✨️💜️ Chapter 37💜️✨️
Author pov
සෙමී උදේම ආවේ එයාගේ ඔම්මා වෙච්ච මීහා හොයාගෙන සෙමී living room එකට එනකොට මීහා හිටියේ කෝල් එකක කෙල්ල මීහා කෝල් එක ඉවර වෙනකම් සෙමී මීහා ඉස්සරහ වාඩිවෙලා හිටියා මීහා කෝල් එක ඉවරවෙලා සෙමී දිහාට හැරුනා
" සෙමී මොකද්ද ප්රශ්නේ "
කල්පනා කර කර ඉන්න සෙමීගෙන් ඇහුවා
" ඔම්මා යුන්හා මැරුන් නැ නේ ද මට කියන්න "
එක පාර සෙමි අහපු ප්රශ්නේ නිසා මීහා ටිකක් කලබල වුනා
" සෙමී ඔයා මොනාද මේ අහන්නේ යුන්හා මැරුනා කියලා හැමෝම දන්නවා නේ ඉතින් ඇයි ඔයා එකපාරටම එහෙම දෙයක් ඇහුවේ "
" අනී ඔම්මා මට එයා වගේ කෙනෙක්ට හම්බුනා ඒ කෙල්ලගේ නමත් යුන්හා එයාගේ ඇස් කතාව යුන්හාගේ වගේමයි කිසි වෙනසක් නැ ඒ වුනාට මට ඒ කෙල්ලව පේන්න බැ කුකී කොයිවෙලෙත් ඒ කෙල්ල එක්ක මට තේරෙන්නේ නැ ඔම්මා මොනාද කරන්න ඕනි කියලා මම කුකීට ආදරෙයි ඒත් කුකී මට ආදරෙයි කරන්නේ නැ කියලා දන්නවා මට එයාව ඕනි ඔම්මා "
සෙමී ඇස් දෙකේ කදුලු පුරවගෙන කිව්වා මීහා දැනගෙන හිටියා සෙමී කියන්නේ යුන්හා ගැන තමයි කියලා ඒත් එයා ගැන කියන්නේ නැ කියලා හිතාගත්තා
" සෙමී මගේ පැත්තෙන් මට කරන්න පුලුවන් දේ කරනවා ඔයා දැනගන්න ඕන සෙමී ජන්කූක් ඔයාගේ පැත්තට නම්මගන්නේ කොහොමද කියලා මම තමුන්ට කියන්න ඕන නැ නේ සෙමී කරන්න ඕන දේවල් කෙල්ලෙක් විදියට හිතනවා ඔය තියෙන ලස්සනින් ප්රයෝජනයක් ගන්නවා "
මීහා සෙමීට කෑගහලා ගියා සෙමීට කවදාවත් ඔම්මාගේ සෙනෙහස ආදරේ ලැබුනේ නැ මීහා ලග හිටියත් සෙමීට ඒ ආදරේ ලැබුනේ නැ කෙල්ල හැමදාම ඒ ආදරේ හෙව්වා සෙමීට කවදාවත් එයාට ඕන විදියට ජීවත් වෙන්න ලැබුනේ නැ මීහා එයාට ඕන විදියට සෙමීව පාවිච්චි කලා විතරයි මීහා සෙමී කැමති අකමැති දේවල් වත් දන්නේ නැ කෙල්ලට නොලැබුනු ආදරේ එයා හෙව්වා මිස්ටර් කිම් සෙමීට යුන්හාට වගේම ආදරේ කලා සෙමී මේ කිසිදේකට සම්බන්ධ නැ කියලා මිස්ටර් කිම් දැනගෙන හිටියා
ඔම්මා ඔයා කවද්ද මට දුවේ කියලා කතා කරන්නේ හැමදාම නම කියලා කතා කරන්නේ ඔයා කවදාවත් මම කෑවද බිව්වද හොදින්ද කියලා හෙව්වේ නැ මට ඔයාව ඕනි අප්පා මට ඔයාව ඕනි 😭😭
සෙමී මීහා යන දිහා බලාගෙන ඉදලා අඩන්න පටන් ගත්තා
(Author : සෙමී පව් නේද 😥)
මේ අතරේ සනා ගියේ නූරාව හම්බවෙන්න ගියා
" අන්න චීෆ් උබට ජාතිය අමතනවා "
සනාව දැක්ක ගමන් නූරා කිව්වා
" ඔය මනුස්සයා කාටද බන් බනින්නේ නැත්තේ "
සනා කිව්වා
" උබ දැන් මට එන්න කිව්වේ "
" මට උදව්වක් ඕන උබගෙන් "
" මොකද්ද කියපන් "
" මට මිස්ටර් චෝයි ගැන හොයලා ඕන "
" උබ ඔය කියන්නේ චෝයි කම්පැනි එකේ කලින් ඕනර් ගැන ද "
" යේ "
" හරි හොයලා දෙන්නම් ඒත් මොකටද "
",වෙලාව ආවාම ඔක්කොම කියන්නම් එතකම් මට උදව් කරපන් මට මේ වෙලාවේ උදව්වක් ඉල්ලගන්න පුලුවන් එකම එකා උබ විතරයි නූරා ප්ලීස් "
" උබ ඔහොම කියන්න ඕන නැ වෙලාව ආවාම කියපන් ඕන වෙලාවක මම උබට ඉන්නවා "
" කුමාවෝ මම මේ උදව්ව අමතක කරන්නේ නැ "
" උබේ ස්තූති කන්න ද යකෝ කන්න මොනාහරි අරන් දීපන් අර මිනිහා කන්නවත් දුන්නේ උබත් නැ නේ උබේ වැඩත් එක්ක මට කරන්න වෙලා හෙට රිපෝට් එක භාර දීපන් වචන කීයකද කියලා මතක ද "
" ඔක්කොම කරන්න පුලුවන් බන් හැබැයි ඕක ලියන්න ගියාම තමයි එපා වෙන්නේ උබට බැරි ද ලියලා දෙන්න "
සනා අහිංසක ජීවිතයක් හිනා වෙලා නූරාගෙන් ඇහුවා
" යකෝ තෝ උබ හිතුවද පොඩි කාලේ රචනා ලියනවා වගේ කියලා ද ආ "
නූරා රවාගෙන කිව්වා
" හරි හරි බන් මම ම ලියාගන්නම් හුම් "
" යැයි යැයි තමයි අනික මට වඩා උබට හොද පල පුරුද්දක් තියෙනවා නේ රිපෝට් ලියලා 😂"
" යේ තියෙනවා "
" හරි බන් මම යන්න ඕන "
" හ්ම් පරිස්සමින් "
",උබත් "
නූරා එතැනින් ගියා
Yunha pov
සනා ඔන්නි ගියාට පස්සේ මම කිචන් එක පැත්තට ගියේ බඩේ පනුවෝ ක්රිකට් ගහන නිසා කිචන් එකට ගිහින් බලනකොට කන්න ඉතුරු වෙලා තිබුනේ උයපු හට්ටි වලං ටික විතරයි
දැන් ඉතින් උයපන්කෝ මීට වැඩිය හොදයි ඔෆිස් ගියා නම් සෙද්ද 😒
තිබුණු රාමෙන් පැකට්ටුවකුත් හදාගෙන සාලෙට ඇවිත් කන්න පටන් ගත්තා එතකොට ජන්කූක් පඩිපෙළ බැහැගෙන ආවා මම නොදැක්ක ගානට කෑවා
" මේ ඕයි "
යකෝ මූ පොඩ්ඩක් හොදින් කතා කරන්න බැරි ද ගෙදර බල්ලට කතා කරනවා වගේ කතා කරන්නේ නෑහුනු ගානට ඉන්න ඕනි
" තමුසෙගේ කන් ඇහැන්නේ නැද්ද "
ඒත් මම මුකුත් නොකියා හිටියා
" කෝ මේ ගෙදර මිනිස්සු "
මම පාඩුවේ ඇහුන් නැ වගේ කෑවා ජන්කූක් මගේ ලගට ඇවිත් රාමෙන් එක උදුරලා ගත්තා මම chopsticks දෙකත් කටේ දාගෙන ජන්කූක් දිහා බැලුවා
" තමුසෙට මම මෙච්චර කතා කලා ඇහුන් නැද්ද ආ "
" ඕක මෙහේ දෙනවා මට බඩගිනියි "
" තමුසෙට දැන් ඇහෙනවා නේ එතකොට මම කලින් කතා කරනකොට කට වහගෙන හිටියේ මොකද "
" අනී පේනවා ඕක දෙනවා මෙහේ "
" බැ පුලුවන් නම් ගන්නවා "
මම chopsticks දෙකත් මේසේ උඩින් තියලා නැගිට්ටා
" මේ ජන්කූක් මම හොදින් කියන්නේ ඕක මෙහේ දෙනවා කිචන් එකට ගිහින් හදාගෙන කනවා බඩගිනියි නම් මට වද නොදී "
" බැ මට මේකමයි ඕනේ "
මම පැනලා ගන්න හදනකොට ජන්කූක් රාමෙන් එක උස්සගෙන පිටිපස්සට ගියා
" යාහ්හ් ඕක දෙනවා "
මම ඇගිලි තුඩුවලින් ඉස්සිලා රාමෙන් එක ගන්න ට්රයි කරන ගමන් කිව්වා මේ මනුස්පයා එක තැනක ඉන්නෙත් නැ පිටිපස්සට යනවා අන්තිමට ජන්කූක් බිත්තියේ හැප්පිලා නැවතුණා
" ජන්කූක් මම අන්තිම වතාවට අතිශය හොදින් කියන්නේ ඕක මෙහේ දෙන්න "
මම ජන්කූක්ගේ උරහිසට අත තියලා ඇගිලි තුඩුවලින් ඉස්සෙන ගමන් කිව්වා ඊලග තත්පරේ මම හිටියේ බිත්තියටයි ජන්කූක්ටයි මැදි වෙලා
" මම කිව්ව නේ බැ කියලා "
ජන්කූක් මගේ ඇස් දිහා බලාගෙන කිව්වා
" ජන්කූක් එහාට වෙනවකෝ "
මම ජන්කූක්ව එහාට කරන්න ට්රයි කරන ගමන් කිව්වා
" බැ "
" කියන කියන හැම වෙඩිමකටම බැ කියන්න තවුසේ එළුවෙක් ද "
" නැ හාවෙක් "
ඔය අහගත්තේ හාවෙක් නෙවෙයි වැම්පර් කෙනෙක් මගේ බෙල්ලත් කාලා දැන් මගේ රාමෙන් එකත් වැඩේ දෙන්න එනවා මේක මාර අසාධාරණක් උනා නේ මේවාට විරුද්ධව නැගී සිටින්න ඕන
මම ජන්කූක්ට රැව්වා
" රවන්න එපා ඕයි තමුසේ රවනකොට ලස්සන වැඩියි "
" එහාට වෙනවකෝ "
" කිස් එකකුත් දුන්නොත් එහාට වෙන්නම් "
" 😑"
" මොකද දෙන්න බැරි ද "
" බැ තමයි "
" තමුසේ බැ කිව්වොත් මම අතහරියි කියලා හිතුවාද "
එහෙම කියපු ජන්කූක් මගේ මූනට පහත් වුනා එයාගේ හුස්ම මගේ මූනේ වදිනවා මගේ ඇස් දිහාත් තොල් දිහාත් මාරුවෙන් මාරුවට බලපු ජන්කූක් එයාගේ තොල්වලින් මගේ තොල් අල්ලාගත්තා එයා හරි සැහැල්ලුවෙන් මාව සිපගන්නවා මම ඇස් පියලා එයාගේ බෙල්ල වටේ අත් යවලා ලං කරගත්තා මගේ තොල් එක්ක සෙල්ලම් කරපු ජන්කූක් ටිකකින් ඈත් වුනා
" මේක තමුසේ කනවා මගේ උදේ කෑම හරි "
" හෑ..මොකා..... "
මගේ අත උඩින් රාමෙන් එක තියලා කට කොනින් හිනා වෙලා ගිහින් ආපහු මගේ දිහා හැරිලා බැලුවා
" කෝ මේ ගෙදර අනිත් මිනිස්සු "
" වේ.... තමුසේ හිතුවද තමුසෙට වගේ අනිත් අයට වැඩ නැ කියලා "
මම එහෙම කියලා ආපහු හිටපු තැනින් ගිහින් වාඩිවුනා
" ඒ කියන්නේ තමුසෙයි මායි විතරයි ද ඉන්නේ ඒකත් තනියෙන් "
ජන්කූක් හිමින් මගේ ලගට එන ගමන් ඇහුවා
මේකා එන්නේ නම් හොදකට නෙවෙයි කියලා මගේ තුන් වෙනි හිත කිව්වා
ජන්කූක් මගේ ඉස්සරහින් වාඩිවුනා
" අනී සනා ඔන්නි ඉන්නවා "
මම එහෙම කිව්වාම ජන්කූක්ගේ මූන තැලිලා පොඩි වෙලා චප්ප වෙලා ගියා ඒ මූන දැක්කාම මට බකස් ගාලා හිනා ගියා
" මොකද තමුසේ හිනා වෙන්නේ "
ජන්කූක් රවාගෙන ඇහුවා
" අනී.... අනී මුකුත් නැ 😂"
මම හිනා වෙවී කිව්වා
" මුකුත් නැද්ද 😏"
එහෙම කියලා මගේ අත් දෙකෙන් අල්ලාගත්තා දැන් නම් හිනාව වනාන්තරේ 🤧
" අත් දෙක අතහරිනවා "
" බැ මගේ නේ "
" කවුද ලියලා දුන්නේ "
" දැන් තමුසේ කියන්නේ තමුසේ මගේ කියලා නෙවෙයි ද "
" අනී "
මම එහෙම කිව්වාම කට කොනින් හිනා වෙලා මගේ කම්බුලක් හැපුවා 😫
" ආව් "
මූ මාව හපනවා ඉවරයක් නැ මාව කැරට් අලයක් වගේ ද දෙවියනේ පේන්නේ මේකා මාව හපන්නේ හාවෙක් වගේ හුවෑව්........... 🤧
ජන්කූක් දගකාර හිනවක් දාගෙන මගේ දිහා බලාගෙන ඉන්නවා මම කම්බුල අල්ලාගත්තා ජන්කූක්ට රැව්වා
" යාහ්හ්හ් තමුසේ ඇයි මාව හපන්නේ ඊයෙත් හැපුවා මට කියනවා තමුසෙට මාව පේන්නේ කැරට් අලයක් වගේ ද කියලා "
මෙන්න යකෝ මේකා හිනා වෙනවා
" හිනා නවත්තනවා 😒"
ජන්කූක් මුකුත් නොකියා මගේ ලගින් වාඩි වෙලා උකුලෙන් ඔලුව තියාගත්තා
" මේ මොකද........ 😳"
" වේ "
එහෙම අහලා මගේ අත අරගෙන එයාගේ ඔලුවෙන් තියාගත්තා මමත් ඒ සිනිදු කොන්ඩේ අතරේ ඇගිලි යැව්වා එයා ඇස් දෙක පියාගෙන මට තුරුල් වුනා
" යුන්හා "
ටිකකින් ජන්කූක් මගේ නම කියලා කතා කලා
" හ්ම්ම් "
" ඔම්මා ඉන්නකොට එයත් ඔහොම මගේ ඔලුව අතගානවා "
ජන්කූක් හීන් හඩකින් කිව්වා මම මුකුත් නොකියා හිටියා
මම දන්නවා ඔම්මා නැතුව මම මොනාද කලේ කියලා ඒ දවස්වල මම පිස්සියක් වගේ වැඩ කලේ මට ආදරේ කරපු හැමෝම වගේ මම කලේ ඈත් කරපු එක හරි දේ හරියට දැක්කේ නැ ඒක නිසා මම අද විදවනවා....... 😔
" යූ "
" හ්ම්ම් "
" මම ඔයාට යූ කියන්නම් "
ජන්කූක් ඇස් ඇරලා මගේ දිහා බලලා ඇහුවා
" හ්ම්ම් "
" මොකද හ්ම්ම් ගාන්නේ ආපහු හපන්න ද "
" ආස ඇති නේ "
" යේ "
" යනවා යන්න මෝඩයා "
අනිත් පැත්තට වැටෙන්න බිමට පෙරලන්න හිතෙන්නේ මෝඩ හාවා මූ හපනවා දත් පාරවල් කවුරුහරි දැක්කොත් මම එපැයි උත්තර බදින්න මේකාට මොකද 😒
" බැ යන්න බැ මෙහෙම ඉන්න ඕන "
මගේ අතකුත් අල්ලාගෙන පොඩි ලමයෙක් වගේ මට තුරුල් වුනා
" ඕමෝ මේ නපුරා හුරතල් වෙන්නත් දන්නවා නේ "
" පොඩ්ඩකට හරි ඔය කටට නිදහසක් දෙනවා "
" මම කට වහගෙන ඉන්නකොට තමුසේ නේ කතා කලා දැන් කියනවා කට වහගන්නලු එකක් කියනවකෝ "
" මම එහෙම එකක් කිව්වද "
" අනී මුකුත් කිව්වේ නැ "
" එහෙනම් කට වහගෙන ඉන්නවා "
", හා "
ජන්කූක් එයාට පහසු විදියට ඔලුව තියාගත්තා මම එයාගේ සිනිදු කොන්ඩේ අතරේ ඇගිලි යවලා ඔලුව අතගෑවා ටිකකින් ජන්කූක්ට නින්ද ගියා
මම කවදාවත් හිතුවේ නැ මේ නපුරා අස්සේ මෙච්චර අහිංසක ආදරනීය චරිතයක් ඉන්නවා කියලා නිදාගෙන ඉන්නකොට අහිංසක චූටි හා පැටියෙක් වගේ යටි තොල යට තියෙන birth mark එක නිසා තවත් කියුට් අනේ මගේ කියුට් හා පැංචා 😘
මම ජන්කූක් ඇහැරෙන්නේ නැති වෙන්න නලලට පුංචි හාදුවක් තියලා ඈත් වුනා එතකොට සනා තමයි දැක්කේ සනා ඔන්නි අත් දෙකත් බැදගෙන බලාගෙන ඉන්නවා
සනා ඔන්නි කොයිවෙලේද ආවේ අයිෂ් මම කිස් කරනවා දැක්කා ද දන්නේ නැ මට හෙල්ලෙන්නවත් විදියක් නැ නේ මේකා ඉන්න විදියට
" සනා ඔන්නි කොයිවෙලේද ආවේ දැක්කෙත් නැ නේ "
මම අන්තිම අහිංසක විදියට හිනා වෙලා ඇහුවා
",දැන් විනාඩි 05 ක් විතර වෙනවා මාව දකින්නේ කොහොමද ඉතින් ඔයා ලොකු වැඩක් නේ යුන්හා "
" ඔන්නි මේ.... "
" යූ චේබල් දගලන්නේ නැතුව ඉන්නකෝ "
ජන්කූක් එහෙම කියලා මට තුරුල් වුනා මම බැලුවේ සනා ඔන්නිගේ මූන දිහා එයා නම් මෙලෝ හැගීමක් නැතුව බලාගෙන ඉන්නවා
" ජන්කූක් නැගිටින්නකෝ අනේ ජන්කූක් "
මම ටිකක් හයියෙන් කතා කරනකොට ඇස් පොඩි කරන ගමන් පොඩි ලමයෙක් වගේ නැගිට්ටා
" මොකද කෑගහන්නේ "
" යුන්හා මට කතා කරන්න ඕන එලියට එන්න "
සනා ඔන්නි එහෙම කියලා ගියා ඔන්නි එහෙම කියලා එලියට ගියපු වෙලේ මට හිතුනේ එක දෙයයි
මම ඉවරයි 🤧
මම ජන්කූක් දිහා බලනකොට එයත් මගේ දිහා අසරණ බැල්මක් දාගෙන ඉන්නවා
" බය වෙන්න එපා මම බලගන්නම් "
මම හිනා වෙලා කිව්වා
" මොන මගුලකටද මම බය වෙන්නේ "
" 😂😂"
" මොකද හිනා වෙන්නේ 🤨"
" අනී මම යන්නම් ඔන්නි බලාගෙන ඇති "
" හ්ම්ම් "
මම garden එකට ආවා සනා ඔන්නි garden එකේ කොනකට වෙන්න තිබුණු බෙන්ච් එකේ වාඩි වෙලා ඉන්නවා මම ඔන්නි ලගට ගිහින් වාඩි වුනා
" ඔන්නි "
සනා ඔන්නි මගේ දිහා බැලුවා
" යුන්හා මට කියන්න මොකද්ද මේ වෙන්නේ කියලා "
" ඔන්නි මම එයාට ආදරෙයි "
" හුම් "
" ඔන්නි "
" යුන්හා මට ප්රශ්නයක් නැ ඔයා කාට ආදරේ කලත් ඒත් ඒත් ජන්කූක්....... "
" වේ ඔන්නි ජන්කූක්ගේ තියෙන වැරැද්ද මොකද්ද "
" මේක ජන්කූක්ගේ වැරැද්දක් නෙවෙයි යුන්හා ජන්කූක් next month engaged වෙන්න ඉන්නේ ඔයා ඒක දන්නවා නේද "
මම ඔලුව වැනුවා මිසක් මුකුත් කිව්වේ නැ මම දන්නවා ඔන්නි මොකද්ද කියන්නේ යන්නේ කියලා
" එහෙම දැනගෙන ද මේ "
" යේ ඔන්නි මම ඔක්කොම දන්නවා මම ජන්කූක්ට ආදරෙයි කියලා කියන්න නෙවෙයි හිටියේ ඒත් ඒත් ඔන්නි එයා මගෙන් එයාට ආදරෙයි ද කියලා ඇහුවාම මට ඉවසන්න බැරි ඔන්නි මගේ හිත කිව්වේ තවත් මේක හංගන්න ඉන්න එපා කියලා ඔයා දන්නවද මම එයාට කිව්වාම ආදරෙයි කියලා එයාගේ සතුට ඒ ඇස් වලින් මම දැක්කා ඔන්නි මම කවදාවත් දැකලා නැ එයා එහෙම හිනා වෙනවා ඔන්නි මට එයාගේ සතුට නැති කරන්න ඕනි නැ වෙන දේකට මූන දෙනවා මිසක් මට එයාගෙන් ඈත් වෙන්න නම් කියන්න එපා "
මම හිතේ තියෙන ඔක්කොම කිව්වා
" හ්ම්ම් මට තේරෙනවා යුන්හා ඔයාට හිතෙන දේ ඒත් යුන්හා මේ දේවල් නිසා ඔයාගේ ජීවිතේට කරදරයක් වුනොත් මොකද්ද කරන්නේ "
" ඔන්නි කොහොමත් මගේ ජීවිතේට අනතුරක් තියෙනවා නේ "
(Author : ඔයාට විතරක් නෙවෙයි යුන්හා මටත් තියෙනවා 🤧💔)
" හරි හරි ඉතින් පරිස්සමින් හරි ද"
" හරි ඔයත් පරිස්සමින් ඔන්නි "
" යුන්හා උදව්වක් කරන්න බැරි ද "
" මොකද්ද ඔන්නි "
" රිපෝට් එකක් ලියලා දෙන්නකෝ පැටියෝ "
" ඉස්සෙල්ලාම කියන්න වචන කීයද මේ පාර "
" 10,000 "
ඔන්නි හිනා වෙලා කිව්වා
" යාහ්හ්හ්... ඔන්නි ඔයා පන්ඩිත වැඩ කරන්නයි අපි රිපෝට් ලියන්නයි අපි මක්කුන් කියලා ද ඔයා හිතාගෙන දන්නේ නැ "
" තොපි ඕනේ නැ මම ම ලියාගන්නම් "
සනා ඔන්නි එහෙම කියලා ගියා......
Author pov
" ජිමිනාහ්......... ලිසා කෝ "
ඉන්නේ කවුද කින්ද මන්ද කිසිවක් හොයන්නේ නැතුව හොබී practice room එකට එබිලා ඇහුවා එතැන ජිමින් විතරක් නෙවෙයි හොබීට පිස්සු වැටිලා ඉන්න කෙල්ලෝ ටික දෙනෙකුත් හිටියා practice room එක ඇතුලට ආපු හොබී හැමෝටම සිනාවකින් සංග්රහ කරලා ජිමින් දිහා බැලුවා
" අහ් හියුන්ග් නූනාගේ කකුල උලුක් වෙලා මම හිතන්නේ අර ඉන්නේ "
ජිමින් practice room එකේ කොනක කකුලත් අල්ලාගෙන බිම වාඩිවෙලා ඉන්න ලිසාව පෙන්නුවා
" ඉතින් උබ මුකුත් කලේ නැද්ද "
" මුකුත් කරන්න කියලා නූනා කකුල කාටවත් අල්ලන්නවත් දෙන්නේ නැ නේ "
" හිටපන් මම බලන්න "
හොබී ලිසා ලගට ගිහින් වාඩිවුනා කෙල්ල හිනා වෙලා කොල්ලා දිහා බැලුවා
" මොකද වුනේ හ්ම්ම් "
හොබී කෙල්ලගේ කකුල උකුලෙන් තියාගන්න ගමන් ඇහුවා
" ආව් "
ලිසා කකුල අල්ලාගෙන කෑගැහුවා ජිමින් කට්ටියත් අරගෙන එලියට ගියා
" අනේ රිදෙනවා අල්ලන්න එපා "
ලිසා ඇස් දෙකේ කදුලු පුරවගෙන කිව්වා
" රිදෙනවා කියලා ඔහොම ඉන්නද හදන්නේ එතකොට මේක වැඩි වෙයි "
හොබී කිව්වේ කෙල්ලගේ මූන දිහා බලාගෙන
" අනේ ඒ වුනාට රිදෙනවා හොබී චේබල් අල්ලන්න නම් එපා "
ලිසා පොඩි ලමයෙක් වගේ කිව්වා
" ජින් හියුන්ග්ට පෙන්නන්න යන් "
හොබී කෙල්ලව දෝතට ගන්න ගමන් කිව්වා
" හොබී "
" මොකද "
" බිමින් තියන්න ඔයාට පිස්සු වැටිලා ඉන්න කෙල්ලෝ ටික දැක්කොත් මගේ ඇට කටුවක්වත් හොයාගන්න නැති වෙයි "
කොල්ලාට නම් හිනා ඉතින්
" මොකද හිනා වෙන්නේ "
" හිනා යන්නේ නැද්ද ඔයා කියන කතා වලට 😂"
හොබී ලිසාව hospital එකට එක්කන් ගිහින් ජින්ට පෙන්නලා බැන්ඩේජ් එකක් දාගෙන හනාගෙන් කන පැලෙන්න බැනුම් අහගෙන හොබී එක්ක mansion එකට ආවා හොබී කෙල්ලව උස්සගෙන එනකොට සනා යුන්හා එක්ක living room එකට වෙලා රිපෝට් එක ලියන්න බොරු ගොතනවා 😂 හොබී ලිසාව එක්කන් එනවා දැක්ක සනා යුන්හා දෙන්නා නැගිට්ටා හොබී ලිසාව සෝෆා එකේ ඉන්දෙව්වා
" ඔප්පා ඔන්නිට මොකද උනේ "
යුන්හා ඇහුවේ ලිසා ලගින් වාඩි වෙන ගමන්
" ලිසාගේ කකුල උලුක් වෙලා යුන්හා "
හොබී කිව්වා
" ලිසාට දැන් කකුල් කඩාගන්න එක පුරුද්දට ගිහින් හනා දැන ගත්තොත් ශෝක් නේ "
සනා කිව්වා
" අමුතුවෙන් දැනගන්න දෙයක් නැ කන් දෙක පිරෙන්න අහගෙන ආවේ 😒 "
ලිසා කිව්වා ඒ වෙලාවේ ජන්කූක් පහලට ආවා
" නූනාගේ කකුලට මොකද වුනේ "
ලිසාගේ බැන්ඩේජ් කරලා තියෙන කකුල දැකලා ඇහුවේ
" ඔයාගේ නූනාගේ කකුල උලුක් වෙලා
මම මෙයාව ඇදෙන් තියලා එන්නම් "
හොබි ලිසාව අත් දෙකට අරගන්න ගමන් කිව්වා
" ඔන්නිට තියෙන සැප "
යුන්හා එහෙම කියලා අමුතු විදියට හිනා වුනා ලිසා යුන්හාට රැව්වා
" යුන්හා වර මට මේක ලියන්න උදව් කරපිය "
සනා පෑනත් කටේ ගහගෙන කතා කලා
" ඉන්නඩෝ "
යුන්හා සනා ලගට ගියා ජන්කූක් යුන්හා දිහා බලාගෙන ඉදලා කිචන් එක පැත්තට ගියා
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
සතර කන් මන්ත්රනය වගේ දිග එපියක් දුන්නා මට වතුර එකක්වත් දීපියව් මහන්සියි 🥵
වචන 2198
කොටයි කියාගෙන එන්න එපා ඉන්න තැනක් හොයාගෙන ඇවිත් කොටනවා සනිකව 🗡️😑
විභාග කල් ගියා නේද ලමයි
ඕතර් පාඩම් කරන්න හිටපු කාලෙත් කල් ගියා 😁
ඕතර් ලබන සතියේ ඉදලා ඉස්කෝලේ යනවා එතකොට කතාව අප්ඩේට් කරන්න පරක්කුයි වෙයි මා සමග තරහ නොවන්න පුලුවන් ඉක්මනට අප්ඩේට් දෙන්නම් 😌
Next chapter හමුවෙමු
පරිස්සමින් ඉන්න
සරන්හේ 💜️
Nipu
Bạn đang đọc truyện trên: AzTruyen.Top