• 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 01 •

සෝල් නගරයේ පාලු වීදියක ඉතා වේගෙන් ඉදිරියට ඇදෙන බයික් එකක් පිටුපසින් කලු පැහැති කාර් කිහිපයක් පන්නාගෙන එමින් තිබුනා සුලු මොහොතක් ගත වන විට කහ පැහැති ආලෝකයෙන් වර්න ගැන්වුණු පාලම මතට පිවිසුනා එහි මද තද බද කාරි තත්වයක් පැවතුනත් බයික්කරු වාහන අතරින් තම සුපුරුදු වේගයෙන් ඉදිරියට ගමන් කලා වාහන තදබදය හේතුවෙන් බයික්කරු පසුපසින් පැමිනි කාර් වලට ඔහුව ලුහු බැදීම තරමක් අපහසු වුනා

තමන් පසුපසින් ලුහුබදින කාර් වලට ඔහුව මගහැරෙන බව තේරුනු ඔහු කට කොනින් හිනාවක් එක්ක බයික් එක රේස් කරලා ඉදිරියට ගියා ඒත් ඔහුට වැඩිදුරක් ඉදිරියට යන්න බැරි වුනේ තමන්ගේ පාර හරස් කරමින් නවත්තපු කාර් රථයක් හේතුවෙන්

" Oh..shit.."

අතමිට මොලවලා බයික් එකට ගැසූ ඔහුගේ කටින් පිටවුනේ එවැන්නකි තමන්ගේ පාර හරස් කරමින් නැවැත්තුව කාර් රථයෙන් black and white full suit එකකින් සැරසුණු පුද්ගලයෙක් බැස ඔවුන් ඉදිරියේ සිටින බයික්කරුට හිස නමා ආචාර කලා

" උතුමානනි ඔබතුමාට වහාම මාලිගාවට එන්න කියලා රජතුමා නියෝග කලා "

ආරක්ෂක බටයා එහෙම කිව්වාම ඔහු බයික් එකෙන් බැහැලා ඔහුගේ මුහුන සම්පූර්ණයෙන් ආවරනය වෙලා තිබුණු full face helmet එක ගැලෙව්වා මූනට වැටුනු කොන්ඩේ අතින් පිටිපස්සට කරපු ඔහු ඔලුව දෙපැත්තට වැනුවා

" මම එන්න බැ කිව්වොත්.....?"

යුංගි ඇහිබමක් උස්සගෙන එහෙම ඇහුවාම ආරක්ෂකයෝ එකිනෙකා දිහා බැලුවා මොකද එයාලගේ crown prince එහෙම ලේසියෙන් දේකට කැමති වෙන්නේ නැ කියලා ආරක්ෂකයෝ හොදටම දැනගෙන හිටියා ආරක්ෂකයින්ගේ බය වුනු මූනු දැකපු යුංගි කට කොනින් හිනා වුනා

" මොකද ඔක්කොම බය වෙලා වගේ දැන් මාව එක්කගෙන යන්න නේ ආවේ එහෙනම් යන්.."

යුංගි එහෙම කියලා හෙල්මට් එක විසි කරලාම ආරක්ෂකයෙක් හෙල්මට් එක අල්ලගත්තා යුංගි කැබ් එක ලගට එනකොට ආරක්ෂයකයෙක් කැබ් එකේ දොර ඇරියාම කොල්ලා කැබ් එකට නැගලා ශීට් එකට හේත්තු වුනා

" අහ්...හරි මහන්සියි "

අත් දෙකේ හිරි ඇරලා බෙල්ලත් පැත්තකට බර කරලා හිරි ඇරියා කොල්ලා එහෙම්ම ශිට් එකට හේත්තු වෙලා ඇස් පියාගත්තා driver මාලිගාව කරා යන්න කැබ් රථය පන නැන්වූවා

මින් යුංගි.......... වර්තමාන කොරියානු අධිරාජ්‍යයේ කිරුල හිමි කුමාරයා නපුරු සීතල හිතුවක්කාර චරිතයක් විදියට යුංගි ගැන ප්‍රසිද්ධ වුනා ලේසියෙන් කෙනෙක් කියන දෙයක් එකපාර පිලිගන්න අකමැති මුරන්ඩු කොල්ලෙක් යුංගි ආසම වැඩේ වුනේ බයික් රේස් කොල්ලා බයික් රේස් ගිහින් එකපාරට ඇක්සිඩන්ට් වෙලා අත පය කඩාගෙන හොස්පිටල් එකේ හිටපු නිසා මව් රැජින නොහොත් යුංගිගේ ඔම්මා කොල්ලාට බයික් එකක් දිහා බලන්න්වත් දුන්නේ නැ ඒත් මේ හිතුවක්කාර කුමාරයා එහෙම නවත්තන්න පුලුවන් වුනේ ටික දවසයි ආපහු සුපුරුදු පරිදි කොල්ලාගේ ජීවිතේට ආවා

" කුමරුනි මාලිගාවට ආවා..."

යුංගිගේ ප්‍රධාන ආරක්ෂක හෝසොක් කියනකොට කොල්ලා කම්මැලිකමේ ඇස් ඇරියා

" අහ්හ්.......නිදිමතයි හෝසොක් "

ඈනුමක් යවන ගමන් යුංගි කියද්දී හෝසොක් හිනා වුනා සෝල් වටේ මුලු රෑම වුනත් රවුම් ගහන්න පුලුවන් ඒත් මාලිගාවට ආවා කිව්වාම යුංගිට හැමදාම නිදිමතයි කැබ් එකේ දොර ඇරියාම කොල්ලා කැබ් එකෙන් බැහැලා මාලිගාව ඇතුලට ගියා හෝසොක් ඒ පස්සෙන් ගියා

" යුංගි......."

මින් අධිරාජ්‍යයාගේ කටහඬ ඇහෙනකොට හුස්මක් පිට කලේ අදත් දීර්ඝ දේශනයකට සවන් දෙන්න වෙනවා කියලා හොදාකාරවම දන්න නිසා

" තමුන් කොහෙද රවුම් ගහන්නේ....? තමුන්ගේ තත්ත්වය තමුන් කවුද කියලා හැමදාම වගේ මතක් කරන්න ඕන ද වගකීමක් ඇතුව වැඩක් කරන්න පුරුදු වෙනවා ඊලගට තමුන් තමයි මේ හැමදේම බාරගන්න ඉන්නේ ඒක තමුන්ට අමතක වෙලා ද යුංගි "

හැමදාම වගේ මින් අධිරාජ්‍යයා කොල්ලාට බැනගෙන ගියේ යුංගිගේ වගකීම් විරහිත ක්‍රියාකලාපය නිසා ඒත් යුංගි ඕවා ග්නන් ගන්නවා ද නැත මිතුර ඔය කියන වචන වලින් එක වචනයක්වත් කොල්ලාගේ කනට ගියා ද කියන එකනම් ප්‍රශ්නයක්

" දැන් ඔය ඇති උතුමානනි පුතා ආවා විතරයි නේ හෙට අපි මේ ගැන කතා කරමු "

සුපුරුදු පරිදි කොල්ලාව රැජින විසින් බේරගත්තා යුංගිට අතින් යන්න කියලා රැජින සන් කලාම කොල්ලා ගියා හෝසොක් ඒ දෙන්නාට ආචාර කරලා යුංගිගේ පස්සෙන් ගියා

" හෝසොක්...."

" කුමරුනි.."

" මැරුම් කන්න ඕන වෙලා ද"

",අහ්...?"

",තමුසේ මගේ යාලුවා කුමරුනි කුමරුනි ගාන්නේ නම කියලා කතා කරපන් බේසිකයා "

යුංගි රවාගෙන කියනකොට හෝසොක් හිනා වුනා

" හරි යුංගියා "

" කාලෙකින් ක්ලබ් එක පැත්තේ ගියෙන් නැ උට්ටෝ "

" වගකීමෙන් කියන්නේ තොගේ රූ බේබි දැනගත්තොත් උබ ක්ලබ් ගිහින් කියලා ඊලගට කිරුල බාරගන්න එකෙක් නැති වෙයි"

හෝසොක් කියලා ඉවර වෙනවත් එක්කම යුංගිගේ ෆෝන් එක රින් වෙන්න පටන් ගත්තා යුංගි ෆෝන් එක අරගෙන screen එක හෝසොක්ට පෙන්නුවාම හෝසොක්ට හිනා ගියා

" Answer කරපන් බේසිකයෝ "

යුංගි හුස්මක් පහත දාලා කෝල් එක ආන්සර් කරලා ෆෝන් එක කනේ තියාගත්තා

" යාහ්හ්හ් මින් ෆකින් යුංගි තවුසෙට මම කියලා එකෙක් ඉන්නවා කියලා මතක ද මෝඩ පූස් තඩියෝ තවුසේ කොහෙද ඉන්නේ ක්ලබ් එකේ ද ඉන්නේ නැත්නම් බයික් එකෙන් රවුම් ගහනවා ද තවුසේ මොන දේවාලෙක ද ඉන්නේ ආ මොකද කතා නැත්තේ කටේ ස්පැගටි ද "

යුංගිට වචනයක්වත් කියන්න නොදී එහා පැත්තේ කෝල් එකේ හිටපු කෙල්ල බැනගෙන යනකොට කොල්ලා මූනත් ඇදගෙන හෝසොක් දිහා බැලුවා

" රූ බේබි...."

" මොකද ඔච්චර ආදරෙන් කතා කරන්නේ මොකක් හරි හොරයක් තියෙනවා ඔතන හෝසොක් ඔප්පා ඉන්නවා ද එයාට ෆෝන් එක දෙනවා "

" මොහ්...? ඒ මොකටද බබා.."

" ඒ පන්ඩිතකම් වලින් වැඩක් නැ නේ කිව්ව දේ අහලා ෆෝන් එක හෝසොක් ඔප්පාට දෙනවා.."

රූහා කෑගහනකොට යුංගි ෆෝන් එක හෝසොක්ගේ පැත්තට දික් කලේ අහක බලාගෙන හෝසොක් යුංගිගේ අතේ තිබුණේ ෆෝන් එක අරගත්තා

" රූ බබා..."

හෝසොක් එහෙම කතා කරනකොට යුංගි එකපාරට හෝසොක් දිහා බලලා රැව්වා

" ඔය පූස් තඩියායි අස්පයායි කොහෙද ඉන්නේ "

" මාලිගාවේ...."

" ම්ම්ම් ඔය ලග ඉන්න පූසාව මට සත පහකටවත් ෂුවර් නැ හෝසොක් ඔප්පා "

" ඉතින් හදලා ගනින්කෝ අපේ නෙවෙයි නේ "

" මොනාද තෝ ඔච්චර කතා කරන්නේ මෙහේ දීපන් ඕක "

යුංගි හෝසොක්ගෙන් ෆෝන් එක උදුරලා ගත්තා

" හෙට හවස තුනට යුනි එක ලගට එන්න මම බලාගෙන ඉන්නවා පරක්කු වුනොත් මම වෙන කොල්ලෙක් එක්ක පැනලා යනවා "

" කරන්න පුලුවන් දෙයක් කියනවා රූ.... තමුසේ මං ගැන නොදන්නා කෙනෙක් නෙවෙයි නේ "

යුංගි ගැඹුරු හඩකින් කියද්දී එහා පැත්තේ කෝල් එකේ හිටපු රූහාට ඉබේටම හිනාවක් ගියා

" මම නොදන්නවා ද මගේ clod prince ගැන මම තියනවා ගුඩ් නයිට් "

" පිස්සු නටන්නේ නැතුව පාඩම් කරනවා හරි ද...?"

" හලි හලි අලේ.... I'm good girl.."

" ඒ ගැන මොකටද කියනවා ද...? පරිස්සමින් ඉන්නවා ගුඩ් නයිට් "

" උයත්....ආදලෙයි "

" ම්ම්ම්...."

කොල්ලා එහෙම කියලා කෝල් එක කට් කලාම හෝසොක් අමුතුවට බලාගෙන ඉන්නවා දැකපු යුංගි ඇහිබමක් ඉස්සුවා

" මොකද ඔහොම බලන්නේ...."

' ඇයි උබ ඔහොම..."

" කොහොමද "

යුංගි තමන්ගේ රූම් එක පැත්තට ඇවිදගෙන යන ගමන් ඇහුවා හෝසොක් කොල්ලා පස්සෙන් ගියා

" රූහා හැමදාම උබට ආදරෙයි කිව්වාට උබ කවදාවත් ඒකිට ආදරෙයි කියලා අහලා නැ "

හෝසොක් එහෙම කිව්වේ ඇත්ත රූහා යුංගිට කතා කලොත් ඒ හැමවෙලාවකම වගේ කෙල්ල යුංගිට ආදරෙයි කිව්වත් කොල්ලා කවදාවත් රූහාට ආදරෙයි කියලා නැ රූම් එකේ දොර ලගට ආපු යුංගි හෝසොක්ගේ දිහාට හැරුනා

" උබ කිව්වා හරි මම කවදාවත් රූහාට ආදරෙයි කියලා මම ආදරෙයි කියලා නොකියන එක රූට ප්‍රශ්නයක් නෙවෙයි මොකද රූ දන්නවා එයාට දැනෙනවා මම කොච්චර රූට ආදරෙයි ද කියලා හෝසොක් ආදරෙයි කියලා ඕන කෙනෙක්ට කියන්න පුලුවන් ඒත් ආදරේ කියන්නේ හදවතට දැනෙන්න ඕන දෙයක් ඉතින් මගේ ආදරේ රූට දැනෙනවා ඒක මම වචනෙන් කියන්න ඕන නැ හෝසොක් "

යුංගි කියනකොට හෝසොක්ට පුංචි හිනාවක් ගියා

" උබ වෙනස් වෙලා පූසෝ...."

හෝසොක්ගේ උරහිසට තට්ටුවක් දාපු යුංගි රූම් එක ඇතුලට ගියා ඇදගෙන හිටපු ඇදුම් ගලවලා රූම් එකේ හතර කොනට ව්සි කරපු යුංගි බාත් රූම් එකට ගිහින් බාත් ටබ් එකට බැහැලා ඇස් පියාගත්තා ටික වෙලාවකින් වොෂ් එකක් දාගෙන ආපු යුංගි ඇදුමක් දාගෙන ඇදට පැනලා නිදාගත්තා
.

.
Next Day Evening

යුංගි හරියටම හවස 3.00 වෙනකොට යුනි එක ඉස්සරහ තිබුණු කොෆි ශොප් එක ඉස්සරහ කැබ් එක නවත්තගෙන යුනි එකේ ගේට් එක දිහා බලාගෙන හිටියේ එයාගේ රූ එනකම් විනාඩි කිහිපයක් ගත වෙනකොට එයා බලාපොරොත්තු වුනු රූපය යුනි ගේට් එකෙන් මතුවුනාම කොල්ලාගේ මූනේ ලස්සන හිනාවක් මැවුනා රූහා ගේට් එකෙන් එලියට ඇවිත් බබර චක්කරේ වගේ වටේ කැරකි කැරකි කොල්ලව හොයනවා

කෙල්ල හොයන්නේ තමන්ව කියලා දන්න කොල්ලා sunglass දාගෙන කැබ් එකෙන් බැස්සා රූහා කොල්ලාව දැක්කාම හිනා වෙවී අත් දෙකම වැනුවේ යුංගිගේ මූන හිනාවකින් පුරවලා පාර දෙපැත්ත බැලුව රූහා දුවගෙන ගිහින් යුංගිව බදාගත්තේ කොල්ලා අඩියක් පිටිපස්සට ගිහින් යුංගිත් එයාව බදාගෙන ඉන්න රූහාගේ ඉන වටේ අත් යවලා තුරුල් කරගත්තා

" ඔහොමත් පාර පනිනවා ද...?"

යුංගි අහද්දී රූහා ඔලුව උස්සලා හිනාවක් එක්ක කොල්ලා දිහා බැලුවා

" හිනා වෙන්නේ මොකද තමුසේ දත් ටික කඩාගන්න ආස හිතිලා ද...?"

කොල්ලා රවාගෙන අහද්දී රූහා තොල් උල් කරලා ඇස් බෝල කරලා යුංගි දිහා බැලුවා

" ඔය විදියට මගේ දිහා බලන්න එපා ඕයි... නගිනවා කැබ් එකට.."

රූහා කැබ් එකට නැග්ගාම යුංගි නැගලා දාගෙන හිටපු මාස්ක් එක ගැලෙව්වා

" හායිම් හොබි ඔප්පා..."

ඉස්සරහ driving seat එකේ හිටපු හෝසොක්ගේ මූනට එබිලා කිව්වා

" කොහොමද රූ බබා "

හෝසොක් කෙල්ලගේ කොන්ඩේ අවුස්සලා ඇහුවා ඒත් එක්කම යුංගි කෙල්ලව ඇදලා අරගෙන seat එකේ ඉන්දුවා

" මොකද...?"

" තමුසෙට කන පලාගන්න ඕන ද..?"

යුංගි අහනකොට හෝසොක්ට හිනාවක් ගියා හැමදාම රූහා හෝසොක්ට ලං වෙනකොට යුංගිගේ හැසිරීම ඔය වගේ තමයි කොල්ලා කැමති නැ රූහා වෙන කොල්ලෙක්ට ලං වෙනවාට රූහාට ඉන්නේ possessive boyfriend කෙනෙක් නේ

" උබ මොකද හිනා වෙන්නේ......බූසාන් යමන්.."

" බූසාන්...?"

" යේ.....තමුසෙට දවස් දෙකක් යුනි නිවාඩුයි නේ එක වචනයක් කියන්න එපා ඒ දවස් දෙකේ තමුසේ මාත් එක්ක බූසාන් වල ඉන්නවා එච්චරයි "

යුංගි එහෙම කියලා ශීට් එකට හේත්තු වෙලා ඇස් පියාගත්තා

" හරි ඉතින් මම බැ කිව්වේ නැ නේ අනික මම එන්න කිව්වෙත් ඒ කිව්වේ නැත්නම් මාව බලන්න එන්නෙත් නැ හූම් "

රූහා කට බෙරි කරගෙන මුමුනලා යුංගිගේ පපුවට තුරුල් වුනා

යුංගිගේ ජීවිතේට අහම්බෙන් වගේ හම්බුනු රූහා දැන් කොල්ලාගේ මුලු ලෝකෙම වෙලා නීති වලින් හිර වෙලා සතුටක් නිදහසක් නැති යුංගිගේ රෝයල් ලයිෆ් එකට රූහා සතුටක් අරගෙන ආවා රූහාගේ නම ඇහුනත් කොල්ලාගේ මූනට හිනාවක් එනවා යුංගි ආසයි රූහා එක්ක තනිවෙන්න මොකද ඒ වෙලාවට තමයි රූහාගේ දග වැඩ පන්ඩිත කතා ඔක්කොම එලියට එන්නේ කෙල්ල අනිත් අය ඉස්සරහ නම් ඉන්නේ සාන්ත දාන්ත තීන්ත කුප්පිය වගේ යුංගි වුනත් මුලදී හිතාගෙන හිටියේ රූහා අහිංසක කෙල්ලෙක් කියලා ඒත් ටික කාලයක් යනකොට තේරුන දෙයක් තමයි පෙන්නන තරම් අහිංසකකමක් රූහාගේ නැ කියලා

" නිදි ද.....?"

හෝසොක් ඇහුවේ යුංගිගේ පපුවට තුරුල් වෙලා ඉන්න කෙල්ල දිහා ඇස් කොනින් බලන ගමන්

" ම්ම්ම්ම්.....මේ දවස් ටිකේම assignment එකත් හදන්න මහන්සි වුනා "

යුංගි නිදාගෙන ඉන්න රූහාගේ ඔලුව අතගාන ගමන් ආදරනීය හඩකින් කිව්වා

" තව මාස තුනකින් රූට ෆයිනල් එක්සෑම් එක "

" යේ....මේ මැටි අලේ මොනා කරගනියි ද දන්නේ නැ "

" උබ බය වෙන්න එපා කෙල්ල දක්ශයි වගකීමෙන් කියන්නේ "

හෝසොක් කිව්වාම යුංගිට හිනාවක් ගියා

" මම දන්නවා ඊට පස්සේ මම රූහාව මගේ ලගට ගන්නවා.."

" හොදට හිටියි "

" වේ.....?"

" විනාඩි ගානකට කෝල් කරත් තොපි දෙන්නාගේ වැඩේ යුක්‍රේනෙයි රුසියාවයි වගේ ඇන කොටාගන්න එක එහෙම බැලුත් තොපි දෙන්නා එක වහලක් යට එකට ජීවත් වෙන්න පටන් ගත්තාම තුන්වැනි ලෝක යුද්ධය වගේ තියෙයි "

හෝසොක් නහය උඩට අදින ගමන් දුකෙන් කිව්වා යුංගි කට කොනින් හිනා වෙලා එයාගේ උනුසුම් පපුවට තුරුල් වෙලා සුවදායි නින්දක ඉන්න රූහාගේ හිස් මුදුනට හාදුවක් තැවරුවා

පැය කිහිපයකට පසු බූසාන් වල තිබුණු රාජකීය පවුලට අයත් වුනු අති සුඛෝපභෝගී විශාල mansion එකට ඇතුල් වුනා වනාන්තරයක් මැදට වෙන්න හදලා තිබුණු mansion එකට වැඩිපුරම එන්නේ යුංගි තමයි කොල්ලාට තනිවෙන්න ඕන වුනාම මෙහෙට එන නිසා ඒ mansion එක බලාගන්න සර්වන්ට්ලා කොල්ලා එනවා කියලා දැනුම් දුන්නාම කන්න බොන්න අවශ්‍ය හැමදේම තියලා යනවා ඉතින් අදත් එහෙම දවසක් හැබැයි වෙනසකට තියෙන්නේ අද රූහා ඉන්න එක විතරයි

කොරියානු අධිරාජ්‍යයේ කිරුල හිමි කුමාරයාගේ හිත හොරකම් කරලා කෙල්ල කවුද කියලා හෝසොක් ඇරෙන්න කවුරුවත් දැනගෙන හිටියේ නැ කොල්ලා ඒ ගැන කවුරුවත් දැනගන්නවාට කැමති වුනේ නැ එහෙම වුනොත් කෙල්ලගේ ජීවිතේට අනතුරක් වෙන්න පුලුවන් නිසා ඉතින් යුංගි රූහා සම්බන්ධ හැමදේකදීම ඕනවාට වඩා පරිස්සම් වුනා

Mansion එක ඉස්සරහ කැබ් එක නවත්තපු හෝසොක් කොල්ලාට බහින්න දොර ඇරියා තාමත් නින්දක ඉන්න රූහාවත් ඇහෙන්නේ නැති වෙන්න පරිස්සමින් දෝතට ගත්ත යුංගි කැබ් එකෙන් බැස්සා

" රූගේ බෑග් එක අරගෙන වරෙන් "

හෝසොක්ට එහෙම කියාගෙන යුංගි කෙල්ලවත් එක්කගෙන ඉස්සර වෙලා ගියා

" මුගේ ඔම්මාට....."

හෝසොක් රූහාගේ බෑග් එකත් අරගෙන කැබ් එකේ දොරත් හයියෙන් වහලා mansion එක ඇතුලට ගියා

" ඕයි හොර පූසෝ ගනින්...."

Mansion එකේ upper floor එකේ තිබුණු රූම් එකකට ගියපු හෝසොක් අතේ තිබුණු බෑග් එක යුංගිට විසි කලාම කොල්ලා ඒක අල්ලාගෙන අනිත් පැත්තට හෝසොක්ට ගැහුවා

" තොගේ අස්ප කට හිමින් ඇරපන් "

නිදාගෙන ඉන්න රූහාව ඇස් වලින් පෙන්නපු යුංගි රවාගෙන කිව්වා

" කොහොම හිටපු පූස් කුමාරයෙක් ද මේ කෙල්ලෙක් මූ එක්ක සෙක්ස් කරලා මලත් ඉස්සර මූට ගානක් නැ දැන් කෙල්ල නින්දෙන් ඇහැරෙයි කියලා කෑගහනවා කාලය මැවූ වෙනසක අරුමය කිව්වා ලු "

හෝසොක් කට ඇද කරගෙන කියද්දී යුංගි රූහාට බ්ලැන්කට් එක පෙරෙව්වා

" රූගේ පස්සෙන් මුලදී ගියෙත් ආදරේකට නෙවෙයි බන් එකපාරක් හරි මගේ ඇගට යට කරගන්න ඕන නිසා "

" ඕක රූට ඇහුනොත් නම් පූස් පුතේ උබ කිරුල හිමි කුමාරයා කියලා බලන එකක් නැ කෝටු මස් කරලා තෝව මස් වෙලෙන්දෙක්ට විකුනයි "

" උබ තාම මොකද මෙතන පල දැන් "

" මම යන්නද ඕන "

" යේ.....උබේ මොකෙක්ද මෙහේ ඉන්නවා කිව්වා නේ එහේ ගිහින් නැවතියන් දවස් දෙකකින් වරෙන් "

" දවස් දෙකකින් එනකොට රූ කකුලුවෙක් වගේ ඇවිදිනවා බලන්න පුලුවන් වෙයි "

" එහෙම වෙන්නේ නැ "

" වගකීමෙන් ද කියන්නේ පූස් නාම්බෝ "

" ඔව් යකෝ තවත් ඇනයක් නොවී පලකෝ ගිහින් කෙල්ලෙක් හොයාගනින් දවස් දෙකක් ඇති ඒ වැඩේට "

" උබ වගේ මල පෙරේතයෙක් නෙවෙයි යකෝ මම ඔය කෙල්ලව ඉතුරු කරපන් ඈ...මම යනවා "

" පලයන් අස්ප නාම්බා.."

රූහාගේ බෑග් එකෙන් යුංගිට ගහලා හෝසොක් යන දිහා යුංගි බලාගෙන හිටියේ හිනාවක් එක්ක යුංගි හෝසොක් කියන්නේ හොදම යාලුවෝ දෙන්නෙක් යුංගිගේ හැම කුප්ප වැඩකම කොනක හරි හෝසොක්ගේ සම්බන්ධයක් අනිවාර්යයෙන් තියෙනවා ඒ වගේම දෙන්නා අතරේ රහසක් නොතිබුනු තරම් හෝසොක් යුංගිගේ ප්‍රධාන ආරක්ෂකයාට වඩා යුංගිට හොද යාලුවෙක් සහෝදරයෙක් වුනා කිව්වොත් නිවැරදියි

Jeon Ruha

To be continue................⚫

Requested story
Chapter 10 ක් වගේ තියෙයි නැත්නම් ඊට වඩා අඩු වෙයි

Bạn đang đọc truyện trên: AzTruyen.Top