✨️💜️ Chapter 19 💜️✨️
Yunha pov
මම දැන් ඔන්නිට කොහොමද කියන්නේ මාව job එකෙන් අයින් කලා කියලා එයාට ගොඩක් දුක හිතෙයි නේ නොකියාත් බැ ටික කාලයක් යනකම් නොකියා ඉන්න පුලුවන් ඒත් හැමදාම මේක හංගන්න බැ නේ මම ඇදට වෙලා කල්පනා කලේ මොකද්ද කරන්නේ කියලා මෙලෝ අදහස් ඔලුවට එන්නේ නැ නේ
" යාහ්හ්හ් ලීනා තමුන් කොහොමද එහෙම කලේ ආ"
එච්චර උචිච ස්වරයෙන් කවුද යකෝ මගේ soulmate කතා කරන වයසක හිවලි මෙතනට වෙලා හිතුවට උබට දිවැස් නැ නේ යුන්හා පහලට යන්න එපැයි මම හිමින් සැරේ පහලට බැහැගෙන ගියා වෙනදා වගේම අදත් මින්සු ලූනා වලියක් 😅 සෝෆා එකේ වාඩි වෙලා කකුල් දෙකත් උඩ තියාගෙන යුරී action film එකක් බලන්න වගේ මේ ජෝඩුවගේ රන්ඩුව නරඹනවා නිකන් නෙවෙයි පොප්කෝනුත් කනවා සනා ඔන්නි පුපුරන්න ඔන්න මෙන්න 😅 ලිසා ඔන්නි නම් හිනා වෙවී බලාගෙන ඉන්නවා මම හිමින් සැරේ යුරී ලගට ගිහින් වාඩිවුනා
" ඕයි යුරී මොකද මේ ඩබල රන්ඩු වෙන්නේ ලූනා මින්සුගේ crush එකකට පැනි හලලාද "
මම යුරීගේ කනට කරලා හිමින් ඇහුවා
" ඔන්නි කියන දේට වඩා බරපතළ දෙයක් වෙලා තියෙන්නේ "
එහෙම කියලා යුරී පොප්කෝන් ටිකක් කටේ ඔබාගත්තා යකෝ තනියෙන් කන්නේ මම ඉන්නවා කියලා කිසිගානක් නැ
" යකෝ තනියෙන් කන්නේ මාත් මෙතන ඉන්නවා "
" ඔන්නිට උණ නේ "
" පලයන් පොඩි එකෝ යන්න උණ හැදුනාම පොප්කෝන් කන්න හොද නැ කියලා කොහෙද තියෙන්නේ මෙහෙ දීපිය ඕක "
මම පොප්කෝන් ටික උදුරලා ගත්තා යුරීගේ මූන බලන්න ලස්සනයි අබ ටිකක් දැම්මා නම් චට පට ගාලා පුපුරන්නේ 😂
" දැන් කියපන් මොකෝ මුන් දෙන්නා රන්ඩු වෙන්නේ ගෑනියි මිනිහයි වගේ "
" මින්සු ඔන්නි ගිය සතියේ අරන් ආපු perfume එක මතක ද "
" අර මින්සුවා අපිට අල්ලන්නවත් නොදීපු perfume එක ගැන ද ඔය කියන්නේ "
" යෙප් ඔන්නි "
" මගේ තුන් වැනි ඇසට දැනෙන විදියට නිකමට වගේ කියන්නේ ලූනා perfume එකට වැඩේ දීලා ද "
" යේ ඔන්නි perfume එක ඉවර කරලා ඒකට වතුර පුරවලා තියලා "
ඒක ඇහුවා විතරයි මට බකස් ගාලා හිනා ගියා තාම මට හිනාව පාලනය කරගන්න බැ නේ ටික වෙලාවක් යනකොට තමයි තේරුනේ ඔක්කොගේම ඇස් මගේ ලග නැවතිලා කියලා මම හිනාව නවත්තගත්තා
" යුන්හා කාගෙන් අහලාද ඇදෙන් බැස්සේ 🤨"
සනා ඔන්නි එහෙම ඇහුවේ ලිසා ඔන්නිගේ අතේ තිබුණු සුප් හැන්ද අතට ගන්න ගමන් හුටා අද නම් ඉවරයි වගේ ඒත් මම ලෙඩෙක් නේ ගහන්න හොද නැ නේ බිය නොවන්න සොයුරිය මැරෙන සැටි මම පෙන්නන්නම් හෑ පොඩ්ඩක් ඉන්න ඔහොම පොඩ්ඩක් ඉන්න කවුද දැන් මැරෙන්නේ හදන්නේ 🤔 තොට මැන්ටල් යුන්හා
",හී ඔන්නි ඔයා හලි ලස්සනයි නේ අනේ ඔය අතේ තියෙන සුප් හැන්ද ලිසා ඔන්නිගේ අතට දෙන්න මා මැනික 😚 "
හම්බෝ යකෝ කොහොමද මගේ බටර් පාර හොදයි නේ මට මං ගැන ආඩම්බරයි යකෝ
" යුන්හා මම ලිස්සලා වැටෙයි බබෝ "
යකෝ අපරාදේ මගේ වචන වතුරේ ගියා හලි වේදනයි මට
" ඔන්නි අනේ ඉතින් මට කම්මැලියි කාමරේට වෙලා ඉන්න මුන් දෙන්නා කෑගහනවා ඇහිලා මම පහලට ආවේ මම නැතුව තුන් වැනි ලෝක යුද්ධය පටන් ගත්තේ කොහොමද කියලා බලන්න මම ආවේ ඒත් යකෝ මෙතන තියෙන්නේ තුන් වැනි ලෝක යුද්ධය නෙවෙයි perfume යුද්ධයක් 🤭"
" යුන්හා "
ලූනා මට කතා කලා ඒ ගමන මොන මරාලයක් ද දන්නේ මේකි එනපොට 0.00000000000001 අල්ලන්නේ නැ
" කියපන් ඉතින් "
" උබ මින්සුගේ crush එකට පැනි හලනෝ නේ "
මොකද්ද යකෝ ඒ අහපු පුරස්නේ මින්සුට ඉන්නේ එක crush එකක් ද යකෝ හැට හුට හමාරක් ඉන්නවා නේ
" මොන crush එක ද යකෝ "
" Lee min ho "
හුටා ඔය ඇහුවේ මට හිතුනා ඕක වෙයි කියලා අපේ මින්සු lee min ho ට පිස්සු වැටිලා ඉන්නේ කොටින්ම කිව්වොත් එයා ඉන්න ඩ්‍රාමා එකක් බලනවා නම් ආයේ කන්නවත් ඕන නැ මම ඉවරයි ඉතින් කාට හට පවසන්න ද මගේ වේදනා
" මිස් කිම් යුන්හා මොකද්ද මේ කියන්නේ ආ "
හරි ඔන්න න්‍යෂ්ටික බෝම්බයක් පිපිරුවා අද යුන්හා අවසන් ගමන් යන්න හදන්නේ
" වේ.. වේ.. ම...මම මේ මේ ඉන්නේ "
මොකද යකෝ මම ගොතගහන්නේ උබ මොකටද පොඩි එකෙක්ට බය වෙන්නේ
" අඩෝ යුන්හා ගොතගහන්න එපා යකෝ "
ලූනා හිනා වෙවී කියනවා මාව කාලා තව හිනා වෙන්න එනවා ඇත්තටම මට මේකිගේ දත් සෙට් එකම ආමාශගත වෙන්න දෙකක් අනින්න ඕන ලූනා උබ ඔහොම නටපන්කෝ මේකට රිටන් එක coming soon 😏
" යුන්හා උත්තර දීපන් "
කෑගැහුවා කියලා මම බය වෙන්න ඕනද ඒත් පොඩ්ඩක් වටපිට බලලා උත්තර දෙන්න ඕන නැත්නම් ඉවරයි
" මොනාද වටපිට බලන්නේ උත්තර දීපන් "
" මොකද මේ සනා මොකද සුප් හැන්ද අතේ තියාගෙන මින්සු මොකද කෑගහන්නේ උණ හැදුනු කෙනා මොකද මෙතන කරන්නේ යුරී ඔය කකුල් දෙක පහලට දාගන්නවා ලිසා මොකද හිනා වෙන්නේ ලූනා මොකද phone off "
හම්මේ ආපු ගමන් ප්‍රශ්න පත්‍රයක් දිගහැරියා වෙන කවුද ඉතින් අපේ ආදරනීය දයාබර හනා ඔන්නි හැබැයි අද හනා ඔන්නි ආවේ නැත්නම් මම අඩි හයක් යට මිහිදන් වෙලා ඉදීවි හනා ඔන්නි ඔයා නම් දෙවියෙක් නෙවෙයි දේවාලයක් සුර දූතිකාවක් ඔයා මාව බේරගන්න ආපු සුරංගනාවියක්
" ආපු ගමන් ප්‍රශ්න අහන්න එපා ඔන්නි NIS එකෙන් පැන්නා වගේ "
ලූනා කිව්වා
" ලූනා කට වහගන්න "
සනා ඔන්නි කිව්වා හෑ මට ඇහුනු විදියද නැත්නම් ඇත්තටම ඔන්නි කිව්වේ කට වහගන්න කියල්ද වෙනදාට කට වහගන්නවා නැත්නම් ගනින් මොකක් හරි වෙලා තියෙනවා මම ලූනා දිහා බැලුවේ මට දැනුනු වෙනස මේකිටත් දැනිලාද කියලා හොයාගන්න ඒකි තාම හනා ඔන්නි දිහා බලාගෙන ඉන්නවා ලූනා full confuse වෙලා 😅
" යුන්හා උණ හැදිලා නේද ඉන්නේ ආ ",
යකෝ ඕක පොඩ්ඩක් හිමින් ඇහුවා නම් මොකද තව පොඩ්ඩෙන් යුරීගේ job එක අද මම කරන්නේ
" දැන් හොදයි ඔන්නි "
මම අන්තිම අහිංසක විදියට දත් තිස් දෙකම එලියට දාලා හිනා වෙලා කිව්වා
" ඔච්චර ඉක්මනට හොද උනාද ආ යනවා කාමරේට බොරු නොකියා "
" මට බැ "
ඇයි යකෝ මමත් මනුස්සයෙක් මුන් ඔක්කොටම අමතක වෙලා සෙද්ද මම යයි මේන් කියලා 😏
",හනා ඒ ලමයාට කාමරේට වෙලා ඉන්න බැ නේ ඔහොම ඉදපු දෙන් "
ලිසා ඔන්නි කිව්වා හැමදාම වගේ අදත් ලිසා ඔන්නි අහිංසක අපි වෙනුවෙන් පෙනී සිටිනවා පව් අනේ
" ලිසා කියන එක ඇත්ත ඔහොම ඉන්න දෙන්න කාමරේට වෙලා ඉන්නකොට එයාට එපා වෙයි "
සනා ඔන්නි කිව්වා අද ඉර පෑව්වේ නැගෙනහිරින් වෙන්න බැ සනා ඔන්නිට වැරැදි දෙයක්වත් කැවිලද දන්නේ නැ
" ඔය දෙන්නා එහෙනම් මෙයාව බලාගන්න මම යනවා "
එහෙම කියලා හනා ඔන්නි ගියා
" මොකද්ද බන් ඒ උනේ "
මෙච්චර වෙලා කට වහගෙන ඔක්කොම බලාගෙන හිටපු මින්සු කතාවට මුල පිරුවා
" මොනාහරි වෙලා තියෙනවා ",
යුරී කිව්වා ඒක මටත් තේරෙනවා පොඩි එකෝ
" ඊයේ පෙරේදා ඉදලා හනාගේ හැසිරීමේ වෙනසක් තේරෙන්නේ නැද්ද "
ලිසා ඔන්නි ඇහුවා
" soulmate ලා දෙන්නා මොකද නිශ්ශබ්ද "
සනා ඔන්නි අපි දෙන්නා දිහා බලලා ඇහුවා
" යුන්හා උබට හිතෙන්නෙත් මට හිතෙන දේමද "
ලුනා මගේ දිහා බලලා ඇහුවා
" දැන්ම මුකුත් හරියටම කියන්න බැ නේ බන් තව හොයලා බලමු "
" මොනාද දෙන්නා කියන්නේ කියන දෙයක් තේරෙන භාෂාවකින් කියනවකෝ ",
මින්සු කිව්වා
" මට නම් තේරුනා එහෙනම් ඔය ඩබල හොයලා බලලා කියන්නකෝ "
සනා ඔන්නි හිනා වෙලා කිව්වා සනා ඔන්නි කාලෙකින් හිනා වුනාම ද කොහෙද ඔන්නි එයාගේ හැගීම් පිටතට පෙන්නන කෙනෙක් නෙවෙයි කොච්චර ලොකු දුකක් වුනත් එයා තනියෙන් දරාගන්න හදන්නේ
" ඔන්නි කියන දෙයක් තමයි "
මම එහෙම කියලා ඔන්නිට ඇහැක් ගැහුවා
" මල් දුන්නෙන් මා වෙත කීයා කීවා මා වෙත නෙවෙයි හනා ඔන්නි වෙත 😂"
ලූනා සිංදුවක් දාගෙන හිනා වෙවී ගියා එදා restaurant එකේදී ජින් ඔප්පායි හනා ඔන්නියි එකම hospital එකේ කියලා දැනගත්තාම ලූනායි මමයි පොඩි CID Mission එකක් පටන් ගත්තා තාම මුකුත් ස්ථිර වශයෙන් කියන්න තොරතුරක් නැ හැබැයි එකක් ෂුවර් ජින් ඔප්පා එක්ක අපේ ඔන්නිට මොකාක් හරි සම්බන්ධයක් තියෙනවා අපි බලමුකෝ ඉතින්
Next day morning
At jungkook's house
Author pov
ජින් තනියෙන් හිනා වෙවී කෑම හදනවා මේක දිහා බලාගෙන හිටපු ටේ ජිමින් ජෝඩුවට ලෝක ප්‍රශ්නයක්
" ජින් හියුන්ග්ට මොනා වෙලාද බන් තනියෙන් හිනා වෙන්නේ "
ජිමින් ඇහුවා
" දන්නේ නැ බන් ඊයේ ඉදලා පුදුම සතුටකින් ඉන්නේ හේතුවක් මා නොදනී "
" උබ කොහොමත් පිටසක්වලයෙක් නේ උබට ඕවා තේරෙන්නේ නැ "
" කට වහගෙන හිටපන් කොටා "
" කවුද යකෝ කොටා මම යුන්ගි හියුන්ග්ට වඩා සෙන්ටිමීටරයක් උසයි "
" අනේ උබේ සෙන්ටිමීටරේ "
පිටිපස්සෙන් ඇහුනු කටහඬ නිසා ටේමින් පිටිපස්ස හැරිලා බැලුවා සෝෆා එකේ හාන්සි වෙලා යුන්ගි ජිමින්ට රවාගෙන ඉන්නවා
" යුන්ගි හියුන්ග් කොයිවෙලේද ඔතනට ආවේ "
ටේ ඇහුවා
" උබලා දෙන්නා ජින් හියුන්ග් දිහා බලාගෙන ගෑනු දෙන්නෙක් වගේ කුටු කුටු ගානකොට "
" අපි දැක්කේ නැ නේ "
" කොහේ දකින්න ද බන් පූසෙක් වගේ නිදාගන්නකොට "
" ජිමින් උබව ජීවිතාන්තය දක්වා බන්ධනාගාර ගත කරන්න කලින් කට වහපන් "
" හියුන්ග් මොන හිතකින්ද මට එහෙම කරන්නේ "
ජිමින් අඩන්න වගේ මූන හදාගෙන යුන්ගිගෙන් ඇහුවා
" නවත්තපන් උබේ රගපෑම ",
" ඒක නෙවෙයි ජින් හියුන්ග්ට මොනා වෙලා ද තනියෙන් හිනා වෙන්නේ "
ටේ ඇහුවා
" ඌට love sick "
" මොකාක් 😳",
ටේ ජිමින් දෙන්නා එකට පාරට කිව්වා
" යාහ්හ් මොකද තොපි දෙන්නා කෑගහන්නේ ",
ජින් ඇහුවා
" අනී හියුන්ග් "
" හියුන්ග්ට කෙල්ලෙක් ඉන්නවද "
පැනපු ගමන් ටේ ඇහුවා ජිමින් ඔලුවේ අත ගහ ගත්තා
" වේ.. වේ එ..එහෙම ඇ..ඇහුවේ "
ජින්ට වචනත් පැටලෙනවා
" හියුන්ග් ඇයි ගොත ගහන්නේ ",
ටේ ඇහුවා ජින් මරාගෙන මැරෙන සයිස් බැල්ලමක් යුන්ගි වෙත එල්ල කලත් යුන්ගි ජින්ව සත පහකට තියා සත දෙකකටවත් ගනන් ගත්තේ නැ
" දැන් උබලා ඇයි එහෙම අහන්නේ "
" හියුන්ග් කොයිවෙලෙත් තනියෙන් හිනා වෙනවා වෙනදාට වඩා සතුටින් ඉන්නේ "
ජිමින් කිව්වා
" දැන් උබලට මම සතුටින් ඉන්න එකත් ප්‍රශ්නයක් ද "
" අනී හියුන්ග් "
" මොකද්ද හියුන්ග් ඕක ඔච්චර හංගන්නේ කවදාහරි මුන් ඕක දැනගන්නවා නේ "
" පුස් තඩියෝ උදේට පිටින් කන්න ලෑස්ති වෙයන් "
" කමක් නැ ටේ ජිමින් දෙන්නාට මතක ද එදා restaurant එකේදී ජින් හියුන්ග් පැනි හලපු කෙල්ල "
" හියුන්ග් එක්ක hospital එකේ වැඩ කරනවා කිව්වේ එයා ද "
ජිමින් ඇහුවා
" යකෝ ඔච්චර රගපාන්න එපා උබට කෙල්ලෙක් ලේසියෙන් අමතක වෙන්නේ නැ නේ බන් "
ටේ කිව්වා
" කට වහපන් පිටසක්වලයා "
" මම කට වැහුවාම ඔක්කොම හරි ද මම ඇත්ත නේ කිව්වේ "
" අනේ උබේ ඇත්ත "
" යාහ්හ් තොපි දෙන්නා හරියට මොන්ටිසෝරි ලමයි වගේ නේ තාම හැසිරෙන්නේ "
ජින් උචිච ස්වරයෙන් කිව්වා
" යේ හියුන්ග් අපි මොන්ටිසෝරි ලමයි හියුන්ග්ට වගේ අපිට................. නැ ඕන නැ "
ජිමින් කියාගෙන ආපු නැවැත්තුවේ ජින් හියුන්ග්ගේ අතේ තිබුණු එළවළු කපන පිහිය දැකලා හදිස්සියේවත් දීලා ඇද්දොත් අවසන් ගමන් යන්න නේ වෙන්නේ
" ඒ කියන්නේ හනා කියන්නේ අපේ නූනා "
ටේ කිව්වා
" යේ පිටසක්වලයෝ උබට ඒකවත් තේරුන එක ලොකු දෙයක් "
ජිමින් කිව්වා
" පලයන් යකෝ යන්න කොටා ...... "
ඒ වෙලාවේ ජන්කූක් පහලට ආවා
" ටේ හියුන්ග් මම අරකිව අස් කරනවා "
ජන්කූක් ආපු ගමන් කිව්ව දේ හිතාගන්න බැරුව ටේ ජන්කූක් දිහා බලාගෙන හිටියා
" උබ කා ගැනද කියන්නේ "
" යුන්හා ගැන "
" ඇයි යුන්හාව අස් කරන්නේ "
ජින් ගෙන් එම පැනය ජන්කූක්ට
" ඒකි කිසි දැනුම් දීමකින් තොරව ඊයේ ඔෆිස් ආවේ නැ හියුන්ග් ඉතින්......."
" ඉතින් උබ කෙල්ලව අස් කරනවා ගොන් බූරු ගස් හාවෝ පොඩ්ඩක් හොයලා බලලා තීරණයක් ගනින් කේන්තිය ඉස්සර කරගෙන ඔක්කොම කරන්නේ මූ කොහොමද දන්නේ නැ company එක පාලනය කරන්නේ "
" හියුන්ග් මොකද්ද කියන්න හදන්නේ "
" ඒ කෙල්ලට හොදටම උණ හැදිලා යකෝ ඊයේ hospital එකට එක්කන් ආවා මම තමයි check කරලා බෙහෙත් දුන්නේ තව සතියක් යනකම් වත් ඔෆිස් එන්න බැරි වෙයි "
ජින් කියලා ඉවර වෙද්දී ජන්කූක්ට තමන් ගැන දැනුනේ ලොකු වරදකාරී හැගීමක් ඇත්ත නේ ඉතින් යුන්හාට කතා නොකරන්න නොදී කෑගැහුවේ
" මම උබට කිව්වා ඔය කේන්ති නිසා උබට පසුතැවෙන්න වෙයි කියලා "
ටේ කිව්වා
" හියුන්ග් මම යනවා "
එහෙම කියලා ජන්කූක් ගියා
" මූ කොහෙද යන්නේ "
ජිමින් ඇහුවා
" දන්නේ නැ කොටෝ "
" යාහ්හ් පිටසක්වලයා "
" එනවා කන්න යන්න උදේ පාන්දර පටන් ගත්තා රන්ඩු වෙන්න යාහ්හ් යුන්ගියා නැගිටලා එනවා මනුස්සයෝ කන්න "
" දැන් පිටින් කන්න කිව්වේ ආපහු කන්නත් කතා කරනවා අනේ මන්දා "
යුන්ගි තනියෙන් කියව කියව ඇවිත් dinning table එකේ වාඩි උනා
" නම්ජූනා හොබී කන්න වරෙන් "
ජින්ගේ කින්කිනි වොයිස් එක මුලු ගෙදරම රැව් දෙනවා
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
හේ හේ 😂
මේක නම් කොටයි කියාගෙන එන්න එපා කොටනවා සනිකව 🗡️😑
ආපහු අප්ඩේට් කරන්නේ මෝච් බබාගේ bd එක දවසට තමයි
මගේ readers බබාලා ටික පරිස්සමින් සතුටින් ඉන්න
එහෙනම් ඕතරී ගියා
සරන්හේ 💜️
Nipu
Bạn đang đọc truyện trên: AzTruyen.Top