𝖱𝖾𝗆𝖾𝗆𝖻𝖾𝗋 𝖬𝖾 02


අවුරුදු පහක් ගෙවිලා ගියේ ඇහි පිල්ලම් ගහන වේගෙන් හැමදේම වෙනස් වෙලා මම යුනි ගිහින් ඉවරයි ඔන්නි දැන් ඩොක්ටර් කෙනෙක් එයාගේ ලගට එන අසරණ ලෙඩ්ඩු වෙනුවෙන් තත්පර අරි කාලක නිශ්ශබ්බදතාවයක්

මගේ හිතේ ටේහ්‍යුන් ගැන තියෙන ආදරේ තාමත් එදා වගේමයි හිමි නොවුනත් හැමදාම මම හිතින් එයාට ආදරේ කරයි ටේහ්‍යුන් කවදාවත් දැනගන්න එකක් නැ මේ කෙල්ල එයාට ආදරේ කලා කියලා

" අහස දිහා බලාගෙන තාමත් එයා ගැන ද කල්පනා කරන්නේ "

බැල්කනියට වෙලා අහස දිහා බලාගෙන හිටපු මම බැලුවේ මගේ එහා පැත්තට වෙලා ඉන්න ඔන්නි දිහා මෙයා කොයිවෙලේ ද ආවේ

" කොයිවෙලේ ද ආවේ "

" දැන් ටිකක් වෙලා "

ඔන්නි අහස දිහා බලාගෙන උත්තර දුන්නා මාත් ආපහු අහස දිහා බැලුවා ටික වෙලාවක් යනකම් අපි දෙන්නා කතා කලේ නැ ඒ නිහඩතාවය බින්දේ ඔන්නි තමයි

" සූතියෝ....."

" ම්ම්ම්."

" ඔයා තාමත් එයා ගැන හිතනවා නේද "

" ඔව් ඔන්නි ටේහ්‍යුන් අර ඈත අහසේ තියෙන හද වගේ මම හදට කොච්චර ආදරේ කලත් හද කවදාවත් මගේ වෙන්නේ නැ නේ ටේහ්‍යුන් එයාගේ ජීවිතේ ගොඩක් දුර ගිහින් ඇති එයාට මම වගේ කෙල්ලෙක් හිටියා ද කියලවත් මතක නැතුව ඇති "

" සමහර විට එහෙම නොවෙන්නත් පුලුවන් "

මම ඔන්නි දිහා බැලුවේ ඒ කියපු කතාවේ තේරුම අහන්න වගේ ඔන්නි කතා කරන්නේ මොනාහරි දෙයක් හිතේ තියාගෙන කියලා මට තේරිලා තිබුණේ ඒත් මොකද්ද කියලා මට හිතාගන්න බැ

" මට හිතුනු දේ කිව්වේ හරි ඒක වැඩක් නැ හෙට interview එකට රෙඩි ද "

" යෙප්....ඒත්.."

" මොකද "

" බයයි වගේ "

" අයියෝ සූතියෝ බය වෙන්න එපා මාත් එක්ක කතා කරනවා වගේ එයාලා අහන දේට උත්තර දෙන්න අනිත් එක කලබල වෙලා හත්පොලේ ගාගන්නවා එහෙම නෙවෙයි ඩෝන්ට් බී කලබල ඕකේ dear "

" ඕකේ දැන් මම බොස්ට කතා කරන්න ඕන උබ කියලා ද "

" යාහ්හ්..... තොට පිස්සු ද යකෝ මම කිව්වේ මම එක්ක කතා කරනවා වගේ සාමාන්‍ය විදියට කතා කරන්න කියලා "

ඔන්නි ඒක කියපු විදියට මට හිනා ගියා

" මට ලගදීම පිස්සන් කොටුවට යන්න වෙයි වගේ "

ඔන්නි එහෙම කියලා ගියා.....

තවත් අලුත් දවසක් ආරම්භ වුනා අද තමයි interview එක ඔන්නිගෙන් උපදෙස් කෝටියක් බෑග් එකක ඔබාගෙන company එකට ගියා මගේ ඉස්සරහ තියෙන අහස උසට තියෙන බිල්ඩින් එක දිහා බලලා හුස්මක් පහත දැම්මා

" ඔයාට පුලුවන් සුකී.ෆයිටින් "

මට කතා කරනකම් මම ගිහින් වාඩි වෙලා හිටියා දැන් කොහොමත් මට හීන් දාඩියත් දාලා බය නොවී කොහොමද ඉන්නේ අපරාදේ අප්පාගේ කම්පැනියේ වැඩ කරන්න එන්න කියපු වෙලේ ගියා නම් මේම වෙන්නේ නැ නේ මාත් පන්ඩිතයි නේ ඉතින්

" බොස් හෙන හැන්සම් ලු "

" යේ.... මාත් අහලා තියෙනවා ඒ වගේම තිතට වැඩ පොඩ්ඩ එහා මෙහා වුනොත් ජොබ් එක ලෙෆ්ට් "

එතැන හිටපු කෙල්ලෝ දෙන්නෙක් කතා කරපුවා මට හොදට ඇහුනා ආපහු හැරිලා යමන් සුකීයෝ තාම වෙලාව තියෙනවා මම නැගිටලා යන්න හදනකොට මගේ නම කියලා කතා කලා කරන්න දෙයක් නැ දැන් යන්න වෙනවා මම ඇතුලට යනකොට හිටපු කෙනා දැකලා මගේ ඇස් වලට කදුලු පිරෙන්න වැඩි වෙලාවක් ගියේ නැ අවුරුදු ගානක් පුරාවට හිතින් ආදරේ කරපු කෙනා දැන් මගේ ඉස්සරහ ඉන්නවා මට ගිහින් එයාව බදාගන්න හිතුනා හිතේ තියෙන හැමදේම කියන්න හිතුනා එතකොට එතැන හිටපු කෙනෙක් මට කතා කරපු නිසා මම කදුලු පිහිදගෙන ගිහින් වාඩි වුනා

ටේහ්‍යුන් මගේ දිහා බැලුවේ කවදාවත් දැකලා නැති අදුරන්නේ නැති කෙනෙක් දිහා බලනවා වගේ මට අඩ්න්න ඕන උනත් කදුලු පාලනය කරගෙන හිටියේ බොහොම අමාරුවෙන් අවුරුදු පහක් කියන්නේ පොඩි කාලයක් නෙවෙයි ඉතින් එයාට මාව අමතක වෙලා ඇති interview එක ඉවර වෙලා ටිකකින් තෝරගත්ත අය කිව්වා ඔව් මාත් select වෙලා තිබුනා ටේහ්‍යුන්ගේ සෙකට්‍රි විදියට

මම ගෙදර ගිහින් කාමරේ දොර වහගෙන ඇදෙන් වාඩි වුනා අඩන්න ද සතුටු වෙන්න ද කියලා මට තේරෙන්නේ නැ මම හිතුවේ නැ කවදාවත් ආපහු ටේහ්‍යුන් හම්බවෙයි කියලා ඔන්නිත් හවස ගෙදර ආවා මම එයා එක්ක වැඩිය කතා කලේ නැ මම ඔලුවේ තිබුණේ හෙට ඉදන් ටේහ්‍යුන් ලග වැඩ කරන්න ඕන කියන එක විතරයි

" මොනාද ඔච්චර කල්පනා කරන්නේ "

" ඔන්නි ඔයා දැනගෙන හිටියා ද kim industries අයිති ටේහ්‍යුන්ට කියලා "

බිබී හිටපු වතුර එකත් ඔන්නිට හිර වුනා

" ක්..කවුරු කිව්වා."

" කිම් ටේහ්‍යුන් "

" අ.. අනී මම දන්නේ නැ "

" මොකද ගොතගහන්නේ "

ඔන්නි බොරු කියනකොට තමයි සාමාන්‍යයෙන් ඔහොම ගොතගහන්නේ application එක දාපු කෙනා ඒක නොදන ඉන්න විදියක් නැ නේ

" අහ් මුකුත් නැ ගුඩ් නයිට් මට නිදිමතයි "

ඔන්නි එහෙම කියලා ආදා වගේ ලිස්සලා ගියා මම හොයාගන්නම්කෝ මොනාද මගෙන් හංගන්නේ කියලා ඔහොම යන්කෝ ඔන්නි මාත් මෙහේ ඉන්නේ

අද තමයි මම ඉස්සෙල්ලාම වැඩට යන දවස මම කම්පැනි එක ඇතුලට යනකොටම girl කෙනෙක් මගේ ලගට ආවා මම හිතන්නේ එයා අපේ ඔන්නිගේ වයසේ වගේ

" ඔයා නේද සුකී "

" යේ..."

" මාත් එක්ක යන් "

මම එයාගේ පස්සෙන් ගියා අපි ගිහින් නැවතුනේ ලොකු කැබින් එකක් ඉස්සරහ අර girl දොරට තට්ටුවක් දාලා ඇතුලට ගියා මාත් එයාගේ පස්සෙන් ගියා

" සර්..."

" මෙයාට වැඩ ටික කියලා දෙන්න යූරා අද ශෙඩූල් එක මෙයාට දෙන්න "

මට පිටුපාලා හිටියත් ඒ කටහඩින් කියන්න පුලුවන් ඒ ටේහ්‍යුන් කියලා

" ඕකේ සර් "

ඊට පස්සේ යූරා මට වැඩ කෙරෙන විදිය ඔක්කොම කියලා දුන්නා ටේහ්‍යුන්ගේ අද ශෙඩූල් එක දීලා එයාට ගිහින් කියන්න කිව්වා ඔන්න දැන් තමයි මගේ හුස්ම හිර වෙන්නේ මම හිමින් ටේහ්‍යුන්ගේ කැබින් එක පැත්තට ගියා

" May I come in sir"

" yes "

මම ඇතුලට ගියා ඉස්සර වගේමයි නැ ඊට ව්ඩා හැන්සම් වෙලා ඒත් ආඩම්බරකම එහෙම්මයි එහෙම හිතනකොට මට හිනා ගියා

" මගේ දිහා බලලා ඉවර නම් ආපු කාරනේ කිව්වා නම් හොදයි නේ "

අයිෂ් මම මෙච්චර වෙලා මෙයාගේ මූන දිහා ද බලාගෙන හිටියේ ලැජ්ජාව බාල්දියෙන් එකයි මම කොහොමද දෙවියනේ මේ මනුස්පයා එක්ක ඉස්සරහට වැඩ කරන්නේ

" සර් අද ශෙඩූල් එක "

" හ්ම්ම් කියන්න "

යකෝ මම දැන් මේක කියන්නත් ඕන ද අකුරු කියවගන්න බැරී ද හරි කමක් නැ මම එකින් එක අද දවසේ තියෙන මීටින් ඔක්කොම කිව්වා

" සුකී හවස තියෙන මීටින් එකට මාත් එක්ක යන්න එන්න "

" ඒත් සර්...."

" තමුන් මගේ සෙකට්‍රි නේ "

" යේ සර් "

"එහෙනම් ඒත් මේත් ගාන්නේ නැතුව ගිහින් මීටින් එකට රෙඩි වෙනවා "

" ඕකේ සර් "

මම එහෙම කියලා ඉක්මනට එතැනින් ආවා මහ නපුරෙක් මම ඉස්සෙල්ලාම වැඩට ආපු දවසේ ඔහොමත් කතා කරනවා ද පුදුම නපුරුකමක් නේ මම යූරාගේත් උදව් අරගෙන මීටින් එකට රෙඩි වුනා හිතුවාට වඩා යූරා හොද කෙනෙක් එයා හැම දෙයක්ම එකින් එක පැහැදිලි කරලා කිව්වා ඒ වගේ ම ටේහ්‍යුන් ගැනත් පුංචි වැරැද්දක් වුනත් එයාව ජොබ් එකෙන් අයින් කරනවා ලු එයා එක්ක කතා කර්න්නත් කට්ටිය බයයි ලු පුදුම නපුරෙක් නේ අෆ්ෆා කොහොමින් කොහොම හරි හවස මීටින් එකට රෙඩි වුනා

" සුකී ඔයාට සර් car park එකට එන්න කිව්වා "

යූරා එහෙම කියලා ගියා මමත් ඕන කරන ෆයිල් ටිකත් අරගෙන car park එක පැත්තට ගියා ටේහ්‍යුන් කා එකට හේත්තු වෙලා මගේ දිහා බලාගෙන ඉන්නවා

" ඉක්මනට එනවා අද යන්න ඕන "

අයිෂ් මේ නපුරා මට පුලුවන් වේගෙන් තමයි එන්නේ ඇයි යකෝ මම ටේහ්‍යුන් ලගට ගියාම එයා කා එකට නැගලා මටත් නගින්න කිව්වා මාත් නැග්ගා හොටෙල් එකට යනකම් අපි අතරේ කතාවක් තිබුණේ නැ මම ශටර් එකෙන් එලිය බලාගෙන ගියත් ටේහ්‍යුන් සැරින් සැරේ මගේ දිහා බල්නවා මම ඇස් කොනින් දැක්කා

" ඔයා ඇතුලට යන්න මට කෝල් එකක් ගන්න තියෙනවා "

මම ඔලුව වනලා ඇතුලට ගියා මම ඇතුලට යනකොට මුලු හෝල් එකම අදුරුයි අදුරුයි කියන්නත් බැ ඉටිපන්දම් එලිය විතරයි තිබුණේ රෝස පෙති හැමතැනම මම වැරදි තැනකටවත් ද ආවේ එහෙම වෙන්නත් බැ ටේහ්‍යුන් නේ මට ඇතුලට යන්න කිව්වේ මම ටික දුරක් ගිහින් පිටිපස්ස හැරුණේ කවුරුහරි පිටිපස්සේ ඉන්නවා කියලා දනුනු නිසා එතැන හිටියේ ටේහ්‍යුන් මම එයාගේ මූන දිහා බලාගෙන ඉන්නකොට ටේහ්‍යුන් ඇහිබමක් උස්සලා ඇහුවේ ඇයි කියලා කියලා මම  මුකුත් කියන්න කලින් එයා කතා කරන්න පටන් ගත්තා

" සුකී ඔයා හිතන්නේ මට ඔයාව අදුරගන්න බැරී වුනා කියලා ද ම්ම් ස්කූල් කාලේ දී මගේ දිහා හොරෙන් බලාගෙන ඉදලා මම ඉස්සරහට ආවාම මාව මගහැරලා මගේ දිහා නොබලා හිටපු කෙල්ලව මට එහෙම ලේසියෙන් අමතක වෙයි කියලා හිතුවා ද "

මම ඇස් දෙකත් ලොකු කරගෙන ටේහ්‍යුන් දිහා බලාගෙන හිටියා ඒ කියන්නේ මම එයා දිහා හොරාට බලාගෙන හිටපු බව එයා දන්නවා

" ක්ලාස් එකේ හැමදාම මාව පේන තැනකින් වාඩිවෙලා මගේ දිහා බලාගෙන හිටපු බව මම දන්නවා සුකී "

පොඩ්ඩක් ඉන්න ඒ කියන්නේ එයත්.....

" යේ සුකී මාත් ඔයා දිහා බලාගෙන හිටියේ හැම තත්පරයකම ඒත් ඔයා දැක්කේ නැ ඔයා ගෙදර යනකොට මම ඔයාගේ පස්සෙනුත් ඇවිත් තියෙනවා ඕනතරම් ඒත් ඉතින් මේ මැටි අලේ දන්නේ නැ කවුරුහරි උස්සගෙන ගියත් ඔය ටික තමයි "

" එතකොට ඔයා ද මගේ පස්සෙන් ආවේ.. මම හිතුවේ මට පිස්සු හැදීගෙන එනවා කියලා "

" අමුතුවෙන් හැදෙන්න දෙයක් නැ කොහොමත් පිස්සු නේ "

" යාහ්හ් "

" මොකද කටේ සද්දේ වැඩි වෙලා ඉස්සර මගේ ලගදී එක වචනයක් කතා කරන්නත් හරි අමාරුයි දැන් කෑගහනවා කාලය කොච්චර දේවල් වෙනස් කරලා ද "

" ඒක තමයි "

" මොන දේ වෙනස් වුනත් මගේ ආදරේ නම් වෙනස් වෙලා නැ "

ඒ ග්මන මොකද්ද කියන්න හදන්නේ

" මම ඕස්ට්‍රේලියා යන්න කලින් මේක කියන්න හිටියේ ඒත් කියන්න හම්බුනේ නැ සුකියා "

එහෙම කියලා ටේහ්‍යුන් මගේ ඉස්සරහ දන ගහගෙන මුද්දක් දික් කලා මගේ ඇස් කටේ යකෝ මේක හීනයක් ද

" ඔයා දන්නව නේ සුකී මම කා ඉස්සරහවත් දන ගහන කෙනෙක් නෙවෙයි කියලා පලවෙනි වතාවට අද මම කෙනෙක් ඉස්සරහ දන ගැහුවේ අවුරුදු පහක් පුරාවට මම මේ දේ හිතේ තියාගෙන හිටියා තවත් නම් බැ සුකී නා නෝමු නෝමු සරන්හේ "

මගේ හාට්ටුව අසූ හාරදාහට ගැහෙනවා මුලු ඇගම සීතල වෙලා ගිහින් ස්නායු පද්ධතිය අක්‍රිය වෙලා වගේ කියනවා කියලා ඔහොමත් කියනව ද හාර්ට් පේශන් කෙනෙක් නම් මම ලෙෆ්ට් නේ පොඩ්ඩක් හිතන්න බැරී ද

" Will You Merry Me.."

දැන්නම් හාට්ටුව නැවතුනා වගේ ඇයි මේම කරන්නේ

" ටේහ්‍යුන්ශී"

" yes or no "

" yes "

මම හිනා වෙලා කිව්වාම ටේහ්‍යුන්ට නිකන් රටක් රාජ්‍යයක් ලැබුනා වගේ ring එක මගේ අතට දාලා නැගිටලා මාව බදාගත්තා මාත් එයාට තුරුල් වුනා අවුරුදු ගානක් හිතින් ආදරේ කරපු මගේ වෙන්නේ නැ කියලා හිතුපු කෙනාගේ තුරුලට වෙලා අද ඉන්නවා එතකොට ලයිට්ස් ඔන් වුනා අපි දෙන්නා ඈත් වුනා

" කෝ බන් කිස් එක "

එහෙම අහගෙන හාවෙක් වගේ කියුට් කොල්ලෙක් අපේ පැත්තට ආවා

" ඒක තමයි යකෝ කිස් එක දෙනකම් බලාගෙන හිටියේ "

තව කොට කොල්ලෙකුත් ආවා කොටයි කියන්නේ අනිත් අයට වඩා කොටයි මට වඩා උසයි තව කොල්ලෝ හතර දෙනෙකුත් ආවා

" එතකොට ඒකත් එහෙමයි නේ හ්ම් හ්ම් "

මොකා...... ඔන්නි එයා මොනාද මෙතන කරන්නේ ඔම්මායි අප්පායි ඉන්නවා  මම ටේහ්‍යුන් දිහා බැලුවා

" අහ්ම් මම හිතන්නේ සුකී කර කවලා අතහැරලා වගේ ඉන්නේ වෙච්ච දේ කවුරුහරි පැහැදිලි කලොත් නරක ද "

ඩිම්පල් හිනාවක් දාගෙන කොල්ලෙක් කිව්වා මාත් එයා කිව්ව දේට එකගයි කියන්න ඔලුව වැනුවා

" හරි එහෙනම් මම කියන්නම් "

ඔන්නි කිව්වා

" මේකයි සූතියෝ මීට සති දෙකකට විතර කලින් ටේහ්‍යුන් ආවා හොස්පිටල් එකට එයාගේ හියුන්ග් හම්බවෙන්න කියලා එතකොට මාව දැකලා ඇහුවා ඔයා සුකීගේ ඔන්නි ද කියලා මම ඉතින් ඔව් කිව්වා ඊට පස්සේ වෙච්ච දේ හිතාගන්න පුලුවන් නේ ඒ වෙලාවේ තමයි මම දන්නේ ටේහ්‍යුන්ගේ හියුන්ග් ජින් ඔප්පා කියලා "

ඔන්නි දත් තිස් දෙකම නියවලා කිව්වා දෙන්න හිතයි දත් ඇන්ද ආමාශගත වෙන්න ඒක තමයි එහෙනම් මෙච්චර කල් මගෙන් හැංගුවේ මම ඔන්නි දිහා රවලා බලනකොට හැමදාම වගේ ඉතින් එයාගේ අහිංසක හිනාව ඉස්සරහට දැම්මා ඔය හිනාව දාලා තමයි එයා බේරෙන්නේ

" කෝ බන් කිස් එක "

" ඕකේ "

ටේහ්‍යුන් මගේ ඉන වටේ අතක් යවලා මගේ ඇස් දිහා බලාගෙන ඉදලා තොල් වලට බර වෙනවාත් එක්කම මගේ ඇස් පියවුනා........

.......𝚃𝚑𝚎 𝙴𝚗𝚍........

තනියෙන් ආදරේ කරන කී දෙනෙක් මේ ලෝකේ ඇද්ද
එයාලා දන්නවා කවදාවත් එයාලට එක් වීමක් නැ කියලා

ඒත් ආදරේ කරනවා
පුංචිම දෙයක් හෝ බලාපොරොත්තු නොවී ආදරේ කරනවා
ඒ ආදරෙත් සුන්දයි
පුංචි පුංචි දේවල් වලට විරසක වෙලා වෙන් වෙන අය අතරේ එයාලාගේ ඈත අහසේ පායලා තියෙන සදකට ආදරේ කරනවා.....🥀

ඕතර් ආදරේ ගැන මහ ලොකු දැනුමක් තියෙන කෙනෙක් නෙවෙයි

ඔයාලගේ අදහස් කියාගෙන යන්නකෝ
පලවෙනි චැප්ටර් එකේ සමහර තැන් ලියද්දී ඕතර්ටත් ඇඩුනා 🙂

TaeSu___ සූතියෝ දැන්වත් සොකු අක්කා එක්ක යාලු වෙන්න 🙂

එහෙනම් කෙම්ලනේ ඕතර් ගියා

සරන්හේ 💜

Bạn đang đọc truyện trên: AzTruyen.Top