✨️💜️ Chapter 20 💜️✨️
යුන්හා මුහුදු වෙරළ වෙලා ඈතින් ඉර බැහැගෙන යනවා බලාගෙන හිටියේ කිසිම හැගීමක් නැතුව අවටින් හමාගෙන ආපු සීතල සුලං රැලි යුන්හාගේ ඇගේ හැප්පිලා ගියේ යුන්හාගේ කොන්ඩේ අවුල් කරන ගමන් ඒත් එක්කම යුන්හාට අහුනේ හුරුපුරුදු ආදරනීය කරුනාවන්ත කටහඬක් යුන්හා ඒ කටහඬ ඇහුනු පැත්තට හැරුනා හිටපු කෙනා දැක්කාම යුන්හාගේ ඇස් වලට කදුලු පිරුනේ ඉබේටම ඒ කාන්තාව යුන්හා දිහා කදුලු අතරින් හිනා වෙන ගමන් බලාගෙන හිටියේ උතුරාගෙන යන ආදරයකින් යුන්හා වාඩිවෙලා හිටපු තැනින් නැගිටලා දුවගෙන ගිහින් ඒ කාන්තාව වැලදගත්තා
" ඔම්මා "
යුන්හා ඉකි ගසන ගමන් කතා කලා යුන්හාගේ ඔම්මා යුන්හාගේ ඔලුව අතගෑවා
" මගේ පුංචි කෙල්ල දැන් ලොකු වෙලා ලස්සන වෙලා සුරංගනාවියක් වගේ "
යුන්හාව ඈත් කරලා යුන්හාගේ ඔම්මා කිව්වා
" ඔම්මා ඔයා කොහෙද හිටියේ මම ඔයා නැතුව කොච්චර ඇඩුවා ද ඇයි ඔයා ආවේ නැත්තේ මම හිතුවක්කාර නිසා ද මම හොද ලමයෙක් වගේ ඔයා කියන දේ අහගෙන ඉන්නම් ඔම්මා මාව දාලා යන්න එපා ඔම්මා "
යුන්හා අඩන ගමන් කිව්වා යුන්හාගේ ඔම්මා යුන්හාගේ අත් දෙක අල්ලාගෙන එතැන තිබුණු බෙන්ච් එකෙන් වාඩිඋනා
" මගේ හොද කෙල්ල වගේ අඩන එක නවත්තන්න ඔයා අඩන කොට ඔම්මාට ගොඩක් දුක හිතෙනවා කියලා දන්නේ නැද්ද ආ කෝ කෝ ඔය හොදටම ඇති "
එහෙම කියන ගමන් සේහි යුන්හාගේ කදුලු පිස දැම්මා
" යුන්හා අහන්නකෝ මගේ මැනික ඔයා ආපහු අප්පා ලගට යන්න ඕන ",
" මට බැ මට අප්පා කියලා කෙනෙක් නැ "
යුන්හා කදුලු පිහිදගෙන කිව්වා
",ඔයාට ඇහුනු දේවල් ඔක්කොම ඇත්ත නෙවෙයි ඔයා රැවටිලා ඉන්නේ මගේ දුවේ ඔයා කල්පනාවෙන් වැඩ කරන්න ඕන ඉස්සරහට මොන දේ සිද්ධ උනත් අප්පා ලගට යන්න කියන්නේ ඔයාගේ ආරක්ෂාවට ඔයාට රැකවරණයක් තියෙනවා නම් තියෙන්නේ ඔයාගේ අප්පා ලග විතරයි තීරණයක් ගන්න කලින් සිය පාරක් හිතන්න ඔයා ගන්න එක වැරැදි තීරණයක් නිසා ඔයාගේ ජීවිතේ විතරක් නෙවෙයි ඔයා වටේ ඉන්න අයගේ ජීවත වලට ඒක බලපානවා අප්පාට කවදාවත් වෛර කරන්න එපා ඔයාගේ අප්පා ඔයාට අදත් එදා වගේම ආදරෙයි පරිස්සමින් ඉන්න "
එහෙම කියලා සේහි නැගිට්ටා යුන්හා දිහා බලාගෙන එයා මුහුද පැත්තට ගියා
" ඔම්මා ප්ලීස් මාව දාලා යන්න එපා මට ඔයාව ඕන ඔම්මා ",
" අප්පාව ගිහින් හම්බ වෙන්න එතකොට ඔයා ඉන්න වැරැදි මතයෙන් නිදහස් වෙන්න පුලුවන් පරිස්සමින් ඉන්න මගේ මැනික "
සේහි එහෙම කියලා නොපෙනී ගියා
" ඔම්මා "
යුන්හා කෑගහගෙන නැගිට්ටා යුන්හාට හොදටම දාඩිය දාලා එයාගේ අත් වෙව්ලනවා එතකොට දොර ඇරගෙන ආවේ හනා ලූනා සනා තුන් දෙනා හනා යුන්හා ලගට ගිහින් වාඩිවෙලා යුන්හාගේ ඔලුව අතගෑවා යුන්හා ඇස් වල කදුලු පුරවගෙන හනා දිහා බැලුවා
",යුන්හා ඔයා නරක හීනයක් දැක්ක ද "
යුන්හා ඔලුව දෙපැත්තට වැනුවා නැ කියන්න
" එහෙනම් ඇයි කෑගැහුවේ "
යුන්හා කතා කරන්න හැදුවත් ඊට කලින් කදුලු ඉස්සර උනා යුන්හා හනාව බදාගෙන අඩන්න පටන් ගත්තා
" හරි පැටියෝ ඒක හීනයක් විතරයි නේ දැන් අඩන්න එපා හ්ම්ම් "
හනා යුන්හාගේ ඔලුව අතගාන ගමන් කිව්වා
" ඔන්නි ඔම්මා.... එයා....එයා මාව දාලා ගියා ඔන්නි එයා ගියා "
යුන්හා කලින්ට වඩා හයියෙන් අඩන්න ගත්තා දැන් මොනාද කියන්නේ කියලා හිතාගන්න බැරුව හනා අසරණයි ලූනාට ඇඩෙන්න ඔන්න මෙන්න ලූනා කදුලු පිහිදගෙන බොරු හිනාවක් මවාගෙන යුන්හාට කතා කලා
" හැපූ යුන්හා පොඩි එකෙක් වගේ අඩන්න ලැජ්ජ නැද්ද යකෝ "
එහෙම කියනකොට යුන්හා කදුලු පිහිදගෙන ලූනාට රැව්වා
" මම පොඩියි තමයි "
" කොහෙද දන්නේ නැ පොඩි "
" කිව්වයි කියලා හිතාගනින් "
" හිතාගන්න බැ කියපන් "
" උබ ඔය රන්ඩු බේරලා වරෙන් හනා මට බඩගිනියි මම යනවා කන්න "
සනා ගියා
" සනා ඔන්නි ඔහොම හිටු මගේ කිමිචි " සියල්ලටම ප්‍රථම කෑම කියන ප්රමේයට අනුව ලූනා සනාගේ පස්සෙන් දුවගෙන ගියා
" ඔයා ඕවා හිතන්න යන්න එපා යුන්හා ඒක හීනයක් කියලා අමතක කරන්න හරි ද "
" හරි ඔන්නි "
යුන්හා හිනා වෙලා කිව්වා
" හ්ම්ම් දැන් ගිහින් වොෂ් එකක් දාගෙන එන්න පහලට "
හනා එහෙම කියලා පහලට ගියා මින්සු යුරී ලිසාත් හිටියා
" හනා යුන්හා......."
" එයා හොදින් ලිසා බය වෙන්න දෙයක් නැ "
" මට හිතෙනවා යුන්හා අපිට කිව්ව දේවල් වලට වඩා දෙයක් මෙතන තියෙනවා කියලා "
සනා කිව්වා
" වේ සන ඔන්නි ඔයා එහෙම කියන්නේ "
ලූනා ඇහුවා
" මෙහෙමයි එයා කිව්ව විදියට එයාගේ අප්පා එයාටයි ඔම්මාටයි ගොඩක් ආදරෙන් ඉදලා තියෙනවා ඉතින් එහෙම තියෙද්දී සල්ලි වලට කියලා wifeව මරයි ද බන් "
" ඉස්සෙල්ලාම කියපන් උබ NIS එකට select වුනේ කොහොමද කියලා ගොන් කතා කියන්නේ මිනිස්සු හැමදාම එක වගේ ඉන්නේ නැ මිනිස්සු වෙනස් වෙනවා සමහර විට යුන්හාගේ අප්පා ඔම්මාව මරන්න ඇති සල්ලි වලට "
හනා කිව්වා
" අනී උබලා දන්නේ ටිකයි මම යුන්හාගේ අතීතේ ගැන හෙව්වා "
" මොකාක් "
ලූනාගේ කට දනහිස ලගට විතර ඇරිලා
" කට වහගනින් ලූනා බ්රේක් නැති මැස්සෙක් ආවොත් නවතින්නේ තොගේ කුඩා අන්ත්‍රයේ "
මින්සු කිව්වා
" මැදින් ඇඩ් දාන්නේ නැතුව හිටපන්කෝ සනා කියපන් උබ මොනාද හොයාගත්තේ "
ලිසා කිව්වා
" යුන්හා කියන්නේ නිකන් සාමාන්‍ය කෙල්ලෙක් නෙවෙයි එයා කෝටි ගානක දේපලක එකම උරුමක්කාරි කියලා උබලා දන්නවා ද Kim Company එක දන්නවද "
" යේ "
ලූනා කිව්වා
" kim company එකේ අනාගත අයිතිකාරි අපේ යුන්හා "
" සනා ඔයා කොහොමද මේවා දන්නේ ",
සනා කියන දේවල් විශ්වාස කරන්න බැරුව සෙට් එකම full confuse වෙලා ඉන්නේ
" යුන්හාගේ diary කියෙව්වා ඒකේ යුන්හාගේ ජීවිතේ වෙච්ච හැමදේම ලියලා තිබුනා සම්පූර්ණ කතාව කියන්න ද මම "
" කියන්න "
මින්සු කිව්වා
" යුන්හාගේ ඔම්මා නැති වුනු එකට Mr.kim සම්බන්ධයි කියලා යුන්හා කිව්වට මට හිතෙනවා එයා මේ කිසිදේකට සම්බන්ධය නැ කියලා මොකද මේක යුන්හාට මිහා කියන කෙනෙක් කියපු දෙයක් විශ්වාස කරගෙන තමයි මේකි මේ නටන්නේ "
" මිහා කියන්නේ කවුද එතකොට "
ලූනා ඇහුවා
" මිහා කියන්නේ කවුද කියන්න දන්නේ යුන්හා තමයි කොහොම වුනත් මේක ගැන හොයන්න ඕන මොකද මේ දේවල් යුන්හාගේ ජීවිතේට බලපාන්න පුලුවන් "
සනා කිව්වා
" යුන්හා එනවා "
මින්සු සනාගේ කනට කරලා කිව්වා
" මොනාද කට්ටිය කතා කර කර ඉදලා මම එනකොට නැවැත්තුවේ "
" ආ.. මේ යුන්හා......"
" උබේ තනියට කවුද අද නවත්තන්නේ කියලා අපි කතා ක්ලේ "
හනා ගොත ගහනකොට ලූනා පැනලා උත්තර දුන්නා
" ඉතින් මට තනියෙන් ඉන්න පුලුවන් කවුරුවත් නවතින්න ඕන නැ "
" ඒ වුනාට ඒක හරි යන්නේ නැ "
හනා කිව්වා
" අනේ ඔන්නි මම පොඩි ලමයෙක් නෙවෙයි මට තනියෙන් ඉන්න පුලුවන් "
" ඒ ව්......"
" හනා මෙයා ගත්ත තීරණයක් එහෙම ලේසියෙන් වෙනස් කරන කෙනෙක් නෙවෙයි නේ ඉතින් කෑගහලා වැඩක් නැ "
" සනා මෙහේ වෙච්ච දේවල් නොදන්න ගානට කොහොමද ඔයා කතා කරන්නේ "
" යුන්හාට එයා ගැන බලාගන්න පුලුවන් හනා අනිත් යුන්හා ඔයා මම හරි මේ අනිත් පස් දෙනා හරි කෝල් කරනකොට ආන්සර් කරන්න ඕන අරස්සෝ ?"
" යේ ඔන්නි "
" දැන් එතකොට මේකි තනියෙන් ගෙදර ඉන්න ද හදන්නේ "
ලූනා ඇහුවා
" වේ උබට ප්‍රශ්නයක් ද "
යුන්හා ලූනා දිහාට හැරිලා ඇහුවා
" ප්‍රශ්නයක් නෙවෙයි බන් පුරස්නයක් "
" හල්මොනීගේ සෙද්ද "
" අනේ තොපි දෙන්නාගේ ඔය බෝක්කු දෙක වහගෙන කාපන් කනවා නම් ඇයි යකෝ කන්න ගියත් කනක් ඇහෙන්න නැ "
ලිසා කෑගැහුවා
" ඔන්නි බෝක්කුවයි කෑමයි අතරේ තියෙන සම්බන්ධය මොකද්ද "
ලූනා ඇහුවා ලිසා ඔලුවේ අත ගහගත්තා
" ඒක නේ බන් මටත් හිතාගන්න බැ "
" ඔබ දෙපල ඔබලාගේ මුඛය වසාගෙන ආහාර අනුභවය කරනු මැනවි "
මින්සු කිව්වා
" මුඛය වහගෙන කන්නේ කොහොමද මින්සු "
යුන්හා මින්සු දිහා බලලා ඇහැක් ගහලා ඇහුවා
", 😒"
" කටවල් ඇරගෙන හරි වහගෙන හරි කාපන් මට ඉක්මනට යන්න ඕන "
හනා කිව්වා
" යේ යේ ඉක්මනට කාපන් ඔන්නිට පරක්කු වෙනවා නේ ඔන්නිගේ ප්‍රේම කුරුල්ලා බලාගෙන ඇති නේ "
ලූනා කිව්වා ඒක ඇහුනා විතරයි හනාට වතුරත් හිර වුනා
" කුරුල්ලා කියන්න එපා බන් කුමාරයෙක් වගේ කොල්ලෙක්ට බලපන් යකෝ ලස්සන සිත ඇදීලා යනවා "
යුන්හා කිව්වා
" ඇදිලා ගියා නම් ඇදලා ගනින් මොකද එයා හනා ඔන්නිගේ බොගේ වෙන්නේ නැ ",
,මින්සු කිව්වා
" උබලා කා ගැන ද කියන්නේ "
(Author : අම්බෝ හනාගේ බබා පාට් එක 😂
හනා : පලයන් ඕතරී යන්න තෝ මොනාද අර ත්‍රිබලට කිව්වේ
Author : මම අහිංසකයි යකෝ මම කියපු සෙද්දක් නැ
හනා : එහෙනම් අරුන් මොනාද කියන්නේ
Author : මම දන්නේ කොහොමද
හනා : ඕතරී අරුන් ටිකට ඕක කියලා තිබුනොත් කෑම වලට විරේක පෙති දාලා දෙන්නේ
Author : යකෝ මම ඕතරී
හනා : ඉතින් මට මොකෝ
Author : 😒
හනා : 😌)
" ඔන්නි වැඩ කරන hospital එකේ ඉන්න Dr.kim seok jin ගැන අපි කියන්නේ "
අගහරු ජීවින් තිදෙනෙක් දැක්කා වගේ බැල්ලමක් දාගෙන හනා හිටියේ
" ම..මම යනවා මට පරක්කු වෙනවා hospital එකෙන් කෝල් එකක් ආවා පරිස්සමින් ඉන්න "
හනා කන එකත් පැත්තකින් තියලා නැගිට්ටා
" ඔන්නි කොච්චර කාලයක් ඕක හංගන්න ද අපි කවදාහරි ඕක දැනගන්නවා නේ දැන්ම කිව්වා කියලා ප්‍රශ්නයක් නැ නේ '
යුරී හිනා වෙවී කිව්වා
" පොඩි එකා දැන් ඕනවට වැඩියි "
හනා එහෙම කියලා ගියා
" හනා ඔන්නියි ජින් ඔප්පායි සෙට් කියලා දැන් නම් සීයට ලක්ෂ තුන හමාරක් ෂුවර් බන් "
ලූනා යුන්හාගේ කරට අත දාගන්න ගමන් කිව්වා
" ජින් ඔප්පාගේ නම කියද්දී හනා ඔන්නිගේ මූන හරියට තක්කාලි ගෙඩියක් වගේ "
මින්සු එහෙම කියලා හිනා වුනා අනිත් අයත් ඒකට හිනා වුනා
" එහෙනම් හනා ඔන්නිටත් මල් සරා මල් දුන්නෙන් විද්දා ",
යුන්හා කිව්වා
", යේ බන් ඒකට අපි තාම තනිකඩ ජීවිත තනිකඩවම මැරෙන්න වෙන්නේ අහෝ දුකකි "
ලූනා බොරුවට කදුලු පිහිදන ගමන් කිව්වා
" මෙතන මොකා තනිකඩව මැරුනත් උබ නම් තනිකඩව මැරෙන්නේ නැ ඒක නම් මම දන්නවා "
මින්සු කිව්වා
" මාත් එකගයි මින්සු "
යුන්හා කිව්වා
" පලයන් යකෝ යන්න තනිකඩව මලොත් අපායේ ගිහින් යම රජාව සෙට් කරගන්නවා එතකොට මම යම රැජින වෙලා තොපි ඔක්කොම අපායට ගෙන්නව ගෙන ලෝ දිය හැලියකට දාලා ලිපේ තියලා තම්බලා යම බල්ලාට කන්න දෙන්නවා "
ලූනා හෙන ගැම්මෙන් කිව්වා තත්පරක් දෙකක් කස්ටිය ඔක්කොම හොල්මනක් දිහා බලාගෙන ඉන්නවා වගේ බලාගෙන ඉදලා ගංජා ගස් පිටින් ගිලලා වගේ හිනා වෙන්න පටන් ගත්තා
" කමක් නැ පොඩි එකාගේ අහිංසක හීනයක් නේ "
ලිසා කිව්වා
" හිනා වෙයන් තව හොදට හිනා වෙයන් ලේ පිරිසිදු වෙන්න හිනා වෙයන් "
ලූනා මූන දෙක කරගෙන කිව්වා
" අනේ මගේ සූටි පැටියාට දුක හිතුනද ආදලේට නේ ඉතිම් කෝ බලන්න "
යුන්හා ලූනාගේ කම්බුල් දෙකෙන් අල්ලාගෙන කිව්වා ලූනා තරහ ගිහින් පුපුරන්න ඔන්න මෙන්න
" පලයන් යකෝ යන්න ආවා මෙතන බොරු ආදරේ පෙන්නන්න "
ලුනා යුන්හාගේ අත් දෙක ගසලා දාලා කිව්වා කස්ටිය දැන් ටිකට් නැතුව ෆිල්ම් එකක් බලනවා
" අනේ ඇයි පැටියෝ මගේ සත්‍ය ප්‍රේමයට ඔහොම අපහාස කරන්නේ සිත රිදෙනවා නේ මැනිකෝ "
" පුහ් සත්‍ය ප්‍රේමය කොහෙද බන් ඕක තියෙන්නේ "
" හිටු පෙන්නන්න "
එහෙම කියලා යුන්හා ලූනාගේ කම්බුලට කිස් එකක් දුන්නා ලූනාගේ මූන බලන්න ලස්සනයි කියන්න වචන නැ සුන්දරයි
" ඊයා බැම්ලි මොන කුනු ජරාවක් ද යකෝ මට ජලභීතිකාව හැදෙයි ද මන්දා ඉක්මනට ගිහින් dettol දාලා මුන සෝදලා doctor කෙනෙක් හම්බෙන්න යන්න ඕන "
දැන් මුලු ගෙදරම සිනා සාගරයක් 😂😂
" ඇති යකෝ ඕක නවත්තපන් මට දැන්ම මැරෙන්න බැ "
ලිසා කිව්වා
" දැන් කවුද ඔන්නිට මැරෙන්න කිව්වේ "
මින්සු ඇහුවා
",හරි හරි මම ගිහින් එන්නම් යුරී මින්සු දෙන්නත් යන් මා එක්ක "
සනා එහෙම කියලා එලියට ගියා
" යන්නම් ඈ "
මින්සු කිව්වා
" පලයන් උබව අල්ලගත්තේ නැ නේ ",
ලූනා කිව්වා
" පුහ් මේකී ගෑස් "
",මින්සු එන්නේ නැද්ද "
සනා එලියේ ඉදගෙන කෑගහනවා
" එනවා ඔන්නි තෝ ගැන බලාගන්නම් සෝමාලියන් ඇනකොන්ඩො ".
" මොනා බලන්න ද් යකෝ මගේ "
" මින්සු යනවා මෙතනට වෙලා රන්ඩු වෙන්නේ නැතුව මුන් හරියට හැසිරෙන්නේ මොන්ටිසෝරි ලමයි වගේ නේ "
ලිසා කිව්වා
" අපි තාම සූටියි ඔන්නි "
ලූනා දත් තිස් දෙකම එලියට දාලා කිව්වා
" කොහෙද දන්නේ නැ සූටි "
යුන්හා කිව්වා
" උබට කිව්වයි කියලා හිතාගනින් "
" ලූනා යන් "
ලිසා කිව්වා
" යේ ඔන්නි යන් "
" යුන්හා පරිස්සමින් ඉන්න හරි ද මොනාහරි උනොත් කෝල් එකක් දෙන්න හරි ද් "
" අනේ ඔන්නි මම පොඩි ලමයෙක් නෙවෙයි මට මං ගැන බලාගන්න පුලුවන් "
" හ්ම්ම් අපි ගිහින් එන්නම් අද මම නවතිනවා ඔයා එක්ක ඊයෙත් මම ගියේ නැති නිසා යන්නම වෙනවා "
" හරි ඔන්නි ඒකට කමක් නැ "
" ඔන්නි ඔය අලි බබා හුරතල් කරලා ඉවර ද අපි යන්න ඕන "
ලූනා කිව්වා
" ඕකට තමයි කියන්නේ පැහැදිලි ඉරිසියාව කියලා "
යුන්හා එහෙම කියලා හිනා උනා
" ඉරිසියා කරන්න උබට.......? ඊට වඩා හොදයි යකෝ සෝමාලියන් වයසක වැදිරියෙක්ට ඉරිසියා කරන එක ",
" ලූනා මම උබට..............."
" ඇති ඇති කොයිවෙලේ බැලුවත් පොර කිකිලියෝ වගේ දෙන්නා එක්ක රන්ඩු වෙනවා උබලා කවද්ද පොඩි එවුන් වගේ හැසිරෙන එක නවත්තන්නේ "
" කවදාහරි ලිසා ඔන්නිට බබෙක් ඉන්න කාලෙක සලකා බලන්නම් නේද යුන්හා "
" යේ ලූනා '
" අනේ ඇත්තටම උබලා දෙන්නා වරෙන් යන්න ලූනා "
ලිසා ලූනා එක්ක ගියාට පස්සේ යුන්හා දොර ලොක් කරලා සාලෙට ආවා විනාඩියක් දෙකක් යනකොට ගෙදර බෙල් එක වදිනවා ඇහුනා
",මේ වෙලාවේ කවුද "
යුන්හා ගිහින් දොර ඇරියා ලූනා හිටියේ
" උබ මොනාද මෙතන කරන්නේ "
" එහාට පලයන් මගේ ෆෝන් එක දාලා ගිහින් "
යුන්හාවත් තල්ලු කරගෙන ලූනා ගෙට ඇතුලු වුනා
" උබ මොන ලෝකෙ ද යකෝ ඉන්නේ ෆෝන් එක අමතක වෙන්න තරම් "
" මගේ 999 වෙනි crush එකකගේ ලෝකේ "
ලූනා එහෙම කියාගෙන ගියා යුන්හා දොර වහලා ඇවිත් සෝෆා එකේ වාඩිවෙලා tv බලන්න පටන් ගත්තා ආපහු බෙල් එක වදිනවා ඇහුනු නිසා යුන්හා ලූනා කියලා හිතාගෙන ගියා
" ඒ ගමන උබ මොනාද හලලා ගියේ ආ "
යුන්හා එහෙම අහගෙන දොර ඇරියා හැබැයි හිටපු කෙනා දැකලා යුන්හාගේ ඇස් උඩ ගියා
" ඔයා.........?"
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
කවුද ආවේ කියලා guess කරන්න
අද කතාව දෙන්න නම් තුන් හිතකවත් අදහසක් තිබුනේ නැ
පොරොන්දුවක් ඉෂ්ට කරන්න ඕන නිසා ඔන්න දුන්නා
BTSFiYoNa දැන් දීපන් උබේ කතාව ඔන්න මම කිව්ව විදියට දුන්නා
මගේ readers බබාලා පරිස්සමින් ඉන්න හොදේ
සරන්හේ 💜️
Nipu
Bạn đang đọc truyện trên: AzTruyen.Top