✨️💜️ Chapter 45💜️✨️
අවසානයට පෙර
Author pov
සනා ෆයිල් එක පිටිපස්සට කරලා හංග ගත්තා ඇතුලට ආවේ යුන්ගි
" මොනාද කරන්නේ "
යුන්ගි ඇහුවේ සනා නිකන් බය වෙලා වගේ හිටපු නිසා
" අනී මුකුත් නැ ඔයා ආවේ....?"
" තමුසේ උදේ පාන්දර කොහෙද ගියේ "
අයිෂ්..... මේකා පූසෙක්ම තමයි ඒත් කොහොමද මම එලියට ගියා කියලා දන්නේ මම එනකොටත් ඔක්කොම නිදි නේ
සනා හිතුවා
" ඇත්ත කිව්වොත් ඒක තමුසෙට හොදයි "
" මම කොහෙවත් ගියේ නැ තමුසෙට පිස්සු ද "
" හහ්..! එතකොට තමුසෙගේ හොල්මන වෙන්න ඇති යන්න ඇත්තේ මම අන්තිම හොදින් තමුසෙගෙන් අහන්නේ කොහෙද ගියේ කියලා කියනවා තියෙන ප්‍රශ්න මදි ද තමුසෙට "
" මොන මගුලක් ද මම එක සැරයක් කිව්වා මම කොහෙවත් ගියේ නැ කියලා තමුසෙට කියන දෙයක් තේරෙන්නේ නැද්ද ආ..."
" මොනාද ඔය හංගන්නේ "
" මුකුත් නැ "
" හ්ම්ම් "
යුන්ගි එහෙම කියලා දොර වහගෙන ගියා සනා ලොකු හුස්මක් පහත දැම්මේ ඇති යාන්තම් කියන්න වගේ
" WTF..!! මම අර පූස් තඩියාට බයයි ද
යාහ්හ්.... මම මොකටද ඒකාට බය වෙන්නේ මගේ කවුරුවත් නෙවෙයි නේ මොන වෙඩිමකට මං ගැන ඔච්චර හොයනවා ද මන්දා "
එතකොට ආපහු යුන්ගි ඇතුලට ඇවිත් සනා අතින් ඇදලා ගත්තා
" මොකද මේ "
සනාගේ අනිත් අතේ ෆයිල් එක යුන්ගි ඇදලා ගත්තා
" යාහ්හ් ඕක මෙහේ දෙනවා "
සනා කෑගහලා ෆයිල් එක උදුරගන්න ගියත් යුන්ගි අනිත් පැත්තට සනාගේ කම්බුලට ගැහුවා සනාට නම් මොකද්ද වුනේ කියලා හිතාගන්න බැරුව කම්බුලත් අල්ලාගෙන යුන්ගි දිහා බැලුවා යුන්ගි ඇස් තරහටම රතු වෙලා අතේ නහර ඉලිප්පිලා
" තමුසෙගෙන් මම හොදින් ඇහුවා කොහෙද ගියේ තමුසේ කිව්වා කොහෙවත් ගියේ නැ කියලා එතකොට මේ ෆයිල් එක මොනාද හංගන්නේ කියලා ඇහුවාම තමුසේ මුකුත් නැ කිව්වා තමුසෙට මාව පේන්නේ මෝඩයෙක් වගේ ද ආ මම එකම දේ දෙපාරක් අහන්නේ ඒත් තමුසෙගෙන් මම ඇහුවා තමුසේ මොනාද කලේ මට බොරු කියපු එක තනියෙන් ඔක්කොම විසදගන්න ද හදන්නේ ආ කලින් කරගත්ත දේවල් මදි ද තමුසෙට....."
සනා එක වචනයක් කිව්වේ නැ
" කතා කරනවා මින් සනා..... වෙන වෙලාවට පන්ඩිතකම් කියවන්න තියෙන කට කෝ තමුසෙට මම හොදින් සැලකුවා වැඩියි ඒකයි තමුසේ ඔහොම කරන්නේ තමුසේ ගැන අනුකම්පා කලා "
" මොකද්ද කියන්නේ ආ මෙච්චර වෙලා මම ඉවසගෙන හිටියා මගේ අතේ වැරැද්ද නිසා මම බොරු කියපු නිසා.. මම තමුසෙට කිව්වේ නැ නේ මට අනුකම්පා කරන්න කියලා ආ මම කිව්වේ නැ නේ මං ගැන හොයන්න කියලා මට තමුසෙගේ අනුකම්පාවෙන් ඇති වැඩක් නැ හොදටම ඇති මිස්ටර් මින් යුන්ගි.. මම මගේ දේවල් බලාගන්නම් තමුසේ මගේ දේවල් වලට ඇගිලි ගහන්නේ නැතුව ඉන්නවා නම් හොදයි "
සනා යුන්ගිගේ අතේ තිබුණු ෆයිල් එකත් උදුරාගෙන ගියා
" මින් සනා ඔහොම නවතිනවා "
යුන්ගි කියනකොටත් සනා රූම් එකෙන් එලියට ගිහින් ඉවරයි
හවස යුන්හා ජන්කූක් දෙන්නාත් mansion එකට ආවා යුන්හා ආවා කිව්වාම තමයි සනා ආවේ යුන්හාව වට කර ගත්ත ලීනා මින්සු යුරී තුන් කට්ටුව CID එකෙන් පැන්නා වගේ ප්‍රශ්න අහනවා යුන්හා මුකුත් නොකියා හිටියා ඔය කෙල්ලට ඉන්න දීපන් යකුනේ දැන් ආවා විතරයි කියලා හනා කිව්වාම තමයි තුන් කට්ටුව පැත්තකට වුනේ
" මම දැන් යන්න ද "
යුන්හා ඇහුවා
" පලයන් අල්ලගත්තේ නැ නේ "
ලීනා කිව්වා
" 😏"
යුන්හා කට කොනින් ලීනාට වෙලා එතැනින් ගියා
Next day.......
යුන්හා වෙනදා වගේ අදත් ඔෆිස් ගියා කෙල්ල උදේ ඉදන් වැඩ ගොඩක හිර වෙලා හිටියේ ඒ මදිවට ඔලුවේ ප්‍රශ්න දාහක් එතකොට කෙල්ලට කෝල් එකක් ආවා
" කියන්න
හරි මම එතැනට එන්නම් "
කෙල්ල එහෙම කියලා ෆෝන් එක තිබ්බා
" වෙන දේකට මුහුන දෙමු යුන්හා "
යුන්හා තමන්ටම මුමුනගත්තා එතකොට ටේ යුන්හාගේ කැබින් එකට ආවා
" අන්න අරූට යකා නැගලා "
එහෙම කියාගෙන ඇවිත් ටේ යුන්හාගේ ඉස්සරහින් වාඩිවුනා
" කාටද "
" ඔබතුමියගේ කුමාරයාට "
යුන්හා පෑනත් මේසේ උඩින් තියලා ටේ දිහාට හැරුනා
" කවුද දැන් මගේ කුමාරයා "
" වෙන මොකාද මේකේ CEO "
" අහ් කුක්කා ගැන කියන්නේ "
" මොකා කියන්නේ කුක්කා 😂"
ටේ මහ හයියෙන් හිනා වෙන්න පටන් ගත්තා
" ඔය හිනාව නවත්තලා කියන්න ඇයි අර කුක්කාට තරහ ගිහින් තියෙන්නේ කියලා "
" අද දවසෙටම ඌව හම්බවෙන්න ගියේ නැද්ද "
,ටේ කෙලින් වෙලා කිව්වා
" අනී වේ..?"
" ඒක තමයි ඔය
උබ එක්ක තියෙන තරහ පිට කරන්නේ අර අහිංසක මිනිස්සුන්ගේ පිටින් ගිහින් හම්බුනොත් නරක ද මටත් නයා වගේ පිප්පුවා "
ටේ කිව්වා
" ඒකත් එහෙමයි නේ "
" හ්ම්ම්
මේක ඒක නෙවෙයි ලීනා ගැන විස්තර ටිකක් කියන්නකෝ "
ටේ අහිංසක හිනාව දාලා කිව්වා
මෙයා මොන කෙහෙල් ඇවරියකට ද ලීනා ගැන විස්තර මගෙන් අහන්නේ
ඒ කියන්නේ........
ලීනටත් වැඩේ හරි
යුන්හා හිතුවා
" ලීනා කියන්නේ කටකාර පිස්සු කෙල්ලෙක් හැබැයි හිත හොදයි එයාට අනිත් අයගේ දුක බලලා බැ ආදරනීය සංවේදී චරිතයක් තව ඉතින් ඔයාම හොයාගන්න ලීනා එක්ක ඉදලා "
" හා බැ "
" මොකද
කෙලින්ම කිව්වා නම් ඉවරයි මම ලීනාට කැමතියි එයා ගැන කියන්න කියලා "
" කවුද කියන්නේ මම ලීනාට කැමතියි කියලා "
" උප්ස් මියානේ කැමතියි නෙවෙයි ආදරෙයි කියලා "
" යුන්හා.... එහෙම දෙයක් නැ "
" කොහොම දෙයක් ද නැත්තේ "
" උබ ගිහින් උබේ නපුරු කුමාරයා ගැන බලාගනින් ආවා මෙතන "
" එතකොට එහෙම ද හරි හරි උදව් ඉල්ලන් එනවකෝ "
යුන්හා එහෙම කියලා ෆයිල් එකකුත් අරගෙන නැගිට්ටා
" ඉක්මනට යනවා "
" යනවා තමයි "
යුන්හා එහෙම කියාගෙන ගියා ටේ නම් හිනා වෙනවා යුන්හා ජන්කූක්ගේ කැබින් එකට යනකොට ජන්කූක් table එකට උඩ කකුල දෙක තියාගෙන ෆයිල් එකකට මූන ඔබාගෙන හිටියේ
" සර් "
" ඕක ඔතනින් තියලා යන්න "
ජන්කූක් යුන්හා දිහා නොබලා කිව්වා යුන්හාත් table එක උඩින් ෆයිල් එක තියලා යන්න හැදුවේ
" කොහෙද යන්නේ "
ජන්කූක් යුන්හා දිහා නොබලාම ඇහුවා
" දැන් යන්න කිව්වේ "
යුන්හා ජන්කූක් දිහාට හැරිලා කිව්වා ජන්කූක් නැගිටලා අඩියට දෙකට යුන්හා ලගට ඇවිත් අතින් ඇදලා බිත්තියට තද කලා
" මොකද වෙලා තියෙන්නේ ආ.."
" හරි නම් මමයි ඒක අහන්න ඕන තමුසෙට මොකද්ද වෙලා තියෙන්නේ යුන්හා "
ජන්කූක් ඇහුවා
" මට මුකුත් වෙලා නැ කුක්කෝ මම මේ හොදට ඉන්නේ පේන්නේ නැද්ද "
යුන්හා කට හද හද කිව්වා
" වෙනදාට හැටපාරක් විතර මගේ කැබින් එකට තමුසේ අද නාවේ මොකද කියනවා "
යුන්හාට හිනා ගියා
" තමුසේ මොකද හිනා වෙන්නේ 🤨 "
ජන්කූක් තරහින් අහනකොට කෙල්ල හිනාව නවත්තගත්තා
" අනියා මුකුත් නැ "
",දැන් මම අහපු දේට උත්තර දුන්නොත් නරක ද් "
" මොකද්ද ඇහුවේ මට මතක නැ නේ "
කෙල්ල ඇගිල්ලෙන් කම්බුලට තට්ටු කර කර කල්පනාවක
" රගපාලා ඉවර නම් අහපු ප්‍රශ්නෙට උත්තර දෙනවා "
" පුහ් "
" මොකද පිබින්නේ හැපින්නක් ද "
" යේ.... දැන් එහාට නොගියොත් දෂ්ඨ කරනවා "
යුන්හා කිව්වා
" මම බය වෙයි කියලා ද හිතන්නේ "
ජන්කූක් හිනා වෙවී ඇහුවා
" යේ.."
ජන්කූක් යුන්හාගෙන් ඈත් වෙලා හිනා වෙන්න පටන් ගත්තා මෙච්චර වෙලා ගැම්මෙන් හිටපු කෙල්ලගේ ගැම්ම වනාන්තරේ ලු
(Author : කවුරුහරි වනාන්තරයට ගිහින් යුන්හාගේ ගැම්ම හොයාගෙන එන්න )
" ජන්කූක් හිනාව නවත්තගන්නවා "
කොල්ලා තව ටිකක් හයියෙන් හිනාවුනේ යුන්හාව අවුස්සන්න ඕන නිසා
" ඉන්නවකෝ ඔය හිනාව මම නවත්තන්න "
යුන්හා තොල පෙරලගෙන මිමිනුවා අඩියට දෙකට ජන්කූක්ගේ ලගට ගිය කෙල්ල ජන්කූක්ගේ coat එකෙන් ඇදලා ගත්තා
" මොකද මේ "
ඇගිලි තුඩුවලින් ඉස්සුනු කෙල්ල ජන්කූක්ගේ තොල් අල්ලගත්තේ එයාගේ හිනාව නවත්තන්න බලාපොරොත්තුවෙන් කෙල්ල ජන්කූක්ගෙන් ඈත් වෙන්න යනකොට කෙල්ලගේ ඉන වටේ අතක් යවලා යුන්හාගේ තොල් අයිති කරගත්තා
(Author : මුන්ට කියලා දීපියව් මුන් කොහෙද මේ ඉන්නේ කියලා )
ජන්කූක්ගේ අතක් යුන්හාගේ කම්බුලේ රැදෙද්දී අනිත් අත කෙල්ලගේ ඉනේ රැදිලා තිබුනා
" ජන්කූක්......."
එක පාරට ජන්කූක්ගේ නම කියලා කතා කරනවා ඇහුනු නිසා කොල්ලා යුන්හාගේ තොල් වලින් ඈත් වෙලා දොර දිහා බැලුවා ඒත් එක්කම යුන්හා ජන්කූක්ගෙන් ඈත් වුනේ එතැන හිටියේ ජන්කූක්ගේ අප්පා හින්දා කෙල්ල නම් හොදටම බය වෙලා
" අප්පා "
ජන්කූක් ඇහෙන නෑහෙන ගානට මිමිනුවා
" තමුසේ මොනාද මේ කරන්නේ ආ මට කියනවා ජන්කූක් "
මිස්ටර් ජොන් ජන්කූක් ලගට එන ගමන් ඇහුවේ කෙල්ල බයටම ගැහෙනවා මොකද කලින් මිස්ටර් ජොන් සල්ලි දීලා ජන්කූක්ගෙන් ඈත් වෙන්න කියලා කියපු නිසා වගේම ජන්කූක්ව කිස් කරපු එක මිස්ටර් ජොන් දැක්කා කියන්න කෙල්ල දන්න නිසා මොනාද කරන්නේ කියලා හිතාගන්න බැරුව කෙල්ල ජන්කූක්ගේ දිහා බැලුවම කොල්ලා කලේ යුන්හාගේ අත තද කරලා අල්ලගත්ත එක
" අප්පා මම හිතන්නේ ඔයාට මම කියන්න ඕන නැ මෙතන වෙච්ච දේ ඔයාම දැක්කා නේ "
ජන්කූක් කට කොනින් සමච්චලේට වගේ හිනා වෙලා කිව්වා ජන්කූක් අතරෙයි මිස්ටර් ජොන් අතරෙයි හොද සම්බන්ධයක් තිබුනේ නැ ඒකට හේතුව කොල්ලා කැමති කිසිදෙයක් කොල්ලාට කරන්න නොලැබුනු එක ජන්කූක්ට මියුසික් කියන්නේ එයාගේ ජීවිතේ වගේ මිස්ටර් ජොන් කැමති වුනේ නැ ජන්කූක් මියුසික් කරනවාට ජන්කූක්ගේ ඔම්මා ඉන්නකොට ජන්කූක් කොහොමහරි මියුසික් කලත් ඔම්මා නැති වුනාට පස්සේ ඔක්කොම වෙනස් වුනා කොල්ලා මියුසික් අතහැරියා ඉස්සරහ හිටපු අහිංසක ජන්කූක් වෙනුවට පොඩි දේටත් හැමෝටම කෑගහන නපුරු කෙනෙක් වුනා කොල්ලා එයාගේ වේදනාව පිට කලේ තරහක් විදියට.....
යුන්හාගේ ඇස් වල කදුලු පිරිලා ජන්කූක්ගේ නම් කිසිවෙනසක් නැ මිස්ටර් ජොන් ජන්කූක්ගේ කම්බුලට ගැහුවා
" ජන්කූක් "
කෙල්ලට කියවුනා
" යුන්හා ඔයා යන්න "
ජන්කූක් තොල පැලිලා එන ලේ ඇගිල්ලෙන් පිහිදන ගමන් කෙල්ලට කිව්වා
" ඒත්..."
" යන්න කිව්වාම යනවා "
ජන්කූක් කෑගහලා කිව්වා
" මොකද මේකිව යවන්නේ ආ මේකිට මම කලින් කිව්වා තමුසෙගෙන් ඈත් වෙලා ඉන්න කියලා ඇයි තමුසෙට දීපු සල්ලි මදි වෙලා ද ආපහු ජන්කූක්ගේ පස්සෙන් එන්නේ කියපන් "
කෙල්ලට ඉකියක් පිට වෙද්දී බිම බලාගත්තා
" මොකද්ද කියන්නේ යුන්හාට සල්ලි දුන්නා ද මගෙන් ඈත් වෙලා ඉන්න කියලා
යුන්හා මට කියනවා මේ කියන්නේ ඇත්ත ද කියලා "
කෙල්ල බිම බලාගෙන හිටියා යුන්හාට ඕන වුනේ නැ මේ දේවල් කියලා මිස්ටර් ජොන් අතරෙයි ජන්කූක් අතරෙයි ප්‍රශ්න ඇති කරන්න ඒක නිසා කෙල්ල කටවහගෙන හිටියේ හැබැයි ඒකෙන් වුනේ කොල්ලාගේ තරහ වැඩි වුනු එක
" යුන්හා කතා කරනවා මේක ඇත්ත ද කියනවා "
ජන්කූක් කෑගහනකොට කෙල්ල ගැස්සිලා ගියා කෙල්ල ඔව් කියන්න ඔලුව වැනුවා එතකොට ටේ ඇතුලට ආවා
" ශා මරු නේ අප්පා ඔයා එතකොට මේ අහිංසක කෙල්ලට සල්ලි දුන්නා ද ෆැන්ටෑස්ටික් "
ජන්කූක් අත්පුඩි ගගහා කිව්වා
" කීයක් විතර දුන්නා ද දන්නේ නැ "
" ජන්කූක් ඔය හොදටම ඇති ඕක නවත්‍තනවා "
මිස්ටර් ජොන් කියද්දී ටේ කෙල්ල ලගට ගියා
" හියුන්ග් කෙල්ලව එක්කන් යන්න "
ජන්කූක් කියද්දී ටේ කෙල්ලව එක්කන් ගිහින් රෙස්ට් රූම් එකේ ඉන්දුවා ටේ කෙල්ලට වතුර වීදුරුවකුත් දීලා එයා ලගින් වාඩි වුනා
" ටේ.... ජන්කූක් තරහින් ඉන්නේ ඔයා එතැනට යන්න එයා මොනවා කරගනී ද දන්නේ නැ එයාට තරහ පාලනය කරගන්න බැ කියලා දන්නවා නේ චේබල් "
කෙල්ල කිව්වා
" ඒත් ඔයා..."
" මම හොදින් ඔයා යන්න ජන්කූක් ලගට "
කෙල්ල කදුලු අතරින් හිනා වෙලා කිව්වා ටේ යුන්හාගේ කොන්ඩේ අවුල් කරලා නැගිට්ටා
අපේ එකා පිස්සුවෙන් වගේ ඔයාට ආදරේ කරන්න හේතුව දැන් තමයි තේරුනේ
ටේ එහෙම හිතලා ජන්කූක්ගේ කැබින් එකට ගියා
" තමුසෙට කොහෙවත් ඉන්න කෙල්ලෙක් නිසා තමුසෙට අප්පාත් පිට කෙනෙක් වුනා ද "
" ඔයා මට පිට කෙනෙක් වුනේ ඔම්මා මේ ලෝකේ දාලා ගියපු දවසෙමයි "
" මොකද්ද කියන්නේ ආ එතකොට තමුසේ වෙනුවෙන් මෙච්චර කල් මම කරපුවා ඒවාට මොනාද කියන්නේ "
" මොනාද අප්පා ඔයා මම වෙනුවෙන් කලේ ඔයා හැමදාම කලේ එකම දේ මම ආදරේ කරපු අය මම ආස කරපු දේවල් මගෙන් ඈත් කරපු එක හැබැයි මේ පාර නම් ඒ දේ සිද්ධ වෙන්නේ නැ පුලුවන් දෙයක් කරන්න ඒත් මම කවදාවත් යුන්හාව අතහරින්නේ නැ "
" ඔය කෙල්ල හින්දා තමුසෙට වරදිනවා තමුසෙගේ සල්ලි නැත්නම් ඔය කෙල්ල තමුසේ එක්ක ඉන්නේ නැ තමුසේ මේ සේරම අතහැරියාම ඔය කෙල්ල ඉදියි කියලා බලමු "
" අන්කල් දැන් ඇති අන්කල් ඔහොම කෙනෙක් ගැන නොදැන කතා කරන්න එපා ඒ කෙල්ල ගැන මම දන්නවා යුන්හා කියන්නේ සල්ලි පස්සෙන් යන කෙල්ලෙක් නෙවෙයි අවුරුදු ගානකින් හිනා නොවුණු අපේ ජන්කුකා අද හිනා වෙලා ඉස්සරහ වගේ ඉන්නවා ඒ යුන්හා හින්දා අන්කල් මෙච්චර කාලෙකට අපිට කරන්න බැරි වුනු දේ ඒ කෙල්ල මේ ටික කාලෙකට කලා අන්කල් "
ටේ කතා කලේ බලාගෙන ඉදලා බැරිම තැන
" එතකොට ටේහ්යුන් තමුසෙත් මෙයාගේ පැත්තේ ද "
" අන්කල් මම කාගෙවත් පැත්ත ගත්තේ නැ මම කිව්වේ ඇත්ත යුන්හා ගැන මම දන්නවා අන්කල් "
ටේ කිව්වා
" තමුසෙලාට කියලා වැඩක් නැ කවදාහරි ජන්කූක්ට තමුසෙට මේ ගත්ත තීරණය ගැන පසුතැවෙන්න වෙයි "
මිස්ටර් ජොන් එහෙම කියලා ගියා ජන්කූක් එතැන තිබුණු පුටුවට පයින් ගැහුවා
" අයිෂ්....... "
" ජන්කුකා මේක වෙන්න තිබුණු දෙයක් කවදාහරි අන්කල් දැන ගන්නවා නේ යුන්හා ගැන "
ටේ කිව්වේ ජන්කූක්ගේ උරහිසට අත තියන ගමන්
" ඒත් හියුන්ග් අප්පා යුන්හාට සල්ලි දීලා මගෙන් ඈත් වෙලා ඉන්න කියලා මේ කෙල්ල මට කිසිදෙයක් කිව්වේ නැ හියුන්ග් මට යුන්හා එක්කත් තරහයි "
" කුකියා අහපන්කෝ ඒ කෙල්ල ඒක නොකියා ඉන්න ඇත්තේ මෙතන ප්‍රශ්න වැඩි කරන්න ඕන නැ නේ හරි දැන් උබට කිව්වා කියමුකෝ උබ ගිහින් අන්කල් එක්ක රන්ඩු නොවී ඉන්නවා ද "
" ඒත් හියුන්ග් එයාට මට කියන්න තිබුනා "
" දැන් මම අහපු දේට උත්තර දීපන් උබ අන්කල් එක්ක රන්ඩු නොවී ඉන්නවා ද "
" නැ "
" ඒක තමයි බන් කියන්නේ උබ ගැන හිතලා ඒ කෙල්ල මුකුත් නොකියා හිටියේ තේරුම් ගනින් "
" කෝ දැන් යුන්හා "
" රෙස්ට් රූම් එකේ "
" තනියෙන් ද "
", හ්ම්ම් "
" හියුන්ග් එයාව දාලා ආවේ මොකටද තනියෙන් දැන් මොනවා කරගෙන ද දන්නේ නැ "
ජන්කූක් එහෙම කියලා රෙස්ට් රූම් එකට ගිහින් බලනකොට යුන්හා හිටියේ නැ rooftop එකේ බැලුවත් එතැන හිටියෙත් නැ කෝල් කලත් ආන්සර් කලේ නැ
" මේ කෙල්ල කොහෙද හියුන්ග් යන්න ඇත්තේ "
කොල්ලා හොදටම බය වෙලා ඉන්නේ
" CCTV චෙක් කරමු වරෙන් "
ටේ කිව්වත් එක්කම දෙන්නාම ගිහින් CCTV චෙක් කලා යුන්හා කදුලු පිහිදගෙන ගිහින් taxi එකට නැග්ගා
" zoom කරන්න "
කොල්ලා taxi එකේ නම්බර් එක ටේට ලියාගෙන ඒක හොයන්න කිව්වා පුලුවන් තරම් ඉක්මනට
" කොහෙද මැනික ඔයා ගියේ......?"
ජන්කූක් තමන්ට මුමුනගන්න ගමන් වීදුරුවෙන් පේන කලබලකාරී සෝල් නගරය දිහා බලාගෙන හිටියේ හිතට දහසක් දේවල් ගලාගෙන එද්දී
" කුකියා....."
ටේහ්යුන් කලබලෙන් ජන්කූක්ගේ කැබින් එකට ආවා ටේහ්යුන්ගේ කටහඩ ඇහුනු නිසා ජන්කූක් ටේහ්යුන් දිහා බැලුවා
" හොයාගත්තා "
" එයා කොහෙද "
ජන්කූක් ඇහුවේ අඩියට දෙකට ටේහ්යුන් ලගට ගිහින්
" හන් ගඟ ලග "
ජන්කූක් car එකේ key එකත් අරගෙන දිව්වා
ජන්කූක් දැනටමත් පරක්කු වැඩි නම්.........
මොකද කරන්නේ
_______________________________________
යුන්හා අඩා අඩා ඔෆිස් එකෙන් එලියට ආවේ එයාට තවත් එතැන ඉන්න බැ කියලා දැනෙද්දී කෙල්ල ඔෆිස් එක ඉස්සරහින් taxi එකකට නැගලා ගියේ හන් ගඟ ලගට කෙල්ලට දරාගන්න බැරි දුකක් දැනුනාම කෙල්ල ගියේ එතැනට කෙල්ල ගිහින් බෙන්ච් එකක වාඩිවෙලා නිසල හන් ගඟ දිහා බලාගෙන හිටියා
" ඔම්මා.....ඔයාට මතක ද අපි ඉස්සරහ මෙතනට එනවා හන් ගඟ ලගට යනවා කිව්වාම මම තමයි හැමෝටම ඉස්සෙල්ලා රෙඩි වුනේ සෙමියා එක්ක මම මෙතන සෙල්ලම් කලා මම එයාට සැලකුවේ මගේම නංගි කෙනෙක්ට වගේ ඔම්මා ආපහු ඒ අතීතෙට යන්න පුලුවන් නම් "
" දැන් මම ඔයාගේ නංගී නෙවෙයි ද ඔන්නි "
යුන්හා කටහඬ ඇහුනු පැත්ත බලනකොට එතැන හිටියේ සෙමී
" සෙමියා "
යුන්හා මිමිනුවා
" යේ.... ඔන්නි මම තමයි මම මෙතනින් වාඩිවෙන්න ද "
" හ්ම්ම් "
සෙමී යුන්හා වාඩිවුනා
" වේ....මාව හම්බවෙන්න ඕන කිව්වේ"
" මම හෙට මෙහෙන් යනවා ඔන්නි සදහටම "
සෙමී හන් ගග දිහා බලාගෙන සන්සුන්ව කිව්වා
" ඕමෝ.."
" යේ.... ඔන්නි මම යනවා ආපහු කවදාවත් කොරියාවට එන්නේ නැ ලෝකෙට පේන්න හිනා වුනාට හිතේ තියෙන වේදනාව දන්නේ මම විතරයි ගොඩක් අය හිතාගෙන ඉන්නේ මම ආඩම්බර නපුරු කෙල්ලෙක් කියලා මම එහෙම හැසිරෙන්න කැමති නැ ඒත් මට එහෙම කරන්න වුනා ඔයාගේ සෙමියා වෙනස් වුනේ නැ ඔන්නි තාමත් ඉන්නේ ඒ සෙමීම තමයි මට මගේ වැරැදි තේරෙන්න කල් ගියා මියානේ ඔන්නි කරපු කියපු හැමදේකටම මම දන්නවා ඔයාට මට සමාව දෙන්න පුලුවන් වැරැදි නෙවෙයි කලේ ඒත් එක දෙයක් ඇත්ත මම ජන්කූක්ට ආදරේ කලේ ඇත්තටම එයාව පරිස්සමින් බලාගන්න මම යන්නම් ඔන්නි ඔයත් පරිස්සමින් ඉන්න "
සෙමී හැමදේම කියනකම් යුන්හා නිහඩව අහගෙන හිටියා ඇරෙන්න මුකුත් කිව්වේ නැ
" ඇයි දැන් මට මේ දේවල් කියන්නේ "
" ජන්කූක් ආදරේ කරන්නේ ඔයාට ඔන්නි එයා සතුටින් ඉන්නේ ඔයාගේ ලග අවුරුදු ගානක් නොදැකපු එයාගේ හිනාව ගේන්න ඔයාට පුලුවන් වුනා එයාගේ සතුට රැදිලා තියෙන්නේ ඔයාගේ ලග ඔන්නි මගේ ලග නෙවෙයි මම ජන්කූක්ට ආදරෙයි ඒ ආදරේ බොරුවක් නෙවෙයි අවුරුදු 04 ක් පුරාවටම මම තනියෙන් ආදරේ කලා කවදාහරි මට ආදරෙයි කරයි කියලා බලාපොරොත්තුවෙන් ඒත් නැ එයාගේ ආදරේ අයිති ඔයාට ඔන්නි ඔයාට විතරයි "
" ඒත් එකපාරටම ඇයි මේ කොරියාව දාලා යන්නේ "
" මම මේ තීරණය ගත්තේ ජන්කූක් ඔන්නි එක්ක බූසාන් ගිහින් කියලා දැනගත්ත දවසේ මගේ යාලුවෙක් ඔයාගෙයි ජන්කූක්ගෙයි ෆොටෝ එකක් මට එවලා තිබුනා ඒ ෆොටෝ එකේ ජන්කූක් ගොඩක් සතුටින් හිටියේ එයා කවදාවත් මගේ ලග එහෙම ඉදලා නැ ඔන්නි ඒකයි මම මේ හැමදේම කියලා ඔයාලාගේ ජීවිත වලින් ඈතට යනවා කියලා හිතුවේ මම ජොන් අන්කල්‍ට කිව්වා මට ජන්කූක් එක්ක එන්ගේජ් වෙන්න බැ කියලා එයා මගෙන් ප්‍රශ්න කෝටියක් ඇහුවා මම කියන්නේ මට නම්චිංගු කෙනෙක් ඉන්නවා කියලා "
" ඔයාට දුක ඇති නේ ද "
සෙමී හිනා වුනා
" අනී ඔන්නි මට දුක නැ ජන්කූක් සතුටින් නම් මමත් සතුටින් ඔන්නි අපි ආදරේ කරන කෙනා අපේ නොවෙන්න පුලුවන් එයා වෙන කෙනෙක් එක්ක සතුටින් නම් අපිට ඒ දිහා බලලා සතුටු වෙන්න පුලුවන් නම් මම දකින විදියට ඒකත් ආදරේ තමයි ඔන්නි "
" කොහෙන් ද ඔය වචන හොයාගත්තේ අලුතින් බලපු ඩ්‍රාමා එකකින් ද "
යුන්හා හිනා වෙලා ඇහුවා
" ohh... god ඔන්නි ඔයා එක්ක නම් බැ අනේ "
" මම හරි නේද කිව්වා "
" ඔයා හැමදාම හරි ඔන්නි මමයි වැරැදි "
" වෙච්ච දේවල් වුනා දැන් ඒ දේවල් වෙනස් කරන්න බැ සෙමියා ඉස්සරහ ගැන හිතලා වැඩ කරමු "
" හ්ම්ම්
මම යන්නම් ඔන්නි පරිස්සමින් හරි ද "
" හ්ම්ම් ඔයත් "
සෙමී එතැනින් නැගිටලා ගියේ ඇස් වල කදුලු පුරවගෙන ඒත් යුන්හා ඒ කදුලු දැක්කේ නැ
" සෙමියා ඔයා වෙනස් වෙලා නැ පොඩ්ඩක්වත් දැන් ඔයා ඔහොම කිව්වාට ඔයාගේ හිතේ තියෙන වේදනාව මම දන්නවා "
යුන්හා සෙමි යන දිහා බලාගෙන කිව්වා යුන්හා ටිකකින් නැගිටලා එතැනින් ගියා ඊට ටික වෙලාවකට පස්සේ තමයි ජන්කූක් එතැනට එන්නේ ජන්කූක් හැමතැනම යුන්හාව හෙව්වත් හොයාගන්න බැරි වෙනවා කොල්ලා බෙන්ච් එකේ වාඩිවෙලා කොන්ඩේ අස්සේ අතැගිලි යැව්වා
" යුන්හා කොහෙද මැනික ඔයා ගියේ.......? චේබල් මගේ ලගට එන්න
ඔම්මා මට යුන්හාව හොයාගන්න උදව් කරන්න චේබල් "
_______________________________________
කෙල්ල ඔහේ පාරක ඇවිදගෙන ගියා කවුරු කොහොම මොන දේ කිව්වත් කෙල්ලට එයාගේ ජීවිතේ ගැන තිබුනේ කලකිරීමක් විතරයි පාර ටිකක් පාලුයි කෙල්ලට කවුරුහරි පස්සෙන් එනවා කියලා දැනුනත් කෙල්ල ඉස්සරහට ගියා කෙල්ල පිටිපස්ස හැරිලා බැලුවත් කවුරුවත් හිටියේ නැ යුන්හා ඉක්මන් කරලා ඇවිදගෙන ගියත් ඉස්සරහින් ආපු මනුස්සයෙක් යුන්හාගේ පාර හරස් කලා පිටිපස්ස හැරිලා යන්න හැදුවත් තව මිනිස්සු කිහිප දෙනෙක් හිටියා
" තමුසෙලා කවුද "
කෙල්ල ඇහුවා
" මේකිව අල්ලාගෙන වෑන් එකට දාගනින් "
එකෙක් කියනකොට අනිත් අය කෙල්ලට ලං වුනා
" මට යන්න දෙනවා "
කෙල්ල කෑගහනවා
" මේකිගේ කටේ සද්දේ "
එකෙක් කෙල්ලගේ කම්බුලට ගැහුවා තව එකෙක් කෙල්ලගේ පිටිපස්සෙන් ඇවිත් නහයට ලේන්සුවක් තියලා තද කලා ටිකකින් කෙල්ල සිහිය නැතුව බිම වැටෙද්දී
" ඉක්මන් කරපන් "
කෙල්ලව වෑන් එකට දාගෙන පිටත් වුනා
_________________________________________
යුන්හා හොයාගන්න නැති නිසා ඔක්කොම කලබලෙන් හනා යුරීව නලවනවා සනා පැත්තකට වෙලා වාඩි වෙලා ලොකු කල්පනාවක ජන්කූක් එහා කොනටයි මෙහා කොනටයි ඇවිදිනවා ඉවරයක් නැ
" යුරී ඇති පැටියෝ දැන් ඇඩුවා යුන්හා ඉක්මනට එයි "
හනා යුරීගේ ඔලුව අතගාන ගමන් කිව්වා
" යුරී මැනික කෝ මෙහේ බලන්න "
ජිමින් කෙල්ලගේ ලගින් වාඩි වෙලා කිව්වා කෙල්ලත් ජිමින් දිහා බැලුවා
" අපි ඉක්මනට ඔයාගේ යුන්හා ඔන්නි හොයාගමු හරි ද යුන්හා ඔන්නි ඔයා ඔහොම අඩනවා දැක්කොත් එයාට ගොඩක් දුක හිතෙයි නේද ඒක නිසා ගුඩ් ගර්ල් වගේ කදුලු පිහිදගන්න "
ජිමින් කියනකොට යුරී කදුලු පිහිදගත්තා එතකොට සනාට කෝල් එකක් ආවා
" යෙබුසේයෝ
කවුද මේ "
හැමෝම සනාගේ පැත්තට හැරුනා
"මේ සනා ඔන්නි නේද "
"යේ මම සනා තමයි ඔයා කවුද "
" මම සෙමී "
" සෙමියා මේ වෙලාවේ ඇයි මට කතා කරන්නේ "
" ඔන්නි ඉක්මන් කරන්න චේබල් යුන්හා ඔන්නිගේ ජීවිතේ අනතුරේ ඔන්නි ඔයා මම කියන තැනට යන්න ඔන්නි පල්ලි "
" ඒත්....."
" ඔන්නි වැඩි වෙලාවක් නැ මම ඔයාට තැන මැසේජ් කරලා ඇත්තේ කවුරුහරි එනවා වගේ මම තියෙනවා "
" සෙමී...."
එතකොටත් සෙමී ෆෝන් එක තියලා ඉවරයි
" සනා කවුද කතා කලේ..?"
හනා ඇහුවා සනා මුකුත් නොකියා හිටියා
" සනා ඔන්නි කියන්නකෝ "
ලූනා කිව්වා
" සනා නූනා ඇයි කතා නොකරන්නේ "
ජිමින් ඇහුවා
" මම මේක ඉවර කරන්න පරක්කු වුනා වැඩියි හනා "
" මොනාද කියන්නේ "
" මම පස්සේ හැමදේම කියන්නම් දැන් වැඩි වෙලාවක් නැ "
" සනා කියන්න හදන්නේ..."
" යේ යුන්ගි "
" මොනාද ඔය දෙන්නා කියන්නේ "
ජන්කූක් ඇහුවා
" ජන්කුකා ලෑස්ති වෙයන් පොඩි වැඩකට යන්න තියෙනවා "
යුන්ගි කිව්වා
" මොකද්ද කියන්නේ "
" උබේ කෙල්ලගේ ජීවිතේ අනතුරේ යකෝ ඉක්මනට වරෙන් "
යුන්ගි කිව්වා
" WTF !!"
කොල්ලා ඉක්මනට රූම් එකට ගිහින් locker එක ඇරලා ගන් එක එලියට අරගෙන ඉනේ ගහගත්තා
", හියුන්ග් යන් "
",සනා ගෙදර ඉන්නවා අපි මේක බලාගන්නම්"
යුන්ගි කිව්වා
" පිස්සු ද මම එනවා "
සනා එහෙම කියාගෙන එලියට ගියා ටේහ්යුන් ජන්කූක් සනා යුන්ගි පිටත් වුනා
________________________________________
යුන්හාගේ ඔලුව රිදෙන්න ගනිද්දී ඇස් දෙක ඇරලා බැලුවා කෙල්ලගේ අත් පිටිපස්සට කරලා ගැට ගහලා තිබුනේ කෙල්ල හිමින් ඇස් ඇරලා බැලුවේ කොහෙද ඉන්නේ කියලා හොයාගන්න අදුරු කාමරේ පොඩි විදුලි බුබුලක් විතරයි තිබුනේ
" මම කොහෙද මේ ඉන්නේ "
කෙල්ල වටපිට බලන ගමන් මිමිනුවා
" ඕ හෝ මෙන්න අපේ ප්‍රින්සස් ඇහැරිලා කොහොමද ප්‍රින්සස් ඉතින් "
මීහා ඇවිත් යුන්හා ඉස්සරහ තිබුණු මේසෙට හේත්තු වෙලා කිව්වා
" මීහා ආන්ටි "
",ඔව් ඔව් ප්‍රින්සස් මම ඔයාගේ මීහා ආන්ටි තමයි පුදුමයි නේ "
" මීහා ආන්ටි ඇයි මෙහෙම කරන්නේ ඔයාට මොනාද ඕන "
" ප්‍රින්සස් ඔයාගේ ජීවිතේ මට ඕන "
කෙල්ල නම් මුකුත් නොකියා හිටියා
" ප්‍රින්සස් ඇයි ඔයා මේ දේවල් වලට මැදිහත් වුනේ ඔයාව මම අතහරින්න හැදුවේ ඒත් ඔයා මට ඒක කරන්න ඉඩ දෙන්නේ නැ නේ මොනාද ප්‍රින්සස් ඔයා කරන්නේ "
මීහා කනගාටුවෙන් වගේ හුස්මක් පහල දැම්මා
" ඔයා මේ හැමදේම කරන්නේ දේපළ සල්ලි නිසා ද "
" උප්ස් ඔයාට දැන් ද තේරුනේ "
" ආන්ටි අප්පාගෙන් ඔයා මේ දේවල් ඉල්ලුවා නම් ඔයාට දෙන්වා නේද ඇයි මෙහෙම කරන්නේ "
" තමුසෙට පිස්සු ද මම හිගා කනවා කියලා හිතුවා ද "
" මැඩම් "
" ඕ මාක් එක්කන් ආවා ද "
" යේ මැඩම් "
මාක් ගිහින් සෙමීව ඇදගෙන ඇවිත් යුන්හාගේ ලගට තල්ලු කලා කෙල්ල ගිහින් යුන්හාගේ කකුල් දෙක ලග වැටුනා
" සෙමියා...."
සෙමී කදුලු පුරවගෙන යුන්හා දිහා බැලුවා
" ආන්ටි මේ ඔයාගේ දුව නේද කොහොමද ඔයා මෙහෙම කරන්නේ ආ "
", නැ ප්‍රින්සස් එතැන තමයි මටත් ඇත්තටම වැරැදුනේ මේකි මගේ ලමයෙක් නෙවෙයි "
මීහා සෙමීට ඇගිල්ල දික් කරලා කිව්වා
" what...?"
" ප්‍රින්සස් පුදුමයි නේද මාත් පුදුම වුනා ඇත්තම කිව්වොත් මේකි තමයි ප්‍රින්සස් ඔයාගේ නංගී ඔයාගෙම නංගි සේහිගෙයි මිස්ටර් කිම් ගෙයි දෙවැනි දරුවා තමයි මේ "
සෙමි වගේම යුන්හාත් මුකුත් හිතාගන්න බැරුව ඉන්නේ
" ඔයා මොනාද කියන්නේ එහෙම කොහොමද වෙන්නේ "
යුන්හා කිව්වා
" ඒක තමයි ප්‍රින්සස් ඇත්ත මොනා කරන්න ද ඔයාගේ ආදරේ ඔයාගෙන් උදුරගන්න හදන කෙනා ඔයාගෙම නංගී වුනා නේ දෛවය මාර සෙල්ලමක් අපි එක්ක කරන්නේ "
" එහෙම කොහොමද වුනේ කියන්න "
" මේකිගේ අත් දෙක ලිහපන් කොහොමත් පැනලා යන්න බැ "
යුන්හාගේ අත් දෙක ලිහුවා
" මේක බලපන් "
යුන්හාට ෆයිල් එකක් දික් කලා කෙල්ල ෆයිල් එක බැලුවා ඒක තිබුනේ සේහි pregnant කාලේ ගත්ත ෆොටෝ වගයකුත් රිපෝට් වගයකුයි
" 1999 ඔක්තෝබර් 05"
කෙල්ලගේ කටින් පිටවුනා එදාට තමයි සෙමීගේ උපන්දිනේ තිබුනේ
" ඒ කියන්නේ.............
සෙමී මගේ නංගි ද් "
යුන්හා කිව්වේ සෙමී දිහා බලාගෙන
" යේ "
" කොහොමද මෙහෙම වුනේ මම එතකොට සේහි ඔම්මාගේ දරුවෙක් ද "
සෙමී ඇහුවා
" ඒක තමයි දැන් කිව්වේ තමුසෙට තේරුනේ නැද්ද "
" එතකොට අප්පා "
" උබ කියන්නේ මොන අප්පා ගැන ද "
" චෝයි "
" පොඩ්ඩක් ඉන්න මම තමුසෙට පෙන්නන්නම් "
එතකොට මිස්ටර් චෝයිව ඇදගෙන ඇවිත් දන ගැස්සුවා චෝයිගේ ඇගේ හැමතැනම ලේ
" අප්පා "
සෙමී මිස්ටර් චෝයි ලගට යන්න හදනකොට මීහා පිටිපස්සට තල්ලු කරපු පාර සෙමී වැටෙන්න ගියේ යුන්හා අල්ලාගත්තේ නැත්නම්
" චෝයි ඇත්ත කියන්නකෝ මෙයාලට ",
" සෙ..සෙමී ඔයා මිස්ටර් කිම්ගේ දෙවැනි දුව ඔ..ඔයාට මටවත් මේ ගෑනිටවත් කිසි සම්බන්ධයක් නැ
එ..එදා සේහි වගේම මීහාත් අමාරු වෙලා හොස්පිටල් ඇඩ්මිට් කරනවා අපේ දරුවා ඉපදෙනකොටත් මැරිලා ඒ වගේම මිස්ටර් කිම්ට ඩොක්ටර්ස්ලා කියලා තිබුනේ සේහි හරි ඔයා හරි දෙන්නාගෙන් එක් කෙනෙක් විතරයි බේරගන්න පුලුවන් කියලා මිස්ටර් කිම් සේහිව තෝරගත්තා ඒත් කිසි ප්‍රශ්නයක් වුනේ නැ ඔයත් හොදින් හිටියා එදා ඩිලිවරි එක කලේ මගේ යාලුවෙක් එයා මැරුනු දරුවා සේහිගේ කියලා ඔයාව අපිට දුන්නා මේක දැනගෙන හිටියේ අපි දෙන්නා විතරයි මීහා දැන්ගෙන හිටියෙත් නැ "
සෙමී අඩිය්ක් පස්සට ගියා
" හරි දැන් ඔයාගේ කතාව ඉවරයි ගුඩ් බායි චෝයි "
මීහා එහෙම කියලා මිස්ටර් චෝයිට වෙඩි තිබ්බා සෙමී යුන්හාට තුරුල් වෙලා අඩන්න ගත්තා
" එයත් ගියා දැන් ඔය දෙන්නාට ගුඩ් බායි කියන්න වෙලාව් "
" තමුසේ මහ තිරිසන් ගෑනියෙක් මිහා කොහොමද මෙහෙම කරන්නේ ආ හිතක් පපුවක් නැද්ද "
යුන්හා කිව්වා
" මෙන්න මෙයාගේ කටට පන ඇවිල්ලා
වැඩිය සද්දේ දාගෙන එන්න එපා "
මීහා එහෙම කියලා යුන්හාගේ තුරුලේ හිටපු සෙමීව ඇදලා ගත්තා
" ඔන්නි....😭"
" මීහා සෙමීව අතහරිනවා "
" ඕහෝ බලන්න ඉතින් ඒ ආදරේ "
" ඔම්මා මාව අතහරින්නකෝ චේබල් "
සෙමී අඩ අඩා කිව්වා
" ඔය ඇඩිල්ල නවත්තගනින් මොන කන් කරච්චලයක් ද "
" මීහා ආන්ටි චේබල් සෙමියාව අතහරින්න 🥺"
" මේ බලපන්කෝ සහෝදර ප්‍රේමය පව් කියලත් හිතෙනවා ඒත් මියානේ ඔයලාට් දැන් මේ ලෝකෙන් යන්න කාලේ හරි "
මීහා වියරුවෙන් වගේ හිනා වුනා ඒත් එක්කම එලියෙන් සද්දයක් ඇහුනා
", මොකද්ද කියලා බලපන් "
" මැඩම්....."
එකෙක් ලේ පෙරාගෙන ආවා ඌට වෙඩි තියාගෙන ජන්කූක් ඇතුලට ආවා ඒත් එක්කම සනාත් ආවා
" ජන්කුකා "
කෙල්ලගේ මූනේ හිනාවක් ඇදුනේ ආයාසයකින් මීහාගේ අතින් සෙමී ගැලවෙද්දී යුන්හා සෙමීව එයාගේ ලගට ගියා ජන්කූක්ගේ අතින් එතැන හිටපු කිහිප දෙනෙක් පරලොව යද්දී මීහා සනා එක්ක වෙනම සෙල්ලමක්
" තමුසේ තාම ජීවත් වෙනවා එහෙනම් "
" තමුසේ මරලා දැම්මේ අහිංසක කෙල්ලෙක් මීහා අද නම් මම තමුසෙව ඉතුරු කරන්නේ '
" පුලුවන් දෙයක් කරපන් "
මීහා එහෙම කියලා අතේ තිබුණු ගන් එකෙන් ශූට් කලා යුන්හාගේ බඩට බුලට් එක පසාරු කරගෙන යද්දී කෙල්ල වේදනාවෙන් කෑගහගෙන බිම ඉදගත්තා
" ඔන්නි..."
" යුන්හා "
ජන්කූක් කෙල්ල ලගට දුවගෙන ඇවිත් කෙල්ල ලග දන ගහගත්තා
" බැල්ලි උබ මොකද්ද ගෑනියේ ඒ කරපු වැඩේ "
සනා මීහාට ශූට් කරලා යුන්හා ලගට ගියා සෙමී අඩනවා එතකොට ටේ යුන්ගි දෙන්නාත් ආවා
" යූ.. මැනික ඇස් වහන්න එපා "
" ජ්..ජන්කුකා අ..අඩ්..අඩන්න එ..එපා...ම්..ම්ම් හො..හොදින් "
කෙල්ල වේදනාව හංගගෙන හිනා වුනා
" කෙල්ලව ගනින් හොස්පිටල් එකට යමන් ඉක්මනට "
යුන්ගි කියද්දී ටේ ඉක්මනට ගිහින් කා එකට නැග්ගා ජන්කූක් යුන්හාව දෝතට අරගෙන ගියා සනා සෙමීව එක්කගෙන ආවා
" මැනික....ඇස් පියාගන්න එපා.. මට පොරොන්දු වුනා නේද මාව දාලා යන්නේ නැ කියලා "
" ම්ම්..කොහ්..කොහෙවත් ය්..යන්නේ....නැ කුක්කෝ...පොඩි බබෙක්...ව..වගේ අ..අඩන්න එපා කුමාවෝ හැමදේකටම.... ම්..මට ආදරේ කලාට...මාව..පර්..පරිස්සම්..ක්ලාට..මාව..හිනැස්සුවාට..මට ඕන ක්..කරන ..හැම..ත්ත්පරේක්.ම මගේ ල්ග හිටියාට...සරන්හේ කුක්කෝ..."
"නා නෝමු නෝමු සරන්හේ මැනික "
යුන්හා ලස්සනට හිනා වෙලා ඇස් පියාගත්තා
" යූ.....ඇස් අරිනවා යූන්හා තමුසෙට මාව සෙල්ලමක් ද ආ ආදරෙයි කියලා දාලා යන්න ද හදන්නේ "
ජන්කූක් දුක වේදනාව හැමදාම වගේ අදත් පිටකලේ තරහකින් ටේ ඉක්මනට හොස්පිටල් එකට ආවා කෙල්ලව ICU දැම්මා හැමෝම හොස්පිටල් එකට ඇවිත් හිටියේ සනාගේ තුරුලට වෙලා සෙමී අඩනවා ඉවරයක් නැ අනිත් අයත් එහෙමයි හනා කදුලු පාලනය කරගෙන හිටියේ එයා කඩාගෙන වැටුනොත් අනිත් අය කොහොම හැසිරෙයි ද කියලා තිබුණු බය නිසා ජන්කූක්ගේ සුදු ශර්ට් එක යුන්හාගේ ලේ වලින් තෙත් වෙලා කොල්ලාට දැනෙන්නේ හරියට එයාගේ ඔම්මා නැති වුනු දවසේ එයාට දැනුන මූසල හැගීමමයි කොල්ලා එහෙම ඔලුව බදාගෙන බිම ඉදගත්තා ටේ කොල්ලා ලගට ගිහින් වාඩි වුනා
" ජන්කුකා "
" හියුන්ග්......මගේ කෙල්ල "
කොල්ලෙක් වචන වලට කලින් කදුලු ඉස්සර වුනා ටිකකින් ඩොක්ටර් එලියට ආවා හැමෝම ඩොක්ටර් වට කරගත්තා
" ඩොක්ටර් මගේ කෙල්ල..."
" I'm really sorry Mr.jungkook අපිට එයාව බේරගන්න බැරි වුනා "
.
.
.
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
හැම ආදර කතාවකම අවසාන සතුට ද
නැ සමහර ආදර කතාවල අවසාන දුකක් වෙන්නත් පුලුවන්
ඒ දෙකම නොවෙන්නත් පුලුවන්
තමන්ගේ ඔෆිස් එකේ වැඩට ආපු කෙල්ලෙක් තමන්ගේ ජීවිතේ මෙච්චර වෙනස් කරයි කියලා ජන්කූක් කවදාවත් නොහිතන්න ඇති යුන්හා වුනත් හිතන්නේ නැතුව ඇති මේ වගේ ආදරයක් එයාට ලැබෙයි කියලා
දෛවය එක්තරා ආකාරක සෙල්ලමක්
යුන්කුක් සදහටම වෙන් වෙයිද කියන්න මම දන්නේ නැ
අකුරු මිස්ටේක් ඇති සමහරවිට සමාවෙන්න ඈ
කතාවේ අවසාන දැන්ම තීරණය කරන්න එපා
සතර කන් මන්ත්‍රනය වගේ දිග චැප්ටර් එකක්
වචන 3878
මම ලියපු දිගම චැප්ටර් එක
JungTenuKook
Happy birthday menikoo 😘
අවසාන කොටසින් හමුවෙමු
සරන්හේ 😘
Bye
Nipu.
Bạn đang đọc truyện trên: AzTruyen.Top