• 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 05 •
මධ්‍යම රාත්‍රිය උදා වී තිබූ හෙයින් බකමූනන් රැහැයින්ගේ හඩ හැරෙන්නට වෙනත් කිසිදු ශබ්දයක් ඇසෙන්නට නොතිබිනි තරු පිරිවරාගෙන සද අහසේ බැබලෙමින් තිබුනා සීතල සුලං රැලි දසත හමාගෙන යද්දී රූහා යුංගිගේ තුරුලට වෙලා එයාගේ අතේ තියෙන ring එක දිහා බලාගෙන හිටියා මෙතෙක් වෙලා හෝටල් කාමරය තුලින් නැගුනු කෙදිරිලි හඩ තවත් ඇසෙන්නට නොතිබිනි
" ඕක කවුරුවත් උදුරගෙන යන්නේ නැ ඕයි "
යුංගි කෙල්ලට රවන ගමන් කිව්වාම රූහා කොල්ලා දිහා බලලා හිනා වුනා රූහාට මුලු ලෝකෙම ලැබුනා වගේ කෙල්ල හිනාවක් එක්ක යුංගිගේ නිරුවත් පපුවට තුරුල් වුනා
" නිදාගන්න හෙට තමුසේ මාලිගාවට එන්න ඕන "
රූහාගේ දහඩියෙන් තෙත් වුනු කොන්ඩේ අතරේ අතැගිලි යවන ගමන් කොල්ලා කිව්වා AC එකත් වැඩි කරලා යුංගි ඇස් පියාගත්තේ සැනසීමෙන් කොල්ලා හිතුවේ රූහාව දැන් තමන්ගෙන් ඈත් කරන්න කවුරුවත් නැ කියලා
ඒත් කොල්ලා හිතපු විදිය වැරදි නම්...?
යුංගිගේ තුරුලේ රූහා සතුටින් නින්දට වැටෙද්දී කොල්ලා රූහාගේ නලලට එයාගේ තොල් තද කලේ නිම කරන්න බැරි ආදරයකින් කෙල්ලගේ කොන්ද අතගාන ගමන් ඇස් පියාගත්තේ රූහාට අමාරු ඇති කියලා යුංගිට හිතුනු හින්දා
_________________________
යුංගි නොයිවසිල්ලෙන් බලාගෙන හිටියේ එයාගේ රූහා මාලිගාවට එනකම් ඔව් අද රූහා එයාගේ දෙමාපියෝ එක්ක මාලිගාවට එනවා කෙල්ලව දකින්න තියෙන ආසාවට කොල්ලා කාමරේ එහාටයි මෙහාට අවිදිනවා ඉවරයක් නැ මේක දිහා බලාගෙන හිටපු හෝසොක්ට දැන් කරකැවිල්ල හැදෙන්න වගේ
" අනේ බන් එක තැනකට වෙලා හිටපන් යකෝ රූහා එන වෙලාවක එයි "
හෝසොක් ඔලුවට අත ගහගෙන කිව්වා යුංගි මොනාහරි කියන්න හෝසොක්ගේ පැත්තට හැරුනත් දොරට තට්ටු කරන සද්දයක් ඇහුනු නිසා කටවහගෙන හිටියා
" ගිහින් බලපන් "
" මොන වුත්තක් ද මේ... ඔච්චර ඇවිදපු එකේ ගිහින් දොර ඇරපන්කෝ "
යුංගිට රවාගෙන හෝසොක් කිව්වාම කොල්ලා වටපිට බැලුවේ හෝසොක්ට ගහන්න දෙයක්
" උබ ඔච්චර කලබල වෙන්න ඕන නැ මම ගිහින් බලන්නම්.."
හෝසොක් එහෙම කියලා ගිහින් දොර ඇරියාම හිටියේ සේවිකාවක්
" උතුමානන්ට රැජින එන්න කිව්වා "
සේවිකාව එහෙම කිව්වාම හෝසොක් යුංගි දිහා බැලුවා
" අන්න උබේ රාජ කුමාරි ඇවිල්ලා.."
හෝසොක් කිව්ව විතරයි කොල්ලවත් තල්ලු කරගෙන හිටපු සේවිකාවගේ ඇගෙත් හැප්පිගෙන ගියා හෝසොක් කොල්ලාගේ පස්සෙන් ගියේ මූ කුලප්පු වුනු හරකා වගේ ගිහින් කොහේ හැප්පෙයි ද කියලා දන්නේ නැති නිසා
යුංගි රැජින ඉන්න තැනට ගියා ඒක එලිමහනේ හදලා තිබුණු මණ්ඩපයක් කොල්ලා ගිහින් ඔම්මාටයි අප්පාටයි ආචාර කරලා ත්මන්ගේ තැනින් වාඩිවුනා කොල්ලා හතර වටේ ඇස් කරකවමින් රූහාව හොයනවා එතැන හිටියේ මිස්ටර් ඇන්ඩ් මිසිස් ජියොන් විතරයි
කොල්ලා ඇස් කරකවමින් රූහාව හොයනකොට මිසිස් මින් හිනා වුනා
" ඔය ඇස් කරවමින් හොයන කෙනා ආවේ නැ "
මිසිස් මින් කියනකොට යුංගි අකුනක් ගැහුවා වගේ ඔම්මා දිහා බැලුවා කොල්ලාගේ මූන අහක බලාගෙන ගහපු කොත්තුවක් වගේ මිසිස් මින් හිනාවක් එක්ක මිසිස් ජියොන් එක්ක කතාවට වැටුනා එයාලා කතාව්ට වැටෙද්දී යුංගි අහක බලාගෙන හිටියේ කේන්තියෙන් කෙල්ල අනිවාර්යයෙන් එනවා කියලා පොරොන්දු වෙලා ආවේ නැ කිව්වාම කොල්ලාට කේන්ති ගියා
" ඔහොම ඉන්න එපා පගයෝ..."
හෝසොක් අතින් අනින ගමන් කිව්වා යුංගි හෝසොක්ට රවලා ඉස්සරහ බලනකොට දැක්කේ හැන්බොක් එකක් ඇදලා කොන්ඩේ ගොතලා අහිංසක හිනාවක් දෙතොලතර රදවගෙන එයාගේ දිහා බලාගෙන ඇවිදගෙන එන රූහාව කෙල්ලගේ ලස්සන දැකලා කොල්ලාට ඉන්න තැනත් අමතක වුනා
කොල්ලාට රූහාව වෙනදාට වඩා ලස්සනට පෙනුනා සේද ඇදුම් වලින් සැරසී සිටි ඇය යුංගිගේ reaction එක දැකලා කම්බුල් රතු කරගෙන බිම බලාගත්තා කොල්ලා රූහා දිහා බලාගෙන හිටියේ රස කෑමක් දිහා බලාගෙන වගේ කිව්වොත් වැරදි නැ මේ අවස්ථාවේ කොල්ලාට dirty අදහස් ගොඩක් ගලාගෙන ආපු බව අපි ටිකකට අමතක කරමු
" ඕයි බේසිකයා....බෝක්කුව වගේ ඇරලා තියෙන මුඛය වහගනින් තොගේ පිත්තාශය පේනවා.."
හෝසොක් කොල්ලාගේ කනට කරලා කිව්වාම තමයි එතකොට තමයි යුංගිට තේරුනේ මෙතෙක් වෙලා කට ඇරගෙන හිටියේ කොල්ලාට පොලොව පලාගෙන යන්න නොහිතුනාම නෙවෙයි රූහා රජතුමාටයි රැජිනටයි ආචාර කරලා එයාගේ දෙමාපියෝ ලගින් වාඩිවුනා
" ඕමෝ.....මේ කෙල්ලගේ හැඩ.."
මිසිස් මින් කියද්දී රූහා හිනා වෙලා ඇස් කොනින් යුංගි දිහා බැලුවා කොල්ලා ඇහිපිල්ලම් නොගහා කෙල්ල දිහා බලාගෙන ඉන්නවා ඊට පස්සේ කට්ටිය කතාවට වැටෙද්දී යුංගි කෙල්ල එක්ක ඇස් වලින් කතා කරන ගමන් හිටියේ කොල්ලාට ඕන වුනේ රූහාව මෙතනින් එක්කගෙන යන්න
" යුංගි පුතා.... රූහාව එක්කගෙන ගිහින් මාලිගාව පෙන්නන්න.."
යුංගිගේ හැසිරීම තේරුම් ගත්ත මිසිස් මින් කොල්ලාට ඇහැක් ගහලා කිව්වාම රූහා ඔලුව උස්සලා බැලුවා
" යේ යේ... යන්න රූ බබා ආපු වෙලාවේ ඉදලා ඔයා දිහා බලාගෙන ඉදියේ.."
රූහාගේ අප්පා එහෙම කියද්දී කෙල්ල රැව්වා දැන් ඉතින් සති ගානක් යනකම් අප්පා ඕක අල්ලාගෙන කෙල්ලට විහිලු කරනවා කියලා රූහා දන්නවා යුංගි නැගිටලා ඇවිත් කෙල්ලට අත දුන්නාම ඒ අත දිහා ටික වෙලාවක් බලාගෙන හිටපු රූහා යුංගිගේ අත මතින් තමන්ගේ අත තිබ්බා යුංගි කෙල්ලගේ අත තදින් අල්ලගත්තාම රූහා නැගිටලා කොල්ලා එක්ක යන දිහා අනිත් අය බලාගෙන හිටියේ සතුටින්
" මම බයෙන් හිටියේ අපේ රූ බබා ගැන "
මිසිස් ජියොන් කිව්වා
" දැන් ඒවා ගැන හිතන්න ඕන නැ යුංගිට මතකය ආවේ නැති වුනත් රූහාට ආදරෙයි නේ "
මිසිස් මින් කිව්වේ හිනාවක් එක්ක
" ඌට රූහාව නැතුව වසන්න බැ ඉස්සර මතකයි නේ "
මිස්ටර් මින් එහෙම කියලා හිනා වුනේ ඉස්සර රූහාව බෙදාගන්න බැරුව රන්ඩු වුනු හැටි මතක් වෙලා
රූහාගේ අතකින් අල්ලගත්ත යුංගි ඇවිදගෙන ගියේ ආඩම්බරයෙන් රූහා වටේම බලන යවන ගමන් කොල්ලාට ලං වුනා එකපාරට කෙල්ලව බිත්තියකට මැදි කරගත්තේ රූහාට හිතන්නවත් වෙලාවක් ඉතුරු නොකර ඒ ඇස් ජිල් බෝල සයිස් වෙලා රූහාගේ දිලිසෙන ඇස් දිහා බලාගෙන හිටපු යුංගි කෙල්ලගේ නලලට කිස් එකක් දුන්නේ කොල්ලාගේ තොල් වල පහසට ඇස් පියවෙද්දී රූහාගේ පියවුනු ඇස් පුංචි නහය පිරුනු කම්බුල් මුලු මූනම කලබලයක් නැතිව සන්සුන්ව ලෝභකමින් සිපගත්තා
කෙල්ල හිනා වෙවී කොල්ලාගේ හාදු වින්දා රූහා ඇස් ඇරලා කොල්ලා දිහා බැලුවා යුංගිගේ ඇස් වල තිබුණේ ඒ හිතේ රූහා ගැන තියෙන ආදරේ විතරයි රූහා ඉස්සිලා කොල්ලාගේ කම්බුලට කිස් එකක් දුන්නා
",තමුසේ අද ලස්සනයි..."
යුංගි එහෙම කිව්වාම නම් රූහාගේ මූන ඇද වුනා
" අද විතර ද...?"
රූහා කටත් ඇදගෙන අහනකොට යුංගිට හිනාවක් ගියා
" තමුසේ හැමදාම ලස්සනයි තමුසේ නියගලා මලක් වගේ "
යුංගි එහෙම කිව්වාම කෙල්ලට බකස් ගාලා හිනාවක් ගියා යුංගි හැමදාම අමුතු විදියේ උපමා අරගෙන කෙල්ලව වර්නනා කලා රූහා නම් කොල්ලාගේ පපුවට ගගහා හොදටම හිනා වෙනවා
" අම්බෝ පූසෝ.."
හිනා වෙලා රූහාට හුස්ම ගන්නත් අමාරුයි යුංගි ඇස් හීනි කරගෙන පිස්සියක් වගේ හිනා වෙන කෙල්ල දිහා බලාගෙන හිටියා
" හිනා වෙලා උබ හුස්ම හිරවෙලා මැරෙයි ගෑනියේ...අනික උබට ඔච්චර හිනා වෙන්න කිව්වේ මොකද්ද "
යුංගි මවාගත්ත කේන්තියකින් අහද්දී රූහා හිනාව නවත්තගත්තා
" මේකයි නේ පූසෝ වෙන බෝයිපෙන්ලා තමන්ගේ කෙල්ලට කියන්නේ සෝස මලක් වගේ කියලා නේ ඒත් ඔයා මට නියගලා මලක් වගේ කිව්වාම මට හිනා ගියා "
රූහා එහෙම කියලා හිනා වෙද්දී යුංගි කෙල්ලගේ පිරුනු කම්බුල් දත් වලින් අල්ලගත්තා
" ආව්...හප්පන්න එපා.."
කෙල්ල කියද්දී යුංගි රූහාගේ කම්බුල දිවෙන් තෙත් කලා කෙල්ලගේ කම්බුලක් පුරා පූස් කෙල
" මං තලහයි..."
කෙල්ල කිව්වාම යන්න කට කොනින් හිනා වුනා
" ඉතින්....?"
" කිතුල්... "
රූහා එහෙම කියලා කොල්ලාගේ අත යටින් රිංගලා හන්බොක් එකත් අත් දෙකෙන් උස්සගෙන වේගෙන් ඇවිදගෙන ගියා ඒත් එකපාරට කෙල්ලට අහසේ පාවෙනවා වගේ ෆීලින් එකක් දැනුනා ඒ වෙන මුකුත් නිසා නෙවෙයි යුංගි කෙල්ලව වඩාගත්ත නිසා
" යාහ්හ්හ්....පූසෝ මාව බිමින් තියනවා නැත්නම් මම කෑගහනවා තවුසේ මට බලහත්කාරකම් කරනවා කියලා.."
" ඉතින් කෑගහනවා මේක මගේ මාලිගාව තමුසේ කෑගැහුවා කියලා බල්ලෙක්වත් හොයන්නේ නැ "
යුංගි කෙල්ලගේ මූනට එබිලා කිව්වාම රූහා රවලා අහක බලාගත්තා කෙල්ල දගලද්දී යුංගි බොහොම අමාරුවෙන් උද්‍යානය පැත්තට එක්කගෙන ගියා රූහා ඇස් ජිල් බෝල කරගෙන උද්‍යානය පුරා ඇස් අරගෙන ගියා කෙල්ල ගස් පිරුනු නිහඩ නිස්කලංක තැන් වලට ගොඩක් ආස කෙනෙක් කියලා දන්න නිසා යුංගි උද්‍යානයට එක්කගෙන ආවා කොල්ලා රූහාව බිමින් තිබ්බාම පොඩි දරුවෙක් වගේ උද්‍යානය පුරා දුවමින් පිපිලා තිබුණු මල් වල සුවද බලමින් හිනා වෙන දිහා කොල්ලා ආසාවෙන් බලාගෙන හිටියා
රූහා දිහා ටික වෙලාවක් බලාගෙන හිටපු යුංගි කෙල්ලව බැක් හග් කලා
" මම තමුසෙට කොහොම කතා කලත් තමුසේ මගේ විතරයි ඉක්මනට තමුසෙව මාලිගාවට අරගෙන ඇවිත් කොහෙවත් යන්න නොදී මගේ ඇස් ඉස්සරහම තියාගන්නවා "
යුංගි කෙල්ලගේ කම්බුල් බෙල්ල සිපගන්න ගමන් කිව්වාම රූහා හිනා වුනා
" ඉතින් ඔයාගේ ලගින්ම තියාගන්න.."
රූහා කොල්ලාගේ ඇගට බර වෙනකම් කිව්වේ හිනාවක් එක්ක
To be continue.................⚫
ගුඩ් මෝනින්
Bạn đang đọc truyện trên: AzTruyen.Top