✨️💜️ Chapter 41💜️✨️
Yunha pov
මේ ජීවිතේ මට හිමිවුනු දේවල් වලට වඩා අහිමිවුනු දේවල් ගොඩයි ඒ හැමදේම මම දරාගෙන අද වෙනකම් ජීවත් වුනා ඒත් තවත් දේවල් දරාගන්න මට ශක්තියක් ඉතුරු වෙලා නැ දැන් මට මහන්සියි මම හිනා වුනාට වඩා අඩපු එකයි කලේ.......
හිතේ තිබුණු හැමදේම ලූනාට කිව්වාම හිතේ තිබුණු දුක ටිකක් අඩු වුනා ඉස්සරහට මොනවා වෙයිද කියලා මට බයයි මට ජන්කූක් ලග ඉන්න බැරි වෙයිද කියලා බයයි
මම ඇදේ ඇන්දට හේත්තු වෙලා ඇස් පියාගෙන කල්පනා කලේ මගේ ජීවිතේ ගැන එතකොට මට දැනුනා උනුසුම් අතක් මගේ කම්බුල පිරිමදිනවා මේ උනුසුම මම කාගෙද කියලා දන්න නිසා ඇස් ඇරියේ නැ
" යූ......"
එයා මට කතා කලා මම ඇස් ඇරලා ජන්කූක් දිහා බැලුවා ඒ ඇස් වල කදුලු පිරිලා ඒකත් මේ මං නිසා ජන්කූක් අසරණ විදියට මගේ දිහා බලාගෙන ඉන්නවා
අනේ ඔහොම මගේ දිහා බලාගෙන ඉන්නවා එපා දරාගන්න බැ..
මගේ හිත කෑගහනවා
" මම නිසා නේද මැනික මේ....."
අලුත් වෙන කදුලු එක්ක නැ කියන්න මම ඔලුව වැනුවා
" නැ නෙවෙයි යූ..මම නිසා තමයි ඔයා අසනීප වුනෙත්.... මම ඔයාට හම්බ නොවුනා නම් ඔයා සතුටින් නේද මැනික "
මොනාද දෙවියනේ මේ කියන්නේ ඔයත් හදන්නේ මාව දාලා යන්න ද අනී මට බැ මට බැ ඔයා නැත්නම් ඉන්න
මම ජන්කූක්ව බදාගත්තා එයත් මගේ ඉන වටේ අත් යවලා තුරුල් කරගත්තා
" ජ්..ජන්කුකා..."
" ම්ම්ම් "
මම ජන්කූක්ගේ ශර්ට් එක අතින් ගුලි කරගත්තා
" මාව දාලා යන්න එපා.....මම මැරෙයි ජන්කුකා..😭"
මම ඉකි ගහ ගහා කියනකොට මගේ ඉන වටේ එතිලා තිබුණු ජන්කූක්ගේ අත් තවත් තද වුනා
" මම කොහේ යන්න ද මැනික ඔයාව දාලා මම කොහෙවත් යන්නේ නැ අරස්සෝ.......?
දැන් ඔය ඇති ඇඩුවා බලනවකෝ හැටි "
ජන්කූක් මාව ඈත් කරලා මගේ කම්බුල් දෙක දෝතට අරගෙන කිව්වා මම ඔව් කියන්න ඔලුව වැනුවා
" good girl..."
මගේ නලලට හාදුවක් තවරලා කිව්වා
" හෙට අපි දෙන්නා ගමනක් යන් "
" කොහෙද "
" ඒක surprise එකක් "
ජන්කූක් බනී හිනාවත් දාගෙන කිව්වා
අනේ මගේ කියුට් හාවා 😚 ආදරේ හිතෙනවා නේ ඉතින්
" දැන් කියන්නකෝ "
" දැන් කිව්වොත් කොහොමද ඒක surprise එකක් වෙන්නේ 🤨 "
" කමක් නැ මම හෙට surprise වුනා වගේ ඉන්නම් අනේ කියන්නකෝ අනේ අනේ ඔයා හොද හාවා නේ මගේ "
මම ජන්කූක්ගේ අතින් හොල්ලන ගමන් ඇහුවා
" දැන් බෙහෙත් බීලා නිදාගන්න "
" බෙහෙත් ගැන නෙවෙයි මම අහන්නේ හෙට කොහෙද යන්නේ "
" මම කෑම අරගෙන එන්නම් බෙහෙත් බීලා නිදාගමු "
" යාහ්හ්හ්..... මට ඕන බෙහෙතක් නැ "
මම රවලා එහා පැත්ත බලාගත්තා
" අහ්.. බොන්නේ නැද්ද "
" නැ "
" මම පොවන්න ක්රමත් දන්නවා "
කට කොනින් හිනා වීගෙන කිව්වා
" 😑"
ජන්කූක් ගියා
අයිෂ් මේ හාවා ප්රශ්නේ මග හැරලා ගියපු හැටි ගල් ආදා අහුවෙනවකෝ මට තාම මේ යුන්හා කවුද කියලා දන්නේ නැතුව ඔය
Flashback 🍂
Author pov
යුන්හාව ලූනා එක්කන් ගියාට පස්සේ
" සනා ඔන්නි යුන්හා ඔන්නි පව් 🥺"
යුරී කිව්වා සනා යුරිගේ ඔලුව අතගෑවා
" ඔන්නි අපි මොකද කරන්නේ "
මින්සු ඇහුවා
" එයා එක්ක ඉන්න මින්සු තනියෙන් කල්පනා කර කර ඉන්න දෙන්න එපා යුන්හාට එයාගේ ජීවිතේ කලකිරිලා ඉන්නේ "
",හ්ම්ම් "
" නූනා "
ටේ කතා කරපු නිසා සනා ටේ දිහා බැලුවා
" නූනා අපි යුන්හාව සෝල් වලින් පිට කොහේ හරි යවමු මම කියන්නේ පොඩි වෙනසකටත් එක්ක නිදහසේ ඉන්න පුලුවන් පැත්තකට "
" ඒක හොදයි ටේ ඒත් තනියෙන් යවන්න බැ නේ "
" කවුද නූනා තනියෙන් යවන්නේ අපි ජන්කුකාවත් යවමු "
ෆෝන් එක දිහා බලාගෙන ඉදපු ජන්කූක් කරන්ට් එක වැදුනා වගේ ටේ දිහා බැලුවා
" අව්ස් කොල්ලාගේ මූන ......😂"
ජිමින් හිනා වෙවී කිව්වා
" හරි දැන් කියන්න කොහෙද යන්නේ "
මින්සු ඇහුවා
" අපි ජන්කුකාගේ බූසාන් තියෙන mansion එකට යවමු මොකද කියන්නේ "
නම්ජූන් කිව්වා
" ඔය තියෙන්නේ....... ජන්කුකා මොකද කියන්නේ "
ටේ ඇහුවා
" මම කැමතියි "
ජන්කූක් හිනා වෙලා කිව්වා
" උබ ඕකට අකමැති වුනොත් තමයි පුදුමේ "
ජිමින් කිව්වා
" දැන් ගිහින් කෙල්ලට කියපන් "
ටේ කිව්වා
" යාහ්හ්...... පිටසක්වලයෝ ගොන් බූරු කතා කියන්න එපා
කුකියා ඕක දැන්ම යුන්හාට කියන්න එපා කෙල්ලව surprise කරපන් "
ජිමින් කිව්වා
" හ්ම්ම් "
ජන්කූක් එහෙම කියලා ගියා
Flashback over 🍂
At hospital
" ආ.. බීපන් "
ඉන්හා coffee එකක් හනා ඉස්සරහින් තියන ගමන් කිව්වා
" කුමාවෝ බන් "
හනා coffee එක අතට අරගෙන පුටුවට හේත්තු වුනා
" ඔච්චර කල්පනා කරන්න එපා බන් යුන්හාට මුකුත් වෙන්නේ නැ කෙල්ලගේ හිත හයියයි "
" කවදා වෙනකම් මේ දේවල් දරාගෙන ඉන්න ද බන් හැමදාම මොනාහරි වෙලා කෙල්ලගේ හිත රිදෙනවා මොකද්ද මෙච්චර දුක් විදින්න යුන්හා කරපු වැරැද්ද "
" මේක එයාගේ දෛවය බන් "
" හ්ම්ම් "
" ඉක්මනට මේ ප්රශ්න ඔක්කොම විසදෙයි බන් යුන්හා කියන්නේ කාටවත් වරදක් කරපු කෙනෙක් නෙවෙයි
හරි ඒක නෙවෙයි අද යුන්හා faint වෙලා hospital අරගෙන ආපු වෙලේ යුන්හා ලග හිටපු කොල්ලා කවුද "
" අහ්.....ඒ ජින්ගේ මල්ලී ජන්කූක්
යුන්හාගේ bf "
" යකෝ..... එතකොට ඒකත් එහෙමයි නේ
කොල්ලා handsome කියන්න වරදක් නැ අනිත් එක ජින්ගේ මල්ලි කියන්නේ කොහොමත් හොද ඇති නේ "
" තෝ මොකාටද එන්නේ 🤨"
" මට දැන් වෝඩ් එකට යන්න ඕන බායි "
ඉන්හා එහෙම කියලා නැගිට්ටා
" ඔහොම හිටපන් "
ඉන්හා නෑහුනු ගානට ගියා
Next day morning 🌥️
" යුන්හා නැගිටපාආආආආආආආඅන් ගෑනියේ මම තොට කීයේ ඉදලා ද යකෝ කතා කරන්නේ තෝව් මෙතන මැරිලා වගේ නිදි...... උබගේ කන් ඇහෙන්නේ නැද්ද යකෝ මම මෙච්චර කතා කරනවා "
ලූනා දැන් පැයක් තිස්සේ යුන්හාව නැගිට්ටන්න කෑගහනවා ලූනාගේ සද්දෙට අනිත් අය ඇහැරුනත් අදාළ කෙනා නම් තාම කොට්ටෙකුත් බදාගෙන සැපට නිදි.....
" අනේ හිනා ඔන්නි මට යුනි යන්න බැ නිදිමතයි ලූනාට තනියෙන් යන්න කියන්න "
යුන්හා නින්දෙන් කියවනවා ලූනා සෙල්සියස් අංශක සියට රත් වෙලා දුම් දානවා
" මොන කුනුහරපයක් ද මේකි මේ කියවන්නේ
හිටපන් බොට දෙන්න වැඩේ "
ලූනා side table එක උඩ තිබුණු වතුර එකෙන් යුන්හාට දීලා ඇද්දා
" බුදාම්මේ.......සුනාමියක් ආවද "
යුන්හා ගැස්සිලා නැගිට්ටා ලූනා රවාගෙන යුන්හා දිහා බලාගෙන ඉන්නවා
" මොකද උබ රවන්නේ "
" උබට රවලා මදි යකෝ මම තොට කීයේ ඉදලා කතා කරන්නේ කියලා දන්නවද ආ "
" මම දන්නේ කොහොමද ඒක උබ නේ දන්නවා ඇත්තේ "
" මම තෝව මෙතනම අපා ගත කරන්න කලින් ගිහින් වොෂ් එකක් දාගෙන රෙඩි වෙලා වරෙන් "
" මොන දීපන්කරේක යන්න ද බන් මේ උදේ පාන්දර ගිහින් නිදාගනින් "
යුන්හා ඈනුමක් අරින ගමන් කිව්වා
" හොද උදේ පාන්දර දැන් වෙලාව උදේ නවයත් පහුවෙලා "
" සැක්....... තාම උදේ නවයද මම තව ටිකක් නිදාගෙන එන්නම් "
" තොට මම ......... "
ලූනා යුන්හාගේ අතින් ඇදලා බිමට දැම්මා
" ආව්........ මගේ සුට්ටන් පස්ස රිදෙනවා යකෝ "
" ගිහින් වොෂ් එකක් දාගෙන වරෙන් "
" හරි උබ පලයන් "
" තෝ ආපහු නිදාගන්නවා එහෙම නෙවෙයි "
" හ්ම් "
යුන්හා නැගිටලා වොෂ් එකක් දාගෙන පහලට එනකොට ජන්කූක් සෙටියට වෙලා ඉන්නවා
Yunha's outfit
යුන්හා ඇවිත් ගේ පුරා ඇස් යවලා අනිත් අය කොහෙද කියලා හෙව්වේ
" කාවද හොයන්නේ "
ජන්කූක්ගේ කටහඬ ඇහුනු නිසා කෙල්ල ජන්කූක් දිහා බලලා කවුරුවත් නැ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා ජන්කූක් නැගිටලා කෙල්ල ලගට ගිහින් යුන්හාගේ අත් දෙකෙන් අල්ලාගත්තා
" ඔහොම ඉන්න එපා මැනික..... ඉස්සර වගේ ඉන්න මේ හැමදේම මම හරි ගස්සන්නම් එතකම් තව ටිකක් ඉවසගෙන ඉන්න හ්ම්ම්...."
කෙල්ල හා කියන්න ඔලුව වැනුවා මිසක් මුකුත් කියන්න ගියේ නැ යුන්හාගේ මේ හැසිරීම ජන්කූක්ට ලොකු වේදනාවක් ඉස්සර කොයිවෙලෙත් කියවන කෙල්ල දැන් හරියට කතා කරන්නෙත් නැ
" කජා.."
ජන්කූක් කිව්වා
" කොහෙද යන්නේ "
කොල්ලාගේ මූනේ පොඩි හිනාවක් ඇදුනේ කෙල්ල එහෙම හරි කතා කරපු නිසා
" Surprise එකක් කියලා මම ඊයේ කිව්වේ "
ජන්කූක් කෙල්ලගේ බෙල්ල වටේ අත් යවලා මූනට එබෙන ගමන් කිව්වා
" අනේ කියන්නකෝ.... "
" බැ අනේ "
" නපුරා...... "
යුන්හා ජන්කූක්ව ඈත් කරන ගමන් කිව්වා
" ගිහින්ම බලාගමුකෝ "
" කෝ අනිත් අය...."
යුන්හා වටපිට බලන ගමන් ඇහුවා
" එයාලට වැඩ තියෙනවා ඉතින් ගියා "
" අයිෂ්...... මුන් මොන දේවාලෙක මාව මේ වල් හාවා එක්ක යවනවා ද මන්දා හදිස්සියේවත් මේකා මට මොනාහරි කලොත්.... සෝල්මේට් කියන එකෙක් ඉන්නෝ ඒකි හොයාගන්නත් නැ සෙද්ද "
යුන්හා හිමින් මුමුණනවා
" මොනාද කුටු කුටු ගාන්නේ කියන දෙයක් මටත් ඇහෙන්න කියනවා "
" යන තැනක යන්න ද මට ඉක්මනට එන්න ඕන "
" යූ.....බේබි ඉක්මනට එන්න යන ගමනක් නෙවෙයි මේක අපි දවස් දෙකක් ඉන්න යන ගමනක් "
" මොකාක්..........😳"
යුන්හාට කියවුනා
හුටා.......මේකා එක්ක දවස් දෙකක් ඒකත් තනියෙන් ඕ නෝ....... මොනාද යකූ මට මේ හිතෙන්නේ ඕවා හිතෙන් අයින් කරපිය එහෙම දේට ආවොත් මම මූව මරනවා වල් හාවා දන්නේ නැ තාම මේ යුන්හාගේ හැටි .
යුන්හා හිතුවා
" මොනාද බේබි ඔච්චර කල්පනා කරන්නේ "
" අ..අනී...මු..මුකුත් නැ ....."
මොකද යකූ ගොතගහන්නේ මොන නවනිංගිරාවක් ද මේ ඔය බැල්ලම නම් 0.11163895423568892 අල්ලන්නේ නැ අහෝ දෙවියනි මාව බේරෙනු මැනවි මම කුහුබුවෙකුටවත් කරදරයක් කරලා නැ ඉදලා හිටලා එකෙක්ගේ දෙකෙක්ගේ දත් දෙකක් කැඩුවා තමයි ඕවා ගනන් ගන්න එපා දෙවියනේ මගේ දුක සක්රයාටවත් පේන්නේ නැද්ද අර පඩුපුල් ආසනේ උනු වෙලා සක්රයාගේ පශ්චාත් භාගේ ගිනි ගන්නේ නැද්ද සක්රයාටවත් මගේ දුක තේරෙන්නේ නැ ඒ කියන්නේ කමක් නැ ජුකක් නැ ජුකක් නැ කිව්වාට ජුකයි
" බේබි මොකද ඔයා ගොතගහන්නේ "
ජන්කූක් ඇස් හීනි කරගෙන ඇහුවා
" ම්..මම ගොතගහන්නේ නැ පිස්සු ද
යන දේවාලෙක යන් ද "
යුන්හා කිව්වා
" කජා "
ජන්කූක් යුන්හාගේ අතිනුත් අල්ලාගෙන ගියා ඒ දෙන්නා බූසාන් යන්න පිටත් වුනා
මේ අතරේ සනා court එකට ආවේ නූරාව හම්බවෙන්න සනා දැන් පැයක් තිස්සේ නූරා එනකම් බලාගෙන හිටියත් නූරා තාම නැ සනා නූරාට කෝල් එකක් ගත්තා
"අයිෂ් නූරා ෆෝන් ඕෆ් කරගෙන මොන වෙඩිමක් ද කරන්නේ කියන වෙලාවට එන්න බැ නේ ඔක්කොටම ඉස්සෙල්ලා වෙලාවට වැඩ කරන්න උගන්නන්න ඕන "
සනා එහෙට මෙහෙට ඇවිදින ගමන් තනියෙන් කියවනවා
" නූනා....."
පිටිපස්සෙන් ඇහුනු කටහඬ නිසා සනා පිටිපස්ස හැරිලා බැලුවා
" සේහුන් "
සේහුන් කියන්නෙත් NIS එකේ වැඩ කරන්නේ සේහුන් වැඩ කලේ සනා යටතේ ඔෆිස් එකෙන් පිට සේහුන් සනාට කතා කලේ නූනා කියලා සනා තමයි එහෙම කියන්න කියලා කිව්වේ
" මම හිටියේ නූනාව මීට් වෙන්න තමයි "
" වේ සේහුන් "
" මම හිතන්නේ නූනා ඒ ගැන දන්නේ නැ වගේ "
" මොනා ගැනද "
" නූනා මේක අහලා කලබල වෙන්න එපා "
" මොකද්ද වෙලා තියෙන්නේ "
" නූනා නූරා නූනා.........."
" නූරාට මොකද්ද වෙලා තියෙන්නේ සේහුන් කියන්න "
" නූරා නූනා ඊයේ රෑ accident එකකින් නැති වෙලා "
සනා අඩියක් දෙකක් පස්සට ගියේ ඒ ඇහුනු දේ විශ්වාස නැ වගේ සනාගේ හිත ඒක පිලිගන්න කැමති නැ
" අනී ඒක වෙන්න බැ "
සනා මිමිනුවා
" නූනා....... "
" එහෙම වෙන්න බැ සේහුනා....."
සනා බිත්තියට හේත්තු වෙලා කිව්වා
" නූනා...ඒක තමයි ඇත්ත
මම මේක නූනාට දෙන්න නූනා හම්බවෙන්න ආවේ "
සේහුන් එයාගේ අතේ තිබුණු ලියුම පෙන්නුවා
" නූනා...මේක නූරා නූනා ලියලා තියෙන්නේ ඔයාට.."
සනා කිසිදෙයක් නොකියා ලියුම දිහා බලාගෙන හිටියා
" නූනා...."
" ඕක දෙන්න "
සේහුන් සනාට ලියුම දුන්නා
" නූනා....."
" ඔයා යන්න සේහුනා මට තනියෙන් ඉන්න ඕන "
සේහුන් එතැනින් ගියාට පස්සේ සනා බිත්තියේ දිගේ රූටලා ගිහින් බිම ඉන්දුනා කකුල් දෙක අස්සේ ඔලුව ඔබාගෙන හිටියා ඇස් වලින් කදුලු බිංදු එක දෙක වැටුනා
" තමුසෙට පිස්සු ද බිම වාඩිවෙලා ඉන්න "
සනා කදුලු පිහිදගෙන ඔලුව උස්සලා කවුද කියලා බැලුවා එතැන හිටියේ යුන්ගි
" හ්ම්ම්"
සනා එහෙම කියලා නැගිට්ටා
" තමුසෙට මොනා වෙලා ද NIS එකෙන් තමුසෙව එලෙව්වා ද "
" හ්ම්ම් "
දැන් කතා කලොත් එයාට ඇඩෙනවා කියලා සනා දන්න නිසා මුකුත් නොකියා හිටියේ
" තමුසෙට මොනවා වෙලා ද "
සනාගේ වෙනසක් තේරුනු නිසා යුන්ගි ඇහුවා
" මුකුත් නැ
මම යන්නම් "
සනා එහෙම කියලා යන්න හැදුවේ ඒත් යුන්ගි සනාගේ අතින් අල්ලලා නැවැත්තුවා
" තමුසෙට යන්න දෙන්නම් මොකද්ද වුනේ කියලා කිව්වාට පස්සේ "
" තමුසෙට කිව්වා කියලා වෙලා තියෙන දේවල් වෙනස් වෙන්නේ නැ නේ මට දැන්වත් පාඩුවේ ඉන්න දෙනවා "
සනාගේ ඇස් වලින් කදුලු කැට කඩාගෙන වැටෙද්දී යුන්ගි හිටියේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා තේරුම් ගන්න බැරුව සනා ලේසියෙන් අඩන කෙනෙක් නෙවෙයි
" නූනා......"
සේහුන්ගේ කටහඬ ඇහුනු ගමන් යුන්ගි සනාගේ අත අතහැරියා
" යේ සේහුන් "
සනා කදුලු පිසදන ගමන් කිව්වා
" චීෆ් එන්න කිව්වා "
" හරි මම එන්නම් "
සේහුන් යුන්ගි දිහාත් බලලා ගියා
" සනා......"
යුන්ගි කතා කලා
" පස්සේ කතා කරමු යුන්ගි "
සනා එහෙම කියලා ගියා
" යුන්ගි....... කවදාවත් නැතුව මොකද මගේ නම කිව්වේ මොනාහරි වෙලා මම හොයාගන්නම් "
යුන්ගි කිව්වේ කට කොනින් හිනා වෙන ගමන්
Yunha pov
" ජන්කූක් "
මොන දේවාලෙක යනවාද කියලා දන්නෙත් නැ ඇහුවාට කියන්නෙත් නැ මොන වෙඩිමක් ද දන්නේ නැ සෙද්ද
බලාගෙන ඉදලා බැරිම තැන මම කතා කලේ
" මොකද "
" මම මේ අන්තිම පාරට අහන්නේ "
" මොකද්ද "
" කොහෙද යන්නේ "
" දැන් ඔයා කීවෙනි සැරේට ද මේ ඇහුවේ අන්තිම පාර අන්තිම පාර කිය කියා "
" කියනවද නැද්ද "
" නැ "
" මෝඩයා "
මම රවලා එහා පැත්ත බලාගත්තා colour light එක වාහනේ නැවැත්තුවා ඔම්මාගේ ඇගේ එල්ලි එල්ලි දගලන පුංචි පැටියෙක් මම දැක්කේ මම එයා දිහා බලාගෙන ඉන්නකොට මටත් මතක් වුනේ මමත් ඔහොම හිටියා නේද කියලා
" මොනාද ඔච්චර බලන්නේ "
ජන්කූක් අහනකොට මම එයා දිහා බැලුවා
" ජන්කුකා අර චූටි පැටියා ශෝයි නේද මටත් ඕනි ඒ වගේ චූටි පැටියෙක් "
මම ජන්කූක්ට පාරේ එහා පැත්තේ හිටපු බබා පෙන්නලා කිව්වා
" ඔච්චර ආස නම් මම හදලා දෙන්නම් "
ජන්කූක් මට ඇහැකුත් ගහලා ආපහු drive කරන්න පටන් ගත්තා
" හා "
ජන්කූක් හිනා වුනා
" මොකා........"
තත්පර 0.12557789075 යද්දී තමයි මට තේරුනේ මම කියපු කුනුහරුපේ තේරුම
" අනී එපා "
අයිෂ් මගේ කට.....සැක් වස විලි ලැජ්ජාවයි සවලක් නැද්ද මට වැලලෙන්න ඕන හුවෑව් මොන නවනිංගිරාවක් ද යකෝ මේ මට බැ
" දැන් ඔයාම නේ කිව්වේ බබෙක් ඕන කියලා මම හදලා දෙන්නම් ඉතින් "
" අනී මම එහෙම දෙයක් කිව්වේ නැ ඔයාට ඇහුනු විදිය වෙන්න ඇති "
", යේ යේ මට ඇහුනු විදිය තමයි "
ජන්කූක් හිනා වෙලා කිව්වා මම ශටර් එකෙන් එලිය බලාගත්තා
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
(මේ ෆොටෝව නිසා ඕතරී පිෂ්ෂෙක් වෙලා )
Hii බබ්බුලා
කොහොමද ඔයාලට
හොදින් ඉන්නෝද
ඔයාලට කියන්න දෙයක් තියෙනවා.......
ඕතරීට සතියක් ඇර සතියක් ඉස්කෝලේ යන්න තියෙන්නේ ඉතින් ඕතරී ලබන සතියේ ගෙදර..😁 ඒක නිසා ඉක්මනට අප්ඩේට් දෙන්නම්
සරන්හේ 💜️
Bye
Nipu
Bạn đang đọc truyện trên: AzTruyen.Top