✨️💜️ Last Chapter (part 01) 💜️✨️
After one year
Author pov
වසරක් ගත වුනා හැමෝගෙම ජීවිත වෙනස් වුනා ජින් හනා මැරි කලා දැන් හනා මාස හයක ගැබිනියක් කොල්ලාගේ වැඩ තමයි ඉතින්
සනා NIS එකෙන් අස් වුනා ජින් හනා ලිසාගේ ඉල්ලීම මත සනා යුන්ගිගේ යටතේ වැඩට ගියේ බැලුවොත් ඇත්නම් දෙන්නා පොර කුකුලෝ වගේ රන්ඩු වෙනවා
හොබීට යොජාචිංගු කෙනෙක් ඉන්නවා කියලා announce කලා කියන්න සතුටුයි කොරියාවේ භාගයකට වැඩිය කෙල්ලොන්ගේ හාට්ටුව ලෙෆ්ට් හොබී ලිසා දෙන්නා සාමදානෙන් ඉන්නවා
මින්සුගේ වැඩේ නම්ජූන් කඩන බඩු පිලිබද වාර්තා හදලා නම්ජූන්ට ඉදිරිපත් කරලා වන්දි ගන්න එක මින්සු high school එකක teacher කෙනෙක් විදියට වැඩ
ජිමින් යුරීට prepose කරගන්න බැරුව ඉන්නවා එක සැරයක් prepose කරන්න ගිහින් සෙරෙප්පු පාරක් කන්න ගිහින් 99.000012345667732 බේරුනේ පව් ඉතින්
ලිනාගේ වැඩේ ටැනීව අල්ලාගෙන ටේ එක්ක රන්ඩු වෙන එක ටේත් ඉතින් කට වහගෙන ඉදියි ද එයාගේ බබාට බනිද්දී කොහොම වුනත් ටේ ලීනාට ආදරෙයි ලීනත් එහෙමයි ඒත් ඒක දෙන්නාම පෙන්නන්නේ නැ
හැමෝගෙම ජීවිත වලට වඩා ජන්කූක්ගේ ජීවිතේ තමයි ගොඩක්ම වෙනස් වුනේ ජන්කූක් මේ අවුරුද්දට ගොඩක් වෙනස් වුනා හිතාගන්න බැරි විදියට කොල්ලා වේදනාව දුක පිට කලේ කේන්තිය පොඩි වැරැද්දක් වුනත් ඒ කෙනාව අස් කරන්න දෙපාරක් හිතුවේ නැ ජන්කූක් ක්ලබ් යන්න පුරුදු වුනා
" කෝ ජන්කුකා "
ජින් ඇහුවේ living room එකට වෙලා හිටපු ටේමින් දෙන්නාගෙන්
" හියුන්ග් දන්නවා නේ "
ජිමින් කිව්වා
" අයිෂ්..... මේ කොල්ලා "
" හියුන්ග් එයා යුන්හාට පන වගේ ආදරේ කලේ කුකියාට දරාගන්න බැ හියුන්ග් හැමදාම එයාට දුක හිතුනාම හැමෝගෙන්ම ඈත් වුනා අදත් ඒකමයි හියුන්ග් කුකී කරන්නේ "
ටේහ්යුන් කිව්වේ ඇස් වල කදුලු පුරවගෙන
" මම දන්නවා ටේ කුකිගේ හැටි අපි එයා එක්කම හැමතිස්සේම ඉමු හරි ද "
ජින් කිව්වේ ටේගේ ඔලුව අතගාන ගමන් එතකොට තමයි ජන්කූක් ආවේ කොල්ලා කෙලින් හිටගන්න බැරි වෙන්නම බීලා
" කුකී "
ජිමින් ගිහින් වැටෙන්න ගිය ජන්කූක්ව අල්ලාගත්තා
" හියුන්ග් මට තනියෙන් යන්න.... පුලුවන් "
" යේ මට පේනෝ "
ටේහ්යුන් ඇවිත් ජන්කූක්ව අල්ලාගෙන රූම් එකට එක්කන් ගියා ජින් මේ දිහා බලාගෙන හිටියේ ඇස් වල කදුලු පුරවගෙන
" ජිනී "
පිටිපස්සෙන් ඇහුනු කටහඬ නිසා ජින් කදුලු පිහිදගෙන හිනාවකින් මූන සරසාගෙන හැරුනා
" හනා...නිදාගන්නේ නැද්ද හ්ම්ම් "
ජින් හනාගේ ලගට ගිහින් ඇහුවා
" අනී ඔයා කොහෙද කියලා බලන්න ආවේ "
" හරි යන් "
ජින් හනාව එක්කගෙන ගිහින් ඇදේ හාන්සි කරවලා එයත් හාන්සි වුනා
" ජිනී "
හනා නැගිටලා ඇදේ වියනට හේත්තු වෙලා කිව්වා ජින් ඔලුව උස්සලා කෙල්ල දිහා බැලුවා
" හනා... නිදාගන්න ඔයාට ඇහැරගෙන ඉන්න හොද නැ "
" ඇයි මගෙන් ඔය කදුලු හංගන්නේ "
" හනා...."
" මම දන්නවා ජිනී ඔයා ජන්කූක්ට කොච්චර ආදරෙයි ද කියලා ජන්කූක්ට විතරක් නෙවෙයි අනිත් පස් දෙනාටත් කොච්චර ආදරෙයි ද කියලා ඔයා එයාලා ගැන හොයලා බලන විදිය පොඩි දේකටත් බය වෙන විදිය මම දැකලා තියෙනවා ජිනී හැමදේම ඉක්මනට විසදෙයි කාලයට ඉඩ දෙමු හ්ම්ම් "
ජින් හනාගේ උකුලෙන් ඔලුව තියාගත්තා
" කුමාවෝ හනා "
" මොකටද "
" හැමදේකටම මගේ වුනාට මගේ හිත හදනවාට මගේ ලගින් ඉන්නවාට
සරන්හේ හනා "
" නාදු සරන්හේ ජිනී "
ජින් ඉස්සිලා හනාගේ බඩටත් පොඩි කිස් එකක් දීලා හනාවත් තුරුල් කරගෙන ඇස් දෙක පියාගත්තා
______________________________________
" අප්පා කෝ ඔන්නි...?"
Living room එකට දුවගෙන ආපු සෙමී මිස්ටර් කිම්ගෙන් ඇහුවා
" එයාගේ රූම් එකේ ඇති සෙමියා "
" හරි අප්පා "
සෙමී කෙල්ලගේ රූම් එකට ගියා කෙල්ල නම් බැල්කනියට වෙලා අහස දිහා බලාගෙන ලොකු කල්පනාවක
" ඔන්නි..."
කෙල්ල පිටිපස්ස හැරුනේ සෙමී කතා කරපු නිසා
" යේ සෙමියා "
" මොනාද ඔච්චර කල්පනා කරන්නේ "
" ඇත්තටම සෙමියා ඇයි මට පහුගිය අවුරුදු 12 වෙච්ච කිසිදෙයක් මතක් නොවෙන්නේ ඩොක්ටර්ස්ලා කියනවා ඉවසන්න කියලා තව කොච්චර කාලයක් මම ඉවසන්න ද සෙමියා... ඔයාලා මුකුත් කියන්නෙත් නැ මට දැනගන්න ඕන සෙමියා "
යුන්හා ඇදේ වාඩිවෙලා කිව්වේ ලොකු කලකිරීමකින්
" ඔන්නි කාලයට ඉඩ දෙන්න ඔක්කොම හරි යයි "
" තව කොච්චර කාලයක් ද ආ "
" ඔන්නි "
" මට කොරියාවට යන්න ඕන ඇයි අපි මෙහේ ඉන්නේ හෙටම මට කොරියාවට යන්න ඕන "
යුන්හා ස්ථිර හඩකින් කිව්වේ
" ඔන්නි ඒත් අප්පා..."
" අප්පා කියලා මාව කොච්චර කාලයක් මෙහෙම තියාගන්න ද හිතාගෙන ඉන්නේ "
" princess....."
මිස්ටර් කිම්ගේ කටහඬ ඇහුනු නිසා දෙන්නාම දොර පැත්තට හැරුනා
" අප්පා "
දෙන්නාම නැගිට්ටා
" යුන්හා...... ඔයා කියපු හැමදේම මම අහගෙන හිටියේ ඔයාගේ හොදට මම මේ දේවල් කරන්නේ මට ඉන්නේ ඔය දෙන්නා විතරයි අතීතය මතක් කරන්න මහන්සි වෙන්න එපා "
",අප්පා..... තව කොච්චර කාලයක් මාව මෙහෙම තියාගන්න හිතාගෙන ඉන්නවද අප්පා ඇයි ඔච්චරට අකමැති මට මගේ මතකය ආපහු එනවාට කියන්න අප්පා මට උත්තර දෙන්න මට කොරියාවට යන්න ඕන කිව්වාම ඔයා එක එක හේතු කියලා මට යන්න දෙන්නේ නැ මොකද්ද වෙලා තියෙන්නේ "
" යුන්හා... ඔයාට හැමදේම කියන්න බැ අපි ඔයාට නරක දෙයක් කරන්නේ නැ නේ දැන් මෙතන රන්ඩු වෙන්න ඕන නැ කන්න එන්න "
" මට කන්න ඕන නැ "
යුන්හා එහෙම කියලා ගියා
" අප්පා ඔන්නිට හැමදේම මතක් වෙයි ඉක්මනට එතකොට මෙහෙම තියාගන්න බැ එයා අනිවාර්යයෙන් කුකී ඔප්පා ලගට යනවා "
සෙමී කිව්වා
" එයාට යන්න දුන්නොත් නේ ආපහු යුන්හාගේ ජීවිතේට ජන්කූක් කියලා කෙනෙක් එන්න දෙන්නේ නැ "
මිස්ටර් කිම් කිව්වේ ස්ථිර හඩකින්
(Author : දැන් ඔය මට උස්සපු කඩු කිනිසි කොහු ගෑස් සිලින්ඩර පහතට දැම්මොත් හොදයි කෙල්ල තාම පනපිටින් )
Flashback 🍂
" I'm really sorry mr jungkook අපිට එයාව බේරගන්න බැරි වුනා "
ඩොක්ටර් එහෙම කියද්දී ජන්කූක් අඩියක් දෙකක් පස්සට ගියා
" කුකී "
ජිමින් ටේ දෙන්නා ජන්කූක් අල්ලාගත්තා
" හියුන්ග්.... එයාට මාව දාලා යන්න බැ හියුන්ග් එයා කිව්වා හියුන්ග් මාව දාලා යන්නේ නැ කියලා මට පොරොන්දු වුනා එයා කොහොමද හියුන්ග් එහෙම කරන්නේ.....😭"
" කුකී අඩන්න එපා ජින් හියුන්ග් ඔක්කොම බලාගනියි "
හොබී කොල්ලාගේ ඔලුව අතගාලා කිව්වා මින්සු නම්ජූන්ගේ පපුවේ අස්සේ මූන හංගගෙන අඩනවා යුරී ලිසාගේ ලගට වෙලා අඩනවා ලීනා ඔහේ බලාගෙන ඉන්නවා හනා කදුලු හිර කරගෙන හිටියේ බොහොම අමාරුවෙන් සනාගේ තුරුලට වෙලා හිටපු සෙමී ඉකි ගගහා අඩනවා
" මේ හැමදේම මම නිසා.....😭"
" අනියා සෙමී මේ කිසිදේකට ඔයා වගකියන්න ඕන නැ මේක වෙන්න තිබුණු දෙයක් මමත් වැරැදියි මේ හැමදේකින්ම "
සනා කිව්වේ සෙමීගේ ඔලුව අතගාන ගමන් එතකොට ජින් එලියට ආවා
" හියුන්ග් ",
ජන්කූක් ජින් ලගට ගියා
" යුන්හාට දැන් ප්‍රශ්නයක් නැ ඒත් ඉදිරි පැය විසිහතර තුල එයාට සිහිය නොආවොත් තත්ත්වය බරපතලයි බලමුකෝ ඉස්සරහට හරි ද බය වෙන්න එපා "
ජින් හිනා වෙලා කිව්වා
" කුමාවෝ හියුන්ග් "
කොල්ලා අඩාගෙන ජින්ව වැලදගත්තා හනා කදුලු පුරවගෙන බලාගෙන හිටියා ජින් කොල්ලාගේ ඔලුව අතගෑවා
" හියුන්ග් මම යුන්හාව බලන්න යන්න ද "
ජන්කූක් ජින්ගෙන් ඈත් වෙලා ඇහුවා
" වෝඩ් එකට දැම්මා බලන්න යන්න ඊට කලින් ගිහින් ඔය ඇදුම් මාරු කරගෙන එන්න "
කොල්ලා ඔලුව වැනුවා හනාත් ඇවිත් ජින්ව හග් කලා
" කුමාවෝ ජිනී...😭"
" හරි හරි දැන් අඩන්න එපා ඔක්කොම හරි යයි හරි ද "
ඒත් එක්කම මිස්ටර් කිම් එතැනට ආවා
" මගේ දරුවාට මොකද්ද වුනේ "
සනා නැගිටලා මිස්ටර් කිම් ලගට ගියා
" මිස්ටර් කිම් ඔයාගෙ දරුවා නම් හොදින්
ඒත් මට පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා "
" සනා මොකද්ද මේ වෙන්නේ "
හනා ඇහුවා
" හනා මේ ඉන්නේ යුන්හාගේ අප්පා ඒ වගේම සෙමීගේත් "
" what..?"
" එහෙම නේද මිස්ටර් කිම් මින්සික් 😏"
සනා සමච්චලේට වගේ හිනා වෙලා ඇහුවා මිස්ටර් කිම් නිහඩයි
" සනා ඔන්නි මොකද්ද ඔයා කියන්නේ "
ලීනා ඇහුවා
" ලූනා මේ ඉන්නේ kim industries එකේ Owner Mr.kim Minsik ඒ වගේම යුන්හාගේ වගේ ම සෙමීගේත් අප්පා කොහොමද ඉතින් මිස්ටර් කිම් මම හිතන්නේ අපිට මීට කලින් මීට් වෙන්න තිබුනේ "
" එතකොට සනා එදා කිව්වේ "
" යේ ලිසා.... මම මේ දේවල් දැනගෙන ගොඩක් කල් "
සනා හැමදේම කිව්වා
" යකූ උබට prepose කලේ නංගිව උබ ලව් කරන්නේ අක්කාට ඒකත් මරු "
ජිමින් කිව්වා
" කටවහගන්නවා ජිමින් "
ජින් රවාගෙන කිව්වා
" හරි ඉතින් කෑගහන්න ඕන නැ නේ ඇත්ත නේ කිව්වේ "
ජිමින් කිව්වා
" ටේ ජිමින් ජන්කුකාව එක්කගෙන යන්න "
යුන්ගි කිව්වා
" හියුන්ග්..... මට යන්න බැ "
" කුකී good boy වගේ ගිහින් ඇදුමක් දාගෙන එන්න කෙල්ල ලගට ඔහොම යන්න බැ නේ "
හොබි කිව්වා
" හරි හියුන්ග් "
ජන්කූක් ටේමින් ඩබල එක්ක ගියා මිස්ටර් කිම් සෙමී ලගින් වාඩි වුනා
.
.
.
.
.
.
.
ජන්කූක් යුන්හා ඉන්න රූම් එකට ගියා කොල්ලා දොර ලගට වෙලා කෙල්ල දිහා බලාගෙන ඉදලා කෙල්ල ලගට ගියා වෙනදාට දිලිසෙන ඇස් අද පියවිලා රෝස පාට කම්බුල් සුදුමැලි වෙලා කොල්ලාට දැනුනේ පපුව පිච්චිලා යනවා වගේ ජන්කූක් ගිහින් කෙල්ල ලගින් වාඩි වෙලා අතකින් අල්ලාගත්තා
" යූ...... ඔයාට මාව ඇහෙනවා ද කියන්න මම දන්නේ නැ මියානේ මැනික ඔයා ගොඩක් දුක් වින්දා මම නිසාම මම ඒ හැමදේකටම සමාවෙන්න ඔයාට මතක ද අපි මුලින්ම හම්බුනු විදිය එදා කොහෙද බලාගෙන ඇවිත් මගේ ඇගේ හැප්පිලා මටම කෑගැහුවා ඊට පස්සේ මම තමයි ඔයාගේ බොස් කියලා දැනගත්තා ම ඔයාගේ පුදුමෙන් ලොකු වුනු විදිය මට තාම මතකයි ඔයාගේ පිස්සු වැඩ දිහා මම බලාගෙන හිටියේ හරි ආසාවෙන් ඔයා වෙනස් කෙනෙක් යූ.. ඉක්මනට ඇස් අරින්න මැනික මම බලාගෙන ඉන්නවා "
ජන්කූක් කෙල්ලගේ අතටත් හාදුවක් තවරලා කොන්ඩේත් එහෙ මෙහෙ කරලා නලලටත් හාදුවක් තියලා යන්න හදලා ආපහු හැරිලා කෙල්ල දිහා බලලා එලියට ගියා
After three weeks
සති තුනක් ගෙවිලා ගියත් යුන්හා තාම ඇස් ඇරියේ නැ ජන්කූක් හැමදාම කෙල්ලව බලන්න එනවා කොල්ලා හැමදාම හිතුවේ එයා යනකොට කෙල්ල ඇස් ඇරලා ඉදී කියලා ඒත් යුන්හා ඇස් ඇරියේ නැ ජන්කුකා මේ දේවල් අමතක කරන්න කියලා බිව්වා මේ සති තුනට ජන්කූක් හිටියේ ක්ලබ් එකේ ඔෆිස් එකේ හොස්පිටල් එකේ ගෙදර ගියේ නැ අදත් ජන්කූක් කෙල්ලගේ අත අල්ලාගෙන එයාට කතා කරනවා
" මැනික චේබල් ඇස් අරින්න මට ඔහොම කරන්න එපා ඔයා ඇස් අරිනකම් කී දෙනෙක් බලාගෙන ඉන්නවා ද මට පාලුයි යූ ඔයා නැතුව ඉක්මනට ඇස් අරින්න මැනික මට තවත් ඉවසගෙන ඉන්න බැ "
" කුකී "
ටේහ්යුන් ඇවිත් ජන්කුකාට කතා කලා
" හරි හියුන්ග් මම එන්නම් "
එතකොට තමයි ජන්කුකා දැක්කේ කෙල්ල ඇගිල්ලක් හොලවනවා
" හියුන්ග්....."
" මම ගිහින් ජින් හියුන්ග් එක්කන් එන්නම් ",
ටේහ්යුන් එහෙම කියලා ගියා යුන්හා හිමින් ඇස් ඇරියා කෙල්ලව ඇදේ කෙලින් වෙලා හාන්සි වුනා
" මැනික..... ඔයාට මාව පේනවද ඇහෙනවද අනේ කතා කරන්නකෝ ඔයාට අමාරු ද කියන්න "
කොල්ලා යුන්හාගේ අත් දෙක අල්ලාගෙන ඇහුවා එතකොට තමයි ජින් ආවේ
" ම්..ඔයා කවුද....? මම කොහෙද ඉන්නේ මට කිසිදෙයක් මතක නැ "
" යූ...ඔයා විහිලුවක් නේද කරන්නේ ආ ඔයාට මාව මතක නැද්ද "
ජන්කූක් අහද්දී කෙල්ල අසරණ විදියට නැ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා ජන්කූක් අල්ලාගෙන හිටපු යුන්හාගේ අත් දෙක අතහැරුනා
" හියුන්ග්..."
ජන්කූක් ජින් දිහා බලාගෙන හිටියා
" කුකී එහාට යන්නකෝ මම එයා එක්ක කතා කරන්න "
ජන්කූක් පැත්තකට වෙලා ජින්ට ඉඩ දුන්නා
" ඔයාගේ නම මොකද්ද "
ජින් ඇහුවා
" යුන්හා... කිම් යුන්හා "
" එතකොට අද දවස මොකද්ද කියලා මතක ද "
" 2008 ඔක්තෝබර් 17 "
ජන්කූක් එතැනින් ආවේ තවත් එතැන ඉන්න බැරි නිසා ටේත් ඒ පස්සෙන්ම එලියේ ගියා
" මට මොකද්ද වුනේ....?"
" ඔයාට ඇක්සිඩින්ට් එකක් වෙලා සති තුනකට පස්සේ ඔයාට සිහිය ආවේ දැන් රෙස්ට් කරන්න "
ජින් එහෙම කියලා එලියට ආවා ජන්කූක් ඇරෙන්න අනිත් හැමෝම එතැන හිටියා
" මගේ දරුවාට කොහොමද පුතා..."
මිස්ටර් කිම් ඇහුවා
" ඔයාලා මේක අහලා කලබල වෙන්න එපා යුන්හාට පහුගිය අවුරුදු 11 තුල සිද්ධ වෙච්ච කිසිදෙයක් මතක නැ ඒ කියන්නේ යුන්හාට හනා ඔයාලවත් මතක නැ "
ලිනා එතැනින් ගියා
" ලූනා...."
ලිසාත් එයාගේ පස්සෙන් ගියා
" එතකොට එයාට කවදාවත් මතකය එන එකක් නැද්ද හියුන්ග් "
ජිමින් ඇහුවා
" එයාට මතක එයි ඒත් කොච්චර කාලයක් යයි ද කියන්න දන්නේ නැ සමහරවිට නොඑන්නත් පුලුවන් "
" අපේ කුකීට මොකද වෙන්නේ හියුන්ග් පහුගිය සති ටිකේ හැසිරුණු විදිය හියුන්ග් දැක්කා නේ "
හොබී ඇහුවා
" මට තේරෙන්නේ නැ හොබි මොනා කරන්න ද කියලා "
" මගේ දරුවාව මම මෙහෙන් අරන් යනවා "
මිස්ටර් කිම් කියද්දී හැමෝම එයා දිහා බැලුවා
" අප්පා.... අපි කොහෙද යන්නේ "
සෙමී ඇහුවේ යුරි ලගින් නැගිටලා ඇවිත්
" සෙමී හෙට අපි england යනවා මම හිටියේ යුන්හාට සිහිය එනකම් මෙහෙන් යන්න දැන් කොහොමත් එයාට ජන්කූක්ව මතකත් ඔයාලව මතකත් නැ එයා කොහොමත් මගේ තීරණය විරුද්ධ වෙන්නේ නැ "
මිස්ටර් කිම් කිව්වා
" අප්පා ඔයා මොනාද කියන්නේ "
" සෙමී ගිහින් රෙඩි වෙන්න අපි අද රෑම යනවා "
" මිස්ටර් කිම් තමුන් මොකද්ද මේ කරන්න හදන්නේ "
ජිමින් ඇහුවේ තරහ උපරිමයෙන් පාලනය කරගෙන
" මිස්ටර් පාක් ජිමින් මම මොකටද තමුන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ මේ ඉන්නේ මගේ දුව "
" දැන් ද තමුන්ට දරුවෙක් ඉන්නවා කියලා මතක් වුනේ අවුරුදු ගානක් තිස්සේ අපි තමයි ඒ කෙල්ලව බලාගත්තේ තමුන්ට මොකද්ද ඒ ගැන කියන්න තියෙන්නේ "
මෙච්චර වෙලා කටවහගෙන හිටපු සනා ඇහුවා
" ස්තූතියි ඒ දේවල් වලට "
මිස්ටර් කිම් එහෙම කියලා ගියා
" මොකද්ද මේ වෙන්නේ ජින් "
හනා ඇහුවා
" මිස්ටර් කිම් ඇයි එහෙම කරන්නේ "
" මිස්ටර් කිම් කොහොමත් කැමති වුනේ නැ යුන්හාගෙයි ජන්කූක්ගෙයි සම්බන්ධයට "
සනා කිව්වා
එදා රෑ යුන්හා කොරියාවට සමු දුන්නා ජන්කූක් කෙල්ල යන දිහා ඈත ඉදන් බලාගෙන හිටියා
" ඔයාට කවදාහරි මාව මතක් වෙයි නේ එතකම් මම බලාගෙන ඉන්නම් ඉක්මනට මගේ ලගට එන්න ඒන්ජල් "
ජන්කූක් මිමිනුවා
Flashback over 🍂
" ජන්කුකා "
ටේහ්යුන් ජන්කූක්ගේ කැබින් එකට ආවා
" වේ හියුන්ග් කෑගහන්නේ "
" උබට england යන්න වෙලා සතියකට "
ටේහ්යුන් එහෙම කියාගෙන ජන්කූක් ඉස්සරහින් වාඩි වුනා
" හියුන්ග් එන්නේ නැද්ද "
" එනවා බන්
ඒ මීටින් එකට මිස්ටර් කිම් එයි මම හිතන්නේ "
" මිස්ටර් කිම්ගෙන් මට වැඩක් නැ බන් මගේ කෙල්ලව දකින්න තිබුනොත් ඇති "
" දැකලා මොනා කරන්න ද බන් "
" එයාව මට නවත්තගන්න තිබුනා හියුන්ග් ඒත් මම එයාට යන්න දුන්නා එයා සතුටින් ඉන්න ඕන හියුන්ග් "
" යුන්හාට මතක ආවොත් උබව හොයාගෙන එන්නේ නැ කියලා ද කියන්නේ "
" එයා එයි ඒත් මට එයාව මගේ ලග තියාගන්න පුලුවන් වෙයි ද හියුන්ග් මිස්ටර් කිම් යුන්හා එක්ක මම ඉන්නවාට කැමති නැ "
" නිකන් හිටපන් බන් උබ හරියට කතා කරන්නේ යුන්හා ගැන නොදන්න කෙනෙක් වගේ නේ දැන් ගිහින් රෙඩි වෙයන් හෙට පාන්දර flight එක "
" හරි හියුන්ග් "
ඔයා හොදින් නේ ද යූ... අවුරුද්දකට පස්සේ මම එනවා ඔයාව බලන්න ඔයාට තාම මතක නැ කියලා මම දන්නවා මම හැමදාම බලාගෙන ඉන්නවා
ජන්කූක් සෝල් අහස දිහා බලාගෙන හිතුවා
_______________________________________
යුන්හා හිටියේ එයාගේ රූම් එකට වෙලා කල්පනා කර කර
" ඇයි මට කිසිදෙයක් මතක් නොවෙන්නේ.."
කෙල්ල හැමදාම වගේ අදත් එයාගේ අතීතය මතක් කරන්න ලොකු උත්සාහයක
" මොන මගුලක් ද
පොඩ්ඩක් ඉන්න අප්පා නැ ඒ කියන්නේ සෙමියා විතරයි ගෙදර ඉන්නේ එයාගෙන් අහන්න ඕන "
යුන්හා සෙමීගේ රූම් එකට ගියා
" සෙමියා ඔයා කොහෙද "
සෙමි රූම් එකේ පේන්න නැති නිසා යුන්හා කෑගහලා ඇහුවා
" ඔන්නි මම වොෂ් රූම් එකේ "
" හරි හරි "
යුන්හා කාමරේ වටේ ඇස් යවලා ගිහින් ඇද උඩ වාඩි වුනා ඇද උඩ තිබුණු magazine එක ගන්නකොට ඒක ඇතුලේ තිබිලා ෆොටෝ එකක් හැලුනා කෙල්ල ෆොටෝ එක අහුලගත්තා
" කොල්ලෙක්ගේ ෆොටෝ එකක් මේකිගේ ලග තියෙන්නේ කොහොමද මේකිට කොල්ලෙක් ඉන්නවා නේ ඒත් මට මෙයාව දැකලා පුරුදුයි වගේ නේ කවුද ඇත්තටම මේ "
යුන්හා ෆොටෝ එක දිහා බලාගෙන කල්පනා කරද්දී කෙල්ලට ආපහු ඔලුව රිදෙන්න ගත්ත නිසා ෆොටෝ එක ඇද උඩින් තියලා රූම් එකට ගිහින් දොර වහගත්තා
ඊට පසුදින ජන්කූක් වගේම ටේහ්යුන් දෙන්නා England ආවා Airport එකට කට්ටිය ඇවිල්ලා හිටියා මීඩියා වලිනුත් ඇවිල්ලා හිටියා ජන්කූක් ටේහ්යුන් දෙන්නා පිලිගන්න මේ වෙන කොට ජන්කූක්ගේ සාර්ථකත්වය නිසා ගොඩක් ජනප්‍රියයි කොල්ලෝ දෙන්නා මීඩියා මගහැරලා හොටෙල් එකට ආවා මේ වෙනකොට මිස් කිම් දැනගෙන හිටියේ ජන්කූක් england ඇවිත් කියලා
" උබ කෙල්ලව බලන්න යන්නේ නැද්ද "
ටේහ්යුන් ඇහුවේ ඇදේ වාඩිවෙලා ෆෝන් එක ඔබ ඔබා ඉන්න ජන්කූක්ගෙන්
" හෙට ඩේව් කාරයාගේ පාටිය තියෙනවා එතැනට අනිවාර්යයෙන් යුන්හා එනවා "
ජන්කූක් ෆෝන් එකෙන් ඇස් අයින් නොකර කිව්වා
" උබ කොහොමද ඔච්චර විශ්වාසයෙන් කියන්නේ පොඩ්ඩක් හිටපන් උබ ඩේව් කාරයා බය කලාද උබට බිස්නස් හරි යන්නේ නැ බන් උබට හරියන්නේ මාෆියා "
" ජින් හියුන්ග් නොහිටියා නම් මාෆියා කාරයෙක් තමයි "
" ඇත්තටම උබ...."
_______________________________________
" අප්පා දැන් අපි දෙන්නා ඔය පාටියට එන්නම ඕන ද "
සෙමී ඇහුවා යුන්හා පැත්තකට වෙලා ලෝකේ අනිත් පැත්ත පෙරලන්න වගේ කල්පනාවක
" යේ සෙමි මිස්ටර් ඩේව්ගේ ඉල්ලීම අහක දාන්න බැ අපිට ගොඩක් උදව් කලා නේ "
" හරි එහෙනම් අපි දෙන්නා එන්නම් හෙට රෑට නේ "
" යේ...."
" ඔන්නි අපි දෙන්නා ශොපින් යමු අද "
යුන්හාගෙන් ප්‍රතිචාරයක් නැ
" ඔන්නි..."
" හ්ම්ම් "
" මොනාද ඔච්චර කල්පනා කරන්නේ "
" අහ් අනී මුකුත් නැ
දැන් මොකද්ද මගෙන් ඇහුවේ "
" යුන්හා මොකද්ද වෙලා තියෙන්නේ මම ආපු වෙලේ ඉදලා බලාගෙන ඉන්නේ "
මිස්ටර් කිම් ඇහුවා
" අනී අප්පා මුකුත් නැ "
යුන්හා හිනා වෙලා කිව්වා
" ඔන්නි අපි දෙන්නා ශොපින් යමු ද "
" හරි "
යුන්හා සෙමී දෙන්නා ගිහින් ඇදුමක් අරගෙන ආවා යුන්හා කලේ සෙමී පස්සෙන් ඇවිද්පු එක විතරයි කෙල්ලගේ හිත තිබුණු අර ෆොටෝ එකේ අයිතිකාරයා ලග රෑ වෙලා දෙන්නා එක්ක ආවා
පසුදින උදෑසන මිස්ටර් කිම් මීටින් එකක් නිසා ගියා යුන්හා සෙමියාගේ රූම් එකට ගියා සෙමි ගෙම්බා පොලේ ගහලා වගේ නිදි ඇදේ තිබුණු කොට්ට දෙකක් බිම යුන්හා ඉනට අත් දෙක තියාගෙන බලාගෙන ඉදලා ගිහින් කතා කලා
" සෙමියා නැගිටිනවා ඉර පායලා යකෝ බලපන් "
" ජීහූ චේබල් නිදාගන්න දෙන්නකෝ "
" WTF !! ජීහූ
අද මම ජීහූව පෙන්නන්නම් "
ජීහූ කියන්නේ සෙමිගේ නම්චිංගු ඈ ඒ වගේ යුන්හාගේ ඩොක්ටර් 😂
යුන්හා ගිහින් වතුර වීදුරුවක් අරගෙන ඒකට අයිස් කැට දෙකක් දාලා බිත්තරයකුත් දාලා කවලම් කලා
(Author : මේ මිශ්‍රණයට නමක් කියාගෙන යන්න ඕතර්ට නම් මතක් වෙන්නේ නැ )
" දෙන්නම් අද වැඩේ
මේකී ජීහූ එක්ක මොනා කරලද දන්නේ නැ "
යුන්හා තනියෙන් කියව කියව කවලම් කරලා සෙමිගේ රූම් එකට ගියා
" සෙමී බේබී හැරෙන්නකෝ මේ පැත්තට "
යුන්හා හෙන ආදරෙන් කතා කලා සෙමිත් හැරුනා යුන්හා වතුර එකෙන් දීලා කිව්වා ඒකට වතුර කියන්නත් බැ
" බුදාම්මේ...."
සෙමී කෑගහගෙන නැගිට්ටා බිත්තර දාපු නිසා මොනාද වගේ ඇලෙනවා සෙමි තමන් දිහා හිරිකිතෙන් බලලා මෝහිනි වැහිලා වගේ හිනා වෙන තමන්ගේ one and only අක්කන්ඩිය දිහා බැලුවේ තෙලට කනවද මිරිසට කනවද කිරට කනවද ඩෙවල් දාලා කනවද සැලඩ් එක වශයෙන් කනවද වගේ බැල්ලමකින් සෙමිගේ මූන දැක්ක යුන්හාගේ හිනා තව වැඩි වුනා කෙල්ල හිනා වෙලා කොහොම හරි බිම
" හිනා වෙලා ඉවර ද "
සෙමි බොහොම සාමකාමි ලෙස ඇහුවා
" අනී තාම නැ "
යුන්හා එහෙම කියලා හිනා වුනා හිනා වෙලා කොහොම හරි දැන් හුස්ම ගන්නත් අමාරුයි
" මේ ඕයි තවුසේ ජීහූ එක්ක මොනාද කලේ "
යුන්හා බිම ඉදගෙනම ඇහුවා
" මම මොනා කරන්න ද පිස්සු ද "
" පිස්සු නම් මම මෙහෙම ඉන්නේ නැ නේ කියපන් "
" මොනා වෙන්න ද "
තත්පර දෙකක් තුනක් යද්දී තමයි සෙමියාගේ මොලේට වැටහුණේ යුන්හා මොකද්ද අදහස් කලේ කියලා
" සැක් ඔන්නි තවුසෙගේ වල් සිත මම තාම අඩු ගානේ ජීහූව කිස් කරලාවත් නැ තවුසේ කුකී ඔප්පා එක්ක කරපුවා තමයි ඔය කියන්නේ "
යුන්හාගේ මූන වෙනස් වුනා
",කවුද කුකී ඔප්පා.."
" අහ් නැ කවුරුවත් නෙවෙයි "
" සෙමියා "
" මම වොෂ් එකක් දාගෙන එන්නම් "
සෙමී වොෂ් රූම් එකට පැනගත්තා කොහොම හරි දවසෙම සෙමී යුන්හාව මගහැරියා
At evening
සෙමී යුන්හා දෙන්නාත් පාටියට ගියා
Yunha's outfit
Semi's outfit
" අප්පා කෝ "
සෙමී යුන්හාගේ කනට කරලා ඇහුවා
" අර මේ පැත්තට එන්නේ "
මිස්ටර් කිම් ඩේව් එක්ක යුන්හා හිටපු තැනට ආවා
" මිස්ටර් ඩේව් මේ ඉන්නේ මගේ ලොකු දුව යුන්හා ඔයා සෙමීව නම් දැකලා තියෙනවා නේ "
මිස්ටර් කිම් හිනා වෙලා කිව්වා
" ඔව් ඔව් "
",සර් ජන්කූක් සර් එනවා "
එතැනට ආපු කෙනෙක් ඩේව්ගේ කනට කරලා කිව්වා
" හරි ඔයා යන්න මම එන්නම් "
ආපු කෙනා ගියා
" මොකක් හරි ප්‍රශ්නයක් ද "
" නැ
Excuse me "
ඩේව් එහෙම කියලා ගියා ඒත් එක්කම ඇතුලට ආවේ ජන්කූක් ටේහ්යුන් දෙන්නා හැමෝගෙම ඇස් දෙන්නාට එල්ල වෙද්දී ඩේව් ගිහින් දෙන්නාට කතා කලා
" තමුසෙගේ කම්පැනිය ලැබෙයි "
ජන්කූක් එහෙම කියාගෙන ඇතුලට ගියා යුන්හා වුනත් ජන්කූක් දිහා බලාගෙන හිටියේ එයාට හුරුපුරුදු බවක් දැනෙද්දී ජන්කූක්ගේ ඇස් විනාඩි කිහිපයකට යුන්හා ලග නතර වුනා
" යෙප්පුදා.."
කොල්ලාට නොදැනීම එයාගේ කටින් පිටවුනා
" ඔහොම බලාගෙන ඉන්න එපා බන් "
ටේහ්යුන් ජන්කූක්ගේ කනට කරලා කිව්වා ජන්කූක් ටේහ්යුන්ට රවලා ගියා කෙල්ල සැරින් සැරේ ජන්කූක් දිහා බැලුවේ ඒ ඇස් කෙල්ලට හුරුපුරුදු බවක් හැගෙන නිසා ටිකකින් ජන්කූක් එහාට යනකොට කෙල්ලත් ජන්කූක් පස්සෙන් ගියා අන්තිමේ දී ගිහින් කෙල්ලට ජන්කූක්ව මගහැරුනා
" අයිෂ් කොහෙට ද එයා ගියේ....",
කෙල්ල වටපිට බලන ගමන් මිමිනුවා
" මාව ද හොයන්නේ..",
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
හේ හේ...
බාල්දි ගොඩයි නේ
ඔන්න කෙල්ල පනපිටින් ඉන්නවා
ඔබලාට සතුටුයි ද දැන්
එක චැප්ටර් එකකින් ඉවර කරන්න බැ වගේ
ඒක නිසා අවසාන චැප්ටර් එක කොටස් දෙකකට බෙදුවා
සරන්හේ 💜️
Bye
Nipu
Bạn đang đọc truyện trên: AzTruyen.Top