✨️💜️ Chapter 43 💜️✨️
Author pov
යුන්ගි සනාව නිදහස් තැනට එක්කගෙන ආවා
" දැන් කියනවා "
සනා යුන්හා ගැන මෙච්චර කල් සිද්ධ වෙච්ච හැමදේම කිව්වා
" මෙච්චර දේවල් අපෙන් හැංගුවා ද ආ තමුසේ තනියෙන් ඔක්කොම කරන්න හිතාගෙන හිටියේ ආ තමුසෙගේ වැඩ නිසා තමයි තමුසෙගේ යාලුවත් නැති වුනේ "
බිම බලාගෙන හිටපු සනා යුන්ගි දිහා බැලුවේ ඇස් වල කදුලු පුරවගෙන මේ වෙනකොටත් සනාගේ හිත පිලි අරගෙන ඉවරයි එයා නිසා තමයි නූරා නැති වුනේ කියන දේ
" යේ...... ඔයා කියන දේ හරි මම නිසා තමයි නූරා නැති වුනේ.... එතැන නූරා වෙනුවට මම හිටියා නම් "
සනා ඉකියක් පිට වෙද්දී අතින් කට වහගත්තා යුන්ගි එයා නොහිතා කියපු දේ ගැන පසුතැව්නා
" මියානේ මම ඒක හිතලා නෙවෙයි කිව්වේ "
" ඔයා මොකටද සමාව ඉල්ලන්නේ ඔයා කිව්ව දේ ඇත්ත මම මිස්ටර් චෝයි ගැන නූරාට හොයන්න නොකිව්වා නම් එයා අදටත් ජීවත් වෙනවා මගෙයි වැරැද්ද......😔"
සනා කතා කලේ ලොකු කලකිරීමකින් කියලා යුන්ගිට තේරුනා
" තමන්ගේ පිට වැරැද්ද පටවගන්න එක නවත්තනවා සනා..තමුසෙගේ වැරැද්දක් නැ මෙතන "
" ඇත්ත ඒකයි ඒ ඇත්ත වෙනස් කරන්න බැ "
" විකාර කියවන්නේ නැතුව එනවා යන්න "
යුන්ගි කිව්වා
" ඔයා යන්න මම එන්නම් "
" මෙන්න මෙහේ එනවා "
යුන්ගි සනාව ඇදගෙන ගියා
මේ අතරේ මීහා හිටියේ තමන්ගේ වැඩක් හරි ගිය නිසා සතුටින්
" මාක් තමුසේ මේකවත් හරියට කරපු එක පුදුමයි "
මීහා tv එක ඕෆ් කරන ගමන් කිව්වා
" අවුරුදු ගානක මහන්සිය කෙල්ලෝ දෙන්නෙක් නිසා විනාශ වෙන්න දෙන්නේ නැ කොහොමත් මෙච්චර කල් මොකද්දෝ වාසනාවකට බේරුනාට මේ පාර නම් තමුසේ ඉවරෙටම ඉවරයි "
මීහා එහෙම කියලා වියරුවෙන් වගේ හිනා වුනා මේ හැමදේම කෙනෙක් අහගෙන හිටියා කියලා මීහා දන්නේ නැ
Next day morning
උදේ නැගිට්ට යුන්හා නිදි මරගාතේ වැනි වැනි ඇවිත් අන්තිම පඩිය බහිනකොට කකුල පටලැවිලා බිම වැටුනා
" අහ් ඔම්මා...."
උදේම පොලොව මහී කාන්තාවට කිස් එකක් දුන්නු යුන්හා ගෙදර හදපු එකාගේ හත්මුතු පරම්පරාව මතක් කරන්න අමතක කලේ නැ
" උදේම ඇන ගත්තා අද නම් මොන මරණයක් කඩාගෙන මන්දා "
යුන්හා තනියම කියව කියව garden එකට ගියා අත් දෙක දිග ඇරලා හිරි ඇරියා එතැන එක පිස්සුවක් ජන්කූක් බැල්කනියට වෙලා coffee mug එකත් තියාගෙන යුන්හා දිහා මම බලාගෙන ඉන්නවා හැබැයි කෙල්ල නම් දන්නෑ ජන්කූක් එයා දිහා බලාගෙන ඉන්නවා කියලා
" ඕයි නපුරි "
බලාගෙන ඉඳලා බැරිම තැන ජන්කූක් යුන්හාට කතා කළා කෙල්ල ගැසිලා ගිහ්සිලා ගිහින් ආ වටපිට බැලුවා කවුද එයාට කතා කළේ කියලා
" උඩ බලනවා "
යුන්හා උඩ බලනකොට ජන්කූක් හිනා වෙවී එයා දිහා බලාගෙන ඉන්නවා
" මොකද "
" මගේ රූම් එකට එනවා දෙන්න දෙයක් තියනවා "
" මොකද්ද "
යුන්හා කෑගහලා ඇහුවා
" පණ්ඩිත නොවී කිව්වා අහල මගෙ රූම් එකට එනවා "
යුන්හා ජන්කූක්ට ජාතිය අමතන ගමන් වැනි වැනි ජන්කූක්ගේ රූම් එකට ගියා
" මොකටද මට එන්න කිව්වේ "
කෙල්ල ආපුගමන් දොරට හේතු වෙලා ජන්කූක්ගෙන් ඇහුවා
" තමුසේ උදේට කැඳද බිව්වෙ මෙතනට එන්න විනාඩි පහලවක් ගියා "
" කැද නෙවෙයි කොපි වත් බිව්වේ නෑ තමුසේ මෙතන ඉඳගෙන කැදක් ගැන කියවනවා "
" ආ...."
ජන්කූක්ගේ අතේ තිබුණු කොෆී මග් එක යුන්හාට දුන්නා
" මේක මොකටද මට "
යුන්හා මග් එක අතට ගන්න ගමන් ඇහුවා
" බොනවා "
" මේක ඔයා බීලා නේ "
යුන්හා මග් එක දිහා බලාගෙන කිව්වා
" ඉතින් මොකෝ..? ඕක බොනවා "
" මේ ජන්කුකා මම පොඩි දෙයක් අහන්න ද "
" මොකද්ද "
" ඔයාට ජලභීතිකාවට බෙහෙත් විදලා ද "
( author : කිස් කරන්න කලින් ඕක ඇහුවා නම් නරක ද මං කියන්නේ
යුන්හා : ඕතරී ගිහින් කතාව ලියනවා අනුන්ගේ සෙද්දවල් හොයන්නේ
Author : යකෝ මේකි ගිය උඩක් ඉක්මනට බිමට වැටෙයි බලාගෙන
යුන්හා : ඒක මම බලාගන්නම් ඕතරී කතාව ලියනවා
Author : හාකෝ එහෙනම් )
" මොකාක්....?"
ජන්කූක් මේකිට පිස්සු ද වගේ බැල්ලමක් දාගෙන ඉන්නවා
" යේ..කුක්කන්ට ජලභීතිකාවට බෙහෙත් විදින්වා නේ "
යුන්හා කිසි ගානක් නැතුව කිව්වා
" දැන් තමුසේ කියන්නේ මම කුක්කෙක් කියලා ද "
" සරලවම කෙටියෙන් කිව්වොත් ඔබ සිතූ ආකාරය නිවැරැදියි "
" යුන්හා තමුසේ මගෙන් ගුටි කන්න ලගයි "
යුන්හා හිනා වුනා ජන්කූක් කබඩ් එක ඇරලා බෑග් එකක් අරගෙන ආවා
" මේක ඔයාට "
යුන්හා අතේ තිබුණු මග් එක පැත්තකින් තියලා බෑග් එක ගත්තා
" මොනාද "
" ඔයාම බලන්න "
ජන්කූක් කිව්වා යුන්හා බෑග් එකට එබිලා බැලුවා ඒකේ තිබුනේ black colour frock එකක්
" මේක මට ද "
යුන්හා ඇහුවා
" අනී මට "
" කුක්කා කවදා ඉදන් ද ගවුම් අදින්න පටන් ගත්තේ "
" තමුසේ මගෙන් මුකුත් නාහ ගිහින් ඕක ඇදගෙන එනවා අනිත් එක ආපහු කුක්කා කිව්වොත් කට කඩනවා "
" කුක්කාට කුක්කා නොකියා වෙන මොනා කියන්න ද ",
",යුන්හා......."
ජන්කූක් කෑගැහුවා
" හරි හරි ඉතින් ඔච්චර කෑගහන්න එපා "
යුන්හා එහෙම කියලා හිනා වෙවී ගියා
" මගේ පිස්සු කෙල්ල "
ජන්කූක් හිනා වෙවී කිව්වේ යුන්හා යන දිහා බලාගෙන යුන්හා රූම් එකට ගිහින් ගවුම ඇදලා mirror එක ඉස්සරහට ගිහින් වටයක් කැරකුනා
" කෙල්ලෝ කී දෙනෙක්ට මෙහෙම ඇදුම් අරන් දීලා තියෙනවා ද දන්නේ නැ නැත්නම් කොහොමද හරියටම මට ගැලපෙන්න ගවුමක් අරගෙන ආවේ ඒකත් මම නැතුව මම ගිහින් ඇදුමක් ගත්තොත් අඩුම දෙපාරක් රිටර්න් කරනවා "
යුන්හා තනියෙන් කියව කියව mirror එක ඉස්සරහට වෙලා එයාගේ ලස්සන බලනවා
" යුන්හා..."
ජන්කූක් කතා කරනකොට කෙල්ල hand bag එකත් අරගෙන පහලට යනකොට ජන්කූක් සෝෆා එකේ වාඩිවෙලා ෆෝන් එක ඔබ ඔබා හිටියා
" මම ආවා "
යුන්හාගේ කටහඬ ඇහුනාම තමයි ජන්කූක් ඔලුව උස්සලා බැලුවේ කොල්ලා දෙපාරක් ඇස් පිය ගැහුවා
" මොකද ඔහොම බලන්නේ "
යුන්හා අහනකොට තමයි ජන්කූක් මේ ලෝකෙට ආවේ
" අහ් නැ යන් "
එහෙම කියලා කෙල්ලගේ අතිනුත් අල්ලාගෙන එලියට ගියා
At jungkook's house
" සනා කෝ...."
හනා එහෙම අහගෙන කිචන් එකේ ඉදන් living room එකට ආවා living room එකේ ලිසා,මින්සු , ලූනා , යුරී , යුන්ගි , ටේ , ජිමින් හිටියේ
" සනා ඔන්නි ඊයේ හවස ආවා රූම් එකට ගියා දොර වහගත්තා ඊට පස්සේ රෑට කන්නවත් එලියට ආවේ නැ අපි ගිහින් කන්න කතා කලාම පස්සේ කන්නම් දැන් බඩගිනි නැ කිව්වා "
ලූනා කිව්වා
" සනා ප්‍රශ්නෙක ඉද්දී තමයි ඔහොම හැසිරෙන්නේ "
ලිසා කිව්වා
" නූනාට ප්‍රශ්නයක් නම් ඇයි අපිට නොකියන්නේ "
ටේ ඇහුවා
" ඔන්නි කවදාවත් එයාගේ ප්‍රශ්න කාටවත් කියන්නේ නැ තනියෙන් විසදගන්න හදන්නේ හැමදේම "
ලූනා කිව්වා
" හරි ඉතින් අහලා බලමු "
ජිමින් කිව්වා
" ඉන්නකෝ මම කතා කරලා බලන්න "
ලිසා කිව්වා
" ලිසා ගිහින් කතා කරන්න එයා ඔයාට හැමදේම කියයි "
හනා කිව්වා ලිසා ගිහින් සනාගේ රූම් දොරට තට්ටු කරනවා
" සනා දොර අරින්නකෝ අපි කතා කරමු "
" ලිසා මට තනියෙන් ඉන්න දෙන්න චේබල් "
සනා කිව්වා
",සනා ඔයා ඔහොම ඉදලා අසනීප වෙයි කිව්වාම කියන දේ අහන්න "
" මට මුකුත් වෙන්නේ නැ ලිසා මට තනියෙන් ඉන්නයි ඕන "
" ඔයා ඔහොම ඉන්න හේතුව මොකද්ද සනා "
" ලිසා චේබල් මම ඔයාගෙන් ඉල්ලන්නේ එක දෙයයි මට තනියෙන් ඉන්න දෙන්න මට කාත් එක්කවත් කතා කරන්න ඕන නැ "
සනා කිව්වා ලිසා living room එකට ඇවිත් වාඩිවුනා
" මොකෝ වුනේ "
හනා ඇහුවා
" එයාට තනියෙන් ඉන්න දෙන්නලු සනා අඩලා වගේ "
ලිසා හනා දිහා බලාගෙන කිව්වා
" සනා ඔන්නි ලේසියෙන් අඩන කෙනෙක් නෙවෙයි නේ ඉතින් ඔන්නිට අඩන්න තරම් මොකද්ද වුනේ "
යුරී ඇහුවා
" ඒක තමයි යකෝ අපිටත් හිතාගන්න බැරි ඔන්නි කා එක්කවත් කතා කරන්න කැමතිත් නැ නේ "
මින්සු කිව්වා ඔක්කොගේම කතා අහගෙන හිටපු යුන්ගි නැගිටලා ගියා
" හියුන්ග්ට මොකද්ද වුනේ "
ටේ ඇහුවා
" කවුද බන් දන්නේ
උබ ඔෆිස් යන්නේ නැද්ද ජන්කුකාත් නැ තෝ නේද ඔක්කොම බලන්න ඕන "
ජිමින් ඇහුවා
" හරි බන් යන්න ඕන "
යුන්ගි ගිහින් සනාගේ රූම් එකේ key එකත් අරගෙන ගිහින් සනාට කතා කලා
" සනා මම අන්තිම හොදින් කියන්නේ මේ දොර අරිනවා ඇතුලට එන්න කලින් "
" මට තනියෙන් ඉන්න දෙන්න චේබල් "
යුන්ගි දොර ඇරගෙන ඇතුලට ගියා යුන්ගි තරහෙන් හිටිය්ත් කෙල්ල හිටපු විදිය දැක්කාම යුන්ගිගේ තරහ නිවුනා සනා ඇද ලග බිම වාඩිවෙලා කකුල් දෙක අස්සේ ඔලුව තියාගෙන ඉන්නවා යුන්ගි ගිහින් සනාගේ ලගින් වාඩිවුනා කවුරුහරි ලගින් වාඩිවුනා කියලා දැනුනු නිසා කෙල්ල ඔලුව උස්සලා බැලුවා
" ඔ..ඔයා.."
සනාගේ ඇස් රතු වෙලා කම්බුල් සුදුමැලි වෙලා තාම ඇස් වලින් කදුලු ගලනවා
" තව කොච්චර කල් අඩනව ද "
" දන්නේ නැ "
සනා ඉස්සරහ බලාගෙන උත්තර දුන්නා
" දැන් ඔහොම හිටියා ඇති සනා ඔයා ඇඩුවා කියලා වෙච්ච දේවල් වෙනස් වෙන්නේ නැ ඉස්සරහට වෙන්න තියෙන දේවල් ගැන හිතන්න "
",ඒත් නූරාට නැති වුනේ මම නිසා නේද "
සනා යුන්ගිගේ දිහා බලාගෙන ඇහුවා යුන්ගි නැ කියන්න ඔලුව වැනුවා
" ඔයාගේ වරදක් නැ සනා ඒකට දැන් ඔහොම ඉන්න එපා තමුසේ ඊයේ ඉදලා මුකුත් කාලා නැ නැගිටිනවා "
" මට කන්න බැ "
" තමුසෙට කන පලාගන්න ඕන වෙලා ද "
" මම පස්සේ කන්නම් "
" බලනවකෝ තමුසෙගේ හැටි හොල්මනක් වගේ "
" හොල්මන් ලග වාඩිවෙලා ඉන්නේ මොකටද "
සනා රවාගෙන ඇහුවා යුන්ගි යාන්තම් හිනා වුනා
" ඔයා දන්නව ද මගේ ඔම්මා මාව නාදුනන මිනිස්සු ගොඩක් මැද්දේ දාලා යනකොට මට අවුරුදු 06 ක් මට තාම මතකයි එදා මම බය වෙලා කෑගහලා අඩපු හැටි හැමතැනම ඔම්මා ඔම්මා කියන ගමන් දුවපු හැටි මම ඒ දවසට වෛර කලා එතකොට තමයි අපේ ලමා නිවාසේ භාර ප්‍රධාන පාලිකාවට මාව හම්බුනේ ඊට පස්සේ මට පන වගේ ආදරේ කරන සහෝදරියෝ හය දෙනෙක් හම්බුනා මම සතුටින් හිටියා ඔම්මා නැති අඩුව දැනුනත් මාව දාලා ගියපු කෙනෙක් ගැන හිතන්නේ මොකටද කියලා මම හිතුවා මීට අවුරුදු 02 ට කලින් මට ආපහු ඔම්මාව හම්බුනා මම ගිහින් කතා කලා එයාට දුවෙක් ඉන්නවා ඒ ලමයා ඇවිත් මේ කවුද කියලා අහනකොට ඔම්මා දීපු උත්තරේ මට අද වගේ මතකයි එයා කිව්වා කොහෙද යන අනාථ කෙල්ලගේ වැරැදිලා මට ඔම්මා කියනවා කියලා මම අද වගේම එදත් මේ විදියටම ඇඩුවා එයාට මාව එච්චරටම එපා ද ඇයි ඒ "
සනා ඉකියක් පිට වෙද්දී කතාව නැවැත්තුවා
" ඔයා මේ දේට මට කියන්නේ ඇයි "
" දන්නේ නැ "
", තමුසේ මෙහෙම හැමෝම එක්කම දේවල් කියනවද "
" නැ මේ කතාව දන්නේ ඔයා විතරයි අනිත් හය දෙනා දන්නේ නැ "
",නැගිටලා එනවා කන්න "
යුන්ගි එහෙම කියලා දොර ලගට ගිහින් සනා දිහා බැලුවා
මම තමුසේ ගැන නොදන්න දෙයක් නැ සනා
යුන්ගි රූම් එකෙන් එලියට ගියා
________________________________________
" වාව් මෙතන ලස්සන "
යුන්හා කිව්වේ මල් පිපුණු චෙරි ගස් දිහා බලාගෙන අද දවසෙම ජන්කූක් යුන්හා එක්ක බූසාන් වටේ රවුම් ගැහුවා
" යේ...."
ජන්කූක් කිව්වා කෙල්ලට දැන් ජන්කූක් මතකත් නැ ලස්සනට වශි වෙලා වගේ බලාගෙන ඉන්නවා
" යූ...."
ජන්කූක් කතා කරනකොට කෙල්ල ජන්කූක් දිහා බැලුවා
" වේ..?"
" අත දෙන්න "
" ඒ මොකටද "
" මෙහේ දෙනවා "
ජන්කූක් යුන්හාගේ අත ඇදලා අරගත්තා
" ඇස් දෙක පියාගන්න "
" මොකටද කියන්නකෝ "
" මරන්න නෙවෙයි ඇස් දෙක පියාගන්න "
යුන්හා ඕන වෙඩිමක් කරපු දෙන් කියලා ඇස් දෙක පියාගත්තා
" දැන් ඇස් අරින්න "
ජන්කූක් කිව්වාම කෙල්ල ඇස් ඇරලා බැලුවා
" කුක්කෝ මේක ගොඩක් ලස්සනයි "
යුන්හා bangle එක දිහා බලාගෙන කිව්වා
" කුක්කෝ කියන්න එපා කියලා තමුසෙට කිව්වා "
" අනේ ඉතින් ආදරේට නේ 😚"
කෙල්ල හුරතල් විදියට හිනා වෙලා කිව්වා
" හියුන්ග්ලා ඉන්න තැන කියන්නේ එහෙම නැ "
" ok ඒත් ඉතින් මගේ කට ගැන ෂුවර් නැ😁 "
යුන්හා දත් තිස්දෙකම නියවලා කිව්වා
" මම ඒක දන්නවා 😑
ඕක මගේ ඔම්මාගේ යූ..."
" එහෙනම් ඇයි මේක මට දුන්නේ "
" ඔම්මා තරම් ම මට වටින කෙනෙක්ට මම දුන්නේ කවදාවත් ඕක ගලවන්න එපා අරස්සෝ.?"
" යේ...🙂"
", good girl
අපි දැන් යමු "
එතකොට ජන්කූක්ට කෝල් එකක් ආවා
" යූ.. one second "
යුන්හා ඔලුව වැනුවා
" යෙබුසේයෝ හියුන්ග් කියන්න "
"උබට ඉක්මනට සෝල් එන්න පුලුවන් ද හදිස්සියක් බන් "
" හියුන්ග් මම කොහොමද එන්නේ මම යුන්හා එක්ක එලියට ඇවිත් ඉන්නේ මට කෙල්ල තනියෙන් යවන්න විදියක් නැ දැන් වෙලාව 5.00 ට ත් කිට්ටුයි "
" හරි බන් මට තේරෙනවා ඒත් මේ හන්කාරයාට උබවම හම්බවෙන්න ඕනලු උබ දන්නවා නේ මිනිහාගේ හැටි "
" හරි හියුන්ග් ඉන්න බලන්න මම එන්නම් "
" හ්ම්ම්"
ජන්කූක් යුන්හා ලගට ගියා
" යන් ද "
" මැනික "
" වේ..?"
" මට සෝල් යන්න වෙනවා "
මෙච්චර වෙලා සතුටින් පිරිලා තිබුණු මූන අදුරු වෙන්න ගියේ තත්පර ගානයි ජන්කූක් ඒක දැක්කා
" දැන්....?"
ජන්කූක් ඔලුව වැනුවා
" මම ඉක්මනට ගිහින් එන්නම් "
යුන්හා ඔලුව වැනුවා
" යූ..."
" ඔයා පරිස්සමින් ගිහින් එන්න මම යන්නම් "
යුන්හා එහෙම කියලා යන්න හදනකොට ජන්කූක් කෙල්ලගේ අතින් අල්ලාගත්තා
",මම ගෙනිහින් දාන්නම් "
ජන්කූක් කිව්වා ජන්කූක් කෙල්ලව එක්කගෙන mansion එකට ආවා කෙල්ල mansion එකට එනකම් ම ශටර් එකෙන් එලිය බලාගෙන ආවා මිසක් ජන්කූක් එක්ක එක වචනයක්වත් කතා කලේ නැ යුන්හා car එකෙන් බැහැලා යන්න හදනකොට ජන්කූක් යුන්හාගේ අතින් අල්ලලා නැවැත්තුවා
" තරහ ද "
" අනී ගිහින් ඉක්මනට එන්න මම බලාගෙන ඉන්නවා පරිස්සමින් හරි ද "
යුන්හා හිනා වෙලා කිව්වත් ඒ හිනාව ඇතුලේ තිබුණු වේදනාව ජන්කූක් දැක්කා කෙල්ලගේ අතින් ඇදලා ගත්ත ජන්කූක් යුන්හාගේ තොල් අල්ලාගත්තා යුන්හාත් ජන්කූක්ගේ ඉන වටේ අත් යවලා තුරුල් වුනා ටිකකින් ජන්කූක් යුන්හාගේ තොල් වලින් ඈත් වෙලා කෙල්ලගේ මූන දිහා බැලුවා ජන්කූක් කෙල්ලගේ කම්බුලට පුංචි හාදුවක් තියලා
" මම ඉක්මනට ගිහින් එන්නම් පරිස්සමින් ඉන්න හරි ද කොහෙවත් යන්න එපා අජුම්මාත් නැ "
මහපටගිල්ලෙන් කම්බුල පිරිමදින ගමන් කිව්වා යුන්හා ඔලුව වැනුවා
" හ්ම්ම් "
යුන්හා car එකෙන් බැහැලා ඇතුලට යනකම් ඉදලා ජන්කූක් සෝල් බලා ගියා
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
Hii ලමයි
Late update වලට සමාව භාජනයකට දාන්න
" මීහා ආන්ටි.... චේබල් සෙමියාව අතහරින්න චේබල්...🥺"
" ඕ හෝ.. මේ බලපන්කෝ සහෝදර ප්‍රේමය.. පව් කියලත් හිතෙනවා ඉතින් ඒත් මියානේ ඔයාලට තවත් මේ ලෝකේ ජීවත් වෙන්න අයිතියක් නැ "
පොඩ්ඩක් අවුස්සලා යන්න හිතුනා..හී
ඉස්සරහට මොනවා වෙයිද කියලා හිතන්නකෝ
තව chapter 03 කින් වගේ කතාව ඉවරයි
ඔයාලාගේ අදහස් ගොඩක් වටිනවා
Vote comment කරන්න
පරිස්සමින් ඉන්න
සරන්හේ 💜️
Bye
Nipu
Bạn đang đọc truyện trên: AzTruyen.Top