හදිසි ප්‍රතිකාර ඒකකය දිහා බලාගෙන හිටියා යුංගි වාඩිවෙලා කොල්ලාගේ වෙව්ලන අත් දිහා බලාගෙන හිටියේ රූහා සිහිය නැතුව කොල්ලාගේ අත් අතරට වැටුනු විදිය මැවිලා පෙනෙද්දී

" එයාලට මුකුත් වෙන්නේ නැ යුංගියා."

කොල්ලාගේ උරහිසට තට්ටුවක් දාලා හෝසොක් කිව්වා

" මම නිසායි මේ හැමදේම..."

යුංගි මිමිනුවා කොල්ලා මේ සිද්ධිය එක්ක සම්පූර්ණයෙන් කඩාගෙන වැටිලා කියන්න හෝසොක්ට තේරුනා

" එහෙම කියන්න එපා බන්.."

" වෙන කොහොමද බන් කියන්නේ..? කොහෙවත් තියෙන ෆොටෝ එකක් නිසා මම අර අහිංසකිට ගැහුවත් එක්ක බන්.. මම අද කෙල්ලගේ රූම් එකට යනකොට ඇදේ කොනක පූස් පැටියෙක් වගේ ගුලි වෙලා ඉන්නවා.. එයා කවදාවත් එහෙම හිටපු කෙනෙක් නෙවෙයි හොබා.."

කොල්ලා කියනකොට හෝසොක්ට තේරුනා ඒ හිතේ කොයිතරම් වේදනාවක් තියෙනවා ද කියලා ඒ වගේම යුංගි කෙල්ලට පන වගේ ආදරෙයි කියන්නත් හෝසොක්ට තේරුනා හෝසොක් මොනාහරි කියන්න ගියත් එතැනට ආපු කෙනෙක් යුංගිගේ කොලර් එකෙන් ඇදලා ගත්තා

" ජන්කූක්...!"

රූහා හොස්පිටල් ඇඩ්මිට් කලා කියන ආරංචි ලැබුනා විතරයි ජන්කූක් යකා වගේ හොස්පිටල් එකට ආවා මොකද කොල්ලා හැමදේම දැනගෙන හිටියා

" ජන්කූක් තමයි උබ මොකා කියලා ද හිතුවේ "

ජන්කූක් කවදාවත් නැතුව යුංගිට මෙහෙම කතා කරද්දී කොල්ලා පුදුම වුනා මිසිස් ජියොන් ඉක්මනට එතැනට ආවා

" උබ හින්දා තමයි යකෝ හැමදේම වුනේ උබ හින්දා මගේ අහිංසක කෙල්ලට හැමදාම ලැබුනේ දුක විතරයි උබ ඇයි මෙහෙම කරන්නේ.."

යුංගිගේ කොලර් එකෙන් අල්ලාගෙන කෑගහද්දී හෝසොක් ජන්කූක් ඈත් කරන්න හැදුවත් යුංගි අතින් සන් කරලා එපා කිව්වා

" කුකි මොකද මේ ඔය දරුවාගේ ඇදුම අතහරින්න "

මිසිස් ජියොන් කියද්දී ජන්කූක් කට කොනින් හිනා වුනා

" ඔම්මා දන්නවා ද..? මූ හින්දා තමයි රූහා ඔහොම ඉන්නේ මූ රූහාට කියලා breakup වෙමු කියලා..! උබට හරි ලේසි ඇති නේ කෙල්ලෝ පාවිච්චි කරලා චුයින්ගම් වගේ විසි කරන්න "

යුංගි කදුලු පුරවගෙන නැ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා මිසිස් ජියොන් පුදුමෙන් යුංගි දිහා බලාගෙන හිටියා

" උබ crown prince නෙවෙයි මොකා වුනත් මට වැඩක් නැ මගේ නංගිට මොනාහරි වුනත් උබව මරනවා දැනගනින් දැන් මෙතනින් පලයන් "

යුංගිගේ ඇදුමෙන් අතහැරලා පිටිපස්සට තල්ලු කරලා දාපු ජන්කූක් කිව්වා

" රූට සිහිය එනකම් ඉදලා මම යන්නම්.."

යුංගි අසරණ විදියට ජන්කූක් දිහා බලාගෙන කිව්වා

" නැ ඔබතුමා මෙතන තවත් රැදෙන්න ඕන නැ රූහාගේ ඔම්මා අප්පා ඔප්පා හැමෝම ඉන්නවා ඒ නිසා ඔබතුමා මාලිගාවට යන්න "

රූහාගේ අප්පා වුනු මිස්ටර් ජියොන් අමනාපයෙන් යුංගි දිහා බලන ගමන් කිය්ද්දී කොල්ලාට ලොකු අසරණකමක් දැනුනා

" ඒත්..."

" අපි යමු යුංගියා.."

යුංගි තවත් එතැන රැදුනොත් ප්‍රශ්නයක් වෙයි කියලා හිතුනු හෝසොක් කිව්වා යුංගි හෝසොක් දිහා අසරණ විදියට බැලුවාම කොල්ලා හැමදේම හරි යයි කියලා යුංගිට ඇස් වලින් කිව්වා ඊට පස්සේ හෝසොක් යුංගිවත් එක්කගෙන හොස්පිටල් එකෙන් එලියට ආවා

" මට යන්න බැ හොබා..!"

" මෙතන ඉදලා වැඩක් නැ යුංගියා හිටියොත් උබට ප්‍රශ්නයක් වෙයි ඒ නිසා දැන් යමන් රූහාට සිහිය ආපු ගමන් බලන්න එමු "

හෝසොක් එහෙම කිව්වත් කොල්ලා යන්න කැමති වුනේ නැ අන්තිමේ දී හෝසොක් බලෙන් යුංගිව ඇදගෙන යන්න හැදුවත් වැඩක් වුනේ නැ කොල්ලා හොස්පිටල් එක ඉස්සරහ තිබුණු බෙන්ච් එකක වාඩිවුනා යුංගි හැසිරෙන විදිය දැක්කාම හෝසොක්ට ලොකු දුකක් දැනුනා යුංගි මෙච්චර කඩාගෙන වැටිලා ඉන්නවා හෝසොක් දැකපු පලවෙනි වතාව මේ

__________________________

රූහා උදේම මාලිගාවට ආවේ තාමත් නිදාගෙන ඉන්න එයාගේ කුමාරයාව ඇහැරවන්න පුංචි කාලේ ඉදලා කෙල්ල වැඩිපුර හිටියේ මාලිගාවේ නිසා මේ මාලිගාවේ කෙල්ල නොදන්නා තැනක් නැ රූහා යුංගිගේ රූම් එකේ දොරත් ඇරගෙන ඇතුලට ගියේ තාමත් ඇද බදාගෙන නිදාගෙන ඉන්න යුංගිව බලාපොරොත්තුවෙන් වුනත් ඇදේ කවුරුවත් නොහිටපු නිසා කෙල්ල ඇහිබම ඇකිලුවා

කෙල්ල යුංගිගේ ඇද උඩට බෑග් එකත් විසි කරලා රූහා කාමරේ පුරා ඇස් යැව්වා වතුර කැලතෙන සද්දයක් ඇහුනු නිසා රූහා නාන තටාකය පැත්තට ඇවිදගෙන ගියා කාමරේ එක කොනක තිබුණු දොරක් ඇරගෙන කෙල්ල ඇතුලට ගියා තටාකයේ කවුරුවත් හිටියේ නැති නිසා රූහා තොල් පිට පෙරලගෙන එතැනින් යන්න හැදුවත් එකපාරට කොහෙන්ද මතුවුනු අතකින් කෙල්ලව ඇදලා අරගෙන බිත්තියට තද කලාම රූහා ඇස් දෙකත් තද කරලා පියාගෙන ගිරිය කඩාගෙන කෑගැහුවා

" අයිෂ්....තමුසෙට තියෙන්නේ කටක් ද ඝාන්ටාරයක් ද..? "

ඒ කටහඬ එක්ක රූහා එක ඇහැක් ඇරලා බැලුවා කෙල්ලගේ ඇස් ඉදිරියේ තිබුණේ හැඩි දැඩි කිරි සුදු පැහැති පපුවක් ඒ දිහා බලාගෙන කෙල්ල කෙල ගිල්ලා පපුව දිගේ නෙලුම් කොලයක් උඩට වතුර බිදු වැටුනා වගේ වතුර බිදු ගලාගෙන යන හැටි දැක්කාම රූහාට එක තත්පරේකට වතුර බිංදුවක් වෙන්න නොහිතුනාම නෙවෙයි යම් යම් කාරනා නිසා කෙල්ල ඒක ඉල්ලා අස් කරගත්තා

" මේ හලෝ...තමුසේ කොහෙද අතරමං වුනේ"

යුංගි අසුරක් ගැහුවාම කෙල්ල මේ ලෝකෙට ආවේ ඔලුව උස්සලා යුංගිගේ මූන දිහා බැලුවාම රූහාට හිතුනේ අපරාදේ බැලුවේ කියලා යුංගිගේ කලු පැහැති තෙත කොන්ඩේ මූනට වැටිලා ඒ කොන්ඩේ දිගේ වතුර බිදු එක දෙක වැටෙනවා ඒ වතුර බිදු රූහාගේ මූනට වැටුනා යුංගි කට කොනින් හිනාවක් එක්ක එයාගේ අත් අතරට මැදි වෙලා ඉන්න කෙල්ල දිහා බලාගෙන හිටියා

" අහ්ම්...ඔහොම මිනිස්සුන්ව බය කරන්න එපා මට තව පොඩ්ඩෙන් හාර්ට් ඇටෑක් හැදෙනවා.."

රූහා පපුවට අතක් තියාගෙන කොල්ලාගේ ඇස් මගහැරලා කිව්වා

" තමුසේ මොකටද මේක අස්සට ආවේ.."

කෙල්ලගේ මූනට එබුනු යුංගි ඇහුවා

" ඔයා රූම් එකේ නැති නිසා කොහෙද කියලා බලන්න ආවේ... ඒක නෙවෙයි මොකද උදේම නැගිටලා අද ඉර මොන පැත්තෙන් ද දන්නේ නැ පෑයුවේ "

රූහා ඇස් කරකවන ගමන් කිව්වා

" බස්නාහිරින් පෑයුවේ..."

යුංගි එහෙම කියලා කෙල්ලගෙන් ඈත් වුනා කොල්ලා ටවල් එක විතරයි ඇදගෙන හිටියේ

" ඇත්තටම කියනවා මොකද කවදාවත් නැතුව උදේම නැගිටලා රෙඩි වෙන්නේ කොහේ යන්න ද.."

රූහා බිත්තියට හේත්තු වෙලා අත් දෙකත් බැදගෙන ඇහුවා

" කෙල්ලෙක් බලන්න.."

" WTF..!"

යුංගිගේ කටින් පිට වුනු වචනත් එක්ක රූහා කෙලින් වුනා රූහාගේ හැසිරීම දැක්ක යුංගි කට කොනින් හිනා වුනා

" ඔව්... එයා කිව්වා මම එනකම් බලාගෙන ඉන්නවා කියලා පව් නේ කෙල්ල දැනටත් ඇවිත් ද දන්නේ නැ "

යුංගි ඇස් කොනින් රූහා දිහා බලන ගමන් කිව්වා

" ඒ කවුද...?"

" යුනි එකේම කෙල්ලෙක්.."

" මම එයාව දන්නවා ද..? මොන year එකේ ද.."

" සමහරවිට දන්නවා ඇති 3rd year එකේ "

යුංගි කිසිගානක් නැතුව කියන ගමන් රූම් එකට ගියාම රූහාත් පස්සෙන් ගියා

" එයා ලස්සනයි ද..?"

" ඔව් "

" මටත් වඩා.."

" ම්ම්ම්... ඔව්.. තමුසෙට වගේ හැකර කටක් නෙවෙයි ඒ කෙල්ලට තියෙන්නේ කතා කරනකොට කනට මී පැනි වත්කරනවා වගේ තමුසෙට වඩා ඒකි අහිංසකයි.."

යුංගි ක්ලෝසෙට් එක පැත්තට යන ගමන් කිව්වා ටික වෙලාවක් ගත වෙනකොට කෙල්ලගෙන් කිසිම ප්‍රතිචාරයක් නැති නිසා කොල්ලා හැරිලා බැලුවා අන්න එතකොට තමයි කොල්ලාට තේරුනා කරපු විහිලුව බරපතල වැඩියි කියලා

රූහා බිම බලාගෙන නහය උඩට අදින ගමන් අතේ ඇගිලි එකට පිරිමදින ගමන් ඉන්නවා

" රූ..."

" ඔයා එයාට ගොඩක් කැමතියි ද..?"

රූහා කදුලු පුරවගෙන අහද්දී යුංගි කෙල්ලව පපුවට තුරුල් කරගත්තා

" මම එනකම් කවුරුවත් බලාගෙන නැ රූ අප්පා එක්ක ceremony එකකට යන්න වෙනවා ඒකට රෙඩි වුනේ මම බොරුවක් කිව්වේ අඩන්න එපා ඕයි.."

යුංගි කියද්දී කොල්ලාගේ නිරුවත් පපුවට තුරුල් වෙලා ඇඩුවා රූහාට බයයි කවුරුහරි යුංගිව එයාගෙන් ඈත් කරයි කියලා

" මාව දාලා යන්න එපා මට ඔයාව ඕන ඔයා නැති වුනොත් මැරෙයි"

කොල්ලව බදාගෙන අඩන ගමන් රූහා මිමිනුවා

" එහෙම වෙන්නේ නැ ඕයි මම විහිලුවක් කරේ දැන් අඩන එක නවත්තන්න මාව අයිති තමුසෙට විතරයි ඒක වෙනස් වෙන්නේ නැ ඒ නිසා බය වෙන්න එපා "

රූහා ඈත් කරලා කෙල්ලගේ නලල සිපගත්ත යුංගි කිව්වා රූහාගේ කම්බුල් පුරා තිබුණු කදුලු පිහිදලා කෙල්ලගේ කම්බුලක් සිපගත්තේ රූහාගේ මූනට පුංචි හිනාවක් එක් කරලා

" අද මම යුනි එන්නේ නැ පරිස්සමින් ගිහින් එන්න "

" අනේ..."

යුංගි යුනි එන්නේ නැ කිව්වාම රූහා තොල් පිට පෙරලගෙන කොල්ලා දිහා බලාගෙන හිටියා

" විකාර නොකර පලයන් ලෙක්චර්ස් ඉවර වෙන වෙලාවට මම එන්නම්.."

රූහාගේ කොන්ඩේ අතරේ අතැගිලි යැව්ව යුංගි කිව්වා

" අනිවාර්යයෙන් එනවා නේ "

" ඔව් බන් දැන් පලයන් "

යුංගි කිව්වාම කොල්ලාගේ තොල් වලට පෙක් එකක් දීපු රූහා හිනා වෙවී දුවගෙන ගියේ කොල්ලා තොල් පිරිමදින ගමන් බලාගෙන ඉදිද්දී

අතීතයේ මතක අතර යුංගි අතරමං වෙලා හිටියේ කොල්ලා ෆෝන් එකේ තිබුණු රූහාගේ ෆොටෝ එකක් දිහා බලාගෙන හිටියේ කදුලු පුරවගෙන හෝසොක් යුංගි දිහා දුකින් බලාගෙන හිටියේ හැමදේම ඉක්මනින් විසදෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන්

To be continue.................⚫

Bạn đang đọc truyện trên: AzTruyen.Top