✨️💜️ Chapter 23 💜️✨️

Yunha pov
 
අපි දෙන්නා පිටිපස්ස හැරෙනකොට හිටියේ මම බලාපොරොත්තු වුනු ජීවියාම තමයි අද දවස පටන් ගන්න වෙන්නේ ඉතින් බැනුම් අහලාම තමයි දවසම ඉවරයි 🤧

" Good morning sir "
සුමී ඔන්නි දෙකට තුනට නැවිලා කිව්වා දැන් ඉතින් මාත් මේ යකාට ගුඩ් මෝනින් කියපන්කෝ ගුඩ් නෙවෙයි බෑඩ් මෝනින්

" හ්ම් "
යකෝ මුගේ ගෑස් බලපන්කෝ මනුස්සයෙක් ගුඩ් මෝනින් කිව්වාම ගුඩ් මෝනින් කියන්න දන්නේ නැති එකෙක් මූ මම කියන්නෙත් නැ යකෝ මෙන්න මගේ දිහා බලාගෙන ඉන්නවා මම කියයි මේන් කියලා හීන ලෝකෙන් බිමට බහින්න මම ගුඩ් මෝනින් කියන්නේ නැ සුමී ඔන්නි මගේ අතට ඇන්නා මොකද කියලා අහන්න වගේ මම එයා දිහා බැලුවා

" good morning කියන්න "
සුමී ඔන්නි මගේ කනට කරලා කිව්වා මොන සෙද්දකට ද මම ගුඩ් මෝනින් කියන්නේ

" සුමී "

" yes sir "

" අර ෆයිල් ටික මගේ කැබින් එකට ගේන්න "

",ok sir
Yunha all the best මම ගියා "
සුමී ඔන්නි මට එහෙම කියලා මේ යකා එක්ක මාව තනියෙන් දාලා ගියා

" තමුසේ මාත් එක්ක යන් "
එහෙම කියලා මාවත් පහු කරගෙන ගියා මමත් මොකාද වගේ පස්සෙන් ගියා අද මේකා ඇයි මට බැන්නේ නැත්තේ
මේ නිශ්ශබ්දතාවය නම් අල්ලන්නේ නැ කුනාටුවක් එන්න කලින් පරිසර නිහඩයි නේ මේ යකාගේ හිතේ ප්ලෑන් එකක් ඇති මේ අහිංසක මට විරුද්ධව 🤧 බොසාගේ කැබින් එකට ගියා

" May I come in sir "

" yes "
එතකොට සුමී ඔන්නි ෆයිල් තොගයක් උස්සගෙන ආවා යක්ෂ බොසා table එකට හේත්තු වෙලා කට කොනේ කුප්ප හිනාවත් දාගෙන මගේ දිහා බලාගෙන ඉන්නවා මේකා මොකාටද එන්න හදන්නේ

" ඔය ෆයිල් ටික table එක උඩින් තියලා යන්න "
බොසා එහෙම කියනකොට සුමී ඔන්නි table එක උඩින් තියලා ගියා ජන්කුකා සාක්කුවට අත් දෙක දාගෙන මගේ ලගට ආවා

" මො..මොකද මේ....."
එයා මගේ කන ලගට පහත් වෙලා කිව්ව දේට මට මූව මරාගෙන මැරෙන්න හිතුනා

" මේ ෆයිල් ඔක්කොම චෙක් කරලා ඉවර කරන්න ඕන අද දවස ඉවර වෙන්න කලින් "
එහෙම කියලා අර කට කොනේ හිනාවත් දාගෙන මගෙන් ඈත් වුනා

" මොකාක්........ තමුන්ට පිස්සු ද මෙච්චර ෆයිල් තොගයක් චෙක් කරලා ඉවර කරන්න ඒකත් අද දවස ඇතුලත කොහොමද "
ආපු තරහට කියවගෙන ගියා ඒකා ගිහින් වාඩිවෙලා මේසේ උඩින් කකුල් දෙක තිබ්බා

" මට තමුසේ කරන විදිය අදාළ නැ අද මේක ඉවර කරන්න ඕන සතියක් ගෙදරට වෙලා නිකන් හිටියා නම් දැන් වැඩ කරනවා "
අයිෂ් මම මූගේ ගිය ආත්මෙක ණයකාරයෙක්ද කොහෙද නැත්නම් යකෝ මෙහෙමත් වැඩ දෙයි ද 🤧 මූම තමයි මට නිවාඩු දුන්නෙත් දැන් මේ මොකද්ද කියන්නේ

" තමුන් ම නේ මට නිවාඩු දුන්නේ "

" යේ මම නිවාඩු දුන්නා තමයි ඉතින් ඒකෙන් කියන්නේ නැ නේ තමුසෙට මෙතන කරන්න තියෙන වැඩ වෙන එකෙක් කරන්න ඕන කියලා "
මූට මම..........😠

" මොකද තමුසේ රවන්නේ මෙතන මට රවන්න කාලේ නාස්ති කරන්නේ නැතුව වැඩ පටන් ගන්නවා "
මූත් එක්ක කතා කරලා වැඩක් නැති නිසා ෆයිල් ගොඩක් උස්සගෙන ගියා






















Time pass
 
  සතියක් ගෙදර හිටපුවායේ ප්‍රතිඵල තමයි යුන්හා මේ තියෙන්නේ මේ මනුස්සයා මොකටද මට මෙහෙම වද දෙන්නේ ඕවාට රිටන් එක දෙන්නම්කෝ 😏 තමුසේ හැප්පුනේ වැරැදි කෙල්ල එක්ක ඒත් මේකා එක්ක හැප්පෙන්නත් හයියක් තියෙන්න එපැයි

" අයියෝ ඔම්මා බෙල්ල රිදෙනවා "
මම බෙල්ල අත ගාන ගමන් පුටුවේ පිටිපස්සට බර වෙලා ඇස් දෙක පියාගත්තා

" යුන්හා "
සුමී ඔන්නිගේ කටහඩ ඇහුනු නිසා මම ඇස් දෙක ඇරලා බැලුවේ

" ඔන්නි "

" මහන්සියි ද "
ආයෙත් අහනවා මැරෙන්න වගේ

" යේ "

" මම කියන්න ආවේ සර් ඔයාට එන්න කිව්වා කියන්න "
ඒ මොකටද් දන්නේ නැ මොන හෙන ගෙඩියක් කඩාගෙන පහත් වෙයිද දන්නේ නැ වෙන් දේකට මුහුන දෙමු fighting yunha

" හරි ඔන්නි "

" කට ගහගෙන යන්න එපා සර්ට තරහ ගිහින් ඉන්නේ "

" කවද්ද ඔන්නි එයාට තරහ නොගිහින් හිටියේ "
මම එහෙම කියලා බොසාගේ කැබින් එක පැත්තට පිය නැග්ගා මම කැබින් එකේ දොරට තට්ටු කරන්න හදනකොට ඇහුනේ වීදුරුවක් කුඩු වෙන සද්දයක් අම්බෝ යකෝ අද නම් යකා ඔලුවටම ගහලා මම දොර ලගට වෙලා හිටියා මොනාද කියන්නේ කියලා දොරට කන තියලා අහගෙන හිටියත් කිව්ව මුකුත් ඇහුන් නැ

දැන් හිතන්න එපා මම ඕපදූප හොයනවා කියලා මම මගේ ආත්ම ආරක්ෂාව සදහා එහෙම කලේ ටිකකින් කෙල්ලෙක් අඩාගෙන කැබින් එකෙන් එලියට ආවා හැබැයි ආපු එකීගේ මූන දැක්කාම මට හෙන කුරිරු සතුටක් දැනුනා කිව්වොත් හරි

tae hyung sir ට පැනි හලන සර්ගේ future wife වෙන්න හීන දකින උඩැක්කියක් කිව්වොත් හරි මෙච්චර කාලෙකට Mr. Jeon jungkook කරපු හොදම වැඩේ මේකද කොහෙද ඒකිගේ මුන දැක්කාම මට හිනා යන්නත් ආවත් තොලත් හපාගෙන හිනාව පාලනය කරගෙන හිටියේ හිතේ කොනකින් මේකි පව් නේ කියලා කිව්ව හින්දා හැබැයි ඒකි ගියාට පස්සේ මට හිනා ගියා තව පොඩ්ඩෙන් හුස්ම හිර වෙලා මැරෙන්නේ හිනා වෙලා අන්තිමේ දී දොරට තට්ටු කරලා මම ඇතුලට ගියා

මම යනකොට ජන්කූක් ඈත පේන සෝල් නගරය දිහා බලාගෙන ඉන්නවා එයත් එහෙම බලාගෙන ඉන්නවා මාත් පාඩුවේ හිටගෙන ඉන්නවා ටිකකින් එයා මගේ දිහා බලලා ගිහින් table එක උඩින් වාඩි වුනා

" ලගට එනවා "

" හෑ "
මූ මොකාටද ලගට එන්න කියන්නේ යුන්හා ආපහු හැරිලා දුවන්න ලගට යන එක භයානකයි දිව්වොත් ආත්ම ගරුත්වය හේදිලා යනවා මුගේ ඉස්සරහ තව්ත් නම් නෝන්ඩි වෙන්න බැ

" මොනාද තමුසේ කල්පනා කරන්නේ ලගට එනවා "
මූට වැරැදි දෙයක්වත් කැවිලද දන්නේ නැ මම හිමින් සැරේ බිම බලාගෙන ලගට ගියා

" ඔලුව උස්සනවා "
මොනාද මේ යකා කරන්න හදන්නේ මම ඔලුව ඉස්සුවා නැත්නම් ගුටි කන්න වෙයිද දන්නේ නැ නේ ඇස් හීනි කරලා මගේ දිහා බලාගෙන ඉන්නවා මොකද ඔහොම බලන්නේ 👀 මට පිස්සු හදවන්නද හද්න්නේ එයාගේ ඇස් දිලිසෙනවා කම්බුල් අල්ලලා මිරිකන්න හිතෙනවා කුන්චි කුන්චි සොෆ්ට් එයාගේ සෝස පාට lips 🙂 මට පිස්සු වගේ යකෝ තවත් මෙහෙම බලාගෙන හිටියොත් මම මොනවා කරයි ද දන්නේ නැ

" මම handsome කියලා මම දන්නවා ඒත් ඔහොම ඇස් පිය නොගහා මගේ දිහා බලාගෙන ඉන්න එපා "
අයිෂ් ලැජ්ජාව බාල්දියෙන් එකයි 😒 සැක් තවුසෙටමයි ඔහොම වෙන්නේ මම ඉක්මනට වෙන පැත්තක් බලාගත්තා

" දැන් මට එන්න කිව්වේ ඇයි කියනව්ද මට වැඩ තියෙනවා "
මම ජන්කූක්ගේ මූන දිහා නොබලා කිව්වා

" හෙට තමුසේ මාත් එක්ක ගමනක් යන්න ලෑස්ති වෙන්න ඕන "
මොකාක්.......... මාව මරන්න එක්කන් යනවද කවුද දන්නේ නැ

" මට බැ "

" මගේ යකා අවුස්ස ගන්නේ නැතුව කිව්ව දේ කරනවා "
එතකොට දැන් මේ යකා නෙවෙයි වෙන්න ඇති ඇවිස්සිලා තියෙන්නේ

" ඒ මොකටද "

" තමුසෙට හොදින් කිව්වාම නේ තේරෙන්නේ නැත්තේ "
එහෙම කියලා මගේ අතින් ඇදලා ගත්තා මගේ හාට්ටුව එකසිය ගානට ගැහෙනවා මොනාද මට මේ වෙලා තියෙන්නේ අයිෂ් මට තේරෙන්නේ නැ එයා මගේ ඉනෙන් අල්ලලා එයාගේ ඇගට තද කරගත්තා 

" මාව අතහරින්නකෝ "
මම දගලන ගමන් කිව්වා ඒත් ඒකෙන් උනේ එයාගේ ග්‍රහණය වැඩි උනා මිසක් අඩු වුනේ නැ

" තමුසේ මම කියන දේ කලොත් හොදයි අනිත් එක තමයි මගේ තීරණ ප්‍රශ්න කරන අයට මම කැමති නැ angel "
එයා මගේ කන ලගට කිට්ටු වෙලා කිව්වා එයා මගේ කනට කරලා කතා කරනකොට මුලු ඇගම සීතල වෙලා ගියා එතකොට දොර ඇරෙනවා ඇහුනු නිසා මම අනිත් පැත්ත හැරුනා එදා මට පාර්ට් එක දාපු කෙල්ල ජන්කූක්ගේ future wife සෙමී මට හිතාගන්න පුලුවන් එයා මොනාද හිතන්න ඇත්තේ කියලා

" තමුසේ දැන් යනවා මම පස්සේ කතා කරන්නම් "
මම ඔලුව නවලා ගියා සෙමීට පුලුවන් මාව එතැනම මරන දාන සයිස් එකක් තිබුනේ ඒත් ඉතින් මම මොනවා කරන්න ද මගේ වරදක් නැ නේ මොක්ටද බය වෙන්නේ මම එහෙම හිතන ගමන් එතැනින් ගියා

Author pov
 
ජන්කූක් table එකෙන් බැහැලා සෙමී ලගට ගියා

" තමුසේ මොනාද මෙහේ කරන්නේ මම කිව්වා නේ තමුසෙට මෙහෙට එන්න එපා කියලා "

" මට ඕන නම් මම එනවා "

" තමුසෙට ඕන වෙලාවට එන්න මේක තමුසෙගේ අප්පාගේ ඔෆිස් එක නෙවෙයි "

" මේක මගේ අප්පා නොවුනාට මගේ future husband ගේ ඔෆිස් එක නේ '

" අහ් හීනෙන් තමයි "

" වේ කුකී ඔයා හදන්නේ අර කෙල්ලව මැරි කරන්න ද ආ "

" තමුසේ මගෙන් ගුටි නොකා මෙතනින් යනවද ආපහු මේ පැත්තේ ආවොත් තමුසෙට පන පිටින් ආපහු යන්නේ නැ "

" අපි බලාගමු "

" මොනා බලා ගන්න ද "
සෙමී ජන්කූක්ට ගස්සගෙන ගියා

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

Hii ලමයි
ඕතරීට සතියකට විතර අප්ඩේට් කරන්න වෙන්නේ නැ ඕතරීට exam 🤧💔

ආපහු කතාව අප්ඩේට් කරනකම් හිතන්නකෝ ජන්කූක් යුන්හාව කොහෙද එක්කන් යන්න හදන්නේ කියලා

පරිස්සමින් ඉන්න
සරන්හේ 💜️

Nipu

Bạn đang đọc truyện trên: AzTruyen.Top