✨️💜️ Chapter 26 💜️✨️
යුන්හාව මගින් දාලා ජන්කූක් ගියා යුන්හා ජන්කූක්ගේ හත්මුතු පරම්පරාවම මතක් කරන ගමන් පයින් ගෙදර ආවා අද හනාත් ගෙදර හනා බැන බැන dinning table එක අස් කරන දිහා ලීනායි යුන්හායි බලාගෙන හිටියා
" උබ හනා ඔන්නිගේ සෝස්පන් එකවත් කැඩුවා ද "
යුන්හා ලූනා දිහා බලලා ඇහුවා
" පිස්සු ද ගෑනියේ මම කිචන් එක පැත්තේ ගියේ නැ "
" එහෙනම් මොකද මේ "
" ඔය බනින්නේ ජින් ඔප්පාට බන් "
ලූන හෙන ගැම්මෙන් කිව්වා
" තෝ කොහොමද එහෙම කියන්නේ "
" මම හනා ඔන්නිගේ රූම් එකට යනකොට හනා ඔන්නි ඉන්හා ඔන්නි එක්ක කෝල් එකක හිටියේ ඉතින් මම ආපහු හැරිලා එන්න හදනකොට හනා ඔන්නි ජින් ඔප්පාගේ නම කියනවා ඇහුනු නිසා මම නැවතිලා අහගෙන හිටියා ජින් ඔප්පා කෙල්ලෙක් එක්ක හිනා වෙවී කතා කර කරනවා ඔන්නි දැකලා හොදම දේ ඒක නෙවෙයි බන් ඔන්නි ජින් ඔප්පාට කතා කරන්නේ පනු පැතියා කියලා 😅"
ලූනා එහෙම කියලා හිනා වුනා
" යකූ පනු පැතියා 😂 වෙන නමක් තිබිලා නැද්ද යකෝ "
" ඒක නේ බන් කියන්නේ උබ දන්නේ නැ නේ හනා ඔන්නි කිව්වා ඔය පනුවාට ගිහින් දවල් හිනා වෙවී කතා කර කර හිටපු තොරොම්බල් කරත්තේ එක්කම කතා කරන්න කියලා "
ලූනා හනා කියපු විදිය අත පය වීසි කරලා act කරලා පෙන්නුවා යුන්හා හිනා වෙන සද්දේ ඇහිලා හනා මරාගෙන මැරෙන සයිස් එකේ බැල්ලමක් දාපු නිසා යුන්හා හිනා වෙන එක අමාරුවෙන් නවත්තගත්තා යුන්හා ලූනා දිහා බැලුවාම ලූනා හිනා වෙන්න පටන් ගත්ත නිසා යුන්හාටත් හිනා ගියා
" නවත්තපන් යකෝ මට පිහි පාරක් කන්න බැ බන් "
යුන්හා කිව්වා
" මගේ මොල රාජයාට කුනාටුවක් වගේ අයිඩියා එකක් පහල වුනා "
ලූනා කුප්ප හිනාවක් දාගෙන කිව්වා
" මොකද්ද උබ කරන්න හදන්නේ "
" අපි මේ ඇවිලෙන ගින්නට පෙට්‍රල් භූමි තෙල් ටිකක් දාලා පත්තු කරලා ගමු 😏"
" කුරුලු කූඩුවලට ගල් ගහන්න එපා යකෝ පව් වැඩ "
" කුරුලු කූඩුවලට ගල් ගහලා මම සදාකාලිකවම තනිකඩව ඉන්නවා 😌"
" අනේ මොකටද කියනවද ඒ ගැන "
" මෙන්න මෙහේ වරෙන් යන්න ගින්නට පෙට්‍රල් දාන්න ඕන "
" යාහ්හ්හ් ඔය වැඩ වලට මාව අල්ලාගන්න එපා "
" අනේ මේ වරෙන් යන්න "
ලූනා යුන්හාව ඇදගෙන හනා ඉන්න තැනට ගියා හනා දෙන්නා දිහා බලලා කිචන් එකට ගියා ලූනාත් යුන්හාගේ අතින් ඇදගෙන කිචන් එකට ගියා
" මේ බන් යුන්හා උබ දන්නවා ද දෙයක් "
" උබ කියන්නේ නැතුව දැනගන්න මට දිවැස් නැ නේ "
ලූනා යුන්හාට රැව්වා
" මම අද ගෙදර එනකොට ජින් ඔප්පා කෙල්ලෙක් එක්ක හිනා වෙවී හිටියා බන් අම්බෝ ජින් ඔප්පාගේ මල් හිනාව "
ඒක ඇහුනා විතරයි හනා ඉද්ද ගැහුවා වගේ ලූනා දිහාට හැරුනා
" කොහෙදී ද "
" hospital එක ලග "
" අද මම ඔය ජින්ගේ ලස්සන මූන සමතලා කරනවා මම කවුරු කියලා හිතාගෙන දන්නේ නැ ඔහොම කරන්නේ මට අහුවෙනවකෝ මම කවුද කියලා පෙන්නන්න "
හනා අතමිට මොලවගෙන කියලා ගියා හනා යන දිහා බලාගෙන හිටපු යුන්හා
" ජින් ඔප්පා පව් බන් "
" හනා ඔන්නි කියපු දේ එක්ක බැලුවාම ජින් ඔප්පා ඉතුරු උනොත් ඒකත් ලොකු දෙයක් බන් "
" උබ තමයි මේවට වග කියන්න ඕන දැන් තෝ කිව්වේ බොරුවක් කියලා දැනගත්තාම මොකද කරන්නේ කියපන් "
" අහුවුනොත් මම කියනවා උබේ අදහසක් මම ක්‍රියාත්මක කලා විතරයි කියලා "
" යාහ්හ් ලූනා තමුසේ හැමදාම ඔහොම තමයි කරන්නේ "
" ඉතින් පැටියෝ ඔයා මගේ soul නේ "
" soul soul තමයි 😒"
",උබට තරහ ගියාම හලි ශෝයි අනේ උම්මා 😘"
ලූනා යුන්හාගේ කම්බුල් දෙකෙන් අල්ලලා අදින ගමන් කිව්වා
" ගනිව් අජ් ජෙක "
" මොකද්ද බන් කියන්නේ තේරෙන්නේ නැ "
" තවුටෙට චියෙන සෙද්ද තේරෙන්නේ නැජ්ජ "
යුන්හා ලූනාගේ අත් දෙකට ගහන ගමන් කිව්වා ලූනා අත් දෙක ගත්තා යුන්හා කම්බුල් දෙක අල්ලාගත්තා
" රිදෙනවා යකෝ "
" අනේ සූටි පැටියාට සිදුනාද කෝ පෙන්නන්න "
" පලයන් එහාට තෝ නිසා රෑට කන්නත් නැති වෙයි වගේ "
යුන්හා එහෙම කියලා ගියා ලිසා රෑට කෑම හැදුව නිසා වැඩේ හොදට ගියා කට්ටිය රෑට කාලා බීලා නිදාගන්න ගියා හැබැයි එක්කෙනෙක්ට නම් නින්ද අහලකවත් නැ ඇදේ ඒ පැත්තට මේ පැත්තට පෙරලි පෙරලි ඉන්නවා අන්තිමට යුන්හා උඩුබැලි අතට හැරිලා සුදු පාට සිවිලිම දිහා බලාගෙන හිටියා එයාට මටක් උනේ අද ජන්කූක් යුන්හාව බදාගෙන අඩන හැටි පලවෙනි වතාවට යුන්හාට ජන්කූක් ගැන අනුකම්පාවක් හිතුනා
" නපුරෙක් කියලා හිතුවාට එහෙම නැ වගේ "
යුන්හාට හිතුනේ එහෙමයි
" එයා හරි කියුට් වෙලාවකට තව වෙලාවකට යක්කු පරාදයි හනුමන්තගේ වලිගේ ගිනි ගත්තා වගේ "
යුන්හා එක පාරටම නැගිටලා වාඩි උනා
" මට මේ මොනා වෙලා ද ඇස් දෙක පියාගත්තාම ජන්කූක්ගේ මූනේ පේන්නේ මොනා වුනත් එයාගේ හිනාව හරි ලස්සනයි
යාහ්හ්හ් යුන්හා ඕක අමතක කරනවා
අනේ ඒ වුනාට එයා හරි කියුට් නේ
යුන්හා තවුසෙට පිස්සු හැදීගෙනවත් එනවද
මොන සෙද්දක් ද නින්ද යන්නෙත් නැ නිදි දෙව්දුව ඉන්න දේවාලෙකින් එනවකෝ මට නිදාගන්න ඕන "
යුන්හා ඇදේ පෙරලලා කොට්ටෙකුත් තුරුල් කරගෙන නිදාගන්න හැදුවේ ඒත් වැඩේ හරි යන්නේ නැති තැන යුන්හා නැගිටලා කිචන් එක පැත්තට ගියේ මොනාහරි කන්න හිතාගෙන යුන්හා ෆ්‍රිජ් අරිනකොට
" යුන්හා "
පිටිපස්සෙන් තමන්ගේ නම ඇහුනු නිසා යුන්හා හැරුනා වතුර බෝතලයකුත් අතේ තියාගෙන සනා හිටියේ
" සනා ඔන්නි මම බය වුනා අනේ ඔහොම පිටිපස්සෙන් ඇවිත් කතා කරන්න එපා හොල්මන් වගේ "
සනා හිනා වුනා
" මොකද මේ රෑ නැගිටගෙන කරන්නේ "
සනා යුන්හාගෙන් ඇහුවා
" නින්ද යන්නේ නැ ඔන්නි "
" ටිකක් කතා කරමු ද"
සනා ඇහුවේ බෝතලේට වතුර පුරවගන්න ගමන්
" හරි ඔන්නි "
සනා යුන්හා එක්ක ගියේ එයාලගේ පුංචි garden එකට සනා ගිහින් එතැන තිබුණු බෙන්ච් එකේ වාඩි වෙලා යුන්හාටත් කතා කලා
" අද අහස හරි ලස්සනයි නේද "
සනා අහස දිහා බලාගෙන ඇහුවා
" යේ ඔන්නි "
" යුන්හා මට ඇත්ත කියන්න අද කොහෙද ගියේ "
සනා තාමත් අහස දිහා බලාගෙන ඉන්නේ යුන්හා සනා දිහා බැලුවා
" ඔන්නි "
යුන්හා පොඩ්ඩක් බය වෙලා හිටියේ
" මොකද බය වෙලා බය වෙන්න තරම් දෙයක් මම ඇහුවේ නැ නේ යුන්හා "
සනා එහෙම කියලා ෆෝන් එක අරගෙන ෆෝටෝ එකක් පෙන්නුවා යුන්හාට දැන් හීන් දාඩිය දාලා ඒත් ඇයි එයා බය වෙන්නේ කියලා යුන්හාටවත් තේරෙන්නේ නැ ජන්කූක් යුන්හා එක්ක restaurant එකේ ඉද්දී ගත්ත ෆොටෝ එකක් තිබුනේ
" ඔන්නි ඔයා......."
" වේ ඔයා දැන් අහන්න හදන්නේ මම ඔයාව follow කරලා ද කියලා නම් නැ මම ඔයාව follow කලේ නැ අහම්බෙන් දැක්කේ "
සනා හිනා වෙලා කිව්වා
" ඔන්නි...... "
" මම කාටවත් කියන්නේ නැ බය වෙන්න එපා ඒ ඔයාගේ බොස් නේද යුන්හා "
" යේ ඔන්නි "
" හ්ම්ම් එයත් එක්ක ඔයාට තියෙන සම්බන්ධය මොකද්ද යුන්හා "
" ඔන්නි......... එහෙම මුකුත් නැ එයා මගේ බොස් විතරයි ඊට එහා දෙයක් නැ "
" එතකොට අද ඔයා එක්ක තනියෙම මොනාද එයා කලේ "
" ඔන්නි එයත් මම වගේ එයාටත් ඔම්මා නැ අදට එයාගේ ඔම්මා නැති වෙලා අවුරුදු 04 ක්ලු ඔන්නි මම අද තමයි තේරුම් ගත්තේ ඇයි ජන්කූක් මෙච්චර නපුරු කියලා එයාගේ දුක හංගන්න තමයි එයා නපුරු විදියට හැසිරෙන්නේ ජන්කූක් ගොඩක් සංවේදී කෙනෙක් ඔන්නි මට පව් කියලා හිතුනා ඔන්නි එයා අඩපු විදිය දැක්කාම අනේ මට ....."
යුන්හාගේ ඇස් වලට කදුලු පිරුනා
" යුන්හා..... "
සනා දැක්කා යුන්හාගේ ඇස් වල කදුලු
" ඔන්නි මම දන්නේ නැ මොන හේතුවකට කියලා එයා අඩනවා දැක්කාම මට දරාගන්න බැරි දුකක් ඇති වුනේ එයා මට කොච්චර නපුරුකම් කලත් මට දුක හිතුනා ඔන්නි ජන්කූක් එහෙම ඉන්නවා දකිද්දී මම දන්නේ නැ ඔන්නි මට තේරෙන්නේ නැ මුකුත් මට එයාගේ මූන අමතක කරන්න බැ "
සනා යුන්හා කියන හැම වචනයක්ම හොදට අහගෙන හිටියා
" යුන්හා ඔයා එයාට ආදරෙයි ද "
සනා ඇහුවා
" මම දන්නේ නැ ඔන්නි මම කොහොමද ඔන්නි එයාට ආදරේ කරන්නේ "
" ඇයි බැරි "
" එයාට කෙනෙක් ඉන්නවා "
යුන්හා බිම බලාගෙන කිව්වා
" හ්ම්ම් එතකොට එයාට girl කෙනෙක් ඉන්නවා නම් ඇයි ඔයා එක්ක හිටියේ ඇයි එයාගේ දුක ඔයා එක්ක බෙදාගත්තේ "
" මම දන්නේ නැ ඒක දන්නේ එයා තමයි "
" ඔයා දන්නේ නැද්ද ඔයාගේ හිත පිලිගන්න කැමති නැද්ද "
" ඔන්නි "
" යේ කියන්න "
" එයාට මං වගේ කෙල්ලෙක් ගැලපෙන්නේ නැ ඔන්නි මට මොනාද ඔන්නි තියෙන්නේ "
" ඔයාට මොනාද නැත්තේ යුන්හා ඔයා ලස්සනයි හොදට ඉගෙනගෙන තියෙනවා "
" ඒත් මට මගේ කියලා කවුරුවත් නැ ඔන්නි "
" එතකොට අපි මක්කුන් ද ආ කවුරුවත් නැ කියාගෙන එනවා ආපහු ඔය වගේ කතාවක් කිව්වොත් ගහනවා කතා කැඩෙන්න "
සනා කියනකොට යුන්හා හිනා වුනා
" මියාන්හේ හිතලා නෙවෙයි කිව්වේ "
" හිතලා නෙවෙයි තමයි
යුන්හා ඔයාගේ අප්පා තාම ඉන්නවා නේද "
" ඔන්නි අපි එයා ගැන කතා නොකර ඉමු "
" හ්ම්ම් හරි එහෙනම් දැන් ගිහින් නිදාගන්න "
" හ්ම් ගුඩ් නයිට් ඔන්නි "
" ගුඩ් නයිට් "
යුන්හා ගියත් සනා එතැනට වෙලා හිටියා
" යුන්හා ඔයා එයාට ආදරෙයි කියලා ඔයාගේ ඇස්වලින් කතාවෙන් තේරෙනවා ඒත් ඔයාගේ හිත ඒක පිලිගන්න ලෑස්ති නැ ඉස්සරහට ඔයාට ගොඩක් දුක් විදින්න වෙයි යුන්හා මට බය ඔයා ඒ දේවල් කොහොම බාර ගනී ද කියලා "
සනා එහෙම හිතලා නිදාගන්න ගියා
Next day morning
Yunha pov
" යුන්හා නැගිටපාආආආආආආආඅන් ගෑනියේ "
අම්බෝ සාන්ත මගේ කන ඉවරයි වගේ කර්න පටහ පටලය පුපුරලා වගේ ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කරන්න ඕන තව පාරක් ලූනා කෑගහන්න කලින් මම නැගිට්ටා
" මම නැගිට්ටා යකෝ 😒"
" අම්බෝ මගේ උගුර නැ වගේ තොට කෑගහලා "
" මම උබට කිව්වේ නැ නේ කෑගහන්න කියලා "
ලූනා මාව මරාගෙන මැරෙන සයිස් එකේ බැල්ලමක් දැම්මා
" උබ මොකද්ද කිව්වේ "
" මුකුත් නැ "
කියලා දුවගෙන ගිහින් බාත් රූම් එකේ දොර වහගත්තා නැත්නම් මට අද අවසන් ගමන් යන්න වෙන්න ඒක සීයට අනූ නවයක් ෂුවර්
(Author :එතකොට ඉතුරු සියයට එක
Yunha : ඉතුරු එක තියලා වාඩි වෙයන්
Author : මට ඔහොම කතා කරලා පසුතැවෙන්න වෙයි ඈ ඔන්න නොකිව්වයි කියන්න එපා
Yunha : ඒක මම බලාගන්නම් 😏
Author : පුහ් හාල්මැස්සෙක් ගිය උඩක්
Yunha : කවුද හාල්මැස්සා
Author ; කවුද මන්දා යුන්හා කියලා කෙල්ලෙක්
Yunha : ඕතරී 🗡️
Author : ඔබ ඇමතූ දුරකථන අංකයෙන් ප්‍රතිචාරයක් නොමැත කරුනාකර පසුව අමතන්න )
මම ready වෙලා office එකට ගියා උප්ස් මෙච්චර කාලෙකට මම office එකට කලින් ආපු පලවෙනි දවස මේක තමයි
" අද කොහෙන් ද මන්දා ඉර පෑව්වේ "
සුමී ඔන්නි එහෙම කියාගෙන මගේ ලගට ආවා සැක් මුන් ඔක්කොම එකයි ටිකක් වේලාසනින් ආවත් මොකක් හරි කියනවා පරක්කු වෙලා ආවත් මොනාහරි කියනවා
" වෙනදා පායන පැත්තෙන්ම තමයි හ්ම් 😒"
" අම්බෝ මෙන්න මෙයාට කේන්ති ගිහින් ඔහොම කේන්ති ගන්න එපා බබෝ ඉක්මනට වයසට යයි "
හම්මේ ඉතින් බටර් පාර අපි ඕවාට අහුවෙන්න කොන්ඩේ බැදපු චීනෙක් නෙවෙයි
" යන්න ඔන්නි යන්න "
" ඔයත් හරියට අපේ බොසා වගේ තමයි ",
හෑ යකෝ මොකද්ද ඒ කිව්වේ මම සුමී ඔන්නි දිහා බලාගෙන හිටියා
" මොකද ඔහොම බලන්නේ 👀 එයාටත් ඉතින් ඔයාට වගේ හොස්ස ලගින් මැස්ස යන්න බැ පස්ස ගිනි අරන් වගේ කෑගහනවා "
මට ඒ යකාට වගේ ඉක්මනට තරහ යන්නේ නැ
" ඔන්නි මට එච්චර ඉක්මනට තරහ යන්නේ නැ "
" එහෙම තමයි හිතාගෙන ඉන්නේ "
" හිතාගෙන ඉන්නවා නෙවෙයි එහෙම තමයි "
" කොහොමද "
" කොහොමද මම කිව්වයි කියලා හිතාගන්න ඔන්නි මම යනවා "
මම සුමී ඔන්නිට ගස්සගෙන ගියා මම එනකොට මිස්ටර් ගිනි මකරාස් පැමින සිටිය නමුත් මම පැමිනි බව ඔහු දැනගෙන නොමැති ආකාරය මට පැහැදිලි වේ නැත්නම් ඉතින් දැනටමත් කතා කරලා මහා මේරූ පර්වතය වගේ ෆයිල් ගොඩක් දීලා මෙලහකටත්
" මිස් යුන්හා ඔයාට සර් එන්න කිව්වා "
මම හිතුවා වැරැදියි වගේ 😭 අහෝ දෙවියනි ඇයි මටම මෙහෙම කරන්නේ ජුකයි අප්පා හුවෑව් මට අඩන්න දීපන් විනාඩියක්
හරි ඉවරයි දැන් යන්
නොන්ඩි කකුල නිකන් කකුල
නොන්ඩි කකුල නිකන් කකුල
ගිහිල්ලා කොයි එකටත් හොදයි නේ පෙර සූදානම කියලා හිතලා door එක ඇරලා පොඩ්ඩක් ඔලුව දාලා බැලුවා හම්මට යකෝ අදත් ඉවරයි හැබැයි එදා තරම් නම් නැ ඒත් ටිකක් තියෙනවා ෆයිල් 15 ක් වගේ ඊට පස්සේ තට්ටුවක් දාලා ඇතුලට ගියා
" තමුසේ මොකද හොර ගල් අහුලන්නේ "
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
යුන්හා මොන වගේ උත්තරයක් දෙයි ද
මම කලින් එපියේ අහපු ප්‍රශ්නයට උත්තර වශයෙන් ගොඩක් අය දීලා තිබුනේ Mr.Kim කියලා තව අය උත්තර හතරම දීලා තිබුනා
දැන් ඉතින් කට්ටිය දන්නවා නේ කවුද කියලා
Happy Jimin Day Army 💜️
මම මේ chapter මොනාද තියෙන්නේ කියලා මම දන්නෙත් නැ මොකද නිදිමතේ ටයිප් කලේ හී
එහෙනම් මම ගියා
පරිස්සමින් ඉන්න
බායි
සරන්හේ 💜️
Nipu
Bạn đang đọc truyện trên: AzTruyen.Top