✨️💜️ Chapter 39 💜️✨️

Yunha pov

ඇතුලට ආපු කෙනා දැක්කාම මට ඇස් අදහා ගන්න බැරි වුනා මම අඩන්න ද සතුටු වෙන්නද කියලා මට තේරෙන්නේ නැ මම හිටපු විදියටම ගල් ගැහිලා වගේ බලාගෙන හිටියා එයා මගේ ලගට ඇවිදගෙන ඇවිත් මගේ දිහා බලාගෙන ඉන්නවා මගේ කම්බුල් කදුලු වලින් තෙත් වෙනවා කියලා මට දැනෙනවා

" අ.. අප්පා..... "

ඔව් ඒ ආවේ මගේ අප්පා අවුරුදු 12 පුරාවටම මම මගහැරිය මගේ අප්පා මට එයාට කියන්න ගොඩක් දේවල් තිබුනත් මම අද නිහඩයි

" princess.... "

මම නැගිටලා ගිහින් එයාට තුරුල් වුනා

" අ.. අප්පා මියානේ... 😭"

" ඔයා මොකටද princess සමාව ඉල්ලන්නේ ඔයා කිසි වරදක් කලේ නැ ඒක නිසා සමාව ඉල්ලන්න එපා "

අප්පා මගේ ඔලුව අතගාන ගමන් කිව්වා

" අනී අප්පා මම එදා ගෙදරින් ආවේ නැත්නම් මේ හැමදේම වෙනස් වෙන්න තිබුනා....😭"

" princess ඔයා එදා එහෙම නාවා නම් මට ඔයාව බේරගන්න බැරි වෙනවා "

" ඒ කිව්වේ "

මම අප්පාගෙන් ඈත් වෙලා ඇහුවා

" princess ඔයාට මතකද ඔයා accident වුනා "

මම ඔව් කියන්න ඔලුව වැනුවා

" අපි එනවත් එක්කම උන් දිව්වා ඊට පස්සේ ඔයා hospital ඇඩ්මිඩ් කලා දවස් දෙකක් යනකම් ඔයා සිහිය නැතුව හිටියා ඒ කාලේ ඇතුලත මම මිසිස් චෝයි එක්ක කතා කරලා ඔයාව එයාගේ අනාත නිවාසෙට භාර දුන්නා "

මම නොදන්නා දේවල් තව කොච්චර ඇද්ද මගේ ජීවිතේ හරියට නව කතාවක් වගේ විශ්වාස කරන්න බැරි දේවල් කොච්චර වුනාද

" princess මට ඔයා එක්ක කතා කරන්න ඕන "

" මොනා ගැනද "

මම එහෙම ඇහුවේ අප්පා මාත් එක්ක කතා කරන්න ඕනි කියපු එක වැඩිය ඇල්ලුවේ නැති නිසා

" ඉස්සෙල්ලාම වාඩිවෙන්න "

අප්පා කිව්වාම මම වාඩිඋනා අප්පත් මගේ ඉස්සරහ වාඩිවුනා

" princess මම කෙලින්ම කතාවට බහින්නම් ඔයයි ජන්කූක් අතරෙයි තියෙන සම්බන්ධය මොකද්ද "

අප්පා ඒක ඇහුවේ හොදකට නෙවෙයි එයා කියන්න හදන්නේ මට ජන්කූක්ගෙන් ඈත් වෙන්න කියලා ද මට බැ ඒක කරන්න මට එයා එක්ක ඉන්න ඕන 

" අප්පා....."

" කියන්න princess "

" මම එයාට ආදරෙයි අප්පා "

ඕන දෙයක් වෙන්න කියලා මම ඇත්ත කිව්වා අප්පා මගේ අත් දෙක අල්ලාගත්තා

" princess මම කියන දේ අහන්න ජන්කූක්ගෙන් ඈත් වෙන්න මම ඔයාගේ හොදට කියන්නේ ජන්කූක්ගෙයි සෙමීගෙයි එන්ගේජ්මන්ට් එක announce කරලත් ඉවරයි ඔයා මේ දේවල් වලින් ඈත් වෙන්න යුන්හා මට ඔයාවත් නැති කරගන්න බැ "

අප්පා අල්ලාගෙන හිටපු මගේ අත් දෙක මම ගත්තා

," princess "

" අප්පා මම ද ඔයාගේ දුව සෙමී ද කියන්න
මීහා ආන්ටිගේ දුව සෙමී නේද "

" princess "

" මගේ ප්‍රශ්න වලට උත්තර ඕන තව කොච්චර කාලයක් මාව ලෝකෙට මැරුනු කෙනෙක් කරනවද ආ ඔයාට මට වඩා සෙමීව වටිනවා නේද අප්පා ඔයා එක පාරට ඇවිල්ලා ජන්කූක්ගෙන් ඈත් වෙන්න කිව්වාම මට මොනවා හිතෙයි ද කියලා එක විනාඩියක් මගේ පැත්තෙන්ම හිතුවාද ආ නැ නේ ද "

මම නැගිටලා පුලුවන් තරම් හයියෙන් කෑගැහුවා

" princess ඔයා තමයි මගේ දුව ඒත් සෙමී ජන්කූක්ට ආදරේ කරන්නේ අවුරුදු 04 ක ඉදලා ඔයා වගේ අද ඊයෙක ඉදලා නෙවෙයි "

" වාහ් මරු නේ අප්පා එතකොට මගේ ආදරේ බොරුවක් කියලා ද කියන්න හදන්නේ ඔයා වෙනස් වෙලා අප්පා ඔයා මගේ අප්පා නෙවෙයි අන්තිම වතාවට මම දෙයක් අහන්නම්
සෙමී කියන්නේ මීහා ආන්ටිගේ දුව නේද "

" යේ princess "

" 😏 "

" princess මම කියන දේ එක පාරක් අහන්න මම හැමදේම කරන්නේ ඔයාගේ හොදට මම ඔයාට ජන්කූක්ට වඩා හොද කෙනෙක් හොයලා දෙන්නම් ඒක නිසා මේ දේවල් වලින් ඈත් වෙන්න මට ඔයා විදවනවා බලන්න ඕන නැ "

" උප්ස් වෙන කෙනෙක්......... "

" යේ princess "

" අප්පා කැමති ද ඔයාගේ princess තව දුරටත් ජීවත් වෙනවා දකින්න එහෙනම් මෙතනින් යන්න චේබල් "

" princess "

" අප්පා මම කියපු දෙයක් ආපහු කියන්න කැමති නැ චේබල් මට පාඩුවේ ඉන්න දීලා යන්න මෙච්චර කාලයක් මම ජීවත් වුනු විදියටම මම ජීවත් වෙන්නම් ඒක නිසා මෙතනින් යන්න "

" පරිස්සමින් ඉන්න princess "

අප්පා එහෙම කියලා ගියට පස්සේ මම වොෂ් රූම් එකට ගිහින් කන්නාඩියෙන් මගේ රූපේ දිහා මම බලාගෙන හිටියේ ලොකු කලකිරීමකින්

" වේ......... වේ හැමෝම මගේ හිත රිද්දන්නේ මම මොකද්ද කරපු වැරැද්ද..... I hate myself....😭 "

පපුව රිදෙනවාත් එක්කම මට හුස්ම ගන්න බැරි වෙද්දී මම බිම ඉන්දුනා මම සිහිය නැතුව වැටෙනවාත් එක්කම කවුරුහරි ආවා එච්චරයි මට මතක මගේ ඇස් පියවුනා

Jungkook pov

කිම් අන්කල් කිව්ව හින්දා මම සෙමී එක්ක ෂොපින් මෝල් එකට ආවා ඒත් මගේ හිත තිබුනේ යුන්හා ලග කිම් අන්කල් එන්ගේජ්මන්ට් එක ගැන කියනකොට කෙල්ල මගේ දිහා ඇස් වල කදුලු පුරවගෙන බැලුව විදිය දැක්කාම පපුව පිච්චිලා ගියා වගේ

පව් මගේ කෙල්ල....... තව ටිකක් ඉවසන්න මේ ඔක්කොම ප්‍රශ්න විසදගෙන මම ඔයාගේ ලගට එන්නම් මොන දේ වුනත් ඔයාව නම් කවදාවත් අතහරින්නේ නැ

" කුකී මෙහේ එන්නකෝ "

" තමුසෙට ඕන දෙයක් අරගෙන ඉක්මනට එනවා "

මම එතැන වාඩිවෙන ගමන් කිව්වා

" කුකී අපි දෙන්නාගේම නේ එන්ගේජ්මන්ට් එක "

" තමුසෙට මට කියලා කන පලාගන්න ඕන ද ගිහින් අරගන්න මගුලක් අරගෙන එනවා මට වැඩ තියෙනවා "

මම එහෙම කිව්වාම සෙමී මටත් ගස්සගෙන ගියා එතකොට මට ටේ හියුන්ග්ගෙන් කෝල් එකක් ආවා

"යෙබුසේයෝ හියුන්ග් "

"යෙබුසේයෝ  ජන්කූකා කොහෙද ඉන්නේ "

" හියුන්ග් මම සෙමී එක්ක එලියට ආවා වේ "

" ජන්කූකා ඉක්මනට seoul main hospital එකට එන්න "

",වේ හියුන්ග් "

" ඉක්මනට එනවා ආවාම මම කියන්නම් "

" ඕකේ හියුන්ග් "

මම යනවා කියලා සෙමීට මැසේජ් එකක් දාලා ඉක්මනට hospital එකට ගියා මම ඇතුලට යනකොටම ටේ හියුන්ග් ආවා

" හියුන්ග් වේ "

" යුන්හා hospital admit කලා ජන්කුකා "

මගේ හුස්ම නැවතුණා වගේ අනේ මගේ කෙල්ලට මොකද වුනේ එකපාරටම

" හියුන්ග් එයාට මොකද වුනේ "

" දන්නේ නැ සිහිය නැතුව වොෂ් රූම් එකේ වැටිලා ඉන්නකොට තමයි සුමී දැකලා තියෙන්නේ "

" එයාට කොහොමද දැන් "

" තාම සිහිය නැ ඩොක්ටර්ස්ලා චෙක් කරනවා යන් "

අපි යනවත් එක්කම හනා නූනා ජින් හියුන්ග් එක්ක ආවා

" යුන්හාට මොකද වුනේ "

හනා නූනා හොදටම බය වෙලා කියලා එයාගේ මූනෙන් පේනවා එතකොට doctor ආවා අපි ඔක්කොම doctor ලගට ගියා

",doctor මගේ නංගි....... "

" හනා බය වෙන්න දෙයක් නැ එයා ගොඩක් දුර්වලයි ඒ නිසා තමයි faint වෙලා තියෙන්නේ පරිස්සමින් බලාගන්න "

" ok doctor thank you "

" you're welcome "

" මට කියන්න යුන්හා ශොක් වෙන දෙයක් වුනාද එයාගේ වෙනසක් ඔයාලට තේරුනා ද "

හනා නූනා මගේ දිහායි ටේ දිහායි බලලා ඇහුවේ

" නූනා මම අද ඔෆිස් එකේ හිටියේ නැ ඒක නිසා මම දන්නේ නැ හරියටම මොකද වුනේ කියලා "

එතකොට යුන්හා අසනීප වුනේ මම නිසා ද මගේ කැබින් එකේ ඉදලා කෙල්ල ඇස්වල කදුලු පුරවගෙන ගියේ

" හනා ඇයි එහෙම අහන්නේ "

ජින් හියුන්ග් ඇහුවා

" ජින් යුන්හාට  dipression තියෙනවා "

යුන්හාට dipression.........? එයා සංවේදී කෙනෙක් කියලා දැනගෙන හිටියත් dipression........?? මම කොහොමටවත් හිතුවේ නැ

මම ටේ හියුන්ග් දිහා බැලුවේ මොනා කරන්න ද කියලා නොතේරෙන නිසා කලබල නොවී ඉන්න කියන්න වගේ ඇස් පිය ගැහුවා

" dipression....?"

" යේ ජින් යුන්හා කියන්නේ ගොන් දුක් විදපු කෙල්ලෙක් මානසිකව එයා ගොඩක් විදෙව්වා අදටත් හිනා වෙලා පිස්සු නැටුවාට එයා හිතින් විදවනවා ජින් යුන්හා හැමදේම තනියෙන් දරාගන්න හදන්නේ ඒත් එයාට එච්චර ශක්තියක් නැ ඒක නිසයි අපි එයා ගැන හොයන්නේ මෙච්චර ඔයා දැකලා නැ ජින් එයා ඉස්සරහ හැසිරුණු විදිය එයාව පාලනය කරන්න පුලුවන් වුනේ සනාට විතරයි ඒත් සමහර වෙලාවට සනාටත් බැ "

" නූනා අපි යන්නද එයාව බලන්න "

ටේ හියුන්ග් ඇහුවේ මගේ හිතේ තිබුණු ප්‍රශ්නේ

" කජා "

නූනා එහෙම කියලා ඇතුලට ගියා යුන්හාට සේලයින් දීලා ඒ දිලිසෙන ඇස් අද පියවිලා රෝස පාට කම්බුල් අද සුදුමැලි වෙලා තාමත් ඇස් වලින් කදුලු ගලනවා

ඔයාට මෙහෙම වුනේ මම නිසා නේද මැනික

හනා නූනා ගිහින් යුන්හාගේ ඔලුව අතගෑවා නූනාගේ ඇස් වල කදුලු පිරිලා හනා නූනා වගේම අනිත් අයත් යුන්හාට ගොඩක් ආදරෙයි

" හනා අපි යමු නේද "

හනා නූනා කදුලු පිහිදගෙන ජින් හියුන්ග් එක්ක ගියා ටේ හියුන්ග් මගේ පිටට තට්ටුවක් දාලා ගියා

Author pov

ජන්කූක් හිමින් යුන්හා ලගට ගිහින් එයාගේ අතකුත් අල්ලාගත්තා වාඩිවුනා

" යූ......... මැනික ඔයා මම නිසා විදවනවා නේද මට සමාවෙන්න මැනික...මම මේ හැම ප්‍රශ්නයක්ම ඉක්මනට ඉවරයක් කරන්නම් මට ඔයාව අතහරින්න බැ යූ ඔයා නැතුව මට ජීවත් වෙන්න බැ ඔම්මා නැති වුනාට පස්සේ මම ගොඩක් වෙනස් වුනා ඔයා තමයි පරන ජන්කූක්ට පන දුන්නේ යූ..... පරිස්සමින් ඉන්න මැනික මම යන්නම් "

ජන්කූක් එහෙම කියලා යුන්හාගේ නලලට පුංචි කිස් එකක් තියලා යන්න හදනකොට ජන්කූක්ගේ අතින් අල්ලලා නැවැත්තුවා ජන්කූක් හැරිලා බලනකොට යුන්හා අසරණ විදියට ජන්කූක් දිහා බලාගෙන ඉන්නවා

" යූ... "

ජන්කූක් කෙල්ල ලගින් ඉදගත්තා කෙල්ල නැගිට්ටවලා ඇදෙන් වාඩිකලා

" ඔයාට කොහොමද තාම අමාරු ද ඉන්න මම ගිහින් ජින් හියුන්ග්ව එක්කගෙන එන්නම් "

ජන්කූක් එහෙම කියලා යන්න හදනකොට කෙල්ල ආපහු අතින් අල්ලලා නැවැත්තුවා

" මම හොදින්..... මාව දාලා යන්න එපා චේබල් "

ජන්කූක් යුන්හා ලගින් වාඩි වෙලා කෙල්ලව තුරුල් කරගත්තා

" ඔයාට අමාරු ද යූ මම නිසා නේද ඔයා අසනීප වුනේ "

ජන්කූක් යුන්හාගෙන් ඈත් වෙලා කිව්වා

" පිස්සු ද ජන්කූක් ඔයා නිසා නෙවෙයි "

" ඒත් ඔයාට දුක හිතෙන්න ඇති නේ සෙමී එන්ගේජ්මන්ට් එක ගැන කියනකොට ඔය ඇස් වල කදුලු පිරෙනවා මම දැක්කා "

",යේ මට දුක හිතුනේ නැ කිව්වොත් බොරු සමහරවිට කවදාවත් මට ඔයාගේ වෙන්න බැරි වෙයි ජන්කුකා ඒත් කවදාවත් මගේ ආදරේ වෙනසක් වෙන්නේ නැ අද වගේම හෙටත් මම මේ විදියටම ආදරෙයි ඔයා මගේ වුනත් නැතත් "

" යූ........ "

" සරන්හේ බනියෝ "

යුන්හා කදුලු අතරින් හිනා වෙලා කිව්වා ජන්කූක් කෙල්ලව තුරුල් කරගෙන යුන්හාගේ බෙල්ල අස්සේ මූන හංගගත්තා කෙල්ල ජන්කූක්ගේ කොන්ඩේ අතරේ ඇගිලි යවමින් හිමින් ඔලුව අතගෑවා

" යූ...... කවදාවත් ඔයාව මම නැති කරගන්නේ නැ මම මැරි කරනවා නම් මැරි කරන්නේ මගේ යුන්හා විතරයි එච්චරයි ඔයා නැතුව මට ජීවත් වෙන්න බැ යූ.... "

" හරි හරි අනේ දැන් අඩන්න එපා කෝ හිනා වෙන්නකෝ "

ජන්කූක්ගේ කම්බුල් මිරිකන ගමන් කිව්වා

" අනේ මගේ කියුට් බනියා "

" ගන්නවා ඔය අත් දෙක මගේ කම්බුල් දෙක කන්න ද හදන්නේ "

ජන්කූක් කිව්වේ කෙල්ලගේ අත් දෙකෙන් අල්ල ගන්න ගමන්

" කන්න උනත් පුලුවන් 😌 කාලා පෙන්නන්න ද "

" අයිෂ්.... මේ කෙල්ල "

" වේ "

" දැන් මාව කන්න ද හදන්නේ "

" ඔයාට ඕන නම් කන්නම් 🙂"

" 😒"

" හපනවා හොදේ "

" හරි හපලා බලනවකෝ මොකද කරන්නේ කියලා "

" වේ මොනා කරන්න ද "

" හපලා බලනවකෝ "

ඔච්චර ආස  නම් ඉන්නවකෝ හපන්න කොහොමත් මාව හපපුවායේ රිටන් එක දෙන්නත් එපැයි

යුන්හා එහෙම හිතලා ජන්කූක්ගේ කම්බුල දත් වලින් හැපුවා

" අව්.. ඒක නම් රිදුනා "

ජන්කූක් කම්බුල අල්ලාගෙන කිව්ව විදියට යුන්හාට හිනා ගියා

" මොකද තමුසේ හිනා වෙන්නේ "

ජන්කූක් රවාගෙන ඇහුවා කෙල්ල තව හයියෙන් හිනා වුනා

" ඉන්නවකෝ කරන්න "

ජන්කූක් එහෙම කියලා යුන්හාගේ අතෙන් ඇදලා ලගට ගත්තා

" මො..මොනාද කරන්න හදන්නේ "

යුන්හා ඇස් දෙක බෝල කරගෙන ඇහුවා

" හපලා කන්න හදන්නේ "

ජන්කූක් එහෙම කියලා දගකාර හිනවක් දාගෙන කෙල්ලගේ කොන්ඩේ එහෙ මෙහේ කරලා කන හැපුවා

" ආව් රිදුනා..... කොයිවෙලෙත් මාව හපනවා තමුසෙට හපන්න ඕනේ නම් කැරට් අලයක් තියාගන්නවා 😒"

යුන්හා ජන්කූක්ට රවාගෙන කිව්වා

" රිදුනා ද ආ "

" අනී හරි සනීපයි "

" එහෙනම් ආපහු හපන්නම් "

" යාහ්හ් "

ජන්කූක් හිනා වුනා මේ දෙන්නා දිහා හනා ජින් කපල් එක දොර ලග ඉදගෙන බලාගෙන ඉන්නවා

" එතකොට ඒ දෙන්නාත්........."

" යේ යේ "

හනා කියන්න ගියපු දේ මගින් නවත්තලා ජින් කතා කලා

" මගේ පොඩි එකා හිනා වෙනවා මම දැක්කේ අවුරුදු ගානකට පස්සේ හනා එයා සතුටින් "

ජින් කිව්වේ කදුලු පිසදන ගමන්

" අනේ මගේ පනු පැතියා අඩනවාද "

හනා ජින් දිහා බලලා ඇහුවා

" අනී අපි යන් ඒ දෙන්නාට ඉන්න දීලා "

" හ්ම් "

ජින් හනා එක්ක ගියා මේ අතරේ සනා නූරා හම්බවෙන්න coffee shop එකට ආවා

" දැන් ද යකෝ එන්නේ මම විනාඩි 30 විතර ඉදලා මෙතන "

සනා නූරා දැක්ක ගමන් ඇහුවා

" උබත් හරියට අපේ චීෆ් වගේ "

නූරා සනා ඉස්සරහින් වාඩි වෙන ගමන් කිව්වා

" උබට මාව පේන්නේ අර වයසක මිනිහා වගේ ද පේන්නේ "

" ඔය තොගේ මොලේ තරම තමයි "

",හැව් හැව් තමයි දැන් කියපන් ඇයි මට එන්න කිව්වේ "

" මම මිස්ටර් චෝයි ගැන හොයාගත්තා "

" ඇත්තටම.... "

" උබට බොරු කියලා තෑගි ගන්න ද යකෝ "

",අහ් හරි කියපන් මොනාද හොයාගත්තේ "

නූරා එයාගේ ලග තිබුණු ෆයිල් එකක් දුන්නා

" දැනට මිස්ටර් චෝයි ඉන්නේ ඕස්ට්‍රේලියා වල මීට අවුරුදු 10 ට කලින් තමයි ඕස්ට්‍රේලියා වලට ගිහින් තියෙන්නේ ආපහු කොරියාවට ඇවිල්ලා නැ හැබැයි ලගදී කොරියාව එනවා කියලා ආරංචියක් තියෙනවා ඇත්ත ද කියන්න නම් දන්නේ නැ "

" ඕ........ කුමාවෝ බන් මේ කරපු උදව්ව නම් අමතක කරන්නේ නැ "

" ස්තූතිය තෝ තියාගනින් මට ඕන නැ තව විස්තර ඔය ෆයිල් එකේ ඇති "

" එහෙනම් මම ගියා කුමාවෝ ආපහු "

" උබට කියන දේ තේරෙන්නේ නැ නේ "

සනා නූරාට ඇහැකුත් ගහලා ගියා

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

ඔබගේ අදහස් පල කරන්න 🙂

Nipu

Bạn đang đọc truyện trên: AzTruyen.Top