✨️💜️ Chapter 29 💜️✨️

(ඇල කරලා දාන්නේ හිතන ඒවා )

Jk pov

මම වොෂ් එකක් දාගෙන එනකොට යුන්හා හොදටම නිදි..... මගේ ෂර්ට් එකක් එයාට අදින්න දුන්නේ මම යුන්හා ලගට ගිහින් ඇදේ වාඩිවුනා

"නිදාගෙන ඉන්නකොට නම් අහිංසකයි නැගිට්ටාම බලන්න ඕන "

යුන්හාගේ එක කම්බුලක් රතුවෙලා තොලත් පැලිලා මට පව් කියලා හිතුනා කෙල්ල ඉන්න විදිය දැක්කාම යුන්හාගේ රතු වෙච්ච කම්බුලට අත තියලා ඇගිල්ලෙන් කම්බුල පිරිමැද්දා කෙල්ල කෙදිරි ගාන්න ගත්ත හින්දා මම අත ගත්තා මම යුන්හාගේ තොල් වලට පුංචි කිස් එකක් දීලා ඈත් වුනා ඒත් ඇයි මම එහෙම දෙයක් කලේ මට දැන් පිස්සු හැදීගෙන එනවද කොහෙද

(Author : Jeon Jungkook කෙල්ලෙක් නිදාගෙන ඉද්දී කිස් කරන්න ලැජ්ජ නැද්ද ආ

ජන්කූක් : ඕතරීට ඒක අදාළ නැ නේ කට වහගෙන ඕක ලියනවා

Author : තමුන් දැන් ඔහොම ද මට කතා කරන්නේ ආ වැඩිය කියවගෙන ආවොත් තවුසෙට විරුද්ධව නඩු දානවා

ජන්කූක් : තමුසේ නඩු දානවා ඉතින් තමුසෙට අමතක වෙලා වගේ South korea වල best ම lawyer තමුන්ගේ පූසා කියලා

Author : මොකද්ද කියන්නේ ආ එයා කොහොමද මගේ වෙන්නේ

ජන්කූක් : කෙනෙක් කිව්වා ඕතරීගේ crush එක යුන්ගි හියුන්ග් කියලා

Author : මොකාද ඕක කියපු එකා මට දැනගන්න ඕන

ජන්කූක් : කිව්ව කෙනා අදාළ නැ නේ කතාව ඇත්ත නේ ඕතරී එහෙනම් මම ගියා නිදිමතයි

Author : යාහ්හ් ජන්කූක් තමුසේ කොහෙද යන්නේ කවුද කිව්වේ කියනවා මම තමුසෙගේ හා දත් දෙක ගලවන්න කලින්

ජන්කූක් : .......................................

Author :,😤)

මම සෝෆා එකේ ගිහින් නිදාගත්තා
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

මම නින්දෙන් ඇහැරුනේ යුන්හා කෙදිරිගාන සද්දේ ඇහුනු නිසා මම එයා ලගට ගියා කෙල්ලට හොදටම දහඩිය දාලා මූනට වැටිලා තිබුණු කොන්ඩේ මම අතින් පිටිපස්සට කලා මම ගිහින් රෙදි කැබැල්ලක් වතුරේ පොගවලා ගෙනත් යුන්හාගේ මූන පිස දැම්මා එයාට අමාරු ඇති මම එහෙම්ම එයා ලග හාන්සි වෙලා යුන්හාගේ ඔලුව අතගෑවා එයාගේ කොන්ඩේ හරි සිනිදුයි

" මම කවදාවත් කිසිම කෙල්ලෙක් ගැන මෙච්චර වද වෙලා නැ ඒත් ඔයා ගැන මම මෙච්චර හිතන්න හේතුවක් මට තේරෙන්නේ නැ ඔයා අද මේ විදියට දැක්කාම මට දැනුනු වේදනාව වචනෙන් කියන්න තේරෙන්නේ නැ  ඇයි යුන්හා ඔයා මගේ කියලා හිතෙන්නේ ඉක්මනට සනීප වෙන්න My Angel "

මම යුන්හාවත් තුරුල් කරගෙන නිදා ගත්තා

Next day morning
Yunha pov

මුලු ඇගම රිදෙනවා කවුරුහරි ගහලා වගේ ඇත්තටම මට ගැහුවා නේ ද

"අහ්........ "

මුලු ඇගම රිදෙනවා ඔලුව රිදෙනවා ඔක්කොටම වඩා නුපුරුදු උණුසුමක් දැනෙද්දී මම හිමින් ඇස් ඇරියා

" ඕමෝ..... 😳"

මට තුරුල් වෙලා හා පැටියෙක් වගේ නිදාගෙන ඉන්න ජන්කූක් දැක්කාම මගේ ඇස් ගෙඩි දෙක එලියට පැන්නේ නැති ටික විතරයි මගේ ඉනට අතකුත් දාගෙන හොදටම නිදි

" cute 😘
මේ නපුරා නිදාගෙන ඉන්නකොට නම් කොච්චර කියුට් ද පුංචි හා පැටියෙක් වගේ "

පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න මේකා මොනාද මගේ ලග කරන්නේ එතකොට ඊයේ මුලු රෑම මූ මෙහෙම ද හිටියේ 

" යාහ්හ්හ් "
මම කෑගැහුව පාර ජන්කූක් ගැස්සිලා නැගිට්ටා පව් කියලත් හිතුනා

" මොකද තමුසේ කෑගහන්නේ ආ යකෙක් ගහලා වගේ "
යකා මම කියන්නේ නැ තොට බූරු ඔලමොට්ටල ගස් හාවා

" තමුසේ මොනාද මගේ ලග කරන්නේ ආ කියනවා "
මම වේදනාව පැත්තකින් තියලා කෑගහලා ඇහුවා

" Oppz babe ඊයේ රෑ වෙච්ච දේවල් ඔයාට මතක නැද්ද "
ජන්කූක් තොලත් හපාගෙන කිව්වා

මූ මොනා ගැනද කියන්නේ මූට පිස්සු ද ඊයේ රෑ මොනා වෙන්නද මොකාක්...........

මම ඉක්මනට මගේ ඇදුම් දිහා බැලුවා මම වගේ දෙකක් බස්සන්න පුලුවන් ඇදගෙන ඉන ශර්ට් එකට

කවුද මගේ ඇදුම් මාරු කලේ...........

මම ජන්කූක් දිහා බැලුවා ඒකා නම් කට කොනින් හිනා වීගෙන බලාගෙන ඉන්නවා

",තමුසේ හිතන විදියේ මුකුත් සිද්ධ වුනේ නැ තමුසේ නින්දෙන් කෙදිගාපු නිසා ලගට ආවේ නැතුව ආසාවකට නෙවෙයි "

" කෙදිරිගෑවා කියලා මාව තුරුල් කරගෙන නිදාගන්න කියලා කවුද තමුසෙට අවසර දුන්නේ "

" තමුසෙගේ හැල්මොනී හරි ද "

" මගේ හැල්මොනී මැරිලා "

" යේ මට හීනෙන් ඇවිත් කිව්වේ
අනේ ජන්කූක් පුතේ මගේ කෙල්ලව පරිස්සමින් බලාගන්න තුරුල් කරගෙන නිදාගත්ත වුනත් කමක් නැ කියලා "
එයා එහෙම කියලා හිනා වුනා

" යාහ්හ් "
මම ජන්කූක්ට ගහන්න ගියත් අත උස්සනකොට දැනුන වේදනාව නිසා මම ආපහු අත පහල දැම්මා

" මොකද වුනේ තාම රිදෙනවා ද "
ජන්කූක් හිනාව නවත්තලා මගේ දිහා බලලා ඇහුවා

" මුලු ඇගම රිදෙනවා 😣"

" ටිකක් නිදාගන්න එතකොට හරි යයි "
ජන්කූක් එහෙම කිව්වා

" ඒක නෙවෙයි මම කොහෙද ඉන්නේ "
මම රූම් එක වටේ ඇස් යවන ගමන් ඇහුවා

" දැන් ද තමුසෙට ඒක මතක් වුනේ "

" හරි ඉතින් දැන් හරි මතක් උනා නේ "


( ජන්කූක්ගේ රූම් එක 👆)

" මේ මගේ රූම් එක "
මොකා.......... මම එයා දිහා බැලුවා ජන්කූක් ඇදේ වාඩිවෙලා මගේ දිහා බලාගෙන ඉන්නවා

" ඒත් මම මොනාද මෙහේ කරන්නේ "
මම හිතේ තිබුණු ප්‍රශ්නය ඇහුවා

" තමුසේ සිහිය නැති වෙච්ච නිසා මම මෙහේ එක්කන් ආවේ හිටපු තත්ත්වය එක්ක තමුසෙව එහේ එක්කන් යන්න බැ "
එතකොට තමයි මට ඊයේ වෙච්ච දේවල් එකක් නෑර මතක් වුනේ

" මම ගොඩක්ම විශ්වාස කරපු මීහා ආන්ටි මාව රැවැට්ටුවා මම එයාව හැමෝටම වඩා විශ්වාස කලා ඇයි මම මිනිස්සුන්ව මෙච්චර විශ්වාස කරන්නේ "

" යුන්හා ඔයා අඩනවද "
ජන්කූක් මගේ මූනට එබෙන ගමන් ඇහුවා
මම නැ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා

" නැත්තේ මොකද තමුසේ අඩනවා "
ජන්කූක් එහෙම කියලා මාව එයාගේ පපුවට තුරුල් කරගත්තා මම ඇඩුවා හිතේ තියෙන දුක නිවෙන්න කියලා කෑගහලා ඇඩුවා ඒත් දුක නම් අඩු වුනේ නැ කාලෙකට පස්සේ කෙනෙක් ලග මම ආරක්ෂිතයි කියලා දැනුනා මම ජන්කූක්ගේ පපුවට තුරුල් වෙලා ඉකි ගගහා ඇඩුවා එයා මාව සනසන්න ඔලුව අතගෑවා

" ඔය ඇති දැන් ඇඩුවා තමුසේ ඇඩුවා කියලා කිසිදෙයක් වෙනස් වෙන්නේ නැ "

කිසිදෙයක් වෙනස් නොවෙන බව ඇත්ත ඒත් මම මගේම අප්පාව විශ්වාස කරන්නේ නැතුව වෙන ගෑනියෙක් විශ්වාස කලා මම ඇයි මෙච්චර මිනිස්සුව විශ්වාස කරන්නේ................

" යාහ්හ් ඇති යුන්හා තමුසේ ඔහොම අඩලා අසනීප වෙයි "
මම එයා කියන මුකුත් නෑහෙන ගානට හිටියේ

" තමුසේ ඔච්චරටම මට තුරුල් වෙලා ඉන්න ආසද "
ඒක අහපු ගමන් මම ජන්කූක්ගෙන් ඈත් වුනා

" තමුසේ මගේ ශර්ට් එකට මාර hot නේ හලෝ "
 
මට මුගේ දත් ඇන්ද ආමාශගත වෙන්න දෙකක් ගහන්න බැ සෙද්ද අත පොඩ්ඩක් හොල්ලපු ගමන් මුලු ඇගම රිදෙනවා නේ

මම ජන්කූක්ට රවලා එහා පැත්ත බලාගත්තා

" තමුසේ රවනකොට හපන්න හිතෙනවා ඕයි "

දැන් ඉවසුවා ඇති යුන්හා මුගේ අම්මා අප්පා මතක් වෙන්න දෙකක් ඇනලා හිටු තමුසේ ඕන් නැති ඒවා කිව්වේ වැරැදි කෙල්ලට ජන්කූක්

ලග තිබුණු කොට්ටයක් අරගෙන ගැහුවා ඒත් ඒක වැදෙන්න කලින් මූ අල්ලාගත්තා එහෙම සැලෙනවද මම තව කොට්ටයක් අරගෙන හදනකොට මූ මගේ අතින් අල්ලාගත්තා

" යාහ්හ්හ් Jeon Fu%&* jungkook මාව අතහරිනවා මට තමුසෙව මරන්න ඕන "

" තමුසේ දැන් කියපු දේ කරන්නත් හිතෙනවා "

" යාහ්හ් අතහරිනවා මගේ අත වල් හාවා "

" අතහැරියේ නැත්නම් මොකද කරන්නේ ආ "

" මම කෑගහනවා "

" ඉතින් කෑගහනවා මට මොකද "

" ඇත්තටම කෑගහනවා "

" කෑගහනවා මම තමුසෙගේ අත විතරයි අල්ලගෙන ඉන්නේ කට නෙවෙයි "

" ඔන්න එහෙනම් කෑගහනවා "

" තමුසේ කොච්චර කෑගැහුවත් වැඩක් නැ කාටවත් ඇහෙන්නේ නැ මේ room එක soundproof "

හරි නේ නියමයි සුපිරියි ඔය වුනේ වැඩක් සැක් මොනාද යකෝ මගේ මේ හිතට ගලාගෙන එන සිතුවිලි මගේ වල් හිත ඒක මගේ වැරැද්දකුත් නෙවෙයි බෝක්කුවක් වගේ කටකුයි වල් හිතකුයි දුන්නේ උඩ ඉන්න කෙනා 😒 මට ඕකාව හම්බුනොත් අම්මපා මරාගෙන මැරෙනවා

" තමුසේ හිතන මගුලක් මම තමුසෙට කරන්නේ නැ තමුසේ මහ වල් කෙල්ලෙක් නේ ඕයි "

අනේ මූ හරි හොදයි වගේ මට වල් කියන්න සෙද්ද  ඒත් මූ කොහොමද දන්නේ මම හිතපුවා මූට හිත් කියවන්න පුලුවන් ද නැ ඒක වෙන්න බැ මම මුගේ ඉස්සරහ මූට හිතින් බැනපු මේකා දන්නවා නම් මම දැනටමත්  අඩි හයක් යට 🙂

" තමුසෙට හිත් කියවන්න පුලුවන් ද "

" තමුසෙට පිස්සු ද ඕයි "

" අනී මම හිතපුවා තමුසේ කොහොමද දන්නේ "

" තමුසේ කල්පනා කරන විදියෙන් කිව්වේ ඒ කියන්නේ තමුසේ එහෙම දෙයක් ද හිතුවේ ආ කියනවා "

හුටා ඔය උනේ වැඩක් දැන් උත්තර දීපන් යුන්හා වස ලැජ්ජාවයි සැක් මගේ මුඛය තවුසේ නිසා මම කොච්චර නෝන්ඩි වෙලා ඇද්ද 🤧 දෙවියොත් ආතල් ගන්නේ මගෙන්ම නේ  හලි වේදනයි

" මොකෝ කට වහගෙන තමුසේ එහෙම නේ හිතුවේ "

ඒ වෙලාවේ දොර ඇරගෙන tae hyung තව කොල්ලෙකුයි ආවා දැකලා තියෙනවා තමයි ඒත් නම මතක නැ

" Good morning yunha දැන් කොහොමද "

Tae hyung හිනා වෙලා කිව්වා

" Good morning sir ඇග රිදෙනවා 😒 "

" මූට සර් කියන්නේ මොන මගුලකට ද "

Angel කෙනෙක් වගේ කොල්ලා ඇහුවා

" යාහ්හ් කොටෝ කට වහගෙන ඉන්නවා
  යුන්හා මට සර් කියන්න ඕන නැ මේක ඔෆිස් එක නෙවෙයි නේ "

" හ්ම්ම් "

" ඒක නෙවෙයි මූ මොනාද මේ කෙල්ල ලගට වෙලා කරන්නේ "

Angel ජන්කූක් දිහා බලලා ඇහුවා

" ඒක තමයි "

" යාහ්හ් ටේ හියුන්ග් ඔෆිස් යන්නේ නැද්ද අද "

ජන්කූක් කතාව මගහරින්න වගේ කිව්වා

" උබ පලයන් අද මම ගෙදර "

" ඔන්නිලා දන්නවා ද මම මෙහේ කියලා එයාලා බය වෙලා ඇති "

මම ඇහුවා

" දැන් ද තමුසෙට ඔන්නිලා ඉන්නවා කියලා මතක් වුනේ ආ "

ඩයිනමයිට් ගිලලා වගේ කෑගහන්නේ මූ නිකන් කටුස්සෙක් වගේ කටුස්සෝ හොදයි

" ඔය කෙල්ලට කෑගහන්න එපා යකෝ
යුන්හා ජින් හියුන්ග් ඔයාගේ ඔන්නිලාට කිව්වා එයාලා එයි "

Angel කිව්වා

ඇත්තටම එයා angel කෙනෙක් වගේ සිත වසීකෘත වෙනවා නේ ඉතින් මට පිස්සු වගේ

" මම යනවා "

ජන්කූක් එහෙම කියලා ගියා

" ජිමිනාහ් "

අම්බෝ යකෝ ඒ වොයිස් අපේ හනා ඔන්නිගේ වොයිස් එකට දෙවැනි නැ කන කීන් ගානවා මම හිතාගෙන හිටියේ අපේ හනා ඔන්නිට විතරයි කියලා තියෙන්නේ කින්කිනි වොයිස් එකක් බලාගෙන යද්දී තව එකෙක් ඉන්නවා නේ ඒ කවුද දන්නේ නැ 🤔

" ජින් හියුන්ග් ඇවිල්ලා වගේ "

" ඒත් ඇයි ආපු ගමන් මගේ නම කියලා කෑගහන්නේ "

" ඒක ගිහින් බලපන් කොටෝ "

" උබට මම කියලා තියෙනවා මට කොටා කියන්න එපා කියලා පිටසක්වලයෝ "

" යුන්හා අපි යනවෝ "

" හරි "

Author pov
  
හනා ඇතුලු සෙට් එකම ජින්ගේ mansion එකට ආවා

" යුන්හා කෝ "

ආපු ගමන් මින්සු  ඇහුවා

" කොහෙට හරි වෙලා පොඩි එකා වගේ කොට්ටෙකුත් තුරුල් කරගෙන නිදි ඇති නිදිකුම්බරී නේ ඕකී දැන් වෙලාව බලපන් කවදාවත් මේ වෙලාවට ඕකි නැගිටිනවා ද නැ නේ "
ලූනා කට ඇද කර කර කිව්වා

" ජින් යුන්හා කෝ "

හනා ජින් ලගට ගිහින් ඇහුවා

" එන්නකෝ "

ජින් එහෙම කියලා හනාගේ අතින් අල්ලාගෙන උඩට යන්න හදනකොට ටේමින් පහලට ආවා

" හායි නූනා "

ඩබල හිනා වෙලා කිව්වා

" හායි පැටියෝ "

හනා හිනාවකින් සංග්‍රහ කරන ගමන් කිව්වා

" යාහ්හ් හනා මුන් දෙන්නා හුරතල් කරන්න එපා "

ජින්ගේ මූන තැලිච්ච තක්කාලි ගෙඩියක් වගේ 😅

" වේ එයාලා හුරතල් නොකර මට කියන්නේ ඔයාව හුරතල් කරන්න කියලා ද "

හනා කිව්වා

" යේ ඔන්නි ඔයා ජින් ඔප්පාව හුරතල් කරන්න නැත්නම් ජින් ඔප්පා වෙන කෙල්ලෙක් හොයාගනියි එතකොට ඔයාට හුලං තමයි 😅"

ලූනා හිනා වෙවී කියනකොට අනිත් අයත් හිනා වුනා

" ඇත්ත කතාව 😂"

මින්සු කිව්වා

" සුලගේ වේගයත් දැන් තියෙන කාලගුණය ගැනත් හනා ඔන්නිගේ මූන දිහා බැලුවාමත් මට එක නිගමනයකට එන්න පුලුවන් ඇත්ත වශයෙන්ම කිව්වොත් ලූනා ඔන්නි and මින්සු ඔන්නි තොපි දෙන්නා ලගදීම රස කෑමක් කන්න නියමිතයි ඊට පෙර ඔබ දෙපලගේ මුඛය වහගෙන සාන්ත දාන්ත තීන්ත කුප්පි මෙන් සිටීන ලෙස කරුනාවෙන් ඉල්ලා සිටිමි "

යුරී කියලා ඉවර වෙනකොට ඔක්කොම හිනා වුනා

" අපිටම හරි යන කෙල්ලෝ සෙට් එක බන් "

ජිමින් කිව්වා

" යුරී මට අහුවෙයන්කෝ "

හනා යුරී දෙස බලා කිව්වා

" හරි උබටත් වැඩේ හරි යුරියෝ "

මින්සු කිව්වා

" තොපි දෙන්නා මොකද කුකීගේ රූම් එක පැත්තේ ඉදලා ආවේ "

ජින් ඇහුවේ ටේමින් දිහා බලාගෙන

" අපි දෙන්නා ගියා අපේ අනාගතය නෑනා පොඩ්ඩ බලලා එන්න "

ජිමින් කිව්වා

" ඒ කෙල්ල කොහොමද උබලා දෙන්නාගේ නෑනා වුනේ ඒක කියපන් "

" හියුන්ග් ඔයත් හරියට මූ වගේමයි "

ජිමින් ටේ පෙන්නලා කිව්වා

" දැන් මම කලින් අහපු දේට උත්තරයක් දීලා හිටපන් "

" මෙහෙමයි යුන්හා කියන්නේ හනා නූනාගේ නංගී එතකොට යුන්හා අපේ නෑනා නෙවෙයි ද "

" හරි  දැන් යුන්හා නැගිටලා ද "

" යේ අපි එයා එක්ක කතා කරලා ආවේ පව් හියුන්ග් කෙල්ල "

ටේ කිව්වා

" ඇයි පව් කියන්නේ මොකද්ද වුනේ "

හනා ජින්ගෙන් ඇහුවා

" හනා කලබල නොවී ඉන්න
යුන්ගි නැගිටලා ද "

" යුන්ගි හියුන්ග් කවද්ද නැගිට්ටන්නේ නැතුව නැගිට්ටේ "

ජිමින් ඇහුවා

" යන් හනා "

ජින් හනා එක්ක ජන්කූක්ගේ රූම් එකට ගියා යුන්හා ඉන්න විදිය දැකලා හනාට ඇඩුනා

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

මම මුකුත් නොකියමි

Nipu

Bạn đang đọc truyện trên: AzTruyen.Top