✨️💜️ Chapter 28 💜️✨️

යුන්හාව එතැන ලග තිබුණු ගබඩාවකට අරගෙන ගියා

" තමුසෙලාට මොනාද ඕන ඇයි මෙහෙම කරන්නේ "
යුන්හා කෑගහලා ඇහුවත් අර කොල්ලෝ ටික හිනා වුනා

" මේකිගේ කටේ සද්දේ අපිට මොනාද ඕන කියලා අහනවා "
එහෙම කියලා ඒ මිනිහා යුන්හාගේ කම්බුලට ගැහුවේ බිමට වැටෙන්න කෙල්ලගේ ඇස් වල කදුලු පිරුනේ ගහපු පාරේ සැරට

" ගහපන් මේකිට විදවලා මැරෙන්න ඕන මේකි නිසා මම අර ගෑනි ඉස්සරහ පහතට වැටුනා "
මාක් කිව්වේ තරහින් ඊට පස්සේ යුන්හාට ගැහුවා කිසි හිතක් පපුවක් නැතුව කෙල්ලෙක් කියලවත් හිතන්නේ නැතුව කෙල්ලට ගැහුවා කෙල්ලගේ ඇදුමත් තැනින් තැන ඉරිලා ඇගේ හැම තැනම තුවාල

" නවත්තපන් මැඩම් කතා කරනවා "
මාක් කිව්ව ගමන් ගහන එක නැවැත්තුවා

" මැඩම් මේ පාර නම් වැඩේ ගොඩ "

" තමුසේ මේ පාරවත් වැඩේ අනාගන්නේ නැතුව කලොත් ලොකු දෙයක් "

" මැඩම් අපිව ඔහොම පහත් කරලා කතා කරන එක හරි නැ නේද "

" කෝ දැන් කෙල්ල "

" තාම පනපිටින් මැඩම් තව ටිකක් නෙලුවා නම් කෙල්ල යන්න ඕන තැනට ගිහින් "

" කෙල්ල තාම හොද සිහියෙන් ඉන්නවා නේ "

" ඒක නම් දන්නේ නැ මැඩම් භාගෙට ඇස් පියවිලා "

" ස්පීකර් දාපන් "

මාක් ස්පීකර් දාලා යුන්හා ලගට ගිහින් පහත් වුනා

" යුන්හා කොහොමද angel ඔයාට "

කාලයක් ගෙවුනත් ඒ කටහඬ අදුරගන්න යුන්හාට පුලුවන් උනා

" මී... මීහා...... ආ...ආන්..ආන්ටි... ඕඔ...ඔයා "
කෙල්ලට කතා කරගන්නවත් බැ හරියට

" මොකද්ද යකෝ මේ කලේ කෙල්ලට හරියට කතා කර ගන්නවත් බැ තමුසෙට මම කිව්වේ නැ නේ කෙල්ලට කතා කරගන්න බැරි තරමට ගහන්න කියලා "
මීහා මාක් ට කෑගැහුවා

" මැඩම් අපිට එහෙම දෙයක් කිව්වේ නැ නේ මැඩම් කිව්වේ කෙල්ලව මරන්න කියලා විතරයි "
යුන්හාට මේ වෙන දේවල් තේරුම් ගන්න බැරුව හිටියේ

" මගේ angel ට මේ වෙන කිසි දෙයක් තේරුම් ගන්න බැරුව ඇත්තේ නේද හ්ම් හ්ම් මම ඔක්කොම කියන්නම් "

" මො..මොනාද "

" අහගන්න එහෙනම් Mr.kim ගේ princess ඇත්තටම මට තේරෙන්නේ නැ මේ කතාව කොහෙන් පටන් ගන්න ද කියලා කොහොම කිව්වත් ඔයාට අඩන්න වෙනවා ඒත් අඩන්න එපා බබෝ ඔයාගේ අන්තිම මොහොතේ හරි හිනා වෙන්න "

" මී..... මීහා....... ආන්ටි..... ඕ.ඔ. ඔයා.. මො..මොකද්ද.. කි..ය.. කියන්න හ්.. හද්..දන්නේ "

" අයිෂ් කට වහගෙන මම කියන දේ අහගෙන හිටපන් තමුසේ ඔහොම ගොතගහන ගමන් කතා කරනකොට ඔයාට ඉක්මනට මැරෙන්න බැ නේ බබෝ  එහෙනම් මම කතාව පටන් ගන්නම්

ඔයාගේ අප්පායි මායි අතරේ කිසි සම්බන්ධයක් තිබුන් නැ ඒ ඔක්කොම බොරු එතකොට අර ෆොටෝ ඒවා මම හදපුවා ආ තව දෙයක් ඔයාගේ ඔම්මා මැරුවේ ඔයාගේ අප්පා නෙවෙයි මම ඔයා අඩනවද බබෝ අඩන්න එපා තාම මම පටන් ගත්තා විතරයි සම්පූර්ණ කතාව කිව්වේ නැ "

තමන් ගොඩක් විශ්වාස කරපු කෙනෙක් තමන්ව රැවැට්ටුවාම දැනෙන හැගීම දැන් යුන්හාට දැනෙනවා ඔව් යුන්හා මීහාව විශ්වාස කලා

" ඔයාගේ ඔම්මාත් ඔයා වගේම මෝඩයි princess ඔයත් මාව විශ්වාස කලා ඔයාගේ ඔම්මාත් මාව විශ්වාස කලා ඉතින් ඒ නිසාම ඔයාගේ ඔම්මා මේ ලෝකෙන් දැන් ඔයාටත් යන්න වෙලාව ඇවිත් ඇයි ඔයා ජීවත් උනේ princess  එදාඅම ඔයාට මැරෙන්න තිබුනේ එහෙනම් ඉතින් මට මෙච්චර වදයක් නැ නේ මට දැන් ඇවිත් ඔයාගේ මූන බලන්න ආසයි ඒත් මට එන්න විදියක් නැ ඒක නිසා මම හිතුවා ඔයාට මෙහෙම හරි මේ කතාව කියන්න ඕන කියලා ඔයා ගොඩක් පව් princess  ගොඩක් පව් ඒත් මට කරන්න දෙයක් නැ ඔයා ජීවත් වෙනවා කියන්නේ  princess  මම මෙච්චර කල් කරපු හැමදේම වතුරේ ගියා වගේ වැඩක් මම දැන් මේ හැමදේම කිව්වේ ඇත්ත දැනගෙන මැරෙන්න ඕන නිසා එහෙනම් ඔම්මා තැනටම යන්න princess Good Bye "

මාක් ස්පීකර් ඕෆ් කලා

" ඉක්මනට ඕකිව ඉවරයක් කරන්න හෙට ඇවිත් තමුසෙගේ ගාන අරන් යනවා "

" ok මැඩම් "
මාක් ෆෝන් එක පැත්තට වීසි කලා

" ඉවරයක් කරපන් "
දැනටමත් භාගෙට මැරිලා ඉන්න කෙල්ල දිහා බලලා කිව්වේ කියපු ගමන් කෙල්ලට ගැහුවා

" මේ ඕයි "
ඒ කටහඩ ඇහුනු ගමන් කෙල්ලට ගහන එක නවත්තලා පිටිපස්ස බැලුවා එතැන හිටියේ






























Guess කරන්න කවුද කියලා


























එතැන හිටියේ ජන්කූක්

" මේ පොඩි එකෝ ඔය ලස්සන මූන අපිට කියලා තලාගන්නේ නැතුව මෙතනින් ගියොත් හොදයි "

" මට අදාළ දේ තීරණය කරන්න උබට අයිතියක් නැ ඒක නිසා මට ඔය කෙල්ලව දීපන් "

" ඕ මම හිතන්නේ මූට හොදින් කියලා තේරෙන්නේ නැ වගේ "

ජන්කූක් බිම තිබුණු යකඩ පොල්ලක් කකුලින් අරගෙන බෙල්ල දෙපැත්තට හැරෙව්වා ජන්කූක්ට කෙල්ල ඉන්න විදිය දැක්කාම යක්ෂයා ආරූඪ වුනා කොල්ලාගේ ඇස් දෙක රතු වෙලා අතේ නහර ඉලිප්පිලා

" වරෙන් "

පිහියක් අරගෙන ආවා ජන්කූක් උගේ ඔලුවට යකඩ පොල්ලෙන් දීලා ඇද්දා එක පාරින් ඌබ් බිම

" මූව ඉවරයක් කරපන් "
මාක් කෑගහලා කෙල්ලගේ අතින් ඇදලා ගත්තා කෙල්ල පන නැතුව ඇදිලා ගියා අනිත් එවුන් ජන්කූක්ව වට කර ගත්තා

" තමුසෙලාට මේක ගොඩින් බේරගන්න තිබුනේ ඒත් දැන් කරන්න දෙයක් නැ "
ජන්කූක් එහෙම කියලා එතැන හිටපු එවුන් ගැහුවා මාක් විතරක් ඉතුරු වෙද්දී අනෙත් ඔක්කොම බිම මාක් කෙල්ලව අල්ලාගෙන හිටියේ

" දැන් තමුසේ විතරයි ඉතුරු කෙල්ලව අතහැරපන් නැත්නම් උබත් ඉවරයි "

" හහ් පොඩි එකෝ උබ තාම දන්නේ නැ මම කවුද කියලා "

" උබ දන්නෙත් නැ මම කවුද කියලා "
ජන්කූක් බිම තිබුණු ගන් එක කකුලෙන් අරගෙන මාක්ගේ කකුලට වෙඩි තිබ්බා මාක් කකුල අල්ලගනිද්දී කෙල්ල අතහැරුනා යුන්හාට හිට ඉන්නවත් ශක්තියක් තිබුනේ නැ යුන්හා බිම ඉන්දුනා ජන්කූක් කෙල්ල ලගට ආවා

",යුන්හා "
ජන්කූක්ගේ අත් උඩ කෙල්ල සිහිය නැතුව වැටුනා

",යාහ්හ් යුන්හා ඇස් අරිනවා "
ජන්කූක් කෙල්ලගේ කම්බුලට තට්ටු කරන ගමන් කතා කලා ඒත් කෙල්ල ඇස් ඇරියේ නැ

",දැන් මෙයාව මෙහෙම මෙයාගේ ගෙදර එක්කගෙන යන්න විදියක් නැ කරන්න දෙයක් නැ අපේ ගෙදර එක්කන් යනවා "
ජන්කූක් කෙල්ලව දෝතට අරගෙන car එකට ගියා ජන්කූක් එයාගේ ගෙදර ඇතුලට එක්කන් යන ගමන් ජින්ට කතා කලා

" ජින් හියුන්ග් කොහෙද හියුන්ග් ඔයා "
ජන්කූක්ගේ කටහඬ ඇහිලා ජින් වගේම අනිත් අයත් දුවගෙන ආවා

" යාහ්හ් ජන්කුකා මේ කෙල්ලට මොකද වුනේ "
ටේ ඇහුවේ යුන්හා දිහා බලාගෙන

" හියුන්ග් මම පස්සේ ඔක්කොම කියන්නම් ජින් හියුන්ග් පොඩ්ඩක් බලන්න "

" අහ් හරි කෙල්ලව ගිහින් රූම් එකෙන් තියන්න "
ජන්කූක් එයාගේ රූම් එකට ගිහින් පරිස්සමින් කෙල්ලව ඇදෙන් තිබ්බා ජින් කෙල්ලව චෙක් කලා

" ජන්කුකා කෙල්ලට හොදටම තුවාල වෙලා මෙහෙම බෙහෙත් දාන්න බැ "

" හියුන්ග් "

" මම අජුම්මාට කියන්නම් මෙයාව සෝදන්න කියලා එතකම් මට වෙච්ච දේ කියන්න හනාත් බය වෙලා ඇත්තේ "

" හරි හියුන්ග් "
ජින් අජුම්මාට කිව්වා කෙල්ලව සෝදන්න කියලා ජන්කූක් ජින් එක්ක living room එකට ආවා

" ජන්කුකා මොකද්ද වුනේ කියනවා "
ජිමින් ඇහුවා

" හියුන්ග් අද යුන්හා ඕෆ් වෙනකොට ගොඩක් රෑ වෙලා ඉතින් මම කිව්වා මාත් එක්ක යන් කියලා ඒත් ඉතින් මේකි හෙන පන්ඩිතයි නේ තනියෙන් යන්නම් කිව්වා "

" ඉතින් උබ දාලා ආවා එහෙම ද "
ටේ ඇහුවා

" යේ ඊට පස්සේ කෝල් එකක් අරගෙන බලනකොට ෆෝන් ඕෆ් ඉතින් මම යුන්හාගේ ගෙදර පැත්තට ගියා එතකොට මට එයාගේ බෑග් එකයි ෆෝන් එකයි පාරේ තිබිලා හම්බ වුනා කෙල්ලෙක් කෑගහනවා ඇහුනු නිසා මම ඒ පැත්තට ගියා කොල්ලෝ සෙට් එකක් යුන්හාට ගහනවා ඉතින් මම කෙල්ලව බේරගෙන ආවා "
ජන්කූක් සරලව කෙටියෙන් වෙච්ච දේ කිව්වා

" උබ කෙල්ලගේ ගෙදර තියෙන්නේ කොහෙද කියලා දන්නේ කොහොමද "
නම්ජූන් ඇහි බමක් උස්සගෙන ඇහුවා

" නම්ජූන් හියුන්ග් මූ කෙල්ල ගැන නොදන්න දෙයක් නැ "
ටේ කට කොනින් හිනා වීගෙන ජන්කූක් දිහා බලාගෙන කිව්වා

" ඒ කියන්නේ මූටත් මල් සරා මල් දුන්නෙන් විද්දා නේ සැක් "
ජිමින් මූන තැලිච්ච තක්කාලි ගෙඩියක් වගේ කරගෙන කිව්වා

" පිස්සු ද කොට හියුන්ග් මට ඕන උනේ ඕකිට හොද පාඩමක් උගන්නන්න "
ජන්කූක් ජිමින්ට දවා අලු කරන බැල්ලමක් දාගෙන කිව්වා

" ජන්කුකා තමුසේ හැදෙන්නේ නැ "
යුන්ගි කිව්වේ සෝෆා එකේ හාන්සි වෙන ගමන් එතකොට අජුම්මා ආවා

" අජුම්මා යුන්හාගේ ඇදුම් මාරු කලා ද "
ජින් ඇහුවා

" යේ ලොකු බේබි "

" හරි අජුම්මා "

" කෙල්ලට කොහෙන් ද ඇදුම් මෙහේ කෙල්ලෝ නැ නේ "
ටේ කිව්වා

" ජිමිනා කියන දේ ඇත්ත මූ නම් පිටසක්වලයෙක්ම තමයි "
හොබී කිව්වා

" හියුන්ග් ඉතින් මම ඇත්ත නේ කිව්වේ මෙහේ කෙල්ලෝ නැ නේ "

" කට වහගෙන හිටපන් ජන්කූකා ගිහින් වොෂ් එකක් දාගෙන එන්න මම ගිහින් අර කෙල්ලට කොහොමද කියලා බලලා එන්නම් "
ජින් කෑගහලා යුන්හා ලගට ගියා ජන්කූක් වොෂ් එකක් දාගන්න ගියා

Yunha's house

කෙල්ලෝ හය දෙනාම හොදටම බය වෙලා හිටියේ යුන්හා තාම ආවේ නැති නිසා දැන් රෑ 10.00 පහුවෙලා යුන්හාගේ ෆෝන් එකත් වැඩ නැති නිසා කට්ටිය මොකද කරන්නේ කියලා හිතාගන්න බැරුව ඉන්නේ

" ඔන්නි.. අනේ යුන්හාට කරදරයක් නැතුව ඇති නේද "
ලූනා සනාගේ ලගට ගිහින් ඇහුවා

" අනී ලූනා අපේ යුන්හාට මුකුත් වෙන්නේ නැ එයා ඉක්මනට එයි "

" ඉක්මනට එයි කිය කියා හිටියාට එයා තාම නැ නේ ඔන්නි අපි යන් එයාව හොයාගෙන "
මින්සු කිව්වා

" හොයනවා කියලා කොහේ කියලා හොයන්න ද "
ලිසා ඇහුවා

" කොහේ හරි හොයමු අනේ ඔන්නි මෙහෙම ඉන්න බැ "
මින්සු ඇස් දෙකේ කදුලු පුරවගෙන කිව්වා එතකොට හනා ආවා

" යුරී හොදින් ද "
සනා ඇහුවා

" මොන හොදක් ද සනා අඩලා අඩලාම මහන්සියට නින්ද ගියා එයා තාම පොඩියි යුන්හාට පන වගේ ආදරෙයි එයා ඔයාලා දන්නවා  නේ එයා ගැන පව් පොඩි කෙල්ල "
හනා කදුලු පිහිදන ගමන් කිව්වා

" ඔන්නි යුන්හා හොදින් ඇති නේද "

" යේ මින්සු එයාට මුකුත් වෙන්නේ නැ "
හනා එහෙම කිව්වාට එයාගේ හිතේ බයක් නොතිබුනා නෙවෙයි

" අපි යන් එයාව හොයන්න මින්සු ඔයා යුරී එක්ක ගෙදර ඉන්න අපි හතර දෙනා යුන්හාව හොයන්න යන්නම් "
සනා එහෙම කියලා හනා දිහා බැලුවා

" එහෙම කරමු "
හනා කිව්වා එතකොට හනාට කෝල් එකක් ආවා ජින්ගෙන්

"මෙයා මොකද මේ වෙලාවේ "
හනා හිතුවේ ෆෝන් එක දිහා බලාගෙන

" කවුද "
ලිසා ඇහුවේ ෆෝන් එක දිහා බලාගෙන කල්පනා කරන හනාගෙන් ලූනා ගිහින් ෆෝන් එකට එබුනා

" ඔන්නිට කෝල් එක ඇවිත් තියෙන්නේ එයාගේ පනු පැතියාගෙන් 🤭"
ලූනා හිනා වෙවී කිව්වා

" මොකා.....?"

" සනා ඔන්නි පනු පැතියා කියන්නේ ජින් ඔප්පාට 🤭"

" ඔය කෝල් එක ආන්සර් කලොත් නරක ද අපි පස්සේ කතා කරමුකෝ ඇයි හනා ජින්ට පනු පැතියා කියන්නේ කියලා "
සනා අමුතු විදියට හිනා වෙලා කිව්වා හනා ටිකක් එහාට ගිහින් කෝල් එක ආන්සර් කලා

" යෙබුසේයෝ ජින් "

" යෙබුසේයෝ හනා මට ඔයාට දෙයක් කියන්න තියෙනවා "

" හෙට කියන්න ජින් කියන්න තියෙන දෙයක් දැන් මට කතා කරන්න පුලුවන් තත්ත්වයක නෙවෙයි ඉන්නේ "

" මම දන්නවා ඔයා ඔහොම කියන්න හේතුව "

" මොකද්ද "

" යුන්හා ඉන්නේ මගේ ලග හනා "

" මොකද්ද ජින් කියන්නේ ඔයා ලග කොහොමද යුන්හා ඉන්නේ මට මුකුත් තේරෙන්නේ නැ එයා හොදින් නේද මට එයා එක්ක කතා කරන්න ඕන එයාට ෆෝන් එක දෙන්න "

හනා කියවගෙන යනකොට අනිත් අයත් හනා ලගට ආවා

" හනා පොඩ්ඩක් කලබල නොවී මම කියන දේ අහන්න යුන්හා හොදින් ඒත් දැන් එයා එක්ක කතා බැ හෙට උදේට මම එන්නම් "

" යුන්හාට මොකද කියන්නකෝ ඇයි එයා එක්ක කතා කරන්න බැ කිව්වේ "

" හනා කලබල වෙන්න එපා ඉස්සෙල්ලා මම කියන දේ අහලා හොද ලමයා වගේ ගිහින් නිදාගන්න යුන්හා හොදින් අපි එයාව බලාගන්නම් ඔයාට මාව විශ්වාසයි නේද "

" යේ "
හනාගේ ඇස් දෙකෙන් කදුලු බිංදු කඩාගෙන වැටෙද්දී එයා කතා කලා

" දැන් ඔය අඩනවා නේද "

" අනී "

" බොරු කියන්න එපා මට ඔයාව දැනෙනවා "

" හරි හරි "

" මොකද්ද හරි "

" හරි වැරැදියි "

" හරියි වැරැදියි දෙකක් මොකද්ද හරි නම් හරි වැරැදි නම් වැරැදි "

" වැරැදියි වැරැදියි දැන් හරි ද "

" ආපහු හරි ද අහනවා "

" අයිෂ් ජින් ඔයා.........."

" Good night මැනික ❤️
  සරන්හේ 😘 "

" නාදු ❤️"

හනා ෆෝන් එක දිහා බලාගෙන හිනා වුනේ අනිත් එවුන් එයා දිහා බලාගෙන ඉන්නවා කියන එකත් අමතක වෙලා

" අම්බෝ හනා ඔන්නිගේ මල් මල් හිනාව "
ලූනා කිව්වා

" මේ පිස්සු නොකියා ඉන්නවා යුන්හා ඉන්නවා "

" කොහෙද "

" ජින් ලග "

" ඒ කොහොමද "

" දන්නේ නැ හෙට එන්නම් කිව්වා අපි එක්කන් යන්න "

" හ්ම්ම් "

" දැන් ගිහින් නිදාගමු "
සනා කිව්වා

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

යුන්හා මරලා ජන්කූක්ට සෙමීව සෙට් කරලා කතාව ඉවර කරන්න හැදුවේ ඒත් readers බබ්බුලා පව් කියලා තුන් හිත කිව්ව නිසා යුන්හාව පනපිටින් ඉතුරු කලා

KimTenu55 උබ මට එල්ල කරපු කඩු කිනිසි අකුල ගත්තොත් නරකද

එහෙනම් ඕතරී ගියා
පරිස්සමින් සතුටින් ඉන්න
සරන්හේ බබ්බුලා 💜️
Bye

Nipu

Bạn đang đọc truyện trên: AzTruyen.Top