✨️💜️ Chapter 30 💜️✨️

යුන්හා හනා දැක්ක ගමන් හිනා වුනා හැබැයි හනා වගේම අන්න අනිත් අයගේ ඇස් වලත් කදුලු පිරුනේ යුන්හා ඉන්න විදිය දැකලා

" ජින් යුන්හාට මොකද වුනේ "

හනා ජින්ගේ අතක් අල්ලාගෙන හොල්ලන ගමන් ඇහුවා

" ඒක දන්නේ යුන්හා තමයි "

ලූනා හිමින් යුන්හා ලගට ඇදෙන් වාඩිඋනා ලූනා යුන්හා දිහා හොදට බැලුවා

" මොකද ඔහොම බලන්නේ මම නිකන් හොල්මනක් වගේ නේ "

යුන්හා හිනා වෙලා කිව්වත් ලූනා අඩන්න ගත්තා

" තමුසෙට විහිලු ද ආ මෙච්චර දෙයක් වෙලා තියෙද්දීත්........ බලනවා තමුසේ දිහා ටිකක්......"

ලූනා අඩාගෙන යුන්හා වැලදගත්තා

" ආව් ගෑනියේ රිදෙනවා 😣"

ලුනා ඈත් වුනා මින්සු යුරී දෙන්නත් යුන්හා ලගට ආවා

" යාහ්හ් මොකද මේ අඩන්නේ ආ මම තාම මැරුනේ නැ "

" යුන්හා මම තමුසෙගේ කට කඩනවා තමුසේ දන්නවා ද ඊයේ තමුසේ නැ කියලා යුරී මුලු රෑම ඇඩුවා තමුසෙට විහිලු ද ආ මට වඩා වැඩිමල් කියලා බලන්නේ නැ දත් ටික ගැලවෙන්න දෙන්නේ "

මින්සු කෑගහද්දී යුන්හා යුරී දිහා බලලා ලගට එන්න කිව්වා යුරී ඇදට නැගලා යුන්හා ලගට ආවා

" මගේ සූටි බෝලේ ඇඩුවාද හ්ම්ම් මම හොදින් නේ අනේ කෝ එන්න ඉතින් "

යුන්හා යුරීව ලගට අරගෙන ඔලුව අතගෑවා යුරී අඩනවා

" අයියෝ දැන් ඔයා ලොකු බබෙක් නේ අනේ ඔහොම අඩනවද ලොකු බබාලා "

යුරී යුන්හාට තුරුල් වෙලා අඩනවා

" යුන්හා මොකද වුනේ කියන්න "

සනා ඇහුවා ජින් එතැනින් ආවා

" මම දන්නේ නැ ඔන්නි "

යුන්හා සනාගේ ඇස් මගහරින ගමන් කිව්වා සනා එතැනින් එහාට මුකුත් අහන්න ගියේ නැ කෙල්ල ලෙඩ වෙයි කියලා

" දැන් ඔයාට කොහොමද යුන්හා "

හනා යුන්හාගේ ඔලුව අතගාන ගමන් ඇහුවා

" ඇග රිදෙනවා ඔන්නි "

" ඒක නෙවෙයි බන් මේ ශර්ට් එක කාගෙද උබ වගේ තව එකෙක් මේකට බස්සන්න පුලුවන් "

ලූනා ඇහුවේ යුන්හා දිහා අමුතු විදියට බලන ගමන්

" ලූනා උබේ වල් හිත ගලවලා පැත්තකින් තියලා ආවොත් නරක ද "

" මොකද්ද ගෑනියේ කියන්නේ මගේ විතර ද වල් හිත තොගෙත් එහෙම තමයි තොගේ වල් හිත නැත්නම් කොහොමද මම කියපු දේ තේරුනේ "

" තොපි ඔක්කොගෙන්ම වල් සිත් තියෙන්නේ මේ අහිංසක චූටි මගේ හිත විතරයි පිරිසිදු "

මින්සු කිව්වා

" තො ඒක කටින්ද කිව්වේ කියපන් ඉස්සෙල්ලාම "

ලූනා ඇහුවා

" අනී අහවල් තැනින් "

" අම්බෝ ඇති ඕක ඔතනින් නවත්තන්න නැත්නම් කොහෙන් නතර වෙයි ද දන්නේ නැ "

ලිසා කිව්වා

" ඒක නෙවෙයි මට බඩගිනියි "

යුරී කිව්වා

" පොඩි එකාට බඩගිනි වෙලා "

මින්සු කිව්වා

" මම පොඩි නැ හරි ද "

" යේ යේ කවුද දන්නේ නැ ටිකකට කලින් යුන්හාව බදාගෙන ඇඩුවේ ඒ වෙන යුරී කෙනෙක් වෙන්න ඇති "

මින්සු කිව්වා

" 😒"

" මේ උබට මේ කොල්ලෝ එක්ක මොකද්ද තියෙන සම්බන්ධය "
ලූනා ඇහුවා

",මොකද යකෝ එහෙම අහන්නේ "

" මචන් ප්‍රශ්නයක් ඇහුවාම ඒකට උත්තරයක් දීපන් තවත් ප්‍රශ්නයක් අහන්නේ නැතුව ඒවා පුරුදු වෙයන් "

" කියන මගුලක් තේරෙන්න අහපන් "

" මේ රූම් එක මොන පාට ද "

" Black "

" ඉතින් යකෝ black කියන්නේ තොගේ favorite colour එක නේ "

" හරි ඉතින් දැන් උබ ඒකෙන් මොකද්ද අදහස් කරන්න යන්නේ "

" මේ රූම් එක කාගෙද කියපන් "

" දන්නේ නැ "

" තොට මොලේ පෑදිච්ච දවසට හොයාගනින් මේ රූම් එක කාගෙද කියලා "

මොන ඉටිපන්දමක් ද යකෝ ඒ කිව්වේ ඔලුව හොල්මන් වෙන කතාවක් තමයි කිව්වොත් කියන්නේ මේ රූම් එක ජන්කූක්ගේ කියලා එයා කිව්වේ එතකොට

එයාගේ favorite colour එකත් black  ද

ඉතින් මට මොකද එකම පාටට ආස මිනිස්සු ඕන තරම් ඉන්නේ ලූනාට පිස්සු ද කොහෙද 

" හරි අපි දැන් යන් යුන්හාට ටිකක් ඉන්න දීලා "

හනා කිව්වා

" හ්ම්ම් "

හය දෙනා පහලට ගියා අන්තිමට ආපු යුරී කකුල පටලැවිලා වැටුනා තනි නෙවෙයි ජිමින්වත් බදාගෙන දෙන්නාම බිම

" තව අංශක දෙකක් තුනක් එහා මෙහා වුනා නම් හරි "

මින්සු කිව්වේ පොලොව බදාගෙන ඉන්න කපල් එක දිහා බලාගෙන

" ඒක නේ බන් කියන්නේ live kiss එකක් බලන්න තිබුණු අවස්ථාව වතුරේ ගියා "

ලූනා මින්සුගේ කරට අත දාගෙන කිව්වා

" ඕයි කොටා නැගිටපන් යකෝ මහ දවාලේ කෙල්ලෙක් බදාගෙන බිම වැටිලා ඉන්න ලැජ්ජ නැද්ද යකෝ "

එතැනට ආපු ටේ කෑගැහුවා එතකොට තමයි දෙන්නා මේ ලෝකෙට ආවේ යුරී මූනත් රතු කරගෙන නැගිට්ටා

" උප්ස් එක් කෙනෙක්ගේ මූන රතු වෙලා බන් මොකද දන්නේ නැ "

ලූනා උඩ බලාගෙන කිව්වා

" ඒක නේ බන් "

" ඔය පොඩි එකාට විහිලු කරන්න එපා යකෝ පව් නේ "

ලිසා යුරීව ලගට ගන්න ගමන් කිව්වා

" කෝ කට්ටිය එන්න කන්න "

ජින් කෑගහගෙන ආවා

" ඔයා ද ඉව්වේ "

හනා කිව්වා

" යේ මැනික "

ජින් හනාගේ දිහා බලලා හිනා වෙලා කිව්වා

" මෙතන තව ටික වෙලාවක් හිටියොත් වැඩිහිටියන්ට පමණයි දර්ශනයක් පෙන්නන්න කලින් මෙතන චුත වෙන එක හොදයි "

ලූනා කිව්වා

" අනේ ලූනා මගෙන් මුකුත් නාහ හිටපන් high school කාලේ කරපුවා මම මෙතන කියන්න ද "

හනා කිව්වා

" හී හනා ඔන්නි ඒවා මෙතනට අදාළ නැ නේ "

", එහෙනම් කට වහගෙන හිටපන් "

" මොකද්ද නූනා high school කතාව "

ටේ ඇහුවා

මොකද්ද යකෝ මූට තියෙන අමාරුව අනුන්ගේ සෙද්දවල් හොයන්නේ මම ගැන මොකටද මූට පොල් බූරුවා මොනා වුනත් මගේ crush එක නේ

ලූනා හිතුවා

" තමුසෙට ඒක වැඩක් නැ නේ කට වහගෙන ගිහින් නිදාගනි............"

ලූනාට ඉතුරු ටික ලැබුනේ නැත්තේ ලිසා ලූනාගේ කට වැහුවා ලූනා කට ඇරියාම බෝක්කුව වගේ කියලා දන්න නිසා එයා කියන දේවල් අඩුම තරමේ එයාවත් දන්නේ නැ ලූනා හෙන ගේමක් දෙනවා ලිසාගෙන් බේරෙන්න

" මේකි මොකද්ද නූනා මට කියන්න ගියේ "

ටේ හනාගෙන් ඇහුවා

" අනී මුකුත් නැ පැටියෝ "

මින්සුගේ යුරීගේ මූනු නිකන් අහක බලාගෙන ගහපු කොත්තුවක් වගේ වුනේ හනා ටේට පැටියෙක් කිව්ව නිසා ඔය වෙලේ ටැනී ටේ ලගට දුවගෙන ආවා ලිසා ඒ වෙලාවේ තමයි ලූනාගේ කට අතහැරියේ


(yeontan👆)

" කාගෙද බන් මේ බලු නකුටා "

ලූනා කිව්වා දැන් ටේට එකසිය ගානට නැගලා ඉන්නේ

",තමුසෙට ඒක වැඩක් නැ ආවා විදියට ආපහු යන්න ඕන නම් මගේ ටැනීගෙන් සමාව ඉල්ලනවා "

මූට අමු කැවිලද අමුවෙන් කැවිලද මොන කෙහෙල් ඇවරියක් ද යකෝ කියන්නේ මම මේ බලු නකුටෙක්ගෙන් සමාව ඉල්ලන්න එව්ව හදේ මල්ලී තාම මේ ලීනා කියන්නේ කවුද කියලා දන්නේ නැ

" මම සමාව ගන්න මේ බලු නකුටෙක්ගෙන් තමුසෙට පිස්සු ද ආ "

" එයා ශෝයි යකෝ බලු නකුටා කියන්න එපා "

මින්සු කිව්වා

" උබට ශෝයි ද මට නම් මෙලෝ ලස්සනක් නැ පේන් නැද්ද හැටි "

" තමුසේ මගේ ටැනීගෙන් සමාව ඉල්ලනවද නැද්ද "

" මේ ඕයි ටයිටැනික් නැව මුහුද බත් වෙලා අවුරුදු ගානක් වෙනවා ඔය වෙඩිම් ෆිල්ම එක බලලා මම කොච්චර ඇඩුවාද තමුසෙට වෙන නමක් තිබුන් නැද්ද ටයිටැනික් කියලා මේ හඩු බල්ලෙක්ට දාන්න "

ටේගේ මූන රතුවෙලා කන් දෙකෙන් දුම් දානවා දැන් ලුනා මරන්න තරම් තරහින් ඉන්නේ

" නූනා මේ ඔයාගේ නංගි නොවුනා නම් මේකිට මම කවුද කියලා පෙන්නලා "

" අහ් පුලුවන් දෙයක් කරනවා "

" ලූනා නවත්තනවා "

හනා කිව්වා

" ඒත් ඔන්නි..... "

" ලීනා මම කිව්වා නේ දැන් ඔය හොදටම ඇති ටේගෙන් සමාව ඉල්ලන්න "

හනාට තරහ ගිහින් ඉන්නේ ඒක නිසා තමයි ලූනාට ලීනා කියලා කතා කලේ ඒත් ලූනා නම් මුකුත් නොකියා හිටියා

" ලීනා මම මොකද්ද කිව්වේ "

" හරි හරි ඉතින් ඔච්චර තරහ ගන්න ඕන නැ නේ මියානේ ඔන්න කිව්වා සතුටු ද "

ලීනා ඕනවට එපාවට කිව්වා

" ලීනා ඔහොම ද සමාව ගන්නේ "

" නැත්නම් කොහොමද ඔයා කියන්නේ ඔන්නි මෙයා ලග දනින් වැටිලා
අනේ මියානේ ටේ  ඔයාගේ මේ ටයිටැනික් කියන බලු නකුටාට අනී වැරැදුනා පොඩ්ඩක් බලු පැටියාට බලු නකුටා කිව්වාට
කියලා කියන්න කියලද "

ඒකට නම් හැමෝටම හිනා ගියා ටේ නම් පුපුරන්න ඔන්න මෙන්න

" ඇයි යකුනේ හිනා වෙන්නේ ඇත්ත නේ කිව්වේ "

" තමුසෙට..........."

" මොකද තමුසෙලා කෑගහන්නේ කනක් ඇහිලා මට නිදාගන්නත් නැ "

යුන්ගි කෑගහගෙන ආවා

" පූස් තඩියා නැගිටලා "

" කට වහගනින් කොටා "

" හියුන්ග් මට කොටා කියන්න එපා මම හියුන්ග්ට වඩා සෙන්ටිමීටරයක් උසයි "

ජිමිනා හෙන ගැම්මෙන් කිව්වා

" උබේ සෙන්ටිමීටරේ තියලා වාඩි වෙයන් "

ඒ වෙලාවේ තමයි යුන්ගියා දැක්කේ තමන්ට රවාගෙන ඉන්න සනාව යුන්ගි කට කොනින් හිනා වෙලා ජින් දිහාට හැරුනා

" හියුන්ග් මෙයාලා මොකද මෙහේ කරන්නේ "

" මෙයින් එකෙක්ව උබට බන්දන්න හදන්නේ "

" අහ් එහෙනම් මම හනාව මැරි කරන්නම් මොකද මම එයාට කැමතියි "

" යාහ්හ් යුන්ගියා උබට යහතින් ඉන්න ඕන ද "

" මට ඕන නැ හියුන්ග්ම තියාගන්න "

යුන්ගි හිනා වෙලා කිව්වා

" ඕයි ලූනෝ සනා ඔන්නි යුන්ගි ඔප්පාට ඇයි බන් රවන්නේ සනා ඔන්නිට යකා වැහිලා වගේ නේ බන් යුන්ගි ඔප්පා දැක්ක වෙලේ ඉදලා "

සනා යුන්ගිට රවනවා දැක්ක මින්සු ලීනාගෙන් ඇහුවා

" මම කොහොමද බන් දන්නේ මට දිවැස් නැ නේ මොනාහරි වෙලා වගේ "

" ඒක මටත් තේරෙනවා යකෝ මම අහන්නේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා "

" තොට එක සැරයක් කිව්වාම තේරෙන්නේ නැද්ද භල්ලෝ මට දිවැස් නැ "

" ඉතින් ඕකට ඔච්චර තරහ ගන්න ඕනද "

" තරහ ගියේ නැ යකෝ "

Flashback 🍂

එක දාස් නවසිය බර ගනන් වල නැ නැ දවස් දෙකක් පිටිපස්සට ගියාම ඇති......................

සනා නූරා එක්ක court එකට ආවා නූරා ටිකකට එහාට ගියපු වෙලේ සනා ෆයිල් එකත් බලලා ඉස්සරහට ගියා එතකොට කාගෙදෝ ඇගේ හැප්පිලා ෆයිල් එක බිම වැටුනා ෆයිල් එකේ තිබුණු කොල ටික සී සී කඩ විසිරුනා

ඇස් දෙක කටේ දාගෙන යනවද මන්දා වැරැද්දක් වුනාම සමාවත් ඉල්ලන්න දන්නේ නැති මිනිහෙක් නේ හිටුකෝ කරන්න

" මේ හලෝ වැරැද්දක් වුනාම සමාව ඉල්ලන්න දන්නේ නැද්ද "

සනා කෑගහනවා ඇහුනු නිසා නූරා ලගට ආවා යුන්ගි පිටිපස්ස හැරිලා මටද කියලා ඇහුවා

මේ මේ මින් යුන්ගි නේද එදා restaurant එකේදී හම්බවුනු මුගේ පුදුම ලොකුකමක් නේ තියෙන්නේ වැරැද්දක් වුනාම සමාව ගත්තාම පැත්ත යනවද

" යේ තමුසෙට තමයි "

" මොනාද උබ කරන්නේ "

නූරා සනාගෙන් ඇහුවා

" උබ කට වහගෙන හිටපන් "

යුන්ගි සනා නූරා හිටපු තැනට ආවා

" මොකද තමුසේ ඔච්චර සද්දෙන් කෑගහන්නේ "

යුන්ගි සනාගේ ලගට ඇවිත් ඇහුවා

" වැරැද්දක් වුනා නම් සමාව ගන්න දන්නේ නැද්ද තමුසේ "

" මගෙන් වැරැද්දක් වෙන්න ඕන නේ සමාව ගන්න................. මින් සනා "

" අහ් මාව මතකයි එහෙනම් "

මම තමුසේ ගැන ගොඩක් දේවල් දන්නවා සනා ඔයා ගැන මම මේ වෙනකොට නොදන්න දෙයක් නැ

යුන්ගි හිතුවා

" මම තමුසෙව දන්නේ තමුසේ මං ගැන දැනගන්නත් කලින් "

" WTF !!"

" කට පරිස්සම් කරගෙන කතා කරනවා අනිත් දවසේ උඩ බලාගෙන ගිහින් මිනිස්සුන්ගේ ඇගේ හැප්පිලා ඒ මිනිස්සුන්ට කෑගහන්න එපා එහෙනම් මම ගියා "

යුන්ගි නූරාට ඇහැකුත් ගහලා ගහලා ගියා

" පූස් ඔලුවා මම තමුසෙට හොද පාඩමක් උගන්නනවා තමුසේ දන්නේ නැ මේ සනාගේ හැටි "

සනා හිතුවා

" අම්බෝ තෝ හින්දා මට යුන්ගියා හම්බෙන්නත් පුලුවන් වුනා එහෙනම් මගේ සිහින කුමාරයා මට ඇහැකුත් ගැහුවා එයා මාර handsome නේ පූසෙක් වගේමයි උබට කියන්න එයා මෙච්චර කාලෙකට කිසිම කේස් එකක් පැරදිලා නැ ඒ වගේම එයා ලේසියෙන් කේස් එකක් බාර ගන්නෙත් නැ වැඩිය කිසි කෙනෙක් එක්ක කතා කරන්නෙත් නැ හැබැයි එයා එක්ක කේස් එකක් දාගත්ත කෙනෙක් ලේසියෙන් අතහරින්නෙත් නැ "

සනා මුකුත් නොකියන නිසා නූරා සනා දිහා බැලුවා යුරේනස් වලින් බැහැපු පිටසක්වලයෙක් දිහා බලනවා වගේ සනා නූරා දිහා බලාගෙන ඉන්නවා

" මොකද ඔහොම බලන්නේ "

" ඉක්මනට ගිහින් ඩොක්ටර් කෙනෙක් හම්බුනොත් හොදයි වගේ නූරා "

" මොකක් "

පූසෙක් වගේලු handsome ලු පූසෝ කවද්ද handsome වුනේ මේකිට පිස්සු ද මන්දා අලි ඔලු පුසා talented වෙන්න ඇති ඒත් එහෙමයි ඔච්චර නහින්න ඕනද මට නම් මූව පේන්න බැ අහුවුනොත් බෙල්ල මිරිකලා මරන්නේ දැන් ඉතින් මේකි මුලු දවසෙම යුන්ගි මෙහෙමත් යුන්ගි අරමයි යුන්ගි talented ඕවා අහගෙන හිටපන්කෝ කන් දෙකට පුලුන් ඇබ දෙකක්වත් ගහ ගන්න ඕන මේකි තාමත් හීන ලෝකේ

" ඕයි මේ ලෝකෙට වරෙන් "

" හෑ ඕ වේ "

" වරෙන් ආපු වැඩේ කරන්න පූසෙක් ගැන හිත හිත ඉන්නේ "

" 😒"

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

අදට ඇති ආපහු දවස් දෙකකින් තුනකින් එන්නම්

එහෙනම් කෙල්ලේ අපි ගියා

කතාව හොද නම් vote  comment කරන්න

පරිස්සමින් ඉන්න හැමෝම
සරන්හේ 💜️
Bye

Nipu

Bạn đang đọc truyện trên: AzTruyen.Top