• 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 07 •

යුංගි පිස්සා වගේ මාලිගාවට ඇවිත් රූම් එකේ තිබුණු මල් වාස් එක පොලොව ගැහුවා ඇදේ තිබුණු බෙඩ්ශීට් විසි කලා රූම් එකේ කොනක තිබුණු වීදුරු ස්ටූල් එක උස්සලා පොලොවේ ගැහුවා අතට අහුවුනු වීදුරුවෙන් mirror එකට ගැහුවේ වීදුරු කෑලි තැන විසි වෙලා යද්දී ඒත් එක්කම අතට අහුවුනු පොතක් ඇදලා ගනිද්දී ඒකේ ඇතුලේ තිබිලා ෆොටෝස් වගයක් බිම වැටුනා පොත පැත්තකට විසි කරපු යුංගි බිම වැටුනු ෆොටෝස් වලට අවදානය දුන්නා

කොල්ලා එක ෆොටෝ එකක් ඇහිදලා ගත්තා ඒකේ තිබුණේ අවුරුදු දහයක විතර කොල්ලෙක් පුංචි කෙල්ලෙක්ගේ කම්බුලක් සිපගන්නවා ඒ ෆොටෝ එකේ ඉන්න පුංචි කොල්ලා තමන් කියලා අදුරගන්න වැඩි වෙලාවක් ගියේ නැ එතැන තිබුණු ෆොටෝ එකින් එක අරගෙන කොල්ලා බැලුවා යුංගිට තිබුණු එකම ප්‍රශ්නය එයත් එක්ක ඉන්න පුංචි කෙල්ල කවුද කියන එක

" අහ්හ්..."

ඒත් එක්කම කොල්ලාගේ ඔලුව පැලෙන්න තරම් වේදනාවක් දැනෙද්දී යුංගි ඔලුව අත් දෙකෙන්ම අල්ලාගෙන වේදනාවෙන් කෑගැහුවා යුංගිට අපැහැදිලි රූප කිහිපයක් පෙනුනා ඒ වෙලාවේ යුංගිගේ රූම් එකට ආපු හෝසොක් දැක්කේ ඔලුව බදාගෙන කෑගහන කොල්ලව

" යුංගි...!"

හෝසොක් කොල්ලාගේ ලගට ඇවිත් දන ගහගෙන යුංගිගේ ඔලුව බදාගෙන ඉන්න අත් දෙක අල්ලගත්තා

" මගේ ඔලුව පැලෙන්න රිදෙනවා "

යුංගි කෑගැහුවා කොල්ලාට ඔලුවෙන් දැනෙන වේදනාවත් පෙනෙන අපැහැදිලි රූප නිසාත් යුංගි හිටියේ වේදනාවෙන්

" ඩොක්ටර්ට එන්න කියපන් යකෝ ඔතනට වෙලා බලාගෙන ඉන්නේ නැතුව "

රූම් එකේ දොර ලගට වෙලා බය වෙලා වගේ ඉන්න සේවිකාවන්ට හෝසොක් කෑගැහුවා

" යුංගියා.... මේ බලපන් ඔක්කොම හරි "

හෝසොක් කොල්ලාගේ දහඩියෙන් තෙත් වෙලා රතු වෙලා තියෙන කම්බුල් අල්ලාගෙන කිව්වා ඒත් එක්කම යුංගි සිහිය නැතුව හෝසොක්ගේ අත් අතරට කඩාගෙන වැටුනා

" රූ...!"

___________________________

අවුරුදු හයක පුංචි කෙල්ලෙක් ලස්සන රෝස පාට ගවුම් පොඩ්ඩක් ඇදගෙන උද්‍යානයේ සෙල්ලම් කරමින් හිටියා ඒ පුංචි කෙල්ලගේ හිනා හඩ උද්‍යානය පුරාම පැතිරුනා උද්‍යානය පුරා දුවමින් හිටපු පුංචි කෙල්ල එකපාරට කකුල පටලැවිලා බිම වැටුනා හිනා හඩ පැතිලා තිබුණු උද්‍යානය පුරා ඊලග තත්පරේ ඇහුනේ කෙල්ලගේ හැඩුම් හඩ විතරයි පුංචි කෙල්ල තුවාල වුනු කකුලත් අල්ලාගෙන හොදටම අඩනවා

පුංචි කෙල්ලගේ හැඩුම් හඩ ඇහුනු සේවිකාවෝ ඉක්මනට කෙල්ල ලගට දුවගෙන ආවා

" බේබි... බේබි අඩන්න එපා මේක පුංචි තුවාලයක් නේ ඉක්මනට හොද වෙයි "

එක සේවිකාවක් පුංචි කෙල්ලව සනසන්න උත්සාහ කලා ඒත් වැඩක් වුනේ නැ

" ඉක්මනට මෙයාව එක්කගෙන යන් නැත්නම් ජොබ් එකත් ඉවරයි "

තව සේවිකාවක් එහෙම කියලා පුංචි කෙල්ලව අරගෙන යන්න හැදුවත් ඇහුනු කටහඩක් නිසා සේවිකාවෝ දෙන්නා නැවැත්තුවා

" රූහා..."

පුංචි කෙල්ලගේ නම කියමින් එතැන අවුරුදු දහයක පමන කොල්ලෙක් ආවාම සේවිකාවෝ දෙන්නා ඔලුව නවාගෙන පැත්තකට වුනා පුංචි කෙල්ල තුවාල වුනු කකුල අල්ලාගෙන අඩනවා

" මොකද මෙතන වෙන්නේ...? රූ අඩන්නේ මොකද..?"

අඩන පුංචි රූහා දිහාත් බලපු කොල්ලා සේවිකාවන්ගෙන් ඇහුවා

" කුමරුනි... බේබි සෙල්ලම් කරනකොට වැටුනා "

එක සේවිකාවක් බයෙන් කිව්වාම කොල්ලා ඇහිබම ඇකිලුවා

" එතකම් තමුන්ලා දෙන්නා මොනාද කරේ.."

කොල්ලා සද්දෙන් අහද්දී සේවිකාවෝ දෙන්නා නිහඩව බිම බලාගෙන හිටියා රූහා ඇඩිල්ල නවත්තලා කොල්ලා දිහා කදුලු පුරවගෙන බලාගෙන ඉන්නවා

" තමුන්ලා දෙන්නා අස් කරනවා "

රූහා දිහා බලපු කොල්ලා එහෙම කියලා පුංචි කෙල්ලව එක්කගෙන ගියා පුංචි රූහාගේ තුවාලයට ඩොක්ටර් බෙහෙත් දැම්මා

" දැන් හරි නේ යුංගි ඔයාගේ රූගේ තුවාලෙට ඩොක්ටර්ට බෙහෙත් දැම්මා "

මිසිස් මින් හිනාවක් එක්ක කිව්වේ පුංචි යුංගි රූහාට බෙහෙත් දාන්න ඩොක්ටර් කෙනෙක් ඕන කියලා කෑගැහුව හින්දා මිසිස් මින් දිහා බලලා හිනා වුනු යුංගි පුලුන් කොට්ට අතරේ සැපට නිදාගෙන ඉන්න පුංචි රූහාගේ කම්බුලට කිස් එකක් දුන්නේ මිසිස් මින්ගේ මූනෙත් හිනාවක් ඇදෙද්දී

__________________________

යුංගි සුපුරුදු පරිදි බයික් එක ස්කූල් පාකින් එකේ නවත්තලා සයිඩ් බෑග් එකත් දාගෙන බහිද්දී ස්කූල් එකේ ඉන්න කෙල්ලෝ ඔක්කොම එතැන කොල්ලා අතින් කොන්ඩෙත් පස්සට කරන ගමන් එක කෙල්ලෙක්වත් ගනන් නොගෙන තමන්ගේ පන්තියට ඇවිදගෙන ගියා

පැත්තක හිටපු කෙල්ලෙක් නම් ඒ දිහා පුංචි හිනාවක් රදවගෙන බලාගෙන හිටියා ඉන ලගට දිග කොන්ඩේ කඩලා දාලා ස්කූල් එකේ නිල් සහ සුදු මිශ්‍ර යුනිෆෝම් එක ඇදලා හිටපු කෙල්ලගෙන් දිස් වුනේ චාම් ලස්සනක්

ස්කූල් එකේ විවේක කාලය දන්වමින් බෙල් එක නාද වුනාම පාසලේ සිසුන්ගෙන් cafeteria එක පිරිලා ගියා ටිකකින් යුංගි එයාගේ යාලුවෝ එක්ක cafeteria එකට ආවාම හැමෝගෙම අවධානය එයාලට යොමු වුනා cafeteria එකේ එයාලටම වෙන් වුනු ටේබල් එකේ ඉදගත්තා

ඒත් එක්කම කෙල්ලෙක් ඇබරි ඇබරි ගිහින් රෝස මලක් යුංගිට දුන්නාම කොල්ලා දිහාම බලාගෙන හිටපු රූහාගේ මූන අදුරු වුනා යුංගි කෙල්ලගේ අතේ තිබුණු මල ගත්තාම ඒ කෙල්ල සතුටින් හිනා වුනා මේ දිහා කදුලු පුරවගෙන කේන්තියෙන් බලාගෙන හිටපු රූහා අතමිට මොලවලා මේසෙට ගහලා නැගිට්ටේ cafeteria එකෙන් එලියට යන්න

" රූහා..!"

යුංගි කෙල්ලගේ නම කියලා කතා කරනකොට රූහා එහෙම්ම නැවතුනා ඒත් කෙල්ල හැරිලා බැලුවේ නැ කොල්ලාගේ කටහඬ එක්ක මුලු cafeteria එකම නිහඩ වුනා cafeteria එකේ ඉදපු හැමෝගෙම අවදානය යුංගිට ලැබුනා

" රූ..."

කොල්ලා සන්සුන් ආදරනීය හඩකින් කෙල්ලට කතා කලා ඒත් රූහා බිම බලාගෙන හිටියා මිසක් කොල්ලා දිහා හැරිලා බැලුවේ නැ අන්තිමේ දී යුංගි කෙල්ලගේ උරහිස් වලින් අල්ලලා තමන්ගේ පැත්තට හරවගත්තා

" මොකද මේ.."

බිම බලාගෙන හිටපු කෙල්ලගේ නිකටෙන් අල්ලලා උස්සලා ඇහුවා cafeteria එකේ ඉන්න අය කටවල් ඇරගෙන මේ ෆිල්ම් එක දිහා බලාගෙන හිටියා

" ඔයා ඇයි ඒක ගත්තේ...?"

රූහා කටත් බෙරි කරගෙන දුකින් අහද්දී යුංගිට හිනාවක් ගියා

" මොකද හිනා වෙන්නේ..?"

රූහා අහද්දී යුංගි කෙල්ලගේ කම්බුල් මත තිබුණු කදුලු පිසදැම්මා

" තමුසෙට ජෙලස් නේද..?"

කෙල්ලගේ කම්බුලක් පිරිමදින ගමන් ඇහුවාම රූහා රැව්වා

" මට යන්න දෙන්න.. ගිහින් අර මල දුන්නු කෙල්ල එක්කම ඉන්නවා "

" ඉතින් ඒ රෝස මල ගත්තේ තමුසෙට දෙන්න නේ "

" මට කාගෙවත් රෝස මල් ඕන නැ "

යුංගි දිහා බලාගෙන කියපු කෙල්ල කම්බුලේ රැදිලා තිබුණු කොල්ලාගේ අත අයින් කරලා යන්න හැදුවේ යුංගි කෙල්ලට යන්න දෙයි ද නැත මිතුර

යන්න හදපු කෙල්ලගේ අතින් ඇදලා ලගට ගත්තේ රූහා ඇවිත් කොල්ලාගේ පපුවේ වැදිලා නවතිද්දී cafeteria එකේ මේ ෆිල්ම් එක නරබමින් හිටපු සමහරුන්ට ශ්වසන ආබාධ ඇති විය

" කොහෙද දුවන්නේ...?"

" මම කොහේ ගියත් ඔයාට මොකද ගිහින් රෝස මල දුන්නු කෙල්ල ගැන හොය්..."

රූහාට ඉතුරු ටික කියන්න ඉඩ නොදී කෙල්ලගේ රෝස තොල් පෙති අල්ලගත්තාම cafeteria එකේ හිටපු සමහරුන්ට හාර්ට් ඇටෑක් හැදුනා කෙල්ල ඇස් ලොකු කරගෙන යුංගි දිහා බලාගෙන ඉදියා තත්පර ගානකට කෙටි හාදුවක් රූහාගේ තොල් අතරේ රදවලා ඈත් වුනා රූහා රතු වුනු කම්බුල් හංග ගන්න කොල්ලාගේ පපුව අස්සේ මූන හංගගනිද්දී යුංගි කෙල්ලව තුරුල් කරගෙන කට වල් ඇරගෙන බලාගෙන ඉන්න cafeteria වාසීන් දෙස බැලුවා

" ඕකේ ගයිස්...! මේ මගේ කෙල්ල ජියොන් රූහා "

යුංගි කිව්වාම රූහා ඇස් දෙක ජිල් බෝල සයිස් කරගෙන කොල්ලා දිහා බැලුවා

" උබලා එකෙක් හරි මගේ කෙල්ල දිහා බලලා අහුවුනොත් තොපේ ඇස් උගුලනවා "

යුංගි cafeteria එකේ ඉන්න ජීවින් දිහා බලන ගමන් කියලා රූහාගේ කරට අතක් දාගෙන cafeteria එකෙන් එලියට ගියා

__________________________

" රූහා..."

ගැඹුරු නින්දක හිටපු යුංගි කෙල්ලගේ නම කියලා කෑගහන ගමන් ඇස් ඇරියා කොල්ලා කලබලයෙන් වටපිට බැලුවේ ඉන්නේ කොහෙද කියලා බලන්න වටේ බැලුවාම යුංගිට තේරුනා එයා ඉන්නේ මාලිගාවේ කියලා

" රූ... මගේ රූ..."

කොල්ලා එකදිගටම මිමිනුවේ කෙල්ලගේ නම ඒත් එක්කම මිසිස් මින් හෝසොක් දෙන්නා රූම් එකට ආවා

" යුංගි...! මගේ රත්තරං ඇහැරුනා ද.."

මිසිස් මින් කොල්ලාගේ කම්බුල් ආදරෙන් පිරිමදින ගමන් කදුලු පුරවගෙන ඇහුවා

" මම කොච්චර දවසක් සිහිය නැතුව හිටියා ද..?"

" දවසක් තුනක්.."

කොල්ලාගේ ප්‍රශ්නයට හෝසොක් උත්තර දුන්නා

" රූ...!"

" එයා ආවේ නැ යුංගි.."

මිසිස් මින් අමනාපයෙන් කියද්දී යුංගි එයාගේ ඔම්මා දිහා බලලා හෝසොක් දිහා බැලුවා කොල්ලාට මතක් වුනා දවස් තුනකට කලින් රූහාට අන්තිම පහත් විදියට බැනලා breakup වෙමු කියලා කෑගහලා ආපු හැටි කොල්ලාට මතකයි දැන් ඉස්සරත් ජිමින් කෙල්ලගේ කම්බුල් කිස් කරනවා ඒ යාලුකමට කියලා කොල්ලා දන්නවා

" හොබා වාහනේ රෙඩි කරපන්.."

" කොහෙද යන්නේ..."

ඇදෙන් බහින්න හදන යුංගිව නවත්තපු මිසිස් මින් ඇහුවා

" රූ බේබිට එයාගේ කිටීගේ අතින් වරදක් වුනා ඒක හරිගස්සන්න යන්නේ "

යුංගි එහෙම කියලා ඇදෙන් බැහැලා යද්දී මිසිස් මින් ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියා

" එයාට මතකය ඇවිත්..!"

මිසිස් මින් මිමිනුවා ඒ අතරේ යුංගි රෙඩි වෙලා මාලිගාවේ කා පාකින් එකට ආවා හෝසොක් ඒ වෙනකොටත් කැබ් එක ලගට වෙලා පුංචි පෙට්ටියක් අතේ තියාගෙන ඉන්නවා

" මොකද්ද බන් ඔය.."

" කැබ් එක අතුලේ තිබුණේ "

හෝසොක් කියනකොට යුංගිට මතක් වුනේ ඕක රූහාගේ අතේ තිබුනා නේද කියලා කොල්ලා ඉක්මනට පෙට්ටිය අරගෙන බැලුවාම කොල්ලාගේ ඇස් වලට කදුලු පිරුනා පෙට්ටියේ තිබුණේ pregnancy test kit එකක් ඒත් එක්කම පුංචි චිට් එකක් තිබ්බා

හෙලෝ ඩැඩා...!

කොල්ලා වෙව්ලන අතින් pregnancy test kit එක අරගත්තා අතේ තිබුණු පෙට්ටිය බිම වැටෙද්දී කොල්ලා කකුල් පන නැතුව කැබ් එකට හේත්තු වුනා

" යුංගි..!'

හෝසොක් කොල්ලව අල්ලාගෙන කතා කරද්දී යුංගි කදුලු පුරවගෙන හෝසොක් දිහා බැලුවා

" මගේ කෙල්ල pregnant...!"

යුංගි සිහින් හඩකින් හෝසොක්ට කියද්දී කොල්ලා හිනා වුනා

" උබ අඩන්න නෙවෙයි යකෝ ඕන හිනා වෙන්න සතුටු වෙයන් තෝ දැන් අප්පා කෙනෙක් "

හෝසොක් කියද්දී යුංගි ඇස් පියාගත්තා එදා කොල්ලා රූහාට බැනපු විදිය මතක් වෙද්දී කවදාවත් නැතුව පලවෙනි වතාවට කෙල්ලට අතක් උස්සපු එකට කොල්ලා පසුතැවුනා

" මම රූට එදා කේන්තිය අත ඉස්සුවා හොබා.. මගේ අහිංසකී කදුලු පුරවගෙන මගේ දිහා බලාගෙන හිටියා බන් ඒකි මාව හම්බවෙන්න ආවේ මේ ගැන කියන්න ඒත් කොහෙවත් තියෙන ෆොටෝ එකක් නිසා මම රූට අත ඉස්සුවා බන් "

යුංගි අඩමින් කියද්දී හෝසොක් කොල්ලාගේ ඔලුව අතගෑවා

" උබ යකා වගේ කේන්ති අරගෙන ගිහින් හැමදාම මොනාහරි කරගෙන එනවා හැබැයි මේ පාර වැඩේ දරුනුයි රූහාගෙන් සමාව ඉල්ලපන් "

හෝසොක් කිව්වා හැමදාම යුංගි රූහා එක්ක වලියක් දාගෙන ඇවිත් හෝසොක් එක්ක කියවනවා එතකොට ඉතින් මුන් දෙන්නාගේ රන්ඩු බේරන්න බැදිලා ඉන්න හෝසොක් යුංගිට රූහාව යාලු කරගන්න උපදෙස් දෙනවා

" රූ මට සමාව දෙයි ද බන් "

" මේ පාර උබට ගොඩක් මහන්සි වෙන්න වෙයි දැන් රූ pregnant නිසා උබට මීට වඩා කෙල්ල ගැන සැලකිලිමත් වෙන්න වෙයි "

හෝසොක් බැරෑරුම් මුහුනකින් කියද්දී යුංගි ඔලුව වැනුවා

To be continue................⚫

රූහා සමාව දෙයි ද ලමයි

Bạn đang đọc truyện trên: AzTruyen.Top