• 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 04 •

දින එක දෙක ගෙවිලා ගිහින් අන්තිමේ දී පාටිය තියෙන දවස උදා වුනා යුංගිට අප්පාගේ කීම අහක දාන්න පුලුවන් වුනත් ඔම්මාගේ කීමට විරුද්ධව වෙන්න බැ කොයිවෙලෙත් යුංගිගේ පැත්තට කතා කරලා කොල්ලාව බේරගන්නේ යුංගිගේ ඔම්මා තමයි මිසිස් මින් පන වගේ යුංගිට ආදරෙයි යුංගිත් එහෙම තමයි මිසිස් මින් දෙයක් කිව්වොත් ඒ දේ ඒ විදියටම කරනවා ඉතින් මිසිස් මින් කොල්ලාට පාටියට එන්න කියලා ඇදුම් ඔක්කොම දීලා ගියාට පස්සේ යුංගිට නොගිහින් ඉන්න බැරි වුනා

යුංගි රෙඩි වෙලා ෆෝන් එක ඔබන ගමන් ඉන්නකොට කඩාගෙන බිදගෙන රූම් එකට ආපු හෝසොක් යුංගිව දැකලා එතැනම නතර වුනා

" අප්පටසිරි....මූ ද යකෝ කොරියාවේ crown prince..."

හෝසොක් අමුතු ලුක් එකකින් යුංගි දිහා බලාගෙන කියනකොට යුංගි හෝසොක් දිහා රවලා බැලුවා

" උබ කට වහගෙන පලයන් බේසිකයා "

" තෝවත් කුදලගෙන යන්න ආවේ පගයෝ.."

හෝසොක් කිව්වාම යුංගි කොන්ඩෙත් හදන ගමන් නැගිට්ටා

" මොන හු#&ක්ද යකෝ මට මේ මගුලේ පාටියට යන්න ඕන නැ අනිත් පැත්තෙන් මගේ කෙල්ල කියන එකි ෆෝන් ඕෆ් කරගෙන මොන විකාරයක් කරනවාද දන්නේ නැ "

යුංගි කේන්තියෙන් කියාගෙන යනකොට හෝසොක් කොල්ලාගේ උරහිසට අතක් තිබ්බා

" සමහරවිට රූහාට උබට වඩා හොද එකෙක් සෙට් වෙන්න ඇති උබත් දැන් යන්නේ අලුත් එකක් හොයාගන්න නේ "

හෝසොක් දුඛිත මුහුනකින් කිව්වාම යුංගිට යකා අවේස වෙන්න වැඩි වෙලාවක් ගියේ නැ මකරෙක් වගේ පිබින ගමන් හෝසොක් දිහා බලාගෙන හිටපු යුංගි ඉනේ ගහගෙන හිටිය ගන් එක අරගෙන හෝසොක්ගේ ඔලුවට තිබ්බා

" මගේ හොදම බේසික මිතුරාට මගේ අලුත්ම ගන් එකෙන් ඔලුවට බුලට් දෙකක් බස්සගන්න ආසාවක් තියෙනවා නම් තව මොනාහරි කියපන් "

යුංගි කේන්තියෙන් කියනකොට හෝසොක් මොංගල් හිනාවක් ප්‍රදර්ශනය කලා

" පස්වහන් දහසකට බුදු වන්න දේවයන් වහන්ස මේ නරපනුවා අතින් නොදැනුවත්ව වූ වරදට සමාවුව මැනවි උතුමානනි "

හෝසොක් කිව්වාම යුංගි කොල්ලාව තල්ලු කරලා ගන් එකත් ඉනේ ගහගෙන ආපහු ෆෝන් එක අතට ගත්තා

" වරෙන් යන්න බේසිකයා "

යුංගි ආපහු රූහාට කෝල් කරත් කෙල්ලගේ ෆෝන් එක ඕෆ් හින්දා යුංගි ෆෝන් එක පොලොවේ ගැහුවේ හෝසොක් කෑලි වලට කුඩු වෙලා ගියපු ෆෝන් එක දිහා වේදනාවෙන් බලාගෙන ඉදිද්දී

" මූට මේ දේවල් වල කිසි වටිනාකමක් නැති හැටියක් "

හෝසොක් එහෙම කියාගෙන යුංගිගේ පස්සෙන් ගියා අධිරාජ්‍යයා රැජින දෙන්නා කලින් ගියපු නිසා යුංගි හෝසොක් එක්ක පස්සේ පාටියට ආවා පාටිය තිබුණු හෝල් එකට ඇතුල් වෙනකොටම හැමෝගෙම ඇස් කොල්ලා ලග නතර වුනා යුංගි මොකෙක්වත් ගනන් නොගෙන බාර් එක පැත්තට ගිහින් විස්කි ග්ලාස් එකක් පුරවගෙන එක හුස්මට බීලා දැම්මා ඒ තමයි මින් යුංගිගේ විදිය

පාටියේ හිටපු කෙල්ලෝන්ගේ ඇස් යුංගිගේ දිහාට හැරිලා තියෙද්දී යුංගිගේ ඇස් තිබුණේ එයාගේ අතේ තියෙන වයින් ග්ලාස් එකට මිස්ටර් මින් බිස්නස්මන් කෙනෙක් එක්ක කතා කරන ගමන් යුංගි දිහා බලාගෙන හිටියේ මොන නාඩගමක් නටලා තමන්ගේ නම්බුව ලෙෆ්ට් කරයි ද කියලා ෂුවර් නැති නිසා

" ඕයි ඕයි පගයෝ පොඩ්ඩක් අර පැත්ත බලපන් "

වයින් ග්ලාස් එක පුරවගන්න ගමන් හිටපු යුංගිගේ උරහිසට තට්ටුවක් දාලා කිව්වා

" මොකද බේසිකයෝ "

යුංගි එහෙම අහන ගමන් entrance එක දිහා බලලා ආපහු හෝසොක් දිහා බැලුවා

" මොන හු......"

කියන්න ගියපු එක නවත්තලා ආපහු යුංගි එන්ට්‍රන්ස් එක දිහා බැලුවේ දැකපු රුව හරි ද කියලා ෂුවර් නැති නිසා

" Fuck....මේ එයාම ද.."

" ඔව් ඔව් උබේ රූ තමයි අද කෙල්ල පට්ට ලස්සනයි ඕයි උබට කෙල්ලව පරිස්සම් කරගන්න වෙයි දැනටමත් ඇබලයොන්ගේ බැල්ම වැටිලා තියෙන්නේ "

හෝසොක් කියන දේවල් අහගෙන යුංගි කට ඇතුලේ දිව තෙරපන ගමන් හිනා වෙවී ඉන්න රූහා දිහා බලාගෙන හිටියා කෙල්ලගේ ඇදගෙන හිටියේ සුදු පාට දන හිස ලගට දිග ගවුමක් high heels දාලා කොන්ඩේ කඩලා දාලා රූහා බැලූ බැල්මට පුංචි බෝනික්කියක් වගේ

ඒත් එක්කම කෙල්ලගේ ලගට ආපු කඩවසම් කොල්ලෙක් රූහා එක්ක කතා කරන්න ගත්තා කොල්ලාගේ අතේ හිටපු අවුරුද්දක් වයසැති පුංචි සිගිත්තියගේ කම්බුලක් රූහා මිරිකුවා යුංගි මේ දිහා ඇස් හීනි කරගෙන බලාගෙන හිටියා

" ඔහොම බලන්න එපා පගයෝ ඒ තොගේ මස්සිනා..... මස්සිනා සේප් එකේ තියාගනින් නැත්නම් නංගිව දෙන එකක් නැ "

හෝසොක් යුංගිගේ අතේ තිබුණු වයින් පිරුනු ග්ලාස් එක හිස් කරලා ආපහු කොල්ලාගේ අතින් තියලා කිව්වා

" උබ කට වහපන් අස්පයා "

" ඔබතුමාගේ කැමැත්තක් "

යුංගි බලාගෙන හිටියේ පුංචි බබා අතේ තියාගෙන හුරතල් කරන රූහා දිහා කෙල්ලගේ සැරින් සැරේ වෙනස් වෙන ඉරියව් කොල්ලා හොදින් නිරික්ෂණය කලා ඒත් එක්කම රූහා යුංගි දිහා බැලුවාම කොල්ලා ඇස් හීනි කරලා කෙල්ල දිහා බලලා අහක බලාගත්තා රූහා තොල් පිට පෙරලගත්තේ යුංගිට කේන්ති ගිහින් ඉන්නේ කියලා තේරුනු නිසා 

ඒත් එක්කම රූහාගේ අප්පා ඇවිත් කෙල්ලව එක්කගෙන ගියේ මිස්ටර් මින් ලගට ජන්කූක් එයාගේ වයිෆ් වුනු ලිලීත් ඒ එක්කම ගියා මිසිස් ජියෝන් කෙල්ල ලගින් හිටියා

" මින් මේ මගේ දුව රූහා...ජියෝන් රූහා.."

මිස්ටර් ජියොන් එයාගේ දුවව හරි ආඩම්බරයෙන් මිස්ටර් මින්ට හදුන්වා දුන්නා කෙල්ල හරි අහිංසක හිනාවක් දැම්මා යුංගි මේ දිහා බලාගෙන හිටියා

" පුංචි කාලේ දැක්කාට පස්සේ දැන් නේ දැක්කේ....ඉස්සර තිබුණු හුරතල්කම නම් පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැ "

මිසිස් මින් රූහා දිහා ආදරේ පිරුනු ඇස් දෙකකින් බලාගෙන කියද්දී මිස්ටර් මින් එයාට එකග වෙන ගමන් ඔලුව වැනුවා

" දකින්නේ කොහොමද ජියා මෙයා කොරියාවේ නොහිටපු තරම් අවුරුදු ගානක් රූහා හිටියේ england වල "

මිසිස් ජියොන් හිනාවක් එක්ක කිව්වා ඕන කෙනෙක්ට ඕන වෙඩිමක් කරගන්න කියලා  ජන්කූක්ගේ පුංචි බබා නම් එයාගේ නැන්දිගේ බෙල්ල බදාගෙන හොද නින්දකට ලෑස්‍තිය

" ඔප්පා......බබා නිදාගන්න හදන්නේ "

රූහා ජන්කූක්ගේ දිහා බලාගෙන කිව්වා

" හේයි...සූ බබා දොයියගන්න ද හදන්නේ ම්ම්ම්...කෝ එන්න අප්පාගේ අතට "

ජන්කූක් එහෙම කියන ගමන් රූහාගේ අතේ ගුලි වෙලා නිදාගන්න හදන පුංචි බබාව ගන්න හදන ගමන් කතා කලා රූහාගේ ලගින් ඈත් වෙන්න හදන්නේ කියලා තේරුනු පුංචි පැටියා කටත් බෙරි කරගෙන අඩන්න පටන් ගත්තා

" යාහ්හ්....ඔප්පා තමුසෙට කිව්වේ බබා නිදාගන්න හදනවා කියලා මිසක් අඩවන්න නෙවෙයි "

ජන්කූක්ට රවාගෙන කෑගහපු රූහා එතැනින් යන්න ගියේ හැමෝගෙම මූනට හිනාවක් එක් කරලා

" බබා රූහා එක්ක ගොඩක් එකතුයි "

" යේ යේ කොච්චර එකතුයි ද කියනවා නම් රූහා ඉන්නකොට ඔම්මා අප්පාවත් අමතකයි "

ජන්කූක් කියද්දී ලිලී කොල්ලාගේ අතට හිමින් ගැහුවාම ජන්කූක් ලිලී දිහා බැලුවේ මම බොරුවක් ද් කිව්වේ කියලා අහන්න වගේ මිස්ටර් ඇන්ඩ් මිසිස් මින් පුංචි බබා නලවන්න උත්සාහ කරන ගමන් උත්සව ශාලාවෙන් එලියට ඇවිදගෙන යන රූහා දිහා බලාගෙන හිටියේ ආසාවෙන්

රූහා හොටෙල් එකේ garden එකට ගිහින් පුංචි බබාට garden එකේ තිබුණු වතුර මල පෙන්නන්න ගමන් කතා කරනකොට බබාගේ ඇඩිල්ල නතර වුනා රූහා පුංචි කම්බුල් වල තිබුණු කදුලු බිදු පිහිදලා කම්බුලට පුංචි හාදුවක් තැවරුවාම පුංචි බබාගේ කටින් හිනාවක් පැන්නා

" ම්හ්.."

උගුර පාදන හඩක් ඇහෙනකොට කෙල්ල පිටිපස්ස හැරෙනකොට දැක්කේ බෙල්ලත් ඇල කරගෙන තමන් දිහා බලාගෙන ඉන්න යුංගිව රූහා එයාගේ අහිංසක හිනාව ප්‍රදර්ශනය කරත් යුංගි රවාගෙන කෙල්ල ලගට ආවා පුංචි බබා නම් රූහාගේ කොන්ඩේ අල්ලාගෙන ලොකු වැඩක්

" තමුසේ ෆෝන් ඕෆ් කරගෙන ඉන්න හේතුව දැන් තමයි තේරෙන්නේ "

යුංගි කේන්තියෙන් කිව්වාම කෙල්ල බිම බලාගත්තා

" තමුසෙට මට කියන්න බැරි වුනා ද එනවා කියලා..."

" උයා surprise කරන්න ඕන වුනේ "

රූහා තොල් උල් කරගෙන කිව්වා

" Surprise....? ඔව් ඔව් මම ගොඩක් surprise වුනා තමුසෙගේ ඇදුම දැකලා "

නෝන්ඩියට වගේ හිනා වෙන ගමන් යුංගි කිව්වා

" කාට පේන්න ද තමුසේ ඔච්චර කොටට ඇදගෙන ආවේ....? මෙතන ඉන්න පිරිමි ඔක්කොම තමුසේ දිහා ජීවිතේට කෙල්ලෙක් දැකලා නැ වගේ බලාගෙන ඉන්නවා තමුසෙට තේරෙන්නේ නැද්ද..? "

යුංගි කේන්තියෙන් බැනගෙන යද්දී රූහා ඇස් වල කදුලු පුරවගෙන බිම බලාගත්තා පුංචි බබාට යුංගි කියන දේවල් නොතේරුනත් යුංගි දිහා කේන්තියෙන් බලාගෙන හිටියේ එයාගේ නැන්දි අඩන නිසා

" හැම මගුලකටම බොරුවට අඩන්නේ නැතුව ඉන්නවා රූහා තමුසේ බබෙක් නෙවෙයි නේ "

" සොලි..."

පුංචි බබෙක් වගේ සමාව ඉල්ලන රූහාව දැක්කාම දුක හිතුනත් කොල්ලා ඒ බව නොපෙන්වා හිටියා

" ඔච්චර තමයි තමුසේ දන්නේ "

යුංගි එහෙම ගියාම රූහා දුකෙන් ඒ දිහා බලාගෙන හිටියා පුංචි බබා රූහාගේ කම්බුල් වල තිබුණු කදුලු බිදු පිහිදලා කිස් එකක් දුන්නාම රූහා පුංචි බබා දිහා බලලා හිනා වුනා

",අපි යමු අප්පා ලගට "

රූහා බබාත් වඩාගෙන ආපහු ඇතුලට ඇවිත් අතේ හිටපු බබා ජන්කූක්ගේ අතට දීලා පැත්තකින් ගිහින් වාඩිවුනා කෙල්ල බාර් එක ලග වාඩිවෙලා ඉන්න යුංගි දිහා බැලුවත් කොල්ලා නම් රූහා දිහා බලන්න මහන්සි වුනේ නැ ඩාන්සින් ෆ්ලෝ එකේ ඩාන්ස් කරන අය දිහා බලාගෙන වයින් පිරුනු ග්ලාස් එක හිස් කලා රූහාට ගිහින් කතා කරන්න හිතුනත් හැමෝම ඉස්සරහ කෙල්ලට කෑගහයි කියලා හිතුනු නිසා රූහා එහෙම්ම වාඩිවෙලා හිටියා රූහාගේ මැලවිලා තියෙන මූන දකින ඕන කෙනෙක්ට කියන්න පුලුවන් කෙල්ල ඉන්නේ දුකින් කියලා

" අහ්ම් අහ්ම් කොහොමද මිසිස් මින් මාව මතක මන්දා.."

යුංගිගේ සිහියෙන් හිටපු රූහා එකපාරට ගැස්සිලා ගියේ එයාගේ ලගින් ඇහුනු කටහඬ නිසා රූහා එයාගේ ඉදිරියේ ඉන්න තරුණයා දිහා බලාගෙන හිටියේ පුදුමෙන්

" ජිමින්...."

රූහා ඇස් ජිල් බෝල සයිස් කරගෙන හිනාවක් එක්ක එයාගේ ඉස්සරහ ඉන්න තරුණයා ඇමතුවා

" කවද්ද ආවේ...? මෙහේ මොනාද කරන්නේ..? තාමත් ඉස්සර වගේම කොටයි "

රූහා ජිමින්ව හග් කරන ගමන් කිව්වා ඒ වෙලාවේ යුංගි ඒ සිද්ධිය ඇස් කොනින් දැක්කා කොල්ලාගේ ඇස් කේන්තියෙන් රතු වෙන්න වැඩි වෙලාවක් ගියේ නැ යුංගි අතේ තිබුණු වයින් ග්ලාස් එක තදින් ඇල්ලුවා හෝසොක් යුංගිගේ අතේ තිබුණු ග්ලාස් එක ඇදලා ගත්තේ නැත්නම් ග්ලාස් එක කුඩු වෙලා යුංගි අත තුවාල කරගන්න නිසා

" ආවේ නම් පෙරේදා මෙහේ ආවේ අප්පාට හම්බුනු invitation එකකට "

ජිමින් හිනාවක් එක්ක කිව්වා

" කිව්වෙත් නැ නිකන්වත් "

රූහා රවාගෙන කිව්වා

" ඉතින් මම දැන් කතා කරන්න ඕන මිස් ජියොන් කියලා ද මිසිස් මින් කියලා ද"

ජිමින් අහද්දී කෙල්ල හුස්මක් පහත හෙලුවා රූහා එතැන තිබුණු පුටුවකින් වාඩිවෙද්දී ජිමින් කෙල්ල ලගින් වාඩිවුනා

" තාම මිස් ජියොන්......"

රූහා කිව්වේ ඇස් කොනින් යුංගි දිහා බලන ගමන්

" උබලා දෙන්නා වලියක් ඇදගෙන ද ඉන්නේ "

" කොහොමද දන්නේ "

" නිකමට හිතුනා ඒ කියන්නේ උබලා දෙන්නා රන්ඩු වෙලා ඉන්නේ ඒක තමයි අරූ මාරයා අවේස වෙලා ඉන්නේ "

ජිමින් කිව්වේ ඇස් රතු කරගෙන කේන්තියෙන් මේ පැත්ත බලාගෙන ඉන්න යුංගි දිහා බලන ගමන් රූහා යාන්තම් හිනා වුනා මිසක් මුකුත් කියන්න ගියේ නැ

" ඌට තාම මුකුත් මතක නැද්ද...?"

රූහා නැ කියන්න ඔලුව දෙපැත්ත වැනුවා

" ඒ වුනාට ඌ කැරකිලා කැරකිලා ඇවිත් නැවතිලා තියෙන්නේ උබේ ලගම නේ "

ජිමින් කුප්ප හිනාවක් එක්ක කියනකොට රූහා හිනා වුනා ඒත් එක්කම කෙල්ල දැක්කේ යුංගි කෙල්ලෙක් එක්ක ඩාන්ස් ෆ්ලෝ එකට ගිහින් ඩාන්ස් කරනවා රූහා ඒ දිහා දුකින් බලාගෙන හිටියා

" එයා හොදටම දන්නවා මාව රිද්දවන විදියත් "

රූහා වේදනාව පිරුනු හිනාවකින් කිව්වා

" ඌට ජෙලස් උබ මාත් එක්ක ඉන්නකොට ඉස්සරත් ඌ ඔහොමයි නේ "

ජිමින් කිව්වාම අතීතයේ සිදුවුනු සමහර සිදුවීම් මතක් වෙලා රූහාගේ මූනට හිනාවක් ආවා

" අපිත් ඩාන්ස් කරන්න යන් මිසිස් මින් ඔයාගේ නපුරු කුමාරයා තව පොඩ්ඩක් අවුස්සන්නත් එක්කම "

ජිමින් හිනාවක් එක්ක කිව්වාම රූහා ඔලුව දෙපැත්තට වැනුවේ ජිමින්ව නම් වෙනස් කරන්න බැ කියලා හිතන ගමන් රූහා ජිමින්ගේ අතක් අල්ලාගෙන ඩාන්සින් ෆ්ලෝ එකට ගියා මේ දිහා බලාගෙන හිටපු යුංගි අල්ලාගෙන හිටපු කෙල්ලගේ අත තදින් ඇල්ලුවේ ඒ කේන්තිය පිට කරන්න වගේ ජිමින් එක්ක හිනා වෙවී ඩාන්ස් කරන කෙල්ල දිහා යුංගි බලාගෙන හිටියේ කේන්තියෙන් ම්හ්.... කේන්තියෙන් කියනවාට වඩා ඉරිසියාවෙන් කිව්වොත් නිවැරදියි

Dance partner මාරු වෙද්දී යුංගිගේ අත් අතරේ රූහා හිර වුනා කෙල්ලගේ ඉනෙන් තදින් අල්ලන ගමන් රූහාගේ අතකිනුත් තදින් ඇල්ලුවා කෙල්ලට ඒක රිදුනත් කට වහගෙන හිටියේ එයාගේ නපුරු කුමාරයා පුපුරන්න ඔන්න මෙන්න තියෙන ගිනි කන්දක් වගේ නිසා

" තමුසේ එක්ක දැවටි දැවටි හිටපු කොල්ලා මොකාද "

දවා අලු කරන බැල්මක් ජිමින්ගේ දෙසට එල්ල කරන ගමන් යුංගි ඇහුවා

" එයා මගේ යාලුවෙක් ස්කූල් එකේ කාලෙකින් හම්බුනේ "

" ස්කූල් එකේ කාලේ යාලුකම් දැන් ඕන නැ "

යුංගි රවාගෙන කියද්දී රූහාට හිනා ගියා රූහාගේ හිනාව දැක්ක යුංගි ඇහිබමක් ඉස්සුවේ ඇයි කියලා අහන්න වගේ

" ඔයා පුපුරයි පූසෝ "

රූහාගේ අත් යුංගිගේ බෙල්ලේ වටේ එතෙද්දී කොල්ලාගේ අත් රූහාගේ සිහින් ඉන ලග නතර වුනා දෙන්නා පැද්දෙන ගමන් ස්ලෝව් මියුසික් එකට ඩාන්ස් කලේ හැමෝගෙම ඇස් ඒ දෙන්නා ලග නතර වෙද්දී යුංගි එක්ක කලින් ඩාන්ස් කරමින් හිටපු කෙල්ල රූහා දිහා කේන්තියෙන් බලාගෙන හිටියා ඒ ඇස් වෛරයෙන් පිරිලා තිබුනා

" තමුසේ හැමදාම කරන්නේ ඕක..."

" මොකද්ද..?"

රූහා බෙල්ලත් පොඩ්ඩක් ඇල් කරලා හුරතල් විදියට ඇස් බෝල කරලා දාන්න පුලුවන් ඔක්කොම මායම් ටික දාලා ඇහුවේ යුංගි කෙල්ලගේ අහිංසක මූනට හැමදාම වගේ රැවටෙන නිසා

" තමුසෙගේ මායම් ඔක්කොම දාලා මාව ශේප් කරගන්නවා "

යුංගි නෝක්කාඩුවෙන් වගේ කියද්දී රූහා හිනා වුනා

" කමක් නැ ඉතින් "

රූහා තොල් උල් කරගෙන යුංගි දිහා බලාගෙන ඉදියා

" තමුසෙව දකිද්දී කිස් කරන්නමයි හිතෙන්නේ "

" මෙච්චර දවසක් කිස් කලේ හිත හිතා ඉදලා ද..?"

රූහා ඇහුවාම යුංගිගේ කෙල්ලගේ ඉනේ රැදිලා තියෙන අත් තද කලේ කට කොනින් හිනාවක් එක්ක යුංගිගේ හිනාව තේරුම් ගත්ත රූහා ඇස් පියාගත්තේ යුංගිට ඉඩ දෙමින් යුංගි රූහාගේ තොල් වලට බර වුනේ පාටියට ඇවිත් හිටපු මිනිස්සුන්ගේ කටවල් දනහිස ලගට ඇරෙද්දී සමහරුන්ගේ ඇස් එලියට පනින්න ඔන්න මෙන්න

" මුන් දෙන්නාට කිසි ගානක් නැද්ද මිනිස්සු බලාගෙන ඉන්නවා කියලා "

හෝසොක් වයින් ග්ලාස් එකක් හිස් කරන ගමන් මිමිනුවා යුංගි කොහොමත් කැමතියි එයාගේ අයිතිය පෙන්නන්න යුංගිට ඕන වෙලා තිබුණේ රූහා එයාගේ කවුද කියලා හැමෝටම කියන්න විශේෂයෙන් ජිමින්ට කියන්න රූහා එයාගේ කියන්න වගේ තමයි යුංගි කෙල්ලව කිස් කලේ ඒ වගේම රූහා එක්ක කේන්තියෙන් ඉන්න එයාගේ පූස් කුමාරයාගේ කේන්තිය නිවන්න පුලුවන් ලේසිම ක්‍රමය මේක  කියලා රූහා දන්නවා

රූහාගේ තොල් වලින් ඈත් වෙලා කෙල්ලගේ ඉස්සරහ දන ගැහුවේ රූහාගේ ඇස් දොඹ ගෙඩි සයිස් වෙද්දී රූහාට ඉබේටම අඩියක් පස්සට තියවුනා කෙල්ලට හිතාගන්න බැ යුංගි මොකද්ද කරන්න හදන්නේ කියලා සාක්කුවෙන් ගත්ත පුංචි බොක්ස් එකක් ඇරලා රූහාගේ පැත්තට දික් කලා

" Mis Jeon Ruha...
  Will You Merry Me..?"

හැමෝම යුංගිගෙන් යුංගි මැරි මී කියනකොට යුංගි රූහාගෙන් හෙනයක් ගැහුවා වගේ විල් යූ මැරී මී කියලා ඇහුවාම අද දවසේ දෙවැනි පාරටත් පාටියට ඇවිත් හිටපු ජීවීන් පුදුමයට පත් වුනා කස්ටිය කොච්චර පුදුමයට පත් වුනාද කියනවා නම් සමහරුන්ට හාර්ට් ඇටෑක් හැදුනා සමහර අයගේ වකුගඩු ඇබරිලා පිත්තාශය දෙකඩ වුනා 

රූහා වේගෙන් ඇස් පිය ගැහුවේ මේක හීනයක්දෝ කියලා හිතෙද්දී කෙල්ලගේ ඇස් බොක්ස් එකේ තියෙන රින් එක දිහාත්  යුංගිගේ දිහාත් මාරුවෙන් මාරුවට බැලුවා කෙල්ලගේ ඇස් වල සතුටට කදුලු පිරිලා රූහා ඔව් කියන්න ඔලුව වනලා යුංගිට අත දික් කලාම කොල්ලා හිනාවක් එක්ක රූහාගේ ඇගිල්ලට මුද්ද පැලැන්දුවා යුංගි නැගිටලා රූහාව වැලදගත්තා

" අඩන්න ඔට්ටු නැ "

යුංගිගේ පපුවට තුරුල් වෙලා අඩන කෙල්ලගේ ඔලුව අතගාද්දී යුංගි දැක්කේ තමන් දිහා සතුටින් බලාගෙන ඉන්න එයාගේ දෙමාපියෝ යුංගි ගත්ත මේ තීරණය ගැන හැමෝටම වඩා සතුටු වුනේ මිස්ටර් ඇන්ඩ් මිසිස් මින් හැමෝගෙම ඇස් මේ කපල් එක දිහාට යොමු වෙලා තියෙද්දී කවුරුවත් දැක්කේ නැ මේ දිහා කේන්තියෙන් කෙනෙක් බලාගෙන ඉන්නවා

To be continue................⚫

Bạn đang đọc truyện trên: AzTruyen.Top