• 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 03 •

පසුදින ආපහු සෝල් යන්න තීරණය කරගෙන හිටියත් රූහාගේ ඔප්පා ආපු නිසා එදා හවසම සෝල් යන්න වුනා යුංගිට නම් යන්න කිසිම වුවමනාවක් නොතිබුනත් රූහාගේ කරදරේ ඉවසගන්න බැරි තැන සෝල් යන්න තීරණය කලා

දැන් එයාලා සෝල් යන ගමන් හිටියේ කැබ් එකේ පිටිපස්සේ ශිට් එකේ කොන් දෙකට වෙලා යුංගි රූහා දෙන්නා හිටියේ අදුරන්නේ නැති ගානට හෝසොක් සැරින් සැරේ දෙන්නා දිහා බැලුවේ එනකොට පිඹුරෝ වගේ වෙලිලා හිටපු කපල් එක දැන් ඊශ්‍රායල් පලස්තීන් වගේ මොකද ඉන්නේ කියලා හිතන ගමන් සෝල් එන්න ඕන කියලා රූහා යුංගි එක්ක රන්ඩු වුනා කොල්ලා හෙට යන් කිව්වත් රූහා ඒක ඇහුවේ නැ අන්තිමේ දී දෙන්නා රන්ඩු වෙලා රූහා තනියෙන් යනවා කිව්ව හින්දා යුංගි අන්තිමේ දී යන්න තීරණය කලේ රූහාව තනියෙන් යවන්න බැරි නිසා

" මොකද්ද උබලා දෙන්නාට වෙලා තියෙන්නේ ඊයේ පිඹුරෝ දෙන්නෙක් වගේ ප්‍රේමයෙන් වෙලිලා හිටියේ "

පැතිරිලා තිබුනු අධික නිශ්ශබ්බදතාවය බිද දමමින් හෝසොක් ඇහුවා

" නම්චිංගුට වඩා වටින කෙනෙක් ඇවිත් කියලා බලන්න යන්න ඕන කියලා දහ අට සන්නිය නැටුවා "

යුංගි කට කොනින් හිනා වෙන ශටර් එකෙන් එලිය බලාගෙන කිව්වා

" යුංගි ඒ මගේ ඔප්පා සති තුනකට පස්සේ එයා ඇවිත් තියෙන්නේ "

රූහා යුංගි දිහා බලන ගමන් ටිකක් තදින් කිව්වා

" හෙට ගිහින් තමුසෙට ඔප්පාව බලාගන්න බැරි ද ඌ පැනලා යනවා ද"

" යුංගි......."

" මොකද....? තමුසේ හැමදාම ඔහොමයි රූහා  තමුසෙට ඔප්පා ගැන කිව්වොත් මාවත් අමතකයි කොච්චර කාලෙකට පස්සෙද තමුසේ එක්ක තනිවුනේ...? තමුසෙට ඔප්පා ආවා කිව්ව ගමන් යන්න ඕන වුනා තමුසේ ඔප්පා එක්කම ඕන මගුලක් කරගන්නවා මාත් එක්ක ආපහු තමුසේ කතා නොකෙරුවාට කමක් නැ "

යුංගි කේන්තියෙන් කියවගෙන ගිහින් අහක බලාගත්තා රූහා යුංගිගේ අතින් අල්ලන්න හැදුවත් කොල්ලා ඉඩ දුන්නේ නැ රූහාට දුක හිතුනා එයාටත් යුංගි එක්ක ඉන්න ඕන ඒත් ඔප්පා ආවා කිව්වාම කෙල්ලට ඔප්පා බලන්න යන්න ඕන වුනා රූහා හොදටම දන්නවා යුංගි එයාට වඩා රූහා වෙන කාටවත් අවධානය දෙනවාට කැමති නැ කියලා ඒ රූහාගේ ඔප්පා වුනත් වෙනසක් නැ

රූහා යුංගිගේ අතක් තදින් අල්ලාගෙන කොල්ලාගේ උරහිසෙන් ඔලුව තියාගත්තා ඒත් යුංගිගෙන් ප්‍රතිචාරයක් නැ කොල්ලාට කේන්ති ගිහින් ඉන්නේ කියලා රූහා දන්නවා

" යුංගියා......ඔච්චර කේන්ති ගන්න එපා ප්ලීස් ඔප්පා ගොඩ කාලෙකට පස්සේ නේ ආවේ "

" හහ්...! එතකොට මම තමුසෙව දවස් කීයකට පස්සෙද දකින්නේ තමුසේ නොදැක මට පිස්සු වගේ මගේ හිත කෑගහනවා තමුසෙව දකින්න තමුසෙව බදාගන්න තමුසෙව කිස් කරන්න ඒත් තමුසෙට මං ගැන ගානක් නැ තමුසෙට ඔප්පාව ඕන යනවා රූහා තමුසෙගේ ඔප්පා එක්කම ඉන්නවා තමුසෙව එපා "

යුංගි කෙල්ලගේ අත ගසලා දාලා කෙල්ලව පැත්තකට කලා රූහාට ගොඩක් දුක හිතුනා කෙල්ලගේ ඇස් වලට කදුලු පිරෙන්න ලොකු වෙලාවක් ගියේ නැ රූහාට යුංගිගේ මේ හැසිරීම අලුත් දෙයක් නෙවෙයි ඒත් කෙල්ලට දුකයි

" අහ්ම්.....ඔය දෙන්නා ප්‍රශ්නේ විසදගෙන මට කතා කරන්න "

එහෙම කියපු හෝසොක් කැබ් එකෙන් බැහැලා ගියේ දෙන්නාට ප්‍රශ්නේ විසදගන්න අවස්ථාවක් දීලා

" යුංගියා..."

රූහා ආපහු කොල්ලාට ලං වෙලා කතා කලත් යුංගි ඇහෙන්නේ නැති ගානට ඉන්නවා

" අනේ ඔහොම ඉන්න එපා....මගේ දිහා බලන්නකෝ.."

යුංගිගේ මූනට එබුනු රූහා තොල් පිට පෙරලගෙන කිව්වා යුංගි කෙල්ල දිහා බලන්නේ නැති නිසා රූහා යුංගිගේ ඔඩොක්කුවෙන් වාඩිවුනා

" එහාට වෙනවා රූහා තමුසෙට පිස්සු ද..?"

" ඔව් පිස්සු අද ද දන්නේ "

රූහා අනිත් පැත්තට ඇහුවාම යුංගි මුකුත් නොකියා අහක බලාගත්තා රූහා කොල්ලාගේ කම්බුල් දෙපැත්තෙන් අත් දෙක තියලා තමන්ගේ පැත්තට හරවගත්තා

" මම දැන් යන්න හදන නිසා නේ කේන්තියෙන් ඉන්නේ මම තාම ඉන්නේ ඔයා ලග නේ යුංගි දැන් ගියත් පැය දෙකක්වත් යනවා සෝල් යන්න එතකනුත් මම ඔයා ලග ඉන්නේ ආපහු හෙට උදේට ඔයා එනවා නේ මාව බලන්න ඉතින් මොකද මේ රෑට video call එකක් ගන්න පුලුවන් නේ "

" ඒ වුනාට තමුසෙව අල්ලන්න බැ නේ "

රූහාගේ ඉන වටේ අත් යවන ගමන් යුංගි කිව්වා රූහා හිනා වුනා

" අයිෂ්....මේ පූස් තඩියාට තියෙන ප්‍රශ්න "

රූහා යුංගිගේ කම්බුලක් මිරිකන ගමන් කිව්වා යුංගි රූහාගේ බෙල්ලට කිස් එකක් දුන්නා

" මට තමුසෙ නැතුව නින්ද යන්නේ නැ "

" ඒක නම් බොරුවක් "

යුංගිගේ කොන්ඩේ අතින් අවුල් කරන ගමන් රූහා කිව්වා

" බොරු නෙවෙයි ඕයි තමුසෙට මාව තේරෙන්නේ නැ නැත්නම් මාව දාලා යන්නේ නැ "

" දෙවියනේ.....යුංගි මම ගෙදර යන්න ඕන නේ ඔයාට තමයි මාව තේරෙන්නේ නැ "

" තමුසේ යනවා ලගදීම දවසක තමුසේ මගේ ලගට ගන්නවා ආපහු කොහෙවත් යන්න දෙන්නේ නැ "

යුංගි රූහාගේ බෙල්ල කිස් කරන ගමන් කියවනවා රූහාට නම් හිනා ඉතින්

" හරි ඉතින් මම එපා කිව්වේ නැ නේ "

රූහා හිනා වෙවී කිව්වා ඊලග තත්පරේ රූහා කම්ෆියුස් වුනේ යුංගි කෙල්ලව ශිට් එකේ හාන්සි කරලා කෙල්ලගේ ඇග උඩට ආවා රූහා යුංගිගේ බෙල්ල වටේ අත් ඔතාගත්තා

" හෙට උදේ ලෙක්චර්ස් විතරයි තියෙන්නේ ඊට පස්සේ දවසෙම ෆ්‍රී මාව ගන්න යුනි එක ලගට එනවද "

රූහා පොඩි බබෙක් අප්පාගෙන් එයා නර්සරි ඇරුනාම එක්කන් යන්න එනවද කියලා අහ්න්වා වගේ යුංගිගෙන් ඇහුවා රූහාගේ හුරතල් වැඩ හින්දා යුංගිගේ මූනේ කලාතුරකින් ඇදෙන ලස්සන හිනාවක් ඇදුනා

" ම්ම්ම්..."

යුංගි රූහාගේ තොල් වලට බර වුනේ කෙල්ලත් යුංගිගේ කිස් එකට ප්‍රතිචාර දක්වද්දී රූහාගේ ඉන හිමින් පිරිමදින ගමන් යුංගි කෙල්ලගේ තොල් දිවෙන් තෙත් කරන්න ගත්තා යුංගි දිවත් හාදුවට එකතු කරමින් රූහාව ගැඹුරු සිපගන්න පටන් ගත්තා රූහාගේ අතක් යුංගිගේ සිනිදු කොන්ඩේ අතරේ රැදුනා රූහාගේ ඉනේ රැදුනු යුංගිගේ අත කෙල්ලගේ ඇදුම අතරින් අරගෙන ගිහින් රූහාගේ පපුව මත නැවතුනා

" ම්ම්..යූන්..."

රූහාගේ පපුවේ සියුම් තැන් යුංගිගේ රලු අත් වලට අහුවෙද්දී රූහාට කිස් එක අතරේම සිහින් කෙදිරිල්ලක් පිට වුනා යුංගි රූහාගේ තොල් වලින් ඈත් වෙලා වේගෙන් හුස්ම ගන්න කෙල්ලගේ නලලට කිස් එකක් දුන්නා රූහාගේ ඇදුම අතරේ තිබුණු අත ගත්ත යුංගි කෙල්ලගේ ඇග උඩින් නැගිට්ටා රූහාව ඔඩොක්කුවට ගත්ත යුංගි රූහාගේ හුස්ම සාමාන්‍ය තත්ත්වයට පත් වෙනකම් කෙල්ලගේ අවුල් වුනු කොන්ඩේ හැදුවා

" හොබාට එන්න කියමු නැත්නම් රූට කොර ගහන ගමන් ඔප්පා ඉස්සරහට යන්න පුලුවන් "

යුංගි හිනා වෙවී කිව්වාම රූහා අතමිට මොලවලා කොල්ලාගේ පපුවට පාරක් ගහලා තුරුල් වුනා යුංගි හෝසොක්ට කතා කරලා එන්න කිව්වාම හෝසොක් ඇවිත් කැබ් එකට නැග්ගා

" යනකොට පලස්තීනෙයි ඊශ්‍රායල් වගේ හිටපු දෙන්නා එනකොට ලංකාවයි චීනෙයි වගේ "

හෝසොක් පිටිපස්සේ තුරුල් වෙලා ඉන්න කපල් එක දිහා බලාගෙන කිව්වා යුංගි රූහාගේ හිස් මුදුනට කිස් එකක් දුන්නා

' හිමින් යමන් "

යුංගි රූහාව තුරුල් කරගෙනම හෝසොක්ට කිව්වා හෝසොක් හිනා වෙලා සෝල් බලා යන්න පිටත් වුනා

පැය කිහිපයක් ගත වෙනකොට සෝල් වලට ලගා වුනා රූහාගේ තොල් වලට පෙක් එකක් දීලා යුංගි ලෝභකමින් කෙල්ලව තුරුල් කරගත්තා

" හෙට එනවා නේ දැන් මට යන්න දෙන්න "

රූහා කිව්වාම යුංගි අකමැත්තෙන් කෙල්ලව අතහැරියා යුංගිගේ කම්බුලකට කිස් එකක් දුන්නු රූහා හෝසොක් හග් කරලා කැබ් එකෙන් බැස්සේ යුංගි තරහෙන් පුපුරනකොට කොල්ලා කැමති නැ රූහා එයා ඇරෙන්න වෙන කොල්ලෝ හග් කරනවාට රූහා කොල්ලාව තරහ ගස්සන්න හිතාගෙන සමහර වෙලාවට හෝසොක් හග් කරලා කම්බුලට කිස් එකක් දුන්නු අවස්ථාත් තිබුනා ඊට පස්සේ රූහා දවස් ගානක් කොරවක්කෙක් වගේ ඇවිද්දා කියන එක අමතක කරමු

" රූහා උබට පන ඇරලා ආදරෙයි බන් "

හෝසොක් drive කරන ගමන් කිව්වාම යුංගි හිනා වුනා කොල්ලාගේ මූනට හිනාවක් එන්න රූහාගේ නම ඇහුනත් ඇති

" මම දන්නවා බන් මම ඒකිට ඊට වඩා ආදරෙයි "

" රූහාට අනිත් කෙල්ලොන්ට කරපු දේ කරන්න හිතන්නවත් එපා බන් අනිත් උන් ආවේ උබේ තත්ත්වයට ලස්සනට වහ වැටිලා නැත්නම් sex වලට ඒත් රූහා එහෙම නැ "

හෝසොක් යුංගි දිහා බලන ගමන් කිව්වා

" මම sex කරේ stress යවාගන්න මගේ ලගට ආපු කෙල්ලොන්ට ඕන වුනෙත් ඒක විතරයි ඊට වඩා දෙයක් උන් මගෙන් බලාපොරොත්තු වුනේ නැ මටත් උන්ගෙන් ඊට වඩා දෙයක් ඕන වුනේ නැ මම මුලදී රූහාගෙන් බලාපොරොත්තු වුනෙත් sex විතරයි ඒත් රූහාව අනිත් කෙල්ලෝ වගේ ඇදට ගන්න ලේසි වුනේ නැ රූහාව එක රැයකට හරි මගේ ඇගට යට කරගන්න ඕන වුනා ඒ නිසා මම රූහාගේ පස්සෙන් ගියා අන්තිමේ දී නැවතුනේ රූහාගේ හිනාවට කතවට බැල්මට හැමදේටම ආදරේ කරලා දැන් මට stress යවාගන්න sex ඕන නැ රූහාගේ හිනාවක් ඇති "

යුංගි පුංචි හිනාවක් එක්ක කිව්වා යුංගිට රූහාව ඕන වුනේ sex වලට යුංගි playboy කෙනෙක් ඉතින් කොල්ලාගේ ඇගට යට වෙන්න කැමති කෙල්ලෝ ඕන තරම් හිටියා යුංගිටත් ඒ කෙල්ලොන්ගෙන් stress යවාගන්න විතරයි ඕන වුනේ යුංගි හිතුවේ රූහා අහපු ගමන් කැමති වෙයි කියලා ඒත් කෙල්ලගෙන් හම්බුනේ කම්බුල් පාරක් කවදාවත් යුංගිට කවුරුවත් අතක් උස්සලා නැ රූහාගේ කම්බුල් පාර නිසා යුංගිට රූහාව ඇදට ගන්න තිබුණු ආසාව වැඩි වුනා

කොල්ලා දිගටම රූහාගේ පස්සෙන් ගිහින් කරදර කලා කෙල්ල්ත් කැත්තට පොල්ල වගේ ගේම ඉල්ලුවා අන්තිමේ දී යුංගිගේ හිත එයාට හොරාම රූහාට ආදරේ කරන්න ගත්තා කොල්ලා මුලදී ඒක පිලිගන්න අකමැති වුනත් දවසක් ගානක් රූහා එයාගේ ඇස් වලට පේන්න නැති වෙනකොට කොල්ලාට පිස්සු හැදුන් නැති ටික විතරයි sex කරපු කෙල්ලෙක්වත් හරියට මතක නොහිටින යුංගිට රූහාව හොදට මතක තිබුනා කොල්ලාට රූහාව මතකෙන් අයින් කරන්න බැරි වුනා හෝසොක් තමයි කොල්ලාට ඔක්කොම තේරුම් කරලා දුන්නේ

" යුංගි අපි ආවා..."

මාලිගාවේ car parking එකේ කැබ් එක නවත්තපු හෝසොක් කිව්වාම අතීතයේ ගිලිලා හිටපු යුංගි හෝසොක්ගේ කටහඩින් මේ ලෝකෙට ආවේ හෝසොක් බැහැලා කැබ් එකේ දොර ඇරියාම යුංගි කොන්ඩේ අතින් පිටිපස්සට කරන ගමන් කැබ් එකෙන් බැහැලා ඇවිදගෙන ගියා හෝසොක් යුංගිගේ පස්සෙන් ගියා කොල්ලා ඉස්සරහට හම්බුනු සේවිකාවකට ඇහැක් ගැහුවාම ඒ කෙල්ලගේ මූන රතු වෙලා ගියා

" මේ ගැන නම් රූහාව දැනුවත් කරන්නම ඕන "

මෙච්චර වෙලා සේවිකාවොන්ට ඇස් ගහන ගමන් හිනා වෙවී ගියපු යුංගි freeze වුනා වගේ නැවතුනා එකපාරට රොබෝ කෙනෙක් වගේ යුංගි හෝසොක්ගේ පැත්තට හැරුනා

" උබට ඕන මාව දැන්ම මරාගන්න ද මොනාටද යකෝ උබ පලිගන්න හදන්නේ "

යුංගි කිව්වාම හෝසොක් කුරිරු හිනාවක් දැම්මා

" උබ රූහාට බයයි කියලා පිලිගනින්..."

" ඒ බය නෙවෙයි ගෞරවය "

" එහෙමවත් කියමු ඉතින් "

හෝසොක් අහක බලාගෙන හිනා වෙන ගමන් කියනකොට යුංගි හෝසොක්ගේ ඔලුවට ගැහුවා

" උබ රූහාට මුකුත් කියලා අහුවෙන්න එපා හැබැයි තෝ එක වචනයක් හරි කියලා තිබුනොත් තෝව underwear එක පිටින් මාලිගාව වටේ දුවවලා උල තියනවා "

යුංගි රවාගෙන කිව්වාම හෝසොක් මොංගල් හිනාවක් දැම්මා

" උතුමානනි...."

යුංගිට පිටිපස්සෙන් ආරක්ෂකයෙක් කතා කරනවා ඇහුනාම කොල්ලාගේ මූන අහක බලාගෙන ගහපු කොත්තුවක් වගේ වුනා

" මොකද...?"

" අධිරාජ්‍යයා ඔබතුමාට ඉක්මනට එන්න කිව්වා "

" Fvck..."

" මෙතන රූහා නැ "

පිටිපස්සට වෙලා ඉදපු හෝසොක් මිමිනුවාම ඒක ඇහුනු යුංගි හෝසොක්ගේ කකුල පෑගුවේ දවල් තරු ඔලුව වටේ කැරකෙන්න පටන් ගන්නකොට

" තෝ කට පරිස්සම් කරගෙන නොහිටියොත් තොට තමයි ෆක් කරන්නේ "

" ආස නැ යකෝ "

යුංගි තොල් දෙක තද කරගෙන කේන්තියෙන් හෝසොක් දිහා බලලා ඉස්සරහ හිටපු ආරක්ෂකයාවත් තල්ලු කරගෙන භූමිතෙල් ගහපු ගැරඩියෙක් වගේ යුංගි ගියා හෝසොක් ඉක්මනට යුංගිගේ පස්සෙන් ගියා

යුංගි ගිහින් අධිරාජ්‍යයාගේ ඔෆිස් රූම් එක ඉස්සරහ නතර වුනාම ආරක්ෂකයෝ ඔෆිස් රූම් එකේ දොර ඇරලා යන්න ඉඩ දුන්නා

" රන්ඩු නම් දාගන්න එපා බුදු පුතී "

හෝසොක් කොල්ලාගේ කනට මිමිනුවේ යුංගිට කේන්ති ගිහින් යකා නටන්න එක වචනයක් ඇති කියලා දන්න නිසා යුංගිට හොස්ස ලගින් මැස්සා යන්න බැ අනිත් කාරනය තමයි යුංගිගෙයි එයාගේ අප්පාගේ අතරේ එච්චර හොද සබදතාවයක් තිබුණේ නැ ඒක හෝසොක් හොදටම දන්න කාරනයක්

" උබ කියන්නේ එයා කියන හැම හු#$ක්ම අහගෙන ඉන්න කියලා ද.."

හෝසොක්ටත් මකරා වගේ පිබිලා ඔෆිස් රූම් එක ඇතුලට ගියා යුංගි යනකොට අධිරාජ්‍යයා නොහොත් යුංගිගේ අප්පා කන්නාඩි කූට්ටම දාගෙන documents වගයක් බලන ගමන් හිටියේ යුංගි අප්පා ඉස්සරහින් ගිහින් වාඩිවුනාම අධිරාජ්‍යයා ඇස් උස්සලා යුංගි දිහා බැලුවා යුංගි කකුලක් පිට කකුලක් දාගෙන වාඩිවෙලා අහක බලාගෙන හිටියා

" තමුන්ට වැදගත් දෙයක් කියන්න තියෙනවා "

" ඉතින් කියන්න මම අල්ලගත්තා ද "

යුංගි කනට ගහන්න වගේ කිව්වාම අධිරාජ්‍යයා කේන්තියෙන් යුංගි දිහා බැලුවා ඒත් මේ යුංගිගේ විදිය කියලා දන්න අධිරාජ්‍යයා හුස්මක් පහත හෙලුවා

" තමුන්ට හොද ගෑනු ලමයෙක් හොයන්න අපි තීරණය කලා තව ටික දවසකින් තමුන් මේ දේවල් භාරගන්න ඕන යුංගි දැන්වත් ඔය සෙල්ලක්කාර ජීවිතේට තිත තියනවා මට තමුන් කියන කිසිදෙයක් අහන්න ඕන නැ අනිද්දා හවස 7.00 වෙනකොට හොටෙල් එකට ඇවිත් ඉන්නවා එතැනට කොරියාවේ ටොප් බිස්නස්මන්ලා එනවා එතැන ඉන්න බිස්නස්මන්ලාගෙන් කෙනෙක්ගේ දුවෙක් තමුන්ට තෝරගන්න පුලුවන් ඒ නිසා තමුන්ට දෙනවා හරියට වෙලාවට එනවා දැන් යනවා "

අධිරාජ්‍යයා ආපහු document ටික දිහා බලාගත්තාම යුංගි සද්දෙන් පුටුවත් පස්සට කරලා ඔෆිස් රූම් එකෙන් එලියට ආවේ ගිනි පිබින මකරෙක් වගේ

" අදත් වොන් මිලියන ගානක භාණ්ඩ වලට වැඩේ හරි වගේ "

කේන්තියෙන් ඉන්න යුංගි දිහා බලාගෙන හෝසොක් මිමිනුවා යුංගි යකා ගැහුවා වගේ ඉස්සරහට එන එවුනොත් තල්ලු කරගෙන යද්දී හෝසොක් යුංගිගේ පස්සෙන් දුවගෙන ගියා

To be continue................⚫

Bạn đang đọc truyện trên: AzTruyen.Top