𝖱𝖾𝗆𝖾𝗆𝖻𝖾𝗋 𝖬𝖾 01

" ඔන්නි කොහෙද ඔයා මම ආවෝ "

මම වෙනදා වගේම කෑගහගෙන ගෙදර ඇතුලට ගියා ඔන්නිට ෆයිනල් එක්සෑම් ලග නිසා මේ දවස්වල යුනි යන්නේ නැතුව පාඩම් කරනවා කියලා ද හිතුවේ නැත මිතුර ඕකි පාඩම් කරනවාට වඩා නිදාගන්නවා මට වෙලාවකට පුදුමයි මේකි කොහොමද මෙච්චර දුර ආවේ කියලා

" මොකද බන් කෑගහන්නේ "

ඔන්නි ඔලුව කස කස කාමරේ ඉදලා එලියට බැස්සා මම කිව්වේ මේකි නිදාගෙන ඉන්නේ හැමදාම දකින හින්දා හොදයි නැත්නම් මට තොවිලයක් නටන්න වෙනවා

" බඩගිනියි ඒයීම් "

" ගිහින් වොෂ් එකක් දාගෙන වර පොඩි එකා වගේ ගෙදර එන්නේ බඩගිනියි ගාගෙන "

ඔන්නි එහෙම කියාගෙන කිචන් එක පැත්තට ගියා මම වොෂ් එකක් දාගන්න ගියා
මම ගැන කිව්වේ නැ නේ ද

යටගිය බරණැස නුවර ආ නැ වැරැදුනා සෝල් නුවර ජීවත් වෙන අහිංසක කියුට් මම සුකී...... සුකී කියන එක කෙටි කරලා සූ කියලත් කියනවා මම high school එකේ last year ඔම්මායි අප්පායි ඔස්ට්‍රේලියාවේ ඉන්නකොට මමයි ඔන්නියි කොරියාවේ ඔම්මායි අප්පායි බිස්නස් වැඩ එක්ක බිසී ඉතින් අපි ගැන හොයන්න වෙලාවක් නැ ඔන්නි තමයි මගේ හැමදේකටම හිටියේ ඔන්නි ගැන කිව්වොත් එයාගේ ප්‍රථම රාජකාරිය මාව බලාගන්න එක කියලා ද හිතුවේ නැත මිතුර තත්ත්වය ඉතා සෝචනීයයි ඔන්නිගේ ප්‍රථම රාජකාරිය එයාගේ රාජකීය කොට්ට රාජායා බදාගෙන සුවසේ නිදාගැනීම හැබැයි නිදාගෙන ඉන්න වෙලාවට කෑගහලා නැගිට්ටුවාම මෝහිනි අක්කා පරාදයි ඔක්කොම කිව්වත් ඔන්නිගේ නම කිව්වේ නැ එයාගේ නම යුන්හී..

මම වොෂ් එකක් දාගෙන යනකොට ඔන්නි කෑම රෙඩි කරලා මම එනකම් බලාගෙන ඉන්නවා මමත් ගිහින් dinning table එකෙන් වාඩි වුනා 

" ආ.... තී ආව ද කාපිය දැන් "

" යෙප් ආවා "

අපි දෙන්නා කන්න පටන් ගත්තා

" මේ සූතියෝ "

මම හැන්දත් කටේ ගහගෙන ඔන්නි දිහා බැලුවේ මූ එනපොට සත පහකට අල්ලන්නේ නැති නිසා

" මොකෝ..."

" ඔම්මා අපි දෙන්නාට ඔස්ට්‍රේලියාවට එන්න කිව්වා "

මම ඇස් දෙකත් ජිල් බෝල සයිස් කරගෙන ඔන්නි දිහා බැලුවේ මේ වෙලාවේ ඔහොම දෙයක් බලාපොරොත්තු වුනේ නැති නිසා

" තෝ මොකෝ කිව්වේ හා කිව්වා ද "

ඔන්නි ෂුවර් නැති නිසා මම ඇහුවේ

" පිස්සු ද උබට මට මෙහේ හොදයි අනික මම දන්නවා උබ උබේ ඒක පාර්ශ්වික ප්‍රේමය දාලා මෙහෙන් යන්නේ නැ කියලා "

ඔන්නි කිසිගානක් නැතුව කියලා දැම්මා මම දත් තිස් දෙකම නියවලා හිනා වුනා

මගේ ඒක පාර්ශ්වික ප්‍රේමය කිම් ටේහ්‍යුන් ස්කූල් එකේ කෙල්ලොන්ගේ සිහින කුමාරයා එයා ඉන්නේ අපේ පන්තියේ මම හැමදාම එයා දිහා බලාගෙන මනෝපාරක් ගහගෙන ඉන්නවා කියන්න සතුටුයි ඒත් අද වෙනකම් එයා එක වචනයක්වත් මාත් එක්ක කතා කරලා නැ ජුක තමයි ඉතින්

කවදා කොහොම ඇති වුනා ද කියන්න දන්නේ නැ ඒත් මම ආදරෙයි එයාට සමහර වෙලාවට හිතෙනවා මම දුවන්නේ මිරිගුවක් පස්සේ කියලා ඒත් එක පැත්තකින් ඒ ආදරේ හරි ලස්සනයි තරහවීම් වෙන්වීම් නැ

" මොනාද දැන් කල්පනා කරන්නේ "

මම මේ ලෝකෙට ආවේ ඔන්නිගේ ටින් බෙලෙක්කේ ටකරන් වොයිස් එක ඇහිලා

" මුකුත් නැ "

" මුකුත් නැති වෙන්න විදියක් නැ ටේහ්‍යුන් ගැන නේ කල්පනා කලේ "

මේකිට හිත් කියවන්න පුලුවන් ද යකෝ

" ඔය බැල්මෙන් කියන්න පුලුවන් මම කිව්ව දේ හරි කියලා සූතියෝ ඔයා එයාට ආදරෙයි තවත් ඕක හිතේ තියාගෙන ඉන්නේ නැතුව ගිහින් එයාට කියන්න එයා ඔයාට කොහොම react කරයි ද කියන්න මම දන්නේ නැ වෙන දෙයක් වෙන්න කියලා හිතේ තියෙන දේ කියන්න බය වෙන්න එපා ඕන දේකට මම ඉන්නවා "

එයා නම් කියයි ඒත් මම කොහොමද කියන්නේ කිම් ටේහ්‍යුන් මම ඔයාට ආදරෙයි කියන්න ද අනේ මට බැ මේක මගේ හිතේම තිබුනා වේ

" බැ ඔන්නි එයාව අපහසුතාවට පත් කරන්න මට ඕන නැ මම දැකලා තියෙනවා එයාට කෙල්ලෝ ඇවිත් ආදරෙයි කිව්වාම එයා හැසිරෙන විදිය අනික එයාලා මට වඩා ලස්සනයි එහෙම එකේ එයා මට කැමති වෙයිද "

" කවුද සූතියෝ ඔයා ලස්සන නැ කිව්වේ අනික ලස්සන කන්න ද බන් හොද ගතිගුණ තියෙන්න ඕන පිටින් කොච්චර ලස්සන වුනත් වැඩක් නැ හිත ලස්සන නැත්නම් ඔයා කැමති දෙයක් කරන්න සූතියෝ ඔයා ගන්න හැම තීරණයකටම හේතුවක් තියෙනවා කියලා දන්නවා "

මම කලේ ඔලුව වනපු එක විතරයි

" දැන් හිනා වෙයන් නයා මැරිච්ච අහිකුන්ඨකයා වගේ ඉන්නේ නැතුව "

ඔය කිව්වේ ඉදලා ඉදලා කතාවක්

" අහිකුන්ඨකයා මම ද "

" ඔයා කැමති නම් එහෙම හිතාගන්න සූතියෝ මට ප්‍රශ්නයක් නැ "

" ඔන්නි කියලා බලන්නේ නැ කොටනවා සනිකව "

" ආදරේට නේ ඉතින් "

" මම නොදන්න ආදරේ "

" ආදරෙයි තමයි හ්ම්ම් "

" ඒ වුනාට මම තමයි වැඩියෙන්ම ආදරේ "

" නැ මම "

" නැ යකෝ මම "

හැමදාම වගේ ඉතින් අදත් අපි දෙන්නා රන්ඩුක් වෙලා තමයි නවතින්නේ හේතුවක් ඕන නැ අපි දෙන්නාට රන්ඩු වෙන්න

Next Day Morning

" යාහ්හ් ඕයී නැගිටපන් යකෝ තොට කීයේ ඉදලා ද මම කතා කරන්නේ ටේහ්‍යුන් ගැන හීන බැලුවා ඇති දැන් ගිහින් හැබැහින් බලාගනින් "

ඔන්නිගේ සුමිහිරි වොයිස් එකේ සද්දෙට උදේ ඇහැරුනු මම ඇස් දෙකත් පිහිදන ගමන් ඇදෙන් ඉදගත්තා..

" උබ කනේ පුලුන් ගහගෙන ද යකෝ නිදාගන්නේ සෙද්ද මම අද යුනි යන්නත් ඕන "

මම ඔන්නි දිහාට හැරුණේ මේ සතියේම යුනි යන්නේ නැ කිව්ව ජීවියා එකපාරට මෙන්න යුනි යනවාලු මොකක් හරි හොරයක් තියෙනවා

" මොකද කන්න වගේ බලාගෙන ඉන්නේ මම වැරැදි දෙයක් කිව්වේ නැ නේ "

" මේ සතියේම යුනි යන්නේ නැ කිව්ව තී එකපාරට ඇයි දැන් යුනි යන්නේ මොකද්ද මගෙන් හංගන්නේ "

" අහන්නකෝ සූතියෝ මේකයි..."

ඔන්නි ඇගිලි පටල පටල මගේ ලගින් වාඩි වුනා මට මස්සිනෙක්වත් හම්බවෙලා ද දන්නේ නැ කවුද දන්නේ මේකිගේ වැඩ මාත් හරිබරි ගැහිලා වාඩි වුනා

" කියාම් ඉතින් "

" සූතියෝ..... ගිහින් වොෂ් එකක් දාගෙන ලෑස්ති වෙයන් බන් හතයි වෙලාව "

ඔන්නි එහෙම කියාගෙන නැගිට්ටා මම ඔන්නි දිහා රවාගෙන බලාගෙන හිටියා ඇයි යකෝ උදේ පාන්දර ලව් ස්ටෝරියක් අහන්න හිටියා මැදැයි මේ වගේ ඔන්නිලා ලබන්න ආත්ම ගානක් පින් කරන්න ඕන මම ඇදෙන් බිමට අඩියක් තියනකොටම භූමි මාතාව සිපගත්තා උදේ පාන්දර භූමි මාතාව සිපගෙන වැඩ පටන් ගන්න වෙන්නේ මොන කුන්ඩවාලයක් කඩාගෙන වැටෙයි ද දන්නේ නැ

මෝහිනි අක්කාගේ ringtone එකෙන් කැකිරි පලන්නේ මොකාද කියලා බලන්න මම පොඩ්ඩක් ඔලුව උස්සලා බැලුවේ වෙන කවුද ඉතින් මගේ ආදරනීය දයාබර ඔන්නි කියන එකී දෙන්න හිතයි දත් ඇන්ද ආමාශගත වෙන්න මගේ දෛවය කියන එක ලියපු එකා මට පොඩ්ඩකට මීට් වෙන්න ඕන ඌ එක්ක විසදගන්න මට පුරස්සන එකක් නෙවෙයි ගොඩක් තියෙනවා මට ඕකා අහුවුනොත් ගහක බැදලා දිමි ගොට්ටක් ඇගට දාලා නයි බිත්තර කවලා පිහාටුවකින් කිති කවනවා තාම දන්නේ නැ මේ සුකී කියන්නේ කවුද කියලා

" දැන් හිනා වුනා ඇති නේද "

මම බිම ඉදගෙනම ඔන්නිගෙන් ඇහුවාම තමයි එයා හිනාව නවත්තගත්තේ

" ගිහින් වොෂ් එකක් දාගෙන රෙඩි වෙන්න පරක්කු වෙනවා "

එහෙම කියලා හිනා වෙවී ගියා ඔන්නිටත් බැන බැන රෙඩි වෙලා ස්කූල් එකට ආවා මම ක්ලාස් එකට යනකොට කොහෙද ඉදලා දුවගෙන ආපු කෙල්ලෝ දෙන්නෙක් මගේ හැප්පුනා මම හිතුවේ වැටුනා කියලා ඇස් පියාගතාත් කාගෙදෝ අතක් ඉන වටේ එතෙනවා දැනිලා මම ඇස් ඇරියා මම දකින්නේ හීනයක් ද එහෙනම් මට මේ හීනෙන් ඇහැරෙන්න ඕන නැ ඔව් මාව අල්ලාගෙන හිටියේ ටේහ්‍යුන්.......

මම හිටියේ ඒ දිලිසෙන ඇස්  නලලට වැටුනු කලු කොන්ඩේ නහය උඩ තියෙන birth mark එක හරියට නිකන් චිත්‍රයක් වගේ මම හිටියේ වෙනම ලෝකෙක අතරමං වෙලා මගේ ඒක පාර්ශ්වික ප්‍රේමය මගේ ලග මගේ ඉනෙන් අල්ලාගෙන ඉන්නවා මට නම් මේක හීනයක්

ටේහ්‍යුන් මාව කෙලින් කලා වටේ ඉන්න හැමෝම ෆිල්ම් එකක් බලනවා වගේ බලාගෙන ඉන්නවා ඔව් ඉතින් ස්කූල් එකේ හැන්සම් ම කොල්ලා මාත් එක්ක මෙහෙම හිටියාම බලන එක සාධාරණයි

" මියානේ ටේහ්‍යුන්ශී මම දැක්කේ නැ "

මම ඔලුව නවලා ටේහ්‍යුන්ගෙන් සමාව ඉල්ලුවා

" It's Ok "

ටේහ්‍යුන් එහෙම කියනකොට මම ඔලුව උස්සලා බැලුවා ටේහ්‍යුන් පිස්සු හැදෙන හිනාවක් දාගෙන මගේ දිහා බලාගෙන ඉන්නවා ඔය හිනාවට තමයි ඉතින් කෙල්ලෝ පිස්සු වැටෙන්නේ ටේහ්‍යුන් ගියා මමත් ක්ලාස් එකට ගියා  පලවෙනි පාරට එයා මාත් එක්ක වචන දෙකක් හරි කතා කරපු එක ගැන මම හිටියේ කියාගන්න බැරී සතුටකින් ස්කූල් ඉවර වෙන්නේ කීයටද කියලා මම බලාගෙන හිටියේ ඔන්නිට මේ ගැන කියන්න

ස්කූල් ඉවර වෙලා මම ගෙදර යනකොට ඔන්නි ඇවිල්ලා හිටියේ නැ මේකිත් ඉතින් නැත්තේ ඕන වෙලාවටම නේ මම කාලා බීලා පොඩි නින්දක් දාලා නැගිටිනකොට ඔන්නි ඇවිල්ලා හිටියා ඔන්නි ලැප් එක තියාගෙන මොකද්ද වැඩක් මම ගිහින් ඔන්නිගේ ඇදෙන් වාඩි වුනාම ඔන්නි මගේ පැත්තට හැරුනා

" මොනාහරි ඕන ද "

" අහ් නැ "

" මොනාහරි කියන්න ද ආවේ "

මම ඔව් කියන්න ඔලුව වැනුවා

" ප්‍රශ්නයක් ද "

",අනී "

",එහෙනම් "

මම උදේ වෙච්ච දේ ඔන්නිට කිව්වා ඔන්නි හිනා වෙන්න පටන් ගත්තා මම හිනා වෙන්න තරම් දෙයක් කිව්වා ද

" ඕමෝ කෙල්ලගේ මූනත් රතු වෙලා "

ඔන්නි එහෙම කියලා හිනා වුනා අපරාදේ කිව්වේ කියලත් හිතුනා ආපහු නම් ඔහොම දෙයක් කියන්නේ නැ ඇයි යකෝ හැමදේම කියන්න කියලා දැන් හිනා වුනා ඔන්නි දවසෙම මාව චාටර් කර කර හිටියා කමක් නැ ජුකක් නැ මාව චාටර් කරලා හරි එයා හිනා වෙනවා නේ

ඔහොම දවස් ගෙවිලා යද්දී ටේහ්‍යුන් මාත් එක්ක ටික ටික කතා කරන්න පටන් ගත්තා ඒ හින්දා ස්කූල් එකේ කෙල්ලෝ මාත් එක්ක එච්චර හොද නැ මම cafeteria එකට වෙලා ජනෙලයෙන් එහා පැත්ත බලාගෙන ඉන්නකොට කවුරුහරි ඉස්සරහින් වාඩි වෙනවා දැනුනු නිසා මම ඉස්සරහ බැලුවා

එතැන හිටියේ ටේහ්‍යුන්..........

" මොනාද අහස දිහා බලාගෙන කල්පනා කරන්නේ "

" මුකුත් නැ "

මම හිනා වෙලා කිව්වාම මට කොෆි එක දික් කලා මම ටේහ්‍යුන්ගේ මූන දිහා බැලුවා

" ගන්න "

" කුමාවෝ ටේහ්‍යුන්ශී "

මම හිනා වෙලා කොෆි එක බොන්න පටන් ගත්තා ටේහ්‍යුන් කරන පොඩි පොඩි සැලකිලි මං ඕනවාටත් වඩා හිතට ගන්නවා මම මේ දුවන්නේ මිරිගුවක් පස්සේ කියලා මගේ හිත තේරුම් ගන්න කැමති නැ

ඔම්මායි අප්පායි කොරියාවට ආපු නිසා මම ස්කූල් ගියේ නැ දවස් හතරකට පස්සේ ස්කූල් ගියාම මට අහන්න ලැබුනේ හීනෙකින්වත් බලාපොරොත්තු නොවුනු දෙයක් ටේහ්‍යුන් ස්කූල් එකෙන් අයින් වෙලා ඕස්ට්‍රේලියා ගිහින් කවදාහරි මේක වෙන්න තිබුණු දෙයක් ස්කූල් ගිහින් ඉවර වූනාම කොහොමත් මට එයාව දකින්නවත් ලැබෙන්නේ නැ කියලා දන්නවා ඒත් මෙච්චර ඉක්මනට ඈත් වෙන්න වෙයි කියලා හිතුවේ නැ

එයා කොහේහරි කමක් නැ සතුටින් ඉන්නවා නම් ඇති එයාගේ පෙනුමට සල්ලි වලට ආදරේ කරන්නේ නැති ගොඩක් ලස්සන කියුට් කෙල්ලෙක් එයාට හම්බවෙන්න ඕන

මම ගෙදර එනකොට ඔන්නි ඇවිත් හිටියේ නැ මම වොෂ් එකක් දාගෙන නිදාගත්තා ඔන්නි ඇවිත් ඔලුව අතගානකොට තමයි මම ඇහැරුනේ

" ඕ නැගිට්ට ද "

" ම්ම් "

මම ඇදේ වාඩි වුනා

" මොකද වුනේ "

ඔන්නි අහනකොට මගේ ඇස් වලට කදුලු පිරුනා

" පැටියෝ මොකද වුනේ ඇයි අඩන්නේ කවුරුහරි මොනාහරි කිව්වා ද "

මම නැ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා ඔන්නි මාව තුරුල් කරගත්තා

" ඔන්නි.... ඔන්නි... එ..එයා ගිහින් ඔන්නි.. අනේ... "

ඔලුව මගේ ඔලුව අතගෑවා

" අහන්නකෝ සූතියෝ  ඔයාම නේ කිව්වේ කවදාහරි එයා ඔයාගෙන් ඈතට යනවා කියලා ම්ම් එහෙම කිව්වාට දුකයි නේද මම ඒක නේ ඉස්සෙල්ලාම කිව්වේ ඒත් දැන් ඒවා කියලා වැඩක් නැ මම ඔයාගේ ලගින් ඉන්නවා නේ ම්ම් "

ඔන්නි කිව්වා මම හිතුවේ නැ මට දරාගන්න බැරී වෙයි කියලා මම හැමදාම එයාට හිතින් ආදරේ කරයි කොච්චර දුකින් හිටියත් එයාගේ එක හිනාවකින් පුලුවන් ඔක්කොම අමතක කරන්න මුලු රෑම අඩලා කොයිවෙලේ මට නින්ද ගියා ද කිය්න්න මම දන්නේ නැ

සදට ආදරේ කරන්න
ඒත් සදට අයිතිවාසිකම් කියන්න එපා
සදේ සුන්දරත්වය සිසිල විතරක් විදින්න
මොකද සද අයිති රෑ අහසටම විතරයි........❤️

- සුකී 🥀

To be continue............

අවසාන කොටසින් හමුවෙමු

සරන්හේ 💜

Bạn đang đọc truyện trên: AzTruyen.Top