✨️💜️ Chapter 40 💜️✨️
Author pov
මිස්ටර් කිම් එයාගේ ඔෆිස් රූම් එකට වෙලා යුන්හා ගැන කල්පනා කරමින් ඉන්නේ
Princess ඔයා කලින්ට වඩා ගොඩක් හිතුවක්කාර වෙලා ඔයාට ජන්කූක් අතහරින්න බැරි තරමටම මේ සම්බන්ධය දුර ගිහින් ද ඔයාට ඔයාගේ අප්පා ඉන්න තත්ත්වය තේරුම් ගන්න බැරි ද ප්‍රින්සස්
යුන්හාගේ පුංචි කාලේ ෆොටෝ එකක් දිහා බලාගෙන මිස්ටර් කිම් හිතුවා එතකොට සුහෝ කලබලෙන් වගේ ආවා
" සුහෝ මොකද මේ කලබලෙන් වගේ "
මිස්ටර් කිම් ඇහුවා
" සර් මිස්ට...... "
" මගේ ප්‍රින්සස්ට කරදරයක් ද කියනවා "
මිස්ටර් කිම් නැගිටලා සුහෝ ලග එන ගමන් ඇහුවා
" සර්.."
" කියනවා මිනිහෝ මගේ දරුවාට මොකද්ද වෙලා තියෙන්නේ "
මිස්ටර් කිම් සුහෝගේ ඇදුමෙන් අල්ලා ගන්න ගමන් කිව්වා
" සර් මිස් faint වෙලා hospital admit කරලා "
මිස්ටර් කිම් සුහෝ අතහැරලා පස්සට වුනා
" කොහොමද එකපාරට එහෙම වුනේ උදේ මම හම්බවෙලා එනකොටත් එයා හොදින් හිටියා නේ "
" සර් මිස්ව හම්බවෙලා ගියාට පස්සේ වෙලා තියෙන්නේ "
" දැන් මගේ ප්‍රින්සස්ට කොහොමද එයා හොදින් ඉන්නවා නේද ප්‍රශ්නයක් නැ නේ ද "
" නැ සර් මිස් හොදින් දැන් "
" මට මේ කරන උදව් මම කවදාවත් අමතක කරන්නේ නැ සුහෝ "
" මේ උදව් මොනාද සර් සර් මට කරපු උදව් එක්ක බලද්දී මම යන්නම් සර් "
" පොඩි ඉන්න සුහෝ "
මිස්ටර් කිම් සුහෝ නැවැත්තුවා
" වේ සර් ප්‍රශ්නයක් ද "
" ඔයා මොනාද යුන්හා ගැන හිතන්නේ "
(Author : මිස්ටර් කිම් එන පොට අල්ලන්නේ නැ නේ ද )
" සර් මම මොනා කියලා හිතන්න ද "
" ඔයා යුන්හා පස්සෙන් කොයිවෙලෙත් ඉන්න නිසා මම ඇහුවේ "
" සර් එයා හිතුවක්කාර පිස්සු කෙල්ලෙක් හරියට මගේ නංගී වගේ "
" එතකොට සුහෝ යුන්හා ගැන හිතන්නේ සහෝදරියක් විදියට ද "
" යේ සර් ඒත් ඇයි සර් ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවේ "
" නැ නිකන් ඇහුවේ සුහෝට යොජාචිංගු කෙනෙක් ඉන්නවා ද "
" යේ සර් "
සුහෝ හිනා වෙලා කිව්වා
Unknown place
",තමුසෙලා මොනාද මිනිහෝ කරන්නේ තමුසෙලාට තාම බැරි උනා අර කෙල්ලව ඉවරයක් කරන්න "
මීහා මාක් කෑගැහුවා
" මැඩම් අපිට ප්‍රශ්නයක් "
මාක්ගේ ගෝලයෙක් ඇවිත් කිව්වා
" ඒ ගමන මොකද්ද ආ "
" මැඩම් NIS එකේ කෙල්ලෙක් මිස්ටර් චෝයි ගැන හොයනවා "
" WTF !!
NIS එකට මොකටද චෝයි ගැන "
" මැඩම් ඒ කෙල්ලෙක් යුන්හාගේ ලගම කෙනෙක් "
" ooh shit....... ඒ කෙල්ල ගැන හොයනවා ඉක්මනට චෝයි ගැන කිසිදෙයක් දැනගන්න ඉඩ තියන්න එහෙම වුනොත් අපි මෙච්චර කල් කරපුවා ඔක්කොම එලි වෙනවා තමුසෙලාට තේරුනා ද "
" යේ මැඩම් "
" තමුසෙලා මේකවත් හරියට කරනවා එහෙම නොවුනොත් තමුසෙලා ඔක්කොම ඉවර කරනවා අරස්සෝ "
" යේ මැඩම් අරස්සෝ "
Jk pov
යුන්හා හවස discharge කරපු නිසා මම කෙල්ලව අරගෙන mansion එකට එන්න පිටත් වුනා හනා නූනා ජින් හියුන්ග් hospital එකේ නැවතුණා ටේ හියුන්ග් ආපහු ඔෆිස් එකට ගියා මමත් නැති නිසා එතැන වැඩ ටික බලාගන්න කවුරුවත් නැති නිසා මම mansion එකට ඇවිත් කෙල්ල දිහා බලනකොට හොදටම නින්ද ගිහින් මම යුන්හා ඇහැරෙන්නේ නැති වෙන්න දෝතට අරගෙන රූම් එකෙන් තිබ්බා මම යුන්හා ලගින් වාඩි වෙලා එයාගේ මූන දිහා බලාගෙන හිටියා
මම අප්පා එක්ක කතා කරලා මේ ඔක්කොම විසදගන්නම් මැනික එතකම් ඉවසගෙන ඉන්න
මම යුන්හාගේ කම්බුලට පුංචි කිස් එකක් දීලා වොෂ් එකක් දාගෙන පහලට යනකොට ටේ හියුන්ග් මගේ දිහා අමුතු විදියට හිනා වුනා ඒ හිනාව නම් මට ඇල්ලුවේ නැ
" එහෙනම් අපේ පොඩි එකාටත් සිකුරා ලැබුවා නේ 😉"
ජිමින් හියුන්ග් කිව්වා
ඔය කරලා තියෙන්නේ වැඩක් මට හිතුනා හිනා වුන විදියෙන්ම මාව කාලා තමයි කියලා
මම බෙල්ල කස කස හිටියේ කියන්න දෙයක් නැතුව
" ඔච්චර බෙල්ල කසන්න එපා බන් බෙල්ලේ පොට යයි "
ටේ හියුන්ග් හිනා වෙවී කිව්වා මම හිනා වුනා එතැන යුන්ගි හියුන්ග්, හොබී හියුන්ග්, ජිමින් හියුන්ග්,ටේ හියුන්ග්,ලිසා නූනා, මින්සු, යුරී හිටියේ
" යකෝ මෙන්න මූ හිනා වෙනවා "
ජිමින් හියුන්ග් කිව්වා
" මේකා හිනා වෙනවා දැක්කේ කොච්චර කාලෙකට පස්සේ ද සතුටින් ඉදපන් කොල්ලෝ "
යුන්ගි හියුන්ග් පිටට තට්ටුවක් දාලා ගියා
" ඔහොම හිනා වෙලා ඉන්න "
හොබී හියුන්ග් කිව්වා
" යුන්හා අපිට කිව්වේ නැ නේ සැක්... "
මින්සු කිව්වා
" ලූනා ඔන්නි දන්නවා ද දන්නේ නැ "
යුරී ඇහුවා
" ලූනා දන්නවා නම් අපි නොදැන ඉන්න විදියක් නැ නේ "
ලිසා කිව්වා
" මොනාද මම නොදන්නේ "
එහෙම අහගෙන ලීනා ආවා
" උබ නම් මැරෙන්නේ නැ යකෝ තොට ආයුෂ වැඩියි මට ටිකක් දීපන්කෝ "
මින්සු කිව්වා
" දෙනෝ තොට මම හිස්තැනක්......
හිස්තැන පුරවගනින් සෙද්ද
කියපන් මම මොනාද නොදන්නේ "
" යුන්හාට කොල්ලෙක් සෙට් වෙලා යකෝ අපි තාම වේලෙනවා බන් අපේ දිහා කොල්ලෙක් තියා බල්ලෙක්වත් බලන්නේ නැ අහෝ දුකකි "
මෙතන එක විකාරයක් මින්සු අඩනවා
" මොකාක්......😲"
" කට වහගනින් ලූනා ඔන්නි බ්‍රේක් නැති මැස්සෙක් ආවොත් නවතින්නේ ආමාශයේ "
යුරී කිව්වා
" කට වහපන් පොඩි එකා.....
අද මම ඕකිව මරනවා යකෝ මට නැති කොල්ලෝ ඒකිට මොකටද සෙද්ද කෝ ඕකි යුන්හා ඕයි ගෑනියේ පුලුවන් නම් අද මගෙන් බේරියන් බැම්ලි "
ලීනා එහෙම කියලා බෑග් එකත් සෝෆා එකට විසි කරලා උඩට ගියා
" මොකද්ද බන් ඒ වුනේ "
ටේ හියුන්ග් ඇහුවා
වෙච්ච දේ මටත් හිතාගන්න බැරුව ඉන්නේ
" අද යුන්හා ඔන්නි ඉවරයි "
" ගියපු විදියට යුන්හාගේ කෑල්ලක්වත් හොයාගන්න ලැබුනොත් ලොකු දෙයක් "
" අයිෂ්...... ලූනාව නවත්තපිය අර කෙල්ල අසනීපෙන් ඉන්නේ "
" හුටා...... වරෙන් යන්න "
මින්සු එහෙම කියලා යුරීවත් ඇදගෙන ගියා මමත් යන්න හදනකොට ටේ හියුන්ග් නැවැත්තුවා මින්සු යුරී දෙන්නා ගියා
Lina pov
යුන්හා එක්ක ආපු තරහට මම කෑගහලා උඩට ආවේ අද ඕකි එක්ක දෙකෙන් එකක් බේරගන්නවා කියලා හිතාගෙන මම යුන්හාගේ රූම් එකට යන්න හදනකොට මින්සු යුරි දෙන්නා ඇවිත් මාව නැවැත්තුවා
" මොකද යකෝ මට අරකි එක්ක විසදගන්න ප්‍රශ්නයක් තියෙනවා "
",උබ ඕන ප්‍රශ්නයක් පස්සේ විසදගනින් දැන් යුන්හාට රෙස්ට් කරන්න දීපන් "
මින්සු මාව නවත්තලා කිව්වා
" රෙස්ට් කරන්න....? ඒකිට මොනා වෙලා ද "
" ලූනා ඔන්නි යුන්හා ඔන්නි faint වෙලා "
" මොකද්ද....."
" යේ ලූනා යුන්හා faint වෙලා එයා ගොඩක් දුර්වලයි යුන්හා මොනාහරි හිතේ තියාගෙන ඉන්නේ උබ අහලා බලපන් උබට නොකියන දෙයක් එයාගේ ජීවිතේ නැ "
මින්සු කිව්වා
" හ්ම්ම් "
යුන්හා එයාගේ ජීවිතේ දුක සතුට හැමදේම බෙදා ගත්තේ මාත් එක්ක මොන ප්‍රශ්නේ වුනොත් මට නොකියා ඉන්නේ නැ නොකියා ඉන්නේ නැ නෙවෙයි එයාගේ කටින් මම අල්ලගන්නවා යුන්හා හැරෙනකොට මට කියන්න පුලුවන් එයාගේ හිතේ තියෙන්නේ මොනාද කියලා මේ දවස් ටිකේම මාත් එක්ක හරියට කතා කලේ මට ඒත් හිතුනා මොනාහරි වෙලා තමයි කියලා මේකි හැම රෙද්දම හිතේ තියාගෙන ඉන්නවා කාටවත් කියන්නේ නැ අන්තිමේ දී ඔක්කොම වෙලා මේකිත් අසනීප වුනාට තමයි අපි දන්නේ අපිට දිවැස් තියේද කියලා දන්නේ නැ හිතාගෙන ඉන්නේ අද අල්ලගන්නම්කෝ
" ලූනා ඔන්නි දන්නවා ද යුන්හා ඔන්නිගේ bf කවුද කියලා "
යුරි ඇහුවා
යකා වැහිලා දුවගෙන ආවාට ඒ අවාසනාවන්තයා මොකාද කියලා ඇහුවේ නැ නේ ඉතින් යුන්හා එක්ක ජීවත් වෙන එකාට අබ සරනයි ඉතින්
" මොකාද ඒ "
" යුන්හාගේ බොසා බන් "
" බලු නකුටාගේ අයිතිකාරයා ද "
" නැ බන් ජන්කූක් "
" අහ් ඒකාද මට හිතුනා ඒත් මේකි ජන්කූක් දිහා බලාගෙන හිටපු විදියෙන් "
මම කිව්වා
" හරි උබ වොෂ් එකක් දාගෙන වරෙන් එතකොට යුන්හාත් නැගිටලා ඉදියි "
මින්සු කිව්වා මම හ්ම්ම් කියලා ගියා ඒත් හිතේ ප්‍රශ්න ගොන්නක් මම වොෂ් එකක් දාගෙන යුන්හාගේ රූම් එකට යනකොට නැගිටලා වාඩිවෙලා ලොකු කල්පනාවක
" යුන්හා "
මගේ කටහඬ ඇහිලා ගැස්සිලා මගේ දිහා බැලුවා
" ලූනා කොයිවෙලේද ආවේ "
මම ගිහින් යුන්හා ලගින් වාඩිවුනා එයා අඩලා.......🥺
" මට ඔයා එක්ක කතා කරන්න ඕන "
මම යුන්හාගේ අත් දෙකෙන් අල්ලාගෙන කිව්වා
" මටත්...... අපි යමු garden එකට "
මම හා කියන්න ඔලුව වැනුවා අපි දෙන්නා garden එකට ගිහින් ඉදගත්තා ඒත් යුන්හා එක වචනයක්වත් කතා කලේ නැ අහස දිහා බලාගෙන ඉන්නවා
" යුන්හා "
මම කතා කලාම එයාගේ මගේ දිහා බැලුවා
" ලීනා "
යුන්හා මට ලීනා කියන්නේ එයා මොකක් හරි ප්‍රශ්නෙක ඉදිද්දී නැත්නම් දුක හිතිලා ඉන්නකොට එයාම තමයි මට ලූනා කියන නම දැම්මෙත්
" ඕනම දෙයක් කියන්න මම අහගෙන ඉන්නම් "
" මම මහ අවාසනාවන්ත කෙල්ලෙක් ලීනා "
" අනී....... වේ ඔයා එහෙම කියන්නේ "
" හේතු ගොඩක් තියෙනවා ලීනා..... මම ආදරේ කරන අයට මගේ ලග ඉන්න බැ එයාලා මාව දාලා යනවා හැමදාම වගේ අදටත් මට හිමිවීම් වලට වඩා අහිමිවීම් තමයි උරුම වෙලා තියෙන්නේ මට තවත් මේ දේවල් දරාගන්න තරම් ශක්තියක් ඉතුරු වෙලා ලීනා...😭"
" යුන්හා මොකද වුනේ කියන්න අනේ ඇයි මේ "
හැමදේම කියන්නම් වගේ ඔලුව වැනුවා යුන්හා හැමදේම වගේ කිව්වා යුන්හා මගෙන් අද වෙනකම් කිසිදෙයක් හංගලා නැ පුංචිම දෙයක් වුනත් මට කියන කෙනා අද මගෙන් මෙච්චර ලොකු දෙයක් හංගලා කියලා දැනගත්තාම මට තරහ ගියා ඒත් දැන් තරහ අරගෙන රන්ඩු කරන්න ඕන වෙලාවක් නෙවෙයි
" වේ මට මේවා නොකිව්වේ "
" මට බැ ලීනා ඔයා මම නිසා දුක් වෙනවා බලන්න ඔයා නෙවෙයි ඕනම කෙනෙක්..... මම මේ දේවල් බලාපොරොත්තු වුනු දේවල් ලීනා ඒත් මට මේක දරාගන්න බැරි වෙයි කියලා හිතුවේ නැ ඔයා දන්නවා ද ලීනා මම ජන්කූක්ට ලං වෙන්නේ නැ කියලා හිතාගෙන හිටියේ කොච්චර ලොකු වේදනාවක් වුනත් ඒ හැමදේම මම දරාගන්නවා කියලා හිතුවේ මම එයාගෙන් ඈත් වෙන්න හදපු හැම තත්පරේකම වුනේ එයා මට තවත් ලං වුනු එක වුනේ......😔 මම ජන්කූක් ඉස්සරහ මගේ හැගීම් හංගගෙන හිටියා ඒත් අන්තිමේ දී ජන්කූක් මට ආදරෙයි කිව්වාම එයාව දාලා යන්න එපා කිව්වාම මට දරාගන්න බැරි වුනා මට තවත් එයාගෙන් ඈත් වෙලා ඉන්න බැරි වුනා ලීනා.....😭 ඔයා දන්නවා ද මම ජන්කූක්ට කිව්වාම මම එයාට ආදරෙයි කියලා එයාගේ ඇස් කවදාවත් නැතුව සතුටින් දිලිසුනා කලාතුරකින් දකින එයාගේ ලස්සන හුරතල් හිනාව මම දැක්කා ලීනා.....එයාගේ සතුට වෙනුවෙන් මට ඕන දෙයක් කරන්න පුලුවන් ලීනා ඕන දුකක් මම දරාගන්නම් එයා වෙනුවෙන්..... මම එයාට ඇබ්බැහි වෙලා ජන්කූක්ගේ ස්පර්ශයකට පවා ආදරේ කරන තරමට මම එයාට ඇබ්බැහි වෙලා ලීනා එයාගේ ආදරේ මම පිස්සියක් කරලා එයා නැතුව ජීවත් වෙන්න බැරි තැනට මම පත් වෙලා......😔 අවුරුදු ගානකට පස්සේ මගේ අප්පා එකපාරට ඇවිල්ලා කිව්වාම මට ජන්කූක්ගෙන් ඈත් වෙන්න කියලා මම කොහොමද දෙවියනේ දරාගන්නේ මගේ පැත්තෙන් කවුරුවත් හිතන්නේ නැ ලීනා මගේ පපුව පැලෙන්න තරම් රිදෙනවා.... මට බැ ලීනා තවත් ජීවිත් වෙන්න මට බැ තවත් මේ දේවල් දරාගන්න මට මහන්සියි ලීනා.......😔 "
" යුන්හා.......🥺"
මට ඇඩෙන්න වගේ මේ කෙල්ල මෙච්චර දේවල් හිතේ තියාගෙන හිටියා ද කොහොමද මේ දේවල් දරාගත්තේ
" යුන්හා ඔයා ජන්කූක්ට ආදරෙයි..... "
මම කියන්න කියපු දේ මැදින් නවත්තලා යුන්හා කතා කලා
" ලීනා අපි කොච්චර හදට ආදරේ කලත් හද කවදාවත් අපේ වෙන්නේ නැ නේද හද අයිති අහසට ඒ වගේ තමයි ලීනා ජන්කූක්ට මම කොච්චර ආදරේ කලත් එයා මගේ වෙන්නේ නැ "
" පිස්සු කියවන්න එපා ජන්කූක් උබට ආදරෙයි "
" මම දන්නවා ලීනා එයා මට ආදරෙයි ඕනවාටත් වඩා ඒ ආදරේ මට දැනෙනවා අවුරුදු ගානකට පස්සේ මට කෙනෙක් ලග ආරක්ෂිතයි කියලා දැනුනා ඒ උනුසුමට තුරුල් වෙලා මුලු ජීවිත කාලෙකටම ඉන්න පුලුවන් නම් කියලා හිතෙනවා "
යුන්හා අහස දිහා බලාගෙන කිව්වා
" ඉතින් ජීවිත කාලෙකටම ජන්කූක්ට තුරුල් වෙලා ඉන්න "
" මට බැ ලීනා එච්චර වාසනාවක් මට නැ එයා සතුටින් නම් මට ඒ ඇති "
" එයාගේ සතුට ඔයා නම්....... මොකද කරන්නේ "
මෙච්චර වෙලා අහස දිහා බලාගෙන හිටපු යුන්හා මගේ දිහා බැලුවා
" මොකද කරන්නේ යුන්හා "
" මම......මම දන්නේ නැ ලීනා මට දැන් මගේ මුලු ජීවිතේම කලකිරිලා තියෙන්නේ ඇත්තටම මම එදා ගෙදරින් ආපු වෙලේ වුනු accident එකෙන් මැරුනා නම්....... මීට වඩා හොදයි "
" තව ටික කාලයක් ඉවසගෙන ඉන්න හැමදේම විසදෙයි හරි ද "
යුන්හා හා කියන්න ඔලුව වැනුවා
" දැන් යන් ඇතුලට සීතලයි "
" ඔයා යන්න ලූනෝ මට ටිකක් තනියෙන් ඉන්න ඕන "
" හ්ම් ඉක්මනට එන්න "
මම එහෙම කියලා ටිකක් දුර ඇවිත් යුන්හා දිහා බැලුවා
ඔයා හිනා වෙලා හිටියාට ඔය හිත ඇතුලේ මෙච්චර ලොකු දුකක් හැංගිලා තිබුනා කියලා මම දන්නේ නැ ඔයා එදත් විදෙව්වේ ආදරේ හින්දා අදත් විදවන්නේ ආදරේ නිසා......
සේහි ඔම්මා චේබල් යුන්හාට ශක්තිය දෙන්න එයාට තවත් මේ දේවල් දරාගන්න බැ
මගේ ඇස් වලින් කදුලු වැටෙද්දී මම ඇතුලට දුවගෙන යනකොට කාගේ හරි ඇගේ හැප්පුනා
" මියානේ "
මම කවුද කියලාවත් බලන්නේ නැතුව එතැනින් යන්න හැදුවේ ඒත් ඒ කෙනා මගේ අතින් අල්ලලා නැවැත්තුවා එතකොට තමයි ඒ ටේ කියලා දැක්කේ
" මොකද මේ අඩන්නේ "
මම ඉක්මනට කදුලු පිහිදගත්තා
" අනී මම අඩන්නේ නැ "
" බොරු කියන්නේ කාව රවට්ටන්න ද "
ටේ මගේ මූනට එබිලා ඇහුවා
" මගේ අත අතහරිනවා ද මට යන්න ඕන "
" යන්න දෙන්නම් ඊට කලින් මට කතා කරන්න ඕන "
" මට තමුසේ එක්ක කතා කරන්න දෙයක් නැ "
" මට තියෙනවා නේ මෙහේ එනවා "
එහෙම කියලා මාව ඇදගෙන rooftop එකට ආවා
" වාඩිවෙන්න "
ටේ කිව්වාම මම වාඩිවුනා ටේත් මගේ ලගින් වාඩි වුනා
" දැන් කියනවා තමුසෙට අඩන්න තරම් මොකද්ද වුනේ කියලා "
ටේ මගේ දිහා බලාගෙන ඇහුවා ඒත් මම හිටියේ ටිකෙන් ටික අදුරු වීගෙන එන අහස දිහා බලාගෙන
" අපේ ජීවිතේ හරි පුදුමයි නේද අපි හිතෙන දේවල් අපිට ලැබෙන්නේ නැ නොහිතන දේවල් ලැබෙන........ "
" මොකද්ද වුනේ මෙච්චර serious වෙන්න තරම් "
මම මුකුත් නොකියා හිටියා
" මට කියන්න බැරි දෙයක් නම් කමක් නැ "
" අනී එහෙම දෙයක් නෙවෙයි "
මම ඒක කිව්වා නෙවෙයි කියවුනා
" එහෙනම් කියන්න "
" හ්ම්ම්"
මම හැමදේම කිව්වා ඒත් යුන්හා කවුද කියලා කිව්වේ නැ
" ටේ යුන්හා කියන්නේ ගොඩක් සංවේදී කෙනෙක් එයා පුංචි කාලේ ඉදලා ගොඩක් දුක් වින්දා එයා ඒ හැමදේම දරාගන්න හිටියා ඒත් එයාටත් දරාගන්න පුලුවන් සීමාවක් තියෙනවා නේද මට..මට බැ එයා මෙහෙම ඉන්නවා බලාගෙන ඉන්න මම මොනාද කරන්න ඕන කියලා මට තේරෙන්නේ නැ........😭 එයා පව් ටේ යුන්හා හිතින් විදවනවා...😭"
මට අන්‍තිම ටික කියද්දී ඇඩුනා
" ශ්ශ්ශ්........ ඔක්කොම ඉක්මනට විසදෙයි ඔයා අඩන්නේ නැතුව ඉන්නකෝ හ්ම් තේරුනා ද ඔයා මෙහෙම ඇඩුවොත් කවුද එයාට ශක්තියක් වෙන්නේ යුන්හා වෙනුවෙන් අඩන්නේ නැතුව ඉන්න "
ටේ මාව තුරුල් කරගෙන ඔලුව අතගාන ගමන් කිව්වා
එයා කිව්වා හරි මම මෙහෙම අඩලා කඩාගෙන වැටුනොත් යුන්හා බලාගන්නේ කවුද එයා හිතේ තියෙන දේවල් හැමෝටම කියන්නෙත් නැ මම යුන්හා එක්ක ඉන්න ඕනි
මම ටේගෙන් ඈත් වෙලා කදුලු පිහිදගෙන ටේ දිහා බැලුවා එයා මගේ දිහා බලාගෙන ඉන්නවා
" ඕනම ප්‍රශ්නයක් මට කියන්න මම ඉන්නවා ඔයා එක්ක "
එයා හිනා වෙලා කිව්වා මම හා කියන්න ඔලුව වැනුවා
" දැන් ඔහොම ඉන්න එපා කලින් වගේ කෑගහලා ඉන්නවා මේ ප්‍රශ්න ඉක්මනට විසදෙයි "
" මාත් හිතනවා "
" හ්ම්ම් කජා "
අපි දෙන්නා පහලට යනකොට ටේගේ බලු තඩියා දුවගෙන ටේ ලගට ආවා ටේත් පොඩි ලමයෙක් වගේ බලු තඩියා හුරතල් කරනවා මම හිනා වෙවී බලාගෙන හිටියේ මේ කෝලම දිහා බලු තඩියා මගේ ලගට ඇවිත් ඒ චූටි ඇස් වලින් මගේ දිහා බලාගෙන ඉන්නවා
" ටැනී කෝ එන්න "
ටේ කතා කලාට ගියේ නැති නිසා මම පහත් වෙලා බලු පැටියාගේ ඔලුව අතගෑවා
අනේ කියුට් 😚 මම මෙච්චර කියුට් බව්වෙක්ට නේ බලු නකුටා කිව්වේ අනේ ඇත්තටම මමත් කියන දේවල්
" ආපු දවසේ මෙයා ඔයාට කියපුවා අමතක වෙලා ද ටැනී "
ටේ ඉනටත් අත් දෙක තියාගෙන ඇහුවා මම හිනා වුනා
" අනේ මෙයා ශෝයි "
" ශෝයි නම් මොනාද කලින් කිව්වේ බලු නකුටා කියලා "
" හරි හරි ඉතින් "
අපි දෙන්නා හිනා වෙවී ඉන්නකොට ජිමින් ආවා
" මුන් දෙන්නාත් සාම ගිවිසුම් ගැහුවා ද "
" යේ උබට මොකද "
" අපි දෙන්නාත් කිව්වේ අනිත් කවුද "
" ඊශ්‍රායලයි පලස්තීනෙයි වගේ හිටපු නම්ජූන් හියුන්ග් මින්සුයි සාම ගිවිසුමක් ගහලා "
හම්මට යකෝ එතකොට ඒකත් ජය සිරි මංගලම් කිව්වලු කමක් නැ මින්සුවෝ ඔහොම යන්කෝ .
අපි හිටපු තැනට නම්ජූන් ඔප්පායි මින්සුයි ආවා නිකන් නෙවෙයි අත් අල්ලාගෙන එතකොට යුරී ආවා
මේ දෑස කුමටද මගේ තනිකඩ හිත මේවා දකිද්දී වේදනාවට පත් වෙනවා කියලා ඇයි මුන්ට නොතේරෙන්නේ
" ඈ බල්ලෝ තෝ මට ඔහොම කරන එක හරි ද මං අහන්නේ ආ "
" මොකද්ද මම උබට කලේ "
මින්සු බබා වගේ ඇහුවා
" උබ මොනාද නොකලේ කියපන් එකට කාලා එකට නිදාගෙන ගහන ගේම් ඔක්කොම එකට ගහලා තෝ කොහොමද යකෝ මට කලින් කොල්ලෙක් හොයාගත්තේ "
" හොයාගත්තේ නැ යකෝ හම්බුනා "
" හම්බුනා මම තොට කියන්නේ නැ හම්බුනේ මොකද්ද කියලා "
" ඔහොම තමයි ලූනා ඔන්නි "
" පොඩි එකා කට වහපන් වැඩිහිටියන්ගේ කතා වලට මැදින් ඇඩ් දාන්නේ නැතුව තෝත් පල තොගේ යුනි එකේ ඉන්න පකිස් බූරුවා බලාගන්න සෙද්ද "
" ඔන්නි මේ මට ඒ හෝතබුවා එක්ක සම්බන්ධයක් නැ "
" උබලා නැ කියලා තමයි අන්තිමේ දී ගස් පල්ලේ ඉදලා අහුවෙන්නේ "
" ඔන්නි තමයි ගස් පල්ලේ ඉදලා අහුවෙලා ඇත්තේ "
" මම අද මේකිව සක්‍රයා ලගට යවලා නවතින්නේ "
මම එහෙම කියලා යුරිගේ පස්සෙන් දුවන්න පටන් ගත්තා
මේකිත් නිකන් අස්පයා අවේස වුනා වගේ දුවනවා පොඩ්ඩක් හිමින් දිව්වා නම් පැත්තක් යනවාද
අන්තිමේ දී දොර ලගට ගිහින් බ්‍රේක් ගැහුවේ සනා ඔන්නි එක්ක එන යුන්හා දැකලා
" ලූනා මෙයාව එක්කන් යන්න "
සනා ඔන්නි ඇතුලට එන ගමන් කිව්වා
මම ගියාට පස්සේ අඩලා හොදටම හෙම්බත් වෙලා එයාගේ ඇස් වල ලොකු වෙහෙසකාරි බවක් තියෙනවා කවද්ද මේ ප්‍රශ්න ඉවර වෙන්නේ එකක් ඉවර වෙනකොටත් තව එකක් මෙච්චර දුක් දෙන්න තරම් යුන්හා කරලා තියෙන වරද මොකද්ද....... යුන්හා හැමෝටම ආදරේ කරපු කෙනෙක් ඒත් ඇයි එහෙම කරපු එයාටම මෙච්චර දුකක්........😔
මම යුන්හා රූම් එකට එක්ක යන ගමන් හිතුවේ යුන්හා ඇදේ ඇන්දට හේත්තු වෙලා ඇස් පියාගත්තා
" ඔහොම ඉන්න එපා යුන්හා ඔක්කොම ප්‍රශ්න ඉක්මනට විසදෙයි හැමදාම සීත කාලය තියෙන්නෙත් නැ වසන්ත එනවා "
" මගේ ජීවිතේ මට හැමදාම සීත කාලයක් විතරයි වසන්ත කියන්නේ මට හීනයක් විතරයි "
යුන්හා ඇස් දෙක පියාගෙන උත්තර දුන්නා
" ඔයා නිදාගන්න මම ගිහින් එන්නම් "
මම එහෙම කිව්වේ ජන්කූක් දොර ලගට වෙලා බලාගෙන ඉන්නවා දැක්ක නිසා
" හ්ම්ම් "
යුන්හා ඊට වඩා දෙයක් කිව්වේ නැ මම නැගිටලා ආවා
" එයාව පරිස්සමින් බලාගන්න "
මම ජන්කූක්ට කිව්වා ජන්කූක් හා කියන්න ඔලුව වැනුවා
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
මේ දවස්වල අහිංසක ඕතර්ට මරන තර්ජන වැඩියි ඕතර් අහිංසකයි කියලා ඇයි තේරෙන්නේ නැත්තේ
ඕතර් ඉස්කෝලේ යන නිසා අප්ඩේට් දෙන්න වෙන්නේ ඉරිදාට තමයි
තලහ නැ නේ
සරන්හේ 💜️
Bye
Nipu
Bạn đang đọc truyện trên: AzTruyen.Top