✨️💜️ Chapter 27 💜️✨️

Yunha pov

" තමුසේ මොකද හොරගල් අහුලන්නේ "
ඇහි බමක් උස්සලා ඇහුවා

" සර් මෙතන හොරාට ගල් අහුලන්න ගල් නැ නේ ගල් මොකටද සර් හොරාට අහුලන්නේ "
බොසාට මම කිව්ව ටිකට එකසිය ගානට නැගලා ඉන්නේ හාවෙක්ට තරහ ගිහින් ඉන්නවා දැකලා නැත්නම් දැන් බලාගන්න

" මම මොකටද තමුසේ වගේ පිස්සු හෝන්තුවක් වැඩක් ගත්තා ද මන්දා "

" ඒක දන්නේ සර් නේ ඇත්තටම ඇයි මාව ගත්තේ මට ඒක දැවෙන පුරස්නයක් "

" තමුසේ මට වදයක් නොවී මේ ෆයිල් ටිකත් අරගෙන යනවද "
යකෝ මූ හිතාගෙන ඉන්නේ මම මෙතන ආසාවට හිටගෙන ඉන්නවා කියලා ද දන්නේ නැ

" මම කාටවත් වදයක් වෙන්න ආවේ නැ මොකෙද්ද මන්දා ගස් හිපාටුවෙක් මට කතා කලා ඒකයි ආවේ "

" දැන් මට ද තමුසේ හිපාටුවා කිව්වේ "
හෑ යකෝ මම හිපාටුවා කියලත් කියලා ද

" තොප්පිය හරි නම් දාගන්න එකයි ඇත්තේ "

" තමුසෙට මම කවුද කියලා අමතක වෙලා ද ආ "

" ඇත්තටම තමුසේ කවුද ",

" මම තමුසෙගේ බොස් "

" උප්ස් තමුසේ මගේ බොස් ද මියාන්හේ පොඩ්ඩක් අමතක උනා යන්නම් ඈ "
මම එහෙම කියලා ෆයිල් ටිකත් අරගෙන යන්න හදනකොට ජන්කූක් මගේ අතින් ඇද්ද පාර මගේ නලල ගිහින් මේ යකාගේ පපුවේ වැදුනා

" ආව් "
මූ යකඩ ද මන්දා කන්නේ ෆයිල් ටිකත් බිම මම නලලත් අත ගාන ගමන් ඔලුව උස්සලා ජන්කූක් දිහා බැලුවා කට කොනින් හිනා වීගෙන මගේ දිහා බලාගෙන ඉන්නවා මට මේ හිනාව නම් පොඩ්ඩක්වත් ඇල්ලුවේ නැ කිව්වොත් හරි එහෙම්ම මාව පිටිපස්සට තල්ලු කරගෙන ගිහින් බිත්තියට තියලා තද කලා දැන් මම බිත්තියටයි ජන්කූක්ටයි මැදි වෙලා

මගේ හාට්ටුව අසූ හාරදාහට ගැහෙනවා මට දැන් හුස්ම ගන්නත් අමතක වෙලා ඉන්නේ ජන්කූක් මගේ ඇස් දිහා බලාගෙන ඉදලා ඊලගට කරපු දේ නිසා මගේ කශේරුව දිගේ කරන්ට් එකක් ගියා වගේ දැනුනේ

ජන්කූක් මාව කිස් කලා............😳

මම full හොල්මන් වෙලා ඉන්නේ මට එයාව ඈත් කරන්න විදියක් නැ මගේ අත් දෙකම ජන්කූක් අල්ලාගෙන ජන්කූක් ඇස් පියාගෙන හරි සැහැල්ලුවෙන් කිස් කරනවා මම එයාගේ පියවිලා තිබුණු ඇස් දිහා බලාගෙන හිටියා

දැන් නම් මගේ ශරීර කූඩුව පන නැ වගේ ටිකකින් ජන්කූක් මගේ තොල් වලින් ඈත් වුනා තාමත් අර කට කොනේ කුප්ප හිනාව දාගෙන ඉන්නවා

" මාත් එක්ක කට ගහගෙන ආවොත් මේක තමයි  punishment එක "
ජන්කූක් මගේ කන ලගට පහත් වෙලා කිව්වා මම ජන්කූක් තල්ලු කරලා දුවගෙන මගේ කැබින් එකට ආවා අයිෂ් මොකද්ද යකෝ ඒ උනේ මේ යකා ගත්තේ මගේ first kiss එක නේද

හුවෑව්............ මෙච්චර කාලයක් පරිස්සම් කරපු මගේ first kiss එක කොහෙද ඉන්න ගස් හාවෙක්ට දෙන්න වුනා නේ නැ ගස් හාවා නෙවෙයි වල් හාවා

මම පව් නැද්ද දෙවියනේ ඇයි අහිංසක මට ම මේ වගේ අසාධාරණකම් වලට මුහුණ දෙන්න වෙන්නේ මේ ලෝකේ හරි කුරිරුයි කියලා දැන් තමයි හොදටම තේරුනේ

සුමී ඔන්නි ෆයිල් ටිකක් උස්සගෙන මගේ කැබින් එකට ආවා අර යකා කරපු වැඩේ හින්දා මම ෆයිල් ටිකත් එතැන දාලා නේ ආවා සුමී ඔන්නි ෆයිල් ටික table එක උඩින් තියලා මගේ දිහා බැලුවා

" මොකද මේ මූන රතු වෙලා "
හෑ මොකක් මගේ මූන රතු වෙලා වෙන්න බැ

" අනී "
මම කම්බුල් දෙකට අත් දෙක තියාගෙන කිව්වා

" නැත්තේ මොකද මට නේ පේන්නේ "

" අනේ ඔන්නි මේ නිකන් බොරු නොකියා යන්න "
සුමී ඔන්නි තව මෙතන හිටියොත් මොනා කියයි ද කියලා ෂුවර් නැති නිසා මම එහෙම කියලා යවාගන්න හැදුවේ

" හරි හරි මම යන්නම් "
ඔන්නි මට ඇහැකුත් ගහලා හිනා වෙවී ගියා මම ඊට පස්සේ වැඩ පටන් ගත්තා

Author pov

" මාක් ඉක්මනට අරකිව ඉවරයක් කරනවා ඒකි මගේ දුවගේ ජීවිතේට වදයක් වී ගෙන එන්නේ "
මීහා එහෙම කිව්වා

" හරි මැඩම් ඉක්මනට ඒකීව අපි silent කරන්නම් මැඩම් බය නැතුව ඉන්න "

" බය නැතුව කොහොමද ඉන්නේ මිනිහෝ කිම් කාරයා මේකිව හොයාගෙන තමුසේ මෙතන ඉදගෙන හැමදාම කියනවා ඉවරයක් කරන්නම් ඉවරයක් කරන්නම් කියලා කෝ තමුසේ කලා ද නැ නේ "

" හරි මැඩම් මේ පාර නම් වැඩේ තිතට දෙනවා ඒකි ඉවරයක් උනාම මැඩම්ටත් නිදහසේ ඉන්න පුලුවන් අපිටත් සල්ලි ලැබෙනවා නේ "

" තමුසේ කියවනවා වගේ වැඩේ තිබුනොත් හොදයි හෙට උදේට වෙනකොට ඒකි මේ ලෝකේ ඉන්න බැ තමුසෙට තේරුනා ද "

" යේ මැඩම් මමයි මගේ කොල්ලෝ ටිකයි වැඩේට දැනටමත් බැහැලා තියෙන්නේ කෙල්ල වැඩ කරන තැන මගේ කොල්ලෙක් ඉන්නවා ඌ මට කෙල්ල ඔෆිස් එකෙන් එනකොට කියයි "

" හ්ම්ම් තමුසේ කෙල්ල අල්ලාගත්තාට පස්සේ මට කෝල් එකක් දෙනවා මැරෙන්න කලින් ඇත්ත දැනගෙන මැරෙන එක හොදයි "
මීහා එහෙම කියලා හිනා උනා

" හරි මැඩම් අපේ ගාන ලෑස්ති කරලා තියන්න "

" ඒ ගැන තමුසේ වද වෙන්න ඕන නැ තමුසේ කොහොම හරි කෙල්ලව ඉවරයක් කරලා කැලේකට ගිහින් දානවා කෙල්ල කවුද කියලා අදුරගන්න බැරි වෙන්න ඕන තමුසෙට තේරුනා ද "

" මැඩම් අපි මේවා පුරුදු වෙන්න කරන දේවල් නෙවෙයි "

" මේ සැරේවත් හරියට වැඩේ කරනවා මම දැන් යන්න ඕන ".

" එහෙනම් මැඩම් වැඩේ කෙරුනා කියලා හිතාගන්න "

" තමුසේ හැමදාම කිව්වේ ඕක නේ අද වෙනකම් තමුසෙට මේ පුංචි කෙල්ලෙක්ව මරාගන්න බැරි උනා "

" නැ මැඩම් මේ පාර වැඩේ ගැස්සෙන්න ඉඩ තියන්නේ නැ "

" ඒක හොදයි "
මීහා එහෙම කියලා යන්න ගියා

   යුන්හා ඉපදෙන්න පෙර Mr.kim කියන්නේ එතරම් පොහොසත් කෙනෙක් නෙවෙයි යුන්හා ඉපදුනාට පස්සේ මිස්ටර් කිම් බිස්නස් පටන් ගන්නවා අවුරුදු 07 ක් වගේ කාලයකදී මිස්ටර් කිම්ගේ company එක korea වල තියෙන ලොකුම company එක කරන්න පුලුවන් උනා ඒ වෙනකොට යුන්හාට අවුරුදු 11 ක් මෙහෙම කාලය ගෙවිලා ගියා

මේ වෙනකොට මීහා කියන්නේ මිස්ටර් චෝයිගේ වයිෆ් එයාලාට අවුරුදු 10 ක දුවෙක් ඉන්නවා මිස්ටර් චෝයිගේ company එක ගොඩක් පාඩු ලබලා තිබුනේ

එක දවසක් තිබුණු බිස්නස් පාර්ටි එකකදී මිස්ටර් ඇන්ඩ් මිසිස් කිම්ට මීහාව මුන ගැහෙනවා ඒත් කවුරුවත් හිතුවේ නැ මේ හමුවීම මෙයාලගේ ජීවිත උඩු යටිකුරු කරයි කියලා

මිස්ටර් චෝයි එන්න එන්නම පාඩු ලබපු නිසා මීහා හිටියේ පුදුමාකාර තරහකින් මීහා මිසිස් කිම් එක්ක යාලු කමක් ඇති කරගෙන මිස්ටර් කිම්ගේ ගෙදර ආවා ගියා මීහාගේ හිතේ ලොකු ප්ලෑන් එකක් තිබුනා ඒ ප්ලෑන් එකට අනුව මිස්ටර් චෝයි මීහාට ගහනවා කියලා බොරු සාක්ෂි හදලා මීහා divorce වුනා එදා ඉදලා මීහායි එයාගේ දුවයි හිටියේ මිස්ටර් කිම්ගේ ගෙදර මීහා නිසා මිස්ටර් කිම් සහ මිසිස් කිම් අතර නිතර නිතර ප්‍රශ්න ඇති වුනා මේ හැමදේකින්ම අසරණ වුනේ යුන්හා ඉතින් මීහා බොරු කතා ගොතලා යුන්හාගේ ඔලුවට විස පුරවන්න අමතක කලේ නැ 

ඔහොම කාලය ගෙවිලා යද්දී එක දවසක් මිස්ටර් කිම් මිසිස් කිම්ගේ කම්බුලට ගහනවා ඒක යුන්හා දැක්කා නෙවෙයි මීහා පෙන්නුවා එදා තමයි මිසිස් කිම් ජීවත් වුනු අවසන් දවස වුනේ මීහා මිසිස් කිම් එක්ක ටිකක් කතා කරමු කියලා එලියට එක්කන් එනවා ඊට පස්සේ එයාට වැඩක් තියෙනවා කියලා මිසිස් කිම්ට එන්න කියලා යනවා මිසිස් කිම් ආපු car එක මීහා accident කරලා ඒක සාමාන්‍ය accident එකක් කියලා පෙන්නුවා මිසිස් කිම්ගේ මරනය එක්ක යුන්හාට dipression හැදුනා ඒකෙන් ප්‍රයෝජනය ගත්තේ මීහා දැන් යුන්හා මීහා කියන දේ විතරක් අහන තැනට පත් වෙලා

දවසක් මීහා යුන්හාට ෆොටෝස් වගයක් පෙන්නුවා ඒවායේ තිබුනේ මිස්ටර් කිම් මීහායි කිස් කරන ඒවා අවුරුදු 11 පුංචි කෙල්ලෙක් කොහොම මේ දේවල් දරාගන්න ඇද්ද මීහා ෆොටෝ පෙන්නලා නිකන් හිටියේ නැ මීහා අතරෙයි මිස්ටර් කිම් අතරෙයි සම්බන්ධයක් තියෙනවා කියලා ඒක නිසා මිසිස් කිම්ව මිස්ටර් කිම් මැරුවා කියලා කිව්වා යුන්හා ඒ දේවල් පිලිගත්තේ තමන් දැකපු දේවල් ඊලගට මීහා මිස්ටර් කිම්ව blackmail කරන්න පටන් ගත්තා මිසිස් කිම්ව මැරුවා වගේ යුන්හාවත් මරනවා කියලා එහෙම වෙන්න ඕන නැත්නම් මීහාව මැරි කන්න කිව්වා මිස්ටර් කිම් මීහාව මැරි කරන්න කැමති වුනා මේ කිසිදෙයක් නොදන්නා යුන්හාගේ හිතේ මිස්ටර් කිම් ගැන වෛරයකට වඩා කලකිරීමක්

මිස්ටර් කිම් මීහාව මැරි කරලා මාසයක් විතර යනකොට යුන්හා හිටියේ හැමදේම එපා වෙලා එයාගේ ජීවිතේ පවා ඉතින් යුන්හා තීරණය කලා ගෙදරින් යන්න යුන්හා ගෙදර පැනලා යනකොට යුන්හාව මරන්න හැදුවත් ඒක හරි ගියේ නැ කෙල්ලව මිස්ටර් කිම් අනථ නිවාසෙක හංගුවා හැබැයි මීහා හිතාගෙන හිටියේ යුන්හා මැරුනා කියලා මිස්ටර් කිම්ගේ company එකත් ටික කාලයක් පාඩු ලැබුවා මීහා කියන්නේ සල්ලි පස්සේ දුවන ගෑනියෙක් එයාට ඕන සල්ලි විතරයි ඒ වෙනුවෙන් ඕන දෙයක් කරන්න මීහා දෙපාරක් හිතන්නේ නැ මීහා මිස්ටර් කිම්ගෙන් divorce වුනා  හැබැයි ඒක වුනේ මිස්ටර් කිම්ගේ ප්ලෑන් එකක් අනුව මිස්ටර් කිම්ට තේරුනා මීහාට ඕන සල්ලි විතරයි කියලා මිස්ටර් කිම්ගේ company එක පඩු වෙන්න ඕන නිසා එයාට ආපු project කිහිපයක් ම අතහැරියා ඒක ගියේ මිස්ටර් හන්ගේ company එකට මිස්ටර් කිම්ගේ  company එක එක දිගට පහතට වැටෙද්දී මිස්ටර් හන්ගේ company එක  ඉහල ගියා

ඉතින් මීහා මිස්ටර් හන් එක්ක සම්බන්ධයක් පටන් ගත්තා මීහා මිස්ටර් හන් මැරි කලා මීහාගේ දුවට වුනත් තමන්ගේ ඔම්මාගේ වැඩ එපා වෙලා හිටියේ ඔහොම කාලය ගත වී ගෙන යනකොට මීහා දැනගන්නවා යුන්හා ජීවතුන් අතර කියලා ඉතින් යුන්හාව මරන්න ප්ලෑන් කලා

Back to present

යුන්හා ඔක්කොම වැඩ ඉවර වෙනකොට වෙනදාට වඩා අද ගොඩක් රෑ වුනා කෙල්ල bus hold එකට වෙලා හිටියේ

" අද නම් ගෙදරින් එලියට දානවා ෂුවර් මම මොනා කරන්න ද බොසා පටවන වැඩ ටික ඉවර කරන්නත් එපැයි මට ඇත්තටම ඕකාට ගහන්න පුලුවන් නම්............ "
යුන්හා ජන්කූක්ගේ හත්මුතු පරම්පරාවම මතක් කරන ගමන් බනින්න පටන් ගත්තා එතකොට car එකක් ඇවිත් නැවැත්තුවා ආපු කෙනා කවුද කියලා කෙල්ල දන්න නිසා ඒ පැත්ත බැලුවේ නැ ජන්කූක්  කෙල්ලට කතා කලා

" ඕයි ඇවිත් නගිනවා "
යුන්හා එයාට නෙවෙයි වගේ හිටියා

" තමුසෙගේ කන් ඇහෙන්නේ නැද්ද එනවා "
ඒ පාර නම් යුන්හා ජන්කූක් දිහා බැලුවා

" තමුසෙට ඕන නම් යනවා මම එන්නේ නැ "

",ඒ කියන්නේ තමුසේ එන්නේ නැ එහෙම ද "

" යේ එහෙම තමයි "

" එදා වගේ මොනාහරි උනොත් තමුසේ බේරගන්න මම නැ "

" ඉතින් මම කිව්ව ද තමුසෙට මාව බේරගන්න කියලා "

" එහෙනම් තමුසේ ඕන මගුලක් කරගන්නවා මම යනවා "
ජන්කූක් එහෙම කියලා ගියා හැබැයි කෙල්ලට හිතුනා ජන්කූක් එක්ක ගියා නම් හොදයි කියලා ඒත් උදේ වෙච්ච දේ මතක් උනාම නොගියපු එක හොදයි කියලාත් හිතුනා ටිකකින් bus එකක් ආපු නිසා කෙල්ල ගියා කෙල්ල වෙනදා බහින තැනින්ම බැහැලා ගෙදර පැත්තට යන්න ගියා අද වෙනදාට වඩා පාර පාලුයි කිසි කෙනෙක් නැ කෙල්ලට බය නොහිතුනාම නෙවෙයි කෙල්ලට දැනුනා කවුරුහරි පස්සෙන් එනවා කියලා කෙල්ල ඉක්මන් කරලා ගියා අන්තිමේ දී කෙල්ල දුවන්න හදනකොට අර මිනිස්සු යුන්හාව අල්ලාගත්තා

" යාහ්හ් මාව අතහරිනවා තමුසෙලා කවුද "
යුන්හා ඒ මිනිස්සුගෙන් බේරෙන්න ට්‍රයි කරන ගමන් කෑගැහුවා

" මේ කෙල්ලගේ කටේ සද්දේ බලපන්කෝ "
එක මනුස්සයෙක් කිව්වා

" අපි සද්දේ අඩු කරලා ගමු "
තව මනුස්සයෙක් එහෙම කිව්වා

" මේකිව අරගෙන වරෙන් මැඩම්ට කෝල් එකක් දීපන් "

" මාව අතහරිනවා තමුසෙලාට මොකටද මාව කවුද තමුසෙලාගේ මැඩම් මට කියනවා "
යුන්හා කෑගහලා ඇහුවා එක මනුස්සයෙක් යුන්හාගේ කම්බුලට ගැහුවා යුන්හාව අල්ලාගෙන හිටපු නිසා බිම වැටුනේ නැ

" තමුසෙගේ කට වහගෙන හිටියොත් හොදයි "
යුන්හාගේ කම්බුල රතු වෙලා තොල පැලිලා ලේ එනවා

" අරන් වරෙන් ඕකිව මේ ලග තියෙන ගබඩාවට "

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

යුන්හා මෝඩයි ද ලමයි

යුන්හා මැරෙයි ද

මීහා ගැන මොකද ඔයාලා හිතන්නේ

මීහාගේ දුව කවුරු කියලා ද හිතන්නේ

Next chapter එකෙන් හමුවෙමු
පරිස්සමින් සතුටින් ඉන්න
බායි
සරන්හේ බබ්බුලා 💜️

Nipu

Bạn đang đọc truyện trên: AzTruyen.Top